loka kantha dinaya 2022 සැමියන් නිසා බිරින්දෑවරුන්ට වෙනදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    ඔවුන්ගේ ලිපිනය කේ .ඩබ්ලිව් .අමාලි සඳ්යා ඩයස් පහලගම, පලාගල,කලාවැව , ඇයගේ නමට ඇති ලංකා බැංකුවේ ගල්නෑව ශාඛාවේ ගිණුම් අංකය 72328142 දුරකථන අංකය 0711324331
    2022.03.07
    ආදරය කොට අතහැර දමා යන බිරින්දෑවරුන්ට සිදුවන සමාජ හිරිහැර පිළිබඳව බොහෝ කතා පුවත් වාර්තාාර්තා වුවද එවැනි කාන්තාවන්ට සරණක් වන්නට කිසිදු අයකුගේ අවධානයක් නොමැති බව ලෝක කාන්තා දිනය සමරන අද වන් දිනක ලොවටම කියාපාන අපූරු කතා පුවතක් අපට කලාවැව ප්රදේශයෙන් වාර්තා විය.
    මුළුමහත් සමාජයක රැකවරණයට සිටින ආදරණීය සැමියා දරුවන් සමඟ බිරිඳ හැරදා යන අවස්ථා ඕනෑ තරම් හමුවේ එහිදී ඇයට සිදුවන අනේක දුක් කම්කටුලු සමාජ විරෝධී තත්වය හමුවේ නොසැලී ඉන්න සමාජයේ කිසිදු ඉඩක් නොමැති වකවානුවක සමාජයෙන් වසන්ව දියණියන් තිදෙනකු සමග කුසගින්නේ සිටින මෙම අපූරු කාන්තාව නමින් කේ .ඩබ්ලිව් .අමාලි සන්ධ්යා ඩයස් වෙයි . 36 හැවිරිදි ඇය තිදරු මවකි
    පහලගම, පලාගල,කලාවැව යන ලිපිනයේ පදිංචි ඇය පාසල් වියේ පසුවන දියණියන් තිදෙනා ත් ඇවිද ගැනීමට නොහැකිව සිටින සිය මවත් ජීවත් කර කරවන්නට දැඩි උත්සාහයක නිරතවන වන්නීය
    දිනකට එක වේලක් ආහාර ගෙන දරු තිදෙනා ගේ අධ්යාපනය වෙනුවෙන් උදේ දිවා රාත්රී වෙහෙසෙන අමාලි අපූරු හෙළිදරව්වක් කළේ සමස්ත කාන්තා සමාජයට සිදුවන සමාජ අසාධාරණය පිළිබඳවය .
    යන්තමින් වයස අවුරුදු දාහතරක් පහළොවක් පමණ වෙද්දී අමාලි ගේ පියා මව බරපතළ රෝගී තත්ත්වයට පත්වීමෙන් පසුව ව්යාජ හැදුනුම්පතක් සහ උප්පැන්න සහතික සකසා කොලොම්පුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යන්නේ දෙමාපියන් ජීවත් කරවීම සඳහා ය.
    ළමා වයසේ සිටම ඇය මුළු පවුලේ බර කරට ගත්තාය . එවැනි වකවානුවක් පසුවෙද්දී කොළඹ ප්රදේශයේ තරුණයෙකු සමග සබඳකමක් පවත්වා එම ආදරය විවාහයක් බවට පෙරළී තිබේ
    අනුරාධපුර දිස්ත්රික්කයේ තම මව පියා සිටින නිවෙසට මෙම සැමියා ද සමඟ පදිංචියට පැමිණ ඇය සැමියා දෙමව්පියන් දරුවනුත් ජීවත් කරවීමේ බර කරට ගත්තාය
    දරුවන් තිදෙනෙකු ලැබීමෙන් පසු ඇය ආදරය කළ සැමියා සියලු දෙනා හැර ගිය බව ඇය කියයි .කුඩා කාලයේ සිට ඇස් දෙක මෙන් රැකගෙන සිටි මව පියා අතරින් මව සහ ඇය තනිකොට පියාද අවසන් ගමන් ගොස් තිබේ
    ඇවිද ගැනීමට නොහැකි මවත් වයස අවුරුදු 13, 9 , හා 06 වියේ පසුවන දියණියන් තිදෙනා මේ වනව විට සමාජයේ විවිධ කරදර හිරිහැර වලට ලක්වෙමින් සිටින බව ඇය පැවසුවාය
    කාන්තාවකට සැමියා අහිමි වූ විට සිදුවන මහා විනාසයක් පිළිබඳව ඇය කියා සිටින්නේ කුමන හෝ උදව්වක් ඉල්ලා ගැනීම්ට ගිය ද අවසානයේදී ඇය ගෙන් බලාපොරොත්තු වන්නේ වෙනත් දෙයක් බව තමන්ගේ ජීවිතයේ ලද අමිහිරි අත්දැකීම් තම දියණියන් තිදෙනාට අත්විඳීම්ට කිසිසේත් ඉඩ ලබා නොදීමට ඇය සමස්ත සමාජයෙන් ඉල්ලා සිටින්නේ ලෝක කාන්තා දිනයේ මෙවැනි කාන්තාවන් වැන්දබුවන් සමාජයේ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන ලෙසය.
    දරුවන්ගේ පාසල් අධ්යාපනය ඉතාමත් හොඳ මට්ටමකින් පවතින බවත් එහෙත් ආර්ථික දුෂ්කරතාවයන් නිසා ඔවුන්ගේ අධ්යාපන කටයුතු පවා අතරමග නැවතීමේ අවදානමක් පවතින බව දරුවන්ට අධ්යාපනය ලබාදෙන ගුරුවරිය අප සමඟ පැවසුවාය
    ඔවුන්ගේ ලිපිනය කේ .ඩබ්ලිව් .අමාලි සඳ්යා ඩයස් පහලගම, පලාගල,කලාවැව , ඇයගේ නමට ඇති ලංකා බැංකුවේ ගල්නෑව ශාඛාවේ ගිණුම් අංකය 72328142 දුරකථන අංකය 0711324331

ความคิดเห็น •