Anuradhapura Kingdom | අනුරාධපුරය |World Heritage Site | Ancient City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අනුරාධපුරය
    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක. අනුරාධපුරය ශ්‍රී ලංකාවේ දීර්ඝතම රජධානියයි. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානිය සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් රාජ්‍ය පාලන තන්ත්‍රයක් හා ජනජීවිතයක් පැවති බවටත් ශ්‍රේෂ්ඨ සංස්කෘතික ශිෂ්ටාචාරයක් තිබු බවටත් අනුරාධපුර පෞරාණික නගරයේ දැකගත හැකි වෙහෙර විහාර ආරාම රාජ මාලිගා වැවු අමුණු ඇතුලු අනෙකුත් නිර්මාණයන්ගෙන් පසක් වනු ඇත.
    අනුරාධපුර පෞරාණික නගරයේ සංචාරය කිරීමේදී නැරඹිය හැකි වැදගත් වු ස්ථානයන් කිහිපයක් පිළිවෙලින් මෙහි දැක්වේ.
    රුවන්වැලි මහා සෑය
    අභයගිරිය
    ලංකාරාමය
    ථුපාරාමය
    ජේතවනාරාමය
    මිරිසවැටිය
    සඳ හිරු සෑය (මෑතකදී)
    සමාධි බුදු පිළිමය
    කුට්ටම් පොකුණ
    බසවක්කුලම වැව
    ඇත් පොකුණ
    අභයගිරි ප්‍රධාන දාන ශාලව සහ නටඹුන්
    සමාධි බුදු පිළිමය 3
    අනුරාධපුර යුගයේ කළාත්මක සඳකඩ පහන
    අනුරාධපුර යුගයේ කළාත්මක මුරගල
    තිසා වැව
    අනුරාධපුර පෞරාණික නගරයේ සංචාරය කරනු ලබන සෑම සැදැහැවතෙකුම අටමස්ථානය වැඳ පුදා ගැනිමට අමතක නොකරයි. එසේ සංචාරය අතරතුර නැරඹිය හැකි තවත් වැදගත් ස්ථානයන්ද වේ.
    සමාධි බුදු පිළිමය - බුදු රජාණන් වහන්සේ භාවනා යෝගීව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සමාධි බුදු පිළිමය අනුරාධපුර යුගයේ විශිෂ්ඨතම නිර්මාණයකි. මෙය උස අඩි 7'3" ක උසින් යුක්ත තනි හුණුගල් පාෂාණයෙන් නිමවා ඇත.
    කුට්ටම් පොකුණ - පුරාණ ශ්‍රී ලංකාවේ ජල ස්නානයට යොදාගත් පොකුණු අතර කුට්ටම් පොකුණ හොඳ උදාහරණයකි. පළමු වැනි අග්ගබෝධි රජු විසින් කරන ලද්ද මෙය සිංහලයන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ සහ වාස්තු විද්‍යාවේ සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකිය හැක. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙකෙහි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 වේ.
    බසවක්කුලම වැව - ක්‍රි:පූ 437 - 367 දක්වා අනුරාධපුරය අගනුවර කළ පළමු රජු වන පණ්ඩුකාබය රජු විසින් කරවන ලද්දකි. අභය වැව නමින්ද හඳුන්වනු ලබන මෙය මෙරට ප්‍රථම වැව ලෙසද පිළිගැනේ. අක්කර අඩි 1910ක ධාරිතාවකින් යුත් බසවක්කුලම වැවේ ජලය අක්කර 265ක් පුරා පැතිර පවතී.
    ඇත් පොකුණ - පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය අභයගිරි ස්තුපයට නිරිත දෙසට වන්න ලංකාරාමයට ආසන්නව පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ විශාලතම පොකුණ ලෙස සැලකෙන මෙය දිගින් මීටර 159 ක් හා පළලින් මීටර 52.7 ක් පමණ ද ගැඹුර මීටර 9.5 ක් පමණ වේ.මෙහි වූ විශාලත්වය නිසාම මෙය ඇත් පොකුණ ලෙස හඳන්වනු ලබයි. අභයගිරිවාසී භික්ෂූන් වහන්සේලාගේ පැන් අවශ්‍යතා සපුරාලීමට මෙම පොකුණ ඉදිකොට තිබූ බව සඳහන් වෙයි. වර්ථාමානයේදීද පොකුණට පෙරියන්කුලම වැවෙහි සිට ජලය සැපයෙන බව කියනු ලැබේ.
    අභයගිරි ප්‍රධාන දාන ශාලව සහ නටඹුන් - අභයගිරි විහාර වාසි භික්ෂූන් වහන්සේලා පන්දහසකට දානය සැකසු දාන ශාලාවකි. මෙහි ශෛලමය බත් ඔරු ව්‍යාංජන ඔරු වගේම අංග සම්පුර්ණ මුළුතැන් ගෙයක් තිබිලා තියෙනවා.
    සමාධි බුදු පිළිමය 3 - මහමෙවුනාවේ වැඩ සිටින සමාධි බුදු පිළිමයට අමතරව සමාධි පිළිමයන් කිහිපයක්ම දැකිය හැක. මෙම තුන්වන සමාධි පිළිමය ඇත් පොකුණට නුදුරින් පිහිටා ඇත. තවද ඒ ආසන්නයේ බරෝස් මණ්ඩපයක් (ගල් වියනක්)‚ නිධන් ගලක් වගේම බ්‍රහ්මීය සෙල් ලිපියක්ද දැකිය හැක.
    අනුරාධපුර යුගයේ කළාත්මක සඳකඩ පහන - සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් ව නිමවා පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක. පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය. අනුරාධපුර යුගයේ මෙම සඳකඩපහණ කැටයම්කරුවාගේ අද්වීතීය කලා කුසලතාවය මනාව විදහා පාන්නකි.
    අනුරාධපුර යුගයේ කළාත්මක මුරගල - පූජනීය ස්ථානයකට, හෝ රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහණ දෙපස පිහිටන මුරගල හෙළ කලාකරුවාගේ අපුරු නිර්මාණයකි. දිගු කලක් මුළුල්ලේ විකාශනය වූ මුරගල ආරක්ෂක ගල්, දොරටුපාල ගල් නමින්ද හැඳුන්වයි. අනුරාධපුර අභයගිරිවිහාරයේ රත්නප්‍රසාදයේ ඇති මුරගල කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. මුරගලේ විශිෂ්ටතම අවස්ථාව නාරජු සහිත මුරගල් අවස්ථාව වේ. එතෙක් පැමිණි මුරගල් සියල්ලෙහිම වූ සියළු අංග නාරජු සහිත මුරගල තුළ දක්නට ලැබේ.
    තිසා වැව - අනුරාධපුර අගනගරයේ ජල සම්පාදනය වැඩිකරවීම වෙනුවෙන් දේවානම්පියතිස්ස රජු (ක්‍රි. පූ. 3 සියවස) විසින් මෙම වැව කරවා තිබේ. අඩි 25ක් උස වැවෙහි බැම්ම සැතපුම් 2ක් පමණ දිගු වේ.

ความคิดเห็น •