rashimaka prasad putha habarana දොළොස් හැවිරිදි වියේ දරුවෙකුගේ අපූරු කතාපුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2023
  • ( දඹුල්ල කාංචන කුමාර ආරියදාස 0773416157, imo 0706416157)
    2023.09.02
    54 සහ 70 වියේ පසුවන මවට පියාට උපන් දොළොස් හැවිරිදි වියේ දරුවෙකුගේ අපූරු කතාපුවතක් හබරණ ප්‍රදේශයෙන් වා ර් තා විය
    වසර ගණනාවක සිට දරු සම්පත නොලැබෙන නිසාම හරි හම්බ කරගත් එකම ආදායම් මාර්ගය වූ කුඹුරු අක්කර 2 විහාරස්ථානයකට ලියා මහණදම් පිරීම සඳහා යන්නට ගිය පියාට නිවසට එනවිට තම බිරිඳ ගැබ් ගෙන ඇති බව දැනගැනීම ද මෙහි විශේෂත්වයකි .
    ඒ .එම් .සී .ජයවීර මහතා මේ වනවිට හැත්තෑ වැනි වියේ පසුවන දෘශ්‍යාබාධිත පියෙකු වන අතර ඔහුගේ ආදරණීය බිරිඳ එම් .එම් . චන්ද්‍ර මැණිකේ 54 වැනි වියේ පසු වන කාලයක සිට මානසික ආබාධයකට ලක්ව සිටින්නීය .
    හබරණ පොලොන්නරුව පාරේ ඊරිගේ ඔය ප්‍රදේශයේ 29 වන සැතපුම් කණුව අසල පුංචි කාමර දෙකක් තනා ගෙන මෙම දෙදෙනා සමග ජිවත් වන මෙම පුතා රශ්මික ප්‍රසාද් ජයවීර තවමත් දොළොස්වෙනි වියේ පසුවෙයි
    අනේක දුක් කරදර මධ්‍යයේ ජීවත් වූ මෙම පවුලේ අපූරු කතාවක් එළිදරව් වෙයි.
    ජයවීර මහතා සහ චන්ද්‍ර ා මැණිකේ මහත්මිය විවාහ යෝජනාවකින් විවාහ වී හබරණ ප්‍රදේශයේ පදිංචියට ගොස් අක්කර දෙකක පමණ කුඹුරක් කර ගෙන දරු සම්පත් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් ජීවත් වන්නට විය .
    දෙන්නාම වියපත් වන තුරු බලාපොරෝතොත්තු අත් නොහැර සිටියද දරු සම්පත නොලද නිසා දෙදෙනා සාකච්ඡා කොට ජයවීර මහතා ගේ තීරණයවී ඇත්තේ ඔහු සතු කුඹුරු අක්කර 2 පන්සලට පූජා කොට තවත් බැඳීම් ඇති කර ගැනීමකින් තොරව මහණදම් පිරීමට ය . ජීවත්වූ ඉඩම තම බිරිඳ ගේ නමට ලියා දී ඇයව පවුලේ අයට ජිවත් කරන ලෙසය
    ඒ අනුව මීට වසර දහ තුනකට ඉහතදී තමන් හරිහම්බ කර ජීවත් වූ අක්කර දෙකක කුඹුර විහාරස්ථානයකට පූජා කිරීම ජයවීර මහතා විසින් සිදුකර මහණදම් පිරීම අරමුණු ඇතිව නිවසට පැමිණ ඇත
    ඒ අතර දින කීපයක් යද්දී බිරිඳ අසනීප වී අසල්වැසි කාන්තාවක ගේ උදව්වෙන් පරීක්ෂාකර බැලීමේදී තම බිරිඳ ගැබ් ගෙන ඇතිබව දැනගන්නට ලැබී ඇත
    බැදීම් අවසන් කොටස කොට එයින් නික්ම යෑමට සිතු ජයවීර නැවතත් දරු සුරතල් බැලීම සහ බැඳීම් ඇතිකර ගෙන ඇත .
    පිරිමිදරුවා ඉපදින වසර දෙකක් පමණ ගත වෙද්දී ඔහු පුනුරුප්පත්තිය පිළිබඳව කතා කරන්නට වූ බවත් තම පුතා ටැම්පිට විහාරයක පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් බව ප්‍රකාශ කළේ යෑයි ඔහු අප සමග සඳහන් කරන්නට විය
    කෙසේ වෙතත් නිසි අධ්‍යාපනයක් නොලද තමන් සහ බිරිඳට වඩා ඉහළ අධ්‍යාපන දැනුමක් තම පුතු තුල පවතින බවද ධර්මය පිළිබඳ ව අත් හැරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිසි අවබෝධයක් මෙම දොළොස් හැවිරිදි පුතාට පවතින බව ඔහු සඳහන් කළේය
    එමෙන්ම පුතා ගේ බලාපොරොත්තුව සසුන්ගත වීම බවද මවගේ අකමැත්ත නිසා ඔහු තම මවට සහ තමන්ට දැඩි ලෙස ආදරේ කරින් නිවසේ බොහෝ වැඩකටයුතු තම පුතා විසින් සිදුකරන බවද පියා කියා සිටයේය
    දොළොස් හැවිරිදි දරුවා හොඳ අධ්‍යාපනය ලබන ඉතා මනරම් කටහඬකින් කවි ගායනා ධර්ම ගායනා කරනුු ලබන්නේද ඉතා මිහිරි හඩකින්වීම ද විශේෂත්වයකි
    හබරණ ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයෙකු මෙම පවුලේ බොහෝ අවශ්‍යතා ඉටු කර ගන්න උදව් කරනා බව ද පවුලේ අය අප සමග සඳහන් කරන්නට විය
    ආහාරපාන ඇදුම්පැළදුම් නවාතැන්පොළක් දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා තමන් මානසික පීඩනයකට ලක්ව සිටින බව එම පියා සඳහන් කළේ ය .
    ඔවුන්ගේ ලිපිනය ඒ .එම් .සි . ජයවීර, 29 කණුව අසල ඊරිගේ ඔය , මොරගස්වැව, හබරණ , ජයවීර මහතා නමින් ලංකා බැංකුවේ හබරණ ශාඛාවේ ගිණුම් අංකය 76616621 දුර දුරකථන අංක 074 3858961

ความคิดเห็น •