ආසියාවෙ පළමුවන නාගරික වනෝද්‍යානය | ස්වාභාවික තටාකය | පළාත් පාලන ආයතනයකින් පාලනය වන එකම වනෝද්‍යානය 😍❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සිසිල් වා කැරැල්ලෙන් ගත හිත දෝවනය වෙයි.පරිසරයේ නිහඬතාව මදකට හෝ බිඳෙන්නේ සියොත් ගී නදට ය. තුරු හා දැවටුණු ලතාවන්ට ඒ හැර වෙනත් ලෝකයක් නැතුවා සේය. ඒකාකාරි ජීවන රටාවෙන් මොහොතකට හෝ මිදී ගත සිත නිවාලන හොඳම තැන මෙතැන යැයි මෙහි එක්වරක් ආ අයකුට සිතෙනු නොඅනුමානය.
    රත්නපුර නගර මධ්‍යයේ තිබෙන මේ සොඳුරු ඉසව්ව පොම්පකැලේ නාගරික වනෝද්‍යානයයි. මෙය පාරිසරික ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයකි.රත්නපුර නගර මධ්‍යයේ සිට කිලෝමිටර් භාගයක පමණ දුරකින් පිහිටි මෙහි ඉතිහාසය වසර දෙසියකටත් එහා දිවෙයි.දැනට වසර 87කට පමණ පෙර රත්නපුර නගරයට ජලය සැපයීමට අංගම්මන හා ඇහැලේපොල වැව්වලින් ජලය පොම්පකර මෙහි තටාකයක ගබඩා කළ බැවින් පොම්පකැලේ ලෙස ව්‍යවහාර කෙරේ.
    ශ්‍රී ලංකාවේ ප්‍රථම නාගරික වනෝද්‍යානය ද වන මෙය පළාත් පාලන ආයතනයකින් පාලනය වන එකම වනෝද්‍යානය යි. දුර්ලභ ගණයේ ශාක විශේෂ මෙන්ම සත්ත්ව විශේෂද මෙම උද්‍යානයේ බහුලය. දැනට හඳුනා ගෙන ඇති ශාක විශේෂ 102න් 13ක්ම ශ්‍රී ලංකාවට ආවේණික වීමද විශේෂත්වයකි. කොතැනකවත් දක්නට නොලැබෙන නොනන්කෙන්ද,ගිණිහොට,අංකෙන්ද ආදි ඉතාම දුර්ලභ ඖෂධීය ශාකද මෙහි දක්නට හැකිය. උද්‍යානයේ දැකිය හැකි විශේෂිත ඖෂධීය ශාක විශේෂ අතර ගල්කරඳ,වැලිපියන්න,වල් සාදික්කා, හීන්මැල්ල, තපස්සර,පේරතමල,ගිණිහිරියා,දවුල් කුරුඳු, අක්මැදිරිය,කොකුම්, පිණිබරු,ඇටකිරිඳීය, කහ දියපර, හැඩවක,බුනු කිරිල්ල, මාරිද්ද, කලුමැල්ල, මින්දබරිය, ඇටිකොහොඹ, බිං කොට්ටම්, ආදියද වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පොම්පකැලේ ප්‍රජාමණ්ඩලයේ හා සිවිල් ආරක්ෂක සංවිධානයේ සභාපති සුනිල් අශෝක පෙරේරා මහතා -
    ‘ ආසියාවේ තිබෙන පළමුවන නාගරික වනෝද්‍යානය මෙයයි. රත්නපුරයේ මෙවැනි ස්ථානයක් තිබෙනවා යැයි කිමත් පුදුමයක්. මුලින්ම මෙහි හෙක්ටයාර් 70ක් තිබුණා. දැන් ඉතිරිව තිබෙන්නේ හෙක්ටයාර් 35යි. ජනාවාස වීම ඊට හේතුවයි. ලංකාවට ආවේණික ශාක වන ඇටඹ,ආරිද්ද, කැකුණබදුල්ල,දියපර ආදී ශාක මෙහි තිබෙනවා. ඒ වගේම සමනල්ලු, කුරුලු විශේෂ මෙන්ම, ඌරා,මිමින්නා,ලේනා,දඬුලේනා,ඉත්තෑවා ,නයා,පිඹුරා,තිත්පොලඟා ,කටුස්සා,හීරළුවා වැනි සතුන්ද මෙහි දැකිය හැකියි. විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සතුන් හා ශාක වඳ වී යාමේ අවදානමක්ද තිබෙනවා. උද්‍යානයේ තිබෙන්නේ ස්වාභාවික ජල තටාකයක්. එය මීටර් 100කට වඩා විශාලයි.එයට ජලය සැපයෙන්නේ වන උයන හරහා එන පත්තිනි දොළෙන්. මෙම උද්‍යානයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ යෝජනාවක් මගේ තිබෙනවා. එය තවම නගර සභාවට යොමුකළේ නැහැ. එය ඉදිකළහොත් විශේෂයෙන්ම නාගරික ජනතාවට විශාල ප්‍රයෝජනයක්.
    එම්.ආර්.කීර්තිරත්න මහතා-
    #forest #srilanka #travel #ratnapura

ความคิดเห็น • 25

  • @VectroZa
    @VectroZa  3 หลายเดือนก่อน +5

    @VectroZa  3 หลายเดือนก่อน +6

    පසුබිමින් ඇහෙන්නෙ මගෙ හොඳම යෙහෙළිය දිනූගේ සුමිහිරි කටහඬින් ගායනා කරන ගීත කීපයකි 😌❤

  • @madhusangikaruvini6183
    @madhusangikaruvini6183 2 หลายเดือนก่อน

    Lassnai ❤

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      Thank you ❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 หลายเดือนก่อน

    niyamai...😍🤩

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      ❤️

  • @thathsaradhanushka
    @thathsaradhanushka 2 หลายเดือนก่อน

    Keep it up chamil & sakuni.. 😌❤️

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@thathsaradhanushka තැන්ක්‍ස් මල්ලි 🌝💗

  • @dinushikasewwandi4513
    @dinushikasewwandi4513 2 หลายเดือนก่อน +1

    මට ලැජ්ජා හිතුනා හුම්🌝😌😐❤️🌻

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      අනාගතේදි තමයි හොඳටම වෙන්නෙ 😌❤️

  • @ayeshamohottala8275
    @ayeshamohottala8275 3 หลายเดือนก่อน

    Ado lssanai🤭❤

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      Mottarala 🤭❤️

  • @ThisEveningAhead
    @ThisEveningAhead 3 หลายเดือนก่อน +1

    Sort video hadala danna hodata hadala dala balannako

    • @VectroZa
      @VectroZa  3 หลายเดือนก่อน +1

      ❤️

  • @chamilviranga5971
    @chamilviranga5971 3 หลายเดือนก่อน

    උදාරයි..🥲❤️‍🩹

    • @VectroZa
      @VectroZa  3 หลายเดือนก่อน

      තව අවුරුදු දහකින් විතර මේක බැලුවම 😌👉👈 ම්ම්ම්

  • @pabanisachinthika9689
    @pabanisachinthika9689 2 หลายเดือนก่อน

    Akke mn open eke bsc degree ekata application damma
    Apita registration enna kochchara kalayak yaida

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      අපේ අවුරුද්දෙ නම් registration date closed වෙලා මාස එකහමාරක් වගේ යනකොට registration පටන් ගත්තා.
      දැන් strike නිසා කොහොම වෙයිද දන්නෙ නෑ. අපේ second year registration මාසෙකට වඩා කල් ගිහින් දැනටමත් 😿💔
      ජූනියර් බැජ් එකේනම් academic online යනවා..

    • @pabanisachinthika9689
      @pabanisachinthika9689 2 หลายเดือนก่อน

      Hari akke
      Thank you very much❤️

  • @ishiniumandi4138
    @ishiniumandi4138 3 หลายเดือนก่อน

    Akke open eke exam amaruda😢

    • @VectroZa
      @VectroZa  3 หลายเดือนก่อน

      මොන එක්සෑම් එකක්වත් ලේසි වෙන්න දෙන්නෙ නෑනෙ ලමයො 🤭

    • @chamilviranga5971
      @chamilviranga5971 2 หลายเดือนก่อน

      awilla blnn aca hitheii

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@chamilviranga5971 oya open nemeine 👍

    • @chamilviranga5971
      @chamilviranga5971 2 หลายเดือนก่อน

      @@VectroZa e unt mn dnnwne

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@chamilviranga5971 Oyalage assignments walata wadanam ape exams hodai 👍