යසෝදරා කවියකි උඹ බුදුන්ගේ.Yasodara Kaviyaki Umba Budunge. SANJEEW SJS
ฝัง
- เผยแพร่เมื่อ 19 พ.ย. 2024
- යසෝදරා කවියකි උඹ බුදුන්ගේ | අමු කවිය
Sanjeew Lonliyes SJS Production
Sanjeew Lonliyes
( chemistry Lecturer)
( Srilankan Amu music culture Artist )
lyrics - සූරිය සිහබාහු
Vocal- සංජීව් ලෝන්ලියෙස්
Melody | Music - සංජීව් ලෝන්ලියෙස්
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ | අමු කවිය
Guitar chords
Bm. F# m
සුන්දර විමන අසලින් යන වෙලාවේ
A. Bm
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
Bm. F# m
ඒ වැසි නිසයි ගොඩවූයේ අවේලේ
A. Bm
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ
Bm. F# m
පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
A. Bm
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
D. A. F# m
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
A. Bm
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි
Bm. F# m
මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
A. Bm
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
Bm. F# m
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
A. Bm
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා
Bm. F# m
වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
A. Bm
දුස්ට කතා නොකියා හිට කවියන්ට
Bm. F# m
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
A. Bm
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට
Bm. F# m
ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
A. F# m Bm
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
Bm. F# m
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ..
A. Bm
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ | Lyrics
සුන්දර විමන අසලින් යන වෙලාවේ
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
ඒ වැසි නිසයි ගොඩවූවේ අවේලේ
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ
පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි
මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා
වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
දුස්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට
ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ
Sanjeew Lonliyes Production
Srilankan Amu music Culture
#SanjeewSJS
#YasodaraKaviyakiUbaBudunge
#SriLankanAmuMusic
All copyrights - Sanjeew Lonliyes SJS
Contact -
Fb - / sanjeew.lonliyes
Insta- / sanjeew_sjs
Whatsapp - +94773250680
බූට් සිංදු,මල් සිංදු කිය කිය පොඩ්ඩො ඇඩුවට වැඩ්ඩෝ එලිපිට රගන්නේ නෑ..තමන්ගේ වැඩේ කරලා නිශ්ශබ්දව ඉන්නවා..ඒකට හොද උදාහරණයක් මේක..ජය ජය බ්‍රෝ❤️❤️
Matath asai oyawage ekak liyanda
👍👍👍👍👌👌👌👌💯💯
සබ්බා නදී වංක ගතා...
සබ්බේ කට්ටමයා වනේ...
සබ්බිත්තියෝ කරේ පාපං...
ලදමානේ නිවාතකේ...
(හැම ගඟක් ම ඇදේ ට ගලයි. හැම වනයක ම දර වේ. හැම ගැහැනියක් ම ලද ඇසිල්ලෙහි වරදේ බැඳෙන සුළු වේ ) මේ ඕලාරික බමුණු මතය බිඳින අපුරුව...
ගැහැණු හැමුත් නොම වරදේ බැඳෙන්නේ....
යසෝදරා කවියකි නුඹ බුදුන්ගේ....
ඒ පදවල අරුත පොතක් ලියන්න කරුණු....
පට්ට රහයි... ජයෙන් ජය.... දීඝායු වේවා!....
Super ❤️
❤
වහා ඇබ්බැහිවන සුළු බැවින් ප්‍රවේශමෙන් ශ්‍රවනය කරන්න !!!! සුපිරිම සින්දුවක් ❤🔥
ආදරෙයි මචෝ. ආදරෙයි
🥰🥰🥰
එල .........
Yeah perfect
අනිවාර්යයෙන් macho 🙏👌🌷 ආදරෙයි
ඔබ වැනි ගායකයෙක් අපට මහත් ආඩම්බරයක් වර්තමානයේ ව්හිලු ගීත වලට වඩා මා දකින්නේ ඔබ නව හැරුම් ලක්ෂක් ලේසියෙන් මෙවන් තව නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
යශෝදරා කවියකි නුඹ බුදුන්ගේ. ඒ වචන කට හඩ තෙරුවන් සරණයි ! ජය වේවා🌼💙
ගැහැණු ආත්මයක් ඇතුලට රිංගලා සිංදුවකින් ඇබ්බැහි කරපු දක්ශ නිර්මාණයක්.. තවත් වචන තිබ්බත් අගයන්න කියාගන්න බැ 😥😥😥❤️
බොහොම සන්තෝසයි අපේ ගීත අහන සහ විඳින එක සම්බන්ධ ව... ආදරෙයි සහෝදරී...
Niyamai bokka
Sanjeev lonliyes
@@SanjeewLonliyes😅
ගැහැනියක් ගැන මේ තරම් වටින නිර්මානයක් කර්න්නත් රිය්ල් කොන්ද්ක් තියෙන්න ඔනේ සහෝදරයා
ඔබගේ ගීතයන්ගේ රසය හා කටහඩ අමුතු හුදකලාවක සිරකරයි. එම ඉසවුවේ සැරිසැරීමට ඇල්මක් දක්වන මා මෙවන් නිර්මාණ ඉදිරියටත් ගෙන ඒමට සුබපතමි.
.
✔
Agreed
එකඟයි
👍👍
යුගයෙන් යුගයට බිහිවෙන වටිනා හඬ පෞරුෂයන්....
ජයවේවා....
ඒක හරි
අර්ථකයක් ඇට් අමු සිංදු සුපිරි ❤❤❤❤
අහම්බෙන් දැකපු පද පෙලක් නිසා චැනල් එකට පැනපු මට.. එයින් පිට වෙන්න හිතක් නම් නෑ.. "අමු සින්දු "නියම වචනේ... ආසයි මේ වෙනකම් අහපු ගීත ටිකට... හරිම සරල අර්ථවත් නිර්මාණ ටික... හරිම අගෙයි... හරිම රහයි... සුබ පැතුම් !!
උබනම් භාවනාවක් සංජීව් උබට හෑලි ලියන්න නොතේරුනත් මහත්තයො මේ මගේ අවුරුදු 31ටම දැකපු සුපිරිම හදවත් හොරෙක් ආදරෙයි ❤ අඩියෙන්ම
කාට හැකි වුනත් ගොතන්න පද පේලී අරුත නොදැන පලක් නැත සමරා හෝලී අදහස සොදුරු වූ විට අර්ථය දිස්වේවී නුඹේ කවිය හදවතින් නොම වියකේවී
ගැහැනු ආත්මය අමු අමුවෙන් මිරිකලා ඒ යුශ ටික පෙරලා අරන් හදපු නිර්මාණයක් කියන්න වචන නෑ... 👌👌
අයියේ කන්දක් උඩ සීතලේ ඉන්නේ.JBL ekai කොපි එකයි වඩයයි. ඔයාගේ සින්දු සෙට් එකයි.වෙනම ලෝකයක් .පිස්සුවක් ❤️❤️❤️❤️
අලි ඇයි මචන්
ඇබ්බෑහි උනා මේ සින්දු වලට... කී පාරක් ඇහුවද කියලා මතක නෑ.. පුදුම ලස්සනයි.... ජයවේවා.. තෙරුවන් සරණින් මෙවැනි නිර්මාණය දිගටම කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤
ලෝකෙ ලස්සනම විෂයන් දෙකක සංකලනයක්...
රසායන විද්‍යාව+සංගීතය=
උත්ප්‍රේරක නොදා මේ සිංදුවත් අමුවෙන් ම ඇහුවා.පට්ට.
😍😍😍😍😍😍😍😍😍😍😍
අමාරුයී වචන වලට ගලපන්න.. ඒතරමටම හදවතටම දැනෙනවා.. මේ සිංදු එකපාරක් ඇහැව්වට මදියී වගේ දැනෙන්නේ මට විතරයි ද...❤❤❤❤❤❤ ...
පොඩ්ඩක් ෂෝට් වෙලා මේසිංදු අහන්න එපා ආයෙ ගොඩ ඒමක් නෑ 😜 සුපිරී අයියෙ එල ❤️🤟
මේ සින්ද අපේ කාගම.ස්වාමීන්වහන්ස ට.ඇසේවා .👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏.උන්වහන්සේ.හරිම ආසයි මේවගේ සින්දු වලට.බණක්.කියන්න.
To. Dannawada kagama hamuduruwo kauda kiyla
ගමන් සියක් විතර ඇහුවා මම
තාමත් අහනවා ❤❤
සුන්දර විමන අසලින් යන වෙලාවේ
පිනිබිදු ඇවිස්සූ වැස්සකි වලාවේ
ඒ වැසි නිසයි ගොඩ වූයේ අවේලේ
වැහැපන් හෙටත් දොබ වැසි මේ වෙලාවේ
පැරලි දොර තබා ගියේ අපෙ අය්යන්ඩී
තිලින ලද හැකී යහමින් පොල්ලන්ලී
ලැජ්ජා ඉවසලා වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔන්චින්ලී
මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
සැනසී උස්මුවින් ජනකවි කියපු එකා
රත්තෝපලු ගහේ මල්වර ලකුනු හොවා
කැන්දා යන්න හෙට එන්නද සෙනෙහෙ පපා
වැස්ස හොදා ඩපුමල් පිනි ඉහ ගන්ට
දුශ්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොදා වැසි දවසක ලෙලවන්ට
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්න
ගෑනු හැමොත් නොම වරදේ බැදෙන්නේ
යසෝදරා කවියකි නුබ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අව්වතියා ඉර දෙය්යනී වඩින්නේ//
.❤
Maru
❤
❤
🤷
ගැහැනු හැමොත් නොම වරදේ බැදෙන්නේ යශෝධරා කවියකි නුඹ බුදුන්ගේ..💕💕💕 ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි..
ඒක ලස්සනයි තමයි..
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ.. ❤❤
ඒක ලස්සනයි තමයි..
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ.. ❤❤
✊
Aneee math asama e....pada peli tikta.....wadi wadiyen mewan nirmana krnn sakthiya labewa.....🌹🌹
It is great job first time I've been hearing this song . Because of Uddika prompt this message.
අමුවට වටෙන් ඇහුනට අද තමා හරි තැන සෙට් උනේ 🥺❤️ ඇබ්බැහිවෙන සුළුයි
මොනවද බං මේ සින්දු... ආයෙ නම් අහන්නෙ නැහැ රෙද්ද 😭
අහන අහන පාරට වදිනවා.. ලෙසටම වදින්න මල් දුම් ඕනෙම නැහැ....
❤❤❤❤❤❤🖤🖤🖤🖤🖤
Comment ekk nodama be TV eke ynwa ahuna pihithuden adare liuwe song eka. Eka ahila poddk ai balann awe song eka. Etakota me list ekma dekke marama lassana voice ekak. Amuthuma hadak. Jaya wewa aiye.
හිතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.. මේ ගායකයා අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.. ඔබට සුබ පැතුම්..
🤣
Obata suba pathanawa❤❤
අයියේ මං 2000න් පස්සෙ එකෙක්, අයියගෙ අමු මියුසික් වලට ආදරේ කරන❤️ මේක වෙනම රහක්, ජයෙන් ජය අයියේ✨
2000න් එහා අයටත් ඒව රහයි.කලාව අකාලිකයි
@@dasanayakabandara3190 අනිවාරෙන් ❤️
2000න් පස්සේ එවුන්ට සමහරු මෙලෝ රහක් නෑ කිව්වට... පුතේ උබලා අපිට වඩා බුද්ධිමත්. වෙනස් විදිහට ලෝකේ දකින උන්.
@@manjulaamarasena9086 2004😍
@@manjulaamarasena9086 ❤️
ඒ වොයිස් එක අධිමාත්‍රාවක් 🌸❣️..
ඒ රචකයගෙ අදහස් ඒවා වචන කරපු විදිය...ඇගට දැනෙන්න කරපු මේ එකතුව සුපිරියක් ..🌼
මමත් කවියෙක්.,මමත් මේවගේ රස නිර්මාණයක් කරපු දවසට මචං ඔය කටහඩින් ඒ වචන වලට පණ දෙනවට ආසයි🔥
මචං මේකේ තේරුම මොකක්ද බන්? පොඩි විචාරයක් දියන් කෝ
ජන කවි හැදුනෙත් මේ විදිහට තමයි.. අතීතය වර්තමානය වෙලා ආපහු වර්තමානය අතීතය වෙනවා ලෝකේ ගෝලේ වගේ අපිත් කැරකි කැරකි ඉන්නවා 🥰🥰
ඔබ මගේ හිතන අදහස් දක්වලා තියෙන නිසා මම නිහඩ වෙම් .ස්තුතියි ඔබට.
දවසක ලංකාවේ මියුසික් කලාව වෙනසක් කරන එකම පොර ❤ මම මේ සිංදුව අහන දහවෙනි වතාව මම හිතන්නේ ඒ තරම් මම අහනවා .යකඩ මනමාලි. පිහිතුඩෙන් ආදරේ ලිව්වේ . කලීෆා යන ගීත ආයේ කියන්න වචන නෑ❤
සෑහෙන්න ප්‍රවේශම් වෙන්න ඔනී සිංදුවක් මේක..ඇබ්බැහි වෙනවා සත්තයි♥️😌
මේක අමරදේව , අමරසිරි පීරිස් , කසුන් කල්හාර කිව්වනම් අපේ විචාරක උන්ට ප්රශස්ත ගීතයක් ....
උබල වගේ දක්ශ තනිගමනක් යන කොල්ලෙක් කිව්වොත් හොද කියන්න උන්ගෙ කටවල් ඇරෙන්නෙ නෑ
මූ අපේ එකෙක් ... එකයි වෙනස..
ඇත්තක්
Eeka nm ettha
@@srlktv 😂😅 අපිව හිනස්සල හඩවන්න එපා බන්.
ගොබ්බ ගොන් ප්‍රශ්න අහන්න එපා බන් 😅!!
වැඩිමහල් අයගේ කතා වලට පොඩි උන් කට හොට....
නොදා .... කටයි පු!#යි වහන් හිටපන් 🤫🤐🤐🤐
@@srlktvකව්රුවත් බනිනවා කියලවත්,,, බැන්නා කියලවත් කියලා නැ. කලා ශාස්ත්‍රය පිලිබදව තමා තරම් කිසිඋගතෙකු නැතැයි මහා ඉහලින් ඔලුව ඉද්දමව ගෙන ඉන්න අපේ රටේ ලොකු පිම්පි ඩයල්,,.. මෙහෙම කුඩා සමාජ පන්තියෙන් තම හැකියාවෙන් ඉදිරියට එන මෙවැනි තරුණ ගායකයින්ට කවමදාකවත් ඇගයීමක් කරන්න තරම් අදටත්.... අඩු තරමින්
උන් උන්ටවත් අවංක නෑ බන්. ඉතින් කොහෙද අපේ රටේ නිහතමානී උගතුන්??...
(මුල් comment එකේ තේරුම එයයි... ඇතිද තේරුම් කලා 😂)
අඩන සින්දු ගහන කාලෙ හොද පිරිමි කට හඩක් ජයවෙවා😊
කියාගන්න වචන නෑ මාරම ලස්සනයි මේ අමු සිංදු,කවි😘😘😘😘....ජයවේවා 🙏🙏🙏
ගැහැණු හැමොත් නොමවරදේ බැදෙන්නේ....යශෝධරා කවියෙකි නුඹ බුදුන්ගේ...හරිම ලස්සනයි💕💕💕
උඹලට තේරෙනවද වචන ටිකකට හඩකට වාදනයකට කරන්න පුළුවන්දේ
ඇත්තම සිංදු කියන්නේ මේවට ❤💪
ඇබ්බැහි උනා සහෝදරයා, පට්ට වචන ටිකක්, පපුව කම්පනය කරන උඹෙ හඬ පිස්සුවක් ❤️
නියමයි සර් දැන්නම් සර්ගෙ සිංදුවලට ඇබ්බැහි වෙලා නැතුවම බැරි තරමට ❤❤❤ ගොඩක් ලස්සනයි සර් 🎉❤
ඉස්සර සදුවගේ කාමරේට ඔයා ආවා ගියා මතකයි, දවසක් දෙකක් අමුවෙන්ම ඔයා ගයනවා අහන් ඉන්නත් අවස්ථාව ලැබුණා, අද ඔයාගේ නිර්මාණ බලද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. ඔයා ඇත්තටම විශිෂ්ටයෙක්❤ මගේ සුබ පැතුම් අයියා ❤
Harima lassana sinduwak.jivithe niyama arthaya pehediliwa pena song ekak
කෙමෙස්ට්‍රි සර් ඒ සින්දුවේ රසායනය මාරයි...හැමදාම වගේ ඒකේ තියෙන්නෙ ආවර්තිතා වේ ආතල් එකක්....පදෙන් පදේට රසේ මාරයි...කාන්ඩ වල රසේ එකයි...අමුවෙන්ම වැදෙන හීයක් වගේ ගීයක්...සුපිරිම
Yes
"කට්ට කාලා"" ආපු කාලේ ඉදලා තමයි ඇබ්බැහි වුනේ..💗💗💗
මේ සින්දුවට වගේම සරලව කරපු විෂුවල් එකටත් පිස්සු හදුනා. මේ රංගන ශිල්පිනිය කවුද කියල හොයා ගන්න බැරුව තාම ලතැවෙනවා. ඔබට සහ දායක වූ සියලු දෙනාට සුභම සුභ පැතුම්
ඒ ගායකයාගේ wife
පට්ට බ්‍රෝ....
Wife bn. Matanm video concepts thama pattama
රියල් පිරිම් භාවනාවක් වැනි කට හඩක් උබට තියෙන්නෙ ඒ හඩට ඕනම හදවතක් නිවා දමන්න පුලුවන්
මට මං ගැන හරි සතුටුයි අනික් උන් විකාර මගුල් අහද්දී මම මේවට ඇබ්බැහි උන එක ගැන ඇත්තටම දැනෙන්නේ මාර සතුටක් මං ගැනම තව ඕන අයියා මේ වගේ නිර්මාණ ඇබ්බැහියක් මේක කලීෆා , කන්‍යාවිය නුංබයි , නිල් මැණික , යකඩ මනමාලී, පිහිතුඩෙන් ආදරේ ලිව්වේ අනික් ඒවා බැරි උනත් මේ ටික දවසකට දහගමනකට වඩා අනිවාරෙන්ම අහනවා කොච්චර වැඩ තිබ්බත් ඒකට වෙලාවක් දෙනවා මහ අමුතුයි බන් අයියේ හිතට දැනෙන හැඟීම මේවා අහද්දී උඹලා වගේ උන්ට හරියනවා බන් දිගටම කරාම් මේ වගේ නිර්මාණ අපි ඉන්නවා අයියා එක්ක අව්රුද්ද දවසෙත් සින්දු ටික අහලා දවස පටන් ගත්තේ
සුපිරියක් විඩියෝ එකක් එනකම් බලන් ඉන්න එකම එක channel එක 💪🖤
තව තවත් මෙවැනි අමුවෙන් හිතට වදින අමු සිංදු අහන්න ලැබේවා.ජය වේවා අයියාණ්ඩි.
හරිම ලස්සනයි ඔයාට ජය වේවා
දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ හොය හොයා අහන්නේ ආදරෙයී අයියේ❤❤❤
මමත් මේ සින්දු වලට ආස කරන 1960 ගනන්වල එකියක්...❤❤❤❤🎉🎉🎉🎉🎉
අපේ පෙදෙසට එන්නට යන බව සැලයි. ආශාවෙන් අහන සින්දු අතර, ඔබත් තව එක් කුරුටු ගී වැලක් කැටයම් කලා. එය එකක් නොව නොනවතින ගී වැලක්.. මෙම ගීය අසන'තර සුසුම් පිට වූ ගැඹුර අති මහත්.. අහස වැහි බිඳක් බිම ලන්ට විළිලන හැම තත්ත්පරයකම නුඹ ද නුඹේ ගීය ද මට සිහි වෙයි. "යකඩ මනමාලි" නිතර මිමිනෙන අතර, කලීෆා හද අරක්ගෙන හිඳී.. සෞම්‍ය ස්වර දැහැන, ප්‍රකම්පන හඬ, තත් නොබිඳුන ගිටාරයක ලාලිත්‍යය සෙමෙන් දැමෙන තට්ටුව, හෘද කුහරය දෙදරවන සුළුයි. යථාර්ථය ගම්‍ය වන නමුත් ව්‍යංග රස කතා, දුක් කතා, ප්‍රේම කතා... තව තව කතා... නිතර අසමි,, විඳිම්,, මුමුනම්..
හඬ නම් අසම සම, මගේ ටකරං හඬ, මම මුමුනා නුඹ එහි සොයමි.
ඉතින් ගාන්ධර්වය, සුමධුර නොවන, එහෙත් ළය පසාරුකරන තවත් ඊ පහරක් ගෙන එන්න..
කුරුල්ලෝ අත්තටු ගැසූවත්
කටට නෙක උරුවම් තබා
කොවුල් හඬමයි සිතට සුවයත්
අසමි කොට්ටෙට හිස තබා
නොමැති ඝෝසා වයන විට තත්
දෙතොල් සැලියන් රස පබා
ඉක්මණින් මා දකිමි නුඹවත්
මිහිර ගෙන එනු මැන සබා..
මල්කි ජයසිංහ
අඹකඳවිල
ඒ කටහඬ මත් ද්‍රව්‍යක්.ගහක රසය විඳින වෙලාවක ලැබෙන මත් රසය තව වැඩි කරල දෙන අමෘතයක්❤️
සුපිරියක් වෙයි එතකොටනම්😍
හරියට හරි ❤️❤️❤️
Agree 💯👍
❤
80 දශකයේ වුනත් විදිනවා අමු රහ හරි ලස්සනට .....❤❤ ජය වේවා !!!
80 දසකයේ උන් තමා සාහිත්‍යය හරියට තෙරුම් ගත්ත උන්
❤️kanna ynna heta ennada senehe papa ❤️ pisu hadanwa machn hadwwathatama danuna teruwan saraniii machn
Hithanna dewal godak ithiru karapu lassana wedak..
Good luck..
Keep up the good work....!!
, අනේ.. හරිම.. අර්ථවත්
,හදවතට දැනෙන ගීත, හැම
වචනයක් පාසාම ගායනා කරන
අයියන්ඩියේ...ඔබට තව තවත් ගී
ගයන්නට යෝ ධබල, යෝ ද ශක්තිය නොඅඩුව ම ලැබේ වා
සියලු පැතුම් ඉටුවේ වා.සමිබුදු සරන වේ වා.. හරිම ලස්සනට ගායනා කරනවා..💯💯💯💯💯💯🙏
ඒ කටහඬ .. දෙවියන්ගේ ත්‍යාගයක්.... හරිම මිහිරියි...
යසෝධරා කවියකි උබ බුදුන්ගේ... I felt it❤️
Bro
Me too brother
Felt it deeply 🙏
පපුව කමිපනය කරනව එ වචන හඩ වේනමම ලෝකයකට අරන් යනව 100පාරක් ඇහුවත් ❤❤
මම හැටේ දශකයේ ගීත රස විදප්කෙනෙක්. මම රෑට අහන ගීතයක්. උනා. ඔබේ. හඩ...,.... ලස්සනයි. ඉදිරියට යන්නට මගෙන් සූභ පැතුම්. තෙරුවන් සරණයි
Patta aiye mn oyage sindu ahanwa hamawalema mn goodak asam oyage sindu walata aiyage palawaniyatma ahapu sinduwa yakada manamai ekan aiye ubata abbhi une oya supiri gayakek aiye sindu hamotama keyanna puluwan eth hadawathata danenna sindu keyanna puwane tika denatai aiye mage hadawathe udima inne uba aiye budu sarani thawa sindu karanna api ahanwa❤️❤️❤️❤️🙏🙏🙏
මේ ගීතයේ තේරුම මට කියා එවන්න...🙏.දවසපුරාම මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...🌹
මට දැනෙන විදියට නම් මේ පුද්ගලයා මේ ස්ත්‍රියට කැමති.තමන් ගැන වර්ණනා කරනවා..ඒ වගේම ඇයවත්..නමුත් ඇය මොහු හා වරදේ බැදීමට අකමැතියි...ඒ නිසා හදිසියේ වැස්ස නිසා ආවට ඉර පෑයුව නිසා ඉක්මනින් යන්න හදනවා...ඒක ඉර දෙයියො කියල අගවන්නෙ යහපත් ස්ත්‍රියකට වරදක් නොකරන්න ඉඩ ලැබුනු නිසා
Pela dorin geta ringana pirimiyekge hegim ban kiyanne. Anemanda thopita meka therumganna beruwa kohoma me samaje jiwathwennada kiyala
ගැහැනියගෙ හද පතුලටම ගිහින් ඒ හැගිම් අමුවටම දෙන පට්යම සිංදු වක් .❤❤❤❤
සුන්දර වීමන අසලින් යන වෙලාවේ
පිණිබිඳු ඇවිස්සූ වැස්සකි වලාවේ
ඒ වැසි නිසයි ගොඩ වූයේ අවේලේ
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ,
පැළ ලී දොර තබා ගියේ අපේ අයියන්ඩි
තිළිණ ලද හැකියි යහමින් පොල්ලල්ලී
ලැජ්ජා ඉවසලා වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලී
මා වෙමි එගොඩහේ වල්ලිම රැහපු එකා
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
රත්තෝ පළු ගහේ මල්වර ලකුණු හොවා
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා
වැස්ස හොඳා සපුමල් පිනි ඉහගන්ට
දුෂ්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොඳා වැසි දවසක ලෙළවන්ට
මැස්ස ගසා මල් එළපන් ගෙට එන්ට
ගැහැණු හැමොත් නොම වරදේ බැඳෙන්නේ
යශෝදරා කවියකි උබ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අව්ව තියා ඉර දෙවියනි වඩින්නේ…. //
අව්ව තියා ඉර දෙවියනි වඩින්නේ…..
මේකේ ලස්සන විචාරකයක් දෙන්න කෙනෙක් හිටියනම්😓
යශෝදරා නුඹ කවියකි බුදුන්ගේ.මාරම රහක්.නැවුම් කියවීමක්.
උඹ සුපිරි බං යකඩ මනමාලි මව පිස්සු වැට්ටෙව්වා මේක ඊටත් එහා
ගැහැණු ආත්මයට හොරෙන් රිංගා ...
සිරුවට අඩිය තියා අවිදින ඔබ..
කවුරුද කවි සිත..
අදමයි ඇහුවේ දවසම ඇහුව එත් මදි එක නම් පුදුම ඇබ්බැහි විමක් ❤️❤️❤️❤️❤️❤️❤️
මෙච්චර ලස්සනට වචන ගලපන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. 🔥❤️ භාවනාවක් වගේ ගායනයක් ❤️🔥
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ,,මේ සිංදු නම්,,,,,ආදරෙයි ඈ,,,,,,ඉදිරියටත් අමු සිංදු දිගටම ගේමු අයියේ,,,,ඔබට ජය✌✌❤❤❤❤💪💪👍👍👍
මම මේක පට්ටම ආසර සින්දුවක් තවමත් අහනවා සැරින් සැරේ
ඇත්තටම අයියේ ඔයාගේ සින්දු ඔක්කොම මං අහනවා කවුරු කෝම කීවත් මේ රටාව වෙනස් කරන්නත් එපා දිගටම සින්දු කරන්න
ගැහැණු හැමුත් නොම වරදේ රැඳෙන්නෙ...
යසෝදරා කවියකි නුඹ බුදුන්ගේ....🥀
යශෝදරා කවියකි..උබ...බුදුන්ගේ.. I feilt it ❤🥀
Supiriyak aaaa. Sape inna apta
මටම තෙරෙන්නෙ නැති අමුතු හැගීමක් දැනෙනව ඔබේ කටහඩ ඉතා හැගුම්බරයි.හදවත නිවි සනහනා.
අයියෙ පොඩි request එකක්...පොඩ්ඩියේ ඔයාගේ voice එකෙන් අහන්න ආසයි....🥺❤️ ඒ නැත්තම් හමර බණවර කියන්න pls පුළුවන්නම්....❤️❤️❤️
👌🔥
😍🤙
Eka line eke neda 👌👌❤️❤️
ඒක පිස්සුවක් ❤️❤️❤️ අහපු වාර ගාණ ගණන් කරන්න බැරිතරම්... ඒ තරම් ලස්සනයි මේ සෙට් එකම
පසුකම්පන ඇති කරන සිංදු .. හැම ගීතයක්ම අතිවිශිෂ්ටය් .. ස්තුතිය් ..
පිරිමි කමටත් නොමෙති ගෙහනු කමටත් නොමෙති හඩින් සින්දු අහල එපා වෙලා හිටියෙ නියම පිරිමි කට හඩ නියම නිර්මානයකට මුසු. වෙලා එද්දී එහි රසය මාරයි ඔබෙන් ඒ වෙනස හදුනාගත්ත ඔබට පින්
හරිම අපුරු වචන ගැලපීමක් කියන්න බැරි තරම් රසයක් මේ හැම ගීතයේ තියනවා සරල සුන්දර පොළවේ පය ගහලා ඡීවත් වෙන සොඳුරු කලා කරුවෙක් මෙවැනි ලස්සන නීර්මාන කරන්න තව තවත් ශක්තිය ධෛර්යය තෙරුවන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා ඡයෙන් ඡයම වේවා
මලක් ගහලා අහන්නේ.අම්මෝ ඒක පිස්සුවක් බන්.ආදරෙයි😍😍ජය වේවා!බුදු සරණයි !
ගයානයා" අඩේ ආදරෙයි ඈ...
අලුත් එකක් එනකම් බලන් හිටියේ. පිස්සුවක් මචන් ❤️
කියන්න වචන නෑ ඒ හඬ ගැන ,ඇස් පියාගෙන විදින්න පුළුවන් ඇබ්බැහි යක් ❤️❤️(සිතක ලියවුනු අකුරු )
මෙම ගීතයේ තියෙන්නෙ මාරම අර්ථයක් මේ සිංදුව අහද්දි අමරදේව මාස්ටර්ගෙ වක්කඩළග දිය වැටෙන තාලයට ගීතය මතක් වෙනව. ♥️🙌.
අනේහ්...ජීවිතයේ පලමු වතාවට..ඇහුවා..අමුවෙන් ගැහැණු කවියක්..ඒ ඉදපු ගැහැනිය මොහොතකට මං උනා..සුන්දරත්වය මොනවට කියන්නද පබැඳුම් පෙල..අනර්ඝයි...👌👌👌👌🥀🥀🌹🌹🌹
සමහර
හැකියාවන් තිබුණා
ඒවා අරන් එන්නෙ
සාසාරෙන් .......
ඒ සසර හැකියාව
අපූරුවට පෙනුනා
නුඹේ හඩින්.....
සත්තමයි
ආත්මීය සුවයක්
ගෙනෙන
පද ගැලපුමක්...
එක වතාවයි ඇහුවෙ, එකෙන්ම ඇබ්බැහි වුණා.. ජයෙන් ජය!
ලංකාවෙ එව්න්ගෙ රසාස්වාදෙ මේවගේ නිර්මානවල විව්ස් ගානින් පේනව 💔
Mamath 2000 n passe ekek ape paramparawe ewun kamati kunu rasayata misak amu rasayata newei eth mama oya then amu rasayata adict wela inne patta wadak jayawewa
කියන්න වචන නෑ ඒ තරමට සුපිරි අධිමාත්‍ර, අද අපි සෙට් වෙනව ගිරිඋල්ලෙ ශෝ එකට.
කියන්න වචන නෑ අය්යෙ. එක සින්දුවක් ඇහුවේ. හොය හොය අය්යගේ සින්දු අහන්නේ. ඇත්තටම ඇබ්බැහි වෙනවා. Voice එකත් එක්කම lyrics ටික සුපිරි. ඔයාට ජය.😊😊😊🤩🤩🤩
ලංකාවේ රියල්ම විප්ලවය කරන්නේ උබ සහෝදරයා , ආදරෙයි ....අමුයි කිවට රහ යි පැලෙන්න,මහපොලොවේ ගායකයා.....
අයියා ඔයාගේ සින්දු පිස්සු වට්ටලා තියෙන්නේ මාව 🥵 මොන අව්ලක හිටියත් , කොහේ ගමනක් යන්න ගියත් ඔයාගේ සින්දුවක් දාගෙන ඉන්න ඕනි තරමට තව ඕනි ඔය වගේ , හිතන්න තියන සින්දු , සුපිරි
ඔයාගේ එකම සිංදුවකින්වත් කන් දෙක අයින් කරන්න බැරි තරමටම ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤ ගොඩාක් කාලෙකින් දැකපු හොදම නිර්මාණ ටිකක්
Obaweni daksayan samanayata paththra voyauthi❤❤🙏🙏
අනෙ මන්ද දෙතුන්පාරක්ම අහනව දෙයියනේ .
ඔයා න්ම් සර් 🎉🎉🎉❤❤❤
සන්ජීව වොයිස් එක නියමයි. සූරියා නියම වචන ටික. යසෝදරා කවියක උබ බුදුන්ගේ මන් ආස එතනට. එතන හිතන්ඩ දෙයක් ඉතුරු කරනව නියයි. ජය.❤
කවිය වැදුනා හිතටම ස්න්ජීව් අයියේ, ඇස් පියන් අහගෙන හිටියා මාරම සැහැල්ලුවකින්, අනික ඒ වචන 👌
අර්ථාන්විතම සිංහල සිංදුවක්❤❤❤🎉🎉🎉
ගැහැනු හැමොත් නොම වරදේ බැඳෙන්නේ..
යසෝදරා උබ කවියකි බුදු න්ගේ..