ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ආදරේ කරපු මගෙ ගෑනු ලමය නැති උනා මීට මාස අටකට උඩදි... මගෙ ජීවිතේ දෙවනි අම්ම උනේ එයා... උසස් පෙල කාලෙ ඉදන්ම මගෙ හෙවනැල්ල උනේ එයා, අපි දෙන්නම කැම්පස් එකෙන් අව්ට් වෙලා ලස්සනට ජීවත් වෙන්න ගහපු ප්ලෑන්... ඒ සේරම මට විතරක් දීල යන්න ගියා.... ඒ උනත් අදටත් මම එයා වෙනුවෙන් බලන් ඉන්නව....එයාගෙ කටහඩ, හිනාව අදටත් මට මැවිල පේනව... එයා නැති ජීවිතයක් මට තේරෙන්නෙ නෑ තවමත්... මටත් එයා ගිය තැනට ඉක්මනින්ම යන්න ඕනි... එකම බාදාව අම්ම...... ජීවිතේ කිසිම දාක මට අත් වෙච්ච දේ කිසිම කෙනෙක්ට විදින්න හම්බවෙන්න එපා...
😢😢
ඔයාල දෙන්නම ලස්සනට එ මවපු හීන හැබෑ කරන්න. අනාගතේ ලස්සනට ඉන්න හිතපු විදියට ඔයා ඉන්න. ඔයාට ආදරෙ කරපු එයා සතුටු වෙයි ඉන්න තැනක ඉදලා. ඔයාගෙ සතුට එයාගෙ සතුට ඉතින් ඔයා හිනාවෙලා ඉන්න එයා වෙනුවෙන් එයාගෙ ආදරෙ වෙනුවෙන්. එයා නැති උනත් ආදරෙ නැතිවෙන්නෙ නෑනෙ . ❤
Adooo😢 aiyee😢😢
😢😢😢
එයාව මට හම්බවුනේ පිස්සෙක් විදියට. ඇත්තටම පිස්සෙක්. තමන්ට තමන් ගැනවත් හැගීමක් නැති අමුතු සතෙක්.අම්මා, තාත්තා, ගෙදරක්........ මේ කිසිම දෙයක් නැති ඕපපාතික ලස්සන හිතක්. ඉතින් මට හිතුන හැමදේම තියනෙකෙක්ට වඩා කිසිදෙයක් නැති එකෙක්ට ආදරේ කරනෙක තමා වටින්නෙ කියල. ඉතින් ආදරේ කලා. අවුරුදු හතරක්. හිගන්නියෙක් වෙච්ච මන් හැමදාම එයාගෙ ජීවිතේ මදිපාඩු පිරෙව්වා. කියන්න ලැජ්ජැ නෑ.ඉරිච්ච යට ඇදුම්වලට කටු ගගහ අදින තරම් හිගනකමකින් හිටිය මන් බෝඩිම් කෑල්ල අස්සෙ වැටිලා දවස් පඩියට කොලබ රස්සා කරා. මට මහන්සි දැනුන්නෑ. ජීවිතේ මට මගේ කියන හීන ගොඩාක් ඈතට යනකොට මන් දැක්ක එකම හීනේ එයාගෙ ජීවිතේ එයාට නැති වුණ හැමදේම දෙන එක. ඉතින් මන් අම්මෙක් වෙන්න හිතුවා. ඉන්න තැනක් නැතුව අතන මෙතන කුලීවැඩ කරනවා බලන්න බැරි හින්දා මන් හරි දරුණු රිස්ක් එකක් එක්ක මාව විශ්වාස කරපු මිනිස්සුන්ටත් බොරු කියල බෝඩිමෙ එහාපැත්තෙ කාමරේ එයාට අරන් දුන්නා. මට ඕනි උනා අඩුම තුන්වේල බඩ පිරෙන්න කන්න ටික හරි දෙන්න. එතකොට හරිහමන් රස්සාවක් තිබුනෙත් නෑ අපිට. මන් පාන්දර පහේ ට්‍රාන්ස්පෝට් එකේ නැගල කලාපෙ වැඩට පවා ගියා. පාන්දර උයලා උදේට කිරි එක හදලා උදේට දවල්ට වේල් දෙකම වෙනම කෑම බැදල බෝඩිමේ අය දකියි කියල හොරෙන් ජනේලේ ඇරල ජනෙල් ලෑල්ල උඩින් කෑම ටික තියලා යනවා. 🤭 හවසට දුවන් එන්නෙ රෑට මොනාහරි හදල දෙන්න බලන්. ඊටපස්සෙ මන් මගේ ඩිප්ලෝමා එකට කියල තියාගෙන හිටපු සබ්බ සකල සේසතම වියදම් කලේ එයාව සනීප කරගන්න. එයාට ලස්සන ඇදුමක් අරන් දෙන්න. රහට කන්න දෙන්න. මගෙ ජීවිතේ සතුට වුනේ ඒ දේවල්.එයාට පුළුවන් ලස්සනට අදින්න. ඔව් මිනිස්සු පනපිටින් වගේ අදින්න. ඉතින් මට ඕනි වුනා එයාව පිකාසෝ කෙනෙක් කරන්න. ඊටපස්සෙ මන් හැමදාම හීන දැක්කා හැමෝම කුනුවෙච්ච ජරාවක් වගේ විසිකරපු එයාව ඒ මිනිස්සුන්ට ඊරිසියා හිතෙන මිනිහෙක් කරල පෙන්නන්න. එයා ඇරුනම මට ජීවිතයක් තිබ්බෙ නෑ. ඒෆෝ කොලේ පැන්සලේ පින්සලේ ඉදන් අරන් දෙන්න ඕනි වුනා. ඒත් එක්කම මන් එයාට නොකිය හොර වැඩක් කරා 🤭 එයාටම කියල ආර්ට් ගැලරි එකක් දාන්න ටිකක් ලොකු ලෝන් එකක් ගැහුවා. හැමදේම ඩිසයින් කලා. ඕනි ටූල් සෙට් එක ඕඩර් කරල මන් එයාව සප්‍රයිස් කරන්න බලන් හිටිය. ඒත් ඊටකලින් එයා මාව සප්‍රයිස් කලා 🤭 පෙන්සිල් ටූල් සෙට් එක අතට ඇවිත් බලනකොට එයා වෙන ගෑනු පරානයක් එක්ක රිලේශන්ශිප් දාලා 🤭 අඩුම මට ඇඩුනෙවත් නෑ. ඒ වේදනාව උපරිම තැන වෙන්නැති. මන් මගෙ අප්පච්චිට වඩා විශ්වාස කරපු පිරිමි පරානේ එහෙම කලාම අඩන්න ඕනිද කියලවත් මට හිතාගන්න බැරි වුනා. එතනින් එහා හිතාගන්න බැරි විදියට එයා මාව වැරදිකාරියෙක් කරල තිබුනා. සත්තකින්ම ආත්මගරුත්වෙ කියනෙක අදහපු මන් එයා ගෙදර ආව දවසක එයා ආසම බියර් එක වෙනුවෙන් දකින උන්ට බම්බු ගහගන්න කියල බාර් පෝලිමේ පවා ඉදල තියනවා. 😊 ආදරේ වෙනුවෙන් ඕනෙ මගුලක් ඔට්ටුයි කියල එහෙම හිතපු මට " උබ ගාව සතුටක් නෑ" කියන වචන ටික අහන්න වුන අවසාන තත්පරේ මාව කෑලි කෑලිවලට පොඩි වුනා. එයාගෙ රිලේශන්ශිප් එකෙන් පස්සෙ ආයෙ මන් එස් එම් එස් එකකින්වත් සත්තකින්ම එයාගෙ ජීවිතේ අස්සට රිංගන්න ගියෙ නෑ. ඒත් එයාගෙ අලුත් ගෑනු කෙනා පස්සෙන් පන්න පන්න මට රිදවන්න පුළුවන් තරම් අදටත් දගලනවා. ආදරේ ඇතුලෙ සමහර දරාගැනීම් හරි පුදුමයි. ඉතින් එයා ගියා. ඊටපස්සෙ හැමදාම මන් තට්ට තනියෙන් අපි එකට ගියපු පාරවල්වල ඇවිද්දා. ඒ හැම තැනම මාත් එක්ක එයා හිටියා. වටේ හිටපු හැමෝම කිව්වා ඌ ගිහින් කියල . මන් පිලිගත්තෙ නෑ. අදටත් මගේ කාමරේ බිත්ති පිරිල තියෙන්නෙ එයාගෙ පෙන්සිල් ආර්ට් වලින්. අදටත් මන් හිතන් ඉන්නෙ එයාගෙ ආර්ට් ගැලරි එකේ මන් ඉන්නෙ කියල. ඊටපස්සෙ මට ඒ බෝඩිමේ ඉන්න හයියක් තිබ්බෙ නෑ. හැමතැනම හැම පාරකම අපි එකට ඇවිදිනේක ( එයා නැතුව) මිනිස්සුන්ගෙන් දිගටම හංගන් ඉන්න බෑ කියල මට තේරුනා. එයාගෙ ජීවිතේ මන් දැන් දෑහැට පේන්න බැරි වයිරක්කාරියක් උනත් එයාට මන් තාම උදේට එයාට තේ එකක් හදනවා ඉස්සර වගේ එයා තේක බීලා ඉතුරු බාගේ දෙනකල් බලන් ඉන්නවා. 😊 ඇත්තටම බැලුවොත් ආදරේ අස්සෙ අපි හුගක් උන් භින්නෝන්මාදකාරයෝ. කවදාවත් මිනිහෙක්ව මැරුවත් ආදරේ අස්සෙ දීපූ පොරොන්දු බොරු කරන්නෙපා. නොගැලපෙනකොට කියල සමුගන්න. නොකිය අතෑරියම වේදනාව දරුණුයි. මේ වීඩියෝ එකේ විනාඩි දෙක තුන මාව ආයෙ බයිපෝලා හැදිච්චෙකෙක් කලා 🤭 මට අමතක කරපු මාවම ආයෙ මතක් වෙන්න අරන්. ඇත්තටම මේක ආත්ම ස්පර්ශයක්. මන්නම් කියන්නෙ මෙහෙම ආදර කතාවල ඩිප්‍රෙශන් කාරයෙක් වෙනව කියන්නෙ ඒ ආදරේ කොහේවත් "මැරිල නෑ"ඉතින් මේ කොල්ලගෙ අම්මලට තමා පිස්සු.🤭මොකද නේත්‍රා කවදාවත් මැරුන්නෑ.ආදරේ කියන්නෙ පිස්සුවක්.හැබැයි කවදාවත් ආදරේ හින්ද කවුරුවවත්ම පිස්සො වෙන්න හොද නෑ 🙏🙏
🥺
Felt it ❤
ඔයාට ගොඩක් හොද හදවතක් තියෙනවා හරිම ලස්සන ❤️😇
🙃💓
මන් යාලු වෙලා ඉන්න කෙනත් ඉන්නේ ගොඩක් දුර..එයා army එකේ..නිවාඩු හම්බුන ගමන් මාව බලන්න එනවා..බස් තුනක එන්න ඕනි..ඒ ඇවිත් මෙහෙන් බහින කොට කොල්ලට හොද ගනන් මහන්සි නෑ කියලා පේන්න බොරු හිනාවක් දානවා ඒ උනාට මූනෙන් පේනවා මහන්සි කියලා පාන්දරින් බස් එකට නැගලා දවල් වෙනකම්ම ආවම මහන්සි නැද්ද ඉතිම්..ඒ ඇවිල්ලා ගොඩක් හවස් වෙනකම් බීච් එකේ එහෙ මෙහෙ ඇවිදලා පොඩි ලමයි දෙන්නෙක් වගේ සෙල්ලම් කරලා එයාට රෑට ඉන්න hotel එකක room එකකුත් බුක් කරලා තමා මාත් ගෙදර එන්නේ.පහුවෙනිදා උදෙන්ම ඉතින් මම යනවා කොල්ලව ආයි ගෙදර යන්න බස් එකට දාන්න..මූනත් බුම්මගෙන කදුලු පුරෝගෙන බස් එකට නගින හැටි දැක්කාමත් හිනායනවා මූ ඇත්තටම army එකේ කොල්ලෙක්ද කියලත් හිතෙනවා අඩන මූන දැක්කාම.. මාත් හිනාවුනාට එයා ඒම යනකොට ගොඩක් දුකයි..ආයිත් කවදා එයිද කියලා හිතෙනකොට යන්න දෙන්නත් ලෝබයි...🥺💔 තමන් පන වගේ ආදරේ කරන කෙල්ලව බලන්න එන එක රස්තියාදුවක් නෙමේ..ඒ ආදරේ.. එච්චර දුර ඉදන් ඇවිත් මූන බලලා යන්න හිතෙන්නෙ ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට විතරයි... 🙂❤
මට අවුරුදු 20යි. මම A/L 2nd shay කරන ලමයෙක්.. මට exam එකට මාස 3k තියලා ලස්ස්න කෙල්ලෙක් හම්බුනා එයාගෙ නම ජානු. මම පොලොන්නරුවේ එයා හෝමාගම. මම එයාට මගේ අම්මට වැඩියෙන් ආදරේ කරා. මෙහෙම මාස 2හමාරක් වගේ ආදරේ කරා. මට එයාගෙන් තිර ලෝකයක් නෑ. එයාටත් එහෙමමයි. මම මගේ අම්මට වැඩියෙන් ආදරෙ කරා.මම දවසක් එයාව බලන්න ගියා. පොලොන්නරුවේ ඉදම් හෝමාගමට. මම කවදාවත් කොළඹ දැකලා තිබ්බේ නෑ. එයා නිසා මම කොහොම හරි යනවා කියලා හිතාගෙන පොලොන්නරුවේන් රෑ10ට බස් එකට නැග්ගා. කොටුවට හරියටම පානදර 5:30 වෙද්දි ගියා. හොදම දේ තමයි පැය 7 1/2 වගේ හිටගෙනම. කම්ක් නෑ මොන දේ උනත් මම එයාට ආදරෙයි ඉවසන් ඉන්නවා කියල හිතට හයිය ගත්තා. මම එයාට කෝල් එකක් දීලා. කොහොමද එන්නේ කියලා අහලා එයාව බලන්න හෝමාගමටම ගියා.. අපි දෙන්නා මීට් උනා. මට සිහියක් නෑ එයාව දැක්කට පස්සෙ. එයා ඇත්තටම පුංචි හුරතල් සුරංගනාවියක්. අපි දෙන්නා පන්සලකට ගියා මුලින්ම. එහෙ පහන් පත්තු කරලා අපි කැම කන්න ගියා. එයා හෙදරට බොරු කියලා ඇවිල්ලා තිබුන නිසා මට එයත් එක්ක ඉන්න තිබුන වෙලාව අඩුයි. ඉතිම් අපි එතනින් වෙන් වෙන්න සිද්ද උනා අකමැත්තෙන් උනත්. මම එදා බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන පහුවදා ගෙදර ආවා. මට දැන් exam එක 2024/01/11 physics පේපර් එක. මට 01/10 වෙනිදා මට කෝල් එකක් එනවා එයාගෙන් මේක නවත්තන්න ඕනි මට ඔයාව මට ගැලපෙන්නෙ නැ කියලා. අනේ මන් මොනවද කරන්නේ කියන්නකො. මගේ ලෝකෙම එයා.. මට එයා නැතුව විනාඩියක්වත් ඉන්න බෑ කියලා එයා හොදටම දන්නවා. අනික එයාට හිතන්න තිබුනා මට හෙට exam කියලා.. ඒත් එයා ගියා. මන් එයා නිසා මාන්සික ලෙඩෙක් වෙලා. එයා ගීම් අදට මාස 10යි දවාස් 26යි. ම්න් අදටත් dipreshion වලට බෙහෙත් ගන්නවා.එයා දැන් අලුත් කෙනත් එක්ක සතුටිබ් ඇති. මට වෙන්නත් ඕනිඑක තමා.කොහෙ හිටියත් කමක් නැ එයා සතුටින් තියන්න දෙවියනේ.එයාට නරක දෙයක් තියේනම් ඒ දේ මට වෙන්න. එයාට මුකුත් වෙන්න එපා.. ම්න් එයා එනක්ම් බලන් ඉන්නවා කියලා එයාට දැන ගන්න තියන්නත් එපා. බුදු සරණයි. මන් ඔයාට ආදරෙයි. මම ඔයාගෙ bbh. 🥺💔
අනෙ 🥲💔 eka..
2024ත් මේක බලන මට අවුරුද්දක් ගිහිල්ලත් මේක බලද්දි එන දුක නැති වෙන්නෙ නෑ❤️🥺
ou bn
Attc 💔
Sirwtm
ලංකාවේ බොරු සෝබන නැති, පට්ට වැඩ්ඩෝ තවම ඉන්නවා.. සතුටුයි ඒ ගැන.. ඇග, නිරුවත විකුණන් කන යූටියුබ් කාරයන්ට වඩා හරි යන්න ඕනෙ! ජය ❤️
🙏💖
🤓
Aniw.ptt kthaw❤
Aniwaren ❤❤❤
❤
මම මේක පලවෙනි වතාවෙ බලද්දි කිසිම හැගීමක් දැනුනෙ නැති උනාට අද මේක බලනකොට දැනෙන හැගීම මට වචන වලට පෙරලගන්න බෑ 😔🥀
Mee to
"මම හිතන්නේ නෑ ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරන එක රස්තියාදුවක් කියලා " I love it ❤ 👐 🍃
Credit goes to Namal Jayasinghe
@@user-zo9zm8uw9hඑහෙම හිතන්න එපා මචන්
kochchara ahuwth epa wenne na 🥺
අනිවාරෙන්🥺💯
ස්කොල කාලේ පලවෙනියට ආදරේ කරපු, යාලු නොවුන කෙනාට ආදරේ කරපු කෙනාට තරම් දැන් හිතේ ඉන්න කෙනාටවත් ආදරේ කරන් නෑ.හැමදාමත් එයා හොද මතකයක් වෙයි.Love You J🕊❤️🖤
මට අදටත් දරා ගන්න බැරි ආදරණීය පුද්ගලයගේ නිකමීම සිදුවුනේ 2021.09.05. ඒ කොවිඩ් නිසා නැති වුනු මගේ අම්මා. පොඩි කාලේ ඉඳලා හිටපු එකම යාළුවා විතරක් නෙවෙයි මගේ අම්මා තාත්තා දෙන්නම මගෙ අම්මා. මං ඒ ආදරයට කොච්චර බැඳිලා හිටියද කිව්වොත් මං වැටෙන හැම මොහොතකම මං අම්මා ඉන්න කාලේ කවුරු නැතත් මට අම්මා ඉන්නවා කියලා හිතලා හරිම ලේසියෙන් හිත හදාගත්තා. හැබැයි එයාම අද නැති වෙලා ගියාම මට හිත හදාගන්න හේතුවක් නෑ. අදටත් අම්මා කොවිඩ් හොඳවෙලා ගෙදර එයි කියලා මගේ හිත කියනවා. එයාගෙ වෙන්වීම මට දරාගන්න අමාරුයි නෙවෙයි මට දරාගන්න බෑ. මට එයාට කවදාවත් කියන්න බැරි උන දේවල් ගොඩක් තිබුනා ඉතුරු වෙලා.අම්මගේ වියෝවෙන් පස්සේ මම තේරුම්ගත්තේ; මනුස්සයෙක් එක්ක අපි ගතකරන අන්තිම මොහොත කොයි වෙලාවෙද කියලා එයාවත් අපිවත් දන්නේ නෑ. නැති දවසක කම්පා නොවී පසුතැවිලි නොවී ජීවත්වෙන්න නම් ඉන්නකන් ආදරණීය පුද්ගලයෙක් විදිහට සලකන්න. අපි ආදරය කරන මිනිස්සු වෙනුවෙන් අපි වැය කරන කාලය, මුදල් මේ කිසිදෙයක් කිසිම විදිහක නාස්ති කිරීමක් නෙවෙයි❤️
🙂👌 මෙච්චර වෙලා කියවපු කිසිම කතාවකට අඩුම දුකවත් හිතුන්නෑ මේක දැකලා කදුලු ආවේ මගෙ හොදම යාලුවත් අම්මා නිසා 🙂🖤
අවසානෙට ලස්සන පනිවිඩයක් දුන්නට ගොඩක් පින්නිවන් සුව ඔයාගෙ අම්මට
මේක බලද්දී මට මතක් වෙන්නෙ මට මගේ නැති උන බල්ලෝ 3 දෙනා මිනිස්සු නෙමෙයි තමයි ඒත් මට එයාලා දරුවෝ වගේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න සුදු පුතේ , සැන්ඩි , සැලී
"ගෙදර මිනිස්සු හිතන් ඉන්නේ මට... මට පිස්සු කියලා...මට අනුකම්පා කරනවා මට ඒ අනුකම්පාව දරාගන්න බෑ" I felt it 🙂❤️🩹
😔🖤🥺
me too bro🙂
😢❤️🩹
Comments බලද්දී තමයි තේරෙන්නේ ආදරේ කියන්නේ මොකක්ද කියලා ඇත්තටම ආත්මයම ස්පර්ශ කරා ❤🥺
මටත් තිබුනා....තිබුණා නෙවේ තාමත් මගේ හිතේ ආදරේ තියෙනවා . මම ආදරේ කරපු මගේ පෙම්වතිය ජීවත් උනේ හුඟාක් දුරක. අපි කතා බහ කලාට මැසේජ් කලාට වීඩියෝ කෝල් ගත්තට දෙන්නට දෙන්නව හැබැහින් දකින්න දින ගැන ගැන හිටියේ. ඉතින් මම කලුතර . මම එයාව බලන්න train එකේ තමයි යන්න ඕනේ. Train එක තියෙන්නේ පාන්දර හතරට. මට කලුතර ඉඳලා පාන්දර හතරට කොලඹට එන්න විදියක් ඇත්තෙන්ම නෑ.මොකද කලුතර කිව්වට මම කලුතරිනුත් ගොඩාක් එහා. නමුත් මම ඊට කලින් දවසේ ගෙදරටත් නොකියා කොළඹට ආවා රෑ 9 ට විතර. රෑ 9 ඉඳලා කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ තියෙන පොඩි අරලිය ගහක් යට බෑග් එක ඔලුවට තියාගෙන මම හිටියා. උදේ 3:30 ට තමයි ටිකට් දෙන්නේ train එකට. ඉතින් මම 3:15 එලාම් එක තියාගෙන අරලිය ගහට හේත්තුවෙලා එහෙම්ම පොඩ්ඩක් ඇලවිලා නිදාගත්තා පිනි බබා ම. ඉතින් උදේම මම කොහොමහරි ඇයව බලන්න train එකේ ගියා. මම එයාව පලවෙනි පාරටම දකිද්දි මට ඉවසුම් නැතුව ගියා.මම මගේ අත්දෙකම දිගහැර ඇයව හිත්පුරා වැලඳගත්තා. අපි දෙන්නා ජීවිතේටම දෙපාරයි මුණගැසුනේ. 😞 ඇයත් මට යනවායැයි නොකියාම යන්න ගිහින්. නමුත් එදා ඇය දුන් මතක සියල්ලක්ම හිතේ තියාගෙන ඒ මතක වලට පෙම් බඳිමින් අදටත් මගේ ආදරය ඇගේ නමටම පමණක්ම ලියමින් මම ජීවත් වෙනවා.ඇය මගෙන් දැකීමට බලාපොරොත්තු වූ ඒ පිරිමියාව මම නිර්මාණය කරනවා.මේ භවයේ අපි හමුවී වෙන්න වෙන්නට ඇති. නමුත් ලබන භවයක හෝ මතුභවයක නුඹේම ලමැදේ සුවය ලබන්නට පෙරුම් පුරමි. ඉතින් හැමදාටම මම ආදරෙයි ❤- ශාක්‍ය -
💔🥀
මේක දාපු පළවෙනි දවසේ මම මේක බලද්දි ...මගේ තනියට මං ළඟ හිටිය ලස්සන හදවතක් ...ඒ දැනුණු හැඟීමත් එක්ක ඇස් වලින් කඳුළු වැටෙද්දි එයා මට පොරොන්දුවක් දුන්නා එයා මාව කවදාවත් තනි කරන්නේ නෑ ,ඒ දුක මට කවදාවත් දෙන්නේ නෑ කියලා ....ඒත් මං මේක දැන් මතක් වෙන මතක් වෙන සැරේට බලන්නේ තනිවුණු හදවතක් එක්ක.... ඉතින් මං දැනුත් හිතනවා ඔයාට එදා ඒ පොරොන්දු දෙන්නැතුව ඉන්න තිබුණේ ළමයෝ 🥺😔
තත්පර 360 කින් ජීවිතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන මෙය සැබවින්ම ආත්ම ස්පර්ශයක්. 💗
@Sadew Nirmala ආසන්න වශයෙන් ගත් කල විනාඩි 6.00 මිත්‍රයා. 🫂❤️
Video එක බලලා comments කියවනකොට සතුටක් දැනුනා, තාමත් සුන්දර රසවින්දනයක් තියෙන පරපුරක් ඉතිරි වෙලා ඉන්නවා නේද කියලා… 🖤
අනිවාරෙන්ම. මේ වගේ අය තමා ඉන්න ඕනි.♥🥺
yep ❤
අඩෝ මටත් හිතුනා❤❤❤
Ekata adanawa 😢😢😢❤
Attatm ❤️🥹
"තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කාලය වෙන් කරන එක රස්තියාදුවක් නෙවෙයි . "" හැකි නම් සුබ ගමන් නොකියාම යන්න .." felt these ☺️❤️✌️
😢
⚘
සතුටුයි දිනක් හරි ඈ වෙනස් වෙන්න කලින් හමුවීම ගැන, මාස 16කට පස්සේ හෙනම කට්ටක් කාලා අමාරුවෙන් පාරක්වත් නොදැන, ඈතින් එනවා පේනකොට හිතට දැනුන සතුට, හිතේ හිරකරන් හිටියා ඉන්නේ පාරේ නිසා, ඇත්ත "ආදරේ ලොකු රස්තියාදුවක්", ඒත් "ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කාලය වැයකරන එක රස්තියාදුවක් නෙවෙයි" කියලා තේරුනේ එදා, ✨තාමත් මගේ හිත ඇගේ වරද නිවැරදි කරන එකම හේතුව මම ගෙදර යන්න බස් එකට නගිද්දී දැකපු එයාගේ කඳුළු, හරිම අවංක කඳුලක්, තාමත් ආදරෙයි මං...❤🩹මම කොළඹ ඈ කුරුණෑගල...සිතින් පෙම් බැඳි ඇතුගල...🍃18/01/2023
ඇතුගලයි රන්තාලිය වැවයි එක්ක බැඳුණු තව ලස්සන ආදර කතා කොච්චර නම් ඇත්ද...🥺
ඉස්කෝලෙ අවුරුදු 4 හිතින් ආදරෙ කරලා අන්තිමේදි එයා මාත් එක්ක හිටපු යාලුවා එක්කම ගියා😢
🥺❤️🩹
ආ ලුසියෝ..😢
මම මේක බලන හැම සැරේම මට ඇඩෙනවා.. මට ගොඩාක් සතුටුයි මේ වගේ හොද රසවින්දනයක් තියෙන ගොඩාක් නිර්මානශීලි අය තාමත් ඉන්න එකට.. 🥺❤.. මේ වගේ හොද නිර්මාන ඉස්සරහටත් කරන්න.. Good Luck..💕..
"හැකිනම් සුභ ගමන් නොකියාම යන්න" ඔයාට නොතේරෙනවා උනාට "සුභ කියන්නෙ හරි අකාරුණික යෙදුමක් " මේ වගේ කලුවර වෙලාවක ❤️🔥
මේක බැලුවට පස්සෙ මං තීරණය කරා මම ආදරේ කරන කෙනාටම ආදරේ කරන්න.එයා අකමැතියි කියන දවසක් වෙනකන් එයත් එක්ක ආදරණිය මතක එකතු කරන්න 🖤වෙන් වෙනදාටත් බඳාගෙන වෙන්වෙන්න.!මං හරි ආසයි ❤️
මේක හරියට දැනුන මනුස්සයෙක් මේ වීඩියෝ එක බලන්නෙ එක පාරයි... ❤4:32 Goosebumps maan
Anivaren
4:56 😢
ඇත්ත
Attak🥲❤️🩹
ඇත්ත 🙂🙂
"හැකිනම් සුභ ගමන් නොකියාම යන්න"🙂♥ඔයාට නොතේරෙනව උනාට "සුභ කියන්නෙ හරි අකාරුණික යෙදුමක්"😞💔මේ වගේ කලුවර වෙලාවක...😔💔felt it🥀✨
දන්නවද දෙයක්,අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ලබා ගන්නත් බැරි, අතාරින්නත් බැරි බැදීමක්. ඔව් හරියටම ඒක ඒකපාර්ශවික ආදරයක්..අපි අපේ හිත ඇතුලෙම ඒ ලස්සන හැගීම තියන් හරි ආදරයෙන් ඒ කෙනා දිහා බලන් ඉන්නවා.. ඉතින් සරලවම කිව්වොත් එයා අපේ හිතේ ඉන්න කෙනා ඒමත් නැත්තම් Crush එක කියලා කියන්නත් පුලුවන්.. ඒත් එහෙම කියනවට වඩා මම ආසයි ලබා ගන්නත් බැරි අතාරින්නත් බැරි ඒකපාර්ශවික ආදරයක් ලෙස එයාව පෙන්නන්න..ඉතින් කවුරැ මොන විදියට නෑ කිව්වත් හැම මනුස්සයෙක් ගෙම ජීවිතය තුල හදවතෙහි උඩින්ම ඉන්න පුද්ගලයෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා.. මොන දේවල් කොහොම උනත්, කොහොම කලත් එයාව අමතක කරන්න බැහ්.. එයාව මතක් වෙන තරම්, දකින දකින හැම රෑපයකම එයාවම මැවිලා පේන තරම්, කා එක්ක කතා කලත් ඒ වචන දෝන්කාර දෙන තරම්, කන්න ගන්න බත් එකවත් කා ගන්න බැරි තරමටම එයාව මතක් වෙන තරම්, රෑ හීන අස්සෙ ඒ රෑපේ, ඒ හිනාව, ඒ කතාවම මැවෙන තරම්, හැමවෙලාවකම "අනේ එයා මගේ උනා නම්" කියලා හිතෙන තරම්.. ජීවිතේට වෙන කවුරැ ලං උනත් හිතට දැනුන ඒ රෑපෙ තරම් දැනෙන්නෙ නැහ්.. ඒ කෙනාට අපි මෙච්චරම ආදරේ කරන්න, ඇබ්බැහි වෙන්න හේතුව මම අදටත් දන්නෙ නෑ..සමහර විට ඒ තරම්ම හිතට වදින්න හේතුව කවදාවත් එයා මගේ නොවන නිසා වෙන්නම ඇතී.. ඒත් ඒක එහෙම නම් ඇයි ඒ රෑපේ මට මුණ ගැහුනේ.. මේ වගෙ ප්‍රශ්න කෝටියක් හිතේ රැව් දෙද්දී.. ලැබෙන්නෙ නෑ කියලා හිතන් අතාරින්නෙ කොහොමද.. මම මෙච්චරටම එයාට ආදරේ කරලත් මට අදටත් හිතා ගන්න බැරි ඇයි එයාට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. මගේ හිතේ තියන ආදරේ මම එයාට මොන විදියට කිව්වත් එයා ඒක ගනම් ගන්නෙ නැහ්.. සමහර විට කවමදාවත් එයාට මගේ ආදරේ දැනෙන එකක් නැහ්.. ඒ දේවල් කොහොම උනත් මම ආදරේ කරන එක වෙනසක් නොවේවී ළමයෝ..දන්නවද මට දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඔයාට වෙන කෙනෙක් ඉන්න බව දැන දැනම, ඔයා මාව ගනම් ගන්නෙ නෑ කියලා දැන දැනම, ඔයා මට කවදාවත් නොලැබෙන බව දැන දැනම මම තාම ඔය හිතට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක..ඔයාව අමතක කරලා හිනා වෙන්න හදන හැම තප්පරේකම "අනෙ එයා මගේ උනා නම්.. මම කොච්චර ආදරෙන් එයාව බලාගන්නවද " ඉතින් මේ හැගීම මට හරි බයයි ළමයෝ.. සමහර වෙලාවට ඔය රෑපේ හිතේ මැව්නම මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු බින්දු ගලා බසිනවා.. මේ හැගීමට දෙන්න නමක් මම තාමත් දන්නෙ නෑ ළමයෝ.. වෙලාවකට මට හිතෙනවා "එයාට මගේ ආදරේ ලබන්න පින නෑ" කියලා..ඉතින් ළමයෝ අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. දුර ඉදම් ආදරේ කරන්න තහනම්ද.... අදටත් හිතින් මම අහන්නේ ඇයි මේ තරම් ආදරේ කරලත් ඔයාට මගේ ආදරේ නොතේරෙන්නෙකියලා.. ඒ දේවල් කොහොම උනත් මං හරි ආදරෙයිළමයො ඔයාට.. ලැබුනත් නැතත් මම හරි ලස්සනටඔයා දිහා බලන් ඉන්නවා ළමයො.. ඉතින් දන්නවදළමයෝ මම ඔයාට හරි ආදරෙයි....!අදහස් එක් කරන්න....❤
ඒ කතාව හිතට වැදුණා❤️මං හිතන් හිටිය කවදාහරි දවසක එයත් මාව බලන්න එයි කියලා.(අවාරෙක මෙහි ඇවිත් මගෙ හද කියවන්න...)ආසාවෙන් හිටියා ජීවිත කාලෙම එයත් එක්ක කියව කියව ලගින්ම ඉන්න.ඔව් ඒක රස්තියාදුවක් නෙවෙයි.ආදරනියම ගතකිරිමක්.හැබැයි හිතෙ හිරවුන ආදරය කියාගන්න බැරිව හිටියෙ ආදරයක් නැතුව නෙවෙයි.ඒත් හදවතින්ම බැදුන අතකින් වත් නොඅල්ලපු ඒ ආදරනිය ගමනාන්තය පටන් ගන්නත් කලින් ඔයා මට අහිමියි කියලා දැනෙන මේ හැගීම දරාගන්න ටිකක් අමාරුයි ලමයො(කැන්දා ගෙනා සන්වේදනා)...මොකද මං ඔයාට ආදරෙයි ❤️✨ඒත් මගෙ හිතෙ එක ප්‍රාර්ථනයක් තියනව " මා අවසැවීමකින් තොරව යන්න පටන් ගන්න ආදර ගමනාන්තය හරි සතුටින් පරිස්සමින් යන්න මගෙ ලමයො....(නොරිකො මේ මල නුබට...මම නැතත් තව මල් පිපෙනවා හෙටට)!!❤️🌻🍀මීට නුබ නොදන්නා නුබෙ පෙම්වතිය...
ලස්සනයි ඒ වචන ටික
@@MadushankaDasanayake-ue3bs a වචන හදවතින්ම අපුවා
🥺🙂
❤️
🙂❤
"කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට..ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම.."Felt it 😊❤
I felt it 🥺💔
❤❤❤🥺🥺🥺
🌹🌹🌹
කිසිම මනුස්සයෙක්ට දැනුන ආදරය අහිමි නොවේවා..❣
Tv වල පෙන්නන්නේ මොනවද කියලා හිතුනා 💖
කොල්ලා නම් පට්ට තාත්විකයි🙂
වෙන් නොවන ප්‍රේමනීය රස්තීයාදුවක් හැමෝටම හමු වේවා ❤
Oyatth ❤️🩹
❤️🌍
❤️🙈
❤ Good job malli
පුලුවන් නම් විනාඩි 6 ක් වගේ පොඩි කාලෙකින් මනුස්සෙයෙක්ව අඩවන්න , එයයි මා දැකපු සැබෑම නිර්මානය ❤
❤❤
මට long distance relationship එකක් තිබ්බා 2021 අගෝස්තු මාසයේ ඉදලා.හරියටම 2024/02/05 එයා මගෙන් breakup උනා relationship එකට දවස් 898. මේ දවස් 898 ටම අපි අපිව ඇත්තටම දැකලා නෑ 🙂. හැබැයි එයා කවදාවත් මගේ විශ්වාසය කැඩුවේ නෑ. ඒ දවසේ වෙන හැම දෙයක්ම මට කිව්වා. එයා මරම විදියට මට ආදරේ කලා මාත් එහෙමයි. මමඑයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් අපි මට දැන් වයස 20. අපි මාස ගානකට පාරක් තමා call එකක් උනත් ගන්නෙ අපි අපිව විශ්වාස කලා කවදාමහරි අපි එකට ඉදී කියලා බලාපොරොත්තු උනා. ඒත් මම එයාව හරියට තේරුම් ගත්තෙ නෑ. කාලයක් යද්දි එයාට හොද අනාගතයක් ඕනෙ උනා මම හීන මැව්වා එයා එක්ක අපේ අනාගතේ ගොඩනගන්න එයා හීන මැව්වා තනියම යන්න. එයාට මාව එපා උනා. මට එයා ගැන තිබ්බ ආදරේ වැඩි උනා.එයාගේ සතුට වෙනුවෙන් එයා මාව අතහැරියා. එයාට යන්න දෙන්න මගේ හිත හයිය නැති උනා.මට මාවම එපා උනා.එයාට එයා හොයපු සතුට හම්බුනා අන්තිමට.මට depression ලැබුනා. 🙂💔. හැමදාම මම එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි මම දන්නවා ආයේ කවදාවත් එයා මගේ වෙන්නෙ නැ කියලා...
" මිනිස්සු හෙව්වෙම මොහොතකට හරි, ප්‍රශ්න අමතක කරල නිවෙන්න තැනක්!"🤍🌻
Aniwaraya mamat ahamai😍
"ආදරේ කරන අය වෙනුවෙන් කාල වැය කරන එක රස්තියාදුවක් නෙවේ" අතීතය ගැන තිබූ පසුතැවීම් මතක වල වේදනවා එයින් මැකුනි❤
Owww aka atta
"මම හිතන්නෑ..තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරන එක රස්තියාදුවක් කියලා.."❤️සමහරු නැති උන තමන් ආදරේ කරපු කෙනා ඉන්නවා කියලා හිතාන මනසින් එයා ඉන්න ලෝකයක් හදන් එයා එක්ක ඉන්නවා...තවත් සමහරු තමන් ආදරේ කරන කෙනා දිහා ඈත ඉදන් බලන් එයා තමන් ලග හිටියනම් කියලා හිතාන ජීවත් වෙනවා...කාලෙකට පස්සෙ මාව අඩවපු මාරම ලස්සන කතාවක්..❤️
සාමාන්‍යයෙන් මම කමෙන්ට් කරන්නෑ ලේසියකින්.ඒකත් කියන්න හිතුවේ ඔයාල කරපු මේ වැඩේ නම් සුපිරි. අමුතුම දෙයක්. මිනිස්සු හොයන දේ වෙනුවට මිනිස්සුන්ට දැනෙන මිනිස්සුන්ට ඔන දේ දීපු ලස්සන වීඩියෝ එක්. හදවතින්ම "සුබ අනාගතයක්". සමහර වචන වලට තේරුම් ගොඩක් තියනවා. ඒ වචන යොදාගන්නා විදිහ අනුව.
මන් මේ කමෙන්ට් එකට දවස් හයක් පරක්කුයි. සමහර විට ඔයාට මෙ කමෙන්ට් එක අහුවෙයි. දයිවයේ සරදමකට වගේ ඔයා මේක කියෙව්වොත්, ඔයාට තේරෙයි මන් ලියන්නෙ ඔයා ගැන කියලා. ඒම නොව්නොත්, මේක වෙන කෙනෙක් කියවයි. සමහර විට මගේ හිත හැදෙන වචන ටිකක් අමුනලා රිප්ලයි එකක් දායි. සමහර විට ලයික් එකක් දායි. ඒ මොකුත්ම නැති උනොත් මේක නිකම්ම නිකම් වචන ගොඩක් වෙයි. මැරුණු මනුස්සෙක් වෙනුවෙන් ලිව්ව වේදනාත්මක වචන ගොඩක්. මන් අදටවත් කියන්නෙ නැ ඔයා වැරදි මනුස්සයා කියලා. සමහර විට මට ඔයාව හම්බුනේ වැරදි කාලෙක වෙන්න ඇති. අව්රුද්දකට කිට්ටු වෙන්න මන් ඔයා ලග හිටියා. මට ඔයාගේ ජාතිය, ජන්මෙ, සල්ලි, රූපෙ කිසි දෙයක් වැදගත් උනේ නැ. ඒකයි මන් මේකට ආදරේ කියන වචනෙ බය නැතුව යෙදුවෙ. අදට ඔයා මාව අතඇරලා ගොඩක් ලොකු කාලයක් ගිහින්. සමහර විට ඔයාට මන් කව්ද කියලවත් මතක නැතුව ඇති. මගේ ජීවිතේ මට හිටපු ආදරණීයම මනුස්සයා ඔයා උනාට, මන් ඔයාගෙ ජීවිතේ නිකම්ම නිකම් චරිතයක් වෙන්න ඇති. ඒත් ඒමත් නැත්තම්, ඔයාට අදටත් මාව මතක් වෙනවා ඇති. සමහර විට මාත් එක්ක කතා කරන්න ආස ගොඩක් දේවල් ඇති. ඒකට අවස්ථාවක් නැතිව ඇති. ඒ දෙකම නෙවේ නම් මන් ඔයාට හිනාවෙන්න හේතුවක් වෙන විහිලුවක් වෙන්න ඇති. මට බොරු කියන්න ඕන නැ. ඔයාගෙ අහිමි වීම මට ලොකු කලු පැල්ලමක් උනා. මන් කලිනුත් ඔයාට මේ කතාව කියලා තියේ. මගේ ජීව්තේ තිබ්බෙ සුදු පාට විතරය්. ඔයා තමයි මට හම්බවෙච්ච පලමු සහ එකම කලු පැල්ලම. ඒක මට දැනෙනවා වැඩි. අර කතාවට කිව්වට පපුවට පිහියෙන් අනිනවා වගේ කියලා, ඒ හා සමාන වේදනාවක් මන් ඔයාගෙන් වින්දා. මතක තියාගන්න මන් කිව්වෙ වින්දා කියලා. මන් කවදාවත් ඔයා විදවීමක් විදියට පිළිගන්නෙ නැ. මට ඔයා වෙනුවෙන් ජීවිතේ නැති කරගන්න හරියටම දෙපාරක් හිතුණා. ඒත් ඒ දෙපාරම මන් ඔයා නිසාම ජීවත් උනා. මට බය හිතුනා. මන් මැරුනොත් ඔයා දුක් වෙයි කියලා. මන් අදටත් ඔයා දිහා ඈත ඉදන් බලන් ඉන්නවා. ඔයාගෙ අලුත් ජීවිතේ තිබ්බ සමහර ප්‍රශ්න, ඔයාට නොකියම මන් විසදුවා. ඇයි දන්නවද? මන් ඔයාට කළේ සීයට සීයක් පිවිතුරු ආදරයක්. මට ඔයා ගැන රාගයක් තිබුනේ නැ. ඔයා එක්ක ඇදක් උඩ ගෙවන්න, අඩුම තරමෙ ඔයාව කිස් කරන්නවත් මට ඕන උනේ නැ. මන් දන්නෙ නැ. මට ඕනි උනේ ඔයාගෙ සිතුවිලි වල උඩින්ම ඉන්න. ඔයාගෙ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නෑරම මන් දන්නවා. අද වෙනකල්, මන් ඒ කිසිම දෙයක් ඔයාගෙ විනාසයට පාරක් කළේ නැ. ඔයා හිනාවෙද්දි මට සතුටු හිතුනා. මට ඔයා හිනාවෙන්නෙ මන් ළගද වෙන කෙනෙක් ලගද කියන එක දැන් මට ප්‍රශ්නයක් නැ. හොදම දේ ඔයා හිනාවෙන එක. ඔයා මට දීපු දුක් කන්දරා මේ කමෙන්ට් එක අස්සට රින්ගන්න මට ඕන නැ. මට එහෙමවත් ඔයාව පහත් කරන්න ඕන නැ. ඔයාගෙ ජීවිතේ මොන යම් මොහොතක හරි මාව මතක් උනොත් ඔයාට කවදාවත් මන් ගැන අහිතක් නොහිතෙන්න ඕන. මගේ අගේ, මගේ මුහුන මැවෙද්දි ඔයාට සිහි වෙන්න ඕන. ඒක කවදමහරි වෙන්න ඕන. එක්කො ඔයාගෙ මරනෙදි, ඒම නැත්තම් මගෙ මරනෙදි හරි අතීතෙ සිහි වෙලා ඔයාගෙ ඇස් වලට කදුලක් එන්න ඕන. මන් කවදාවත් කියන්නෙ නැ ඔයා මන් වෙනුවෙන් දුක් වෙන්න ඕන, හැමදාම විදවන්න ඕන කියලා. නැ. කවදාවත් ඒක වෙන්න එපා. ඒත් ඔයාට මන් වෙනුවෙන් හඩන්න එක කදුලක් හරි තියෙන්න ඕන. ආයෙ ජීවිතේ කිසිම තැනක ඔයාට වැරදෙන්නවත්, පැරදෙන්නවත් එපා. කව්රු කොහොම් කිව්වත්, ඔයා මොන වැරැද්ද මට කළත්, මාව අතැරලා වෙන හිත් හෙව්වත් ඔයා ආදරණීය කෙනෙක්. මට වයිර නොකරන්න හිතෙන ආදරණීය කෙනෙක්. ඔයා මගෙ ජීවිතෙන් මැරිලා ගොඩක් කල්. ඒත් ඔයාගෙ මතක අදටත් යටි හිත අස්සෙ යාන්තමට පන අදිනවා, හුස්ම ඉල්ලනවා මට දැනෙනවා. මන් අදටත් ඔයාගෙ මතක වලට හරි ආදරෙයි
🙂💔
මගෙ කතාව 🙂🥺❤️
❤🌼
🥺❤️ ඒ වචන වල තනිකරම තියෙන්නේ කිය ගන්න බැරි අදරයක් ඒක වචන වල හැන්ගිලා තියෙන්නේ මන් ප්‍රර්තන කරන්වා ඒ කෙනා මේ වචන ටික දකින්න් කියලා 🥺❤️
🥺❤️
මමත් නුවර ඉදන් මොණරාගලට ගියා ගෙදරට අයටත් හොරෙන් මගෙ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරපු කෙනාව බලන්න..එයාව හම්බෙලා ඒ ගෙවපු කාලය එ මතක අද එයා මං ළග නැතත් මේ විඩියෝ එක බලද්දි ගොඩක් මාව අසරණ කරනවා."කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට..ඊළගට මුණගැසුනු වහාම නිසැකවම කියන්නම් හැමදේම.."💔හිතට දැනුන ආදරේ කාටවත් අහිමි වෙන්න එපා..
Ane ow😢
😇මමත්
කීපාරක් බැලුවද මංද...බලපු හැමපාරම ඒ කොල්ලගෙ වික්ශිප්ත වී හැරෙන ඒ මොහොත මුලු ඇඟම අඩපණ කරා💞💔💔💔ඒක තමා ආදරේ ගැඹුරුම රිදීම්💔💞
සින්දු ටික නම් 👌❤0:01 හදවතක් විකිණිමට තිබේ1:09 මටත් කවියක්2:33 නොරිකෝ3:27 ආදරෙයි උතුරන්න4:50 කැන්දා ගෙනා❤😍
භාවනවක්🥺❤
Search karala sindu hoyapu man🙂♥️
ගංගාදර ඉස් බෙස්ට්🥰❤️🥺
භාවනාවක් 🖤
ආත්ම ස්පර්ශ... මාගෙ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරමින් ඇසට කදුලක් ගෙන ආවා...❤😢 ලස්සනයි කතාව... හැකිනම් සුභ ගමන් නොකියාම යන්න ♥️🙂
මේ චරිතය පිටුපස දුක හිතෙන කතා ගොඩක් තියෙනවා | ඉවසමින් තවම සොයමි මෙවැනි හෙමින් වර්ධනය වන ගෝචරාත්ම ගැහැණු ළමයෙක් 🥺♥️
බලපු වාර ගාණට like button එක press කරන්න පුළුවන් උනා නම් 😥❤️.. හදවතට කතා කරන වචන ❤️❤️❤️ keep up nethsara 😍😍😍❤️❤️❤️
විනාඩි 6 කට පුලුවන් උනා.... හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්න.... ♥️🥺🌻
ආත්ම ස්පර්ශ කියන්නෙ ඒකනේ 💆♂❤
මත් එහෙමයි ❤
ඇත්ත 🤍
ඇත්ත ❤
හිමි නොවෙන බව දැන දැනත් තාමත් එයාට ආදරෙයි❤ එයා බෑ බෑ කිවුවත් පස්සෙ ආරක්ශා කරනවා.. මන් ඒ ආදරේට හරි ආදරෙයි..මට විශ්වාසයි දවසක එයා මා ගාවට එනවා කියලා විශ්වාසයි...💖 මං වගේ ආදරයක් තියෙන ඔයාලටත් දවසක එයත් එක්කම හරි යන්න ඕනෙ 💖
හ්ම්ම්.. එයා එයි.. ❤
'ආත්ම ස්පර්ශ' ✨️දැළි ලංතෑරුම් එළිය පෙමින් බරයි නුඹේ මුහුණකොහේ මුවා වුනාද මේ සෙවනැල්ල මල් පෙතිත් නැතුවාය මෙතරම් සිව්මැළි ඔයා මත්වෙලා ඉන්නෙ මගෙ ආදරෙන් ඒකයි ඔය ඔයා කිව්වෙ,එහෙම මට ඇහුණේ එහෙම අපි මේ ලෝකෙ ඉන්න ආදරණීය පෙම්වතුන් වන්නෙමි...🗣️🫀
❤❤❤❤❤❤
🎉🎉❤thanks
මගෙ පලවෙනි ආදරය. 2016 මට වයස 16. අවුරැදු 3 ක් එයා එක්ක හියිය. මගෙ ජිවිතේ සුන්දරම කාලෙ. දවසක් එයාගෙ පපුවට ඹලුව තියාගෙන wish kala. එයා ඉන්නකන් ඉන්න තිබුනොත් ඇති කියල එයාව ආදරෙන් බලා ගන්න. මෙහෙම යනව කියල දන්නවනම් මගෙ පනත් අරන් ජිවත් නෙන්න කියල wish karanwa. පන වගේ ආදරේ කලා අන්තිමට යන්නම යන්න ගියා. අහන්න ප්‍රශ්න ගොඩක් තියනව ආයෙ කවදහරි හම්බුනොත් අහන්නම්. ඹබ නැතත් මල් පිපෙනවා ඒත් මේ මල් ඒ මල් තරම් සුන්දර නෑ. ආදරය කියන්නෙ ජිවිතයට එක පාරක් දැනෙන දෙයක් කියල මම නම් හිතන්නෙ. ඒ ආදරේට තාමත් අාදරෙයි. 🤍🤍
හරිම ලස්සනයි හදවත පසාරු වෙන වේදනාවක්,කොපමණ පීඩාවන් එක්ක සිටියත් අවැසි එක් ආදරණීය හදවතක් පමණයි,ආදරය අසල රැදෙන්න ලැබෙන එක තත්පරෙත් නැති කර ගන්න එපා ❤️🩹,එහෙම නොවුනොත් අහිමි වීමේ වේදනාව ප්‍රබලවනු ඇත..
මේක බලපුවෙලේ ඉදන් හදවත නැවතුනා වගේ දැනුන. පරන මතකයන් එක්ක අමුතුම ස්වර්ගයකට හිත ගියා. කියන්න වචන නෑ මිනිස්සුන්ගෙ හදවත ගැහෙන ශබ්දෙ තමන්ගෙ කනටම දෝංකාර දිදී ඇහෙන ඇස්පිල්ලම් නොගහ බැලෙන තරමට සැබෑ ආදරේ සිතට කාවද්දන තරමටම වීඩියෝ එක භාවනාවක් කොටින්ම කිව්වොත් සුපිරියක්.❤ තව තවත් මේ වගේ සිත් ඇද බැද ගන්න වීඩියෝ කරන්න ශක්තිය වාසනාව ලැබේවා. 🎉🍃💚
ප්‍රේමය වෙනුවෙන් මිනිස්සුන්ට මහලොකු දේවල් ඕනේ නෑ,එක හිනාවක්,ආදරණීය වචනයක්,ලස්සන මතකයක් හොඳටෝම ප්‍රමාණවත් 🫂🌻🖤මතකයන් එක්ක ජීවත් වෙන එකත් ප්‍රේමයක් 😪❤️
Ow niwarayan
මටත් මතක් වෙනවා ..දියත පාක් එකේ ඔය පුටුව උඩම...ඔතනම තමයි ..එයා මාත් එක්ක ආදරෙ න්..කියපු ඔක්කෝම දේවල් ...ඒ ඔක්කොම මතක අතරෙ මන් දැන් තනිවෙලා...රස්සවෙන් අයින් වෙලා ගමට යන ද්වසෙ එයා අනිත් පැත්තට වෙලා අඩපු හැටි 😢.. ජිවිතෙ මේ වගෙ හැමොටම වෙන්න බෑ..මොකද ගොඩක් අය සතුටින් ඉන්නවා ..එත් මම..තමත් එයාවම පතාගෙන ඉන්න්වා. කවදාකම හරි ආයෙත් ඉස්සර වගේ කතා කරාවි කියල ..අදට මාස දෙකක් 😢..මට හිතාගන්න බැරි දෙන්නෙක් ආදරේ කරා නම් ඇයි එක මනුස්සයෙක් විතරක් මෙහෙම විදවන්නෙ...අදටත් අපි ඇවිදපු තැන් වලින් ..යද්දී ..ඉස්සර මතක් වෙනවා ...ඒ වෙදනාව..දන්නෙ තනි වුන මම විතරමයි...❤😢
මේ වගේම සිද්දි තමන්ගේ ජීවීතේ ඇත්තටම සිද්ද උන ඒත් සමාජෙට කියාගන්න බැරුව ඉන්න කොච්චර ආදරණීය මිනිස්සු තව කොච්චරක් මේ මහපොලවේ තනියම දරාගෙන ඇතිද ..... 🥺❤
"කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට..ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම.." I felt it 🥺❤🥀
ඒ විනාඩි ගාන මාව ඇඩෙව්වා එච්චරටම මගේ හදවත ස්පර්ශ කරා මේ නිර්මාණය ❤🥺
අනේ මන්දා..මෙච්චර මානසිකව නොවැටුනට..මට ඒ හැගීම දැනෙනවා කියගන්න බැරි වේදනාවක් එක්කම..🥺❤️
අම්මෙ.. අම්මෙ.. මං කියල තියෙනව...අම්ම ඉස්සරහත් ඒ ආදරෙ කියන්න තරම් හිත හයිය වෙන්නෙ අවන්කව ගැහැණුන්ට ගරු කරන්න දන්න, එකම කෙල්ලෙක්ට ආදරේ දෙන කොල්ලෙක්ටම තමා...කොච්චර බෙහෙත් ගත්තත් ඕනෙම බෙහෙත නැති උන දවසට ඒ පිස්සුව හොදකරන්න වෙන එකක් නෑ...
ආදරය විටෙක භාවනාවක් දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉදිරියට ජීවත් වෙන ගමනේ .... එයා මගේ ජීවිතේට ආවේ මං ජීවිතේ ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක කලිං දැනුනත් මට ඒ ආදරේ අයිති කරගන්න වාසනාවක් තිබ්බේ නෑ... ඒත් සංසාරේ පුරුද්දට එයා මං එනකල් හිටියා.... ඉතිං එදා පටන් ගත්ත අලුත් ගමන අපි දෙන්නා සතුටින් ඉස්සරහට යනවා අවුරුදු හතරක ඉදන් .... මේ අවුරුදු හතරේ අපි දෙන්න එකට ඉන්න ලොකුම හේතුවක් උනේ එයා .... මොකද මං ජීවත් වෙන විදිහ වෙනස් කරන්න එයා මුලදි උත්සහ කරා ඒත් පස්සේ එයා කරේ මගේ විදිහට ආදරේ කෙරුව එක... ඉතිං... මීට වඩා මාව තේරුම් ගන්න කෙනෙක් තවත් නැති වෙයි.... අම්මා තාත්තගේ ආදරේට විතරක් දෙවෙනි ඒ ආදරේ තමා මගේ ජීවිතේ හිනා වෙලා ඉන්න මට උදව් කරේ මගේ මැණිකේ...❤
🥺🥺🥺🥺🥺
@@bashinisansala3739 මැණික
පොඩි වෙලාවකින් ලොකු concept එකක් එළියට දැම්මා වැඩේ ගැන කියන්න වචන නෑ ඒ අස්සෙ ගංගධාරගෙ වොයිස් එක පිස්සු හැදෙනවා 🥺❤️🩹
හේතුවක් නැතුවාත් මේක බලද්දී හිතට බයයි 😔🖤 ඒ තරන් හිතට දැනෙනෙවා මේක 💫🥀
ඇයි මේක මෙච්චරම හදවතට දැනෙන්නෙ . අහිංසක හදවත් පුදුම විදිහට ස්පර්ශ කරනව ❤
ආදරය ඒ වචනය හරිම පුදුමාකාරයි.මගෙ ජිවිතේට ආව ගිය අය ගොඩායි.හැබැයි අද වෙනකන් මන් ලග රැදුනු කෙනෙක් හම්බුනේ නෑ😊මට තේරැම් ගන්න බැරි.ආදරය කියන ලස්සන වචනයට.මනුස්සයො ඇයි තැනක් දෙන්නෙ නැත්තෙ කියලා.හැබැයි මන් අදටත් ආදරය විශ්වාස කරනවා😢
මගෙ චූටි මැණික ,මමත් තව රස්තියාදු උනානන් ඔබ ලග ඔබ තාමත් ඉදී මගෙ ලග සමාවෙන්න ඉන්න බැරි උනාට ඔබ ලග නැවත ආවොත් නවතින්නට මගෙ ලග රස්තියාදු වෙන්නන් මුලු ජීවිතයම ඔබ ලග ❤
අපේ රටේ අනාගත කලාවට හොඳ අනාගතයක් තියෙනවා. සතුටුයි❤
විනාඩි 6කින් ආත්මයම ස්පර්ශ කල ආත්ම ස්පර්ශ ..!! 🥺හිතට දැනුන ආදරය කවදාවත් කාටවත් අහිමි නොවේවා.. ♥️🌼
සුපිරි මචන් ❤ පළවෙනි වැඩේම.සතුටුයි 😊 පොඩි හරි දේකින් වැඩේට සම්බන්ද වෙන්න පුලුවන් උන එකට. ඉස්සරහට තව වැඩ කරමූ.
මොහොතකට හදවත නතර වුණා වගේ🥺♥️ මේ සිද්ධිය මේ විදියටම නොවුණත් යම් විදියකින් මගේ ජීවිතයටත් සම්බන්ධයි. සමහර විට හදවත නතර වෙලා මං මොහොතකට මං ගොළු වුනේ ඒ නිසාම වෙන්න ඇති🙂💔හැකි නම් සුභ ගමන් නොකියම යන්න🥀
මං මේ වීඩියෝ එක බලන කීවෙනි පාරද කියන්න මං දන්නෙ නෑ ... හැබැයි බලන හැම පාරම පලවෙනි දවසෙ බලද්දි හිතට දැනුනු ඒ හැගීම අදටත් එහෙන්මම දැනෙනවා 🥺❤️ . සමහර නොලැබීම් දරාගන්න හරි ම අමාරුයි , ඇත්ත තමයි දැනුනු ආදරේ අහිමි වෙද්දි මිනිස්සු ගොඩක් දුරට අමු අමුවෙම පිස්සො වෙනවා 🥺 ... හරි ම ලස්සනයි .. ❤️
කාලයක් තිබුනා මං ආසම කෙනත් පැය ගාණක් තිස්සෙ බස් එකේ ඇවිත් මාව බලල යන 😥 ඇත්තටම අදටත් ඒ අතීතෙට මාරම ආදරෙයි. හිත නිවෙන මතකය ඔයා. කොයිම ආත්මෙක හරි සදහටම නවතින්න බලාගෙන මං ඔයා ලඟට එනවා. ඒක පොරොන්දුවක් 😥
මගේ ගෑනු ලමයටත් මේ වගේම ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ ......මොනා කරන්න ද කියලා හිතා ගන්න බෑ.....😢
@@kumarathusitha7990 ඒයා ලගින් ඉන්න තනිකරන්නේ නැතුව සමහර විට එයා ඒක බලාපොරොත්තු වෙනවා ඇති
විනාඩි 6 කට වෙනම ලෝකෙකට රැගෙන ගියාට නිර්මාණකරුවන්ට ස්තුතියි.❤ waiting for the next one😍
ඒක රස්තියාදුවක්නං,මං ඒ රස්තියාදුවට මාර ආදරෙයි ❤️
"හැකි නම් සුභ ගමන් නොකියාම යන්න. ඔයාට නොතේරෙනවා උන්ට, සුභ කියන්නේ හරි අකාරුණික යෙදුමක්"-felt it 💔
මේක මට අද හම්බුනේ.. මේක බලලා ඉවර වෙද්දි මොකක්දෝ දෙයක් දුකක් දැනුනා.. පපුවට මේක ඇත්තටම ස්පර්ශ උනා... 😢❤ I felt it '' හැකිනම් සුභ ගමන් නොකියා යන්න''❤ Good luck ❤❤❤
" ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ? "පොත කියවලා ආපු උන් 🖖 - ගගන වර්ණකුලසූරිය ❤❤ ඇත්තටම ඒ වගේ කලුවර වෙලාවක සුබ කියන්නෙ හරි අකාරුණික යෙදුමක් ... ස්තූතියි ගගන අයියෙ ඒක වචන කරාට ❤
ජීවිතේ කවදා හරි දවසක මේ කතාව බලන්න.අවසානය වෙනස් උනාට මේකත් අපේම කතාවක්.ඔයාට අපිව පෙනේවි.....🌹💔
මටම උනා වගේ ලොකු තනිකමක් දුකක් දැනෙනව කියා ගන්න බැරි තරම් 😓💗Good job team ❤️
බලල ඉවර වෙද්දි කියන්න ගොඩක් දේවල් හිතට ආවා... ඒත් ඒ එකක් වත් කියාගන්න තරං හයියක් නෑ... කෙටියෙන්ම කිව්වොත් අන්තිමට මටත් නොදැනිම මගෙ ඇස් දෙකෙන් වැටුනෙ කඳුළු බිංදු... 🙂 ඔව්... මේක ඇත්තටම ආත්ම ස්පර්ශයක් ම තමා ❤️🩹 ජයවේවා සහෝදරයා ❤️
☹️
මිනිස්සු අපේ ජීවිතේට එන්නෙ සහ ඇවිල්ල යන්නෙ ගිය ආත්ම වල බැදීමත් එක්ක..😣 ඒත් ඒ හැම බැදීමක්ම අපේ ජීවිතේ සතුටම ඉතුරු කරන්නෙ නෑ.. ඒක ගොඩක් වෙලාවට විදවන්නම වෙන දෙයක් විතරයි.. 💔 කෙනෙක්ට පණ වගේ ආදරේ කරල ඒ ආදරේ අපෙන් ඈත් වෙලාම ගියාම එතනින් එහාට අපේ ජීවිතේට එන කෙනාට අර දුන්න වගේ ආදරයක් කවදාවත් දෙන්න බෑ. දෙන්න හිතෙන්නෙත් නෑ.. 😢 ඒක හිතල කරන දෙයක් නෙමේ.. ඒත් ඒක පට්ටම අවුල් විදියට අපි විදවන්න සිද්ද කරපු හින්ද . සමහරවිට අපිව දාල ගිය කෙනාට පස්සෙ ආව අනිත් කෙනා අපිට සිරාම ආදරේ ඇති. ඒත් ඇයි ඒ ආදරේ වටිනාකමක් දැනෙන්නෙ නැත්තෙ.. ?? 😣 අන්න එතන හැමදාමත් මම විදවනවා.. අදටත්. කොහොමද හිත හදන් ඉස්සරහට යන්නෙ කියල තාමත් හිතනවා.. 😖😖💔
E wachana tika hariyatama kiyala tiyewana 💔💯
I tried to hide my tears but at the last part I cried a lot with a shock...Nothing to say more..." *හැකි නම් සුබ ගමන් නොකියම යන්න* " I felt it...🥺😔❤
Can someone tell me the meaning in English I’m from India didn’t understood the story because of language barrier 😅
@@sverma_9 The girl in this video is already dead 🙂
ඇස් දෙකේ කඳුලු පිරුනා ඒ වචන වලට.........🥺❤️මාරම ලස්සන නිර්මාණයක් ❤️🌸
| ඉතින් අපි මේ ලෝකෙ ඉන්න ආදරණීයමපෙම්වතුන් වන්නෙ"මි".🥺💛🌻සමහර වෙන්වීම් තාමත් අපේ හිත් තුළ ජීවත් වෙනවා!
ඇත්තෙන්ම ඔව්
"අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන්ආදරෙයි උතුරන්න " 💜
"ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කරන එක රස්තියාදුවක් නෙවෙයි, හිමි වුනත් නොවුනත් ඒ තමයි ආදරේ හැටි"🥀♥️දැනුන ආදරය කිසිම මනුස්සයෙක්ට අහිමි නොවේවා!
අමතක කරන්න අමාරු අත්හැරුණු බැදීම් නෙවෙයි ..ඒ බැදීම් එක්ක අපි දැකපු හීන 🙂💔
මේවා තමයි දැනෙන නිර්මාණ .. මේ වගේ ඒවා තවත් ඕනී ❤
හැම වචනයක් ගානේම දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනව හේතුවක් නැතිවම ( මරණීය උණත් මේ තත්පර විශ්වාස කරනවාද දරා ගන්න බැරි ප්‍රේමයක් දැනෙනව මට තාම)😔❤️
මටත් තියෙනවා කතාවක්. හැබැයි මීට වඩා ගොඩක් වෙනස්. මං කෙනෙක්ට ආදරේ කරා. තාම කරනවා. අපි එකම කැම්පස් එකේ එයා engineering faculty. මම agri faculty. මං එයාට ලං වෙනකොට දැනගෙන හිටියේ නෑ එයාට තවත් කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ටික කාලයක් යනකොට මං ඒක දැන ගත්තා. හබැයි ඒ වෙනකොටත් මට එයාව අමතක කරන්න බැරි තරමට එයාට ආදරේ කරා. ඈත් වෙන්න කොච්චර උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුනා. ඒකට එයත් හේතුවක් වුනා. එයාටත් මගෙන් ඈත් වෙන්න බැරි වුනා. එයා ලස්සනට 2ම balance කරගෙන ගියා. හැබැයි මං දැනගෙන හිටියත් එයාගේ අනිත් කෙනා කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. මං හැමදේම දැනගෙනත් එයාට ආදරේ කරා. අනික මට වඩා අනිත් කෙනාට ආදරෙයි කියලත් මං දැනගෙන හිටියා. ඒ හැමදේම දැනගෙනත් මං එයාට ආදරේ කරා. ආදරේ අරාට ලැබෙන්න ඕන නෑනේ කියල හිත රවට්ටගෙන ආදරේ කරා. ඒත් මේ ලඟදි එයාගේ අනිත් පෙම්වතිය accident වෙලා. එයා මටත් වඩා බාල නංගි කෙනෙක්. ඒ ගැන කියන්න එයා කතා කරා. ඇත්තටම මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් මට එයාගෙන් ඈත් වෙන්න ඕන. මං අනිත් කෙනාට කරන අසාධාරණයක් මේක. එයා තාමත් දුක කියන්න මට කතා කරනවා. යාළුවෝ වගේ ඉමු කියලා හිතුවත් ඉන්න බෑ දැන්. ඈත් කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. මං තාමත් එයාට ආදරෙයි. පුලුවන් කෙනෙක් උත්තරයක් දෙන්න. ඒ වගේම ඒ නංගිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. 🙏
අනේ මේ කතාවට දුක හිතුන 😔හැබැයි ලස්සනයී 😊💯මේ ලෝකේ ජිවත් වෙන එත් දැන් මගේ ලග නැති කෙනාව මතක් උනා ♥️
විනාඩි හයකින් ආදරේ කියන්නෙ මොකක්ද කියල හදවතටම දැනෙන්න සලස්වපු ලස්සන වීඩියෝ එකක් background music එක 🥺❤️✨️
අන්තිම තත්ත්පර කිහිපයේ ඩක ඩක ගාලා සද්දෙටගැහෙන්න ගත්තා එකපාරටමබැලුවා ඒ මොකද්ද..බැලින්නම් ඒ මගෙ හදවත 🖤එච්චරට දැණුනා මේක 🙌❤️🌹
හිමි වේවා අහිමි නොවේවා කාටත්.... කවුරුත් පතන අවංක ආදරය..... මටත්...😢
මේක බලන්න බෑ බන් ඇඩෙනවනේ ...🙂 ගොඩ කාලෙකට කලින් බලපු ආයේ අන්ක එකේම ශෝට් ෆිල්ම් එකක් ... මෙන්න මේවට තැනක් දෙන්න ඕන ... මේකේ රචකයා 😊 වැඩ්ඩෙක්
මමත් අවුරුදු 2 බලන් හිටියා තව අවුරුද්දක් ගෙදර කියයි කියලා හිටියා එයා දැන් ගොඩක් දුර ගිහින් හැබැයි මම අදටත් හෙටත් හැමදාම එයා වෙනුවෙන් බලන් ඉන්නවා R❤ ජිවිතේම රස්තියාදුවක්
තමන්ගෙ හිතට වැදුනු... හදවතට දැනුනු ආදරේ... කිසිම කෙනෙකුට අහිමි නොවේවා..🥺
වෙන්වීමක් නැති හමුවීමක් මේ ලෝකයේ නැත, නමුත් වෙන්වීමෙන් පසුව ඔවුන්ගේ මතක ඔවුන්ට හුස්ම පොවනවා ඇත එමනිසා හමුවී සිටින කාලය ගැන සුන්දර මතක පමණක් ඉතුරු කර යන්න.🙂❤️ 4:53
One Of the Best Short Film❤️🥹 හරිම ලස්සනයි ඒ වචන ටික අහිංසක රස්තියාදුවක් අපි හැමෝටම තියෙනවා❤️
I felt it අපි ගොඩක් ආදරේ කරන කෙන්ක්ගෙ වෙන්වීම කොච්චර හයිය මිනිහෙක් උන්ත් දරාගන්න අමාරුයි ඒකයි ඇත්ත 😥😥
Muffin:මොහොතකටවත් ඈත් නොවී ළඟ හිටියත්, මේ හැම වචනයක් අස්සෙම ඉතිරෙන ආදරේ එක්ක මට ඔයාව පේනවා...මගේ හදවතේ තියන ප්‍රේමය දයාව විරහව යන හැම හැඟීමකම ජීවත් වෙන්නේ ඔයා.මගේ එකම ප්‍රාර්ථනාව මේ ලෝකෙන් යන්න ඇස් පියවෙන දවසක් වෙනකන් ඔය ඇස් වල මට මාවම පේන්න කියලා...මං හරි ආදරෙයි...❤
ආදරෙයි මාත්..ලෝකෙන් යනකන්ම මාත් එක්කම ඉන්න.❤❤ මගෙ තුහින මල😘❤️🌻
ස්පර්ශයක්වත් දැක්මක්වත් නොමැතිව ඔහුගෙ නම මුමුනමින් දවස ගත කරන මාද කරන්නෙ රස්තියාදුවක්දො හැඟේ.නුඹනම් ආදරණීය රස්තියාදුවක්මය නිරන්තරයෙන්ම මාගෙ ආත්මයම නිවන්නට සමත් 🥰❤️#2023_04_24 #21:49
අම්මෝ ඒකනම් ඇත්තක් කලින්😁
මම ආදරේ කරපු මගෙ ගෑනු ලමය නැති උනා මීට මාස අටකට උඩදි... මගෙ ජීවිතේ දෙවනි අම්ම උනේ එයා... උසස් පෙල කාලෙ ඉදන්ම මගෙ හෙවනැල්ල උනේ එයා, අපි දෙන්නම කැම්පස් එකෙන් අව්ට් වෙලා ලස්සනට ජීවත් වෙන්න ගහපු ප්ලෑන්... ඒ සේරම මට විතරක් දීල යන්න ගියා.... ඒ උනත් අදටත් මම එයා වෙනුවෙන් බලන් ඉන්නව....එයාගෙ කටහඩ, හිනාව අදටත් මට මැවිල පේනව... එයා නැති ජීවිතයක් මට තේරෙන්නෙ නෑ තවමත්... මටත් එයා ගිය තැනට ඉක්මනින්ම යන්න ඕනි... එකම බාදාව අම්ම...... ජීවිතේ කිසිම දාක මට අත් වෙච්ච දේ කිසිම කෙනෙක්ට විදින්න හම්බවෙන්න එපා...
😢😢
ඔයාල දෙන්නම ලස්සනට එ මවපු හීන හැබෑ කරන්න. අනාගතේ ලස්සනට ඉන්න හිතපු විදියට ඔයා ඉන්න. ඔයාට ආදරෙ කරපු එයා සතුටු වෙයි ඉන්න තැනක ඉදලා. ඔයාගෙ සතුට එයාගෙ සතුට ඉතින් ඔයා හිනාවෙලා ඉන්න එයා වෙනුවෙන් එයාගෙ ආදරෙ වෙනුවෙන්. එයා නැති උනත් ආදරෙ නැතිවෙන්නෙ නෑනෙ . ❤
😢😢
Adooo😢 aiyee😢😢
😢😢😢
එයාව මට හම්බවුනේ පිස්සෙක් විදියට. ඇත්තටම පිස්සෙක්. තමන්ට තමන් ගැනවත් හැගීමක් නැති අමුතු සතෙක්.
අම්මා, තාත්තා, ගෙදරක්........ මේ කිසිම දෙයක් නැති ඕපපාතික ලස්සන හිතක්. ඉතින් මට හිතුන හැමදේම තියනෙකෙක්ට වඩා කිසිදෙයක් නැති එකෙක්ට ආදරේ කරනෙක තමා වටින්නෙ කියල. ඉතින් ආදරේ කලා. අවුරුදු හතරක්. හිගන්නියෙක් වෙච්ච මන් හැමදාම එයාගෙ ජීවිතේ මදිපාඩු පිරෙව්වා. කියන්න ලැජ්ජැ නෑ.ඉරිච්ච යට ඇදුම්වලට කටු ගගහ අදින තරම් හිගනකමකින් හිටිය මන් බෝඩිම් කෑල්ල අස්සෙ වැටිලා දවස් පඩියට කොලබ රස්සා කරා. මට මහන්සි දැනුන්නෑ. ජීවිතේ මට මගේ කියන හීන ගොඩාක් ඈතට යනකොට මන් දැක්ක එකම හීනේ එයාගෙ ජීවිතේ එයාට නැති වුණ හැමදේම දෙන එක. ඉතින් මන් අම්මෙක් වෙන්න හිතුවා. ඉන්න තැනක් නැතුව අතන මෙතන කුලීවැඩ කරනවා බලන්න බැරි හින්දා මන් හරි දරුණු රිස්ක් එකක් එක්ක මාව විශ්වාස කරපු මිනිස්සුන්ටත් බොරු කියල බෝඩිමෙ එහාපැත්තෙ කාමරේ එයාට අරන් දුන්නා. මට ඕනි උනා අඩුම තුන්වේල බඩ පිරෙන්න කන්න ටික හරි දෙන්න. එතකොට හරිහමන් රස්සාවක් තිබුනෙත් නෑ අපිට. මන් පාන්දර පහේ ට්‍රාන්ස්පෝට් එකේ නැගල කලාපෙ වැඩට පවා ගියා. පාන්දර උයලා උදේට කිරි එක හදලා උදේට දවල්ට වේල් දෙකම වෙනම කෑම බැදල බෝඩිමේ අය දකියි කියල හොරෙන් ජනේලේ ඇරල ජනෙල් ලෑල්ල උඩින් කෑම ටික තියලා යනවා. 🤭 හවසට දුවන් එන්නෙ රෑට මොනාහරි හදල දෙන්න බලන්. ඊටපස්සෙ මන් මගේ ඩිප්ලෝමා එකට කියල තියාගෙන හිටපු සබ්බ සකල සේසතම වියදම් කලේ එයාව සනීප කරගන්න. එයාට ලස්සන ඇදුමක් අරන් දෙන්න. රහට කන්න දෙන්න. මගෙ ජීවිතේ සතුට වුනේ ඒ දේවල්.එයාට පුළුවන් ලස්සනට අදින්න. ඔව් මිනිස්සු පනපිටින් වගේ අදින්න. ඉතින් මට ඕනි වුනා එයාව පිකාසෝ කෙනෙක් කරන්න. ඊටපස්සෙ මන් හැමදාම හීන දැක්කා හැමෝම කුනුවෙච්ච ජරාවක් වගේ විසිකරපු එයාව ඒ මිනිස්සුන්ට ඊරිසියා හිතෙන මිනිහෙක් කරල පෙන්නන්න. එයා ඇරුනම මට ජීවිතයක් තිබ්බෙ නෑ. ඒෆෝ කොලේ පැන්සලේ පින්සලේ ඉදන් අරන් දෙන්න ඕනි වුනා. ඒත් එක්කම මන් එයාට නොකිය හොර වැඩක් කරා 🤭 එයාටම කියල ආර්ට් ගැලරි එකක් දාන්න ටිකක් ලොකු ලෝන් එකක් ගැහුවා. හැමදේම ඩිසයින් කලා. ඕනි ටූල් සෙට් එක ඕඩර් කරල මන් එයාව සප්‍රයිස් කරන්න බලන් හිටිය. ඒත් ඊටකලින් එයා මාව සප්‍රයිස් කලා 🤭 පෙන්සිල් ටූල් සෙට් එක අතට ඇවිත් බලනකොට එයා වෙන ගෑනු පරානයක් එක්ක රිලේශන්ශිප් දාලා 🤭 අඩුම මට ඇඩුනෙවත් නෑ. ඒ වේදනාව උපරිම තැන වෙන්නැති. මන් මගෙ අප්පච්චිට වඩා විශ්වාස කරපු පිරිමි පරානේ එහෙම කලාම අඩන්න ඕනිද කියලවත් මට හිතාගන්න බැරි වුනා. එතනින් එහා හිතාගන්න බැරි විදියට එයා මාව වැරදිකාරියෙක් කරල තිබුනා. සත්තකින්ම ආත්මගරුත්වෙ කියනෙක අදහපු මන් එයා ගෙදර ආව දවසක එයා ආසම බියර් එක වෙනුවෙන් දකින උන්ට බම්බු ගහගන්න කියල බාර් පෝලිමේ පවා ඉදල තියනවා. 😊 ආදරේ වෙනුවෙන් ඕනෙ මගුලක් ඔට්ටුයි කියල එහෙම හිතපු මට " උබ ගාව සතුටක් නෑ" කියන වචන ටික අහන්න වුන අවසාන තත්පරේ මාව කෑලි කෑලිවලට පොඩි වුනා. එයාගෙ රිලේශන්ශිප් එකෙන් පස්සෙ ආයෙ මන් එස් එම් එස් එකකින්වත් සත්තකින්ම එයාගෙ ජීවිතේ අස්සට රිංගන්න ගියෙ නෑ. ඒත් එයාගෙ අලුත් ගෑනු කෙනා පස්සෙන් පන්න පන්න මට රිදවන්න පුළුවන් තරම් අදටත් දගලනවා. ආදරේ ඇතුලෙ සමහර දරාගැනීම් හරි පුදුමයි. ඉතින් එයා ගියා. ඊටපස්සෙ හැමදාම මන් තට්ට තනියෙන් අපි එකට ගියපු පාරවල්වල ඇවිද්දා. ඒ හැම තැනම මාත් එක්ක එයා හිටියා. වටේ හිටපු හැමෝම කිව්වා ඌ ගිහින් කියල . මන් පිලිගත්තෙ නෑ. අදටත් මගේ කාමරේ බිත්ති පිරිල තියෙන්නෙ එයාගෙ පෙන්සිල් ආර්ට් වලින්. අදටත් මන් හිතන් ඉන්නෙ එයාගෙ ආර්ට් ගැලරි එකේ මන් ඉන්නෙ කියල. ඊටපස්සෙ මට ඒ බෝඩිමේ ඉන්න හයියක් තිබ්බෙ නෑ. හැමතැනම හැම පාරකම අපි එකට ඇවිදිනේක ( එයා නැතුව) මිනිස්සුන්ගෙන් දිගටම හංගන් ඉන්න බෑ කියල මට තේරුනා. එයාගෙ ජීවිතේ මන් දැන් දෑහැට පේන්න බැරි වයිරක්කාරියක් උනත් එයාට මන් තාම උදේට එයාට තේ එකක් හදනවා ඉස්සර වගේ එයා තේක බීලා ඉතුරු බාගේ දෙනකල් බලන් ඉන්නවා. 😊 ඇත්තටම බැලුවොත් ආදරේ අස්සෙ අපි හුගක් උන් භින්නෝන්මාදකාරයෝ. කවදාවත් මිනිහෙක්ව මැරුවත් ආදරේ අස්සෙ දීපූ පොරොන්දු බොරු කරන්නෙපා. නොගැලපෙනකොට කියල සමුගන්න. නොකිය අතෑරියම වේදනාව දරුණුයි. මේ වීඩියෝ එකේ විනාඩි දෙක තුන මාව ආයෙ බයිපෝලා හැදිච්චෙකෙක් කලා 🤭 මට අමතක කරපු මාවම ආයෙ මතක් වෙන්න අරන්. ඇත්තටම මේක ආත්ම ස්පර්ශයක්.
මන්නම් කියන්නෙ මෙහෙම ආදර කතාවල ඩිප්‍රෙශන් කාරයෙක් වෙනව කියන්නෙ ඒ ආදරේ කොහේවත් "මැරිල නෑ"
ඉතින් මේ කොල්ලගෙ අම්මලට තමා පිස්සු.🤭
මොකද නේත්‍රා කවදාවත් මැරුන්නෑ.
ආදරේ කියන්නෙ පිස්සුවක්.
හැබැයි කවදාවත් ආදරේ හින්ද කවුරුවවත්ම පිස්සො වෙන්න හොද නෑ 🙏🙏
🥺
Felt it ❤
🥺
ඔයාට ගොඩක් හොද හදවතක් තියෙනවා හරිම ලස්සන ❤️😇
🙃💓
මන් යාලු වෙලා ඉන්න කෙනත් ඉන්නේ ගොඩක් දුර..එයා army එකේ..නිවාඩු හම්බුන ගමන් මාව බලන්න එනවා..බස් තුනක එන්න ඕනි..ඒ ඇවිත් මෙහෙන් බහින කොට කොල්ලට හොද ගනන් මහන්සි නෑ කියලා පේන්න බොරු හිනාවක් දානවා ඒ උනාට මූනෙන් පේනවා මහන්සි කියලා පාන්දරින් බස් එකට නැගලා දවල් වෙනකම්ම ආවම මහන්සි නැද්ද ඉතිම්..ඒ ඇවිල්ලා ගොඩක් හවස් වෙනකම් බීච් එකේ එහෙ මෙහෙ ඇවිදලා පොඩි ලමයි දෙන්නෙක් වගේ සෙල්ලම් කරලා එයාට රෑට ඉන්න hotel එකක room එකකුත් බුක් කරලා තමා මාත් ගෙදර එන්නේ.පහුවෙනිදා උදෙන්ම ඉතින් මම යනවා කොල්ලව ආයි ගෙදර යන්න බස් එකට දාන්න..මූනත් බුම්මගෙන කදුලු පුරෝගෙන බස් එකට නගින හැටි දැක්කාමත් හිනායනවා මූ ඇත්තටම army එකේ කොල්ලෙක්ද කියලත් හිතෙනවා අඩන මූන දැක්කාම.. මාත් හිනාවුනාට එයා ඒම යනකොට ගොඩක් දුකයි..ආයිත් කවදා එයිද කියලා හිතෙනකොට යන්න දෙන්නත් ලෝබයි...🥺💔
තමන් පන වගේ ආදරේ කරන කෙල්ලව බලන්න එන එක රස්තියාදුවක් නෙමේ..ඒ ආදරේ.. එච්චර දුර ඉදන් ඇවිත් මූන බලලා යන්න හිතෙන්නෙ ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට විතරයි... 🙂❤
මට අවුරුදු 20යි. මම A/L 2nd shay කරන ලමයෙක්.. මට exam එකට මාස 3k තියලා ලස්ස්න කෙල්ලෙක් හම්බුනා එයාගෙ නම ජානු. මම පොලොන්නරුවේ එයා හෝමාගම. මම එයාට මගේ අම්මට වැඩියෙන් ආදරේ කරා. මෙහෙම මාස 2හමාරක් වගේ ආදරේ කරා. මට එයාගෙන් තිර ලෝකයක් නෑ. එයාටත් එහෙමමයි. මම මගේ අම්මට වැඩියෙන් ආදරෙ කරා.
මම දවසක් එයාව බලන්න ගියා. පොලොන්නරුවේ ඉදම් හෝමාගමට. මම කවදාවත් කොළඹ දැකලා තිබ්බේ නෑ. එයා නිසා මම කොහොම හරි යනවා කියලා හිතාගෙන පොලොන්නරුවේන් රෑ10ට බස් එකට නැග්ගා. කොටුවට හරියටම පානදර 5:30 වෙද්දි ගියා. හොදම දේ තමයි පැය 7 1/2 වගේ හිටගෙනම. කම්ක් නෑ මොන දේ උනත් මම එයාට ආදරෙයි ඉවසන් ඉන්නවා කියල හිතට හයිය ගත්තා. මම එයාට කෝල් එකක් දීලා. කොහොමද එන්නේ කියලා අහලා එයාව බලන්න හෝමාගමටම ගියා.. අපි දෙන්නා මීට් උනා. මට සිහියක් නෑ එයාව දැක්කට පස්සෙ. එයා ඇත්තටම පුංචි හුරතල් සුරංගනාවියක්. අපි දෙන්නා පන්සලකට ගියා මුලින්ම. එහෙ පහන් පත්තු කරලා අපි කැම කන්න ගියා. එයා හෙදරට බොරු කියලා ඇවිල්ලා තිබුන නිසා මට එයත් එක්ක ඉන්න තිබුන වෙලාව අඩුයි. ඉතිම් අපි එතනින් වෙන් වෙන්න සිද්ද උනා අකමැත්තෙන් උනත්. මම එදා බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන පහුවදා ගෙදර ආවා. මට දැන් exam එක 2024/01/11 physics පේපර් එක. මට 01/10 වෙනිදා මට කෝල් එකක් එනවා එයාගෙන් මේක නවත්තන්න ඕනි මට ඔයාව මට ගැලපෙන්නෙ නැ කියලා. අනේ මන් මොනවද කරන්නේ කියන්නකො. මගේ ලෝකෙම එයා.. මට එයා නැතුව විනාඩියක්වත් ඉන්න බෑ කියලා එයා හොදටම දන්නවා. අනික එයාට හිතන්න තිබුනා මට හෙට exam කියලා.. ඒත් එයා ගියා. මන් එයා නිසා මාන්සික ලෙඩෙක් වෙලා. එයා ගීම් අදට මාස 10යි දවාස් 26යි. ම්න් අදටත් dipreshion වලට බෙහෙත් ගන්නවා.එයා දැන් අලුත් කෙනත් එක්ක සතුටිබ් ඇති. මට වෙන්නත් ඕනිඑක තමා.කොහෙ හිටියත් කමක් නැ එයා සතුටින් තියන්න දෙවියනේ.එයාට නරක දෙයක් තියේනම් ඒ දේ මට වෙන්න. එයාට මුකුත් වෙන්න එපා.. ම්න් එයා එනක්ම් බලන් ඉන්නවා කියලා එයාට දැන ගන්න තියන්නත් එපා. බුදු සරණයි. මන් ඔයාට ආදරෙයි. මම ඔයාගෙ bbh. 🥺💔
අනෙ 🥲💔 eka..
2024ත් මේක බලන මට අවුරුද්දක් ගිහිල්ලත් මේක බලද්දි එන දුක නැති වෙන්නෙ නෑ❤️🥺
ou bn
Attc 💔
Sirwtm
ලංකාවේ බොරු සෝබන නැති, පට්ට වැඩ්ඩෝ තවම ඉන්නවා.. සතුටුයි ඒ ගැන.. ඇග, නිරුවත විකුණන් කන යූටියුබ් කාරයන්ට වඩා හරි යන්න ඕනෙ! ජය ❤️
🙏💖
🤓
Aniw.ptt kthaw❤
Aniwaren ❤❤❤
❤
මම මේක පලවෙනි වතාවෙ බලද්දි කිසිම හැගීමක් දැනුනෙ නැති උනාට අද මේක බලනකොට දැනෙන හැගීම මට වචන වලට පෙරලගන්න බෑ 😔🥀
Mee to
"මම හිතන්නේ නෑ ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරන එක රස්තියාදුවක් කියලා " I love it ❤ 👐 🍃
Credit goes to Namal Jayasinghe
@@user-zo9zm8uw9hඑහෙම හිතන්න එපා මචන්
kochchara ahuwth epa wenne na 🥺
❤
අනිවාරෙන්🥺💯
ස්කොල කාලේ පලවෙනියට ආදරේ කරපු, යාලු නොවුන කෙනාට ආදරේ කරපු කෙනාට තරම් දැන් හිතේ ඉන්න කෙනාටවත් ආදරේ කරන් නෑ.හැමදාමත් එයා හොද මතකයක් වෙයි.
Love You J🕊❤️🖤
මට අදටත් දරා ගන්න බැරි ආදරණීය පුද්ගලයගේ නිකමීම සිදුවුනේ 2021.09.05. ඒ කොවිඩ් නිසා නැති වුනු මගේ අම්මා. පොඩි කාලේ ඉඳලා හිටපු එකම යාළුවා විතරක් නෙවෙයි මගේ අම්මා තාත්තා දෙන්නම මගෙ අම්මා. මං ඒ ආදරයට කොච්චර බැඳිලා හිටියද කිව්වොත් මං වැටෙන හැම මොහොතකම මං අම්මා ඉන්න කාලේ කවුරු නැතත් මට අම්මා ඉන්නවා කියලා හිතලා හරිම ලේසියෙන් හිත හදාගත්තා. හැබැයි එයාම අද නැති වෙලා ගියාම මට හිත හදාගන්න හේතුවක් නෑ. අදටත් අම්මා කොවිඩ් හොඳවෙලා ගෙදර එයි කියලා මගේ හිත කියනවා. එයාගෙ වෙන්වීම මට දරාගන්න අමාරුයි නෙවෙයි මට දරාගන්න බෑ. මට එයාට කවදාවත් කියන්න බැරි උන දේවල් ගොඩක් තිබුනා ඉතුරු වෙලා.
අම්මගේ වියෝවෙන් පස්සේ මම තේරුම්ගත්තේ; මනුස්සයෙක් එක්ක අපි ගතකරන අන්තිම මොහොත කොයි වෙලාවෙද කියලා එයාවත් අපිවත් දන්නේ නෑ. නැති දවසක කම්පා නොවී පසුතැවිලි නොවී ජීවත්වෙන්න නම් ඉන්නකන් ආදරණීය පුද්ගලයෙක් විදිහට සලකන්න. අපි ආදරය කරන මිනිස්සු වෙනුවෙන් අපි වැය කරන කාලය, මුදල් මේ කිසිදෙයක් කිසිම විදිහක නාස්ති කිරීමක් නෙවෙයි❤️
🙂👌 මෙච්චර වෙලා කියවපු කිසිම කතාවකට අඩුම දුකවත් හිතුන්නෑ මේක දැකලා කදුලු ආවේ මගෙ හොදම යාලුවත් අම්මා නිසා 🙂🖤
❤
අවසානෙට ලස්සන පනිවිඩයක් දුන්නට ගොඩක් පින්
නිවන් සුව ඔයාගෙ අම්මට
මේක බලද්දී මට මතක් වෙන්නෙ මට මගේ නැති උන බල්ලෝ 3 දෙනා මිනිස්සු නෙමෙයි තමයි ඒත් මට එයාලා දරුවෝ වගේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න සුදු පුතේ , සැන්ඩි , සැලී
"ගෙදර මිනිස්සු හිතන් ඉන්නේ මට... මට පිස්සු කියලා...
මට අනුකම්පා කරනවා මට ඒ අනුකම්පාව දරාගන්න බෑ" I felt it 🙂❤️🩹
😔🖤🥺
me too bro🙂
😢❤️🩹
Comments බලද්දී තමයි තේරෙන්නේ ආදරේ කියන්නේ මොකක්ද කියලා ඇත්තටම ආත්මයම ස්පර්ශ කරා ❤🥺
මටත් තිබුනා....තිබුණා නෙවේ තාමත් මගේ හිතේ ආදරේ තියෙනවා . මම ආදරේ කරපු මගේ පෙම්වතිය ජීවත් උනේ හුඟාක් දුරක. අපි කතා බහ කලාට මැසේජ් කලාට වීඩියෝ කෝල් ගත්තට දෙන්නට දෙන්නව හැබැහින් දකින්න දින ගැන ගැන හිටියේ. ඉතින් මම කලුතර . මම එයාව බලන්න train එකේ තමයි යන්න ඕනේ. Train එක තියෙන්නේ පාන්දර හතරට. මට කලුතර ඉඳලා පාන්දර හතරට කොලඹට එන්න විදියක් ඇත්තෙන්ම නෑ.මොකද කලුතර කිව්වට මම කලුතරිනුත් ගොඩාක් එහා. නමුත් මම ඊට කලින් දවසේ ගෙදරටත් නොකියා කොළඹට ආවා රෑ 9 ට විතර. රෑ 9 ඉඳලා කොටුවේ ස්ටේශන් එක ඉස්සරහ තියෙන පොඩි අරලිය ගහක් යට බෑග් එක ඔලුවට තියාගෙන මම හිටියා. උදේ 3:30 ට තමයි ටිකට් දෙන්නේ train එකට. ඉතින් මම 3:15 එලාම් එක තියාගෙන අරලිය ගහට හේත්තුවෙලා එහෙම්ම පොඩ්ඩක් ඇලවිලා නිදාගත්තා පිනි බබා ම. ඉතින් උදේම මම කොහොමහරි ඇයව බලන්න train එකේ ගියා. මම එයාව පලවෙනි පාරටම දකිද්දි මට ඉවසුම් නැතුව ගියා.මම මගේ අත්දෙකම දිගහැර ඇයව හිත්පුරා වැලඳගත්තා. අපි දෙන්නා ජීවිතේටම දෙපාරයි මුණගැසුනේ. 😞 ඇයත් මට යනවායැයි නොකියාම යන්න ගිහින්. නමුත් එදා ඇය දුන් මතක සියල්ලක්ම හිතේ තියාගෙන ඒ මතක වලට පෙම් බඳිමින් අදටත් මගේ ආදරය ඇගේ නමටම පමණක්ම ලියමින් මම ජීවත් වෙනවා.ඇය මගෙන් දැකීමට බලාපොරොත්තු වූ ඒ පිරිමියාව මම නිර්මාණය කරනවා.මේ භවයේ අපි හමුවී වෙන්න වෙන්නට ඇති. නමුත් ලබන භවයක හෝ මතුභවයක නුඹේම ලමැදේ සුවය ලබන්නට පෙරුම් පුරමි. ඉතින් හැමදාටම මම ආදරෙයි ❤
- ශාක්‍ය -
💔🥀
මේක දාපු පළවෙනි දවසේ මම මේක බලද්දි ...මගේ තනියට මං ළඟ හිටිය ලස්සන හදවතක් ...ඒ දැනුණු හැඟීමත් එක්ක ඇස් වලින් කඳුළු වැටෙද්දි එයා මට පොරොන්දුවක් දුන්නා එයා මාව කවදාවත් තනි කරන්නේ නෑ ,ඒ දුක මට කවදාවත් දෙන්නේ නෑ කියලා ....ඒත් මං මේක දැන් මතක් වෙන මතක් වෙන සැරේට බලන්නේ තනිවුණු හදවතක් එක්ක.... ඉතින් මං දැනුත් හිතනවා ඔයාට එදා ඒ පොරොන්දු දෙන්නැතුව ඉන්න තිබුණේ ළමයෝ 🥺😔
තත්පර 360 කින් ජීවිතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන මෙය සැබවින්ම ආත්ම ස්පර්ශයක්. 💗
@Sadew Nirmala ආසන්න වශයෙන් ගත් කල විනාඩි 6.00 මිත්‍රයා. 🫂❤️
Video එක බලලා comments කියවනකොට සතුටක් දැනුනා, තාමත් සුන්දර රසවින්දනයක් තියෙන පරපුරක් ඉතිරි වෙලා ඉන්නවා නේද කියලා… 🖤
අනිවාරෙන්ම. මේ වගේ අය තමා ඉන්න ඕනි.♥🥺
yep ❤
අඩෝ මටත් හිතුනා❤❤❤
Ekata adanawa 😢😢😢❤
Attatm ❤️🥹
"තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කාලය වෙන් කරන එක රස්තියාදුවක් නෙවෙයි . "
" හැකි නම් සුබ ගමන් නොකියාම යන්න .." felt these ☺️❤️✌️
😢
⚘
සතුටුයි දිනක් හරි ඈ වෙනස් වෙන්න කලින් හමුවීම ගැන, මාස 16කට පස්සේ හෙනම කට්ටක් කාලා අමාරුවෙන් පාරක්වත් නොදැන, ඈතින් එනවා පේනකොට හිතට දැනුන සතුට, හිතේ හිරකරන් හිටියා ඉන්නේ පාරේ නිසා, ඇත්ත "ආදරේ ලොකු රස්තියාදුවක්", ඒත් "ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කාලය වැයකරන එක රස්තියාදුවක් නෙවෙයි" කියලා තේරුනේ එදා, ✨
තාමත් මගේ හිත ඇගේ වරද නිවැරදි කරන එකම හේතුව මම ගෙදර යන්න බස් එකට නගිද්දී දැකපු එයාගේ කඳුළු, හරිම අවංක කඳුලක්, තාමත් ආදරෙයි මං...❤🩹
මම කොළඹ ඈ කුරුණෑගල...
සිතින් පෙම් බැඳි ඇතුගල...🍃
18/01/2023
ඇතුගලයි රන්තාලිය වැවයි එක්ක බැඳුණු තව ලස්සන ආදර කතා කොච්චර නම් ඇත්ද...🥺
ඉස්කෝලෙ අවුරුදු 4 හිතින් ආදරෙ කරලා අන්තිමේදි එයා මාත් එක්ක හිටපු යාලුවා එක්කම ගියා😢
🥺❤️🩹
ආ ලුසියෝ..😢
මම මේක බලන හැම සැරේම මට ඇඩෙනවා.. මට ගොඩාක් සතුටුයි මේ වගේ හොද රසවින්දනයක් තියෙන ගොඩාක් නිර්මානශීලි අය තාමත් ඉන්න එකට.. 🥺❤.. මේ වගේ හොද නිර්මාන ඉස්සරහටත් කරන්න.. Good Luck..💕..
"හැකිනම් සුභ ගමන් නොකියාම යන්න" ඔයාට නොතේරෙනවා උනාට "සුභ කියන්නෙ හරි අකාරුණික යෙදුමක් " මේ වගේ කලුවර වෙලාවක ❤️🔥
මේක බැලුවට පස්සෙ මං තීරණය කරා මම ආදරේ කරන කෙනාටම ආදරේ කරන්න.
එයා අකමැතියි කියන දවසක් වෙනකන් එයත් එක්ක ආදරණිය මතක එකතු කරන්න 🖤
වෙන් වෙනදාටත් බඳාගෙන වෙන්වෙන්න.!
මං හරි ආසයි ❤️
මේක හරියට දැනුන මනුස්සයෙක් මේ වීඩියෝ එක බලන්නෙ එක පාරයි... ❤
4:32 Goosebumps maan
Anivaren
4:56 😢
ඇත්ත
Attak🥲❤️🩹
ඇත්ත 🙂🙂
"හැකිනම් සුභ ගමන් නොකියාම යන්න"🙂♥
ඔයාට නොතේරෙනව උනාට
"සුභ කියන්නෙ හරි අකාරුණික යෙදුමක්"😞💔
මේ වගේ කලුවර වෙලාවක...😔💔
felt it🥀✨
දන්නවද දෙයක්,
අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ලබා ගන්නත් බැරි, අතාරින්නත් බැරි බැදීමක්. ඔව් හරියටම ඒක ඒකපාර්ශවික ආදරයක්..
අපි අපේ හිත ඇතුලෙම ඒ ලස්සන හැගීම තියන් හරි ආදරයෙන් ඒ කෙනා දිහා බලන් ඉන්නවා.. ඉතින් සරලවම කිව්වොත් එයා අපේ හිතේ ඉන්න කෙනා ඒමත් නැත්තම් Crush එක කියලා කියන්නත් පුලුවන්.. ඒත් එහෙම කියනවට වඩා මම ආසයි ලබා ගන්නත් බැරි අතාරින්නත් බැරි ඒකපාර්ශවික ආදරයක් ලෙස එයාව පෙන්නන්න..
ඉතින් කවුරැ මොන විදියට නෑ කිව්වත් හැම මනුස්සයෙක් ගෙම ජීවිතය තුල හදවතෙහි උඩින්ම ඉන්න පුද්ගලයෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා.. මොන දේවල් කොහොම උනත්, කොහොම කලත් එයාව අමතක කරන්න බැහ්.. එයාව මතක් වෙන තරම්, දකින දකින හැම රෑපයකම එයාවම මැවිලා පේන තරම්, කා එක්ක කතා කලත් ඒ වචන දෝන්කාර දෙන තරම්, කන්න ගන්න බත් එකවත් කා ගන්න බැරි තරමටම එයාව මතක් වෙන තරම්, රෑ හීන අස්සෙ ඒ රෑපේ, ඒ හිනාව, ඒ කතාවම මැවෙන තරම්, හැමවෙලාවකම "අනේ එයා මගේ උනා නම්" කියලා හිතෙන තරම්.. ජීවිතේට වෙන කවුරැ ලං උනත් හිතට දැනුන ඒ රෑපෙ තරම් දැනෙන්නෙ නැහ්.. ඒ කෙනාට අපි මෙච්චරම ආදරේ කරන්න, ඇබ්බැහි වෙන්න හේතුව මම අදටත් දන්නෙ නෑ..
සමහර විට ඒ තරම්ම හිතට වදින්න හේතුව කවදාවත් එයා මගේ නොවන නිසා වෙන්නම ඇතී.. ඒත් ඒක එහෙම නම් ඇයි ඒ රෑපේ මට මුණ ගැහුනේ.. මේ වගෙ ප්‍රශ්න කෝටියක් හිතේ රැව් දෙද්දී.. ලැබෙන්නෙ නෑ කියලා හිතන් අතාරින්නෙ කොහොමද.. මම මෙච්චරටම එයාට ආදරේ කරලත් මට අදටත් හිතා ගන්න බැරි ඇයි එයාට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. මගේ හිතේ තියන ආදරේ මම එයාට මොන විදියට කිව්වත් එයා ඒක ගනම් ගන්නෙ නැහ්.. සමහර විට කවමදාවත් එයාට මගේ ආදරේ දැනෙන එකක් නැහ්.. ඒ දේවල් කොහොම උනත් මම ආදරේ කරන එක වෙනසක් නොවේවී ළමයෝ..
දන්නවද මට දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඔයාට වෙන කෙනෙක් ඉන්න බව දැන දැනම, ඔයා මාව ගනම් ගන්නෙ නෑ කියලා දැන දැනම, ඔයා මට කවදාවත් නොලැබෙන බව දැන දැනම මම තාම ඔය හිතට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක..
ඔයාව අමතක කරලා හිනා වෙන්න හදන හැම තප්පරේකම "අනෙ එයා මගේ උනා නම්.. මම කොච්චර ආදරෙන් එයාව බලාගන්නවද " ඉතින් මේ හැගීම මට හරි බයයි ළමයෝ.. සමහර වෙලාවට ඔය රෑපේ හිතේ මැව්නම මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු බින්දු ගලා බසිනවා.. මේ හැගීමට දෙන්න නමක් මම තාමත් දන්නෙ නෑ ළමයෝ.. වෙලාවකට මට හිතෙනවා "එයාට මගේ ආදරේ ලබන්න පින නෑ" කියලා..
ඉතින් ළමයෝ අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. දුර ඉදම් ආදරේ කරන්න තහනම්ද.... අදටත් හිතින් මම අහන්නේ ඇයි මේ තරම් ආදරේ කරලත් ඔයාට මගේ ආදරේ නොතේරෙන්නෙ
කියලා.. ඒ දේවල් කොහොම උනත් මං හරි ආදරෙයි
ළමයො ඔයාට.. ලැබුනත් නැතත් මම හරි ලස්සනට
ඔයා දිහා බලන් ඉන්නවා ළමයො.. ඉතින් දන්නවද
ළමයෝ මම ඔයාට හරි ආදරෙයි....!
අදහස් එක් කරන්න....❤
ඒ කතාව හිතට වැදුණා❤️මං හිතන් හිටිය කවදාහරි දවසක එයත් මාව බලන්න එයි කියලා.(අවාරෙක මෙහි ඇවිත් මගෙ හද කියවන්න...)ආසාවෙන් හිටියා ජීවිත කාලෙම එයත් එක්ක කියව කියව ලගින්ම ඉන්න.ඔව් ඒක රස්තියාදුවක් නෙවෙයි.ආදරනියම ගතකිරිමක්.හැබැයි හිතෙ හිරවුන ආදරය කියාගන්න බැරිව හිටියෙ ආදරයක් නැතුව නෙවෙයි.ඒත් හදවතින්ම බැදුන අතකින් වත් නොඅල්ලපු ඒ ආදරනිය ගමනාන්තය පටන් ගන්නත් කලින් ඔයා මට අහිමියි කියලා දැනෙන මේ හැගීම දරාගන්න ටිකක් අමාරුයි ලමයො(කැන්දා ගෙනා සන්වේදනා)...මොකද මං ඔයාට ආදරෙයි ❤️✨ඒත් මගෙ හිතෙ එක ප්‍රාර්ථනයක් තියනව " මා අවසැවීමකින් තොරව යන්න පටන් ගන්න ආදර ගමනාන්තය හරි සතුටින් පරිස්සමින් යන්න මගෙ ලමයො....(නොරිකො මේ මල නුබට...මම නැතත් තව මල් පිපෙනවා හෙටට)!!❤️🌻🍀
මීට නුබ නොදන්නා නුබෙ පෙම්වතිය...
ලස්සනයි ඒ වචන ටික
@@MadushankaDasanayake-ue3bs a වචන හදවතින්ම අපුවා
🥺🙂
❤️
🙂❤
"කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට..
ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම.."
Felt it 😊❤
🥺
I felt it 🥺💔
❤❤❤🥺🥺🥺
🌹🌹🌹
කිසිම මනුස්සයෙක්ට දැනුන ආදරය අහිමි නොවේවා..❣
Tv වල පෙන්නන්නේ මොනවද කියලා හිතුනා 💖
කොල්ලා නම් පට්ට තාත්විකයි🙂
වෙන් නොවන ප්‍රේමනීය රස්තීයාදුවක් හැමෝටම හමු වේවා ❤
❤
Oyatth ❤️🩹
❤
❤️🌍
❤️🙈
❤ Good job malli
පුලුවන් නම් විනාඩි 6 ක් වගේ පොඩි කාලෙකින් මනුස්සෙයෙක්ව අඩවන්න , එයයි මා දැකපු සැබෑම නිර්මානය ❤
❤❤
❤❤
මට long distance relationship එකක් තිබ්බා 2021 අගෝස්තු මාසයේ ඉදලා.හරියටම 2024/02/05 එයා මගෙන් breakup උනා relationship එකට දවස් 898. මේ දවස් 898 ටම අපි අපිව ඇත්තටම දැකලා නෑ 🙂. හැබැයි එයා කවදාවත් මගේ විශ්වාසය කැඩුවේ නෑ. ඒ දවසේ වෙන හැම දෙයක්ම මට කිව්වා. එයා මරම විදියට මට ආදරේ කලා මාත් එහෙමයි. මම
එයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් අපි මට දැන් වයස 20. අපි මාස ගානකට පාරක් තමා call එකක් උනත් ගන්නෙ අපි අපිව විශ්වාස කලා කවදාමහරි අපි එකට ඉදී කියලා බලාපොරොත්තු උනා. ඒත් මම එයාව හරියට තේරුම් ගත්තෙ නෑ. කාලයක් යද්දි එයාට හොද අනාගතයක් ඕනෙ උනා මම හීන මැව්වා එයා එක්ක අපේ අනාගතේ ගොඩනගන්න එයා හීන මැව්වා තනියම යන්න. එයාට මාව එපා උනා. මට එයා ගැන තිබ්බ ආදරේ වැඩි උනා.එයාගේ සතුට වෙනුවෙන් එයා මාව අතහැරියා. එයාට යන්න දෙන්න මගේ හිත හයිය නැති උනා.මට මාවම එපා උනා.එයාට එයා හොයපු සතුට හම්බුනා අන්තිමට.මට depression ලැබුනා. 🙂💔. හැමදාම මම එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි මම දන්නවා ආයේ කවදාවත් එයා මගේ වෙන්නෙ නැ කියලා...
" මිනිස්සු හෙව්වෙම මොහොතකට හරි,
ප්‍රශ්න අමතක කරල නිවෙන්න තැනක්!"🤍🌻
Aniwaraya mamat ahamai😍
"ආදරේ කරන අය වෙනුවෙන් කාල වැය කරන එක රස්තියාදුවක් නෙවේ" අතීතය ගැන තිබූ පසුතැවීම් මතක වල වේදනවා එයින් මැකුනි❤
Owww aka atta
"මම හිතන්නෑ..තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරන එක රස්තියාදුවක් කියලා.."❤️
සමහරු නැති උන තමන් ආදරේ කරපු කෙනා ඉන්නවා කියලා හිතාන මනසින් එයා ඉන්න ලෝකයක් හදන් එයා එක්ක ඉන්නවා...තවත් සමහරු තමන් ආදරේ කරන කෙනා දිහා ඈත ඉදන් බලන් එයා තමන් ලග හිටියනම් කියලා හිතාන ජීවත් වෙනවා...කාලෙකට පස්සෙ මාව අඩවපු මාරම ලස්සන කතාවක්..❤️
සාමාන්‍යයෙන් මම කමෙන්ට් කරන්නෑ ලේසියකින්.ඒකත් කියන්න හිතුවේ ඔයාල කරපු මේ වැඩේ නම් සුපිරි. අමුතුම දෙයක්. මිනිස්සු හොයන දේ වෙනුවට මිනිස්සුන්ට දැනෙන මිනිස්සුන්ට ඔන දේ දීපු ලස්සන වීඩියෝ එක්. හදවතින්ම "සුබ අනාගතයක්". සමහර වචන වලට තේරුම් ගොඩක් තියනවා. ඒ වචන යොදාගන්නා විදිහ අනුව.
මන් මේ කමෙන්ට් එකට දවස් හයක් පරක්කුයි. සමහර විට ඔයාට මෙ කමෙන්ට් එක අහුවෙයි. දයිවයේ සරදමකට වගේ ඔයා මේක කියෙව්වොත්, ඔයාට තේරෙයි මන් ලියන්නෙ ඔයා ගැන කියලා. ඒම නොව්නොත්, මේක වෙන කෙනෙක් කියවයි. සමහර විට මගේ හිත හැදෙන වචන ටිකක් අමුනලා රිප්ලයි එකක් දායි. සමහර විට ලයික් එකක් දායි. ඒ මොකුත්ම නැති උනොත් මේක නිකම්ම නිකම් වචන ගොඩක් වෙයි. මැරුණු මනුස්සෙක් වෙනුවෙන් ලිව්ව වේදනාත්මක වචන ගොඩක්.
මන් අදටවත් කියන්නෙ නැ ඔයා වැරදි මනුස්සයා කියලා. සමහර විට මට ඔයාව හම්බුනේ වැරදි කාලෙක වෙන්න ඇති. අව්රුද්දකට කිට්ටු වෙන්න මන් ඔයා ලග හිටියා. මට ඔයාගේ ජාතිය, ජන්මෙ, සල්ලි, රූපෙ කිසි දෙයක් වැදගත් උනේ නැ. ඒකයි මන් මේකට ආදරේ කියන වචනෙ බය නැතුව යෙදුවෙ. අදට ඔයා මාව අතඇරලා ගොඩක් ලොකු කාලයක් ගිහින්. සමහර විට ඔයාට මන් කව්ද කියලවත් මතක නැතුව ඇති. මගේ ජීවිතේ මට හිටපු ආදරණීයම මනුස්සයා ඔයා උනාට, මන් ඔයාගෙ ජීවිතේ නිකම්ම නිකම් චරිතයක් වෙන්න ඇති. ඒත් ඒමත් නැත්තම්, ඔයාට අදටත් මාව මතක් වෙනවා ඇති. සමහර විට මාත් එක්ක කතා කරන්න ආස ගොඩක් දේවල් ඇති. ඒකට අවස්ථාවක් නැතිව ඇති. ඒ දෙකම නෙවේ නම් මන් ඔයාට හිනාවෙන්න හේතුවක් වෙන විහිලුවක් වෙන්න ඇති.
මට බොරු කියන්න ඕන නැ. ඔයාගෙ අහිමි වීම මට ලොකු කලු පැල්ලමක් උනා. මන් කලිනුත් ඔයාට මේ කතාව කියලා තියේ. මගේ ජීව්තේ තිබ්බෙ සුදු පාට විතරය්. ඔයා තමයි මට හම්බවෙච්ච පලමු සහ එකම කලු පැල්ලම. ඒක මට දැනෙනවා වැඩි. අර කතාවට කිව්වට පපුවට පිහියෙන් අනිනවා වගේ කියලා, ඒ හා සමාන වේදනාවක් මන් ඔයාගෙන් වින්දා. මතක තියාගන්න මන් කිව්වෙ වින්දා කියලා. මන් කවදාවත් ඔයා විදවීමක් විදියට පිළිගන්නෙ නැ. මට ඔයා වෙනුවෙන් ජීවිතේ නැති කරගන්න හරියටම දෙපාරක් හිතුණා. ඒත් ඒ දෙපාරම මන් ඔයා නිසාම ජීවත් උනා. මට බය හිතුනා. මන් මැරුනොත් ඔයා දුක් වෙයි කියලා.
මන් අදටත් ඔයා දිහා ඈත ඉදන් බලන් ඉන්නවා. ඔයාගෙ අලුත් ජීවිතේ තිබ්බ සමහර ප්‍රශ්න, ඔයාට නොකියම මන් විසදුවා. ඇයි දන්නවද? මන් ඔයාට කළේ සීයට සීයක් පිවිතුරු ආදරයක්. මට ඔයා ගැන රාගයක් තිබුනේ නැ. ඔයා එක්ක ඇදක් උඩ ගෙවන්න, අඩුම තරමෙ ඔයාව කිස් කරන්නවත් මට ඕන උනේ නැ. මන් දන්නෙ නැ. මට ඕනි උනේ ඔයාගෙ සිතුවිලි වල උඩින්ම ඉන්න. ඔයාගෙ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නෑරම මන් දන්නවා. අද වෙනකල්, මන් ඒ කිසිම දෙයක් ඔයාගෙ විනාසයට පාරක් කළේ නැ. ඔයා හිනාවෙද්දි මට සතුටු හිතුනා. මට ඔයා හිනාවෙන්නෙ මන් ළගද වෙන කෙනෙක් ලගද කියන එක දැන් මට ප්‍රශ්නයක් නැ. හොදම දේ ඔයා හිනාවෙන එක.
ඔයා මට දීපු දුක් කන්දරා මේ කමෙන්ට් එක අස්සට රින්ගන්න මට ඕන නැ. මට එහෙමවත් ඔයාව පහත් කරන්න ඕන නැ.
ඔයාගෙ ජීවිතේ මොන යම් මොහොතක හරි මාව මතක් උනොත් ඔයාට කවදාවත් මන් ගැන අහිතක් නොහිතෙන්න ඕන. මගේ අගේ, මගේ මුහුන මැවෙද්දි ඔයාට සිහි වෙන්න ඕන. ඒක කවදමහරි වෙන්න ඕන. එක්කො ඔයාගෙ මරනෙදි, ඒම නැත්තම් මගෙ මරනෙදි හරි අතීතෙ සිහි වෙලා ඔයාගෙ ඇස් වලට කදුලක් එන්න ඕන. මන් කවදාවත් කියන්නෙ නැ ඔයා මන් වෙනුවෙන් දුක් වෙන්න ඕන, හැමදාම විදවන්න ඕන කියලා. නැ. කවදාවත් ඒක වෙන්න එපා. ඒත් ඔයාට මන් වෙනුවෙන් හඩන්න එක කදුලක් හරි තියෙන්න ඕන.
ආයෙ ජීවිතේ කිසිම තැනක ඔයාට වැරදෙන්නවත්, පැරදෙන්නවත් එපා. කව්රු කොහොම් කිව්වත්, ඔයා මොන වැරැද්ද මට කළත්, මාව අතැරලා වෙන හිත් හෙව්වත් ඔයා ආදරණීය කෙනෙක්. මට වයිර නොකරන්න හිතෙන ආදරණීය කෙනෙක්.
ඔයා මගෙ ජීවිතෙන් මැරිලා ගොඩක් කල්. ඒත් ඔයාගෙ මතක අදටත් යටි හිත අස්සෙ යාන්තමට පන අදිනවා, හුස්ම ඉල්ලනවා මට දැනෙනවා.
මන් අදටත් ඔයාගෙ මතක වලට හරි ආදරෙයි
🙂💔
මගෙ කතාව 🙂🥺❤️
❤🌼
🥺❤️ ඒ වචන වල තනිකරම තියෙන්නේ කිය ගන්න බැරි අදරයක් ඒක වචන වල හැන්ගිලා තියෙන්නේ මන් ප්‍රර්තන කරන්වා ඒ කෙනා මේ වචන ටික දකින්න් කියලා 🥺❤️
🥺❤️
මමත් නුවර ඉදන් මොණරාගලට ගියා ගෙදරට අයටත් හොරෙන් මගෙ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරපු කෙනාව බලන්න..එයාව හම්බෙලා ඒ ගෙවපු කාලය එ මතක අද එයා මං ළග නැතත් මේ විඩියෝ එක බලද්දි ගොඩක් මාව අසරණ කරනවා."කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට..ඊළගට මුණගැසුනු වහාම නිසැකවම කියන්නම් හැමදේම.."💔හිතට දැනුන ආදරේ කාටවත් අහිමි වෙන්න එපා..
Ane ow😢
😇මමත්
කීපාරක් බැලුවද මංද...බලපු හැමපාරම ඒ කොල්ලගෙ වික්ශිප්ත වී හැරෙන ඒ මොහොත මුලු ඇඟම අඩපණ කරා💞💔💔💔ඒක තමා ආදරේ ගැඹුරුම රිදීම්💔💞
සින්දු ටික නම් 👌❤
0:01 හදවතක් විකිණිමට තිබේ
1:09 මටත් කවියක්
2:33 නොරිකෝ
3:27 ආදරෙයි උතුරන්න
4:50 කැන්දා ගෙනා
❤😍
🥺❤️
භාවනවක්🥺❤
Search karala sindu hoyapu man🙂♥️
ගංගාදර ඉස් බෙස්ට්🥰❤️🥺
භාවනාවක් 🖤
ආත්ම ස්පර්ශ... මාගෙ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරමින් ඇසට කදුලක් ගෙන ආවා...❤😢 ලස්සනයි කතාව... හැකිනම් සුභ ගමන් නොකියාම යන්න ♥️🙂
මේ චරිතය පිටුපස දුක හිතෙන කතා ගොඩක් තියෙනවා | ඉවසමින් තවම සොයමි මෙවැනි හෙමින් වර්ධනය වන ගෝචරාත්ම ගැහැණු ළමයෙක් 🥺♥️
බලපු වාර ගාණට like button එක press කරන්න පුළුවන් උනා නම් 😥❤️.. හදවතට කතා කරන වචන ❤️❤️❤️ keep up nethsara 😍😍😍❤️❤️❤️
විනාඩි 6 කට පුලුවන් උනා.... හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්න.... ♥️🥺🌻
ආත්ම ස්පර්ශ කියන්නෙ ඒකනේ 💆♂❤
මත් එහෙමයි ❤
ඇත්ත 🤍
ඇත්ත ❤
හිමි නොවෙන බව දැන දැනත් තාමත් එයාට ආදරෙයි❤ එයා බෑ බෑ කිවුවත් පස්සෙ ආරක්ශා කරනවා.. මන් ඒ ආදරේට හරි ආදරෙයි..මට විශ්වාසයි දවසක එයා මා ගාවට එනවා කියලා විශ්වාසයි...💖 මං වගේ ආදරයක් තියෙන ඔයාලටත් දවසක එයත් එක්කම හරි යන්න ඕනෙ 💖
හ්ම්ම්.. එයා එයි.. ❤
'ආත්ම ස්පර්ශ' ✨️
දැළි ලංතෑරුම් එළිය පෙමින් බරයි නුඹේ මුහුණ
කොහේ මුවා වුනාද මේ සෙවනැල්ල
මල් පෙතිත් නැතුවාය මෙතරම් සිව්මැළි
ඔයා මත්වෙලා ඉන්නෙ මගෙ ආදරෙන් ඒකයි ඔය
ඔයා කිව්වෙ,එහෙම මට ඇහුණේ එහෙම
අපි මේ ලෝකෙ ඉන්න ආදරණීය පෙම්වතුන් වන්නෙමි...🗣️🫀
❤❤❤❤❤❤
🎉🎉❤thanks
😢
🙂💔
🥺
මගෙ පලවෙනි ආදරය. 2016 මට වයස 16. අවුරැදු 3 ක් එයා එක්ක හියිය. මගෙ ජිවිතේ සුන්දරම කාලෙ. දවසක් එයාගෙ පපුවට ඹලුව තියාගෙන wish kala. එයා ඉන්නකන් ඉන්න තිබුනොත් ඇති කියල එයාව ආදරෙන් බලා ගන්න. මෙහෙම යනව කියල දන්නවනම් මගෙ පනත් අරන් ජිවත් නෙන්න කියල wish karanwa.
පන වගේ ආදරේ කලා අන්තිමට යන්නම යන්න ගියා. අහන්න ප්‍රශ්න ගොඩක් තියනව ආයෙ කවදහරි හම්බුනොත් අහන්නම්. ඹබ නැතත් මල් පිපෙනවා ඒත් මේ මල් ඒ මල් තරම් සුන්දර නෑ. ආදරය කියන්නෙ ජිවිතයට එක පාරක් දැනෙන දෙයක් කියල මම නම් හිතන්නෙ. ඒ ආදරේට තාමත් අාදරෙයි. 🤍🤍
හරිම ලස්සනයි හදවත පසාරු වෙන වේදනාවක්,
කොපමණ පීඩාවන් එක්ක සිටියත් අවැසි එක් ආදරණීය හදවතක් පමණයි,ආදරය අසල රැදෙන්න ලැබෙන එක තත්පරෙත් නැති කර ගන්න එපා ❤️🩹,
එහෙම නොවුනොත් අහිමි වීමේ වේදනාව ප්‍රබලවනු ඇත..
මේක බලපුවෙලේ ඉදන් හදවත නැවතුනා වගේ දැනුන. පරන මතකයන් එක්ක අමුතුම ස්වර්ගයකට හිත ගියා. කියන්න වචන නෑ මිනිස්සුන්ගෙ හදවත ගැහෙන ශබ්දෙ තමන්ගෙ කනටම දෝංකාර දිදී ඇහෙන ඇස්පිල්ලම් නොගහ බැලෙන තරමට සැබෑ ආදරේ සිතට කාවද්දන තරමටම වීඩියෝ එක භාවනාවක් කොටින්ම කිව්වොත් සුපිරියක්.❤ තව තවත් මේ වගේ සිත් ඇද බැද ගන්න වීඩියෝ කරන්න ශක්තිය වාසනාව ලැබේවා. 🎉🍃💚
ප්‍රේමය වෙනුවෙන් මිනිස්සුන්ට මහලොකු දේවල් ඕනේ නෑ,
එක හිනාවක්,ආදරණීය වචනයක්,ලස්සන මතකයක් හොඳටෝම ප්‍රමාණවත් 🫂🌻🖤
මතකයන් එක්ක ජීවත් වෙන එකත් ප්‍රේමයක් 😪❤️
Ow niwarayan
මටත් මතක් වෙනවා ..දියත පාක් එකේ ඔය පුටුව උඩම...ඔතනම තමයි ..එයා මාත් එක්ක ආදරෙ න්..කියපු ඔක්කෝම දේවල් ...ඒ ඔක්කොම මතක අතරෙ මන් දැන් තනිවෙලා...රස්සවෙන් අයින් වෙලා ගමට යන ද්වසෙ එයා අනිත් පැත්තට වෙලා අඩපු හැටි 😢.. ජිවිතෙ මේ වගෙ හැමොටම වෙන්න බෑ..මොකද ගොඩක් අය සතුටින් ඉන්නවා ..එත් මම..තමත් එයාවම පතාගෙන ඉන්න්වා. කවදාකම හරි ආයෙත් ඉස්සර වගේ කතා කරාවි කියල ..අදට මාස දෙකක් 😢..මට හිතාගන්න බැරි දෙන්නෙක් ආදරේ කරා නම් ඇයි එක මනුස්සයෙක් විතරක් මෙහෙම විදවන්නෙ...
අදටත් අපි
ඇවිදපු තැන් වලින් ..යද්දී ..ඉස්සර මතක් වෙනවා ...ඒ වෙදනාව..දන්නෙ තනි වුන මම විතරමයි...❤😢
මේ වගේම සිද්දි තමන්ගේ ජීවීතේ ඇත්තටම සිද්ද උන ඒත් සමාජෙට කියාගන්න බැරුව ඉන්න කොච්චර ආදරණීය මිනිස්සු තව කොච්චරක් මේ මහපොලවේ තනියම දරාගෙන ඇතිද ..... 🥺❤
"කියන්නට නම් අවැසිව බොහෝ දේ ඇත මට..
ඊළඟට මුණගැසුණු වහාම නිසැකවම කියන්නම් හැමදේම.." I felt it 🥺❤🥀
ඒ විනාඩි ගාන මාව ඇඩෙව්වා එච්චරටම මගේ හදවත ස්පර්ශ කරා මේ නිර්මාණය ❤🥺
අනේ මන්දා..මෙච්චර මානසිකව නොවැටුනට..මට ඒ හැගීම දැනෙනවා කියගන්න බැරි වේදනාවක් එක්කම..🥺❤️
අම්මෙ.. අම්මෙ.. මං කියල තියෙනව...
අම්ම ඉස්සරහත් ඒ ආදරෙ කියන්න තරම් හිත හයිය වෙන්නෙ අවන්කව ගැහැණුන්ට ගරු කරන්න දන්න, එකම කෙල්ලෙක්ට ආදරේ දෙන කොල්ලෙක්ටම තමා...
කොච්චර බෙහෙත් ගත්තත් ඕනෙම බෙහෙත නැති උන දවසට ඒ පිස්සුව හොදකරන්න වෙන එකක් නෑ...
ආදරය විටෙක භාවනාවක් දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉදිරියට ජීවත් වෙන ගමනේ .... එයා මගේ ජීවිතේට ආවේ මං ජීවිතේ ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක කලිං දැනුනත් මට ඒ ආදරේ අයිති කරගන්න වාසනාවක් තිබ්බේ නෑ... ඒත් සංසාරේ පුරුද්දට එයා මං එනකල් හිටියා.... ඉතිං එදා පටන් ගත්ත අලුත් ගමන අපි දෙන්නා සතුටින් ඉස්සරහට යනවා අවුරුදු හතරක ඉදන් .... මේ අවුරුදු හතරේ අපි දෙන්න එකට ඉන්න ලොකුම හේතුවක් උනේ එයා .... මොකද මං ජීවත් වෙන විදිහ වෙනස් කරන්න එයා මුලදි උත්සහ කරා ඒත් පස්සේ එයා කරේ මගේ විදිහට ආදරේ කෙරුව එක... ඉතිං... මීට වඩා මාව තේරුම් ගන්න කෙනෙක් තවත් නැති වෙයි.... අම්මා තාත්තගේ ආදරේට විතරක් දෙවෙනි ඒ ආදරේ තමා මගේ ජීවිතේ හිනා වෙලා ඉන්න මට උදව් කරේ මගේ මැණිකේ...❤
🥺🥺🥺🥺🥺
@@bashinisansala3739 මැණික
පොඩි වෙලාවකින් ලොකු concept එකක් එළියට දැම්මා වැඩේ ගැන කියන්න වචන නෑ ඒ අස්සෙ ගංගධාරගෙ වොයිස් එක පිස්සු හැදෙනවා 🥺❤️🩹
හේතුවක් නැතුවාත් මේක බලද්දී හිතට බයයි 😔🖤 ඒ තරන් හිතට දැනෙනෙවා මේක 💫🥀
ඇයි මේක මෙච්චරම හදවතට දැනෙන්නෙ . අහිංසක හදවත්
පුදුම විදිහට ස්පර්ශ කරනව ❤
ආදරය ඒ වචනය හරිම පුදුමාකාරයි.මගෙ ජිවිතේට ආව ගිය අය ගොඩායි.හැබැයි අද වෙනකන් මන් ලග රැදුනු කෙනෙක් හම්බුනේ නෑ😊මට තේරැම් ගන්න බැරි.ආදරය කියන ලස්සන වචනයට.මනුස්සයො ඇයි තැනක් දෙන්නෙ නැත්තෙ කියලා.හැබැයි මන් අදටත් ආදරය විශ්වාස කරනවා😢
මගෙ චූටි මැණික ,
මමත් තව රස්තියාදු උනානන් ඔබ ලග
ඔබ තාමත් ඉදී මගෙ ලග
සමාවෙන්න ඉන්න බැරි උනාට ඔබ ලග
නැවත ආවොත් නවතින්නට මගෙ ලග
රස්තියාදු වෙන්නන් මුලු ජීවිතයම ඔබ ලග ❤
අපේ රටේ අනාගත කලාවට හොඳ අනාගතයක් තියෙනවා. සතුටුයි❤
විනාඩි 6කින් ආත්මයම ස්පර්ශ කල ආත්ම ස්පර්ශ ..!! 🥺
හිතට දැනුන ආදරය කවදාවත් කාටවත් අහිමි නොවේවා.. ♥️🌼
සුපිරි මචන් ❤ පළවෙනි වැඩේම.
සතුටුයි 😊 පොඩි හරි දේකින් වැඩේට සම්බන්ද වෙන්න පුලුවන් උන එකට. ඉස්සරහට තව වැඩ කරමූ.
මොහොතකට හදවත නතර වුණා වගේ🥺♥️ මේ සිද්ධිය මේ විදියටම නොවුණත් යම් විදියකින් මගේ ජීවිතයටත් සම්බන්ධයි. සමහර විට හදවත නතර වෙලා මං මොහොතකට මං ගොළු වුනේ ඒ නිසාම වෙන්න ඇති🙂💔
හැකි නම් සුභ ගමන් නොකියම යන්න🥀
මං මේ වීඩියෝ එක බලන කීවෙනි පාරද කියන්න මං දන්නෙ නෑ ... හැබැයි බලන හැම පාරම පලවෙනි දවසෙ බලද්දි හිතට දැනුනු ඒ හැගීම අදටත් එහෙන්මම දැනෙනවා 🥺❤️ . සමහර නොලැබීම් දරාගන්න හරි ම අමාරුයි , ඇත්ත තමයි දැනුනු ආදරේ අහිමි වෙද්දි මිනිස්සු ගොඩක් දුරට අමු අමුවෙම පිස්සො වෙනවා 🥺 ... හරි ම ලස්සනයි .. ❤️
කාලයක් තිබුනා මං ආසම කෙනත් පැය ගාණක් තිස්සෙ බස් එකේ ඇවිත් මාව බලල යන 😥 ඇත්තටම අදටත් ඒ අතීතෙට මාරම ආදරෙයි. හිත නිවෙන මතකය ඔයා. කොයිම ආත්මෙක හරි සදහටම නවතින්න බලාගෙන මං ඔයා ලඟට එනවා. ඒක පොරොන්දුවක් 😥
මගේ ගෑනු ලමයටත් මේ වගේම ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නේ ......මොනා කරන්න ද කියලා හිතා ගන්න බෑ.....😢
@@kumarathusitha7990 ඒයා ලගින් ඉන්න තනිකරන්නේ නැතුව සමහර විට එයා ඒක බලාපොරොත්තු වෙනවා ඇති
විනාඩි 6 කට වෙනම ලෝකෙකට රැගෙන ගියාට නිර්මාණකරුවන්ට ස්තුතියි.❤ waiting for the next one😍
ඒක රස්තියාදුවක්නං,
මං ඒ රස්තියාදුවට මාර ආදරෙයි ❤️
"හැකි නම් සුභ ගමන් නොකියාම යන්න. ඔයාට නොතේරෙනවා උන්ට, සුභ කියන්නේ හරි අකාරුණික යෙදුමක්"
-felt it 💔
මේක මට අද හම්බුනේ.. මේක බලලා ඉවර වෙද්දි මොකක්දෝ දෙයක් දුකක් දැනුනා.. පපුවට මේක ඇත්තටම ස්පර්ශ උනා... 😢❤
I felt it '' හැකිනම් සුභ ගමන් නොකියා යන්න''❤
Good luck ❤❤❤
" ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ? "පොත කියවලා ආපු උන් 🖖 - ගගන වර්ණකුලසූරිය ❤
❤ ඇත්තටම ඒ වගේ කලුවර වෙලාවක සුබ කියන්නෙ හරි අකාරුණික යෙදුමක් ... ස්තූතියි ගගන අයියෙ ඒක වචන කරාට ❤
ජීවිතේ කවදා හරි දවසක මේ කතාව බලන්න.අවසානය වෙනස් උනාට මේකත් අපේම කතාවක්.ඔයාට අපිව පෙනේවි.....🌹💔
මටම උනා වගේ ලොකු තනිකමක් දුකක් දැනෙනව කියා ගන්න බැරි තරම් 😓💗
Good job team ❤️
බලල ඉවර වෙද්දි කියන්න ගොඩක් දේවල් හිතට ආවා... ඒත් ඒ එකක් වත් කියාගන්න තරං හයියක් නෑ... කෙටියෙන්ම කිව්වොත් අන්තිමට මටත් නොදැනිම මගෙ ඇස් දෙකෙන් වැටුනෙ කඳුළු බිංදු... 🙂 ඔව්... මේක ඇත්තටම ආත්ම ස්පර්ශයක් ම තමා ❤️🩹 ජයවේවා සහෝදරයා ❤️
☹️
මිනිස්සු අපේ ජීවිතේට එන්නෙ සහ ඇවිල්ල යන්නෙ ගිය ආත්ම වල බැදීමත් එක්ක..😣 ඒත් ඒ හැම බැදීමක්ම අපේ ජීවිතේ සතුටම ඉතුරු කරන්නෙ නෑ.. ඒක ගොඩක් වෙලාවට විදවන්නම වෙන දෙයක් විතරයි.. 💔 කෙනෙක්ට පණ වගේ ආදරේ කරල ඒ ආදරේ අපෙන් ඈත් වෙලාම ගියාම එතනින් එහාට අපේ ජීවිතේට එන කෙනාට අර දුන්න වගේ ආදරයක් කවදාවත් දෙන්න බෑ. දෙන්න හිතෙන්නෙත් නෑ.. 😢 ඒක හිතල කරන දෙයක් නෙමේ.. ඒත් ඒක පට්ටම අවුල් විදියට අපි විදවන්න සිද්ද කරපු හින්ද . සමහරවිට අපිව දාල ගිය කෙනාට පස්සෙ ආව අනිත් කෙනා අපිට සිරාම ආදරේ ඇති. ඒත් ඇයි ඒ ආදරේ වටිනාකමක් දැනෙන්නෙ නැත්තෙ.. ?? 😣 අන්න එතන හැමදාමත් මම විදවනවා.. අදටත්. කොහොමද හිත හදන් ඉස්සරහට යන්නෙ කියල තාමත් හිතනවා.. 😖😖💔
E wachana tika hariyatama kiyala tiyewana 💔💯
I tried to hide my tears but at the last part I cried a lot with a shock...Nothing to say more...
" *හැකි නම් සුබ ගමන් නොකියම යන්න* " I felt it...🥺😔❤
Can someone tell me the meaning in English I’m from India didn’t understood the story because of language barrier 😅
@@sverma_9 The girl in this video is already dead 🙂
ඇස් දෙකේ කඳුලු පිරුනා ඒ වචන වලට.........🥺❤️
මාරම ලස්සන නිර්මාණයක් ❤️🌸
| ඉතින් අපි මේ ලෝකෙ ඉන්න ආදරණීයම
පෙම්වතුන් වන්නෙ"මි".🥺💛🌻සමහර වෙන්වීම් තාමත් අපේ හිත් තුළ ජීවත් වෙනවා!
😢
ඇත්තෙන්ම ඔව්
"අවාරෙක මෙහි ඇවිත්
මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන්
ආදරෙයි උතුරන්න " 💜
"ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කරන එක රස්තියාදුවක් නෙවෙයි, හිමි වුනත් නොවුනත් ඒ තමයි ආදරේ හැටි"🥀♥️
දැනුන ආදරය කිසිම මනුස්සයෙක්ට අහිමි නොවේවා!
අමතක කරන්න අමාරු අත්හැරුණු බැදීම් නෙවෙයි ..ඒ බැදීම් එක්ක අපි දැකපු හීන 🙂💔
මේවා තමයි දැනෙන නිර්මාණ .. මේ වගේ ඒවා තවත් ඕනී ❤
හැම වචනයක් ගානේම දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනව හේතුවක් නැතිවම ( මරණීය උණත් මේ තත්පර විශ්වාස කරනවාද දරා ගන්න බැරි ප්‍රේමයක් දැනෙනව මට තාම)😔❤️
මටත් තියෙනවා කතාවක්. හැබැයි මීට වඩා ගොඩක් වෙනස්. මං කෙනෙක්ට ආදරේ කරා. තාම කරනවා. අපි එකම කැම්පස් එකේ එයා engineering faculty. මම agri faculty. මං එයාට ලං වෙනකොට දැනගෙන හිටියේ නෑ එයාට තවත් කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ටික කාලයක් යනකොට මං ඒක දැන ගත්තා. හබැයි ඒ වෙනකොටත් මට එයාව අමතක කරන්න බැරි තරමට එයාට ආදරේ කරා. ඈත් වෙන්න කොච්චර උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුනා. ඒකට එයත් හේතුවක් වුනා. එයාටත් මගෙන් ඈත් වෙන්න බැරි වුනා. එයා ලස්සනට 2ම balance කරගෙන ගියා. හැබැයි මං දැනගෙන හිටියත් එයාගේ අනිත් කෙනා කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. මං හැමදේම දැනගෙනත් එයාට ආදරේ කරා. අනික මට වඩා අනිත් කෙනාට ආදරෙයි කියලත් මං දැනගෙන හිටියා. ඒ හැමදේම දැනගෙනත් මං එයාට ආදරේ කරා. ආදරේ අරාට ලැබෙන්න ඕන නෑනේ කියල හිත රවට්ටගෙන ආදරේ කරා. ඒත් මේ ලඟදි එයාගේ අනිත් පෙම්වතිය accident වෙලා. එයා මටත් වඩා බාල නංගි කෙනෙක්. ඒ ගැන කියන්න එයා කතා කරා. ඇත්තටම මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් මට එයාගෙන් ඈත් වෙන්න ඕන. මං අනිත් කෙනාට කරන අසාධාරණයක් මේක. එයා තාමත් දුක කියන්න මට කතා කරනවා. යාළුවෝ වගේ ඉමු කියලා හිතුවත් ඉන්න බෑ දැන්. ඈත් කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ. මං තාමත් එයාට ආදරෙයි. පුලුවන් කෙනෙක් උත්තරයක් දෙන්න. ඒ වගේම ඒ නංගිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. 🙏
අනේ මේ කතාවට දුක හිතුන 😔
හැබැයි ලස්සනයී 😊💯
මේ ලෝකේ ජිවත් වෙන එත් දැන් මගේ ලග නැති කෙනාව මතක් උනා ♥️
විනාඩි හයකින් ආදරේ කියන්නෙ මොකක්ද කියල හදවතටම දැනෙන්න සලස්වපු ලස්සන වීඩියෝ එකක් background music එක 🥺❤️✨️
අන්තිම තත්ත්පර කිහිපයේ ඩක ඩක ගාලා සද්දෙට
ගැහෙන්න ගත්තා එකපාරටම
බැලුවා ඒ මොකද්ද..
බැලින්නම් ඒ මගෙ හදවත 🖤
එච්චරට දැණුනා මේක 🙌❤️🌹
හිමි වේවා අහිමි නොවේවා කාටත්.... කවුරුත් පතන අවංක ආදරය..... මටත්...😢
මේක බලන්න බෑ බන් ඇඩෙනවනේ ...🙂 ගොඩ කාලෙකට කලින් බලපු ආයේ අන්ක එකේම ශෝට් ෆිල්ම් එකක් ... මෙන්න මේවට තැනක් දෙන්න ඕන ... මේකේ රචකයා 😊 වැඩ්ඩෙක්
මමත් අවුරුදු 2 බලන් හිටියා තව අවුරුද්දක් ගෙදර කියයි කියලා හිටියා එයා දැන් ගොඩක් දුර ගිහින් හැබැයි මම අදටත් හෙටත් හැමදාම එයා වෙනුවෙන් බලන් ඉන්නවා R❤ ජිවිතේම රස්තියාදුවක්
තමන්ගෙ හිතට වැදුනු... හදවතට දැනුනු ආදරේ... කිසිම කෙනෙකුට අහිමි නොවේවා..🥺
වෙන්වීමක් නැති හමුවීමක් මේ ලෝකයේ නැත, නමුත් වෙන්වීමෙන් පසුව ඔවුන්ගේ මතක ඔවුන්ට හුස්ම පොවනවා ඇත එමනිසා හමුවී සිටින කාලය ගැන සුන්දර මතක පමණක් ඉතුරු කර යන්න.🙂❤️ 4:53
One Of the Best Short Film❤️🥹 හරිම ලස්සනයි ඒ වචන ටික අහිංසක රස්තියාදුවක් අපි හැමෝටම තියෙනවා❤️
I felt it
අපි ගොඩක් ආදරේ කරන කෙන්ක්ගෙ වෙන්වීම කොච්චර හයිය මිනිහෙක් උන්ත් දරාගන්න අමාරුයි ඒකයි ඇත්ත 😥😥
Muffin:
මොහොතකටවත් ඈත් නොවී ළඟ හිටියත්, මේ හැම වචනයක් අස්සෙම ඉතිරෙන ආදරේ එක්ක මට ඔයාව පේනවා...මගේ හදවතේ තියන ප්‍රේමය දයාව විරහව යන හැම හැඟීමකම ජීවත් වෙන්නේ ඔයා.මගේ එකම ප්‍රාර්ථනාව මේ ලෝකෙන් යන්න ඇස් පියවෙන දවසක් වෙනකන් ඔය ඇස් වල මට මාවම පේන්න කියලා...
මං හරි ආදරෙයි...❤
ආදරෙයි මාත්..ලෝකෙන් යනකන්ම මාත් එක්කම ඉන්න.❤❤ මගෙ තුහින මල😘❤️🌻
ස්පර්ශයක්වත් දැක්මක්වත් නොමැතිව ඔහුගෙ නම මුමුනමින් දවස ගත කරන මාද කරන්නෙ රස්තියාදුවක්දො හැඟේ.නුඹනම් ආදරණීය රස්තියාදුවක්මය නිරන්තරයෙන්ම මාගෙ ආත්මයම නිවන්නට සමත් 🥰❤️
#2023_04_24 #21:49
අම්මෝ ඒකනම් ඇත්තක් කලින්😁