කෝටි 25ක් වටින මේ වාහන මීට කලින් කාටවත් පෙන්නලා නෑ|අවුරුදු හතලිහක් තිස්සෙ ළමයි හාරලක්ෂයකට ඉගැන්නුවා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • දස දහස් පිරිසකගේ සරසවි සිහිනය සහ වෛද්‍ය සිහිනයන සැබෑ කරදුන් ප්‍රවීණ රසායන විද්‍යා ආචාර්‍ය කේසිරි විතානගේ මහතා
    #ksiriwithanage#

ความคิดเห็น • 2.2K

  • @gayanthanadeesha7283
    @gayanthanadeesha7283 9 หลายเดือนก่อน +121

    අවජාතක බල්ලා❤ කියලාත් බැනලා තියේ.. ඒත් සර් නිසා අද මම සර්ගෙ විශයම උගන්නන ගුරුවරයෙක් 🎉

  • @SR-pk1ie
    @SR-pk1ie 11 หลายเดือนก่อน +234

    මම 2007 මගේ විභාගය කරලා රසායන විද්‍යාව සඳහා A සාමාර්ථයක් ලැබුවා. මම අද UK වල වෛද්‍යවරයෙක් විදියට වැඩ කරනවා. මම ගියේ කොළඹ කීර්තිමත් පාසලකට, නමුත් මම අද ඉන්න තැනට පාර කැපුවේ මේ උතුම් ගුරුවරයා. ❤❤❤❤❤

    • @NimeshLakshan-ez6km
      @NimeshLakshan-ez6km 11 หลายเดือนก่อน +3

      wow ❤🎉

    • @sangeethsangeeth4748
      @sangeethsangeeth4748 8 หลายเดือนก่อน +7

      එයාව සනීප කරන්න පුළුවන් නම් .ඔයා ඉන්න රටේ බැරිද .

    • @Nuwanranasingha2
      @Nuwanranasingha2 5 หลายเดือนก่อน +1

      Uk වල වෙද්‍යවරයෙක් මේවගෙ coment ekak දැකීමත් පුදුම ආඩම්බරයක් ❤

  • @kasunbandara3555
    @kasunbandara3555 ปีที่แล้ว +432

    මා විසින් වසර 25ක් පුරාවට මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය නොකර සිටීමේ සත්‍යානුභාවයේ බලයෙන් සර්ට ඉක්මන් සුවය ලැබේවා.

    • @utharabope3891
      @utharabope3891 11 หลายเดือนก่อน +17

      සාදු සාදු සාදු !! ඒ පැතුම ඉටුවේවා !!

    • @rathnayake1989
      @rathnayake1989 11 หลายเดือนก่อน +19

      අනුන් වෙනුවෙන් සත්‍යක් ක්‍රියාවක්... ඔබටත් මේ ගුරුවරයාටත් යහපතක්ම වේවා..!!

    • @AbeRathna-rw3yb
      @AbeRathna-rw3yb 11 หลายเดือนก่อน +3

      ​@Uthara Bope yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy0y0yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy6yyyyyyyyyyyyyyyyyyyyyyy7yyyy7yyyyy77yyy76y7y77y

    • @darknigh954
      @darknigh954 11 หลายเดือนก่อน +2

      LoL

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 8 หลายเดือนก่อน +2

      අනේ සාදු එසේම වෙන්න ඕන 🙏🙏🙏🙏

  • @jayaniliyanage3996
    @jayaniliyanage3996 ปีที่แล้ว +297

    අනේ මගෙ සර්.... "කැම්පස් එකෙන් මල් වත්තට පාරවල් තිබ්බට මල් වත්තෙන් කැම්පස් එකට පාරවල් නෑ දරුවෝ" ඒක කිව්වා අද වගේ මට මතකයි 🥺❤️

  • @top10flixclip
    @top10flixclip ปีที่แล้ว +1454

    අවුරුදු 12කට කලින් සර්ගෙන් ෆීරී කාඩ් අරගෙන ඉගනගත්ත. Bsc එක කරල msc එකට ඉගනගන්න ගමන් ඉන්නෙ. සර්ට හැම මාසෙම බැංකු පොතට 200ක් දාල පෙන්නල තමයි මං ෆීරී කාඩ් එක සයින් කර ගන්නෙ. අද ඒකේ අංක 7කින් 8කින් බැලන්ස් එක තියෙන්නෙ සර් කිව්ව කතාව 100% ක් ඇත්ත කියල ඔප්පු කරමින්. අපේ අම්මත් තාමත් සැරින් සැරේ සර්ව මතක් කරනව මොකද සර් අම්ම්ටත් කතා කරල මාව හදාන්න මගෙ ඉගනීමට ඒ කාලෙ දුන්න උපදෙස් නිසා. සර්ට සදා නයගැතියි. ආදරෙයි ❤

    • @vindyaattanayake9701
      @vindyaattanayake9701 ปีที่แล้ว +7

      Mokadda sir kiwwe? Ithuru karana hati gana monawa hari tips tikak dunnada?

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว +15

      දීර්ඝායුෂ ලැබේවා කිසිම පලුදු නැතුව කටහඬ ශක්තිමත් ලැබේවා මිනිස්සු කපනකොට අතට දෙවියන් හැමදේම දෙනවා එතුමා හරිම සමානකම කෙනෙක් දෙවියන් හැමදාම ඔබ ළඟයි මොනා IKUTW රටේ

    • @maheshrathnayake250
      @maheshrathnayake250 ปีที่แล้ว +3

      Free card ekk gaththa kyanne ahanna deyak ne

    • @reverbhub2751
      @reverbhub2751 ปีที่แล้ว +3

      @@vindyaattanayake9701 sir gen free card ganna aya banku pothak pawathwa gena yanna one hamadama sir free card eka mark karaddi banku pothatha salli ithurukaralada kiyala balanava

    • @kdcpkothalawala764
      @kdcpkothalawala764 ปีที่แล้ว +15

      දීර්ගායුශ ලැබේවා කටහඬ ඉක්මනින් හොඳ වෙලා තවත් දීර්ග කාලයක් දරුවන්ගේ නැණස වඩවන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏

  • @chandasiri6499
    @chandasiri6499 ปีที่แล้ว +7

    මේ සර් ගැන කිසි කෙනෙක් නොදන්න කතාවක්.ටියුෂන් කරන ගොඩක් ගුරු වරු දණ කුවේරයෝ වගේ තණ්හාවෙන් සල්ලි ගොඩ ගහල මැරිල යනව...පිනක් දහමක් ජීවීතෙට කර ගන්නෙ නෑ මේ පිං වන්ත ගුරු තුමන් ගම්පහ මැදගම සුනන්දාරාම පන්සලේ සංඝාවාසය නිර්මාණය කිරිමට රුපියල් ලක්ෂ 100 ක් (කෝටියක් ) පුජා කරා.ඒ උතුම් පිං බලයෙන් ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා...!
    සම්මා සම්බුදු සරණයි....

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว +223

    මම ඉගෙන ගෙන නැහැ. නමුත් මේ කටහඩේ තිබෙන දුර්වලතාවය නැතිවේවා කියල මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා. සැම ගුරුවරයෙක්ම දෙවිවරයෙක්. සමහරු ඒ දේවත්වයට නිගා කරනවා. ඔබ තුමාට නිරෝගී සුවය අත්වේවා. තෙරුවන් සරණයි.

  • @anjalipathirana2581
    @anjalipathirana2581 ปีที่แล้ว +299

    අද මම doctor කෙනෙක්. එහෙම වෙන්න ප්‍රධාන සාධකයක් තමයි කේසිරි විතානගේ කියන මේ උතුම් මිනිසා . ඉතා ඉක්මනින් සුව පත් වේවා ඔබතුමා .....

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +111

    හැම පංතියකම වගේ නිදාගෙන හිටපු මම බයටම ඇහැරිලා හිටපු එකම පංතිය. කේ සිරි සර් ස්තූතියි 🙏❤💙🍃

    • @chiranjayathu8989
      @chiranjayathu8989 ปีที่แล้ว +2

      සෝලෝ මල්ලි..ඔයා අද ඉන්න තැන දැක්කම සතුටුයි ගොඩක්

    • @travelgirl..4980
      @travelgirl..4980 ปีที่แล้ว +1

      😍❤️

    • @dhammikasenaverathna7817
      @dhammikasenaverathna7817 8 หลายเดือนก่อน +1

      Mama surge class awe 2000 warshaye negombo science college mama ada nurse kenek less sewage karanawa sir adarshamath guruwarayek sir dakinnana lebima satutak

    • @Ashen..v8
      @Ashen..v8 5 ชั่วโมงที่ผ่านมา

      Sirr ❤

  • @gayanchandima301
    @gayanchandima301 ปีที่แล้ว +131

    2012 A/L. අන්තිම පේලියෙ ලග හිටපු එකා හින්ද සර්ගෙන් මාත් හොද කනේ පාරක් කාලා ඉස්සරහම පෝලිමට ගියා. ඒ හින්ද අද ජීවිතේ ගොඩ. නාවික ඉංජිනේරුවෙක් විදියට රැකියාව කරනවා. ගොඩක් පින් සර්.

    • @ChanukaOne
      @ChanukaOne 7 หลายเดือนก่อน

      Aiye komd nawaka wdta ynne

  • @sameeranuwan667
    @sameeranuwan667 ปีที่แล้ว +27

    කිසිම තේරුමක් නැති හිස් මිනිස්සු Interview කරන වෙලාවෙ මේ වගේ මනුස්සයෙක් එක්ක කතා කරන එක පට්ට ❤️

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว +127

    බුදු බව අත්වෙන්න ඕන මනුස්සයෙක් කේසිරි සර්. ඒකාලේ මතක් වෙද්දිත් කදුලු එනව. 2011 උසස් පෙල පාස් වෙලා දැන් වෛද්‍යවරයකු විදිහට ජීවත් වෙන්න පන්නරය දුන්නු ගුරු දේවියෙක්.❤️ මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.

    • @sirisomamalage3490
      @sirisomamalage3490 10 หลายเดือนก่อน +3

      මම තවම බලනච. සුවපත් වන්න පතනවා.

  • @kasunsilva8313
    @kasunsilva8313 ปีที่แล้ว +403

    " කාලකන්නි හැත්ත. කාලය යනවා, තෝ ඉන්නවා. වැඩ කරපන් බූරුවෝ". හිතට වැදුන බනින වචන පෙලක්. 2014 AL, Love you sir❤

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 ปีที่แล้ว +14

      Ehema banapu hama guruvarayama lamainta puduma adareii....athdakimen kiyanne.....

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa ปีที่แล้ว +10

      ඇයි "මේ ලමයි පුදුම කතා තමයි කියන්නේ" කියලා කිව්වේ

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว +2

      95 kollek

  • @aprilk4705
    @aprilk4705 ปีที่แล้ว +170

    1997 AL ගම්පහ සමාධි Chemistry විතරක් නෙමෙයි ජිවිතයති් කියා දිපු මගෙ සර්. අද මම Chemistry PhD එකක් අරන් විද්‍යාගඣයෙක් විදියට වෘත්තිය කරන්නෙ සර් ජිවිතේට දිපු පන්නරය නිසා. සර්ට නිදුක් නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා . මට වගේම තවත් දරැවන්ට ජිවිතේ කියාදෙන්න ශක්තිය ලැබේවා .

  • @kanishkaweerakoon4096
    @kanishkaweerakoon4096 ปีที่แล้ว +24

    මේ මනුස්සය ගැන අහල තිබ්බට මෙච්චර කතා වෙන්නෙ ඇයි කියල තේරුණා වීඩියෝ එක බැලුවම.මෝඩ ජෝක් දදා පන්ති වල ඔලු ගාන වැඩිකරගන්න දගලන ටියුශන් කාරයො අතරෙ උතුම් ගුරුවරයෙක් කියල තේරුණා කතාවෙන්ම.තෙරුවන් සරණින් ඉක්මනින් ම කටහඬ සුව වේවා 💜️

  • @Don29342
    @Don29342 ปีที่แล้ว +10

    කොපමණ වත්කම් තිබුණත් හරි සරළ මනුස්සයෙක්. උගත්කම ඔහුට ආභරණයක් වුවත් ඒ සරල බව මිල කල නොහැකි තරම් මගෙ හිතට දැනෙනවා.

  • @shashikalamaduwanthi6044
    @shashikalamaduwanthi6044 ปีที่แล้ว +48

    මගේ ජීවිතේ නොදැකපු තාත්තා දැක්කේ සර්ගෙන්.අදටත් පාවිච්චි කරන්නේ සර් නිසා හදපු බැංකු ගිනුම🙏අපහසුකම් කිව්වාම දෙපාරක් නොහිතා Free card එකක් දීලා ජීවිතේම ඉගැන්නුවේ සර්🙏ඒ නිසයි අද රෝගින් දහස් ගානක් මගෙ අතින් හොද කරන්න පුලුවන් උනේ.ගොඩාක් පින් සර්.දීර්ඝායුශ ලැබෙන්න ඕනේ මගේ සර්ට🥺🙏ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරණයි

  • @christo8511
    @christo8511 ปีที่แล้ว +102

    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
    පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    කේසිරි ගුරුතුමා යයි තාමත් ඉන්දීපේ🥺❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 10 หลายเดือนก่อน +18

    අනේ මගෙ කේ සිරි සර් 💗🙏🙏🙏
    2017 කුරුණෑගල පෙන්සිල් ඔපෙරා revision ගියේ සර් ගෙ.දවසක් අපිට කීවා මං මට අලුත් වාහනයක් ගන්නෙ මට තව ඒ වගේ වාහන දෙකක් ගන්න සල්ලි තියෙනව නම් විතරයි කියල .පුදුම neat විදියට අදින පුදුම motivation එකක් තියෙන පුදුම මනුස්සයෙක් ...දැනුම විතරක්ම නෙවෙයි විනයත් කියල දෙන අපේ ඟුරු දෙවිදු...නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @gayanthakavish2470
    @gayanthakavish2470 ปีที่แล้ว +33

    පීතූ පාදං නමා මහං.... තාත්තට වදින ගාතාවෙන් වැන්දාට පවු නැහ..!! ඉක්මනින් සුවවී 120ක් කල් ආයු ලබත්වා..!

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +263

    ළමයි මල් වත්තෙන් කැම්පස් එකට පාරවල් නෑ.... හැබැයි කැම්පස් එකෙන් මල් වත්තට පාරවල් තියනවා....🥰🥰🥰🥰🥰 (2012 A/L)... සර්ට නිදුක් නිරෝගී සුවය අත් වේවා 🙏🙏🙏🙏🙏.... තව තවත් දරුවන්ගේ නැණස පෑදීමට හැකිවේවා.... 🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏

    • @ViranMadurawala
      @ViranMadurawala ปีที่แล้ว +4

      2012 A/L 💪

    • @harshananandimal7597
      @harshananandimal7597 ปีที่แล้ว +4

      අපිටත් ඔය කතාව කිව්වා 2007 A/L වල සර් ලගට ආවම බයෙන් වෙව්ලපු වාර අනන්තයි.නිරෝගි සුව සර්..

    • @slshorts2314
      @slshorts2314 ปีที่แล้ว +1

      Apitat kivva

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      මම ආසම කරපු කමෙන්ට් එක😍😍😍

  • @DS-fs6hf
    @DS-fs6hf ปีที่แล้ว +80

    පාන්දර 5.30ට පන්තියට ගියත් ඉතුරු වෙන්නෙ අන්තිම පේලියට කලින් බංකු පේලිය විතරයි. ඒ වෙලාවටත් සර් බෝඩ් එකෙන්ම බාගයක්ම පාඩම ලියලත් ඉවරයි.❤️ කීදාහක් ලමයි හිටියත් අන්තිම පේලියේ ලමයගෙ පොතත් කොහොම හරි බලනව. සර් කොහෙන් යනවද කොහෙන් එනවද හොයාගන්න බෑ. හිටපු ගමන් බෝඩ් එකේ ලිය ලිය හිටපු සර් ටික වෙලාවකින් පිටිපස්සෙ පේලියෙ ලග හිටන් ඉන්නව, හාර්ට් ඇටෑක් තමා ඉතින්😁😁😁 .

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 11 หลายเดือนก่อน +9

    මේ කමෙන්ට් දැක්කම
    හිතෙනවා මේ වගේ ගුරුවරු හමුවෙන්න ඉගෙන ගන්න මං පින් කරලා තිබිලා නෑ කියලා.😢

  • @sarathsanjeewa9876
    @sarathsanjeewa9876 11 หลายเดือนก่อน +7

    අනෙ මේ රත්තරන් සර්ගෙ අසනීප ඉක්මනින් සුව වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු බුදු සරණයි

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 ปีที่แล้ว +355

    සර් කටහඬ බිදෙනකොට පපුව රිදි රිදී අහං හිටියෙ 😔 තෙරුවන්සරණින් සර්ට ඉක්මණින්ම සනීප වේවා !!! නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා !!!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +49

    මා කරන මෛත්‍රී භවනා, මරණ සති භාවනා මා කල සියළුම කුසල් ගුරුපියාණන් ට උපකාර වේ සුවය ලැබේවා. බුදුසරණයි 🙏☸️☸️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 10 หลายเดือนก่อน +5

    දෙමව්පියන්ට තොපිව හදන්න බැයි නම් මං හරි තොපි හදනවා..අපේ සර් 😢💗🙏

  • @gagayan4102
    @gagayan4102 ปีที่แล้ว +9

    අවුරුදු 24කට කලින් මම සර්ගෙන් ඉගෙන ගත්තේ .. කේසිරි විතානගේ නම ඇහුනම පුදුම සතුටක් ඇතිවුනේ..chemistry organic පාඩම තාම මතකයි සර්..සර්ගෙ voice එක ඉක්මනින් ශක්තිමත් වෙවා

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +117

    හරින්ද්‍ර ගෙ ප්‍රාර්ථනාව වූ එතුමන්ගෙ හඬ නැවත ඇති වේවා මගෙත් පැතුමයි.!
    සමහර කමෙන්ට් කියෙව්වම ඇස් තෙමුනා.එතරම් උසස් ගුරුවරයෙක්...
    රටට වාසනාවක්!

  • @sadunisaduni5866
    @sadunisaduni5866 ปีที่แล้ว +15

    මා කරනලද කුසල ශක්තියේ ආනුභාව බලයෙන් ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ම ලැබේවා

  • @lakminakariyawasam6300
    @lakminakariyawasam6300 ปีที่แล้ว +62

    ජීවිතේ ඇත්තටම වෙනස් කලේ මෙතුමා.දෙවෙනි පාර විභාගයට දවස් 56 කට කලින් මෙතුමා කරපු කතාව තාමත් ඇහෙනවා වගේ මට ඒක පටන් ගත්තෙ " මං මේ කතා කරන්නෙ ගිය පාරත් ෆේල් වෙලා මේ පාරත් ෆේල් වෙන්න යන උන්ටයි " ඔය කතාව තමයි ජීවිතේ වෙනස් කලේ.ඔබට දීර්ඝායුෂ ලැබේවා..❤️

  • @HP8712
    @HP8712 ปีที่แล้ว +46

    තිත්ත වෙලා තිබ්බ විෂයක් ගොඩදාලා ජීවිතේ ගොඩයන්න පාර කපපු මනුස්සයෙක්. සර්ට ඉක්මන් සුවය ❤.

  • @nuwanht
    @nuwanht ปีที่แล้ว +52

    සර් ඉගැන්නුවෙ chemistry විතරක් නෙමෙයි. මට අවුරුදු 31යි. සරසවි වරම් ලබපු කෙනෙක් නෙමෙයි. ඒත් කටුක පාරක ගිහිං උත්සහයෙන් මං පරිගණක ඉංජිනේරුවරයෙක් උනා. ඒ කටුක පාරෙ යද්දිත් සහ අදටත් මං සර් class එකේදි පිලිවෙලට වැඩ කරන් ජීවිත්වෙන්න කියල දීපු හොඳ පුරුදු පිලිපදිනව. ඒ හැම වෙලාවෙම කේසිරි සර් මෙහෙම කරන්න කිව්වා නේද කියල මතක් වෙනවා. ඇත්තටම මං දැං ඉන්න තත්ත්වයට සර් ගොඩක් හේතු වෙනවා. සර් වැඩිපුර ගොඩ දැම්මෙ දක්ෂ ශිෂ්‍යයො නෙමෙයි අපි වගේ average ළමයින්ව. එක පාරයි බැනුම් ඇහු⁣වෙ සර්ගෙං. තාම මතකයි "ඔය විරිත්ත විරිත්ත ඉන්න එකා, මං දැං ඔතන⁣ට ආවොත් ගහනව තොට දැනගනිං" කිව්වා. ඇත්තටම එදා ඉදං මං හැදුනද කොහොද.. 😆 "දරුවො මල් වත්තෙන් කැම්පස් එකට පාරවල් නෑ හැබැයි කැම්පස් ⁣එකෙන් මල් වත්තට පාර තියනවා" සර්ගෙ මේ කියමනට මතුපිටින් පේන දේට වඩා ගොඩක් අර්ථයක් තියනව ජීවිතේට. හැමෝටම කියන්නෙ ඒ කතාව හොඳට හිතට ගන්න. තවත් ඒ වගේ සර් කියපු ජීවිතේට ගත්තු කතාවක් තමයි මේක "ළමයි cartoon එකක වගේ ජීවත් වෙන්න පුලුවන් නම් හොඳයි හරි. (සිනාවෙමින්) ඒ කියන්නෙ උස්සල පොලේ ගැහුවත් නැගිටල යන්න පුලුවන් වෙන්න ඕන. එහෙම පුලුවන් නම් ගොඩක් හොඳයි"

  • @samadhipathirana1303
    @samadhipathirana1303 ปีที่แล้ว +413

    අම්මා, තාත්තා ,කේ සිරි සර්...මගෙ ජීවිතෙ ඉන්න දෙවිවරු තුන් දෙනා...සර් ගැන හිතේ ඇතිවෙන ගෞරවය නම් කියන්න වචන නෑ...මගෙ ජීවිතෙ මම බාහිර සමාජෙන් දැකපු හොදම චරිතය..මැරෙන තුරාවට සර්ව නම් අමතක වෙන්නෙ නෑ....සර් මට දෙවි කෙනෙක්...තව හුගක් කල් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි සර්ට...බුදු සරනයි සර්...🥺🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සමාජයට වැරදි ආදර්ශ දෙන අමනුස්සයෙක්.
      බඩගින්නට තේ එකක්වත් නැතුව උණු වතුර බීල නිදියන අසරණ මිනිස්සු අපේ රටේ කොයි තරං ඉන්නවාද?
      මුන් වගේ උන් තමයි ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකලා හරි හම්බ කරගෙන කෝටි ගණන්වල වාහන , ජීප් මිලදී ගන්න මානසික ලෙඩේ දොස්තරලාට බෝ කලේ.💯
      දේශපාලුවන්ට අමතරව මුනුත් අපේ රට වල පල්ලටම යන්ඩ වක්‍ර විදිහට දායක උන මානසික ලෙඩ්ඩු.
      කොහොමත් හිඟනකමට හිටිය උන් තමයි තරඟෙට හම්බකරලා පඩ ෂෝ දාන්නේ
      හොඳ වෙලාවට මේ වගේ ගෝත කරුමෙකින් මට ඉගෙන ගන්ඩ ලැබුණේ නෑ.
      මූ කුස්සියට යන්නේ බෙන්ස් එකේ ,
      කක්කුස්සියට යන්නේ වී8 එකේ වගේ😜.

    • @malanipathirana8076
      @malanipathirana8076 ปีที่แล้ว +3

      පූජා ච පූජනීයානමි ඒතම් මංගල මුත්තමංති. වැදූ මවයි දිනූ බිමයි ස්වර්ග රාජ්‍යයයි අපේ. බුදුසරණයි දෙව් පිහිටයි වාසනාවන්!!!

    • @devikakodagoda5366
      @devikakodagoda5366 ปีที่แล้ว +3

      ඉක්මනින්ම නැවතත් ඔබතුමාට සාමාන්‍ය විදියට දරැවන්ට දැනුම ලබාදෙන්න ශක්තිමත් කටහඩ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @ishuperera4600
    @ishuperera4600 8 หลายเดือนก่อน +13

    කේසිරි සර් හින්දා අද මාත් වෛද්‍ය ශිෂ්‍යයාවක්❤

  • @KCC409
    @KCC409 ปีที่แล้ว +19

    සර්ගෙ පලමුවෙනි ගෝලයන්ගෙන් කෙනෙක් ලෙස සර් දැක්කම සතුටුයි. විදුහල්පතිවරියක් ලෙස සේවය කරනවා. සර්ගෙ class එකේ හිටිය 6 .7 දෙනාම හොද රැකියා කරනවා. සර්ට පිං. ❤

  • @lordvoldemort2524
    @lordvoldemort2524 ปีที่แล้ว +37

    ඔය මොන මොන සර් organic king ගගා ආවත් ඔය හැමෝගෙම ගිය කෙනෙක් විදිහට වගකීමෙන් කියන්නෙ මේ ඉන්නෙ one & only organic king ❤️‍🔥🤟

    • @kassabro9436
      @kassabro9436 ปีที่แล้ว +1

      Eka sahatika atta meloma deyak terune nati matat teruna

  • @roshanhatharasinghe8879
    @roshanhatharasinghe8879 ปีที่แล้ว +277

    මැරිලා තිබුනු මගේ ජීවිතේට පන දුන්න මනුස්සයා.. 1st-3F 2nd-BBC chemistry වලට B එකක් ආව වගේම අද ඉන්න තැන ඉන්න ප්‍රභල හේතවක් සර්.. කටහඩ ඇහෙද්දි අදටත් ඒ අතීතය මතක් වෙනව.. ආදරෙයි මැනෙකම් ❤️

    • @upekshadissanayaka3462
      @upekshadissanayaka3462 ปีที่แล้ว +5

      මේ වෙද්දි ඔයා මොනවා කරන කෙනෙක්ද කියලා දැන ගන්න කැමති...ඔයාගේ comment එක නිසයි මට ඒම හිතුනේ

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว +18

    ❤මම සර්ව දැකලාවත් නැ මිට කලින්. නමුත් මට සර්ගෙ කතාව හිතට තදින්ම වැදුනා ජීවිතයට ලොකූ ශක්තිය ක් දැනුණා. සර්ගේ සියලුම රොග පිඩා ඉක්මනින්ම සුව වෙන්න කියලා මුඵ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි..!🙏

  • @Nilushahhgghhhgg123r2e
    @Nilushahhgghhhgg123r2e 8 หลายเดือนก่อน +10

    උත්සහ වන්ත කමේ ප්‍රති මූර්තියක්....කිසි දෙකින් නවතින කෙනෙක් නෙවේ ❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +45

    අම්මෝ කේසිරි සර්ගේ class එකෙ සර් උගන්නන වෙලාවේ photo එකක් ගන්න පුලුවන් නම් එයා තමයි මේ ලොකේ ඉන්න බය නැතිම කෙනා ❤❤❤ කේසිරි සර් කියන්නේ ආයේ රජකාලේ නීතී තියෙන්නේ

  • @cannaengineering
    @cannaengineering ปีที่แล้ว +12

    අපේ සර්.මම A එකක් ගත්තේ සර්ට පින් සිද්ද වෙන්න.තාම මතකයි 3 rd shy free card දීලා අපිට උගන්නපු හැටි .ආදරෙයි සර් ❤❤❤
    මම අද සිවිල් ඉන්ජිනෙරුවෙක් .සර් පෙන්නපු පාරේ ගිහින් .😍❤

  • @sajithmadushanka8464
    @sajithmadushanka8464 ปีที่แล้ว +62

    සර්ගෙ තියන මොරාල් එක දැක්කම ඉස්සරටත් වඩා පුදුම වෙනවා! සර්ගෙන් ගොඩක් ජීවිතේ ඉගෙන ගත්තා!සර්ට දීර්ඝායුශ ❤️🙏🙏🙏🙏🙏

  • @amandahansi2823
    @amandahansi2823 ปีที่แล้ว +38

    අනේ 2015න් පස්සේ අද තමයි ආයෙත් කටහඩ අහන්නේ. ඉක්මනින් සුව වෙන්න සර්. Chemistry ගොඩ ගියේ සර් නිසා තමයි ❤️🙌

  • @vivosky2449
    @vivosky2449 ปีที่แล้ว +65

    අනේ සර් මම කථාව අහගෙන හිටියෙ හරිම අපහසු වෙන් ඒ සර් කථා කරන විලාශය ඉක්මනින්ම සුවපත් වේවා කියා පතනව ඒ වගේම රටට දැයට දායද කල දැනුම තවත් දිර ග කාලයක් පව නිවා දිර්ග ආයුෂ ලැබේවා

  • @nuwanudattawa
    @nuwanudattawa ปีที่แล้ว +71

    මම සර්ගෙ ගෝලයෙක් නෙමෙයි. ඒත් සර්ගෙ කතාවෙන් වැදගත් දේවල් කීපයක් ඉගෙන ගත්ත. සර්ට නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනව 🙏

  • @lahirugd7701
    @lahirugd7701 ปีที่แล้ว +17

    මගෙ සර්.... ක්ලාස් යන කාලෙ ඉඳන් කොච්චර දේවල් කිව්වද.... විභාගෙ ඉවර උනාට පස්සෙ ලඟට අරන් කිව්ව දේ තාම මතකයි... "විභාගෙ කියන්නෙ ජීවිතේ නෙමේ දරුවෝ, ඒත් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේ කොටසක්... ඉගෙනගන්න... ඉතුරු කරන්න... ඒක දවසක හොඳ ආයෝජනයක්... වරදින්නෙ නෑ දරුවෝ... " අදටත් තැනක ඉන්නවනම් ඒ සර් නිසා... තාම සර්ගෙ කටහඬ රැව් දෙනවා... ඉක්මන් නිරෝගී සුව ලැබේවා... බුදුසරණයි සර් 🥺❤

  • @shernilnelanga4015
    @shernilnelanga4015 10 หลายเดือนก่อน +5

    2001 මම A/L කරද්දි සර්ගෙ ක්ලාස් ආවෙ මීගමුවෙ. අද වෙනකම් සර් වගෙ වෙලාවට ගරු කරන මනුස්සයෙක් දැකලා නෑ.මෙ ඇත්තටම ගුරුදෙවියෙක්

  • @dineshakumari5658
    @dineshakumari5658 ปีที่แล้ว +15

    අනේ.K.siri sir.
    ජීවිතේ වැඩිපුරම බයේ හිටිය clz එක.මන් 4න් එක off කරලා battery එකත් ගලවනවා ඒ දවස් වල.😊Sir ලගින් යද්දි නිකන්ම ඉන්න තැනින් නැගිට්ටෙනවා.ඒ තරම් පෞරුෂයක් තිබුන ගුරුවරයෙක්.
    ඒ වගේම ජීවිතේ වැඩිපුරම ගරු කරපු ගුරුවරයා.තවත් බොහෝ කල් දැනුම බෙදන්න sirta ශක්තිය ධෛර්ය ලැබේවා.sirge සියලුම ලෙඩ රෝග සුව වේවා.❤

  • @manjulairosha3120
    @manjulairosha3120 ปีที่แล้ว +13

    පංතියේදී හරිහරියට කතා කරපු සර්ගේ කැඩුනු ස්වරය ඇහෙද්දී දරාගන්න අමාරුයි.මගේ ජීවිතේ මන් අදහන දෙවි කෙනෙක් සර්.අපේ ජීවිත සාර්ථක කරපු පිනෙන් සර්ට ඉක්මනින් සනීප වෙයි

  • @sachiniweerasinghe2298
    @sachiniweerasinghe2298 ปีที่แล้ว +79

    😔💔 මාරම වේදනයි සර්ගේ කටහඩ අහද්දි....😥 ඉක්මනින් සනීප වෙලා තව තවත් ලමයිට ගුරු හරු කම් ලබාදෙන්න සර්ට ශක්තිය ලැබේවා 🙏

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +14

    කෙනෙකුට උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැතිබව ඔප්පු කර පෙන්වූ ආදර්ශමත් චරිතයක්.."🌹🌹🌹👍🙏

  • @nature7152
    @nature7152 ปีที่แล้ว +67

    ජීවිතේ මට මුණගැහුණ අරුම පුදුම ගුරුවරයෙක් ... ඔබෙන් ගුරුහරුකම් ලද මම ද අද විද්‍යාව විෂය ගුරුවරියක් ... ඔබෙන් ලද ගුරුහරුකම් මතු අනාගත දරුවන්ට ද දයාද කරමි... 🙏🙏 සර්... ඔබතුමාට ඉක්මණින් සුවය ලැබේවා!!!

  • @1972susil
    @1972susil ปีที่แล้ว +47

    මා විසින් නිර්මාණය කරන ලද බෞද්ධ සිතුවමක් ඔහුගේ නිවසේ මැද සාලයේ තිබෙනවා වීඩියෝවෙන් දුටුවෙමි. එය දැකීමෙන් සිතට සතුටක් දැනුණි. ඔහුට එය කෙසේ ලැබුනේදැයි නොදනිමි.

    • @KsiriWithanage
      @KsiriWithanage ปีที่แล้ว +19

      ඔබ තුමා විසින් නිර්මාණය කරන ලද චිත්‍රය පිරිත් පින්කමක් අවස්ථාවකදී මටලැබුණු ත්‍යාගයකි. එය නිමැයූ ඔබ තුමාට පින් සිදුවේවා.

    • @user-du6fg5dj6q
      @user-du6fg5dj6q 2 หลายเดือนก่อน

      🙏

    • @AnuFanando
      @AnuFanando 13 วันที่ผ่านมา

      Me vidio eka ada thamai mama baluwe oba Hoda yahapath guruwarayek bawa danuna suwisheshi panividayak jeewamana dewikenek me lokaye oba Saha ma athara sitinawa oba thumage rogaya yesus kristhus wahansege pamula thbanna oba visvasa karanawa nam ethumano mage galawum karu kiya oba ta suwaya niyathai,,, obage durwala katahadin ayadinna vissvasayen

  • @manulahewage4858
    @manulahewage4858 ปีที่แล้ว +11

    Chemistry ගොඩ දාගන්න බැරි උනත් ජීවිතේ වෙනස්ම විදිහකට හිතන්න පුරුදු කරපු වෙනම mindset එකක් තිබුන සර් කෙනෙක් ❤️

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 11 หลายเดือนก่อน +18

    මං සර්ගෙන් ඉගෙන ගෙන නම් නෑ.. ඒත් ඇත්තටම ඇත්ත ගුරුවරයෙක් 😍 දැනුනා සර්ව 🖤 සර්ට ඉක්මනින් සුව වෙන්න ඕන 🙏
    චිරාත් කාලයක් හොදින් , සතුටින් ඉන්න සර් 🙏

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 ปีที่แล้ว +144

    ලක්ෂ ගණනක් දරුවන්ට සිප්සතර මෙන්ම යහගුණ දායාද කල ගුරු පියාට ඉක්මනින්ම සම්පූර්ණ සුවපත් බව ලැබේවා!!!

  • @kaushalyaherath002
    @kaushalyaherath002 ปีที่แล้ว +32

    මම කේසිරි සර් ගේ 2021 batch එකේ . තාමත් මතකයි පරක්කු වෙලා ආවම සර් අවසර දෙනකම් පන්තියේ දොර ලග හිටපු විදිය. සර් අපි හැමෝටම ලොකු inspiration එකක්.සර්ට හැමදාම ගොඩක් ආදරෙයි ගරු කරනවා. 🙏🥰❤️

  • @user-el8kq2bz1o
    @user-el8kq2bz1o ปีที่แล้ว +8

    මගේ සර්
    මම සර්ගේ කුරුණෑගල විස්ඩම් එකේ පන්තියට ආවා ( Revision ) සිකුරාදා උදේ 6.00 ට පන්තිය පටන් ගත්තේ ... සර් ට ගොඩක් පින් ...අද මම ගණිතය උගන්වන ගුරුවරයෙක්

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 8 หลายเดือนก่อน +3

    ලොවක් බැබලවු මේ අසහාය ජීවකයා සදා සුවපත් වේවා

  • @shanky_in_korea
    @shanky_in_korea ปีที่แล้ว +85

    මගෙ ජීවිතේ මට හම්බුණ අපූරුම අද්විතීයම පෞරුෂය හිමි පුද්ගලයා , කේසිරි සර් ❤️ කටහඬ ඇහුණත් ඇති .. ❤❤ චිරාත් කාලයක් දැනුම බෙදන්නට ශක්තිය ලැබෙන්න ඕනෙ සර්ට ❤️

  • @Surajdinuka
    @Surajdinuka ปีที่แล้ว +19

    ඉස්සර ගම්පහ බණ්ඩාර සර්ගේ පන්ති යද්දී අර බැම්මට හේත්තු වෙලා අරන් ඉන්නවා සර් උගන්වන හැටි, ආයේ ආසාවෙන් අහන් හිටියේ ගම්පහ සිංහල පන්තිය උපුල් සර්ගේ පන්තිය ❤️ මේ ගුරුවරු තුන්දෙනාම මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 ปีที่แล้ว +14

    ඔබතුමා ගෙන් අද්‍යපන ය හදාරා නොමැති උනත් අද කතා කල දෙවල් වලින් ඔබතුමා ගේහදවත තෙරුගන්න පුලුවන් .මේ රටේ සුවදාහ්ස් ලමයින් ගේ දියුණුවට ඔබතුමාට ඔය වැලදි ඇති ආබාධ ය දුරුවි දිර්ගායුස ලැබේවා කියා පතමි...තෙරුවන් සරනයි

  • @nipunpramuditha389
    @nipunpramuditha389 ปีที่แล้ว +16

    තෙරුවණ් සරණයි සර්. දීර්ඝායු වේවා! මම මගේ තාත්තට පස්සේ, ජීවිතේ role model එකක් විදියට දැකපු ඒ සුන්දර මනුස්සයා කේසිරි සර්. මම මගේ ජීවිතේට බොහෝම වටින දෙවල් එකතු කරගත්තේ සර්ගෙන්. කියන්න වචන නෑ සර් දැක්කම. ❤❤❤

  • @sandundissanayake3930
    @sandundissanayake3930 ปีที่แล้ว +118

    " ලියන්න මෙහෙම ලියන්න.../ මීට වඩා මම ඔගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ / අවජාතක බල්ලා පලයං යන්ඩ" ඒ වාක්‍ය අදත් මතකයි සර්....❤❤❤☝

    • @sachinthakakaw8415
      @sachinthakakaw8415 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️e tika hriyta hri

    • @nipunpramuditha389
      @nipunpramuditha389 ปีที่แล้ว

      අඩෝ සිරාවට. ඒ වචන ටික ❤❤❤

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 ปีที่แล้ว

      ලඟදි පො#නයා කියලත් කතාකරලා තිබ්බා නේ ලමයෙක්ට

    • @naveeshafernando3196
      @naveeshafernando3196 ปีที่แล้ว +1

      @@viranjanaranathunga8181 ape kaleth qa... eth ewa waradi nah ponna wada karddi ponnaya kiyala ahaganna wenw...😁

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 ปีที่แล้ว

      @@naveeshafernando3196 පො#න වැඩ කියන්නෙ මොනාද?

  • @jackson000
    @jackson000 ปีที่แล้ว +6

    පලවෙනි පාර S-1
    F-2 දෙවව්ව්නි පාර A-3... සර් නිසා වෛද්‍යවරයෙක් උනේ..

  • @thilinaperera804
    @thilinaperera804 ปีที่แล้ว +14

    සර් කටහඬ ඔහොම ඇහෙන කොට හිතට දැනෙන මාර දුකක් සර්.2008 AL වලින් පස්සේ සර්ගෙ කටහඬ ඇහුණේ අද. ගුරුවරු අතර අති දක්ෂ ගුරුවරයෙක් තමයි අපේ kesiri sir. sir ඔය කට හඬ අනිවාර්යෙන්ම ආපහු තිබ්බ විදියටම අපිට ඇහිච්ච විදියටම ලැබෙනවා ලැබෙනවාමයි. සර්ට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. මම අදහන ආගම හැටියට සර්ට "ජේසු පිහිටයි" 🙏🙏🙏.

  • @nipuniabeywickrama3263
    @nipuniabeywickrama3263 ปีที่แล้ว +4

    කේ සිරි විතානගේ සර් නමක් නෙවේ බ්‍රැන්ඩ් එකක්. ඉස්සර සර් ක්ලාස් එකේ ලගින් යනකොටත් පපුව හයියෙන් ගැහෙනවා.ජීවිතේ උගන්නපු ගුරුවරයෙක්. සර් ට ඉක්මන් සුවය පතනවා...🙏🙏

  • @sirilankanvirals1900
    @sirilankanvirals1900 ปีที่แล้ว +8

    සර්ගේ කටහඩට වෙලා තියන දේට නම් පපුවත් එක්ක පිච්චෙනවා🥺💔

  • @melanihiranya9342
    @melanihiranya9342 ปีที่แล้ว +59

    Chemistry අප්පිරියම වෙලා හිටිය මට chemistry ආස කරවපු, Exam phobia උපරිම තියෙන කාලෙ කතා කරල බය නැති කරවපු සර් නිසා තමයි අද මං Medical Faculty 4th year එකේ ඉගෙනගන්නෙ.. Kandy 2015 revision class එකේ උදේ පාන්දර 4ට ගිහිං ඉගෙනගත්ත කාලෙ තාම මතකයි. සර්ට මම ණයගැතියි හැමදාමත්.. අපි වගේම තව නංගිල මල්ලිල දස දහස් ගනනක් ඇස් පාදන්න සර්ට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා..❤️

  • @chalanikodikara9130
    @chalanikodikara9130 ปีที่แล้ว +23

    කේ.සිරි සර්♥️ එදා වගේමයි අදත්. හරිම පිලිවෙලයි පින් පාටයි.
    (2016 A/L) - ඉන්දීප, ගම්පහ

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 ปีที่แล้ว +6

    හරෙන්ද්‍ර අය්යෙ ඔයාට ගොඩක්ම පින් 🙏ඔය වගෙ බොසත් මිනිසුන් හොයාගෙන ගිහින් මෙ වගෙම වැඩ සටහන් කරලා බලන අපිට දෙයක් හිතට දාගන්න ලැබිම ගැන

  • @nularaheilini5387
    @nularaheilini5387 ปีที่แล้ว +51

    කේසිරි සර්ට අදටත් අපේ හිතේ පුදුම ගෞරවයක් තියෙන්නේ. ඒ වගේම බයයි. සර්ට ඉක්මනින්ම සුවපත් වේවා 🙏

  • @rumeshapeiris72
    @rumeshapeiris72 ปีที่แล้ว +8

    සර් අපේ පන්ති වලදි කියලා තියෙනවා සර් පදින වාහනේ ජාතියෙම තව වාහනයක් ගන්න සර් ගාව සල්ලි නැත්නම් සර් ඒ වාහනේ පදින්නේ නැහැ කියලා❤

  • @surekaneel1324
    @surekaneel1324 ปีที่แล้ว +32

    Organic chemistry ඉගැන්නුවා නෙවේ...පෙව්වා වගේ මොළේට දැනෙන්න දුන්නා..සර්ට පිං❤❤

  • @tiroobeywans1061
    @tiroobeywans1061 ปีที่แล้ว +4

    සර්ගෙන් තමයි ඉගෙනගත්තේ කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙලාවට අතට අහුවෙන තැනින් පටන්ගන්න කියන එක.. ඒක රසායන විද්‍යවට විතරක් නෙමෙයි, මුලු ජීවිතේටම ලොකු උදව්වක් වෙන වචනයක් සර්..
    ඔබතුමාට බොහෝම පින්.

  • @hirunadeeshamadurawala4834
    @hirunadeeshamadurawala4834 ปีที่แล้ว +21

    මන් මගෙ තාත්තට කොච්චර ගෞරව කරනවද ඒ සමාන ගෞරවයක් සර්ට තියෙන්නෙ මගේ හිතේ..ඉක්මනින් සුවපත් වෙන්න ඕන සර්ට අපි යහමග යැව්වට.

  • @lifehunts4725
    @lifehunts4725 ปีที่แล้ว +20

    අන්න නිහතමානී ගුරුවරු… ලෝකෙට දෙයක් කරලා වියෑකී යන සුන්දර මිනිස්සු, ධනවත්,උගත්,ශ්‍රේෂ්ට නිහතමානී ගුරුවරයෙක්,❤❤😊😊

  • @janithayodya5286
    @janithayodya5286 ปีที่แล้ว +7

    අපේ ඇස් පාදපු අති විශිෂ්ට ගුරුවරයෙක්. මගේ ජීවිතේ සාර්ථක කරගන්න හේතුවෙච්ච ලොකු සාධකයක් 😍. දීර්ඝායු වේවා සර්.

  • @kaushikamadumal5513
    @kaushikamadumal5513 ปีที่แล้ว +5

    අපි මනුස්සයො වෙලා ඉන්නෙ ඔය කටහඩට පින් සිද්ද වෙන්න සර්. බය නැතුව ඕන තැනක කියන්න පුලුවන් ඒක... දීර්ඝායුශ සර්ට ❤️

  • @priyanthakumara6340
    @priyanthakumara6340 ปีที่แล้ว +47

    හරේන්ද්‍ර ඔබට ගොඩාක් ස්තූතිය පුද කරන්න ඕන. මෙවැනි වටිනා මිලකල නොහැකි චරිත ,ජන සමාජයේ මෙන්ම ලෝකයේ විසීරී සිට්න අපිටත් යමි කිසි ජීවයක් ලබාදීම සැබැදිව.කේසර සර් ඔබට ඉක්මන් සුවය ලැබේවා .අපේ දරුවනට ලැබුන මිලකල නොහැකි මැණිකක් ඔබ .බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @DHanuVlogsJapan0403
    @DHanuVlogsJapan0403 ปีที่แล้ว +31

    2013 A/L කුරුණෑගල පාන්දර 4ට පංති යනවා Pencil Opera එකේ සර්ගේ.. විනඩියක්වත් ඉන්ටවල් එකටවත් පරක්කු වෙන්නේ නෑ.. සර්නම් ප්‍රාතිහාරයක්. විශයට අමතරව ජීවිතේ උගන්නනවා අපේ සර්.. නීරෝගී සම්පත්තිය ලැබේවා අපේ සර්ට.. ආදරෙයී සර් ❤️🙏

  • @hansidissanayake8897
    @hansidissanayake8897 ปีที่แล้ว +8

    අදටත් එදා වගේමයි මෙහෙම දකිනකොටත් මාර විදිහට ගැම්මක් එන්නෙ ❤️❤️

  • @chathurisenavirathna4905
    @chathurisenavirathna4905 ปีที่แล้ว +8

    සර්ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සර් ලා වගේ උසස් තත්ත්වයයේ ගුරුවරුන් දැන් නම් හරිම අඩුයි.

  • @Dinusha_Bandara_Samarakoon
    @Dinusha_Bandara_Samarakoon ปีที่แล้ว +221

    Chemistry විතරක් නෙවෙයි ජීවිතේම ගොඩගියේ සර්ගේ අවවාද අනුශාසනා නිසා.. දහස් ගණනක් සිසු සිසුවියන්ගේ දෑස් පාදපු පිනෙන්ම සර්ගේ කටහඬ ඉක්මනටම පෙර තිබූ පරිදිම සුවපත් වේවා❤️🙏

    • @chathurikadilruksi5498
      @chathurikadilruksi5498 ปีที่แล้ว +1

      නිරෝගී සුව ලැබේවා සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +65

    අනේ වාසනාවන්..
    අපිට ඒ දේවල් නැති උනත්, කෙනෙකුට එහෙම දේවල් තියෙනවනේ ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා ..
    වැඩි වැඩියෙන් තවත් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ...
    ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ලැබේවා !
    ස්තුති හරේන්ද්‍ර මැතිදුනි ඔබ ..
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයයි !

  • @ApeMahaththaya
    @ApeMahaththaya ปีที่แล้ว +14

    සර් දවසක් කිව්වා මට මතකයි...
    මම වාහනයක් ගන්නෙ , ඒ වගේම තව වාහනයක් සල්ලි වලට ගන්න පුලුවන් වෙලාවට විතරයි කියලා

    • @nipunpramuditha389
      @nipunpramuditha389 ปีที่แล้ว

      අද වගේ මතකයි ඒ වචන ටික ❤

  • @Dilanka.Bogahalanda
    @Dilanka.Bogahalanda ปีที่แล้ว +9

    සර් පන්තියේ විහිලුවක් කලත් එක තෙරුම් ගන්නත් මොලේ තියෙන්න ඕනා. විහිලුවත් මාරම තාර්කිකයි.
    2001 ඉගෙන ගත්ත අල්කේන අල්ඩිහයිඩ තාමත් මතකයි.
    බුදු සරනයි...!

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +8

    අහල තිබ්බට දැක්කෙ අද
    ගොඩක් හොද ගුරුවරයෙක්
    බුදු සරණයි සර්
    ඉක්මනට සනීපවෙන්ඩ ලැබේවා සර්

  • @negome0
    @negome0 ปีที่แล้ว +25

    පළවෙනි දවසෙම වෙලාවට යන්න බැරිවෙලා ආපහු හරවලා එව්වා. එදයින් පස්සෙ සර්ගෙ මූණ දැක්කෙ අද. හැබැයි එදයින් පස්සෙ හැමදේම වෙලාවට කලා. මොකක් හරි අවාසනාවකට සර්ගෙන ඉගෙනගන්න අවස්තාවක් නොලැබුනාට සර් නිසා, වෙලාවට වැඩකරපු නිසා ගොඩක් දේවල් ලැබුනා🖤💛

  • @kavishkaashen8848
    @kavishkaashen8848 ปีที่แล้ว +6

    මන් Chemistry වලට B එකක් ගත්තේ සර් හින්දා,මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා♥️ 2018

  • @yelaninimthara8462
    @yelaninimthara8462 ปีที่แล้ว +16

    අදටත් එදා වගේම සර්ව දකිද්දී මාර හැගීමක් එන්නේ🥺❤. සර් අපිට වෙලාවට වැඩ කරන එකේ ඉදන් හොද මනුස්සයෙක් වෙන හැටි කියල දුන්නා. ඉක්මනින් සුවපත් වේවා සර්🥺❤

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 ปีที่แล้ว +48

    මගේ ජීවිතයේ අමතක කරන්නම බැරි ගුරුවරයෙක්..මුකුත්ම තේරුණේ නැති Organic Chemistry හොඳටම පුළුවන් වුනේ සර් නිසා..සර්ට ගොඩාක් පින්..සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි 🙏

  • @navodimadhushani8998
    @navodimadhushani8998 ปีที่แล้ว +37

    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අපේ සර් ❤️ තවමත් ඒ වචන ඒ හිනාව පෞරුෂත්වය 🙏

  • @saku7193
    @saku7193 ปีที่แล้ว +20

    ඔබතූමාගේ කටහඬ ඉතා ඉක්මනින් සුව වෙන්නත් තව තවත් දරුවන්ට දැනුම ලබා දෙන්නත් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @rasanjalichathurani1276
    @rasanjalichathurani1276 ปีที่แล้ว +5

    🥺කටහඬ බිදි බිදි ඇහෙද්දී වාවන්නේ නෑ සර්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සර් ට

  • @swarnamalikaushalya1490
    @swarnamalikaushalya1490 ปีที่แล้ว +13

    සර්❤❤❤..
    "මල්වත්තෙන් කැම්පස් එකට පාරවල් නෑ ,හැබැයි කැම්පස් එකෙන් මල් වත්තට පාරවල් තියෙනවා දරුවෝ "
    ඒ වචන ටික මාව නතර කරේ කැම්පස් එකේ.❤❤❤❤😍😍😍.තෙරුවන් සරනයි සර්❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +10

    හරේන්ද්‍ර අයියා ගෙනෙන වැඩසටහන්වල හැමදාමත් ලොකු වටිනාකමක් තිබුණා. අදත් එහෙමයි.

  • @sanayaming1716
    @sanayaming1716 ปีที่แล้ว +6

    හරිම දුකයි සර්ගෙ කටහඬ අහද්දි සර් මෙහෙම අසනීප වෙලා කියලා දැනගෙන හිටියෙ නෑ💔 ඒ කාලෙ සර්ගෙ නුවර පන්තියට අපි පාන්දර 3.30ට ගෙදරින් එන්නේ මොකද අල්ලපු වැටේ කෙනත් 5 වෙද්දි පන්තියේ ඉස්සරහා ඉඩක් අල්ලගන්න..ෆස්ට් ශයි එකේ chemistry ෆේල් උන මම සර්ගෙ රිවිශන් ඇවිත් තමා ගොඩ ගියේ. අද වෙද්දි මාත් පාසලක ගුරුවරියක් විදිහට chemistry උගන්නනවා. අවුරුදු 10ක් විතර පරන සර්ගේ නෝට්ස් තාම තියෙනවා සර්..අදටත් මම රිෆර් කරන්නේ සර්ගේ නෝට්ස් තමයි..සර්ට ඉක්මනටම සනීප වෙලා තවත් පරම්පරා ගානකට දැනුම දෙන්න ලැබෙන්න ඕන..බුදු සරණයි සර්

  • @rmsdissanayaka9906
    @rmsdissanayaka9906 ปีที่แล้ว +5

    කිව යුතු දේ කේලින් කතා කරන ,විෂය දැනුමට අමතරව ජිවිතය සාර්ථක කර ගැනීමට උපදෙස් ලබා දෙන කේසිරි සර් ,සර්ට ඉක්මන් සුවය ලැබේවා .