මුහුණට මුහුණලා අනිච්ඡ ගැන ඇසූ ප්‍රශ්ණ හමුවේ අභය හිමි නිරුත්තර වූවාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
  • මුහුණට මුහුණලා අනිච්ඡ ගැන ඇසූ ප්‍රශ්ණ හමුවේ අභය හිමි නිරුත්තර වූවාද ?
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න.
    නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡා මාලාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිරපේක්ෂත්වයේ මග (Seas...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
    TH-cam ►► / nirapekshathwayemaga
    Web Site ►► www.nirapekshathwayemaga.com/
    ► සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
    ► May you all attain the Supreme Bliss of Nibbana!!!
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    ►► If you're not subscribed yet remember to hit our TH-cam channel SUBSCRIBE button and if you'd like to be notified our latest video comes out remember to hit the bell button ◄◄
    ===========
    #meditation #sowan #arihath #nirapekshathwayemaga #nirapekshamaga #dharmadiscussion #nibbana #patichchasamuppadaya #bana #dhamma #buddha #niwana #Buddha

ความคิดเห็น • 86

  • @ruwanchamara889
    @ruwanchamara889 2 ปีที่แล้ว +15

    තලන්න තලන්න සුවද හමනා සදුන් කොටයක් මෙන් ඔබ වහන්සේගේ ගුණ කද දසත පැතිරේවා

  • @shalikagamage7768
    @shalikagamage7768 2 ปีที่แล้ว +8

    හේතු රැසක් එකතු වී ඵලය නිර්මාණය වූ විට එම ඵලය තම කැමැත්තට ඉෂ්ඨ වූවේයයි,මෝහයෙන් දකිනා ලද සිතුවිල්ල තම කැමැත්ත ඉෂ්ඨ වීම ලෙස සිතීමට හැකි නමුත් එය උපාදානයක්ම පමණයි. උපාදානයෙන් දුකක් හටගනී භවය තනයි 🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි 🙏🙏🙏🙏 ඔබවහන්සේට 🙏🙏🙏. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @traveling_20
    @traveling_20 10 หลายเดือนก่อน +1

    ඔබ වහ්න්සේට මේක කියල දුන්නට බොහොම පින...🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 .. නිවනම නාථයි නිවනම වෙත්වා

  • @sampathkulasekare551
    @sampathkulasekare551 2 ปีที่แล้ว +14

    මංජු මහත්තයා ඉතාම හොඳට ප්‍රශ්නය යොමු කරලා තියෙනවා.. ඒ ලබා දුන්න පිළිතුරට බොහොමත්ම පින් අභය ස්වාමීන්වහන්සේට.. මේ Q&A session වලින් බොහෝ ප්‍රශ්න නිරාකරණය වෙනවා. 🙏🙏🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +4

    ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යන තෙක් ⁣තමාම සාදාගත්
    හේතු සෙවීම කරන්නට යෙදෙත්වා .
    තර්කයන් ඉක්මවා දැනුමෙන් අදහස් ද ඉක්මවා යෑම පිනිසම වෙත්වා .ඣානයෙන් ඇතිසැටිය⁣ට ඒම පිනිසම වෙත්වා 🔑🙏

  • @gayanchaturanga991
    @gayanchaturanga991 2 ปีที่แล้ว +8

    ආස්වාදය, ආදීනව, නිස්සරණය පැහැදිලි කරගත්තනම් ගැටලුව විසදෙයි මේ මහත්මාගේ. 🙏🙏🙏

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 2 ปีที่แล้ว +1

      මෙ තුන පැහැදිලි කරන්න

    • @gayanchaturanga991
      @gayanchaturanga991 2 ปีที่แล้ว +3

      @@devapriyaellawala4101 වහරක හාමුදුරුවෝන්ගේ උදාහරණයකම කියන්නම්. මාලු අල්ලන කෙනෙක් මාලුන්ට බිලී කොක්කට ගහල ඇම දානවා.
      මාළුවා ඒ ඇම කන්නේ ඒකේ තියන "ආස්වාදය" නිසා
      ඇම කාපු ගමන් මාලු අල්ලන කෙනා බිලිකට්ට ඇද්දම මාලුවට විදින්න වෙන දුක " ආදීනව යයි"
      ඇම කන්න කලින්ම ආශ්වාදය, ආදීනවය තේරුම් අරගෙන ඇම කෑමෙන් වැළකී සිටීම " නිස්සරණයයි" .......
      ආච්චි අම්මාට ලමයි සිල් ගන්න දවසට ආස්වාදයක් තිබුනට, අනිවාර්යයෙන්ම අනිච්ච වන ඒ ආස්වාදය නිසා ආච්චි අම්මාට අනිවාර්ය ආදිනවයක් ඇත. එය තේරුම් අරගෙන ආච්චි අම්මා නිස්සරණය විය යුතුය. නැත්නම් ආච්චි අම්මාට අනිවාර්ය ආස්වාදයට වඩා වැඩි දුකක් දෙන "ආදීනවයට" මුහුන දිය යුතුමය. එයයි ලෝකයේ ධර්මතාවය.

    • @chamikapeiris
      @chamikapeiris 2 ปีที่แล้ว +1

      @@gayanchaturanga991 අපි මෙහෙම අවස්ථාවක් ගමු. ලොකු සල්ලි කාරයෙක් ඉන්නව, සල්ලි වලින් කිසිම අඩු පාඩුවක් නෑ.
      අපි කියමු මිනිහ විනෝදයට කාර් එකතු කරනව සහ පරණ කාර් එකතු කරන්නෙක්. මිනිහ ඔහුගේ එකතුවට පරණ කාර් එකක් ගන්නව. (පරණ කාර් කතාවක් ගත්තෙ, පරණ වෙන්න පරණ වෙන්න; වටිනාකම ඉහල යනවනෙ).
      මිනිහට අවබෝධයක් තියෙනව මිනිහ කවද හරි මැරෙනව, මේ එකක් වත් යනකොට ගෙනියන්න බෑ කියල.
      කොහොමහරි මිනිහගේ ආසාව තමා මැරෙනකන් මේ කාර් එක ලස්සනට තමන්ගේ එකතුවේ තියාගන්න එක. ඉතින් මිනිහ සල්ලි දීල සේවකයෙක් ගන්නව, මේක හැමදාම පිහිදල, නඩත්තු කරන්න. මිනිහට දැනෙන්නෙ නෑ, මේක නඩත්තු කරන්න ඕනි නේද, වෙහෙසක් දරන්න ඕනි නේද පවත්වාගෙන යන්න කියල; මොකද සල්ලි වලින් ඒ දේ වෙනව.
      මේ අවස්ථාවේදී කොහොමද අනිච්ඡ කියන දේ ගලපගන්නෙ?
      කාර් එක පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මොනාවහරි දෙයක් වුනත්, ඒක සකස් කරන්න; සේවකයෝ ඉන්නව කාර් එක පවත්වාගෙන යන්න.

    • @gayanchaturanga991
      @gayanchaturanga991 2 ปีที่แล้ว +2

      @@chamikapeiris ඕනෑම දෙයකට තියන වටිනාකම අපි හිතින් හදාගන්න දෙයක් , පරණ කාර් වලට කෙමති අය විතරයි ඒවාට කෙමති , පරනවෙනකොට වටිනවා කියල හිතන්නේ ඒ ය විතරයි, එහෙම වටිනවා කියල හිතෙන අය දුර්ලබ ඒවාට වැඩි වටිනාකමක් දෙනවා ඒ වටිනාකමට ගානක් නැහැ හිතේ කෙමෙත්තේ තරමටයි ගාන තීරණය වෙන්නේ . ඒක හැමොටම වටින්නේ නැහැ.
      ඔය කියන කෙනා එයාගේ සල්ලිවලින් මිනිසුන් දල කාර් නඩත්තු කරනවා කියමුකෝ, ඒයා ඒ කාර් එක ලෝකය පවතිනතාක් කල් එක දිගට නඩත්තු කල යුතුයි , කොච්චර කලත් ඉවරයක් නැහැ එකම දේ නැවත නැවතත් කල යුතූයි. (අනිච්ච - අට්ටීයති) එසේ කලත් වහනය කවදාවත්ම 100% එක ලෙසම පවත්වාගත නොහැකියි ( අනිච්ච - හලායති ) අවසානයේ අයිතිකරු මැරුනට පසු හෝ නඩත්තුව නැවතුන පසු එම වහනය ක්‍රමයෙන් දිරාපත්වෙමින් යන අතර යකඩ ගොඩක් බවට පත්වෙයි ( අනිච්ච - දිගුච්චති ).
      එම වාහනයේ අයිති කෙනා එය ප්‍රඥාවෙන් දුර දැක්කේ නෙතිනම් , ඔහු ලග දැක ....... පරණ වාහනේ පරණ වෙනකොට එතිවෙන වටිනාකම දැක සතුටින් ජිවත් වෙයි ( ආශ්වාදය ), එම ලබන්නා වු තාවකාලික සතුට ඔහු ඊලග අත්මහිදී එම වහනය එතුලේම මීයකු ලෙස ඉපදීමට හේතුවක් විය හැක (ආදීනව )....වහනය හිමි කරු ප්‍රඥාවන්තයෙක් නම් හිතින් බොරුවට හදාගත් වටිනාකම් ලෝකයට නෝදී , නොඇලි , නොගැටී, නිස්සරණ වේ .
      නිවනම වෙත්වා 🙏🙏🙏🙏

    • @chamikapeiris
      @chamikapeiris 2 ปีที่แล้ว +1

      @@gayanchaturanga991 බොහොම පින් ඔබගේ වටිනා කාලය වැය කර කරුණු පැහැදිලි කලාට. ඔබ කියන දෙය පැහැදිලියි මට.
      දෙයක ආදීනවය ඒ ඒ මොහොතේ දකින්න ඕනි කියල කියන්නෙ, අනාගතයේ ඒ දෙයට වෙන්න පුළුවන් දෙය වර්තමානයේ දැකීමද?

  • @sudarshanaherath6515
    @sudarshanaherath6515 2 ปีที่แล้ว +1

    සංඝයා වහන්සේලා ට ගෙෘරවයෙන් කථා කිිිරිමට කාරැනික වන්න,,,,

  • @sajeewanivithanage1625
    @sajeewanivithanage1625 2 ปีที่แล้ว +3

    I respect a lot to Walasmulle Abaya himi

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 2 ปีที่แล้ว +2

    එහෙම නැතිනම් අපි හිතපු දේ ඉෂ්ට උනා නෙමේ .ප්‍රිය දේ වෙනකොට සුවයි,සතුටුයි ,මිහිරියි.
    ප්‍රිය දේ නොලැබීම අසතුටුයි,දුකයි,කනගාටුයි ,පෙලීමයි,ගැටීමයි

  • @AsankaL
    @AsankaL 20 วันที่ผ่านมา

    Ane ammapa me wage gobbayangen dharmaya ahana ayata budusaranai...

  • @blossom3654
    @blossom3654 2 ปีที่แล้ว +3

    මෙ මහත්මයා නිවන් දකිමට බලවත් උත්සාහයක් දරන බව පෙනෙ.🙏🙏🙏මට තෙරුන විදිහට නම් අනිච්ච යනු ආස්වාදය පෙලන සුලු යන්නයි.එ අනුව පෘතග්ජනයා ආස්වාදය සැපයි ලෙස ගන්න අතර යතාර්තය නම් පෙලන සුලු යන්නය.එ අර්තයෙන් ගත්විට සැපය සොයා ගියත් පෙලන සුලු දෙයක් මයි ලැඹෙන්නේ.මෙ අනුව කැමැත්ත ඉටු නොවෙ.ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්ව🙏🙏🙏

  • @venurasusanjana3794
    @venurasusanjana3794 2 ปีที่แล้ว +3

    මට හැඟෙන ආකාරයට අනිච්ච ප්‍රත්‍යක්ෂ කිරීමට අස්ථිර හෝ කැමති සේ පවත්වන්න බෑ කියලා පදයක දෙකක කොටු නොවී ලෝකයේ යථා ස්වභාවය විග්‍රහ කරමින් නොයෙක් නොයෙක් ආකාරයෙන් අපි සොයන දේ සහ ඇත්තටම අපි ලබන දේ පිලිබඳ විමසා බැලීමේදී දකින ලෝකයේ අපිට දුකට ගෝචර වෙන්න බලපාන ලෝක ධර්මතාවයට අනිච්ච කියල කිව්වොත් කාටවත් විවේචනය කරන්න බැරිවෙයි නේද.අපේ වහරක ස්වාමීන් වහන්සේ අනිසි කැමති සේ පවත්වන්න බෑ වගේ වචන භාවිතා කරත් ලෝකයේ සත්වයා දුකට ගෝචර වන හැටි නොයෙක් නොයෙක් ආකාරයෙන් විග්‍රහ කර දුන් නිසා වචනයක එල්ලිලා ගැටීමක් ඇති කර ගන්න හේතු නැතිව ගියා කියලා මට හිතෙනවා.උන් වහන්සේගෙ කජු මාළුවක උපමාව මගේ හිතට තදින් වැටහුනා.සංකාර දුක්ඛ විපරිණාම දුක්ඛ දුක්ඛ දුක්ඛ පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති උනා. උන්වහන්සේ වචන පද ඉක්මවූ තරම් විශිෂ්ට දේශකයන් වහන්සේ නමක්.මට වැටහුණු විදිහට සටහනක් තියන්න හිතුනෙ වහරක ස්වාමීන් වහන්සේ මතක් වුනු නිසයි.අභය ස්වාමීන් වහන්සේටත් නමස්කාර වේවා.

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vajiravithanage7
    @vajiravithanage7 2 ปีที่แล้ว +1

    මේ මේ මොහොතේ ආයතන ඉපදීම හේතු ප්‍රත්‍යෙන් සිදුවීම යන කෘත්‍ය අනිත්‍ය යි.
    අනිත්‍ය යනු ප්‍රාඥා වට වැටහෙන නුවනකි. පෙර නොඇසූ විරූ පුබ්බේ අනානුසුතෙසු ධම්මෙසු යනුවෙන් හැඳින්වේ. තෘ්තිමත්භාවය හෝ අතෘප්තිය සියලු දෙනා දන්නා දෙයකි.
    වය දැම්මා සංඛාර යනු හේතු ඇති කළ ආයතන ඉපදේ හේතු නොඉපදීමෙන් ආයතන නූපදී. එම සකස්වීම අනිත්‍යයි. බුද්ධ වචන දෙකක් නැත. ඇත්තේ එක සත්‍යයි. මෙසේ සකස්වීම දුකක් බව දැන ගැනීම ඤනයකි. දුක්කේ ඤනං යනු එයයි. හේතූන්ගෙන් ඉපදෙන ආයතන මම ලෙස ගැනීම නුවන්ට සුදුසු නැත යන්න නාණ්දකොවාද සූත්‍රය පෙන්වදේ.
    මේ සිදුවීම සත්ව පුද්ගල යෙක් නොකරන බැවින් ආත්ම නොව අනාත්ම වශයෙන් පෙන්වා ඇත. අනාත්ම ස්ව
    භාවය නිසයි පාලනය කරන්න බැරි. නැතුව පාලනය කරන්න බැරි නිසා අනාත්ම වශයෙන් පෙන්වා නැත.කොත්මලේ කුමාර කස්සප , අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේලා මේ සත්‍ය නියමලේශ පෙන්වා දෙනවා. 🙏🙏🙏කන් ඇත්තෝ අසත් වා දහම් බෙරය වාදන ය වේ.,,🙏🙏🙏🙏.
    ,,

  • @delgodagnanasumanathero5042
    @delgodagnanasumanathero5042 27 วันที่ผ่านมา

    අනිච්චට ස්ටේජ් තියනවලු. අනිච්චේ

  • @user-cf8wg6zf3w
    @user-cf8wg6zf3w 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 2 ปีที่แล้ว +2

    විපරිණාම දුක්කය

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +1

    බෞතික විද්‍යාඥයන්ට හා බුද්ධාගමේ හාමුදුරුවන්ගේ උපාධි වලට හසූ නොවන ,,,එදා සුනීත සෝපාක විශාකාවාදි හිහියන් මගපල ලැබු බුදුහිමි අපිට කියා දුන් සරල සුගම හේතුපල ධහම මෙයයි,,!!!🙏🙏🙏 පංසලේ , අසපුවේ , ආරාන්‍ය සේනාසනයේ , මහනවි සිල්වතෙන් , උගත් මානයෙන් හා ධ්‍යාන සුවයෙන් මත්වු හාමුදුරු වන්ගේ මානක්කාර කම , නොදන්න කම, අසරණ අස්සුතවත් පෘතග්ජන බවමයි ,, ,,?? සත්තා කම්මා දායාදා ,, කම්ම,,, යෝනි/බන්ධු /පටිසරනා ,, යං කම්මං කරිස්සාමී කල්‍යානංවා පාපකංවා තස්ස දායාදා හවිස්සති,,!! 😉😂🤧😎 එදා මිනිසා,/ සත්වයා සිතු , කල, කි , දේහි ඵලය අද තමාට , උරුම වුවා මිස , මෙය දේව , භූත, ප්‍රේත හෝ වෙනත් ආශ්චර්‍ය අත්භූත බලවේගයක බලපෑමක් හෝ ප්‍රාතිහාර්‍යක්ද නොවේ,,!! ඔබ දුක් විපාක වලට අකමැතිනම් වරදින් පාපයෙන් අද (වර්තමාන මොහොතේ ) මිදෙන්න,,,!!! අපේ ගෙවුනු පෙර නොපෙනෙන අති දීර්ග සංසාරයේ ජීවිත වලදි අපි ආස්වාදයෙන් බැදි මම ,මගේ, අපේ සුඛ විහරනයට = ගොඩ වැඩිකර ගැනීමට (අත්ත භාවයෙන් , තම්ම තාවයෙන් මමත්වයෙන් ) භාහිර සත්වයාට, පරිසරයට, විශ්වයට, ( සොබාදහමට ) කල හිංගි, හිංසා අවැඩ , අසාදාරන , අවලාද අපවාද, අපහාස ,, හේතුපල උරුමයම අපි අද ලද දුක නැමති ඵලයයි ,,!! සමාජයේ මිනිසාගේ (සත්වයාගේ) දුප්පත් පොහොසත් රෝගී නිරෝගි ජීවිත වලට වගේම තිරිසං සත්ව ආදි නානත්වයේ කිසිම අසාදාරනයක් නොමැත,,? රාග දේස මෝහ වැරදි හේතුන් සිතේ උපදින විටම එතන එතනම නිරෝධ යට භාවනාව ලෙස මෙත්ත, අසුහ, මරණ, බුද්ධ අනුස්සති (සතර කමටහන්) වඩා පච්චුප්පන්න මොහොතේම (නිබ්බිදා විය යුතුයි = නොබැදිය යුතුයි, ) හේතු භංග කල යුතුයි, එය බුදුහිමි දෙසු දස අනුස්සතියයි,!!! හේතුම් පටිච්ච සං භූතං හේතු බංගා නිරුජ්ජති බුදු වදනයි,, අද සිල්වතක ඉදල /උපාධි ගහල හෝ වනගතව හුලන් ඇදල ලබන ධ්‍යානයෙන් නිවන්දකින්න බෑ කම්ම ඛය වෙන්නේ නෑ,, රිය අරිය වෙන්නේ නෑ ,පුන්න්‍යපාප පහීනස්ස වෙන්නේ නෑ ,නෑ නෑ , පැවැත්මෙන් මිදීම හෙවත් අපවත් වෙන්නේත් නැත,,, ??? අවුරුදු 1850 අධික කාලයක් දහම විකුර්ති ව් ආගමක් වු විට ලාබ පර්ර්‍යේශනය්දි ප්‍රකෘති හේතුපල දහම පේනෙන්නේ නැත,, බුදුදහම මතු සැප ලබන්න ප්‍රාර්තනා යාක්ඥා කරන හුදු ආගම් ඇදහිල්ලක් නොවේ,, බෝසත් පාරමිතා පිරිල්ලක් ද නොවේ,,? එදා මහා භාරතය නම්වු ඉන්දියාවෙන් ගෙනා චන්දස් වෛදික මහායානික දේවවාදි ආගමද නොවේ,,?? ලෝකෙන් උතුම් රටේ පහලවු සියලු බෝසත්වුරු බුද්ධ වුයේ මාර්ග චර්‍යාවක් වඩා රාග ,දේස ,මෝහ බව උදුරා දැමිමෙන් පමනක් බව ප්‍රඥවන්තයෝ තේරුම් ගනිත්වා,,!! මාගදි ශබ්ද සංඥා වේ නිරුක්ති ධම්ම පාඨ , නම් ගොත් , චාරිත්‍ර වරිත්‍ර , පිලිවෙත් මේ හෙලබිමේ පෙර පිනෙන්ම යුගයෙන් යුගය පහලවි බව උදුරා දමන්නට හේතු ඵල වශයෙන් ඉපිද ලැබෙන ධම්ම දායාදයකි , මහා ප්‍රාඥයන් වහන්සේ අරහතුන් වහන්සේ පහලවි පෙර නො ඇසූ හේතුපල දහම පන පිහිටවන කල්හි හෙලබිමේ සුද්දන් හා ඉන්දියානු ආක්‍රමණික මහා සාංගික දේව නිකායෙන් ආක්‍රමනය කර විකෘති ආගම් කඩතුරාවක හිරවි මතු බුදුවන බෝසත් පෙරුම් පුරන මහායානිකයින් බින්න බැසගෙන මහා සමනෝ ගරොති , බමුනන් පාලි සංසකෘත යෙන් විකෘතිකල නිසා පෙල දහම හා ගැටේ , ඒත් බුදුවරුන්ගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මහ වනයෙන් ධම්ම තාවයෙන් වැසි ගල් බවට පත්වි ආරක්ශාවු පිරිසිදු නිර්මල බුදු දහම හා බැදි යක්ඛ නාග දේව කුම්බාන්ඩ හෙළ මුතුතුන් මිත්තන් නිබ්බානවු පිරිසිදු බුද්ධ ශක්තිය කේන්ද්‍රගත චත්තානි මානි ඨානානි ඇතුලු හෙළ බුද්ධ ඉතිහාසය මතුවීම නියාම ධම්මයකි,,!! පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් නොමැතිව මෙයට පැටලි අරිය උපවාද හා සංඝබේද ආන්න්තරික පාපකම්ම් කරගෙන නිරයේ හා සතර අපායේ අතරමං වීමට කම්මානුරුපව සත්වයින් (ස්ව බවින් තල 31 පැවැත්ම දායාද කර ගන්නා බව පරම මෙත්සිතිං නිහතමානි ප්‍රඥාවන්ත බෞද්ධ අබෞද්ධ සැමට පෙන්වා දෙමි ,,!! සිරිදම්මාලංකාර මහා ප්‍රඥ වු අරහතුන් වහන්සේගේ පහලවීම තුන්ලෝක වාසින්ට පරම සැපතකි,,¡¡¡ මානය අතැහැර අප්‍රමාද වෙත්වා,,!!! සුසිත් slf t u fedarretion min of health

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 2 ปีที่แล้ว

      හොඳ විග්‍රහයක්. ණයවිනය ගැන පැහැදිලි කරලා දෙන්න පූලූවන්ද? අපෙ ගෙදර සිනි බොතලේ තියන සිනි කුඹි කනවා. එ කියන්නේ ගිය භවයක මම කූඹියෙක් වෙලා එයාගේ සිනි මම කාපූ නිසා මෙම භවයෙදි එයලා මගේ සිනි කනවා. ණයවිනයට අනූව මෙය පහදා දෙන්න. ඔබට බොහෝ පිං

  • @wijayawardane
    @wijayawardane 2 ปีที่แล้ว +9

    මේ මහත්මා ධර්ම සාකච්ඡාවක දී ඉතා අධික වේලාවක් ගෙන ගෙන වචන වල අර්ථ පැහැදිලි කර ගැනීමට උත්සාහ දැරීම නිසා දිගු වේලාවක් ඔහුට වෙන් කරන්නට සිද්ධ වෙලා තියෙනවා...
    පින්වත් මහත්මයාණෙනි
    ධර්මය ශ්‍රවණය කරන්න අන් අය ගැනත් සිතා හැකිතරම් කෙටි වේලාවක දී ඔබගේ අත්‍යවශ්‍ය පැනයක් තිබේනම් විසඳුමක් ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.... ( මෙම කාරුණික ඉල්ලීම කිරීම නිසා මා සමග නොගැටෙත්වා... 🙏 🙏 🙏 )

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 ปีที่แล้ว +2

    විදර්ශනාව වැඩීම සියල්ලටම විසදීම ලබාදේ.

  • @unique-marketer66
    @unique-marketer66 ปีที่แล้ว +1

    අනිච්ච යනු උප්පාද වය බවයි කේනට්ඨේන අනිච්චා උප්පාද වයට්ඨේන අනිච්චා

  • @sgunethilake780
    @sgunethilake780 2 ปีที่แล้ว +1

    තාම පාලි බස සහ දහම යන්නමින් හෝ නොදන්නා අයගේ විග්‍රහයක්

    • @chamildiss
      @chamildiss 2 ปีที่แล้ว

      මොකක්ද මේ විග්‍රහයෙ වැරැද්ද ?

  • @sumedasuranga4411
    @sumedasuranga4411 2 ปีที่แล้ว +1

    උදාහරන ඔස්සේ මාර්ගය පැහැදිලි කර ගැනීම වැදගත්. එය අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කර ගැනීමට වැඩිය යුතුයි නොවේ ද ස්වාමීන් වහන්ස ?

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 2 ปีที่แล้ว +9

    මම නිසල අරන වගේම වහරක පන්සලෙත් කර්මස්ථාන භාවනා වැඩසටහන් වලට සහභාගි වන ඒ වගේම අභය ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡා අදටත් සවන් දෙන පුද්ගලයෙක්මි. මුලදි අනිච්ච කියන්නේ කැමති විදියට පවතින්නේ නෑ කියල තමයි මමත් තේරුම් ගත්තේ. හැබැයි පසුකාලීනව මේගැන විශ්ලේෂණය කරනකොටයි තේරුම්ගියේ බුදුන් වහන්සේට නෙමෙයි අපිටයි වැරදිලා තියෙන්නෙ කියල.
    ඔබ ත්‍රිපිටකය විචක්ෂණ ශීලීව පරිශීලනය කරනවනම් ඉතාමත්ම පහසුවෙන් මම කියන්න හදනදේ තේරෙයි. ඒ උනත් මම කියන්න යනදේ ඔබ ගෙඩිය පිටින්ම පිලිගතයුතු නෑ.ඒත් ටිකක් හිතල බලන්න.
    නිච්ච (ස්ථිර) කියන වචනයේ විරුද්ධ පදය අනිච්ච( අස්ථිර/ වෙනස්වන සුලු) අර්ථය දෙන වචනය මිසක්, අනිච්ච කියන්නේ ඉච්ඡ කියන වචනයේ විරුද්ධ පදය නෙමෙයි. එහෙමනම් ඉච්ඡ (කැමත්ත) කියන වචනයේ විරුද්ධ
    පදය ත්‍රිපිටක තුලින් හොයල බලන්න වෙනව. මම හිතන විදියට ත්‍රිපිටකයේ ඉච්ඡ (කැමැත්ත) කියන වචනයට දී ඇති විරුද්ධ අර්ථය තමයි විවිච්ඡ. (ඒ වගේම බලන්න අල්පේච්ඡ (අල්ප කැමැත්ත) වගේ වචන.
    බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක්ඛ යන්න විස්තර කරන්නේ
    ජාති පි දුක්ඛා, ජරා පි දුක්ඛා, ව්‍යාධි පි දුක්ඛා,මරනංපි දුක්ඛා,
    ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ,
    අප්‍රියෙහි සප්පයෝගෝ දුක්ඛෝ,
    යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං,
    සංකිච්චේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියල සත්වයාට දුක ඇතිවන විවිධවූ අවස්ථායි. ඔය කැමැත්තට ඉටුවෙන්නෙනෑ කියන තත්වය "යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං".යන්නට වැටෙන අතර ඒ නිසා ඇතිවන දුක වෙනමම අවස්ථාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර ඇති අතර එය සත්වයාට දුක ඇතිවන මහා පොදු සාධකය ලෙස ගත නොහැක.
    තවදුරටත් මේගැන විශ්ලේෂණය කර බලන්න ඔබට භාරයි.
    තෙරුවන් සරණයි!

    • @marka2188
      @marka2188 2 ปีที่แล้ว +1

      I also fully agree with you. A big mistake from this teacher. He has invested too much in this wrong definition; hence, I doubt that it would be easy for him to accept. To repeat what you say: there is a Pali word called ‘iccha’ which agrees with what he says. Related to impermanence the Pali word is ‘anicca’ (note the missing ‘h’ and opposite of this is ‘nicca’ (which means permanent).
      Now the challenge is what impermanence means. I will only say that this not refers to objects out there.

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 2 ปีที่แล้ว

      In fact, this has been initiated by Vaharaka Thero, not by Abhaya Thero.
      වහරක ස්වාමීන් වහන්සේ විසින් "යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං "
      යන්නෙහි එන "පි" යන්න "ප්‍රිය" යන අර්ථය දෙන බව විග්‍රහ කලා මතකයි. එතනත් ලොකු වැරදීමක් වෙලා තියෙනව. අවශ්‍යනම් පහදලා දෙන්නම්. ඒ වගේම "අනත්ත" කියල බුදුන් වහන්සේ විසින් අදහස් කලේ කුමක්දැයි " අත්තානං උපමං කත්වා, අත්තාහි අත්තනෝ නාතෝ" යන ගාථා කණ්ඩයන්යන්ගේ සරල තේරුමත් එක්ක ගලපන කොට ඔබලාට තේරුම් යන්න ඕන.
      අපිට අවශ්‍ය වරද, වරද වශයෙන් දැකීම සහ එය නිවැරදි කරගැනීමේ නිහතමානීත්වයයි. ඒ කෙසේ උනත්
      ඇත්තෙන්ම අභය ස්වාමීන් වහන්සේ විසින් මේ සමාජයට කරන යුගමෙහෙවර ඉතාමත් විශිෂ්ටයි, ඒ වගේම අගය කලයුතුයි.

    • @sinethathapaththu
      @sinethathapaththu 2 ปีที่แล้ว

      සච්ච විභංග සූත්‍රය ඉවසීමෙන් සම්පූර්ණයෙන් කියවන්න. එහිදී ජාතිපි, ජරාපි, ... ඇතුළු සියළු දේ දුකක් වන්නේ කෙසේද කියා "යම්පි ඉච්චං නලභති තම්පි දුක්ඛං" යටතේ විස්තර කර තිබෙනවා.

    • @sinethathapaththu
      @sinethathapaththu 2 ปีที่แล้ว

      th-cam.com/video/ghdKBwsWHFs/w-d-xo.html
      ඉච්ච නිච්ච අනිච්ච ගැන විස්තර කරන දේශණාවකි.

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 2 ปีที่แล้ว

      @@sinethathapaththu
      ඉච්ඡා සූත්‍රය
      [දෙවතා:]
      [දෙවි:]
      69. කෙනස‍්සු බජ‍්ඣති ලොකො කිස‍්ස විනයාය මුච‍්චති,
      කිස‍්සස‍්ස විප‍්පහාණෙන සබ‍්බං ඡින්‍දති බන්‍ධනන‍්ති.
      69. ලොව කිමෙකින් බැඳේ ද? කුමක් දුරු කිරීමෙන් මිදේ ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
      [භගවා:]
      [භගවත්හු:]
      ඉච‍්ඡාය බජ‍්ඣති ලොකො ඉච‍්ඡාවිනයාය මුච‍්චති,
      ඉච‍්ඡාය විප‍්පහාණෙන සබ‍්බං ඡින්‍දති බන්‍ධනන‍්ති.
      ලොව තෘෂ්ණායෙන් බැඳේ. තෘෂ්ණාව දුර ලීමෙන් මිදේ. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
      අනිච්ච සුත්තං
      අනිත්‍ය පිළිබඳව වදාළ දෙසුම
      රූපං භික්ඛවේ අනිච්‌චං, වේදනා අනිච්‌චා, සඤ්‌ඤා අනිච්‌චා, සංඛාරා අනිච්‌චා, විඤ්‌ඤාණං අනිච්‌චං. ඒවං පස්‌සං භික්ඛවේ, සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.
      මේ ඉච්ඡ සූත්‍රයත් අනිච්ච සූත්‍රයත් පාට කණ්නාඩි ගලවලා කියවන්න, එතකොට තේරුම් යයි බුදුන් වහන්සේ ඉච්ඡ සහ අනිච්ච වචන දෙකෙන් කුමන අර්ථයක්ද දෙන්නේ කියල.
      ඒ වගේම "යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං" කීවම ඉච්ඡ කියන්නෙ නාම පදයක් ද, ක්‍රියා පදයක් ද, උක්ත ද ආඛ්‍යාත ද කරාය ද කර්මය ද කියල හොදට තේරෙනව.
      ඒ වගේම "ලෝක සූත්‍රයත්" කියවන්න.
      එතකොට තේරෙනව තවත් හොඳට.

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 2 ปีที่แล้ว +3

    කැමති සෙ නැති කම දූකට හෙතුව වශයෙන් ගැනීම ලෞකික වශයෙන් කරන විග්‍රහය ක් මිස එය දාර්ශනික අර්ථයකින් කරන විග්‍රහයක් නොවේ.
    කැමති දෙ නොලැබිම දූකක් වන්නේ වෙනස් වන දෙට කැමති වන විටය.හෙවත් අනිත්‍ය වන දෙට කැමති විමය. අනිත්‍ය වන දෙට කැමති වන්නේ නොදන්නාකමය. මෙහි දාර්ශනික ස්වභාවය මෙය නොවේද?
    කාලාම සූත්‍රය එන මිමසිම නම් වූ බූදූන්වහන්සෙගෙ වටිනා උපදෙස අනූගමනය කිරීමෙන් තොරව ඔ බට මෙය කිසිදා අවබෝධ කරගත නොහැක.

    • @marka2188
      @marka2188 2 ปีที่แล้ว

      Beautifully explained. As you said this definition of anicca is fine to apply at the craving (tanha) step. Of course, everyone - whether Buddhist or otherwise should do it to live a good and beautiful life. ‘Anicca’ described by Buddha is not that and as you say it should come from vippasana or inquiry.

  • @klpadma9895
    @klpadma9895 ปีที่แล้ว

    Sadu.🙏🙏🙏.sadu.🙏🙏🙏.sadu.🙏🙏🙏.

  • @CareDriveValuation
    @CareDriveValuation 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 2 ปีที่แล้ว +4

    Mr. Kanchuka please don't insult to Buddhist philosophy...
    If you want to clarify seriously please refer to " THRPITAKAYA"
    Theruwan Saranai

  • @user-yd2fo6pl1v
    @user-yd2fo6pl1v ปีที่แล้ว

    3:20 Oba wahansege prakghawa tawa tawath wedi wewa......

  • @namobuddhaya2584
    @namobuddhaya2584 ปีที่แล้ว

    Sineth mahaththaya bohoma pin

  • @khsenetsomahemachandra5806
    @khsenetsomahemachandra5806 2 ปีที่แล้ว

    Thawa 1k patan aran. Walpola Rahula himige potha kiyawanna.

  • @user-bd4cb9nv2f
    @user-bd4cb9nv2f 2 ปีที่แล้ว

    බුද්ධ කාලයේ ඒක් බික්සුන්වහන්සේ නමක් අපවත්වේන වේලාවදි සිවුරට කැමැත්ත ඇතිවේලා ඒ සිවුරේ කාවේක් වලා ඉපදුනාලු කැමැත්ත ඉස්ට උනේ කාවේක් වේලා ඉපදුන ඒක බුද්ධීයට ධලා ගලපලා බලත්වා අනිචිච වැටහේවා කැමැත්ත ඇතිකරගන්න ගියොත්වේන්නේ සසරට වැටේන ඒක

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว

    කැමති අකමැති දනෙනේ සිතට ඇස කියනවද ආයතන කියනවද කැමැත්ත ඉෂ්ට උනේ නැත කියලා....කොහොමද සිත හැ දෙන්නේ., ...

  • @udayakumara6368
    @udayakumara6368 2 ปีที่แล้ว

    සක්විධි රජ (to be come a king of wisdom "ISHWISH") තේරුම ඒකයි හොයලා බලන්න
    ෙගෟතම බුදු රදුන් උපකතින්ම "ISHWISH" ආර්යන්ගෙන් (Aryan Race) පැවත එන කෙනකු නොවේ

  • @danupradeep9985
    @danupradeep9985 8 วันที่ผ่านมา

    සර්ව බලධාරී දෙවියන්ට වෙනස් නොවන ආත්මයක් තියෙනවා කියලා කියන අය කැමති නෑ ඔය බුදුරජාණන් වහන්සේගේ අනිච්ච කියන දේශනාවට .. අනිච්ච කියන්නේ වෙනස් වනවා කියන අදහස ගෙනදෙන නිසා... මේ අය කැමැත්ත ඉෂ්ට වෙන්නෑ කියලා දාලා ඒක වෙනස් කරලා.. අනිත් එක ශුද්ධ වූ ආත්මය පිළිගන්න කට්ටිය කැමති නෑ ආත්මයක් නෑ කියනවට... මේ අය අසාර කියලා එකක් දාලා ඒකත් වෙනස් කරලා... ඕවා ඒ ආගම්වලම තිබුනට ප්‍රශ්නයක් නෑ.... ඒ ආගම්වල ඉන්න අය ඒක කරගෙන යයි.... මේ අය ඒ ආගම්වල තියෙන මත ගොඩ නගන්න මේක විකෘති කරගෙන යනවා..

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว

    🌷🌹🏵️🌺🥀🙏🪔🪔🪔

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    praasnawala ellena aya arya dyana wadanawada kiyala matanam sakayak thiyenawa

  • @lordsj
    @lordsj 2 ปีที่แล้ว +2

    අනිච්ච කියන්නේ මොන බම්බුව කරත් අන්තිමට මැරෙනවා වෙන් වෙනවා ආදරය කරන අය නැති වෙනවා. කොහේ ගියත් මේ සරසරෙ දුක් විදිනවා හිත රිදෙනවා හිත කැඩෙනවා කියන එක.. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ රූපරාමුවම දිහා බලලයි අවබෝධ කරගත්තේ මේ ලෝකයේ සත්‍ය නැතුව පොඩි වෙලාවකට දැනනෙන සැපයට අවදානය යොමු කරලා නෙවෙයි දැන් ඉච්චාව ඉෂ්ට උනාට ඒ ඉච්චාව නිසාම තමන්ට දුකක් අනිච්චාවක් හැගෙනවා නම් ඉච්චාව ඉෂ්ට වුනා කියන්න බෑ නේ . උදාහරණයක් දුන්නොත් තමන් ආසාවෙන් දෙයක් කරනවා අපි ඒ දේට ආස නිසා ඒ දේ නැවත නැවත කරනවා අවසානෙට අපි ආස දේත් අපිට එපා වෙනවා.. අපි ආස කිසිම දෙයක් එපා නොවී ජීවත් වෙන්න උනාට හැම දේම අවසානෙට එපා වෙනවා.. අපි සැප හොය හොය විදිනවා ඒත් මේ සැප ඇති තව සැප ඕන නෑ කියලා හිතෙන්නේ නෑ.. තවත් අපි සැප හොයනවා අපිට ඇති වෙන්නේ නෑ.. ඒ කිව්වේ අපි ආස දේ මොකෙන්වත් ඉෂ්ට වෙන්නේ නැති නිසා තව තව සැප හොයනවා නමුත් ආර්‍යයන් සැප හොයන එක නවත්තලා ඉන්නේ මොකද හොයපු සැපය මදි නොවෙන සැපය, රාග ගිනි නිවා දමලා ඉන්නේ රාගය , ද්වේශය, මෝහය ඇති වෙන්නේ නෑ.. හේතුව අවශ්‍ය දේ ලැබිලා ඉවරයි .. ආයේ හොයන්නේ නෑ

  • @sriyaniranasingha199
    @sriyaniranasingha199 ปีที่แล้ว

    Wada nokara awaboda karanna

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 ปีที่แล้ว

    කැමති සේ "පවත්වා නවත්වා ගන්නට නොහැකි වීම" .. තමයි අනිචච කියන්නේ..
    ඔයාගෙ උදාහරණයේ ආච්චිගේ කැමත්ත ඉෂ්ට වීම හොඳ point ekak.
    කැමත්ත ඉෂ්ට වෙනවා නමුත් ඒ මගින් ලබන සුවය තාවකාලිකයි ..ඒක "නවත්වා පවත්වා" ගන්න බැහැ..අන්න එතැනදි අපිට පැහැදිලිවන ධර්මතාවය තමයි ඉච්ඡාභංගත්වය ට පත් වීම.
    " විපරිණාමයට පත්වීම "

    • @chamikapeiris
      @chamikapeiris 2 ปีที่แล้ว

      අපි මෙහෙම අවස්ථාවක් ගමු. ලොකු සල්ලි කාරයෙක් ඉන්නව, සල්ලි වලින් කිසිම අඩු පාඩුවක් නෑ.
      අපි කියමු මිනිහ විනෝදයට කාර් එකතු කරනව සහ පරණ කාර් එකතු කරන්නෙක්. මිනිහ ඔහුගේ එකතුවට පරණ කාර් එකක් ගන්නව. (පරණ කාර් කතාවක් ගත්තෙ, පරණ වෙන්න පරණ වෙන්න; වටිනාකම ඉහල යනවනෙ).
      මිනිහට අවබෝධයක් තියෙනව මිනිහ කවද හරි මැරෙනව, මේ එකක් වත් යනකොට ගෙනියන්න බෑ කියල.
      කොහොමහරි මිනිහගේ ආසාව තමා මැරෙනකන් මේ කාර් එක ලස්සනට තමන්ගේ එකතුවේ තියාගන්න එක. ඉතින් මිනිහ සල්ලි දීල සේවකයෙක් ගන්නව, මේක හැමදාම පිහිදල, නඩත්තු කරන්න. මිනිහට දැනෙන්නෙ නෑ, මේක නඩත්තු කරන්න ඕනි නේද, වෙහෙසක් දරන්න ඕනි නේද පවත්වාගෙන යන්න කියල; මොකද සල්ලි වලින් ඒ දේ වෙනව.
      මේ අවස්ථාවේදී කොහොමද අනිච්ඡ කියන දේ ගලපගන්නෙ?
      කාර් එක පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මොනාවහරි දෙයක් වුනත්, ඒක සකස් කරන්න; සේවකයෝ ඉන්නව කාර් එක පවත්වාගෙන යන්න.

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 2 ปีที่แล้ว

      @@chamikapeiris
      කැමති සේ පැවැත්විය' නැවැත්විය නොහැක්කේ හිතේ ඇතිවන සංඛාර, සිතුවිලි ඔය කාර් වගේමයි අපේ කොන්ඩෙ ට අවුරුදු 18-20ක් විතර පසුව ආපු රවුළ, අපි කැමැති උනාට ඒක කළුවට තියාගන්න, කොන්ඩය ට පෙර ඒක සුදු වෙනවා ..කැමති ලෙස පවත්වාගෙන යන්න කළුවෙන එක නවත්වන්න ගන්න බැහැ..

    • @chamikapeiris
      @chamikapeiris 2 ปีที่แล้ว

      @@ajithjayasooriya8454 ඔබ කියන උදාහරණයට ඒක හරි. බුදුදහම හැම අවස්ථාවකිදීම යොදා ගැනීමට හැකිවිය යුතුයි නේ.
      මම කිව්ව උදාහරණයේදී, එම පුද්ගලයගේ කැමැත්ත වනුයේ, තමන් මිය යනතෙක් තමන්ගේ වාහනය තියාගෙන සිටීම. කාර් එක පරණ වෙන එක අවුලක් නෑ, මොකද එකෙන් එහි වටිනාකම තව වැඩි වෙනව. පොඩ්ඩක් දූවිලි පිහිදාල නඩත්තු කරන්න සේවකයෝ ඉන්නව, ඒ හන්ද වෙනම ආයාසයක් දරන්න ඕනි නෑ. එවැනි අවස්ථාවකදී කොහොමද මේ අනිච්ඡ යන කරුණ ගලපගන්නෙ?
      කෙටියෙන් කියතොත්, ඔහුට මැරෙනතෙක් එම කාරය තමන්ගේ කැමැත්තට තියාගන්න පුළුවන් වෙනව. එතකොට එවැනි අයෙකුට වුනත් මේ අනිච්ඡ කියන දේ අදාල කරගන්න පුළුවන් වෙන්න ඕනි නේ? කාර් එකට මෙහෙමත් දෙයක් "වෙන්න පුළුවන්", ඒ නිසා තමයි ඕකට ඇලෙන්න ගැටෙන්න ඕනි නැත්තේ, ඒක හන්ද දුකක් "වෙන්න පුළුවන්" කියන එකට වඩා, අනිවාර්යයෙන් මේ දේ වෙන හන්ද තමයි අපි වැලකෙන්න ඕනි කියන එක අවබෝධ කරගත යුතුයි කියා සිතේ.
      සම්භාවිතාවක් තියෙන දෙයක් බුදු හිමියන් දේශණා කලා වෙන්න බැහැනෙ. අනුමාන දේවල් බුදුහිමියන් දේශණා කර නෑනේ.
      සමාවෙන්න, නැවත නැවත එකම දේ ප්‍රශ්න කරනවට. පොඩි මඟ හැරුන දෙයක් තියෙනව වගේ දැනෙනව; හරියට අවබෝධයක් ලැබෙනකන් ප්‍රශ්න කරන්න වෙනව.

    • @sasinduvirajitha8734
      @sasinduvirajitha8734 ปีที่แล้ว

      ඒ පුත්ගලයා වාහන පවත්වගෙන යන්න ලෝභයකින් ඔය දේ කරනවා නම් දුක ඇති වෙන්න පුලුවන්. හිතන්න බලන්න වාහන සුද්ද කරන මනුස්සයට අසනීප වෙනවා කියලා. එහෙම උනොත් අයිතිකාරයට එයාගෙ කැමැත්ත ඉශ්ට වෙන්නෙ නැති හින්ද දුක්‍යි. හැබැයි ඒ එයාගෙ අසාව හින්ද ඒ දුක ඇති වෙනවා කියලා තේරුම් ගන්නකන් ඒ දුක පවතින්නෙ. ඒක අවබෝද කලාම දුක නැහැ

  • @AsankaL
    @AsankaL 20 วันที่ผ่านมา

    yako budu hamuduruwo hitiya nan...

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 2 ปีที่แล้ว

    ඉච්ඡ තාවය නෙමේ ඉෂ්ට වෙන්නේ.
    හේතු ටික ගෙලපුන නිසා කැමැත්ත උනා

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 2 ปีที่แล้ว +3

    මොහු විතර්ක චරිතයක් වගේ,හැමදාම ලොකු කාලයක් ගැනීම ???? Season 8 මුලසිට අසනවානම් බෝහෝ ගැටලු විසදෙයී.

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว

    පව් පුරෝගන්න එපා මේ වගේ තම්බ්නේල් දාලා

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 ปีที่แล้ว

    Seeson 8 නැවත නැවත අහන්න .බොරු ප්‍රශ්න අහන්න එපා .ස්‍රාවකයින් ගෙ කාලය නාස්ති කරන්න එපා.

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lightfx672
    @lightfx672 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 10 หลายเดือนก่อน

    🙏🙏🙏