සසර සැඩ පහරට හසු නොවී උඩුගම් බලා යාමට කලයුතු දේ _(අනුසෝත සූත්‍රය)_Ven Saranavimutti Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි ඇතුලත් අනුසෝත සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සදහම් දේශනාවකි. අනුසෝතගාමීත්වයෙන් මිදී පටිසෝතගාමී පුද්ගලයෙකු වන්නටත් පටිසෝතගාමීත්වයෙන් නිවන සාක්ෂාත් කරගැනීමටත් මෙම සදහම් දේශනාව ශ්‍රවණය කරන සියළු දෙනා හට ධර්මාවබෝධයක් ලබන්නටම ධර්මදානයක්ම වේවා...
    උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග TH-cam චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
    සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
    ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
    📧Gmail:
    vimuttimagga76@gmail.com
    ⚪Telegram channel:
    t.me/Asavakkhayonibbanan
    ⚪TH-cam channel:
    / @asavakkhayonibbanan
    #saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #niwandora #buddhist #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

ความคิดเห็น •