Creamy Chicken Rolls / සදුදා රෑට කන්න හදපු ක්‍රීම් චිකන් රෝල්ස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • I made creamy chicken rolls for dinner last night. It’s easy and delicious! Check out my video for the recipe. Hope you enjoy!
    මේ තියන්නේ ක්‍රීම් චිකන් රෝල් හදන විදිය.. හරිම රසයි. ක්‍රීම් චිකන් රෝල් වල පේස්ට් එක හදාගන්න ඕන දේවල් පහලින් ලියන්නම්..
    🔹කුකුල්මස් මිශ්‍රනේට ඕන දේවල් ටික මේ
    ▪️කටුනැති කුකුල්මස් මස් වලින් ග්‍රෑම් 350ක්
    ( මං ගත්තේ අඹරපු කුකුල්මස් එක)
    ▪️ලූනු ගෙඩියකින් භාගයක් චුටියට කපලා
    ▪️කැරට් ගෙඩියකින් භාගයක් කොටු හැඩේට කපලා
    ▪️ලීක්ස් ගහක් කොලපාට කොටස පොඩියට කපලා
    ▪️සුදුලූනු පේස්ට් එකෙන් තේහැදි 1
    ▪️ඉගුරු පේස්ට් එකෙන් තේහැදි 1
    ▪️ලුණුකුඩු තේහැදි 1
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1
    ▪️බටර් මේසහැදි එකහාමාරක්
    ▪️පාන්පිටි මේසහැදි එකහාමාරක්
    ▪️නැවුම් එලකිරි මේසහැදි 2 ක්
    මේ ක්‍රීම් චිකන් එක හදන විදිය මට කියලා දුන්නේ මගේ යාලුවා එරන්දී..
    🔹රෝල් ඔතන පෑන් කේක් මිශ්‍රණේ ට ඕන දේවල්
    ▪️පාන් පිටි කෝප්ප 1
    ▪️පාන් පිටි ගත්ත කෝප්පෙන්ම වතුර කෝප්ප 1
    ▪️බිත්තර 1
    ▪️ලුණුකුඩු තේහැදි 1
    ( මේ බැටර් එකෙන් රෝල්ස් 9 ක් 10 ක් හදන්න පුළුවන් )
    රෝල්ස් මේ සැරේ බිත්තර වල දවටන් නැතුව රෝල්ස් ඔතන පෑන් කේක් එක හදපු බැටර් එකේ දවටලා බ්‍රේඩ්ක්‍රම්බ්ස් වල දැවටුවේ.. ඊට පස්සේ ගැඹුරු තෙලේ බැද්දා..
    රෝල්ස් කල් තියාගන්න විදිය..
    රෝල්ස් හදලා බදින්නේ නැතුව හොදින් පියන වැහෙන භාජනේකට දාලා අධිශීතණයට දාන්න. අවශ්‍ය දවසට එලියට අරන් ගැබුරු තෙලේ බදින්න. අඩු ගින්නේ තෙල් රත් කරලා තෙල් හොදටම රත් වුනාම, රෝල්ස් තෙලට දාලා බදින්න එතකොට රෝල් එක ඇතුලේ මිශ්‍රණේත් හොදට රත් වෙනවා. වැඩි ගින්දරේ බැද්දොත් රෝල් ඇතුලේ කූල්ම විදියටම තිබිලා වටේ බැදෙන එක විතරයි වෙන්නේ. ඒ බැදපු රෝල්ස් ආපහු ෆ්‍රිජ් එකේ දාලා තෙලේ බැද බැද කන්න හොද නෑ. එදාම ඉවර කරන්න..
    ඔයාට එයාෆ්‍රයර් එකක් තියනවා නම් රෝල්ස් හදපු දවසේම ගැඹුරු තෙලේ බැදලා, හොදට නිවුනාට පස්සේ, ziplock බෑග් එකක දාලා අධිශීතණයට දාන්න. අවශ්‍ය වෙලාවට ඕන ප්‍රමාණේ විතරක් අරන් එයාෆ්‍රයර් එකට දාලා, 180 ට විනාඩි 10 ක් රත් කරගන්න. එවලේ බැදපුවා වගේ ක්‍රිස්පි විදියට තියනවා. මං දැන් කරන්නේ මේ ක්‍රමේ. මේ මට කියලා දුන්නේ රෝෂීණි කරුනාතිලක අක්කා..
    මං දන්න දේවල් ටික කිව්වා. මොනාහරි නොතෙරෙන දෙයක් තිබ්බොත් අහන්න.. ❤️
    ආදරෙන්,
    හෂී🌸

ความคิดเห็น • 84