Giye Eyida Maawa Thanikara - ගියෙ ඇයි ද මාව තනිකර - Rukmani Devi and S. S Weda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගියෙ ඇයි ද මාව තනිකර
    හර්දේ දුකක් මවා
    වැලපෙන්නෙ ඔබගෙ සොඳුරිය
    සෝකෙන් සුසුම් හෙළා...
    දුක වේදනාව මා හද
    නැඟ ඒවි හෝ ගගා
    වෙන්වීම දුකකි පෙම් ලොව
    නරකාදියකි මහා...
    කවදා සැපේ ලබන්න දෝ
    පෙම් ලෝක රාජ්‍යයේ..
    දුක දී අහෝ කොහේ ගියේ
    හර්දේ අරන් මගේ...
    මරණේ සැපයි ඔබෙන් දුක්
    වෙන්වීමකට වඩා
    වැලපෙන්නෙ ඔබගෙ සොඳුරිය
    සෝකෙන් සුසුම් හෙළා...
    මායාවකී මේ ලෝ සැපේ
    නැති දා ඔබේ සෙනේ
    ජීවේ මගේ ප්‍රියාවි වේ
    සිහි වේ උතුම් ගුණේ...
    රෑ දාවලේ ම පසුවෙමි උණු
    කඳුළු හෙළ හෙළා
    වෙන්වීම දුකකි පෙම් ලොව
    නරකාදියකි මහා...
    ගියෙ ඇයි ද මාව තනිකර
    හර්දේ දුකක් මවා .
    වෙන්වීම දුකකි පෙම් ලොව
    නරකාදියකි මහා...
    ගැයුම - රුක්මණී දේවි සහ එස්. එස්. වේදා
    පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
    සංගීතය - එස්. එස්. වේදා
    තනුව - හින්දි ගීත
    එච්.එම්.වී
    (1953)

ความคิดเห็น • 18

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +2

    1952 දී තිරගත වූ, ගුලාම් මොහොමඩ් සංගීතවත් කල, "අජීබ් ලඩ්කී" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් සහ තලාත් මෙහෙමුද් ගැයූ 'එක් බේවෆා' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයකි.
    පෙම් රැල්ල නැගී, කතරගමේ දෙවිගෙ බිමේ, සේතං අයියගෙ හෝටලෙ මේ, ඉන් කීපයකි.

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 5 หลายเดือนก่อน +1

    හදවතේ නොමැකෙන ගීත ❤️❤️❤️❤️❤️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Kawerda sapea labannado...Ranesudu pemelowka rajayae ........dukadee arehookohea geyaa hureday arane magee .........
    Nice

  • @chinthapatti1
    @chinthapatti1 ปีที่แล้ว +1

    Brilliant

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +2

    හදවතින් නොයන ඒ හඩ

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 4 ปีที่แล้ว +1

    කියන්න බැරි තරම් මිහිරි ගීත ❤❤❤

  • @gayannethum6288
    @gayannethum6288 4 ปีที่แล้ว +1

    Marama marai perani sindu

  • @ranweeraw.g5693
    @ranweeraw.g5693 4 ปีที่แล้ว +1

    A lovely song Thanks.

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 4 ปีที่แล้ว +1

    Kiseda nomakana hada athara waga ridmaya 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayannethum6288
    @gayannethum6288 4 ปีที่แล้ว +1

    Ahanne ahanna harima asaime wage perani geetha

  • @ruwinisandamali3388
    @ruwinisandamali3388 15 วันที่ผ่านมา

    00:29

  • @LovelyDrum-dw3mg
    @LovelyDrum-dw3mg 4 หลายเดือนก่อน +1

    ❤❤❤😂

  • @kasunnimantha8127
    @kasunnimantha8127 4 ปีที่แล้ว +1

    මේකේ හින්දී ගීතය කියන්න පුළුවන් ද

    • @isurufasi
      @isurufasi 4 ปีที่แล้ว +1

      Movie Ajeeb Ladki 1952; starring Naseem Bano and Rehman, singers Lata and Talat, lyrics Shakheel Badayuni , Music Ghulam Mohammed, song Eka befawa se

    • @anjanamalith4771
      @anjanamalith4771 ปีที่แล้ว

      ​@@isurufasi ෆිල්ම් එක ගැනනම් තොරතුරු හරි ඒත් ගීතය සදහන් කරලා වැරදි ගීතය - ek bewafa ko dilka sahara samajh liya

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷