විනය සඡ්ඡායනාවක් යනු කුමක්ද?/වාර්ෂික විනය සජ්ජායනාව 2022/vinaya sjjayanaw/vinaya sjjayanaw 2022/damh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #youtubesinhala #damhirutv #buddhism
    විනය සඡ්ඡායනාවක් යනු කුමක්ද?/
    බුදුසසුන රැකීමට කළ යුතු ප්‍ර‍ධාන දෙය විනය රැකීමය. සූත්‍රාභිධර්මපිටකද්වය නැති වී ගිය ද විනය ඇති කල්හි බුදුසස්න පවත්නේ ය.
    “පමුට්ඨම්හි ච සුත්තන්තෙ - අභිධම්මෙ ච තාවදෙ
    විනයෙ අවිනට්ඨම්හි - පුන තිට්ඨති සාසනං.”
    (මහාවග්ගපාළි)
    -උපසම්පදා ශීලය , රේරුකානේ චන්දවිමල ස්වාමිපාදයන් වහන්සේ
    ලොව පුරා විසිරුණු බෞද්ධ පින්වතුන් මේ උතුම් පින්කම වටා ඒකරාසී වෙමින් පවතී.
    මෙම උතුම් පින්කමෙන් අපගේ සම්බුදු සසුන සුරැකේවා..
    එදා සක් දෙවිදුන් විශ්වකර්ම දෙව් පුතුන් මගින් පවිරක් මවා සසුන සුරැකි මහ සඝරුවන උවදුරු පැන නැගි විට ගගෙන් එතෙර කරවූ අතර
    තවත් 5000ක් කල් සසුන පවතින්නට අප සැම විසින් මේ සම්බුදු සසුන සුරැකිය යුතුමය.
    එවන් උදාරතර අරමුණකින් යුතු උතුම් විනයසජ්ජායනා පින්කම උදෙසා දායක වන්නට ලැබීම නම් මහත්ම භාග්‍යයකි.
    මෙවන් උතුම් පින්කමකට යම් අයෙක් සුලුවෙන් හෝ දායක වන්නේ නම් ඔහු සම්බුදු සසුනේ රැකවරණය ලබන බව නම් නිසැකයි...
    විනයො නාම බුද්ධසාසනස්ස ආයු
    විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති”
    වාර්ෂික විනය සජ්ජායනාව 2022
    අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අඥා දේශනාව වූ විනය පිටකය සර්වඥ ශාසනයේ ජීවය වන බැවින් ද විනය පවත්නා කල්හි ම බුදුසස්න පවත්නා බැවින් ද, සකල ශාසනමාමක භික්ෂු සංඝයා විසින් අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කිරීමත් ඒ තුළ බුද්ධ ශාසනයේ චිරස්ථීතිය තහවුරු කිරීමත් යන අරමුණු පෙරදැරිව ඒ උතුම් වූ විනය පිටකය සජ්ඣායනය කිරිමේ දුර්ලභ පිංකමක්
    2022 සැප්තැම්බර් මස 1,2 සහ 3 යන දිනයන්හී දී අනුරාධපුර, කටුකැලියාව, සදධාතිස්සාරාම මහාවිහාරයේදී පැවැත්වීමට නියමිත ය.
    උතුම් විනය සජ්ජායනමය පින්කම උදෙසා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේ කාර්‍ය්ය සම්බන්ධයෙන් වූ වැඩසටහනක් 2022.08.17 වන ඊයේදින අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේ හා මහව ඣාණාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් තුමා මනුප ප්‍රා ලේ කාර්‍යාලයේ ප්‍රා.ලේකම් තුමා හා රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
    විමසීම් :
    සද්ධාතිස්සාරාම මහාවිහාරය,
    කටුකැලියාව, අනුරාධපුරය
    විමසීම් :
    සංවිධායක මණ්ඩලය:
    +960 9781342 / +94776791562 /+94 712672695
    විනය සජ්ජායනා පුණ්‍ය මහෝත්සවය 2022.🙏🙏🙏

ความคิดเห็น •