කලුපහන දියඇලි සොයා 👣👣/ ලන්කා ඇල්ල / Upper Babarakanda Camping 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2022
  • it
    Bambarakanda Falls (also known as Bambarakele Falls) is the tallest waterfall in Sri Lanka. With a height of 263 m (863 ft),[1] it ranks as the 461st highest waterfall in the world.[2] Situated in Kalupahana in the Badulla District, this waterfall is 5 km away from the A4 Highway. The waterfall was formed by Kuda Oya, which is a tributary of the Walawe River. The Bambarakanda Falls can be found in a forest in a pine trees. - wikipedia
    මේ ගමන යමු කියලා මුලින්ම idea එක දැම්මේ
    ඉතින් අපි පුරුදු විදියට plan කරලා budget හදාලා කෑම එහෙම අරන් පැක් කරගෙන පාන්දරම කොටුවට ගියා. කොටුවට යද්දී තමා හික් ගෑවුනේ.. පට්ට සෙනග... 😥 කොහොමහරි අපි ctb බස් ස්ටෑන්ඩ් එකට යද්දි ගිය මාසේ අපිව පාරේ රස්තියාදු කරවපු බිබිල කොළඹ බස් එක තියෙනවා බැබලි බැබලි ඊළග turn එකට යන්න. කරන්න දෙයක් නැති කමට ඒකෙම ඉදගත්තා 😂
    රත්නපුර කිට්ටු කරලා එයාට පුරුදු විදියටම බස් එකේ රෝදෙක හුලන් ගිහින් 😂😂 එතනත් පැයක් වගේ ඉවරයි. වාසනාව බන්.. 😂 හරි අපි කලුපහන පාළම ලගින් බහිද්දි උදේ 11ට වගේ ඇති. ශ්‍රී නදී හෝටලෙන් අපි කෑම පාර්සල් හදාගෙන කලුපහන බඹරකන්ද පාර ලගට ගියා.. කෑමනම් රසයි 😍 380 /= .. බඹරකන්ද ඇල්ලට කලුපහනේ ඉදලා 5km තියෙනවා ... පයින් ගියොත් වෙලාව යන නිසා වීල් එකක් කතා කරගත්තා. ඇල්ල ලගට 1000/=
    අපේ idea එක පළවෙනි දවසේ බඹරකන්ද ඇල්ල බලලා , ලන්කා ඇල්ලට ගිහින් කාලා යහලතැන්න ඇල්ලට යන්න... ඉතින් ticket එක 30/= .. හැබැයි counter එකෙන් කිව්වෙනම් යහලතැන්න යනවානම් ගමේ කෙනෙක්ව එක්ක යන්න කියලා. වීල් එකේ ඉද්දිත් කිව්වේ කැලේට දිවියා එනවා එක නිසා යහලතැන්න යනවානම් පරිස්සමෙන් කියලා. කොහොමහරී බඹරකන්ද ඇල්ල බලලා අපි ලන්කා ඇල්ලට පිටත් වුනා. බඹරකන්ද ඇල්ලට යද්දී උඩම හම්බෙන පොදු වැසිකිළිය ලගින් වමට හැරුනාම ලන්කා ඇල්ලට යන අඩි පාර තියෙනවා. හැබැයි ඒ පැත්ත අන්තාරාදායක ඇතුලුවීම තහනම් පැත්තක්..
    බඹරකන්ද ඇල්ලේ ඉදලා 1.5 km වගේ යද්දී ලන්කා ඇල්ලට යන්න පුලුවන්. මගදි අඩි පාරේ වමට පල්ලෙහාට ගියොත් ලන්කා ඇල්ල. දකුණට ගියොත් ලන්කා ඇල්ල උඩ කොටස , ඒ වගේම යහලතැන්න පාර..
    අපි ලන්කා ඇල්ල ලග අපේ බත් ලිහන් කෑවා. බලු යාලුවෙකුත් අපිට සෙට් වුනානේ.. ❤️ බත් කාලා ඒ ලස්සන දිහා බලාගෙන පැය දෙකක් විතර එතන ඉන්න ඇති. ඊටපස්සේ වතුර පුරෝගෙන උඩට එන්න පටන් ගත්තා. Camp කරන්න වැලි වන්ගුවට යනවද බඹරකන්ද උඩට යනවද කියලා අපි හිත හිත ඉද්දී අන්තිමට බඹරකන්ද උඩට යන්න තීරණය කරා... 😍 ඉතින් ආපස්සට ඇවිදගෙන යද්දී තියෙන ෆයිනස් කැලෙන් උඩට ගියාම බඹරකන්ද උඩට යන්න පුලුවන්. හැබැයි හරිම බයහිතෙන ගමනක්.. මොකද ෆියිනස් ලිස්සනවා.. ජැක්සන්ගේ moon walk එක දාදා වැටි වැටි උඩට ගියා 😂😂 .
    උඩට ගියාම ඒකනම් පිස්සුවක්.. 😍😍 ඈතින් වන්ගෙඩිගල .. ඒ වගේම ලස්සන බඹරකන්ද උඩ දියඇල්ල.. අපි එතනට යද්දි 4 වගේ ඇති. අපි camp එක setup කරලා කෝපි එකක් හදන්න පටන් ගත්තා. සබරේ ,තමා අපේ කුක්.. 😂 අයිස් වගේ වතුරේ නාන එකනම් 😍 මරු... නාලා මුරුක්කු පැකට් එකකුත් අරන් දියඇල්ල වැටෙන තැනට ගීහින් කන ගමන් ලස්සනට ඉර බැහැලා යන හැටි බලන් හිටියා.. 😍😍 ඒක ලස්සනම චිත්‍රයක් ❤️
    තව set 3 වගේ හවස් වෙද්දී ආවා... අපි සද්ද වහලා පාඩුවේ රෑ කෑමත් හදන්න ගත්තා. Koththu mee / sausages තමා ඉතින් කෑම. කාලාරෑට කූඩාරම එක්ක photo ගහන එක තමා ඉතින් තිබ්බ එකම වැඩේ.. 😂 සින්දුවක් දාගෙන ඉදලා එහෙමම අපි නින්දට ගියා. දියඇල්ලේ සද්දේ නිසා අපිට හිතුනේ නිදාගෙන ඉද්දී වහිනවා කියලා.. 😂 එකපාරක් ඇහැරිලා කුඩාරමත් අල්ලලා බලනවා වතුර ඇතුලට එනවද කියලා 😂😂😂 පස්සේ මීටර් උනේ වහිනවා නෙමේ දියඇල්ලේ සද්දේ කියලා.... කොහොමහරි උදේ 5.45 වෙද්දී අපි නැගිට්ටා.. sun rise එකක්නම් චූට්ටක් අමාරුයි මෙතන බලන්න. මොකද ඉර devils staircase පැත්තේ කදු වලට cover වෙලා තමා උඩට නැගෙන්නේ. එකනිසා ඉර හොදටන අපිට පේන්න පටන් ගනිද්දී වටේම එළිය වැටිලා ඉවරයි. හැබැයි වටේම තැඹිලී පාටට මාරම ලස්සනයි.
    කෝපි එකක් බීලා 6.30 වෙද්දී අපි බඹරකන්ද මුදුනින් පිටත් උනා පල්ලෙහාට යන්න. මොකද කලින් ගෙදර යන්න එපැයි sl vs pak final එක බලන්න 😂.. ගොඩක් ප්‍රසිද්ධ බඹරකන්ද ඇල්ලේ view point එකටත් යන ගමන් ඔලුවා දැම්මා.. හැබැයි එතනට නොයා ඉන්නවනම් තමා හොද. චූටු උලක් වගේ තැනක් ඒක.. ලිස්සුවොත් කෑලි එකතු කරන්න වෙන්නේ සවලින් තමා.. 😥
    එතන ඉදලා අපි ආපහු කෙලින්ම ගියේ ලන්කා ඇල්ලේ උඩ කොටසට... එතන අපි බෑග් තියලා උදේ කෑම ලෑස්ති කරන්න හැදුවේ කන්න.. සබරේ කෑම ලෑස්ති කරනකන් අපි ගියා වටේ පොඩ්ඩක් ඇවිදින්න .. ලන්කා ඇල්ල පහලට වැටෙන තැනටත් ගිහින් ඔලුව දාලා ආවා. වම්පැත්තෙන් මුලු වන්ගෙඩිගලම පේනවා... ඔහොම අපි කෑම කලා එතන තියෙන ගලන් උඩට නැගලා බලද්ද ඈතින් චූටියට දකුනු පැත්ත්ට වෙන්න දියඇල්ලක් දකින්න ලැබුනා.. මන් හිතන්නේ ඒ යහලතැන්න වෙන්න ඕන.... කොහොමහරි එතනින් පිටත් වෙලා 10.30 වගේ වෙද්දි අපි ගමන පටන් ගත්තු බඹරකන්ද ඇල්ල පිවිසුම ලග... ආපහු 5 km ඇවිදගෙන යන්න තියෙනවා නේද කියලා හිත හිත ඇවිදගෙන අපි පහලට යද්දී දියඇල්ල බලන්න car එකක ආපු අයියෙකුයි අක්කෙකුයි " මල්ලිලා යනවානම් නගින්න පාරෙන් දාන්නම් " කියලා අපිව කලුපහන හන්දියේන් දාල ගියා.. තැන්කූ හොදේ ❤️❤️❤️❤️.. කොහොමහරි කලුපහන පාලම යටින් නාලා පාරට ඉද්දිම කොළඹ බස් එක එතන.. බස් ගාස්තුනම් සෑහෙන සැරයි. ඩ්‍රයිවර් අයියට පින්සිද්ද වෙන්න කොල්ලෝ සෙට් එක 4.30 වෙද්දී ගෙදර 🤭❤️

ความคิดเห็น • 31

  • @chamz26
    @chamz26 ปีที่แล้ว +1

    Marama lassanai video eke, dn thama nidahasak labune niwi sanasille balanne

  • @natznkeys2704
    @natznkeys2704 ปีที่แล้ว

    ❤️

  • @dennaekka
    @dennaekka ปีที่แล้ว

    ලස්සන වීඩීයෝ එකක් ජයවේවා ❤❤❤

  • @yamu6513
    @yamu6513 ปีที่แล้ว

    සුපිරි ❤️👣🌱

  • @jayanthahewavitharana624
    @jayanthahewavitharana624 ปีที่แล้ว

    Oya sweet ane

  • @chirathpasindu6361
    @chirathpasindu6361 ปีที่แล้ว +1

    gmmc bossaa

  • @nilanisubhadra4753
    @nilanisubhadra4753 7 หลายเดือนก่อน

    දිය ඇලි වල බොහෝ රැසක් වීඩියෝ දාන්න👍👍👍👍

  • @randaa.6891
    @randaa.6891 ปีที่แล้ว

    niyamai❤❤❤❤

  • @hiruniperera7916
    @hiruniperera7916 ปีที่แล้ว

    කොටු කොටු කලිසම😂😂
    Superb😍

  • @dil6340
    @dil6340 ปีที่แล้ว +1

    👍👍

  • @sajeendrakulathunga7556
    @sajeendrakulathunga7556 ปีที่แล้ว +1

    💛💜💙🧡❤🖤🤎supiri

  • @sachinihimasha6632
    @sachinihimasha6632 ปีที่แล้ว +1

    ❤️🍃💚

  • @nishadishashikala1650
    @nishadishashikala1650 5 หลายเดือนก่อน

    Colombo idala bus eke ena widiya poddak kiyannako

    • @menakaravindu6276
      @menakaravindu6276  5 หลายเดือนก่อน

      99 / 98 badulla colombo bus eke gihin kalupahana double bridge lagata ticket gnna. Ethana idn badulla peththta podi durak pain yaddi wam peththata para tynwa..

    • @nishadishashikala1650
      @nishadishashikala1650 5 หลายเดือนก่อน

      Thank you aiye❤😊

  • @gihandharmawardhana5991
    @gihandharmawardhana5991 ปีที่แล้ว

    කලු පහනේ ඉදන් බබරකන්දට එන විඳිය පොඩ්ඩක් කියන්ට පුලුවන්ද

    • @menakaravindu6276
      @menakaravindu6276  ปีที่แล้ว

      කලුපහන හන්දියට අවිල්ලා බඹරකන්ද කියලා board ගහලා තියෙනවා. ඒ පාරේ 5km වගේ යද්දී බඹරකන්ද හම්බෙනවා

  • @sadaruwanlakmal6482
    @sadaruwanlakmal6482 ปีที่แล้ว

    Diyaella gawa camping karata prshanyk wena akak nhne

    • @menakaravindu6276
      @menakaravindu6276  ปีที่แล้ว

      Diyaellen eha peththe camp krnn epa. Wathura wedi unoth enna beeee.. nethm yana pare camping flat place tynawa 👍 wessa balala ynna

  • @sadaruwanlakmal6482
    @sadaruwanlakmal6482 ปีที่แล้ว

    Dn ticket price khomada dnnh neda camping karanna enna denawda me dewas wala wisthara dena ganna puluwanda

    • @menakaravindu6276
      @menakaravindu6276  ปีที่แล้ว

      Me dawas walanm ehata wahinawa athi. Ynawanm parissamin. Tickets echchra ganak nee..kanda udata athulu wena eknm thahanm. E unt camp krnawa kattiya