කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කර ගන්නේ ? How to Stop Procastination Forever!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ වැඩ කල්දැමීම ගැන. මම ගුරුවරයෙක් නිසා මම හොඳින්ම දන්නවා මේ කරුණ බොහෝ කෙනෙක්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් බව. හැබැයි, ලෝකයේ ඉතා සුළු පිරිසක් ඉන්නවා වැඩ කල් දැමීම කවදාවත් ප්‍රශ්නයක් නොවුණු. මොකක්ද මේ දෙපිරිස අතර වෙනස සහ මේ වෙනස්කම සිදු වීමට හේතු වන වැදගත් කරුණු මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරන්නම්.
    හැබැයි මේක Motivational වීඩියෝ එකක් නම් නෙමෙයි
    සාර්ථකව දැනුම උරාගැනීමේ ක්‍රමය : • ඕනෑම සංකීරණ දෙයක් පහසු...
    සාර්ථකව පාඩම් කිරීම : • පැය ගණනක් සාර්ථකව පාඩම...
    අඩු කාලයකදී විභාගයකට සුදානම් වීම : • ළඟ එන විභාගයක් සඳහා අඩ...

ความคิดเห็น • 2.3K

  • @chrishenperera
    @chrishenperera 3 หลายเดือนก่อน +1444

    මේ විඩියෝ එකත් පස්සෙ බලනවා කියලා හිතපු අය කී දෙනෙක් ඇතිද? 🥴

    • @chinthakaruwan1713
      @chinthakaruwan1713 3 หลายเดือนก่อน +14

      😂

    • @swarnasinghediddeniye648
      @swarnasinghediddeniye648 3 หลายเดือนก่อน +20

      මම

    • @malshikadeepthi61
      @malshikadeepthi61 3 หลายเดือนก่อน +45

      එහෙම ඊයෙ හිතල අද බලන ගමන්..🤣

    • @Aththa18
      @Aththa18 3 หลายเดือนก่อน +8

      මමවගේ ත්ව උන් ඔන්නවා

    • @Brie_Pie
      @Brie_Pie 3 หลายเดือนก่อน +9

      මමත් එහෙමයි.😢

  • @ratta
    @ratta 3 หลายเดือนก่อน +820

    හද්දෙයියනේ, මුල ඉඳං අගටම මං ගැනමයි කිව්වෙ 😖
    Cant thank you enough for this video ❤ ස්තුතීයි ❤❤❤

    • @Unseenworld-99
      @Unseenworld-99 3 หลายเดือนก่อน +16

      රැට්ටෝ😂

    • @DilshanWijerathne
      @DilshanWijerathne 3 หลายเดือนก่อน +16

      මේ මාසෙවත් පඩිය ඉතුරුකරගන්න බලන්න එහෙනම්😉💚

    • @Pissu__Kanna
      @Pissu__Kanna 3 หลายเดือนก่อน +40

      ලක් අප්පච්චි...😂

    • @blackbox6841
      @blackbox6841 3 หลายเดือนก่อน +1

    • @elitarantula2833
      @elitarantula2833 3 หลายเดือนก่อน +4

      Ah ape ratta mallith balala ❤

  • @jithmaaa
    @jithmaaa 2 หลายเดือนก่อน +563

    අද april 26 ජුනි 26 පහු උනාට පස්සේ මගේ මේ comment එක කවුරු හරි දැක්කොත් ඒකට like කරන්න..මන් මේ ක්‍රමෙන් archieve කරගත්ත දේවල් ගැන කියන්නම්....

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 หลายเดือนก่อน +16

    විස්වාස කරනවනම් විස්වාස කරන්න මන් මේ වීඩියෝ එක පස්සෙ බලනවා කියලා මාසයකට වැඩි කාලයක් watch later දාලා තිබ්බේ. ඉතින් මම කොහොම වැඩ කල්දානවද කියලා මටම හිතාගන්න පුලුවන්.
    මට දැන් තේරෙනවා මට නැත්තේ self discipline එක කියලා. මට භාහිර බලපෑමක් (deadline එකක්) නැත්තන් මට ඒ දේ කරගන්න බෑ. මන් university එකේ මේ වෙද්දි practical reports,assignments 100කට වඩා submit කරලා තීනවා. මන් ඒ එකක්වත් late submission කරේ නෑ. ඒත් මන් ඒ 95%ක් විතර submit කරේ deadline දවසේ. ඒකෙන්ම මට තේරෙනවා මොකක්ද ප්‍රශ්නේ කියලා.
    බලමු! Deadline එකක් නැතුවත් self discipline එකෙන් වැඩක් කලින් ඉවරකරන්න මන් මීට පස්සෙ try කරනවා. ඒක සාර්ථක වේවිද නැද්ද මම දන්නෙ නෑ. ඒත් සාර්ථක උනොත් ඒකට හේතුව මේ video එක. එහෙම මගේ වෙනසක් උනොත් මම කාලයක් ගිහින් ආයෙම මේ comment එකට reply එකක් දානවා.

    • @rwkwickramarathna
      @rwkwickramarathna 10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් danna

  • @thusharakumara152
    @thusharakumara152 หลายเดือนก่อน +26

    මේක තමයි මම මෙතෙක් යූටියුබ් එකේ බලපු වැදගත්ම video එක...

    • @rwkwickramarathna
      @rwkwickramarathna 10 วันที่ผ่านมา

      Chanel eke thiyena okkoma wadagath

  • @roshanmallawaarachchi4508
    @roshanmallawaarachchi4508 3 หลายเดือนก่อน +359

    ඇත්තටම කිව්වොත් සර් මේ වීඩියෝ එක බලල මට මන් ගැනම හිතිල ගොඩක් ඇඬුනා. මන් පොඩි කාලෙ ඉඳන් හැම දේකටම දක්ෂ කෙනෙක්. ඕන විෂයක් ඉගෙන ගනිද්දි ඒ මොහොතේ හිටපු අනිත් බොහෝ දෙනෙක්ට සාපේක්ශව ඉතා ඉක්මනින් ඒවා ග්‍රහනය කරගැනීමේ හැකියාවක් තිබ්බ කෙනෙක්. විභාග වලදි ඉහල ප්‍රතිපල ගත්තේ අනිත් අයට සාපේක්ශව ඉතා අඩු මහන්සියකින්. එහෙත් සර් කියන විදිහේ වැඩි දෙනෙක් වැඩ නොකරන පසුබිමක් සහිත විශ්ව විද්‍යාලයකට මගේ අවාසනාවකට යන්න සිද්ධ උනා වගේම ඊටත් නොදෙවෙනි ඊලඟ ලොකුම බාදකය වන ස්මාර් ට් ෆෝන් එකක් එහි පලමු වසර අවසානයේදීම මන් මිලදී ගත්තා. මේ වීඩියෝ එක බලල ජීවිතේ ආපස්සට කල්පනා කරද්දි මට වැරදුන තැන විදිහට මට තේරුනේ ඒක. එදා ඉඳන් අද වෙනකන්ම මගේ ජීවිතේ ලඟා කරගත්ත මට දැනෙන, මගේ මට දැනෙන හැකියාවන් වලට තරම් වන ජයක් ලැබිලාම නොමැති තරම්. ඒකට හේතුව ගැන හැම තිස්සෙම මන් කල්පනා කලත් ගොඩක් වෙලාවට මන් හිතුවෙ මේක මගේ අවාසනාව කියල. ඒත් ඇත්තම හේතුව තේරුම් ගියේ අද. ආරම්භයක් විදිහට මම මගේ ෆෝන් එකේ සියලු සමාජ ජාල නොටිෆිකේශන් ඕෆ් කලා. සමාජ ජාල වල සජෙස්ට්‍ කරන දේ වෙනුවට මට අවශ්‍ය දේ පමනක් හොයල බලන්න තීරණය කලා. සර් කියපු විදිහේ අර දරුණු හොරා විසින් මගෙන් උදුර ගත්ත හැම දේම පුලුවන් තරම් ඉක්මනින් අරගෙන ඉක්මනටම සර් ව හමුවෙන්න බලාපොරොත්තු වෙමි. ඔබට පින්

    • @champjanlyn8740
      @champjanlyn8740 3 หลายเดือนก่อน +2

      👍👍👍❤️❤️❤️

    • @yasirurathnayaka9995
      @yasirurathnayaka9995 3 หลายเดือนก่อน +2

    • @R1R1R511
      @R1R1R511 3 หลายเดือนก่อน +9

      ඒක මරු. හැබැයි හිතන්න එපා හොරා ඔයාට කීකරුයි කියලා.

    • @BSM5434
      @BSM5434 3 หลายเดือนก่อน +6

      mtth une okamayi 4n ekk hmaba unama🥺🥺

    • @user-ff5gc8sk2i
      @user-ff5gc8sk2i 3 หลายเดือนก่อน +3

      good luck 😁..oyt nthi wechch hmdema ikmnt labenna kiyl parthana krnv mm 😌

  • @darsanabandara3988
    @darsanabandara3988 3 หลายเดือนก่อน +39

    1.කෙටි කාලයේදී ලැබිය හැකි අඩු ප්‍රතිලාභයට වඩා දිගු කාලීනවල ලැබිය හැකි වැඩි ප්‍රතිලාභය ගැන සිතන්න.
    2.තමාගේ දිගු කාලීන ඉලක්කය කෙටිකාලීන අරමුණුවලට කඩා එම අරමුණු ඉටුකර ගැනීමට වෙහෙසෙන්න.
    3.තමාගේ ඉලක්කයන් සපුරා ගැනීමට වෙහෙසනවාට වඩා තමාගේ අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි තමාගේ පසුබිම සකස් කර ගැනීමට උත්සාහවන්ත වන්න. ( Thank you so much sir )

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 2 หลายเดือนก่อน +19

    සර්ට දීර්ඝායුෂ !
    වෛද්‍ය විද්‍යාලයට යන්න කාලයක් මහන්සි වෙලා වැඩ කරපු මම එක පාරටම මේ ඩිසිප්ලීන් නොමැති කම නිසා පුදුම විදිහට ඩවුන් වෙලා උන්නේ , ඒ ලෙවල්ස් වලට තව මාස හයයි ,මේ වීඩියෝ එකේ වටිනාකම මොනතරම්ද කියලා වැඩක් නෑ , හැමෝම සම්ප්‍රදායට motivation කියලා කරන දේවල්වල සයන්ස් එක සර් විතරයි හරියටම explain කරන්නේ ,සර්ට ගොඩක් ස්තූතියි ,

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 หลายเดือนก่อน +185

    මෙයා තමයි ලංකාවෙ ෆ්‍රැන්ක්ලින්...හැම පැත්තම touch කරල අපට වැදගත්වන හැම දෙයක්ම දෙනවා.

    • @nirashasaro1550
      @nirashasaro1550 หลายเดือนก่อน

      රාමුව th e wagee❤

  • @maheshmanjula387
    @maheshmanjula387 3 หลายเดือนก่อน +327

    මම ඔබ තුමාගෙන්ම බලාපොරොත්තු වෙච්ච වටිනා මාතෘකාවක්, ස්තුතියි ඔබ තුමාට ❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +91

      සතුටක් එය ගෙන ඒමට ලැබීම

    • @productiondilru
      @productiondilru 3 หลายเดือนก่อน +6

      Thank you si much sir!❤

  • @tharushacoc2330
    @tharushacoc2330 3 หลายเดือนก่อน +19

    අනෙ සර් මම al කරන්නෙ දවල් 12.30ට විතර නිදිමතක් එනව කෝපිත් බිව්වා...කාල නෙවේය් එන්නෙ...
    තව පාඩම් කරනකොට මනෝ පාරවල් ගහනව හිත එකතැනක තියා ගන්න බෑ පස්සෙ කලකිරෙනවා...
    මේවට අනිවාරෙන් වීඩොයෝ ඕන ❤

  • @danuwan777
    @danuwan777 หลายเดือนก่อน +9

    මට නං ජිවිතේ වෙනස් කරපු විඩ්යෝ එකක් වෙනවා අනිවාර්යයෙන් ..❤

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 3 หลายเดือนก่อน +254

    තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයට අලෝකයක් වීමට හැකි ඔබ වැනි මිනිසුන් මෙලෙස හෝ හමු වීම විශාල භාග්‍යයක්❤️

  • @insidejapan7599
    @insidejapan7599 3 หลายเดือนก่อน +65

    මගෙත් මූලික උපාදිය ගණිතය සම්බන්ද වුනත් රුචිර මහත්මයාගේ හැමදෙයක් ගැනම තියන නිරවුල් අවබෝධය සහ කෙනෙකුට එය අවබෝධ කරවන ක්‍රම වේදය විස්මය දනවන සුලුයි.මෙවනි ප්‍රසන්නව කෙනෙකුට යමක් ඒත්තු ගන්නවන කෙනෙක් මම දැක්කේ පලමු වතාවට.❤❤❤

  • @kavishkasandeepa8912
    @kavishkasandeepa8912 2 หลายเดือนก่อน +68

    කවුරු හරි මේකට like කරන්න. මට නැවත නැවත බලන්න ❤

  • @abhisadventures9498
    @abhisadventures9498 3 หลายเดือนก่อน +18

    මේකත් පස්සෙ බලනව කියල හිතුන. ඒත් දිගටම බැලුව. මම මේක 100 පාරක්හරි බලල වෙනස් වෙන්න හිතුව. 🙏 ස්තුතියි

  • @buddhichathurana7628
    @buddhichathurana7628 3 หลายเดือนก่อน +228

    උදේ You tube ආපු ගමන් ලැබුණු හොදම reward එක …

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +61

      :-), අහන්නත් සතුටුයි ඒ ගැන

    • @senashaveesha894
      @senashaveesha894 3 หลายเดือนก่อน +5

      ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් මමත් ඔය ප්‍රශ්නෙ ඉන්න කෙනෙක් මටත් හදාගන්න දේවල් ගොඩක් තියනවා මීට කලින් එහෙම දෙයක් දැන ගෙන හිටියෙ නෑනේ බොහෝම ස්තුතියි Sir.

    • @chamindachandral4944
      @chamindachandral4944 3 หลายเดือนก่อน +4

      Totally agree

    • @praneethmadujanaka6919
      @praneethmadujanaka6919 3 หลายเดือนก่อน +2

      බොහොම වැදගත්

  • @user-sy8ss6st4u
    @user-sy8ss6st4u 3 หลายเดือนก่อน +71

    මගේ ජීවිතයේ හැරවුමි ලක්ශයක් මේ vedio එක. ඉතාමත් වටිනවා .ඔබතුමාට ජය🎉🎉

  • @shanakasamarasekara8763
    @shanakasamarasekara8763 หลายเดือนก่อน +4

    මේ වීඩියෝව බලපු දවසේ ඉදලා වැඩක් කල් දාන්න හිතෙනකොටම සර් ව මතක් වෙනවා. එතකොට ඒ වැඩේ ඒ වෙලාවෙම කරනවා. ඇත්තටම ලොකු වෙනසක් මට මගේම දැනෙනවා. Motivation 1000 කින් කරන්න බැරි දෙයක් සර් මේකෙන් කරලා තියෙනවා. අපේ භාශාවෙන් කියනවා නම් සර් බොක්කටම දීලා තියෙනවා ❤ . මේ වීඩියෝව නම් මට මැරෙනකම් අමතක වෙන එකක් නැහැ. ගොඩක් පිං සර් 🙏🙏🙏

  • @Moonlight-pg9oo
    @Moonlight-pg9oo 2 หลายเดือนก่อน +27

    A/L 23(2024) ජනවාරි මාසේ න් පස්සේ මටත් phone එකත් එක්ක Constant distracting මට්ටම ට පත් උනා. මම හැමදාම video එකක් හෙව්වා මේකෙන් බේරෙන්න. motivation video තමා තිබ්බේ. අද තමා මට හොදට තේරුනේ. "Principles" ගැන මම වගේ vegetarians ලා පිළිබඳ උදාහරණය කියද්දී වඩාත් හොඳට තේරුණා. රුචිර කථිකාචාර්ය තුමාට ගොඩක් පින්... මේ වගේ වටිනා දෙයක් නොමිලේ පල කළාට. මටත් අවශ්‍ය ඔබතුමා වගේ වටිනා, උගත්, නැණවත් පුද්ගලයෙක් වීමටයි!

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 3 หลายเดือนก่อน +30

    මේක බැළුවට පස්සෙ ඔබේ ජීවිතය හොරකම් කරන්න ඉඩ දෙන්න එපා.
    මං හිතන්නෙ මේකෙ වැදගත් කම අවධාරණය කරන්න දියහැකි හොඳම කමෙන්ටුවක් ඒක.

  • @chandika3834
    @chandika3834 3 หลายเดือนก่อน +47

    ඇත්තටම රැචිර සර් වගේ උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට මේ රටම ගොඩක් ණයගැති සහ ස්තූතිවන්ත වෙන්න ඕන මේ වගේ වටිනා අමිල කරැණු කිසිදු වාණිජ පදනමකින් තොරව අපි වගේ මානසිකව දුප්පත් , අසරණ මිනිස්සුන්ට කියාදෙනවට, පැහැදිලි කරනවාට සහ හඳුන්වා දෙනවට ❤🙏🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 2 หลายเดือนก่อน +7

    ආසනීපව සිටියද අප සියලුම දෙනාම වෙනුවෙන් කල මේ කැපවීම අගයමි. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nimanthikulasinghe3983
    @nimanthikulasinghe3983 3 หลายเดือนก่อน +30

    YT එකේ මෙච්චර දිග වීඩියෝ එකක් distractions නැතුව බලපු පළවෙනි පාර. ස්තූතියි ඔබට... 🙏

  • @gotayimbara1185
    @gotayimbara1185 3 หลายเดือนก่อน +22

    සිරාවටම දැක්ක හොදම කථිකාචාර්යවරයා 🌝☠️💖🔥

  • @aminirwana6325
    @aminirwana6325 3 หลายเดือนก่อน +13

    Smart phone එක විසින් හිර කරගෙන ඉන්න බොහෝ දෙනෙකුට ගැලවීමේ ක්‍රමවේදයක් !
    වෙනදා වගේම ඉතාමත් ප්‍රායෝගික වටිනා පාඩමක් ගෙන ආ ඔබ තුමාට බොහොම ස්තූතියි ! තුමාටබොහො

  • @konara261
    @konara261 2 หลายเดือนก่อน +2

    අන්තිම තත්පරය දක්වාම බැලුවා. ඇත්තටම මට මේ ගැටලුව තිබ්බා. ආපස්සට හැරිලා බැලුවාම ජීවිතේ මට අහිමි උන් තරමක් රිවෝඩ්ස්, සාර්ථකත්වයන් අහිමි උනේ ඒ හින්දා.
    නමුත් ඒක ටික ටික තනිව හදාගන්න උත්සාහ කරා. හැමවෙලේම කාමරේට ගිහින් නිදාගන්න ගැටලුව තිබ්බා. මම කාමරේ අත් ඇරලා සාලෙට ඇවිත් පුටුවක නිදාගන්න පුරුදු උනා. ඒ ගමන් තියන ආර්ට් වර්ක්, ප්ලෑනින්, කම්පැනි එක වෙනුවෙන් කරන්න ඕන ඒවා ටික ටික ඔලුවට දාගෙන නිමා කරන්න පටන් ගත්තා. දැන් සෑහෙන්න දුරට ගැටලුව අඩුකරගෙන යනවා. ඒ ගමන් තියන තව දුර්වලතා වලට විසදුම් හොයන් යනවා. උදෙන්ම නැගිටලා මුලු ගේ වටේම මිදුල අතුගාන එක තමයි මේ දවස් වල මුලින්ම කරන වැඩේ.
    ඒ අතරේ මේක දැක්කේ. කලින් බැලුවා ඇම්බුෂ් එක.
    ඇත්තටම සර් මේ කරන දේ කලින් මට ලැබුනා නම් කියලා හිතුනා.
    ඇත්තටම සර් මට හම්බවෙලා කතා කරන්න තිබ්බා නම් හොඳයි කියලත් හිතෙනවා. බලමු. මම හිතනවා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා.
    ජයෙන් ජයම වේවා 🌞

  • @semiii2
    @semiii2 3 หลายเดือนก่อน +4

    සර් english හදාගන්න පුලුවන් විදිහේ content එකක් කරන්නකෝ writing , reading ,speaking skills හදාගන්න පුලුවන් විදිහේ ....♥️👌

  • @JohnRambo-mt5ue
    @JohnRambo-mt5ue 3 หลายเดือนก่อน +8

    මං ඊලඟ අවුරුද්දෙ ol කරනවා මෙතුමාගේ vedioවලින් මට තිබ්බ හැම ප්‍රශ්නෙටම එසැනින් පිළිතුරු ලැබුණා.
    මේ වගේ ඒවා ඉස්කෝලෙවත් කියලා දෙන්නෑ.
    මෙතුමා කරන්නේ විශාල සමාජ මෙහෙවරක්. බුදු සරණයි
    Professor

  • @user-gh6uv9ow6c
    @user-gh6uv9ow6c 3 หลายเดือนก่อน +25

    ඔබතුමාගේ video බලන එක විතරයි කල් දාන්න බැරි. ❤❤❤

  • @wajirakumara3644
    @wajirakumara3644 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා ඒ හැම වීඩියෝ එකකම ගන්න ගොඩාක් වැදගත් දේවල් තියෙනවා කියලා දන්නා නිසා මම ඒව නිසා මගේ ජීවිතේට එකතු කරගත්ත දේවලුත් තියෙනවා ඒ හැම දෙයක්ම වගේ ඉතාම වැදගත් මුළු ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රභල කාරණාවක් .බොහොම පිං ඔබතුමාට මේවා මෙහෙම සමාජයට පෙන්වලා දෙන එකට.ජය වේවා..

  • @user-mv1rl3ug2i
    @user-mv1rl3ug2i หลายเดือนก่อน +1

    ගුරුතුමණි ඔබට ගොඩාක් ස්තුති..! මේ මගේ ජීවිතය වෙනස් කරපු එක් වීඩියෝ එකක් වෙනවා ...❤

  • @3722fernando
    @3722fernando 3 หลายเดือนก่อน +58

    ඔබතුමාගේ Educational Journey එක සම්බන්ධ ව සවිස්තරාත්මක video එකක් ගේන්න පුළුවන් නම් මං හිතන්නේ ඉගෙන ගන්න බොහෝ දෙනෙක්ට හුගක් වැදගත් වේවි 😇 පොඩි අදහසක් විතරයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +17

      ස්තුත්යි ඔබට, ඉදිරියට කතා කරමු.

    • @DhanushaChaminda
      @DhanushaChaminda 3 หลายเดือนก่อน +8

      ඔව් සර් පුලුවන් නම් මේක පාසල් ලමයින්ගේ ඔලුවට යවන්න ක්‍රමයක් හදන්න...
      මේ රට හදන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ..
      මාත් පුලුවන් දේකින් උදව් වෙන්න කැමතියි..
      සර් පටන් ගත්තොත් ගොඩක් පොසිටිව් මිනිස්සු එකතු වෙයි මේක වටේට....
      😍

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 3 หลายเดือนก่อน +1

      Ow ihatha yojanawa ape rate
      daruwanta bohowatiwi mokada mata mathaka hetiyata obage mawath kudakala ahimiweethibunath
      piyage mana kepaweemath
      obage uthsahaya unanduwath
      nisa oba ada ugath ratehi suwisheshi thanathru darana
      ayeki
      Obage jeewith kathawa ketiyenho daruwanta denagenimata lebima yahapathak wewi
      obata sthuthi 👍👍🙏🙏🙏

  • @pawansandeepa4273
    @pawansandeepa4273 3 หลายเดือนก่อน +5

    ඒ දහදෙනා අතර මම අනිවාරෙන ඉන්නව. මේ video එක විතරක් නෙවේ අනිත් videoත් මම මගේ ජීවිතයට හොදින් ගත්ත. පින්තූර ඇසුරින් කියදීපු දර්ශන වාදයට අදාල රූප මම රාමු කරල බිත්තියෙත් ගහගත්ත.

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන දේ ගැන ඇත්තටම සතුටුයි..එකගයි..අද හුගක් අය කියන්නේ "වෙලාව මදි " කියලා ඕනෑම දේකට..ඒ අයට මේ කතාව අතිශය වැදගත්...ස්තූතියි..

  • @sandhyadamayanthi431
    @sandhyadamayanthi431 หลายเดือนก่อน +2

    මම university student කෙනෙක්. මම මේකේ Step 1 එකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන තියනවා AL කාලෙ. මම උදේ මගේ Phone එක Off කරලා ආයි on කරන්නෙ නිදාගන්න ලෑස්ති වෙලා. මම හිතනවා මම ඒකෙන් ප්‍රයෝජනයක් අරන් කියලා මොකද මම දැන් ලංකාවෙ ප්‍රමුඛ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉන්ජිනේරු සිසුවෙක්. ඒත් දැන් වැඩවර්ජනය ප්‍රශ්න නිසා ගෙදර ඉද්දි එක්ක phone එකෙන් බේරිලා Academic වැඩ කර ගන්නෙ අමාරුවෙන්. මේ video එකෙන් මම හිතනවා මන් හිතනවා මට ප්‍ර‍යෝජනයක් උනා කියලා. ස්තූතියි ඔබ තුමාට ❤️

  • @niroshanlakmal677
    @niroshanlakmal677 3 หลายเดือนก่อน +42

    අවුරුදු 25 ක් විතර කාලයක් තිස්සෙ හෙව්ව Content එකක්. ගොඩක් පින් රුචිර සර්.

    • @kavindum3546
      @kavindum3546 2 หลายเดือนก่อน

      Boruneh 😅

  • @chathuraedirisinghe5320
    @chathuraedirisinghe5320 3 หลายเดือนก่อน +40

    ඔබතුමා කියපු කාරනාව මම සල්ලි දීල ඉගන ගත්තා. ස්තුතියි ඔබ තුමාට නොමිලේ කියල දුන්නට හැමෝටම ❤

  • @Dimalka_Malshan
    @Dimalka_Malshan 3 หลายเดือนก่อน +1

    ස්තූති සර්❤ ලොකු වැඩකට මුලාරම්භය ගනිද්දිම මේ විඩියෝ එක හමුවුනා. වටිනාකම වචන වලින් කියන්න බෑ❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 หลายเดือนก่อน +1

    හැල්මේ යන ජීවිත සදහා කදිම ප්‍රායෝගික පාඩමක් . ස්තූතියි .අවසානය වෙනතුරු බැලුවා. ජීවිතයට එකතු කල යුතු සහ බැහැර කල යුතු දේ පිළිබඳ අදහසක් ආවා

  • @venushisooriyawanse7347
    @venushisooriyawanse7347 3 หลายเดือนก่อน +5

    සර් . විනාඩි 40 ක් තුළ දී ලබා දුන් අවවාදය මහා අනර්ඝයි . කිසිමදාක පොත පතකින් හෝ ගුරුවරයකුගෙන් දැන නොගත් දේ ඔබ තුමාගෙන් දැනගත්තමි . එය අත්විඳීමට මා කෙසේ හෝ අදිටන් කර ගත්තෙමි .හැමදාමත් යහපත් දේ සමාජයට දායාද තරන ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @user-ef1ws1uo8u
    @user-ef1ws1uo8u 3 หลายเดือนก่อน +176

    මේ කරුණු බුදු දහම තුල අමු අමුවේ කතා කරනවා හැබැයි ඔබතුමා කරුණු ගලෝල ප්‍රශ්නයට අදාලව මැනවින් ඉදිරිපත් කරනවා....හොයහොයා දගලන්න දෙයක් නෑ සියල්ල එක තැන 🙏🙏🙏🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +100

      ඔව්, විවධ සුත්‍ර වල මේ කරුණු සියල්ලම වගේ මට හමු වෙලා තියනවා. ලොකු සතුටක් දැනෙනවා ඒවා කියවනකොට

    • @hasithangakumara6928
      @hasithangakumara6928 3 หลายเดือนก่อน +3

      Supiri sir mara àdari thank you

    • @champjanlyn8740
      @champjanlyn8740 3 หลายเดือนก่อน +21

      මේ තරම් දාර්ශනික කරුණු අපිට තේරෙන්න ඉදිරිපත් කරන රුචිර සර්ට , බුදුහාමුදුරුවො දේශනා කල ජීවිතයට හරවත් කරුණු හා බෞද්ධයෙක් ලෙස බලාපොරොත්තු වන ඉලක්කය, උතුම් නිර්වානය මේ ජීවිත කාලෙදිම ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගෙ ප්‍රඥවට ඉතාමත් ගෝචර හා පහසු ඉලක්කයක් ලෙස මට ඔබේ video බලන කොට බොහෝ විට හිතෙනවා. ඒ සඳහා ඔබතුමාගෙ සිතයොමු වේවා!!!❤❤❤

    • @kasundhananjaya9980
      @kasundhananjaya9980 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @user-rz4le6hu7r
      @user-rz4le6hu7r 3 หลายเดือนก่อน +4

      බුද්ධ දර්ශනයෙන් දිසාගැන් වූ සර්ගේ ජීවිතය ඇසුරු කරන සැමට සැනසිල්ල ගෙන එයි.
      ජය වේවා!🙏

  • @ahinsabandara3590
    @ahinsabandara3590 2 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි සර් ! මේ වීඩියෝ එක මට දකින්න ලැබුනෙ තාමත් මගේ ජීවිතේට අවස්ථාවක් තියෙන නිසා කියලා මම විශ්වාස කරනවා!

  • @pazzjayz5279
    @pazzjayz5279 3 หลายเดือนก่อน +431

    කවුරුහරි මේකට like එකක් දාන්න මට පස්සෙ බලන්න මතක් වෙන්න

  • @anilliyanage1505
    @anilliyanage1505 3 หลายเดือนก่อน +41

    බොහෝම ස්තුතියි.
    අලසකම, procrastination= මාරයා.
    අප්පමාදො අමත පදං
    පමාදො මච්චුනො පදං
    අප්පමත්තා නමීයන්තී
    යෙ පමත්තා යථා මතා.
    වීර්යය ගැන බුදු දහමෙ හැමතැනම තියෙනවා.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 3 หลายเดือนก่อน +8

      මෙම වීඩියෝ එකේ සඳහන් වුන 'සමාජ අනුබලය' ට බුදු දහමේ කියන්නේ 'කල්‍යාණ මිත්‍ර සේවනය' කියල. ස්තුතියි.

    • @user-ef1ws1uo8u
      @user-ef1ws1uo8u 3 หลายเดือนก่อน +1

      බුදුදහම තුල වීර්‍යය තනියෙන් ඇල්ලුවොත් එක එපා වෙනවා...විනය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි...ඔය දෙකම එකට යන්නේ....ඒක මැනව්න් සර් කියනවා....එකක් විග්‍රකරල වැඩක් නෑ.....

  • @KnowledgeBank-kq6ic
    @KnowledgeBank-kq6ic 3 หลายเดือนก่อน +53

    බොහොම හරවත් කාලීන මාතෘකාවක්.මටත් තිබුණු ලොකුම ප්‍රශ්නෙකට උත්තර ලැබුණා.මම හිතන්නෙ සර් කියපු 10 දෙන අතර අනිවාර්යයෙන්ම මාත් ඉදී.ගොඩක් ස්තූතියි සර්❤ 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +20

      මට ලොකු සතුටක් එය ඔබ සාක්ෂාත් කර ගත්තොත්

  • @hemangawick1794
    @hemangawick1794 2 หลายเดือนก่อน

    supiri sir!!
    niyamai!!
    animation kisima deyak na!!
    Sir pahadili karana widihai ,inna background eka wenas wena ekenui patta release ekak danenawa
    ee wagema video eka eka digatama balanna hithenawa

  • @hansin.withanage3053
    @hansin.withanage3053 10 วันที่ผ่านมา

    මේ video එක බැලුවට පස්සේ මාත් කොච්චර වැඩ කල් දාන කෙනෙක් ද කියලා හිතුණා.අද ඉඳන් මාත් උත්සහා කරනවා වෙනස් වෙන්න!
    ඔබතුමාට ස්තූතියි❤
    අගෝස්තු මාසේ එන්නම් results අරගෙන😊

  • @jithmasenevirathne7215
    @jithmasenevirathne7215 3 หลายเดือนก่อน +7

    පුදුමාකාර හරයක් වටිනාකමක් තියනවා sir. නිදුක් නිරෝගී බවත් සමඟ දීර්ඝ ආයුෂ ඔබට 🙏

  • @maheshrathnayaka2929
    @maheshrathnayaka2929 3 หลายเดือนก่อน +67

    මේ වීඩියෝ එකේ නොටිෆිකේෂන් එක පිහදාලා මේක කල්දාන්නෙ නැතිව එකපාරින්ම බලන්න ගත්ත එක ගොඩක් වටිනවා ❤.
    ස්තූතියි ඇදුරුතුමනි

    • @maheshrathnayaka2929
      @maheshrathnayaka2929 3 หลายเดือนก่อน +5

      විනාඩි 40ක් කියන එක දුර ඉලක්කයක් වගේ පෙනුන නිසා මේක බැලුවේ 2x දාලා. ඔබතුමාගෙ කතා ශෛලියත් 2x දාලා අහන්න ලොකු බාධාවක් වුනේ නැහැ. ස්තූතියි මෙවැනි දැනුම යූටියුබ් පරිශීලකයන්ට ගෙනඑනවාට

    • @HasithaPerera-yf1gh
      @HasithaPerera-yf1gh 3 หลายเดือนก่อน +3

      දිගවැඩි නිසා බලන්න කම්මැලිකමේ ඉද්දි.කමෙන්ට් එක දැකලා මාත් 2x දාලා බැලුවා.

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน +4

      ​@maheshrathnayaka2929
      * 1.5 is best

  • @achinimadushani1189
    @achinimadushani1189 3 หลายเดือนก่อน +4

    ආම්මෝ මේක මට ම තමයි කියල තියෙන්නේ...
    දවස් 3ක් ගියා සම්පූර්ණ වීඩියෝ එක බලල ඉවර කරන්නම

  • @user-nh2bl9mi2p
    @user-nh2bl9mi2p 7 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට මෙවැනි වටිනා videos ගෙන එනවාට.ඔබතුමාට යහපතක්ම වේවා,නීරෝගී වේවා!!!

  • @piyumimadushika8948
    @piyumimadushika8948 3 หลายเดือนก่อน +13

    සර් තරුන දරුවො එක්ක වැඩ කරන නිසාමද මන්ද මේ මාතෘකාව ගැන මොන මොන videos බැලුවත් සර් අවශ්‍යම point එක කියනවා. ඇත්තටම කොච්චර දක්ශතා තිබ්බත්, බුද්දිය තිබ්බත් හැකියාව තිබ්බත් මේ කැත පුරුද්ද නිසා ජීවිතේ එක තැන නතර වෙලා වගේ දැනුනා. ගොඩාක් ස්තූතියි මේ video එක ගෙනාවට. සෑහැන කාලයක් තිස්සෙ බලන් හිටියෙ. සර්ට ගොඩක් ආදරෙයි.. මේ වගේ වටින video හැමදාම ගේන්න සර්.සර් කියපු කතාව සම්පූර්ණයෙන් ඇත්ත . කොච්චර video බැලුවත් අපේ හිත තමයි ප්‍රබල....දැහැමි බබාවත් ඉක්මනින් video එකකින් දකින්න ආසයි 😊

    • @sudarmakekulawela8418
      @sudarmakekulawela8418 3 หลายเดือนก่อน

      මල්ලි බබා දහම්වත් දකින්න ආසයි

  • @bluercdaegu6896
    @bluercdaegu6896 3 หลายเดือนก่อน +8

    ඉතාම වටිනා lecture එකක්
    මිල අදික මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවන දේශනයක් මෙහෙම නොමිලේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි. ස්තූතියි ඔබට සර්

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 7 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාට.මෙතෙක් බලන්න ලැබුන හොදම වීඩියෝව🙏☺️🥰

  • @N-Imafashion
    @N-Imafashion 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති ඔබතුමාට. මම මේ සැරේ ඒලෙවල් exam එක ලියන්න ඉන්න කෙනෙක් මේ කියල දීපුව ගොඩක් වටිනව ,
    තවත් මේ වගේ වටින v දාන්න සර්

  • @swarnasinghediddeniye648
    @swarnasinghediddeniye648 3 หลายเดือนก่อน +21

    ජේවිතේ කලකන්නි වෙලා තව තවත් කාලකන්නිවීගෙන යන අතරෙ මට මොලේ පාදා දීම ගැන ඔබ තුමාට බොහෝම ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

    • @sama-ol7ne
      @sama-ol7ne 2 หลายเดือนก่อน

      Oya Al student kenekd?

  • @user-xw9rw1nt9y
    @user-xw9rw1nt9y 3 หลายเดือนก่อน +5

    ඔබතුමන්ගේ education journey එකත් අපිට ගොඩක් වටිනවා.පුලුවන් නම් ඒ පිලිබඳව වීඩියෝ එකක් කරන්න .ඉල්ලීමක් කථිකාචාර්ය තුමනි

  • @thewildparadise5423
    @thewildparadise5423 2 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක් ..... මේ කියන දේවල් මේ විදිහටම වෙලා තියෙනව මට. බොහොම ස්තුති මේ දැනුම බෙදාගන්නවට.....🙏🙏

  • @KaushalyaRubasinghage-jl1sb
    @KaushalyaRubasinghage-jl1sb 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්... හුගක් වැදගත් ඉදිරිපත් කිරීමක්....❤ වෙනස් වෙන්න ඕනම කෙනෙකුට මේ වීඩියෝ එකත් ඇති 😊

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 3 หลายเดือนก่อน +10

    කවදාවත් දැකල නැහැ ඇත්තටම හැබැයි සර් මගේ ගුරුවරයෙක් හදවතේ❤

  • @THEREALFROSTY10
    @THEREALFROSTY10 3 หลายเดือนก่อน +4

    මම මුළු Video එකම බැලුවා. ඔබගේ අදහස සමඟ 99% එකඟ වෙනවා. ඇත්තටම ජීවිතයට වැදගත් සංකල්ප ගොඩක් ඇතුළත් එකක් . ඔබට ස්තුතිය පුද කරමි. 🎉❤

  • @RuwanthaWijesundara
    @RuwanthaWijesundara 3 หลายเดือนก่อน

    වටිනා මාතෘකාවක්, සහ හරිම ප්‍රායෝගික විදහට ඔබතුමා කියලා දුන්නා.
    බොහොම ස්තුතියි සර්. 😊❤

  • @dilshanhimantha2139
    @dilshanhimantha2139 29 วันที่ผ่านมา

    Super Informative and educational Video... Much appreciated Professor.!

  • @akilasachintha3900
    @akilasachintha3900 3 หลายเดือนก่อน +5

    වැඩ කල් දැමීම විනයක් නැති කම මාව ප්‍රශ්න රැසකට ආතතියට, මානසික පීඩනය ට පත්කරා.බෙහෙවින්ම ස්තූතියි මෙ උපදෙස් වලට sir.😊

  • @betterlifesl891
    @betterlifesl891 3 หลายเดือนก่อน +12

    තවම මේ වීඩියෝ එක බලන ගමන්, බලල ඉවර වෙන්නත් කලින් කියන්න හිතුනා "බොහොම ස්තූතියි ඔබතුමාට"

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +5

      ඔබතුමාටත් ස්තුත්යි, මේ වීඩියෝ එක බලනවාට

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුති යි මහත්තයා ඔබගේ අදහස් වලව මගේ ජීවිතය වගේම අනිත් අයටත් මාර ප්‍රයෝජනයක් වෙනවා අනිවාර්යයෙන් ම ඔබට ජය❤

  • @bhagyakarunathilake3824
    @bhagyakarunathilake3824 3 หลายเดือนก่อน +1

    Thanks a lot for the brilliant explanation! Gonna try my best to be that one out of ten.

  • @user-tg9xh6pb9r
    @user-tg9xh6pb9r 3 หลายเดือนก่อน +8

    වැඩ කල් දැමීම පිලිබදව මෙච්චර ගැබුරට in detail විදිහට ඉගෙන ගත්තේ අද , මේ දැනුම නම් මාර වටිනවා සර් , සර්ට පින් , ඒ 10 දෙන අතර අනිවරෙන් මත ඉන්නවා❤❤

  • @sampathrasika8946
    @sampathrasika8946 3 หลายเดือนก่อน +6

    සම්මා ආජීව.... ඔබ තුමා අන්තිමට කියපු .... හොද පුරුදු ප්‍රින්සිපල්,එකක් බවට පත් කරගන්නව කියන එකෙන් ඇත්තටම වෙන්නෙ ..ඒ දේ..

  • @geekysl5464
    @geekysl5464 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි සර්...
    මටත් මගේ personal goals මඟහැරිලා වගේ youtube shorts නිසා...
    මේ video එක ගොඩාක් වැදගත් මට මාව ආයෙත් හරි පාරට ගන්න ❤

  • @yds450
    @yds450 2 หลายเดือนก่อน

    Full vedio ekama baluwa sir godak watinwa... Sir puluwan nm English knowledge eka hada ganne khmd kiyala vedio danna...

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 3 หลายเดือนก่อน +15

    විඩියෝ එක දාල දවසක් වත් නැ හතලිස්දාහකටත් වඩාබලලා තියෙනව ..ඇත්තටම මාරම සතුටුයි මිනිස්සු ගෙ ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න අලුත් අලුත් දෙ දැනගන්න තියෙන ආසාව වැඩිවෙලා හරිම සංතෝසයි ඒ ගැන නම් සර්
    සර්ට ඒ තරමටම මිනිස්සු ආදරෙයි ❤❤❤
    සර්ට තුනුරුවගෙම පිහිටයි බුදුසරනයි❤❤❤

  • @user-mi5nd1zj2z
    @user-mi5nd1zj2z 3 หลายเดือนก่อน +6

    1.commitment devices (physical disconnection,environment enforcement,society enforcement)
    2.behavioural actuation(visual clues,one minute rule,habbit forming)
    3.priciples

  • @navindya9442
    @navindya9442 2 หลายเดือนก่อน

    මේකනං කියලා වැඩක් නෑ නියම වීඩියෝ එකක් ❤❤මමත් වෙනස් වෙන්නේ මේ වීඩියෝ එක නිසා 😊බොහොම ස්තූතියි ❤

  • @mgsenterprises1891
    @mgsenterprises1891 2 หลายเดือนก่อน

    මම වීඩියෝ එක ඔක්කොම බැලුවා . ඇත්තටම ජීවිතයට ගොඩාක් වැදගත් කරුණු තියෙන්නෙ. ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහන් කරනවට.🙏

  • @Brotattoo
    @Brotattoo 3 หลายเดือนก่อน +4

    මූල්‍ය විනය පිලිබදව ඔබතුමා video එකක් කරන්න ❤❤❤

  • @apevanijapanthiya6648
    @apevanijapanthiya6648 3 หลายเดือนก่อน +12

    රුචිර සර්, ඔබ තුමා මේ විශ්වයට ලැබුනු තෑග්ගක්... ඔබ බෙදන දැනුම අමිලයි. ඔබ ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි....

  • @samuddikagamage1743
    @samuddikagamage1743 2 หลายเดือนก่อน +1

    සර් මම 10 වසරේ ඉගෙන ගන්නෙ සර්ගෙ videos මගේ weaknesses හදාගන්න ගොඩක් වැදගත් , මං කැමති කවදහරි සර් වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න .ඒක මට හොඳ target එකක් කියලා මං හිතනවා .සර්ට ගොඩක් ස්තුතියි🙏❤❤

  • @chandi6066
    @chandi6066 19 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර් ජීවිතයට අලුත් දෙයක් එකතු කරාට දැහැමි දෝනිටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!!🙏🙏🙏🙏🙏

  • @Sithum631
    @Sithum631 3 หลายเดือนก่อน +95

    O/L වලට තව දවස් 14 ක් තියෙද්දි හම්බ වුණු මාරම වැදගත් විඩීයෝවක් ❤

    • @NilanthaPremasiri
      @NilanthaPremasiri 3 หลายเดือนก่อน +4

      මටත් මේක තම තියෙන ප්‍රශ්නෙ . දවසට පැය 15 ක් විතර වැඩ කරන්ට පුලුවන් උනත් වැඩ කල් දාන හින්දා පැය 10 ක් වගේ තම වැඩ කරන්නෙ. තව දවස් 15 O/l වලට තියෙන්නෙ .😢

    • @slwide7507
      @slwide7507 3 หลายเดือนก่อน +6

      මේ කාලේ කව්ද බන් O/L ෆේල් වෙන්නේ ?

    • @NOobBoT1237
      @NOobBoT1237 3 หลายเดือนก่อน +5

      O/l 😂ayyo.... Issellama davs 2 k vithara allala lesi sub. Tika iwara krpan. Agama. Helth. Owage ewa. Science math's nm past paper krpan.. Thaniyen gema gahapan aniwaren goda. Krpu nis kiynne

    • @romwij
      @romwij 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @GAGAASH
      @GAGAASH 3 หลายเดือนก่อน +2

      පාස් වේවා

  • @chamindagunasekara161
    @chamindagunasekara161 14 วันที่ผ่านมา

    ඔබතුමා හැමදාමත් වගේ ජීවිතේ වැරදුන තැන් හදාගන්න වැදගත් උපදෙස් ගොඩක් ලබා දුන්නා බොහොම ස්තූතියි .

  • @shehannjana
    @shehannjana 2 หลายเดือนก่อน

    ❤ සර්ගෙ හැම වීඩියෝ එකක් පුරාම 100% අපිට ඉගෙනගන්න වැදගත් දේවල් විතරමයි තියෙන්නේ ,මේක තමා මම එහෙම දැකපු එකම youtube චැනල් එක .🌟

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 3 หลายเดือนก่อน +22

    කොරියන් exam දෙවෙනි වටයට සෙට් වෙලා පාඩම් කරන්න ගනිද්දිම් වීඩියෝ එක් සෙට් උනා තැන්කියු සර් ❤

    • @AlaaSalmeen-sp2pc
      @AlaaSalmeen-sp2pc 3 หลายเดือนก่อน

      Math 2025 korean exam walara face jaranna thama inne dan kuweit inne padam karanna hithennema na welawa vedio eka dakke

    • @rasankadilshanshanilka8444
      @rasankadilshanshanilka8444 2 หลายเดือนก่อน +1

      Mamath koreyam exam aka liyanna padam karanna patan ganna hadaddi...Pera pinakata me videos tika dekka....oba tumata pin

    • @dinidusankalpa
      @dinidusankalpa หลายเดือนก่อน

      Good luck for the exam ❤️

  • @hasandibawanyajayawickrama3512
    @hasandibawanyajayawickrama3512 3 หลายเดือนก่อน +7

    හරිම වැදගත්.ජාතියෙ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පුතෙක් ඔබ.

  • @dilansenarathne6738
    @dilansenarathne6738 2 หลายเดือนก่อน +1

    වීඩියෝ එක බාගෙට බලල, කල් දදා තිබුන වැදගත් වැඩක් කරල, ආපහු වීඩියෝ එකේ ඉතුරු ටික බැලුව. තැන්ක්‍ යූ සර්

  • @channadeshapriya7544
    @channadeshapriya7544 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පින් සමාජය අවදි කරන්න පුලුවන් වැදගත් වීඩියෝ ගෙනඑනවාට🙏

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 3 หลายเดือนก่อน +21

    හරවත්ම පාඩමක්..ඔබතුමාගේ වීඩියෝ කාලීනයි..ප්‍රායෝගිකයි..වටිනවා අපිට...
    බොහොම ස්තූති ජේෂ්‍ය්ඨ කථිකාචාර්යතුමනි...❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +3

      බොහොම ස්තුත්යි

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 3 หลายเดือนก่อน +83

    අපේ අජන්ත සර් කියනවා ඔන්ලයින් ක්ලාස් යනවනම් ක්ලාස් යනව වගේ ඇදගෙන යන්න කියලා අද තමා තේරුණේ ඇයි කියලා

    • @SurprisedCricket-gl4wt
      @SurprisedCricket-gl4wt 3 หลายเดือนก่อน +2

    • @DailyD0seed
      @DailyD0seed 3 หลายเดือนก่อน +1

      Aja ❤

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 3 หลายเดือนก่อน +1

      හරියටම හරි.. නැත්නම් සමයි බැනියමයි ඇදන් ගියොත් ඒ environment එක නෑ..

    • @user-gu7su6rn3i
      @user-gu7su6rn3i 3 หลายเดือนก่อน +10

      කවුද යාලුවා අජන්ත සර් කියන්නේ,කවුරු උනත් හොඳ ව්ස්ලේෂනයක් සහිත දැන උගත් ගුරු උතුමෙක්

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 2 หลายเดือนก่อน +6

      @@user-gu7su6rn3i ප්‍රසිද්ධ සංයුක්ත ගණිත ගුරුවරයෙක්

  • @chinthanatharumal
    @chinthanatharumal 2 หลายเดือนก่อน

    බලාපොරොත්තුවෙන් ඉදපු ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුති ඔබතුමාට.

  • @photoshopstreet4679
    @photoshopstreet4679 หลายเดือนก่อน

    මේ කාරණාව අතිශය වැදගත්. ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට!!

  • @yashsats491
    @yashsats491 3 หลายเดือนก่อน +31

    සර් මම graduate teacher කෙනෙක්.. මට මෙතනින් එහාට යන්න බැරුව එක තැන පල් වෙවී ඉන්නේ මේ වැඩ කල් දාන ගතිය නිසා සහ මට මගේ වැඩක් කරගන්න කාලය මදි නිසා කියල හිතෙනවා.. මේව අඩු ගානෙ campus කාලේවත් අපිට කියා දෙන්න කෙනෙක් හිටියනම් අද මීට වඩා ඉස්සරහින් කියලා හිතෙනවා.. දැන් හරි අහන්න ලැබුණ එක ලොකූ දෙයක් ඉස්සරහට PGDE එක කරද්දී මේක වැදගත් වෙයි . ඔබ තුමාට බොහෝම ස්තූතියි .. ඒ වගේම පුංචි බබාලා එක්ක ගෙදර වැඩත් එක්ක කාන්තාවක් කොහොමද කාලය කළමණාකාරණය කරගෙන තමන්ගේ අභිවෘද්ධිය හදාගන්නේ ,ආස දේවල් ඉගන ගන්නේ ,ඒවට වෙලාව හදාගන්නේ කොහොමද කියලා හැකිනම් වීඩියෝ එකක් කරන්න... ඔබ තුමාට බොහෝම ස්තුතියි.. ❤🙏🙏🙏

    • @nadeerasenarathna4365
      @nadeerasenarathna4365 3 หลายเดือนก่อน +2

      මුලින්ම teaching වලින් අයින් වෙන්න 😊😊

    • @champjanlyn8740
      @champjanlyn8740 3 หลายเดือนก่อน +5

      රුචිර මහත්මයාගෙ video එකේ ඒකට උත්තරෙ තියෙනවා. අපේ වෘත්තීය ජීවිතේ deadline එකක් , higher qualifications නැති නිසා ඉහලට යන්න බැරිකම අපිට motivation එක කර ගන්න. පොඩි දරුවන් 2 ක් එක්ක ,MSc research එක ඇදිඇදි කර ගත්තෙ office වැඩ, ගෙදර වැඩ කරමින් ඒ ගොල්ලො නිදාගත්තටත් පස්සෙ. හැම දේකටම උත්තරයක් තියෙනවා.😊

    • @yashsats491
      @yashsats491 3 หลายเดือนก่อน

      @@champjanlyn8740 ස්තූතියි 🙏

    • @commathspec1295
      @commathspec1295 3 หลายเดือนก่อน +1

      great tdea.

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 3 หลายเดือนก่อน +24

    ඕනම කරපු වීඩියෝ එකක් මේ වෙලාවට ❤ මටත් මේ ප්‍රශ්නෙම තියෙනව . දැනුත් එහෙම්මමයි ❤ ස්තූතියි ❤❤❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 หลายเดือนก่อน +13

      සතුටක් මෙය වැදගත් උනොත් ඔබට

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara 3 หลายเดือนก่อน

      @@ScienceWithRuchira ❤️

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 3 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා video එකක්.
    මමද, යම් දුරකට මෙම තත්ත්වය තුල සිටිමි. ඉදිරියට යාමට මෙය උදව් වක් කරගනිමි. ස්තුතියි ඔබ තුමාට.❤❤🙏

  • @captainlanka3774
    @captainlanka3774 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ මට දකින්න හම්බුන වටිනම වීඩියෝ එකක්... ඔබ තුමාට බොහොම පින්❤❤❤

  • @srigemunu44
    @srigemunu44 3 หลายเดือนก่อน +12

    ඔබතුමා සමග 100%ක් එගහයි වගේම මේ සියල්ල ප්‍රත්‍යක්ෂයි.❤💯

  • @DL12323
    @DL12323 3 หลายเดือนก่อน +3

    ඔබ තුමා කියපු කතාව ඇත්ත, වැඩ කල් දාන්න ගත්තම target achieve කරන එකත් කල් යනවා, එහෙම උනාම කාලෙ අපරාදෙ , ගොඩාක් ස්තුතියි ඔබතුමාට මේ කරුණු පිලිබදව අපිට පැහැදිලි කරලා දුන්නාට😊

  • @chamikarajayakody8766
    @chamikarajayakody8766 2 หลายเดือนก่อน

    I have watched so many videos about this topic and read a lot. But this is the Most Impactful out of all. Well done. බොහොම පින්

  • @anup8005
    @anup8005 2 หลายเดือนก่อน

    සර් කියපු හැම දේටම එකගයි. සර් කිව්වා වගේ ඉදිරියට යන හොද සමාජයක් තියෙන තැනක් සර්ගෙ youtube channel එක ❤

  • @ShanDasanayake
    @ShanDasanayake 3 หลายเดือนก่อน +8

    මම සර්ව subscribe කරනකොට චැනල් එකේ 500ක් වත් හිටියෙනෑ.. නමුත් දැං හොද ශ්‍රාවක පිරිසක් ඉන්නවා.. ඒක සතුටක්. පුලුවන් හැම වෙලාවකම මම විඩියෝ එකක් බලනවට වඩා අහනවා. වෙන වැඩක් කරනගමන්... තව තවත් දැනගන්න ඕන දෙයක්නම් ආය පස්සට අරං වැඩේ නවත්තලා අහනවා. සර්ට ජය.. 🙏🙏🙏

    • @Shivanthi6
      @Shivanthi6 3 หลายเดือนก่อน

      Me too. I listen. Once in a while, I watch due to my busy lifestyle.