සිල් ගන්න අමාරුද ? Ven Bambaragala Abhayawansha
ฝัง
- เผยแพร่เมื่อ 5 ม.ค. 2025
- ---#shortbana
** ධර්ම දානය යනු ලාභ ප්‍රශංසාපේක්ෂාවන් නැති ව...අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව... කරුණා , මෛත්‍රියෙන් ..... අනුපිළිවෙලින්, කරුණු දක්වමින්....තමන් හා අනුන්ව නොගැටී ...අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම
** යොගාවචරයා ස්වකීය ශාස්තෘවරයාගේ නියම ඉගැන්වීම පැහැදිලි ව තේරුම්ගෙන සිහියේ තබාගත යුතුය. ස්වකීය ශාස්තෘෘන් වහන්සේගේ අදහස නොදැන ධර්මයත් විනයත් වරදවා කීමෙන් හා ගැනීමෙන් ද උන්වහන්සේගේ ආඥා චක්‍රයටත් ධර්ම චක්‍රයටත් පහර ගැසීම සිදු වෙයි. ශාස්තෘෘන් වහන්සේට ද දෝෂාරෝපණයකි. තමා හට ද දීර්ඝකාලීන අහිතයෙකි. (අලගද්ද-මජ්ඣිම 1.2.2.)
** පරීක්ෂා බුද්ධියෙන් තොරව උගත් ධර්මයන් දැනීම, නොඉවසන බව හෙවත් මේ මේ ස්ථානවල සීලය, සමාධිය, විදර්ශනාය, මාර්ගය, ඵලය, වට්ටය, විවට්ටය යි තීරණයකට නොපැමිණිය හැකි වන බව සිහියට ගත යුතු ය.
**අනුන්ගේ වාදයනට දොෂාරෝපණය කිරීමේ උපදෙස් අහුලාගැනීමේ අදහසින් හෝ අනුන් ආරෝපණය කළ වාදයෙන් මිදීම සඳහා කරුණු අහුලාගැනීමේ අදහසින් හෝ බුද්ධ ධර්මය නොඋගත යුතුය. මෙසේ ගන්නා පර්යාප්තියට 'අලගද්ද පරියත්තිය' යැයි කියනු ලැබේ. "සර්පයෙකු නගුටෙන් ඇල්ලීමක් වැනි බිහිසුණු වැඩක්" යනු එහි තේරුම ය. බුද්ධ වචනය ඉගෙන ලාභ යසාදියට පැමිණෙන්නෙමැයි ඉගෙනීම අලගද්ද පරියත්ති බව සලකනු.
**බුද්ධ වචනය උගන්නා තැනැත්තා විසින් "සීලය ඉගැන්වූ තැන ඉගෙන එය පුරමි." යි ද "සමාධි ආදිය ඉගැන්වූ තැන් ඉගෙන ඒ ඒ ගුණ පුරා උතුම් නිවන් පසක් කරමි." යි ද අධිෂ්ඨාන කොටගෙන එසේ කරතොත් එය නිස්සරණ පරියත්තිය යි.
**රහතන් වහන්සේට අයිති වනුයේ භණ්ඩාගාරික පරියත්තිය යි. එසේ හෙයින් රහත් නොවන අන් හැමදෙනෙකුට ම අයිති වනුයේ ඉතුරු පරියත්ති දෙක යි. මෙයින් අලගද්ද පරියත්තිය දුකට හේතු වන හෙයින් නිස්සරණ පරියත්තිය ම අපේක්ෂා කළ යුතු ය.
**කුල්ලූපමං වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි නිත්ථරණත්ථාය නො ගහණත්ථාය. (චතුරොඝ නිත්ථරණත්ථාය) පසුරකට උපමා කොට දේශණා කළ ධර්මයෙහි හැසිරෙන්නා විසින් , භයජනක ගංගාවෙන් එතර වූ තැනැත්තා එතර වීමට උපකාර වූ පසුර කරේ තබාගෙන නොයන්නා සේ සමථ විදර්ශනා සංඛ්‍යාත ධර්මයෙහි ද ඡන්දරාගය හළ යුතු බව සලකනු.
බුද්ධ දර්ශනයේ හදවත භාවනාවයි. එනම් සොයාබැලීම හෝ භාවිතා කිරීමට ඉගෙන ගැනීමයි. එය ඒකායන මාර්ගයකි. නමුත් මෙම සොයා බැලීමට අප භාවිතා කලයුතු වන්නේ තමන්ගේම ශරීරය හා ඒහා සම්බන්ධ කාරණයන් ගැන පමණක්ම ය. එය පංච උපාදානස්කන්ධ ලෙස හැඳින්වේ. කෙසේ නමුත් භාවිතා කරන ක්‍රම කාලයාගේ ඇවෑමෙන් බැහැරවී යාහැකි වුවද, බුද්ධ දර්ශනය තුල එම ක්‍රියාවලීන්ම වෙනත් දිශා ආනතියකින් හෝ නැවත නැවත සිදුකිරීමට සිදුවනු ඇත. එම ගමන අවසානයේදී තමා තමන්වම හදුනාගත්කල, සම්මා ඤාණ සහ සම්ම විමුක්ති නම් වූ සුවිශේෂතා දෙකක් පමණක් ශාක්ෂාත් වනු ඇත. මේ ගමන සිහියෙන් පටන්ගෙන සිහි නුවණින් අවසන් වනබවයි.