ලංකාවේ තිබෙන බුදුන්ගේ ධාතු | Buddha Relics in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ගොතම බුදුරදුන්ගේ ශ්‍රී දේහය අදාහන අවස්ථාවේ , වැසි ඇද හැලීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අළු නොවී සිරුරේ අස්ථි කොටස් ඉතුරුවුනා.
    ලලාට ධාතුව .....
    නළල් අස්ථිය , නලාට නොහොත් ලලාට ධාතුව.
    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශිෂ්‍ය පරපුරෙන් රැගෙන ආ ලලාට ධාතුව දෙවැනි පෑතිස් රජගේ සොහොයුරා මහානාග රජු අතට පත්වී , කාවන්තිස්ස රජු සමයේ සේරුවිල තිස්ස මහා විහාරයේ තැම්පත් කෙරුනා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසයේදී බුදුන්ගේ දේශයට වඩින චීන දේශාටන බිහික්ෂුන් ලලාට ධාතුව වන්දනාකර ඇති බව සදහන් කර තිබෙනවා. ශත වර්ෂ ගණනාවක් මහ වනය ගිලගෙන තිබූ ඓතිහාසික සේරුවිල පුදබිම දඹගස්ආරේ සුමේධංකර හිමියන් විසින් මෑතකදී සොයාගෙන ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
    ග්‍රීවා ධාතුව .....
    කොඳු ඇට පෙලේ ඉහලින්ම ගෙල ඇතුලේ තිබෙන අස්ථි හත ග්‍රීවා ධාතුව ලෙස හදුන්වනවා ,
    සැරියුත් මහා රහතන් වන්සේගේ සිසුවෙකු වූ සරභූ තෙරහු බුද්ධ චිතකයෙන් ග්‍රීවා ධාතුව ලබාගෙන , එ වෙනකොටත් සුමන සමන් රජ ඉදිකර තිබු මහියනගන සෑයේ තැම්පත් කෙරුනා.
    විවිද අවස්තාවන් වල නවීකර්යනය වූ මහින්ගන සෑය අවසන්වරට දුටුගැමුණු රජ සමයේ නවීකරණය කර තිබෙනවා.
    සොරබොර වැව අසල තිබී වර්ෂ 1857දී සොයාගත් බදුලු ටැම් ලිපිය අනුව මහියනගන චයිත්ය වර්තමානයේ හඳුනාගෙන තහවුරු කර තිබෙනවා.
    දකුණු දළදාව .....
    පාලි ධාතුවංසය හා ජිනකාලමාලි යන මූලාශ්‍ර දෙකම සඳහන් කර ඇති පරිදි, සෝමාවතී දාගැබ කාවන්තිස්‌ස මහ රජුගේ නැගණිය වූ සෝමා දේවියගේ ඉල්ලීම පරිදි , ඇයගේ ස්‌වාමියා වූ ගිරිඅභය විසින් බුදුන් වහන්සේගේ දක්‍ෂිණ දළදා වහන්සේ තැන්පත් කොට බුබ්බුලාකාරව ගොඩනඟා ඇත. "දළදා" යනුවෙන් හදුන් වන්නේ "රදනක" නම් වූ දත් විශේෂයයි.
    මහා අරිට්‌ඨ භික්‍ෂු පරපුරෙන් පැවත ආ මහින්ද නම් තෙර කෙනෙකු විසින් ගිරි අභය රජුට දකුණු දළදාව ලබා දී තිබේ . කලක්‌ තිස්‌සේ වල්බිහිවී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්‌කම් නිසාවෙනි. ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස්‌ මාලාවන් සමග සෝමාවතිය හඳුනාගන්නේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් විසින් 1947 දීය.
    අකු ධාතුව යනු උරහිස් අස්තියයි .....
    මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් ලබා ගත් දකුණු අකු ධාතුව , දේවානම් නම් පියතිස්ස රජු විසින් තුපාරාමය කරවා තැම්පත් කෙරුණි.
    / prdkum
    දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කර ලෝවාමහාපායේ ප්‍රධර්ශනය කරවා නැවතත් තැම්පත් කෙරිණි .
    බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව සදහන් වේ .......
    ඌර්ණ රෝම ධාතුව.....
    සම්බුදුරජාණන් වහන්සේගේ දෙබැම අතර දකුණට කර කැවී ඉතා සුදු පැහැයෙන් ඇති මෘදු රෝමය "ඌර්ණ රෝම ධාතුව" ලෙස හදුන්වනු ලැබේ. මෙය මහා පුරුෂ ලක්ෂණයකි.
    බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කථාවේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ කෝසලයේ පිහිටා ඇති බව දක්වා තිබේ.
    අනුරාධපුර සමයේ මිහිදු මහ රහතන් වහන්සේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහිත අෂ්ටවංක මාණික්‍ය ගෙන මිහින්තලයේ එක් ස්ථානයක නිධන් කලබව රාජරත්නාකරයේ සඳහන් වේ. පසු කලෙක මහදැළියාමාන රජතුමා මහ ස්තුපයක් කරවා ඌර්ණ රෝම ධාතුව නිදන් කර ඇත. පුජාවලිය එය තහවුරු කරයි.
    අතීතයේදී මෙය "අම්බුළු දාගැබ" ලෙස හැඳින්වූ අතර වර්තමානයේ "මිහින්තලා මහ සෑය" ලෙස හඳුන්වනු ලැබේ.
    පාත්‍රා ධාතුව.....
    දේවානම් පියතිස්ස රජ සමයෙහි මහ මෙව්නාවේ උයනෙහි රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් මහා ඵලයෙන් එක් ඵලයක් කෑගලු පෙදෙසේ බෙලිගලට වැඩම කරවා, බෝ පැළයක් සහිත රන් කටාරමක තබා බෝධිය පිහිට වූ බව වංශ කතා සඳහන් කරයි.
    කෝට්ටේ යුගයේ දී හයවෙනි පැරකුම්බා රජ සමයට අයත් තඹ සන්නසක ,
    බුදුපියානන් වසර 45 ක් බුදු හස්තයෙන් ස්පර්ශ කල ඒ පාත්‍රා ධාතූන් වහන්සේ, බෙලිගල ස්තූප රාජයා තුල තැන්පත් කර ඇති බව සදහන් වෙනවා.
    ලංකාවේ පුරණ රජවරු දන්ත ධාතුවත් පාත්‍රා ධාතුවත් එකලෙසම ආරක්ශාකරගනිමින් පරමපරවෙන් පරම්පරාවට රැගෙන ආ බව වංශ කතාවල සදහන් වෙනවා
    බෙලිගල පර්වත මුදුනෙහි දෙව් විමනක් මෙන් මනරම් දළදා මාළිගයක් ඉදිකොට බෙලිගල සිසාරා පවුරු බඳවා දළදා වහන්සේ ආරක්ෂා කල බවද සදහන් වෙනවා.
    මුක්තා ධාතු ....
    සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුහර රැගෙන ආ දණ්ඩ ශාක්‍ය සහ තෘණ ශාක්‍ය යන කුමාරවරුන් දෙදෙනා එම මුතුහර තැන්පත් කොට තැබූ ස්තූපය “බුදු මුතු වෙහෙර” යනුවෙන් භාවිතයට ආ බව සදහන් වන අතර මෙකී බුදු මුතු වෙහෙර උච්චාරණයේ පසුකාලීනව “බුදුමුත්තා වෙහෙර” යනුවෙන් නම් වී තිබේ . ශ්‍රී ලංකා කඩයිම් සංග්‍රහයේ
    “අප බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිටු දාගැබට වැඳ පුදා ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය” යන පාඨයෙන් එය තහවුරු කොට තිබෙනවා .
    නිකවැරටිය බුදුමුත්තාව වෙහෙර කිරිස්තු වර්ෂ 1700 ගණන් වල තඹ සන්නසකින් තහවුරු කර තිබෙනවා .
    ජල සාටකය .....
    කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවු ටැම් ලිපියක
    "කැලණි රද් මහවෙහෙරැ උදකස්දා නින්දු මඟුල් දාගැබ්බහි" යන සඳහනත්,
    කිත්සිරිමෙවන් කැලණියේ තිබී හමුවී ටැම් ලිපියක “කැලණි වෙහෙරැ උදකස්දා කොට”
    යන ප්‍රකාශයෙන් සඳහන් වන “උදකස්දා” යන වචනය බුදුරජාණන්වහන්සේ ජලස්නානය පිණිස අදින ලද ජල සාටක ධාතුව බව හඳුනාගෙන තිබෙනවා.
    කෝට්ටේ යුගයේ රචිත සැළලිහිණි සන්දේශයේද බුදුරජුන්ගේ ජලසාටකය තැන්පත් කළ ස්තූපයක් ගැන සඳහන් කර තිබේ.
    මීට අමතරව එම භූමියේම මනි අක්කික නා රජු සමයේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි රත්න වු මණ්ඩපයෙහි වු මණිපල්ලංකය තැන්පත් කර ඇති බවට විශ්වාස කෙරෙනවා.
    ලංකාවේ සැම නගරයකම ගව්වෙන් ගව්ව දාගැබ් දහස් ගනනක් ඉදිකර තිබෙනවා ,
    එම හැම දාගැබකම බුදුන්වහන්සේගේ සර්වඥ ධාතු අපමණ ප්‍රමානයක් තැම්පත් කර තිබෙනවා .

ความคิดเห็น • 49