ප්‍රඥා විමුත්තිඵල උදාකරගැනීම_(ඵඨමචෙතොවිමුත්තිඵල සූත්‍රය)_Ven Attanagalle Saranavimutti Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මෙම සදහම් දේශනාව අඞ්ගුත්තරනිකායෙහි පඤ්චකනිපාතයෙහි අනාගතභය වග්ගයෙහි ඇතුලත් ඵඨමචෙතොවිමුත්තිඵල සූත්‍රය ඇසුරෙන් දේශනා වූ සදහම් දේශනාවකි. ප්‍රඥා විමුත්ති ඵල උදාකරගැනීම පිණිස බහුලව වැඩිය යුතු ධර්මයන් පස් දෙනෙකු පිළිබඳව විග්‍රහ වෙන මෙම ධර්ම දේශනාව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයෙකු හට ධර්මාවබෝධයක් ලබන්නට මෙම සදහම් දේශනය උපනිශ්‍රය වේවා ...
    පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත්තිඵලා ච හොන්ති චෙතොවිමුත්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොන්ති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච. කතමෙ පඤ්ච?
    ඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී, සබ්බලොකෙ අනභිරතසඤ්ඤී, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී, මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති.
    මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් භාවිත බහුලීකාත වූවාහු (මාර්‍ගඵලසමාධි සඞ්ඛ්‍යාත) චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද, (මාර්‍ගඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
    මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනාත්මානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණ සංඥාව තමා තුළ මනාව පිහිටියේ ම වෙයි.
    ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු : (චක්ඛු සූත්‍රය ඇසුරෙන් විග්‍රහ වූ සදහම් දේශනය) • ප්‍රඥා ඇසින් ලොව දකින ...
    උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග TH-cam චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
    සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
    ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
    📧Gmail:
    vimuttimagga76@gmail.com
    ⚪Telegram channel:
    t.me/Asavakkha...
    ⚪TH-cam channel:
    / @asavakkhayonibbanan
    #saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #lokoththaradharmadeshana #niwandora #pragnaudapadi #alokoudapadi #buddhist #niwanndakimu #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

ความคิดเห็น •