Samitha B Atywabandela | සමිත බී අටුවබන්දෑල | Saman4You - Prog 353

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ‘සමිත බී අටුවබන්දෑල අපූර් ව කවියෙකි. කෙටිකතාකරුවෙකි. ගේය පද හා තීරු ලිපි රචකයෙකි. සියුම් විචාරකයෙකි.
    කිසිදු සාහිත කඳවුරකට කොටු නොවුණ ඔහු, කලින් කල, කවි නමින් හමා එන රොඩු බොඩු මාරුතයන්ට හසු වී පරඬලා පත් මෙන් පා නොවී සැබෑ කවිය සොයා යන්නට ගන්නා උත්සාහය අගනේ ය.’
    එහෙම කියන්නෙ නාරද කරුණාතිලක.
    සමිත ගැන චින්තක රණසිංහ කියන්නෙ මෙහෙම.
    ‘තම අතීත අත්දැකීම් පරිණත වියේ දී නැවත නැවත විවිධ කියවීම් ඔස්සේ ප්‍රතිනිර් මාණය කිරීම සමිතගේ කාව්‍ය මාර් ගයේ කැපී පෙනෙන ලක්‍ෂණයකි. එහි දී ඔහු ස්වයං සිද්ධි විරිත හා රිද්මය තම කවි තුළට ගෙන එන්නේ හුදෙක් අන්තර්ගතය මඟින්ම ලබා දෙන ආකෘතියක් ලෙස මිස ආනයනය කරන ලද ව්‍යාජ ආකෘතියක් පිළිබඳව අදහසකින් නොවේ. එසේම සමිතගේ කාව්‍ය මාර්ගයෙහි තවත් විශේෂතාවක් වන්නේ තම අව්‍යාජ දැක්ම ඔස්සේ පාඨකයා වෙත සමීප වෙමින් කවිය රචනා කිරීමයි. පසුගිය දශක දෙක තුළ සිංහල කවියේ බලවත් වූයේ එම අව්‍යාජ සම්ප්‍රදාය නොව, බලහත්කාරී ලෙස පාඨකයා වෙත එන්නත් කරන ලද විචාරාත්මක කියවීම යි. සමිත එය මුළුමනින්ම බැහැර කරන අතර, කොළඹ යුගයේ කවියකු තුළ තිබූ අව්‍යාජ සෞන්දර්යාත්මක චින්තනය ඔහුගේ නිර් මාණවලින් පිළිබිඹු වේ.’
    සමිතගේ කවිය සරත් විජේසූරිය දකින හැටියි, මේ.

ความคิดเห็น • 5