Bambarakiri Ella, Visiting places in mathale, waterfalls in Mathale, බඹරකිරි ඇල්ල, Babarakiri Ella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2023
  • මහ තලාව කාරත් නුපුරුදු පැත්තක් වුනාට මාතලේනම් එහෙම නෑ.අතීතයේ මහා තැනිතලාව තමයි කාලයාගේ අවෑමෙන්වර්තමාන මාතලේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතිං මේ මාතලේ ගැන කියන අතරට අපේ සූදානම මාතලේ ඉදන් බටදඬු කන්දහරහා පිටවල පතන පුංචි ලෝකාන්තය හොයන් යන්න. දැන් කාටත් ප්‍රශ්නය මොකක්ද මේ බටදඬු කන්ද? හරි එකත් කියලමකතාව පටන් ගම්මුකො. බටදඬු කන්ද කියන්නේ දැන් කවුරුත් යන රිවස්ටන් වලට. ඇයි ඒකට එහෙම නමක් ලැබුනේ කියලත් අපිපස්සේ කතා කරමු. ඉතිං රිවස්ටන් හරි නකල්ස් හරි යන බහුතරයකගේ ගමන් මාර්ගය වන්නේ මාතලේ සිට රත්තොට හරහාපල්ලේගම මාර්ගයනෙ. අන්න ඒ මාර්ගයේ රත්තොට ඉදන් කිලෝ මීටර් පහක් යන තැන හමු වන බඹරකිරි වංගුව බොහෝදෙනෙක්ට අනාරාධිත විවේකයකට ඇරයුම් කරනවා. ඒ එතැන වාහනයකට දෙකකට වුනත් රිසිසේ නවතින්න තියන ඉඩකඩනිසාමයි. ඒ වගේම පුංචියට එතැනම තියෙන තේ කඩයත් සැරිසරන කාගේත් විඩාව නිවන්න සමත් වෙන තැනක්. ඉතිං මාතලේඉදන් එක සීරුවට බඹරකිරි හන්දිය බලා ගෙන දුවන් ආපු ගමන ඔන්න ඉවරයි. දැන් කියවන කවුරුත් කල්පනා කරන්නේ ඇයිනැවතුම තේ කඩයක කියල. නැහැ නැහැ. කතාවට කියනවා වගේම සුන්දරම දර්ශනයක්දකින්න අමාරුම කන්දක් තරණය කරන්න ඕනනේ. අන්න ඒ වගේම මිනිස් ඇස නොගැටුන සොබාදහමේ ඉසව් හොයන් යන්න නම්ඔබට සැප පහසුවට හුරු වුන සාමාන්‍ය ජීවිතෙන් මොහොතකට මිදෙන්න වෙනවා. හුරු වෙන්න සිද්ධ වෙන්නේ නිස්සාර ජීවනරටාවේ අපිම අලවගත්ත පාට කඩදාසි වලින් ඈත් වුන සරලකමට. ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා වගේ මේ ගමනේදීවිතරක් ඒ පුරුද්ද අතපසු කරන්න බැහැනේ. ඒ නිසාම සැරට හැපෙන කොච්චි සම්බෝල එක්ක රෝටීවලටත් අපි ගමනේ ඉඩක්දුන්නා.
    හරි මේ කියන්න යන්නේ බඹරකිරි හන්දියේ නවතින්න හේතු වුණු දෙවන කාරණය. කවුරුත් දැකල ඇති මේ තේ කඩය ළඟින්මදකුණු පැත්තට ඇවිද ගෙන යන්න පුළුවන් පුංචි පාරක් තියනවා. ඒක තමයි හොරගොල්ල - වෙලන්ගහවත්ත ගම්මානවලට යන අඩිපාර. මේ අඩි පාර අපිට සුවිශේෂ වෙන්න ප්‍රධානම හේතුව තමයි රිවස්ටන් යන ඕනෑම සංචාරකයෙකුගේ පළමු නැවතුම විදියටදකින්න පුළුවන් අපූරු දිය ඇල්ලක් පිහිටීම. මොකද මේ ගමන් මාර්ගයේ යන බොහෝ දෙනෙක් සංචාරක ස්ථාන රාශියක ලැඟුම්ගන්නවා. බඹරකිරි ඇල්ල, රිවස්ටන්, පිටවල පතන, වෙඩිගල්ලුණුගුහාව, වම්බටුහේන ඇල්ල, සේර ඇල්ල ඒ දාමයෙන් කිහිපයක්. අන්න ඒ දීර්ඝ සැරිසරට ආයුබෝවන් කියල අපූරු ඇරඹුමක් සටහන් කරන්නේ මේ බඹරකිරි ඇල්ල. කුඩා පුවරුවක බඹරකිරි ඇල්ලකියල තියෙන නාම පුවරුව බොහෝ දෙනෙක් දැකලත් ඇති. ඒත් අවාසනාවට රිවස්ටන් බලන් හැල්මේ යන බහුතරයක් මේ ඇල්ලබලන්න නොයන තරම්. ඒකට ප්‍රධානම හේතුව විවේකයක් බලාපොරොත්තුවෙන් හැමෝම දන්න තැනට කිසිදු කියවීමකින් තොරවයන එක. සරලවම නොදැනුවත්කම. ඉතිං සොබාදහම දකින්න විදින්න කැමති හැම දෙනෙක්ටම ඇරයුමක් තියනවා ඔන්න ආයිත්නිවාඩුවට කොහේ හරි යන්න කලින් පොඩ්ඩක් කියවල යන්න. එතකොට ලස්සන තැන් මිස් වෙන එකක් නැහැ. ඒ මතක් කිරීමත්එක්කම අපි කතාව ඔහොමම තියල ඇවිදගෙන යමුකෝ ඇල්ල පැත්තට.
    අපි කලින් කීව අඩි පාරේ තියෙන පුංචි පුංචි රොටී කඩ පළතුරු කඩ එහෙම පහු කරන් මීටර් දෙසීයක් විතර යනකොට ඉස්සරලාමඇස ගැටෙන්නේ වැල් පාලමක්. හාත්පස පේන කොළ පාට අතර මැද්දෙන් ඇදෙන වැල් පාලම එතැන පරිසරයට එකතු කරන්නේපුදුම ලස්සනක්. ඒත් එක්කම කන් පුරා ඇහෙන වතුර සද්දේ කාටත් ඇල්ල දකින්න තියෙන ආසාව කුතුහලය වැඩි කරනවා. මීටත්වඩා හොද නැරඹුම් පීඨිකාවක් තවත් කොහෙද ? හෙල්ලෙන පැද්දෙන වැල් පාලමේ අඩි කිහිපයක් යනකොට ඇස් පුරා පෙන්නේබඹරකිරි ඇල්ල. තට්ටු තුනකින් සමන්විත ඇල්ල ගලන් යන්නේ ඇලි දාමයක් විදියට. ඒ කියන්නෙ මූලිකවම ඇල්ල තට්ටු දෙකකින්කඩන් හැලෙනවා. පළමු ඇල්ල නිර්මාණය කරන ජල ධාරාවම ගලාවිත් දෙවන ඇල්ලට උප්පත්තිය දෙනවා. දෙවන ඇල්ලෙන් පසුජලය කඩා හැලෙන්නේ අඩි පහලවක් පමණ වන ප්‍රධාන ජල තටාකයට. අනතුරුවගල් තලාව මත්තෙන් තාලයට පල්ලම් බහින දියදහරාව ඇල්ලේ තුන්වන ඉසව්ව නිර්මාණය කරනවා. ඒ සියල්ලක් එක්ක එක්කාසු වෙන වැල් පාලම මෙහි සුන්දරත්වය තවත් දහස්ගුණයකින් වැඩි කරනවා. ඒ වගේම ස්වභාවිකව නිර්මාණය වුණු කවාකාර වතුර බේසම් වැනි ජල තටාක කාටත් ගේන්නේ පැහැරහරින්න බැරි තරමේ ඇරයුමක්. ආරාධනය කොයි හැටි වෙතත් මේ ඇල්ලේ දිය නෑම නම් යම්තාක් දුරට භයානකයි. මොකදඅනපේක්ෂිතව ඉහළ යන ජල මට්ටම බොහෝ දෙනෙක්ගේ ජීවිත පැහැරගෙන ගිහින් තියන බව මේ ඇල්ල සම්බන්ධව නොරහසක්. ඒත් ඕනම නම් විමසිල්ලෙන් නාන්න. හැබැයි පරිස්සමින්.
    වැඩි විස්තර ඔක්කමත් එක්ක බඹරකිරි ඇල්ලට නම ලැබුනේ කොහොමද කියන එකත් වැදගත්නේ. එක්තරා කාලයක දී මේ ඇල්ලඅවට පර්වතයේ බොහොමයක් බඹර වද දකින්න තිබුනලු. අන්න ඒ නිසාමලු මේ ඇල්ල බඹරකිරි වුණේ. එදා එහෙම උනත් අද නම්බඹර වද දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතිං ආරක්ෂිතව ඇවිත් යන්න පුළුවන්. කොහොම උනත් හාත්පස සිසිලබෙදමින් යන මේ සොඳුරු දිය දහරාවේ අක්මුල් හොයාන යන ගමනේදී අපට මුණ ගැහෙන්නේ නකල්ස් කදු වැටිය. විශේෂයෙන් මමහනුවර මාතලේ ප්‍රදේශවල පැතිර ඇති දුම්බර සීමාව හෙක්ටයාර් විසි දෙදහසක් පමණ. ඉතිං ඒ භූමි භාගය පුරාවට පැතිරිලාතියෙන සියලු ජල මූලාශ්‍ර ප්‍රධාන වර්ෂා කාලය විදියට ඊසාන දිග මෝසමත් එක්ක සක්‍රීය වෙනවා. ඒ නිසාම ඔක්තෝබර් සිටපෙබරවාරිය දක්වා කාලය ඇතුලත බඹරකිරි ඇල්ලත් සශ්‍රීකව දකින්න පුළුවන්. පහළ බොහෝ ගම්මානවල මිනිසුන්ගේ වගේමසත්ත්ව ප්‍රජාවගේත් ජල අවශ්‍යතාවයන් සපුරාලමින් හෙමීට ගලන් හැලෙන බඹරකිරි ජල දහරාව අනතුරුව අඹන් ගඟත් සමඟඑක්කාසු වෙන්නේ අවසානයක් විදියට මහවැලියට එකතු වෙන අරමුණින්.
    #riverston
    #srilanka
    #matale
    #excitedhours
    #bambarakirifalls
    #travel_vlogs
    #waterfallsinsrilanka
    #waterfalls
    #pitawalapathana
    #bestvisitingplacesinsrilanka
    #srilankantravel
    #travelvideos
    #waterfallphotography

ความคิดเห็น • 2