කතරගම දේව කරුණාව | කතරගම දෙවියන් මෙසේ වන්දනා කරමු |
ฝัง
- เผยแพร่เมื่อ 14 ม.ค. 2025
- උපත කඳ සුරිදුගේ මෙසේයා.....
***********************************
ඔන්න ආදරණීය දුවේ පුතේ .... ස්කන්ධ කුමාර හොවත් කඳ කුමරු හෙවත් කතරගම දෙවියෝ සහ කතරගම දේවාලය මේ දවස්වල වැඩිපුර කතාවෙන මාතෘකා අතර තියන හින්දා මම දරුවන්ට කතාවක් කියන්න හිතුවා.මේ ස්කන්ධ කුමාර දෙවියන්ගේ දේව උපත ගැන.
දරුවනි ඔය ප්‍රේමයට අධිපති දෙවියා ඒ කියන්නේ අනංගයා ඉන්නවා නේද මෙන්න මේ අනංගයාට ඔන උනා මහ දෙවිදු හෙවත් ඊශවර දෙවියන්ගෙන් වරමක් ඉල්ලන්න.
ඉතිං මේ වරම ගන්න හිතාගන අනංගයා වසර ගණනක් ඊශ්වර දෙවියන්ට බැලමෙහෙවර කරමින් ජීවත් උනා.උපවාස කලා භාවනා කලා අවසානෙදි ඊශ්වර දෙවියන් තීරණය කලා අනංගයාට වරම දෙන්න.
ඊශ්වර දෙවියන් අනංගයාට කිව්වා අවශ්‍ය දේ ඉල්ලන්න කියලා.අනංගයා ඉල්ලුවා ලොකේ බලවත්ම මන්ත්‍රය අතට මතුරලා කෙනෙකුගේ හිස මත අත තිබ්බොත් ඒ පුද්ගලයා දැවී අළු වී යන මන්ත්‍රයක් පොරොන්දුව පරිදි ඉල්ලුවා.ඊශ්වර දෙවියන් පොරොන්දුව පරිදි මේ මහා බලගතු මන්ත්‍රය අනංගයාට දුන්නා.මන්ත්‍රය ලබාගත්ත අනංගයා තමන්ගේ අතට මන්ත්‍රය මතුරලා ඊශ්වර දෙවියන් දෙසට හැරිලා මෙහෙම කිව්වා.
“ අවසර මහ දෙවියනි මේ මන්ත්‍රය සත්‍යයිද කියලා මට බලන්න ඕන දැන් මම ඔබ වහන්සේගේ හිසේ අත තබනවා“
මේක අහපු ඊශ්වර දෙවියන්ට හීන් දාඩිය දැම්මා හේතුව තමයි ඔහු දන්නවා මේ මන්ත්‍රයේ බලය අනංගයා අර මතුරපු අත තමන්ගේ ඔළුවේ තිබ්බොත් තමන් උවත් අළු දූවිලි වෙනවා කියන එක දන්නවා.කරන්න දෙයක් නැහැ මේ මෝඩයට දැන් මන්තරේ දීලා ඉවරයි.ඉතිං ඊශ්වර දෙවියන් මොකද කලේ තමන්ගේ ජීවිතේ ගලවාගන්න දුවන්න පටන් ගත්තා.
අනංගයත් ඇරියේ නැහැ වඩේ ඊශ්වර දෙවියන් පස්සෙන් පන්නන්න පටන්ගත්තා.දැන් ඉතිං මේ දෙන්නම දුවනවා.
ඔය අතරේ විශ්ණු දෙවියන් දකිනවා ඊශ්වර දෙවියන්ට මේ වෙලා තියන අකරතැබ්බේ විෂ්ණු දෙවියන් උපායක් යොදනවා මෝඩ අනංගයගෙන් ඊශ්වර බේරාගන්න.ඊශ්වරත් අනංගයත් දුවනව විෂ්ණු දෙවියන් විසින් මේ දෙදෙනා දුවන සීමාව අතරේ ලස්සන ලලනාවක් වේශයෙන් ඔන්චිල්ලාවක් පදිමින් පෙනී සිටියා.ඊශ්වර හබාගන ආව අනංගයා මේ ලස්සන කාන්තාව දැකලා නතර උනාඅනංගයා කෝමත් මනමාළයනේ .හරිම ලස්සන කාන්තාවක් අනංගයා මේ කාන්තාවත් එක්ක දැන් කතාව කතාව දුරදිග ගිහින් යාළුකමක් ඇති වෙලා ඒක ආදරයක් බවට පෙරලුනා.අවසානෙදි අනංගයා අර කාන්තාවට විවාහ යෝජනාවක් කරනවා .“ ඔය කොච්චර කිව්වත් මට පිරිමි විශ්වාස නැහැ ඔයා මට ඔයාගේ ඔළුවේ අත තියලා පොරොන්දු වෙන්න ඕනේ මට ඇත්තටම ආදරෙයි කියලා කිසිම දවසක මාව අමතක කරන්නේ නැහැ කියලා “ අර කාන්තාව අනංගයට කිව්වා
ගෑණූ මායම නිසා අනංගයට අමතක උනා තමන් අතට මන්ත්‍රය මතුරලා ඊශ්වරව මරන්න හබාගෙන ගිය බව අනංගයා “ අනේ සුන්දරිය මම පොරොන්දු වෙන්නම් දිවි ඇති තෙක් ඔබට හැමදාම ආදරෙන් ඉන්නවා ඔබව රැක ගන්නවා කියලා “ කියමින් අර මතුරපු අත ඔළුවේ ගසාගත්තලු දිව්රන්න. ඊශ්වරගේ මන්ත්‍ර බලය සනාථ කරමින් ක්ෂණයකින් අනංගයා දැවීලා අලු බවට පත් උනාලු.අන්න එදා ඉදන් තමයි අනංගයා හෙවත් කිසිම අංගයක් නැති මල්සරා බිහි වෙන්නේ....
ඔය අතරේ පණ බේරගන්න දුවපු ඊශ්වර හැරිලා බලුවලු අර සතුරා එනවද කියලා , නැහැ තමන් පස්සේ පන්නාගෙන ආපු අනංගයා නැහැ මොකද උනේ බලන්න ඊශ්වර සෙමින් සෙමින් අර මාවතේ ආපහු එන්න පටන් ගත්තා පුදුමයි ලස්සන කාන්තාවක් ඉන්නවා ඊශ්වරත් ටිකක් මනමාළයා නිසා ටික වෙලාවකින් මේ කාන්තාව සමග ආලෙන් බැදිලා විවාහ යෝජනාවක් කලා මේ වන විටත් ඊශ්වර විවාහකයි ඉතිං අර කාන්තාව ඊශ්වරට මෙහෙම කිව්වා “හොදයි මම කැමතියි ඔබ සගම විවාහ වෙන්න හැබැයි ඔයා ගෙදර ගිහින් බිරිඳගෙන් අහලා එන්න මාව ගෙදර එක්කන් එන්න කැමතිද කියලා“ ඊශ්වර ඒකට කැමති වෙලා ගෙදර ගියා බිරිඳ කැමති කරගෙන එන්න ඉතිං බිරිඳත් කැමති උනාලු.
හරි වැඩේ ඊශ්වර ආපහු එනකොට අර කාන්තාවට ළමයෙක් ලැබිලා.ඊට පස්සේ අර කාන්තාව කියනවා “ හොදයි එයා කලින් කැමති උනාට දැන් මට ළමයෙක් ඉන්නවා ඒනිසා ඔයා ගෙදර ගිහින් අහලා එන්න ළමයත් එක්කම මාව ගෙදර එක්කන් එන්න කැමතිද කියලා ඊශ්වර ආයෙත් ගෙදර දිව්වා හති දාගෙන ළමයත් එක්කම අර කාන්තාව ගේන්නද කියලා බිරිදගෙන් අහගෙන එන්න ඉතිං බිරිඳ කැමත්ත දුන්නලු .
හපොයි ඊලග වතාවේ එනකොට අර කාන්තාවට තව ළමයෙක් ලැබිලා ඊශ්වර ආයෙත් ගෙදර ගියා දරුවෝ දෙන්නෙක් එක්කම මේ කාන්තාව ගෙදර එක්කං එන්නද කියලා අහගෙන එන්න.ඔය විදිහට අර කාන්තාවට ළමයි පස් දෙනෙක්ම උපන්නා.ඊශ්වර ආයෙත් ගෙදර දිව්වලු බිරිඳගෙන් අහගෙන එන්න ඉතිං ඊශ්වරගේ බිරිඳට තේරුණාලු මේ නම් සාමාන්‍ය කාන්තාවක් නෙවෙයි කියන එක අවසාන වතාවෙදි ඊශ්වරගේ බිරිදත් ආවලු අර කාන්තාව ඉන්න තැනට ඒ එද්දි තවත් දරුවෙක් ලැබිලා දැන් ළමයි හයයි ඒ කියන්නේ කුමාරවරු හය දෙනයි.ඊශ්වරගේ බිරිඳ දැනගත්තලු මේ ඉන්නේ කාන්තාවක් නෙවෙයි විෂ්ණු දෙවියන් කියන එක.එහෙම දැනගෙන අර කුමාරවරු හය දෙනා දිහා බලලා “ අනේ මේ මොකද කුමාරවරු කන්දක්ම (ගොඩක්ම) කියලා අර කුමාරවරු හය දෙනාම දෑත ලංකරලා බදා ගත්තලු.ඊට පස්සේ අර කුමාරවරු හය දෙනාම එකට එකතු වෙලා මුහුණු සයකින් සහ අත් දොලසකින් යුත් අලුත් කුමාරයෙක් ඇති උනාලු.
කුමාරවරු කන්දකින් හැදිච්ච හින්දා මේ අලුත් කුමාරයාට හෙවත් දෙවියන්ට කුමාර කන්ද දෙවියෝ හෙවත් ස්කන්ද කුමාර විදිහට නම සැදුනාලු.පසු කාලීනව මේ ස්කන්ධ කුමාර දෙවියන් ලංකාවේ කතරගමට වැඩලා එහි වාසය කරන්න පටන්ගත්ත නිසා කතරගම දෙවියන් විදිහට හැදින්වූවා කියලා අපේ ජනශ්රැතියේ සදහන් වෙනවා.
#ධර්මනාලිකා #මුරුහන් #Muruhan #Katharagama
බොහෝම ස්තුතියි. ලස්සනයි❤
❤
🙏🙏🙏🙏
🌹🌹🥀🥀♥️♥️♥️🥀🥀🌹🌹