ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔පරිප්පු රසට හදන්න හැමෝටම කලින් අපේ අම්මා කියාදුන්න රහස් Parippu curry (Dal curry) (ii) by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • මෙහෙම පරිප්පු කරියක් හදපු දවසම ගොඩ පියවරෙන් පියවර.
    Parippu curry recipe (ii) by Apé Amma
    Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Parippu curry

ความคิดเห็น • 19

  •  3 ปีที่แล้ว +49

    අපේ අම්මා චැනලයේ අවුරුදු කලින් වැංජන උයන විට ගොඩාක් රහස්, ටිපස් කියලා දීලා තියෙනවා. දැන් සමහර අපේ අම්මාට පහර ගසන තරුණ ළමයි ඒ රෙසිපීස්ම කරමින් අපේ අම්මා කියාදුන් රහස් හැමොටම කලින් ඔවුන් කියාදුන් බවට සදහන් කරමින් මිනිසුන් නොමග යවයි.මේ පිටුපස වෙනත් කණ්ඩායමක් ඇත.
    ඒ වගේම මේ වීඩියෝ එකේ ඔකේ කරලා නැති කමේන්ට් 3000කට වැඩිය තිබුනා. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා.
    ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ.
    හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @nadeeradhanushka-ib2em
    @nadeeradhanushka-ib2em ปีที่แล้ว +10

    මන් කෑම පැකට් විකුනන්නෙ මිස් ඒත් මට හොදටම උයන්න බෑ රසත් නෑ උයන ඒවා ඒත් අපෙ අම්මාගෙ චැනල් එක බලලා මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,❤ ගොඩාක් පින් මිස් නොදන්න අයට මේ වගෙ වැඩසටහනක් කරන එක නම්❤

  • @milakshi1321
    @milakshi1321 3 ปีที่แล้ว +30

    අපේ අම්මා ගේ කෑම හදන හැටි මම හැමදාම බලනවා දැන් මම ඉන්නේ රට කටට කෙල උනනවා හදන කොට මම ලංකාවට ගිහින් සේරම හදනවා කෑම අපේ අම්මා ට බුදුසරණයි දෙවි පිටයි

  • @alwissanthi5233
    @alwissanthi5233 4 ปีที่แล้ว +37

    නියමයි අපේ අමිමා අපි නොදන්නා දේ ගොඩාක්ම දැනුවත් උනා..ගොඩාක්ම ස්තුතිය
    තෙරුවන් සරනයි ...!!!

  •  3 ปีที่แล้ว +21

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @suchinimaduwanthi1081
    @suchinimaduwanthi1081 4 ปีที่แล้ว +33

    Man kema uyanna igena aththe oyagen amme.cake ekak kawadawath man hadala ne eth ape ammagen man ewa igena gaththa.dan mata puluwan.oyta godak pin hemadema therena vidiyata kiyala denawata.bs

  • @mashimashi5943
    @mashimashi5943 4 ปีที่แล้ว +22

    Mama ape ammage vidios walin godak dewal igena gatta thank you ape amma 😍😍

  • @roshig3894
    @roshig3894 4 ปีที่แล้ว +17

    Thank you for the recipe and for teaching us how to cook Ape amma

  • @ketobeliever2477
    @ketobeliever2477 4 ปีที่แล้ว +15

    පලවෙනි views එක මගෙන් .rasa paatai

  • @ishankaherath4691
    @ishankaherath4691 4 ปีที่แล้ว +17

    Wooow ape amma thanks rasa patai

  • @ZakiShorts_YT
    @ZakiShorts_YT 4 ปีที่แล้ว +20

    Niyamai amme... Oya uyana kema diha balan idala mata dan badagini...😋😋😋😋😋
    First comment

  • @dewindiimesha7702
    @dewindiimesha7702 4 ปีที่แล้ว +43

    Parippu eka dekkama badagini wedi una..

  • @nilusharanwala3140
    @nilusharanwala3140 3 ปีที่แล้ว +3

    naise

  • @wasanthajayakod6594
    @wasanthajayakod6594 4 ปีที่แล้ว +8

    Ape amma awurud 1ta adu babalata dena kama wargath hadanna keyala dennako.....

  • @isharavindhaya7097
    @isharavindhaya7097 4 ปีที่แล้ว +20

    E monada ape amma parippu kanna gaththa pan wage de....?

    •  4 ปีที่แล้ว +10

      video ekak dannam.

  • @piyalamarasinghe2601
    @piyalamarasinghe2601 3 ปีที่แล้ว +11

    ආදරණීය අපේ අම්මා එක චැනල් එකක් ඔබතුමියත් එක්ක එකට එක කරනවා නේද. අපිට පේනවා අපේ අම්මාට පහර ගහන්න ඒ චැනල් එක නරක වැඩ කරනවා කියලා. වැඩි කල් යන්න කලින් එයාට උත්තර හම්බුවෙයි.

  •  3 ปีที่แล้ว +13

    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
    රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html

  •  4 ปีที่แล้ว +31

    Parippu recipe by Ape Amma >> th-cam.com/video/3u8WBj-m8rw/w-d-xo.html
    ✔ අපේ අම්මාගේ පරිප්පු මැල්ලුම Parippu mallum (Dhal Mallum) by Apé Amma >> th-cam.com/video/tfQGq5YkTVE/w-d-xo.html