"ජැන්දි" එක්ක දෙවෙනි බයික් ටුවර් එක | 02nd Bike Ride With Baby | Moto Vlog | Travel with Baja Baby

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #02nd_Bike_Ride_With_Baby #Baby_Ride #Travel_with_Baja_Baby
    Subtitle On කර ගන්න. go pro එකේ ඇති වූ තාක්ශනික දෝශයක් නිසා sound record වී නැති අතර අපිට ලබුන අත්දැකීම එලෙසම ලබා දීමට නොහැකි වීම කනගාටුවට කරුනකි.
    Travel with Baja Baby
    TH-cam | Facebook | Instagram | Tiktok
    ජීවිතේ තවත් සුන්දර අත්දැකීමක්...
    215km දුරක්, පැය 9ක දීර්ඝ ගමනාන්තයක්....
    අවුරුද්දට ගමේ ගියා එහේ කාලය ගත කරලා ඔන්න ගෙදර එන දවස ලං උනා. ඉතින් සේරම බඩු පැක් කරගෙන බයිසිකලයත් ලෑස්ති කරගෙන එන්න තමයි ලෑස්තිය.. අපි තංගල්ලෙන් පිටත් වෙද්දි උදේ 09.30 ත් 09.45 ත් අතර උනා. නිදහසේ ඉදල ගමට (ඉෂූ ගෙ) සමුදීලා එන එක නම්න් ටිකක් වේදනාකාරි දෙයක්. කෝම නමුත් අපි නිදහසේ ගමන පිටත් උනා. මිද්දෙනිය පනාමුර හරහා ඇබිලිපිටියට එන අතරතුර මාර්ගය ඉතා නිදහසක් ලබා දුන්නා. අපි කොළඹ එන්න තෝරාගෙන තිබුනේ ගාල්ල හරහා වුවත් චූටි දූට තිබුන පොඩි හෙම්බිරිස්සාව නිසා (වැවේ නාන්න ගිහින්) හුලන් වැදුනොත් ඇයට තවත් අසනීප වෙන්න පුලුවන් නිසා අපි ආ මාර්ගයම නැවත නිවෙස කරා යන්නට තොරා ගන්නට උනා.
    ඉතින් උදේට මොකුත් කන්න බැරි උන නිසා බඩගින්නකුත් මෝදු වෙලා තිබුනා. ඔක්කොමත් හරි තෙල් ගහන්න අමතක උනා. ඉතින් පනාමුරේ මග රිසව් එකට දා ගන්න උනා. තව කොච්චර දුරක් පිරවුම් හලට තිබේද යන්න අනුමාන කරන්න බරි උවත් අතිරේක ටංකියෙ ඇති තෙල් වලින් අපිට අවම 70km දුරක් යා හැකි බව දැන සිටියා. ඉතින් වේගය තවත් අඩාල කරේ තෙල් ටිකක් ඉතුරු කර ගැනීමේ අරමුනෙන්. පැයක පමන ගමනාන්තයකට පසුව පුංචි විවේකයක් ලබා ගන්නට මහ රුක්ශයක සෙවන ලබුනු අපට බඩගින්න නිවා ගැනීමට තරම් පුංචි කඩයක් හමු නොවීය. ඉතින් ඉදිරියට ඇදුන අපිට ශෙඩ් එකක් මුන ගසුනත් එහි 95 පෙට්‍රල් දැකීමට නොතිබීම උරහිස් හැකිලීමට සමත් වුනි. තවත් ඉදිරියට ගමන් කිරීම තීරානාත්මක වූ අතර පෙට්‍රල් 92න් යම් ප්‍රමානයක් ලබා ගෙන රත්නපුර දෙසට ඇදුනු අපිට බොහොම නිදහස් සාමකාමී වටපිටාවක් සහිත තැනක් හමු වීම අපි දෙදෙනාටම මහත් අස්වැසිල්ලක් වුනි.
    චූටි දූටත් බඩගිනි නිසා බයිසකලය මත පටවා තිබූ බඩු භාහිරාදිය සියල්ලම බා ගත්තේ ඇයට කිරි එකක් සාදා දීමටයි. ඉතින් ලොකු බඩගින්නක් තිබුනත් කුස පුරවා ගැනීමට තරම් සිත් ඇද ගත් කෑම වේලක් දක්නට නොලැබුනත් එහි තිබූ පොල් රොටී කිහිපයක් සහ රෝල්ස් දෙකක් අපෙ බඩගින්න යම් තාක් දුරට පලවා හරින්නට හැකි වූ අතර චූටි දූට කිරි සාදා ගැනීම සදහා උණු වතුර ටිකක් ලබා ගැනීමට හැකි වුනි. පැයක පමන කාල‍යක් එලිමහනේ ගත කල අපි නැවත ගමන ඇරඹුවත් අව් රශ්මිය යම් තරමක බලපෑමක් සිදු කරන බව නම් තදින්ම දැනුනි. රාත්‍රියට මෙන් නොව දහවල් කාලයේදී මාර්ගයේ වාහන ප්‍රමානය ඉතා අධිකයි. මිනිසුන් ඉතා අපරික්ෂාකාරීව තම රිය දාවනය කරයි. ඉතින් මා හට තවත් දඩි අවදානයක් දෙන්නට සිදු වූයේ චූටි දූ නිසාමයි.
    රත්නපුර ආසන්නයෙන් නැවත තෙල් පුරවා ගත් අපි රත්නපුර පසු කර එන අපිට පොඩි තිබහක් ආවත් රත්නපුර ඉන්ගිරිය මාර්ගයේ මා දැනුවත්ව නම් හොද ස්ථානයක් සෙවීම ඉතා අපහසු කටයුත්තකි. වාසනාවක මෙන් පොල් අතු කඩයක් දුටු අපි එක් වරම නතර වූ‍යේ "පොල් ‍රොටී සමග අල කොළ" ලෙස සදහන්ව තිබූ නිසාමයි.
    අලකොළ සමග පොල් රොටී කෑමට ගෙන නොතිබුන නිසාම දැඩි ආශාවක් පහල වුන නිසා පුංචි කඩ පිලට ගොඩ උන අතර යම් තරමක මැදි වියෙහි පසු වූ කාන්තාවක් අපව හොදින් පිලි ගත් අතර අපට අවශ්‍ය දේ ඉක්මනින් ලබා දුනි. රොටී සමග අල කොළ නම් ඉතා පංකාදු වූ අතර එහි තිබූ ප්ලේන්ටිය නම් කිසි දිනෙක අමතක නොවනු ඇත. එය එතරම්ම රස නහර පිනා යයි. බඩ කට පුරවා ගත් අපි නැවත් ගස් කොලන් පිරුනු වංගු සහිත රත්නපුර ඉංගිරිය මාර්ගයේ ඉදිරියට ඇදුනු. චූටි දූ නම් සැප සේ නිදි විටෙක ඔලුව හරව හරවා ගස් කොලන් දෙස බලා හිදියි.
    ඉංගිරියට සේන්දු උන අපි පාදුක්ක මාර්ගයේ එන විට හුගාක් අය ප්‍රිය කරන තේ වතු යායවල් ආසනයේ පිහිටි පුංචි කඩපිලකට ගොඩ උනේ පොඩි විවේකයක් ලබා ගැනීමට වූ අතර චූටි දූගෙත් බඩ පුරවා අපිත් උනු උනු නෙස්ටමොල් තේ කෝප්පයකට වග කියා නිම කොට නවත් ගමන ඇරඹූ අතර මමත් ඉෂුත් යම් තරමක විඩාවකට පත්ව නොසිටියාම නොවෙයි. ඒ දැඩි අව් රශ්මියත් කලහකාරි මාර්ගයත් නිසාමයි. කෙමෙන් කෙමෙන් ඩොම්පෙට ලගා වූ අපි අපේ අවසාන නැවතුම එනම් පුංචි විවේකයක් ලබා ගන්නා අවසාන ස්ථානය එය වූ අතර නැවත අපගේ නැවතුම වූයේ අපේ දොස්තර තුමාගෙ මෙඩිකල් සෙන්ටර් එක ලගයි.
    ඒ අපේ චූටි ජැන්දිට තිබුන හෙම්බිරිස්සා ගතිය නිසාමයි. ඇයට අවශ්‍ය ඖෂධ ටිකත් රැගෙන නිවෙස වෙත ලගා වෙද්දි සවස 06.30 පමන වූ අතර නිවස තුලට පැමිනීම මහත් අස්වැසිල්ලක් උනි. එ පය 9ක කාලයක් දීර්ඝ ගමනක යෙදීම නිසායි. හෙමින් සිරුවේ බඩු භාහිරාදිය බා ගත් අතර ඒවාද ඉතා පිලිවෙලින් අස් කර ගැනීමට කටයුතු කලේ නැවත මුලු ගෙදරම වැනසීයාම වැලක්වීමටයි.
    රාත්‍රියට මෙන් නොව දහවල් කාලයේදි බයිසකලය පදවීම යම් තරමක අපහසුවක් ගෙන දෙන්නකි. (තනිව යන ගමනකදී නම් ඉසිදු ගටලුවක් නැත) කෙසේ හො හිතේ තිබුන ලොකු හීනයක් පරිස්සමට ඉෂ්ට කර ගන්න හැකි වුනි. සම්පූර්ණ චාරිකාව සදහා 700 ක පමන දුරක් ගෙවා තිබූ අතර පරිස්සමට ඉතා සුව පහසුව අපේ ගමන සාර්ථක කර ගන්න උදව් උන අපේ ගමන් සගයා "" ත් ස්තූති කරමි.
    ජීවිතේ ලැබුන තවත් සුන්දරම අත්දැකීමක් මෙලෙස සටහන් කරමි.
    ස්තූතියි.
    Travel with Baja Baby
    ➤ Licence:
    Song: Dizaro - Redemption
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Dizaro - Redemption (V...

ความคิดเห็น • 17