Matath ape hamuduruwange bana mulinma ahune bus 1 yaddi,unwahase Katha karanne hadawatha ta, Hoya Hoya gihin man bana ahuwa,y tube 1 hoyala ahuwe, jeewithe loku aduwak piruna me deshana ahaddi
Great Harendra. Hard to expect Authorities to appreciate this kind of simple,down to earth Priests. But,we as responsible citizens,should value them before their demise from this ungrateful world! ☝️
මමත් මුසල්මානුවෙක්..ඔබ වහන්සේ ගේ දේශනයට මම නිතරම වගේ ආශාවෙන් ඇහුම්කන් දෙනවා.. අපේ ජීවිත වලට ගන්න පුළුවන් බොහෝ දෙ ඔබ වහන්සේ ගේ දේශනය තුළ තිබෙනවා..මම විශාල මානසික තෘප්තියක් ලබනවා..ඔබ වහන්සේ හරිම යථාර්ථවාදීයි..
Apita api bedaaganna puluwannam miita vadaa lokaya sundarai yaaluwa.... 👍👍
මේ ලෝකය අපි හැමෝගෙම
Api ekamuthu wela iddi loke Mona taram lasdanada Balanna
ඇත්ත මහත්මය මට කියන්න තියෙන්නෙත් ඒකමයි
Oba gana adambaray yaluwa..
මම මුස්ලිම් ඒත් මන් ගොඩක් ආසකරන,ගරුකරන, අපේ කාගම පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්. අපේ හමුදුරුවන්ගේ බණ අහන්න හරිම මම ආසයි.පුදුම භක්තියක් ගෞරවයක් දැනෙනවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!බුදු සරණයි.
Baba Borhan 🙏🙏🙏
🤙🙏
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
Awankawama sathutui oba weni Aya gena.hithata denna de denennata ariyata
👍👍
බුද්ධ දර්ශනයහි යථාර්ථවාදීත්වය ඔබ වහන්සේගේ කසාවතින් සමාජගත වීම යනු දහම් පිරිහුණු මෙකල්හි ඝර ගොරෝසු කළු ගල් අතර අමිල නිලක් ලෙස අප දකින්නෙමු.
ඔබ වහන්සේට අල්ලාහ් ද්විදුන් දෙලොව ජයග්‍රහණය ලබාදෙත්වා.
ආමීන්.
@PRASAD PERERA ,, a manusayata muslim unat buddagme uganwapu hikmeema tiyenawa,, ohu me hamuduruwanta garu karanawa..ohu ohuge widiyen hamuduruwanta ashirwadaya ekka karala..karmaya pamanak ekama pihitai kiyala uganawana budu dahame oba ohuta nigaru karala
ප්‍රසාද් ඔබට වඩා ඔහු සංවරයි කීවහොත් නිවැරදියි
@@isheerandi2231 o
ඔබට ස්තූතියි amher
Hutto minissun wa terum ganin papol ata lontaya.. agam walta agwrawa kranna epa reddi watuna ekaa
මම දෙමළ ඉන්දු ජාතිකයෙක් කාගම සුවාමින්වාන්සෙගෙ බන ආන්න අරිම ආසයි අරිදෙ තෙරෙන ව්දියට කියලා දෙන නිසා උන්වහන්සේට තෙරැවන් සරණයි
❤
ඔබගේ සිත සුවපත් වේවා
මං ආසම කරන හමුදුරුනමක් තමයි කාගම හාමුදුරුවෝ
අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් වැජබේවා අපෙ හමුදුරුවනේ
බුදු සරණයි !!
අනිවාර්යයෙන්
Aniwarnma
Definitely
Mama kamathima hamuduruwo harima awyajai
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
මුස්ලිම් මිත්‍රවරුනි .... ඔබේ අදහස මම කියෙවිවා.... සංසාර ගමනේ ඔබත් මමත් යම් තැනක මුනගැසේ... ඒ ධර්මය නම් වේදිකාව තුලය..❤️🙏❤️
මං මුස්ලිම් කෙනෙක් උනත් youtube එකෙන් මේ උත්‍තමයාගේ බන අහනවා.... අහන් ඉන්න හරිම ආසයි ...හිත පහන් වෙනවා උන්වහන්සේ කවිපද එකිනෙක ගලපලා තේරුම් කරන විදිහට .... ගොඩාක් ස්තූතියි හරෙන්ද්‍ර මේ video එකට🧡❤️🧡❤️
❤❤❤
S
@@samilavimukthi2540 🙏🙏🙏🙏🙏
Maha rahathun wadi maga osse.., nirvana tv යූ ටියුබ් චැන්ල් බලන්න.. තෙරුවන් සරනයි
ඔබට මගේ පුනාමය
මම ඉපතින්ම කතෝලික නමුත් ඔබ වහන්සේට තියෙන්නේ මගේ හිතේ පුදුමාකාර ගරුකිරීමක්
පල්ලියේ පූජාවට ගිහින් ෆාදගේ පූජාවට ඇහුම්කම් දෙනවා වගේ තමා ඔබ වහන්සේගේ බනට ඇහුම්කම් දෙන්නේ ඔබ වහන්සේට නිදුක් නීරෝගිසුවය පතමි ජේසු පිහිටය්🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම මුස්ලිම් ඒත් මන් ගොඩක් ආසකරන,ගරුකරන,ආසවෙන් බලන ස්වාමින්වහන්සේ කෙනෙක් ඔබ වහන්සේට තෙරුවන්සරනය්.🙏🙏
.
If we respect each other... World will be more safe & beautiful place.
❣️
He is a good monk. Very composed.
Yes. I'm not a Budhist. But if everyone lives without making trouble and robbing people. Life would be blessed. 🙏
ඔබට තෙරුවන් සරණයි
මම රෝමානු කතෝලික .. මම මුලින්ම අපේ හාමුදුරැවො බණ කියනව දැක්කෙ දැනට අවු .2 කට කලින් බාරයක් ඔප්පු කරන්න තලවිල පල්ලි යන්න පිටකොටුවෙන් පුත්තලම බස්එකට නැගපු වෙලේ... මට මුලින්ම හිත ගියේ උන්වහන්සේගේ කතා විලාශයට....ඊට පස්සෙ මම TH-cam එක පීර පීර උන්වහන්සේගේ බණ අහනවා.. හරිම ප්‍රායෝගිකයි... මේ නිසාම අනික් හාමුදුරැවො කියන බණත් ඇහුවා වචන 10න් 4 ක් කුනුහරප... නමුත් කාගම හාමුදුරැවනේ ඔබවහන්සේගේ ඔය ශාන්ත වීලාශය ...හරිම හිත් බැදලා තියාගන්නවා..සමහර වෙලාවට මගෙ Staff එකට උපදෙස් දෙන්න ඒ බණත් යොදා ගන්නව... මම අදටත් සන්තෝස වෙනව එදා බස් එකේ ගියාට ....
අන්ලයික් කරලා තියෙන්නේ 10 න් 4ක්ම කුණුහරුප දේශනා කරන හාමුදුරු ගොල්ලො තමා
Matath ape hamuduruwange bana mulinma ahune bus 1 yaddi,unwahase Katha karanne hadawatha ta, Hoya Hoya gihin man bana ahuwa,y tube 1 hoyala ahuwe, jeewithe loku aduwak piruna me deshana ahaddi
@@madushanidissanayake2214 සල්ලි පස්සේ දුවන,,,,සමාවෙන්න වඩින හාමුදුරුවන්ට හොඳම අාදර්ශයක්,,,,ප්‍රාඩෝ වලින් අැවිත් සංසාරේ දුක ගැන කියන අය තමා ඉන්නේ බහුතරේ
Umbrella
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අදනම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම බුද්ද පුත්‍රයෙක් වැඩම කරවලා තියනව වැඩසටහනට බොහොම ස්තුතියි හරින්ද්‍ර අය්යෙ ..🙏🙏
අනිවාර්යයෙන්ම අක්කීයෝ මන් නිතරම අහනවා අපේ හාමුදුරුවන්ගේ බණ හරිම වැදගත් ජීවිතයට තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අක්කීයෝ
මම ආසම කාගම හාමුදුරුවන් වහන්සේගේ දර්ම දේසන අහන්න දකින පේන හැම දර්ම දේසනාවක්ම මම අහනව තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
aniwaryenm wen hamuduruworu katha krnna dnneth ne...me Chanel ekem thiyenw e hamuduruwnge(rahath kiyna aya) ew ew ekk blddi me hamuduro ane kochchr hodada hitha niwanwa....
ඔයාගෙ කමෙන්ට් ගිනි අවි සහ ගිනි කෙලි එකේ තිබ්බ මතකයි
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
ඉහල සැප සම්පත් හොයන හාමුදුරුවරු ඉන්න අපේ රටේ මාදුටු සියල්ල අතහැර දැමු සැබැම ස්වාම්න් වහන්සේ ඔබවහන්සේය තෙරුවන් සරණයි ඔබ වහන්සේට !
Thank.
@@ramyajayasinghe8844k m
@😊😊😅😅😊😊😊🐊ramyajayasinghe8844 😮😮y
ගොඩක් සතුටුයි මුස්ලිම් කතොලික සහොදරයො දාලා තියෙන කමෙන්ට් දැක්කම ආඩම්බරයි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
ඔව් අහ්
@@lakdinubandara7336❤❤❤
මගේ නම ඉල්හාම්
බෞද්ධ සහෝදරයන්ට ලැබුණු ලොකුම වරමක් ඔබ වහන්සේ. ඒ වගේම මාරවිල බද්ධි හාමුදුරුවෝ .ඔබ වහන්සේ අසනීප වුණා කියලා ආරංචි වුණ ගමන් මම වැඩියෙන්ම ප්‍රාර්ථනා කළා ඔබ වහන්සේගේ ලස්සනම බණ අහන්න ඉක්මනින් සුව වෙන්න ඕනේ කියලා
කවුරුහරි මට උදව් කරන්න පෝය දවස් වල අපේ හාමුදුරුවන්ගේ බණ කොළඹ පැත්ත තිබුණනම් මට කියන්න
ඉස්තුතියි..ඔබ තුමට....
ඔබතුමා හොන්ද ශ්‍රීලාංකිකයෙක්👌👌👌
අපි ඔක්කොම එකයි ...ඔබතුමටත් මාගේ ප්‍රනාමය
ආදලෙයි සහෝදරයා
ඔබ හෙළයෙකි. ඔබ හෙළයින් ආඩම්බර කරන හෙළයෙකි.
මට බෞද්ධයෙක් වශයෙන්, නියම මුස්ලිම් ආගම,කිතුනු ආගම අදහන සහෝදරන්ගේ කොමෙන්ට් දැක්කාම සතුටුයි..ඒ තමයි නියම ශ්‍රීලාංකික කිතුනු, මුස්ලිම් ජනතාව❤️❤️❤️❤️
යඹයා හරි මචං අැත්තටම
Eka aththa
@@Prageeth89 tee
👍
🙏🙏🙏🙏🙏
මං බර්ගර් එත් හැම ආගමක්ම අදහනවා. කාගම හිමියන් ගේ බණ හරි ලස්සනයි 🙏
❤❤❤
දේශපාලන චරිත නැතුව මේ වගේ කතාබහක් කරන එක ගැන ගොඩක් සතුටුයි හරේන්ද්‍ර අයියේ..විශිෂ්ඨ කතාබහක්.අපේ හාමුදුරුවන්ට සහ හරේන්ද්‍ර අයියට තෙරුවන් සරණයි!!
Tharuwan saranai apa hamuduruwana ...mama.godak asai kagama.hamudutuwanga bana ahanna ...oba wahansata...🌼🌼🌼🌼🌷🌷🌷🌷
👍 😎
Hashan Indunil 🙏🙏
මං කතෝලික ඒත් හරිම ආසයි ඔබවහන්සේගේ ඔවදන් වලට! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! ❤️
Mamath
🌹🙏🙏🙏🌹
Rahathun wadiyamaga poth kiyawanna,
Mamath
niwedaka nariya buddagama kelesanawa ubta yanna wenama apayak mawevi
ඉරිදට කතෝලික පල්ලියට ගිහිල්ල ගෙදර ඇවිල්ල හවසට අහන්නේ ඔබ වහන්සේගේ දේශනා . එච්චරටම ජීවිතේ ගැන කියල දෙනවා 🙏
අනිවාර්යයෙන් මමත්
Godak pin pin pin busarani
🤔🤒
👉❤️
පල්ලියේ මර හඬ ඇහෙන කොට නම් එපා වෙනවා. ඇත්තටම ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.
මම කිස්තියානි කෙනෙක් අද තමයි මම බැලුවෙ කාගම හිමියන්ගේ වැඩ සටහනක් ඇත්තමයි හරිම ලස්සනයි ඔබ වහාන්සේට දිර්ගායු පතමි
darmaya awaboda karaganna🙏
Merit more nd More
Merit more nd More
❤
😅888o87ú8o88íii9íó😊8
@@shankandanghenaganawardena1523
මම කතෝලික වෙමි එවගේම බුදු දහමට බොහෝම ආදරෙයි .එ වගේම මේ ස්වාමීන් වහන්සේට බොහෝම ගරු කරමි..
lp
මම කතෝලිකයෙක් නමුත් අපේ හමුදුරුවන්ගේ බණ අහන්න හරිම ආසයි.පුදුම භක්තියක් ගෞරවයක් දැනෙනවා.බුදු සරණයි.
මමත් ඔබ වගේමයි
Budusaranai
Theruwan saranai apehamuduruwana නිදුක් නිරෝගී deergaulabewa ලැබේවා
🙏🙏🙏 බුදු සරණයි
👍👍👍👍
මුස්ලිම් කෙනෙකු වන මම, කැමතිම බුද්ධ පුත්‍රයෙක්....
❤❤
Adarei bro
@@ireshanuranga6348 adsrai rattaran
Api katawath waaira karana bauddawo neme yalu . Hedei api niwatayoth neeme mithuree
මේකයි අපේ සිංහලකම අපි පොඩ්ඩක්වත් කැමති නෑ ඔය කලහකර ගන්න.පේනවා නේද ඔය අය හොදින් ඉන්නවා නම් අපේ මිනිස්සු කොච්චර අදරෙයිද කියලා.හැබයි අර කලු සුද්දෝ කියලා සෙට් එකක් ඉන්නවා උන් නම් රටට ලෝකෙටම මහ ජරාවක්.
ඉස්ලාම් ජාතිකයකු වුවත් මම ඔබ වහන්සේගේ දේශනා අහන්නේ ඉතා ආසාවෙන්..මට මගේ ආගමේ තියෙන දේවල් වලට වඩා ඔබවහන්සේගේ දේශනා ග්‍රහණය කරගැනීමට ඉතා පහසුයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤
ඔබ වහන්සේ සියලු ආගම් වල පූජකයින්ට ජීවමාන ආදර්ශයක්..
රහත් වී නොමැත..පක්ෂ පාට බේද නොමැත..කියන දේ රජ්ජුරුවන්ට වුවත් කෙලින් කතාකරන සරල බවෙත් සරල ස්වාමීන්වහන්සේ නමකි..චිරාත් කාලයක් රටට සේවය කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..බුදුසරණයි...🙏🙏🙏🙏
th-cam.com/video/_VsK6QJkUG0/w-d-xo.html
අපි පූජා කරන අට පිරිකර, දොලොස් පිරිකර හා සොලොස් පිරිකර මොනවාද දන්නවද...th-cam.com/video/sluQulqO5p0/w-d-xo.html
බුදුදහමට අනුව රහත් විය යුතු නැද්ද ??
Super
Kohomada
මම කතෝලිකයෙක් උනත් ,හිසනමා ආචාර කරන හාමුදුරැනමක්.ඔබ වහන්සේට බුදුසරණයි ,මගේ ආගමේ හැටියට ජේසු පිහිටයි ...🙏🙏🙏
🤙🙏
කතෝලිකයෙක් වෙන මමත් හරිම ගෞරවපූර්වකව ආදරේ කරන යතිවරයාණන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒ තමයි කාගම සිරිනන්ද හාමුදුරුවො සහ මාවරල්ලේ භද්ධිය හාමුදුරුවො ❤❤❤ උන්වහන්සේලා දෙනමගෙම හිත නිවන බණ හරිම ආසාවෙන් අහනවා.. කාගම හාමුදුරුවන්ගේ කථා කරන විදිහට වගේම ඒ යතාර්ථය කාටත් හරිම සමීපයි.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
And wasanan
Respect brother✋❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@tharushinimhara114 y
🌹🙏🌹
උසස් නිලතල උසස් පදවි වලට නෙවේ අපේ ගෞරවය .අපි දෙවරක් නොසිතා හිස නමන්නේ ඒ උතුම් බුදු දහමට... ඒ උතුම් කහ සිවුරට....ඔබට දිගාසිරි හිමියනි...🙏
ඇත්ත ඇතිසැටියෙන් කථා කරන
පැවදිකම ඉතාම සරලව සතය
බුදුන්වහන්සේට අනුකූලව ජීවත්වී අනිත් ලංකවේ සිටින
සියලුම හාමුදුරුවරුන්ට ආදර්ශමත් සසුන බබලවන
ඉතාම ගරු සාදු කෙනෙකි
අනයාගම් අයට පවා ඔහුව
අගේකිරීමට තරම් සත් භාවයක්
ඇති උමානන් වූ බුද්ද පුතරයකි
සාදු සාදු සාදු වැද නමස්කාර කරමු
100% true Mr Calista Fernando .
මම ඒ ස්වාමීන් වහන්සේට අකමැති නෑ ,....උන්වහන්සේ අව්යාජ්යයි,......
නමූත් ඔබගේ අදහස් වැරදියි සසුන බැබලෙන්නට නම් කලයුතු දැ ඕක නොවේ,...,
ඔබට එය පසක්වේවි විනය ඉගෙන ගත්තා නම් සහ අපේ රටේ සාසන පිළිබඳ.... .මිහිඳු මහරහතන්වහන්සේගේ සිට අවු. 800 ක්පමණ සාසන ඉතිහාසයත් ශාක්ෂි දරාවි
@@snooslee6508 හා... වීනය ගරුක කම බේරෙන හාමුදුරුවරු ඔය පෙන්වන්නෙ සිවුරු කරේ තියාන කුනු හරුප වපුරන
@@nanotechno7813 ඔබට මා පැවසූ දේ පිළිබඳ වැටහීමක් නැති බවයි ඔබගේ අදහසින් ගම්‍ය වන්නේ.....කනගාටුයි යාලුවා ඒ ගැන,....
Duppath. Apita. Galapena. Swamin. Wahanseta. Namak.niwan.maga.doratu.viwara.wewa.mama.oman.sita
මා දැකපු ඉතාමත් ගෞරවාන්විත හීක්ෂුවක්....චිවරයට නියම අරුතක් ලබා දෙන නියම හාමුදුරු නමක්... මුස්ලිම්වරයෙකු හැටියට මා ඉතාමත් ආදරය කරන හිමිනමක්....ඔබ වහන්සේ බැහැ දැකිමටත් ඔබ වහන්සේ සමග කාලය ගත කර අවවාද අනුශාසනා ලබා ගැනිමටත් ප්‍රිය කරමි.❤️❤️❤️
Muslim unath Budda sasanayata me tharam elmak.. Budda Kiya ganna Aya lagawath me tharam bedimak na
API Hama agamakatama garu karanava APi okkoma akama rata daruvo api okkoma minssu
!0
Mata namba1 danna
ආගම් වාදීන් පිරුණු ලොවේ ඔබ උතුම් මිනිසෙක්.
පළවෙනියටම අපේ හාමුදුරුවන්ගේ බණක් අහන්නේ මං 2016දී ජාපනයේදී ,යු ටියුබ් එකේ..ඒ අහන්නෙත් සිගරට් එකක් පත්තු කරන්, උරන ගමන්.. මං අදටත් ඒ බණ ඒ විදිහටම අහනවා..අර සිගරට් එක මගෙන් අත හැරිලා කොහෙදෝ . අපේ හාමුදුරුවන්ගේ බණ ඒ තරම් මට දැන් සමීපයි.. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
අපට පින් දෙද්දි කියනවා බුදුන් දැක නිවන් දකිත්වා කියලා ඉතින් මමත් හිතනවා ඔබ වහන්සේ වැඩ ඉන්නා ඉස්තානයකට ඇවිල්ලා බනක් අහාන්න එන්න ලැබෙිවා මාගේ පූර්තනාව එසෙම වෙිවා ඔබ වහන්සේගේ දෙවියන්ටත් මෙි පින් අනුමොදන් වෙත්වා
මමත් කතෝලිකයෙක් මම ගොඩක් කල් ඉදන් අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා .ඔබවහන්සේට දීර්ගායු වේවා.බුදුසරණයි.
Sadu sadu sadu
🙏🙏🙏
මුස්ලිම් අයගේ දාලා තියන Comment ටික දැක්කම ඇත්තටම ගොඩක් සතුටුයි...
බුදු සරණයි හැමෝටම🙏
Hama agamatama eka lessa garu karanna one
"
Surwatma mchn
සිරාවටම හැමෝම ඔය වගේ හිතුවනම් 🙂
අහිංසක මනුස්සයෝ ඉන්නෙ ඒත් කවදාවත් දානෙ වරද්දලා නෑ.. හිතට දැනුනම වචන කීපයක්...🙏❤🌷
මුස්ලිම් හා කතෝලික🤝 සහෝදරයන්ගේ කමෙන්ට් වලට හිත උනුවෙලා ගියා🥺🙏👌
බුදු සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏
මම කතෝලික කෙනෙක්. ඒ උනාට, මේ කාගම ස්වාමින් වහන්සේගේ බන කතා අහනවා. උන්වහන්සේගේ කතා විලාසය, චාම් බව, නිහතමානී බව සහ අවන්ක බවට ගරු කරනවා
Teruwansaranai jesupihitai
th-cam.com/video/ZHCKyJdxBBw/w-d-xo.htmlsi=VUgWXAo_viMU0wnZ තෙරුවන්සරණයි 🙏
මං කතෝලිකයෙක්. එත් හරිම ආදරෙයි බුදුදහමට.වචනවලින් විස්තර කල නොහැකි ගෞරවයක් තියෙන්නෙ බුදුදහමට.❤️❤️❤️
බුදුන් වහන්සේ දහම් දෙසුවේ සියලු සත්වයන් වෙතට එහි අාගම් බේදයක් නෑ......නිතර බුදු දහම අැසුරු කරන්න.....බෞද්ධ අපිට ගොඩක් අගය කරනවා ඔබව....
හැම ආගමටම ගරු කරන්න..කිසිම ආගමක නරකක් කියල නෑ...ඒත් නරක දේවල් උගන්නනවා ඒ සත්‍ය දහම නොවේ
බුදුසරණයි
🌷👍
💗
කමෙන්ට් දැක්කාම සතුටුයි.ජාති ආගම් බේද නැතුව අපේ හාමුදුරුවන්ට හැමෝම ආදරෙයි.ඔබවහන්සේට තව තවත් ශක්තිය ලැබේවා ඉදිරි කටයුතු කරගැනීමට.
Mage රජරට පුරයෙන් බිහිවූ oba වහන්සේ ta මතු උපදින භාවයේ budun deka niwan dakinna හේතු වාසනාව වේවා සියලුම දෙවියන්ගේ sakthiya ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
Hamudruwanga nambar akadanna banakata aradana karannna
කොමේන්ටු කියවන විට මගෙ හිතට මාරම සතුටක් දැනුනෙ මොකද කියනවනම් මේකට කොමේන්ටු දාල තියන පිරිස අතරින් බහුතරයක් මුස්ලිම් හා කිතුනු සහෝදරයන් ❤️ ඒ සියලු දෙනාට 🙏
මෙකේ තියෙන comment දැක්කම සතුටුයි අපිට දැනේන දේ තමා හැමෝටම දැනෙන්නේ මුස්ලිම් කිතුණු සහෝදරයෝ කියලා වෙනසක් නැ
🙏🙏🙏🙏🙏🙏
Muslim Aya godak bana ahanawa kiyala tiyanekata satutui 🙏🙏 budusaranai
අපේ හාමුදුරුවන් මා හමුවෙලා ඇති.. අපේ පල්ලියටත් ඔබ වහන්සේ වඩම්මවන්න ඕන..මොකද අපේ අයටත් මේ බන කියාදෙන්න ඕන..
ආඩම්බරයි ඔබතුමා ගැන.අනිවාර්යයෙන් සෑම කෙනෙක්ම ඇසිය යුතුම බණ...
සද්ධර්මය ගැන පැහැදුනු ඔබට බුදුසරනයි
🙏🙏🙏🙏🙏
ජාති බෙද නැති මිසිනිසෙක්.... ස්තුතියි ඔයාට... අපේ හමුදුරුවන්ට බුදුසරනයි ....
ඔබ ගැන ආඩම්බරයි සහොදරයා
මමත් මුස්ලිම් සහෝදරයෙක්. නිහතමානී හාමුදුරු කෙනෙක්.
Shkir eela
Respect
සතුටුයි සහෝදරයා🌹💎 අපිත් හොයන්නෙ ඔය සහෝදරත්වය🤍❤
Mama Tamil Hindu genek, mama hamadurwange bana hemadama udey ahnawa,🙏🏽🙏🏽🙏🏽
Niyamai..bokka..
මම කවදාවත් ඔබවහන්සේව සජීවීව දෑකලා නෑ. ඒත් ඔබ වහන්සේගේ බන නිතරම අහනව. මට දෑනෙන්නේ ඔබවහන්සේ හොද ගුරුවරයෙක් , හොද මිතුරෙක් මගේ කියලා. තෙරුවන් සරනයි.
මම කතෝලිකයෙක් නමුත් ඕනෑම දහමක් අදහන පුද්ගලයෙක්ට මේ ස්වාමීන් වහන්සේගේ බණ අහගෙන ඉන්න පුළුවන්කමක් හා ජීවිතේට ගන්ඩ ගොඩක් දේවල් තියෙනවා මගේ ජීවිතේටත් ස්වාමීන් වහන්සේගෙන් ගත් දේවල් තියෙනවා.
Budusaranai
මං උපතින් කතෝලිකයෙක්. හැබැයි මං බුදු දහම, මේ දර්ශනයට පුදුම විදියට ආස කරන කෙනෙක්. මං බණ දේශනා ගොඩක් අහනවා. ගොඩක් ස්වාමින් වහන්සේලාගෙ. ලොකු සහනයක්. ජීවිතේ ගොඩක් තැන් වලදී.
පව්...
සංසාරේ කරපු පිං මදි වෙලා ඇති
සම්මා දිට්ඨිකයෙක් වෙන්න.
ඔබ පුදිම වාසනාවන්තයෙක් සහෝදරයා ,මේ දර්ශනය හොන්දින් හදාරුවොත් පුඩුම සිතෙනු අත.
🙏🙏🙏🙏
@@RansHalwa ඔයා වෙලාද ?
චීවරයට නියම අරුතක් ලබා දෙන .මා දැක්ක ගෞරවාන්විත භික්ෂුවක් ..ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි..!!!🙏🙏🙏🙏🙏
කාගම සිරිදම්ම හිමිට දීර්ගායු ලැබේවා.../ මමත් විදේස රටක තමයි සේවය කරන්නේ ලංකාවට ගියහම මුලින්ම කලාවැව අව්කන පලාතේ සංචාරය කරන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඔබ වහන්සේ බැහැදකින්න වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...../
මම කතෝලික කෙනෙක් ඒ උනට මම ගොඩක් ආසයි මෙ හමුදුරුවන්ගෙ බන අහන්න ජේසු පිහිටි අපේ හාමුදුරුවනේ
🌹🙏🌹🙏🌹
I am a Muslim. My only favourite genuine Buddhist monk. I love
to listen to his bana. Stay blessed. 👍🙏♥️
❤️
Respect....♥️♥️♥️
respect
I ❤ u fatiiiii 😁😁
Maha rahathun wadi maga osse , nirvana tv බලන්න මේ යූ ටියුබ් චැනල්.. තෙරුවන් සරනයි
අපේ කාගම හාමුදුරුවන්ගේ බණ මුස්ලිම් සහෝදරයන් සහ කිතුනු සහෝදරයන් අහනව කියලා සඳහන් කරලා තියෙනවා ඔබලාට මම ගෞරව කරනවා හොඳ දේවල් ආගම් භේදයකින් තොර ව ජීවිතයට එකතු කර ගැනීම සඳහා ඔබලාට පින් සිද්ධ වේවා .
සමන්තභද්‍ර රහත් කියා ගත්තට මෙන්න හදවතින් රහත් අය ❤❤❤❤❤❤❤
Samantha baddra kiyanne Nidan ganna hamuduruwo neda
ජාති,ආගම් බේදයකින් තොරව හදවතින් හැමගේ සිත් වලට මුසු කළ හඩක් බව හොදින් වැටහුණා හිමියණි..
Sadu sadu sadu
@@vinithasamaraweera8235 j9
කතොලික මට හරි ගෞරවයක් තිබෙනවා ඔබ වහන්සේ ගැන.ඔබ වහන්සෙට තෙරුවන් සරණයි. ඒ වගේම මගේ ආගම අනුව ජේසු පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
❤✝️☸️
මම බෞද්ධයෙක්, මම මුස්ලිම් කෙනෙක් , මම කතෝලිකයෙක් විදියට නෙවෙ අපි හැමොම ලාංකිකයන් විදියට මොන ආගමක උනත් හොද දේවල් ජීවිතයට ගමු.
ස්තූතිය හරේන්ද්‍ර මේ වගේ වැදගත් දේවල් විතරක් ගේනවට.
මගෙ ලොකූ ආසවක් තමයී..හැබැහින් දැකලා ඔබ වහන්සේ සමග ටිකක් කාතා කරන්න ❤ තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ❤
Hri hri ahala balannm awilla I have a clz tomorrow at p a clz tomorrow morning at p
මම කතෝලික කෙනෙක් ඒ උනාට හරිම ආසාවෙන් මේ හාමුදුරුවන්ගේ බන දේශනා අහනවා.....තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබට උතුම් තෙරුවන් සරණේ ආශිර්වාදය හිමි වේවා. කතෝලිකයෙක් වෙලා ඉපදුනත් මේ හිමියන්ගේ බණ ඇසීමට තරම් ඔබ ඉතා පිංවන්ත වෙලා තිබීම හරිම සතුටක්.
උතුම් මිනිසුන්ට ආගම් ජාති කුල කිසිවක් දැනෙන්නෙ නැහැ මහත්තයෝ.. අපේ හාමුදුරුවන්ගේ දේශනවලත් කියනවානෙ... අපේ ජාතිය සත්ව, කුලය මිනිස් ආදී වශයෙන්..
මේ හාමුදුරුවන්ට සම කරන්න ලංකාවෙ කවුරුත් හාමුදුරුවෙක් නෑ..ඊතාම වටිනා බුදුදහමට උචිත හාමුදුරුවන් වහන්සේ නමක්.දේශපාලන ගැති සුකෝපබෝගී ජීවිත ගෙවන අය අතර වටිනා හිමි නමක්.රැකගතයුතුයි.ඔබ වහන්සේට චිරාත්කලක් දර්මය දේශනාකිරීමට හැකිවේවා.
කතා දෙකක් නෑ හරේන්ද්‍ර අයියේ..ඔබ කරපු හොදම සහ වටිනාම වැඩසටහන මෙයයි ❤️
හොද දායක් අයියා
Great Harendra.
Hard to expect Authorities to appreciate this kind of simple,down to earth Priests.
But,we as responsible citizens,should value them before their demise from this ungrateful world!
☝️
Aniwa❤️
Owe
මමත් කතොලික මෙ වගේ ස්වාමින්වහන්සේ නමක් ලංකාවේ වැඩ සිටිම අපි කල පෙර පිනක්
සියක් ආයු ලැබ තව බොහෝකල් අප ජරා සමාජය සුවපත් කලමැන හිමියනේ
තේරෙන විදිහට බන කියන චීවරයට අර්ථවත් බවක් දෙන නියම බුද්ධ පුතෙක් දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ...!!!!
මම ක්‍ර්ස්තියන් නමුත් මේ බන ගැන හොඳ අවබෝධයක් මට තියෙනවා හරේන්ද්‍ර මහත්තය හරිම අගේ කරනව මේ හාමුදුරුවෝ ගුන ගරුක සීලාචාර හිම් නමක් ආදර්ශමත් බන ඔබ වහන්සේට දීර්ඝයු ලැබේවා !!
හරින් අයියෙ මම ක්‍රිස්තියානි. ඒත් මේ හාමුදුරුවොන්ගෙ පැය පහක වීඩියො එකක් දැම්මත් බලන්න පුලුවන්.. ඒ තරම්ම හිතට දැනෙනවා.. ආදරෙ හිතෙනවා. ඒත් අවංකවම සමන්ත හාමුදුරුවො. කොටුවෙ හාමුදුරුවොන්ගෙ එහෙම වීඩියො බලද්දි ඇත්තටම එපාවෙනවා. හරින් අයියෙ මේ වගෙ හාමුදුරුවන්ගෙ වීඩියො හැමදාම ගෙනාවත් කමක් නැ. පිං ඔයාට.. ජේසු පිහිටයි! බුදු සරණයි!
ඔබ වහන්සෙ සහ බද්දිය හාමුදුරුවන් අපේ ජිවීතවලට ලොකූ ආලෝකයක් 🙏🙏🙏🙏
ඇත්තටම මාත් කතෝලික කෙනෙක්,අපේ භද්දිය හාමුදුරුවෝ සහ කාගම සිරිනන්ද හාමුදුරුවෝ අපේ පිනට පහල උන හිමිවරුන් කියල මම හිතන්නෙ.
අනිවා
ඇත්තෙන්ම සියලු ශ්‍රි ලාංකිකයන් ජාති බේදයකින් තොරව ඔබ වහන්සේගේ බණට සවන් දෙනවා.
මුස්ලිම් යාලුවෝ මේකේ comment දාලා. නිවන් දකින්නට ජාති බේද නෑ බ්‍රෝ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට කවදා හෝ මතු බුදු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගසට
මම උපතින් ඉන්දු ආගම ඒත් දැන් මං අදහන්නේ බුදු දහම ඔබ වහන්සේලාගේ ධර්ම දේශනා අහලයි මම මගේ හිත හදා ගත්තෙ wills මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් බන කියන ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🌹🙏🙏🙏🙏🙏🌹
අපේ ආයුෂත් අරන් චිරාත් කාලයක් වැජඹෙන්න අපේ හාමුදුරුවනේ.දළදා සමිදු පිහිටයි! 🙇
නිසල දිය ගැබුරුයි කිව්වෙ මෙන්න මේ නිසයි හොදම උදාහරනෙ කාගම හිමියන් බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වේවා....!
කාගම සිරිනන්ද වහන්සේගේ බණ අහන හැම ආගමකම පාහේ අය ලංකාවේ සිටි. ඉතා වැදගත්, හිතට වදින සේ , ප්‍රයෝගික ක්‍රියාවන් උපුටා දක්වමින් දහමට ,රටට වැදගත් වහන්සේ කෙනෙක්..... උන් වහන්සේ අසනීප වූ හැම විටම , අපි ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... BMW, Mercedes,Prado හොයන ආගමික නායකයන් ඉන්න කාලෙක , අවශ්‍ය කටයුතු කරගන්න තමන්ගේ දුරකථන අංකය නොදෙන්න අදි මදි කරන එක ඇහුනම .......හිත හෝස් ගෑවා හාමුදුරුවනේ.......
ඔහු කියන්න එපා.උන්වහන්සේ කියන්න.
@@ProGaming-zq4op ස්තූතියි , එඩිට්
@@akshamfcd 👌👌👌
මම කතෝලික කෙනෙක් අපේ කතෝලික ගොඩක් අය කාගම හාමුඩුරුවන්ට ගොඩක් ගරු කරනවා ගොඩක් හොද හාමුදුරු කෙනෙක් හරිම සරලයි
P
👊
මේ කමන්ට් බලන කොට තේරුම් ගත්ත එක දෙයක් තමා අපේ හාමුදුරුවන්ගෙ බණ වැඩිපුර අහල තියෙන්නෙ අපේ කිතුණු බැතිමතුන් හා මුස්ලිම් බැතිමතුන් ඔවුන්ගේ අදහස් ගොඩාක් වටිනව තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏
අනිවාර්යයෙන්
චිරාත් කාලයක් බුදු දහම පෝෂණය කරන්න අපේ හාමුදුරුවන්ට දලදා සමිදු පිහිට ලැබේවා ❤
මම කැමතිම හාමුදුරු නමක්,දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏
මම කතෝලික උනාට ඉතාමත් අසාවෙන් මේ ස්වාමින් වහන්සේ ගේ දර්ම දේශනා අහන්නේ. පොලවේ පය ගහල ජිවත් වන අපේ ස්වාමින් වහන්සේ ට දීර්ගායු.
🌹🙏🌹🙏🌹🙏🌹
@@sanjeewanirajapaksha6336 'kece÷deed÷
මම කතෝලික කෙනෙක් මම මේ වෙනකොට ජීවත් වෙන්නේ පිටරට.මගේ ජීවිතේ උතුම් යයි හැකි කියන මනුෂ්‍යයන් අතේ ඇගිලි ගානටවත් මා දැක නෑ ගිහි,පැවැදි යන දෙපාර්ශවයෙන්ම ඉතිං මම මැරෙන්න කලින් මගේ ජීවිතේ දැකපු උතුම්ම භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා මේ හිමි නම ලංකාවට පැමිනෙන්නත් මේතුමාගේ දෙපා වැද ගන්නත් මට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි ඔබ දෙපලට ජේසු පිහිටයි !!
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරින්ද්‍ර ජයලාල් මහත්තයා ..මං ඔබතුමාගෙන් කාගම හාමුදුරුවන්ගේ වැඩසටහනක් ඉල්ලුවා..ඒ ඉල්ලිම ඉෂ්ටකීරීම වෙනුවෙන් ගොඩක් පිං ඔබතුමාට..
මම ත් මුස්ලිම් කෙනෙක්
මෙ හාමුදුරුවන්ගේ බණ ආසාවෙන් අහනවා.
මම දැනට මාවරලේ බද්දිය හාමුදුරුවන්ගෙයි, කාගම සිරිනන්ද හාමුදුරුවන්ගෙයි විතරයි බනක් අහන්නේ... ඇත්තම ධර්මය එතන තියෙනවා
ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ ගේ බණත් අහලා බලන්න. නිවැරැදි ධර්මය උන්වහන්සේගේ ලග තියනවා .
🙏🙏🙏🙏
එකගයි
Oyata puluwannm galigamuwe ganadeepa swamin wahansege Namath ahanna
Walimada saddaseela himige bana ahanne
දීර්ඝායුස අපේ හාමුදුරැවන්ගේ
ඔබවහන්සේගේ බන අහන්න මම බෙහෙවීමීම කැමතියි 🌹🙏🌹🙏🌹🙏
හරේන්ද්‍ර මහත්මයා මෙි මගේ ගම් පලාත....අපෙ හාමුදුරුවෝ කතා කලේ සමිපූර්ණ සත්‍ය ...
ඇත්තටම මමත් කතෝලික, එහෙත් මම බන අහනව හදවතින්ම ඒ අතරෙ ඔබවහන්සේගේ බන වලට හරිම කැමතියි. හරේන්ද්‍ර ඔබට බොහෝම පිං ජේසු පිහිටයි..
මම චාමර පීරිස්, කතෝලික මම ගොඩක් බණ දේශනා බලනවා TH-cam එකෙන්.. ඒ අතර කොටුවේ හාමුදුරුවෝ කියන කුණු හරුප බනත් බලනවා,, කාගම සිරිනන්ද හාමුදුරුවෝ කරන බණ දේශනා ඉතා හරවත්.. හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ඔබටත් ස්තුතිය පුද කරමි..
Budu saranai
Hi
මන් බණ අහන්න කැමතිම හාමුදුරුවෝ නමක්. ඔබ වහන්සේ ඇත්ත ඇති සැටියෙන් තේරෙන බාසාවෙන් බණ දේශනා කරන නිසා තේරුම් ගැනීම හරි පහසුයි. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි මාත් ආසවෙන් සවන්දෙන හිමිනමක්.බොහෝම සතුටුයි නැවත දකින්න ලැබීම ගැන
🙏🙏🙏
ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්.. මමනම් බෞද්ධ නෙවෙයි ඒත් මම මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් බලනවා.. ජේසු පිහිටයි බුදු සරණයි
ඇත්ත වශයෙන්ම බුදු රදුන් දෙසු මගම අනුගමනය කරන බුද්ධ පුත්‍රයෙක් හැටියටයී පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ව දකින්නේ සර්වබලධාරි කාරුණීක දෙවියන්ගේ පිහිටත් හිදායතය නම් වූ උත්තරීතර ශාන්තියත් ප්‍රාර්ථනා කරනවා 💖 උන්වහන්සේගේ ධර්ම දේශණාවන් කාලෝචිත ආගම් බේදයකින් තොරව ශ්‍රවණය කරන්න හැකී වීමම සිතට සතුටක්
ජාතිය අපේ මොකක් උනත්,
ආගම අපේ වෙනස් උනත් හැමෝටම ආදරේ කරමු.
කතෝලික අපිත් මේ හාමුදුරුවන් ට ගොඩක් ආදරෙයි.❤
🌹🙏🌹
මගේ හිතින්ම ආදරෙයි මේ හාමුදුරුවන්ට ❤️.......මේ වගේ හාමුදුරුවෝ අපේ රටේ තව තවත් බිහි වෙන්න ඕන 😍
හරේන්ද්‍ර පැවිදි උතුමෙක් එක්ක කරපු හොඳම සාකච්ඡාව අද තමයි දැකපු ගමන් දුවගෙන ආව බලන්න
අහගෙන ඉන්න ආස හිතෙන බලාන ඉන්න ආස හිතෙන හරවත් විඩියෝ එකක් ගෙනවට ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර අයියේ ඔයාට අපේ හාමුදුරැවන්ට බුදු සරණයි ජේසු පිහිටයි ......දීර්ඝායූ වේවා........💞💞💞💞
Hahaaaaaaàa
🙏🙏
Oba tuma godak wadagah aya samaga kadaha yadanne budusarani
🙏🙏
@@chubyvlogs9726 චබි කොහොමද ඉතින්......
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බනට අපි ගොඩක් ආසා කරනවා,ගරු කරනවා මගේ පොඩි පුතක් ආසාවෙන් අහනවා.බුදු සාරනයි!
I’m a Muslim I regularly listen to his preaching
oyata jeewithe kawadawath waradinne ne theruwan saranai...
මමත් ගොඩාක් ආදරෙ අවුකන පිලිම වහන්සේට .ජනවාරි ලන්කාවට ආව වෙලාවෙ මම ගියා අවුකන පිලිම වහන්සේ බලන්න .මා කැමතිම කාගම හාමුදුරුවෝ .ඔබවහන්සේට දීර්ගායු
අපේ ස්වාමින්වහන්සේට දිරිඝායුෂ පාර්ථනාකරමි
මමත් කතෝලිකයෙක්.. මට හරිම සතුටුයි මුස්ලිම් අය ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කම.. මැරෙන්න මොහොතකට කලින් හරි එක බුදු බනක් හෝ හිතට ගන්න පුලුවන්නම් ඒ හැබෑම වාසනාවන්තයන් කියලයි මම හිතන්නෙ ...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වටිනා කතා බහක් .. නිවුනු සිතක් ඇති උතුම් භික්ෂූන් වහන්සේ නමක් ... සාදු සාදු සාදු !
මගේ පලවෙනි ගුරුවරයා. මටමතකයි දහම්පාසලේ පළාත් තරග වලින් මම පලවෙනිය වෙලා හාමුදුරුවො මාව වඩාගෙන ධිව්වා 🖤🖤🖤🖤🙏🙏🙏🙏🙏
ඔයා ලග.ස්වාමීන් වහන්සේගේ.දුරකතන අංකය තිබේ නම් ලබා දෙන්න ..බොහෝ පින්
076 666 1249
❤️❤️
මමත් කතෝලික ඒත් මේ හාමුදුරුවො දේශනා වලට කැමති යි
Oya ratada inne
ඔබ වහන්සේගේ කාලින දෙසුම් සහ විනයක් ශික්ෂණයක් සමාජයේ ඇති කිරිමට ගන්නා උත්සහ ට බොහෝ පින් අපේ ස්වාමින්වහන්සේ 🙏🙏 නිවන් මග ට මෙ පින් හෙතු වේවා
මම හරිම කැමතියි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ