Ape Miss - දිනපතා දරුවාට බිත්තර දීම හා බිත්තර කවන හැටි | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • දරුවන්ට දිය හැකි පෝෂණීය ආහාර අතර
    “අඩු මිලට ඇති හොදම පෝෂණ මූලාශ්‍රය“
    ලෙස අර්ථ දක්වන්නේ බිත්තරයි.
    බිත්තර යනු දරුවන්ට බහුල ලෙස අසාත්මිකතා ඇති කළ හැකි ආහාර ගොන්න අතරට ගැනෙන ආහාරයක් බැවින් විවිධ රටවල බිත්තර දීම පිළිබඳ විවිධ මත පවතී.
    නමුත් ලංකාව ඇතුළු ව දකුණු ආසියානු රටවල දරුවන්ට බිත්තර මගින් අසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය අඩුයි.
    මේ නිසා අපේ රටේ දරුවන් ට මාස හයේ සිට බිත්තර දීම අනුමත කළ හැකියි.
    බිත්තර වල පවතින ප්‍රෝටීන දරුවාට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි ඇමයිනෝ අම්ල වලින් සරුයි මොලේ වර්ධනයට අවශ්‍ය සාධක බොහොමයක් බිත්තරවල අඩංගුය. එසේම විටමින් සී හැර අනික් සියලුම විටමින් වර්ග ඛනිජ ලවණ බොහෝමයකුත් බිත්තර වල අඩංගුයි.කැල්සියම් සහ යකඩ ද සැලකිය යුතු ප්‍රමාණවලින් බිත්තරවල අඩංගුයි.
    අමතර ආහාර දීමට පටන් ගත් ඕනෑම අවස්ථාවක පොඩිත්තන්ට බිත්තර දිය හැක.
    දරුවන්ට බිත්තර ලබාදීම පිළිබඳ මවක් දැන සිටිය යුතු සියලු කරුණු මෙම වීඩියෝවෙන් අපේ මිස් ඔබට ගෙන එයි.
    #apemiss #eggfood #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ...
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user...

ความคิดเห็น • 1.7K