How to make flavored MILK RICE from CORN RICE-රස ගුණපිරි බඩ ඉරිඟු සහල් කිරිබත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • බඩ ඉරිඟු සහල්වලින් රසම රස කිරිබතක් හදමු..
    කෙඳිවලින් පොහොසත් බඩ ඉරිඟු පෝෂක ගණනාවකින්ම පෝෂිතයි. එක් බඩ ඉරිඟු ඇට කෝප්පයකින් සිරුරේ දෛනික කෙඳි අවශ්‍යතාවයෙන් 18.4% ක් සපුරා ගන්න පුළුවන්. කෙඳි සහිත ආහාර අපේ ආහාර වේලට අත්‍යාවශ්‍යයි. කෙඳි සහිත ආහාර ගැනීමෙන් අහිතරකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කෙරෙනවා. බඩවැල් ආශි‍්‍රත පිළිකා වැළඳීමේ අවදානම අවම කෙරෙනවා. කාර්ය බහුල සමාජයේ වැඩි දෙනකු ගොදුරු වෙන ‘ඉරිටබල් බවල් සින්ඩ්‍රොම්’ යන රෝග තත්ත්වය අවම කිරීමටත් බඩ ඉරිඟු වල කෙඳී ආධාර වෙනවා. එපමණක් නොවෙයි, මෙහි තන්තු රුධිරයේ සීනි මට්ටම සමබරව පවත්වාගෙන යනවා. එනිසා දියවැඩියා රෝගීන් බඩ ඉරිඟු නිරන්තරයෙන්ම ආහාරයට එක් කර ගත යුත්තක්.
    බඩ ඉරිගු හදවතට හිතකර වෙන්නේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසාම පමණක් නොවෙයි. එහි සැලකිය යුතු මට්ටමකින් ෆෝලේට් ද පැවතීම නිසයි. විටමින් B කාණ්ඩයක් වෙන ෆෝලේට් උපත් ආබාධ වළක්වෙනවා සේම රුධිර නහරවලට හානි වීමද වළක්වයි. ඒනිසා හෘද රෝග වගේම, ආසාතය ( ස්ට්‍රෝක් ) වැනි තත්ත්වයන්ද ඇති වීම වළක්වා ගත හැකියි. බඩ ඉරිගුඇට කෝප්පයකින් දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 19% ක්ම සපුරා ගන්න පුළුවන්.
    පෙනහැල්ලට ගුණයි.
    බඩ ඉරිඟු තම්බා...පුළුස්සා ...,පිටි කර ආදී වශයෙන් රසවත් ව ආහාරයට ගත හැකි ය..ඊටත් වඩා බඩඉරිඟු සහල්වලින් බත්... කිරිබත් ...මිශ්‍ර බත්..(ෆ්‍රයිඩ් රයිස් )
    ආදිය ඉතා රසවත් ව,සාදා ගත හැකි ය..වියලි බඩඉරිඟු ඇටවල හයිය පොත්ත අයින් කර තරමක පියලි ආකාරයට සකස්කර බඩඉරිඟු සහල් සාදනු ලබයි....බඩඉරිඟු කිරිබත් සාදන ආකාරය මා ඔබට කියා දෙන්නම්...
    තැඹිලි, කහ පැහැ වට්ටක්කා, ගස්ලබු, දොඩම් වැනි ආහාර කැරොටි නොවිඩිවලින් පොහොසත් බව අප දන්නවා. ඒ අතරිනුත් අධික ලෙසින් කැරොට්නොටිඩ් අඩංගු ආහාරයක් ලෙස බඩ ඉරිඟු හදුන්වන්න පුළුවන්. කැරොටනොයිඩ් පෙනහලු පිළිකා හට ගැනීමේ අවදානම අඩු කරයි.
    මතකය සවිමත් කරයි.
    විටමින් B - 1 හෙවත් තයමීන් බහුල ඇට වර්ගයක් වෙන ඉරිඟු කෑමෙන් මොළයේ සෛල හොඳින් කි‍්‍රයා කරවයි. එනිසා මතක ශක්තිය සවිමත් වෙයි.
    ඉරිගු කෝප්පයක දෛනික තයමීන් අවශ්‍යතාවයෙන් කාලක් පමණ එනම් 24% ක් පමණ ලබා ගත හැකියි. විටමින් B -1 ට අමතරව විටමින් B - 5 ද මෙහි හොඳින්ම අඩංගුය. විටමින් කාබෝහයිඩෙ‍්‍රට්, ප්‍රෝටීන හා ලිපිඩ පරිවෘත්තියට අත්‍යාවශ්‍යයි. අසහනයෙන් සිටින අවස්ථාවක වුවත් බඩඉරිගු කරලත් රස විඳින්න. ඇඩි‍්‍රනලින් වල කි‍්‍රයාකාරිත්වය හොඳින් සිදුවේවි. බඩ ඉරිඟු කොප්පයකින් දෛනික විටමින් B - 5 අවශ්‍ය තාවයෙන් 14.4% ක් සපුරා ගත හැකියි. විටමින් C, පොස්පරස් , හා මැංගනීස් බඩ ඉරිඟුවල අංඩගු තවත් අත්‍යාවශ්‍ය පෝෂක.
    මිලදී ගැනීම
    කෙලින්ම හිරු එළිය වැටෙන ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු මිලදී නොගන්න. ශීත කළ හෝ සිසිල් කළ ස්ථානයක ඇති බඩ ඉරිගු තෝරා ගන්න. නැවුම් බඩ ඉරිඟු කරලක ඇටයක් මිරිකු විට කිරි පැහැය... බඩ ඉරිඟු නිතරම ශීතකරණයක ගබඩා කර තබන්න.
    උපුටා ගැනීම අන්තර්ජාලයෙනි...
    ඔබට නීරෝගී දිවියක්...
    මම කුසලා ජයමාන්න ..
    Fiber-rich corn is rich in a number of nutrients. One cup of corn kernels can meet 18.4% of the body's daily fiber requirement. Fiber-rich foods are essential to our diet. Eating a high-fiber diet lowers bad cholesterol levels. Reduces the risk of colon cancer. Corn fiber also helps reduce the risk of irritable bowel syndrome, which affects more people in a busy society. Moreover, the fiber here maintains a balanced blood sugar level. Therefore, diabetics should regularly add corn to their diet.
    Corn is good for the heart not only because it lowers bad cholesterol levels. This is due to the presence of significant levels of folate. Folate, a B vitamin, helps prevent birth defects and damage blood vessels. Therefore, it can prevent conditions such as heart disease and stroke. A cup of corn can meet 19% of your daily folate requirement.
    Good for the lungs.
    Corn can be boiled, roasted, powdered, etc. Delicious. Even more so with corn rice ... milk rice ... mixed rice .. (fried rice)
    Etc. It is very tasty and can be made..I will show you how to make corn milk rice ....
    We know that foods like oranges, yellow pumpkins, papayas, and oranges are rich in carotenoids. Among them, corn is one of the most carotenoid rich foods. Carotenoids reduce the risk of lung cancer.
    Strengthens memory.
    Eating corn, which is rich in vitamin B-1 or thiamine, makes the brain cells work better. So the memory is strengthened.
    A cup of corn can provide about 24% of the daily requirement of thiamine. In addition to vitamin B-1, it also contains vitamin B-5. Vitamins are essential for the metabolism of carbohydrates, proteins and lipids. Enjoy the cornmeal, even when you are restless. Adrenaline will work well. A cup of corn can meet 14.4% of your daily vitamin B-5 requirement. Vitamin C, Phosphorus, and Manganese are other essential nutrients found in corn.Purchase
    Do not buy corn that is sold in direct sunlight. Choose corn that has been frozen or refrigerated. When a grain of fresh corn kernels is squeezed, a milky liquid is released. Always store corn in the refrigerator. It can be eaten without corn cobs. They are also used to flavor food. Some people add corn to soups. Corn is indispensable in Chinese recipes. No matter how good it is, some people are allergic to corn.Symptoms such as stomach upset, ear infections, hives,migraine joint pain, and insomnia occur when food is allergic.
    Excerpt from the Internet ...
    Have a healthy life ...
    I'm Kusala Jayamanna
    / kusala.jayamanna.39

ความคิดเห็น • 102