ඔබත් අධි සංවේදී ද..❤️🥺❤️ 💥 ඇසිය යුතුම කතාවක්💥💯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • අධි සංවේදී හිත් තියෙන ඔයාලා වෙනුවෙන්.. 🫀
    හැමදේ ගැනම ඕනෙවට වඩා සංවේදී වෙන එක ඇත්තටම මිනිහෙකුට ලැබෙන ආශිර්වාදයක් වගේම අනෙක් අතට ඒක ලොකුම ලොකු අභියෝගයක්..
    අධි සංවේදී හිත් තියෙන මිනිස්සු හැමවෙලේම වගේ තමන් ට වගේම අනිත් අයටත් මෙහෙම දැනෙනව ඇති කියන සිතුවිල්ලෙන් තීරණ ගන්නවා.. මේ අරුම පුදුම මිනිස්සු ජාතිය හැමවෙලේම ඇහුම්කන් දෙන්නෙ තමන් ගෙ හදවතට..
    පොඩි දේත් මහ ලොකුවට හිත හිත දුක් විඳින්න හරිම දක්ෂයි..
    වෙලාවකට මේ වගේ සංවේදී මිනිස්සු අනිත් අය ඉස්සරහ ගොඩක් වෙලාවට විහිලුවට ලක් වෙනවා
    සමහර වෙලාවට මිනිස්සු ඔයාව තේරුම් නොගන්න පුලුවන්. ඔයා ඕනෑවට වඩා හැමදේම හිතන එක විහිලුවක් විදිහට අනිත් අයට පේන්න පුලුවන් වගේම ඒක ඔයාට ගොඩක් වේදනාකාරියි.❤‍🩹
    ඇත්තටම මෙයාල හිතන්නෙ පොඩි ළමයි වගේ..
    එකම එක කාරුණික වචනයකින් මේ අයගෙ මනෝභාවය ඉහළ තලයකට ගේන්න හැකියාවක් තියෙනවා වගේම පොඩිම පොඩි පසුබෑමක් ලොකුම ලොකු දුකක් විදිහට දැනෙනවා
    මෙයාලට ලැබිලා තියෙන ලොකුම තෑග්ග.. 😊
    ඒ තමයි හැම දේම ගැඹුරින් දැනීමට තියෙන හැකියාව..
    හැමදේම ගැඹුරින් හිතන මෙයාලා ගොඩක් වෙලාවට අනිත් අයව තේරුම් ගන්න වගේම අනිත් අයව සනසන්න ගොඩක් දක්ෂයි..
    පරිසරයට ගොඩක් සංවේදී වෙලා තමන්ගෙ හැඟීම් තනියම පිට කරනවා. අවට ලෝකය ගැන අනිත් අය දකින්නෙ නැති ආකාරයකින් දැනෙනවා.
    ගොඩක් වෙලාවට තනිවීම ඇතුළෙ තමන්ගෙ සාමය සැනසීම හොයාගන්න උත්සහ කරනවා🕊️
    මේ හදවත් අදහන්න බැරි තරම් සංවේදීයි. ගොඩක් වෙලාවට තවත් කෙනෙක් සනසන්න කරන්න ඕනෙ හරිම දේ මෙයාලා දන්නවා.තමන් වටේ ඉන්න අනිත් අය ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වෙනව වගේම එය ලෝකයට වඩාත් අතවශ්‍ය දෙයක්. අනිත් අයට මග හැරෙන්න පුලුවන් දේවල් ගොඩක් මේ ඉන්ද්‍රජාලික මිනිස්සු දකිනවා වගේම නිහඬව කල්පනා කරන අවස්ථාවලදී තමන්ට බොහෝ විට සැනසීමක් ලැබෙනවා
    ඔයාටත් තියෙන්නෙ අධි සංවේදී හදවතක් නම් ඒක අගය කරන්න. ඔයාගේ සංවේදීතාව දුර්වලකමක් නෙමෙයි ශක්තියක්. ලෝකය පොහොසත් වන්නේ ඔබට ඉතා ගැඹුරින් දැනෙන ආකාරය නිසා. 😊
    ඉතිම් ඔයාටත් තියෙන්නෙ අධි සංවේදී හිතක් නම් 😇..
    දැනගන්න..
    මේ සංවේදී බව තමයි ඔයාගෙ ලොකුම ශක්තිය 💪
    Kavindya Wijesooriya ✍️
    #love #status #trend

ความคิดเห็น • 16