අවාරේ මහ වැසි මැද කැබිලිත්තට🍃🦋🥺🔥travel to kebilitta-2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජීවිතයේ ඔබ වරක් හෝ යා යුතු හාස්කම් වලින් පිරුණු සුන්දර කැබිලිත්ත🍃🦋🥺🔥
    කැබිලිත්ත දෙවොල කතරගම දෙවියන් භාවනායෝගීව වැඩසිටින ස්ථානය කියලා හඳුන්වනවා. සියඹලාව දේවාලය කියලත් කියනවා.
    යාල වනෝද්‍යානයට අයත් අංක 02කළාපයේ කුඹුකන් ඔයට මායිම්ව පිහිටා ඇති මෙම ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයට ලඟා වීමට මාර්ග 03ක් පවතිනවා.
    01.යාල අංක 02.
    02.කොටියාගල හරහා මාර්ගය.
    03.කුමන හරහා මාර්ගය.
    මෙම කැබිලිත්ත දේවාලය සියඹලාව දේවාලය කියලත් හඳුන්වනවා.
    දුටුගැමුණු මහරජතුමා කතරගම දෙවොල නිර්මාණය කරන්න කලින් ඉඳලම මෙම ස්ථානයට වැඳුම් පිදුම් කරා කියලා මතයක් තියනවා.
    1818ඌව වෙල්ලස්ස කැරැල්ලට කලින් මොනරවිල කැප්පෙටිපොළ අධිකාරම් මෙම ස්ථානයේදී වැදුම් පිදුම් කරලා කතරගම දෙවියන්ගෙන් අවසර ලබා ගත්තා කියලත් පැරැන්නො කියනවා.
    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො කතරගම දෙවියන් භාවනායෝගීව වැඩ සිටින්නේ මෙම ස්ථානයේ කියලත් කියල තියනවා.
    ඉතා දුෂ්කර මාර්ග හරහා යන මෙම කැබිලිත්ත ගමන යන්න නම් ලේසි නෑ මේකට හේතුව තමයි මාසයක් විතර පේ වෙලා කට පරිස්සම් කරගෙන යන්න ඕන ගමනක්... එහෙම නොගිය අයට කරදර උනා කියලා අහන්න ලැබිලා තියෙනවා.
    අලි,වලසුන්,ඌරන්,මුවන්,කුලු හරකුන් වැනි සතුන් මේ ගමනෙදි දැක බලාගන්න පුලුවන්.
    පේ වෙලා ගිහින් අතිශය පිරිසිදු වෙලා කිරිපිඩු දානය සහ පළතුරු කතරගම දෙවියන්ට පූජා කරලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නවා.
    17වන සියවසේදි ලන්දේසි පන්සල් හා දේවාල විනාශ කරනකොට කතරගම දේවාලයට අයත් වස්තුව ආරක්ෂා කර ගන්න කතරගම දේවාලයේ කපු මහතුන් විසින් මෙම ස්ථානයේ හිටපු කැබිලිත්තේ රාළ කියලා ශක්තිමත් මිනිසෙකුට ඒවා බාර දුන් බවත් ඔහු ඒවා සියඹලා ගස් බෙනයක සැඟවූ බවත් පසුව පානමට පැමිනි ලන්දේසින් මෙම ස්ථානයට පහරදුන් බවත් කැබිලිත්තේ රාළ ඔවුන් සියලු දෙනා සමඟ සටන් කොට මරා දමා මෙම ස්ථානය ආරක්ෂා කරගත් බවටත් මතයක් තියෙනවා. පසුව මරණින් පසු කතරගම දෙවියන්ගේ වරම් ගෙන කැබිලිත්තේ රාළ ගේ ආත්මය අදටත් මෙම දෙවොල ආරක්ෂා කරමින් සැරිසරන බවට මතයක් තියෙනවා.
    මේ ගමන යනවනම් ෆෝවීල් කැබ් රථ හා ට්‍රැක්ටර් රථ යොදාගන්න පුළුවන් ❤
    වැදගත්ම දේ තමයි ගිහින් පරිසරයට හානි නොකර කසල බැහැර නොකොට ගිහින් එන එක.
    #foyou #janiya'sdairy
    #trending
    #kebilitta
    ජනිත්

ความคิดเห็น • 8