ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහ අරිහත් උතුමන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා, දීඝායුම වේවා කියා මා අධිෂ්ඨාන කර සිටිනවා!
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
ගරුතර මහා අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු වේවා අදිශ්ඨානය කරම් 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා අරහතුන් වහන්ස ඔබ වහන්සේට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
2022 දෙසැ. 03 | පානදුර #Panadura පරම සත්‍යය ධම්ම ශ්‍රවණය 🌈️.........නවීන විද්‍යාව අද කොයි තරම් දියුණු තත්වයකට පත් වී තිබුනත් අජීවී,අවිඤ්ඤාණක බොහෝ දේවල්වල හැසිරීම් රටාව තවමත් මිනිසුන්ට තේරුම් ගන්නට බැරි ආකාරයට විපර්යාසයන්ට භාජනය වන නිසා මිනිසුන් තවමත් දෙවියන් යදිති. දෙවියන්ගෙන් බොහෝ දේවල් ඉල්ලා ලබාගන්නට පුද පූජාවන් පවත්වති. කොතරම් දියුණු තත්වයක් රටක පැවතුනත් සම්ප‍්‍රදායික දේව ආගම් සංකල්පයන් ද මුල් බැස ගෙන පවතින නිසා ඉන්දියාව ලංකාව මෙන් ම අනිකුත් බොහෝ පෙරදිග රටවල් වල ද දෙවියන්ට බාර වීම, පුද පූජා පැවැත්වීම, යාඥා කිරීම, අදටත් පෘතග්ජන ලෝකයාගේ සිත්වල තදින්ම කා වැදී පවතින්නකි. විශාල ගස්වලට, ගල් පර්වත වලට, වැඳුම්, පිඳුම්, කිරීම අදටත් මිනිසුන් කරන්නේ ස්වභාව ධර්මයට ඇති භය හා ත‍්‍රාසය නිසාය.ගෝතම බුදුපියාණන් වහන්සේ ද බුදුවන්නට පෙර, බෝධිසත්ව අවධියේ දී වසර හයක් ම අරිය පර්යේෂනයක් කළ අවධියේ දී වැඩිම කාලයක් ස්වාභාවික පරිසරය සමග, ගස්,ගල්, පර්වත හා කඳු මුදුන් වල සැරිසරමින් කාලය ගත කළහ. බුදුපියාණන් වහන්සේ සම්බන්ධ වන වැදගත් සිදුවීම් සියල්ලමත් ස්වාභාවික වෘක්ෂයන්ට ද සම්බන්ධ වන බව පැහැදිලිය. සිදුහත් බෝසත් තුමාගේ උපත සල් ගසකට හා සල්වනයකට සම්බන්ධ වෙයි. බෝසත් තුමන් ලෙසින් අවසාන දානය සුජාතා සිටු දියණියගෙන් ලබාගත්තේ අජපල් නුගරුක මුල දීය.සව්කෙලෙස් නසා බුද්ධත්වයට පත්වූයේ ඇහැටු බෝධියට පිටදී භාවනා කිරීමෙන් ය. ජේතවනාරාමයේ වසර විසිපහක් පමණ දිගු කාලයක් ම ගත කලේ නා උයනකය. වන අරණකය. ඒ යුගය වනවිට භාවනානුයෝගීන්, අභිඥාලාභීන් , මෙන්ම බමුණන්, තීර්තකයන්, නිගන්ඨයන්, වැනි බොහෝ දෙනෙක් ම තම වාසය සඳහා සහ භාවනා කිරීමට තෝරාගත්තේ මහජනයාගෙන් වෙන් වූ මෙවන් ස්වාභාවික ස්ථානයන්ය. බුදුපියාණන් ද අරිය පර්යේෂනයක් කල වසර හයක් තුල වැඩිම කාලයක් මෙවන් වනගත ප‍්‍රදේශවල තම කාලය ගත කළහ. අද මෙන් ම එදාත් සමාජ සම්මතයෙන් ම භාවනානුයෝගී පිළිවෙත් පුරණ අය ස්වභාවධර්මයෙන් ම දායාද කොටගත් වන උයන් ආශ‍්‍රයෙන් ම මගපල ලබන්නට උත්සාහ කළහ. මේ අනුව එදා පිළිගත් සමාජ සම්මත පිළිවෙත බුදුපියාණන් වහන්සේ ද තම අරමුණ ඉටුකරගන්නට සුදුසුවන ආකාරයෙන් භාවිතා කළහ.බිය , ත‍්‍රාසය හා මායාව මිනිස් සිතක උපදින්නට මුල් වන හේතූන් පිළිබඳව හරිහැටි තේරුම් ගන්නට බැරිවීම නිසා සමාජ සම්මත පෘතග්ජන මිනිසුන් දෙවියන්, භූතයින් පේතයින් හා යක්‍ෂයින් වැනි නොපෙනෙන බලවේග පිළිබඳවත් යම් තරමකට හෝ විශ්වාස කරන්නටත් පෙළඹුනි.ස්වභාව ධර්මය තුලම සිදුවන, අස්වාභාවික සිදුවීම් වන ජලගැලීම්, සුනාමි මුහුද ගොඩගැලීම, සැඩසුලං, අධික සීතල,නියඟය,වෛරස වසංගත වැනි දේ මිනිසුන්ට හේතු සහිතව තේරුම් ගන්නට අපහසු වූ නිසා ඒවා බාහිර බලවේගයකින් , දේව කෝපයකින් සිදුවන දේවල් බවට අනුමාන කර දෙවියන්ට වන්දනා කර පුද පූජා පවත්වා පෙරහැරවල්, තොවිල් පවිල් කරමින් ඒවායින් බේරෙන්නට මිනිසුන්ම ක‍්‍රියා කළහ.මේ අනුව ඉර හඳ, වැස්ස, ජලය වැනි දේ පවා දේවත්වයෙන් වන්දනා කළහ. අපේ පිරිත් පොතේ එන සූර්ය පිරිත, ගිනි පිරිත, චන්ද්‍ර පිරිත, ජලනන්දන පිරිත, ආදී පිරිත් පවා සජ්ජායනා කරමින් බුද්ධාගමටත් පසු කාලයක දී මේවා ඇඳා ගත්හ. මිනිසෙකු සතු අධ්‍යාත්මික ශක්තිය, සත්‍යක‍්‍රියා බලය, මෛත‍්‍රී කරුණා මුදිතා උපෙක්ඛා යන බලයන් තේරුම් ගන්නට බැරි වූ යුගයක මෙවන් බාහිර බලවේගයන්ට ගැතිව මිනිසුන්ම ක‍්‍රියා කරන්නට පටන් ගත්හ_______- 🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ
මහ අරිහත් උතුමන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වේවා, දීඝායුම වේවා කියා මා අධිෂ්ඨාන කර සිටිනවා!
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
ගරුතර මහා අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු වේවා අදිශ්ඨානය කරම් 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා අරහතුන් වහන්ස ඔබ වහන්සේට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
2022 දෙසැ. 03 | පානදුර #Panadura
පරම සත්‍යය ධම්ම ශ්‍රවණය 🌈️
.........නවීන විද්‍යාව අද කොයි තරම් දියුණු තත්වයකට පත් වී තිබුනත් අජීවී,අවිඤ්ඤාණක බොහෝ දේවල්වල හැසිරීම් රටාව තවමත් මිනිසුන්ට තේරුම් ගන්නට බැරි ආකාරයට විපර්යාසයන්ට භාජනය වන නිසා මිනිසුන් තවමත් දෙවියන් යදිති. දෙවියන්ගෙන් බොහෝ දේවල් ඉල්ලා ලබාගන්නට පුද පූජාවන් පවත්වති. කොතරම් දියුණු තත්වයක් රටක පැවතුනත් සම්ප‍්‍රදායික දේව ආගම් සංකල්පයන් ද මුල් බැස ගෙන පවතින නිසා ඉන්දියාව ලංකාව මෙන් ම අනිකුත් බොහෝ පෙරදිග රටවල් වල ද දෙවියන්ට බාර වීම, පුද පූජා පැවැත්වීම, යාඥා කිරීම, අදටත් පෘතග්ජන ලෝකයාගේ සිත්වල තදින්ම කා වැදී පවතින්නකි. විශාල ගස්වලට, ගල් පර්වත වලට, වැඳුම්, පිඳුම්, කිරීම අදටත් මිනිසුන් කරන්නේ ස්වභාව ධර්මයට ඇති භය හා ත‍්‍රාසය නිසාය.ගෝතම බුදුපියාණන් වහන්සේ ද බුදුවන්නට පෙර, බෝධිසත්ව අවධියේ දී වසර හයක් ම අරිය පර්යේෂනයක් කළ අවධියේ දී වැඩිම කාලයක් ස්වාභාවික පරිසරය සමග, ගස්,ගල්, පර්වත හා කඳු මුදුන් වල සැරිසරමින් කාලය ගත කළහ. බුදුපියාණන් වහන්සේ සම්බන්ධ වන වැදගත් සිදුවීම් සියල්ලමත් ස්වාභාවික වෘක්ෂයන්ට ද සම්බන්ධ වන බව පැහැදිලිය. සිදුහත් බෝසත් තුමාගේ උපත සල් ගසකට හා සල්වනයකට සම්බන්ධ වෙයි. බෝසත් තුමන් ලෙසින් අවසාන දානය සුජාතා සිටු දියණියගෙන් ලබාගත්තේ අජපල් නුගරුක මුල දීය.සව්කෙලෙස් නසා බුද්ධත්වයට පත්වූයේ ඇහැටු බෝධියට පිටදී භාවනා කිරීමෙන් ය. ජේතවනාරාමයේ වසර විසිපහක් පමණ දිගු කාලයක් ම ගත කලේ නා උයනකය. වන අරණකය. ඒ යුගය වනවිට භාවනානුයෝගීන්, අභිඥාලාභීන් , මෙන්ම බමුණන්, තීර්තකයන්, නිගන්ඨයන්, වැනි බොහෝ දෙනෙක් ම තම වාසය සඳහා සහ භාවනා කිරීමට තෝරාගත්තේ මහජනයාගෙන් වෙන් වූ මෙවන් ස්වාභාවික ස්ථානයන්ය. බුදුපියාණන් ද අරිය පර්යේෂනයක් කල වසර හයක් තුල වැඩිම කාලයක් මෙවන් වනගත ප‍්‍රදේශවල තම කාලය ගත කළහ. අද මෙන් ම එදාත් සමාජ සම්මතයෙන් ම භාවනානුයෝගී පිළිවෙත් පුරණ අය ස්වභාවධර්මයෙන් ම දායාද කොටගත් වන උයන් ආශ‍්‍රයෙන් ම මගපල ලබන්නට උත්සාහ කළහ. මේ අනුව එදා පිළිගත් සමාජ සම්මත පිළිවෙත බුදුපියාණන් වහන්සේ ද තම අරමුණ ඉටුකරගන්නට සුදුසුවන ආකාරයෙන් භාවිතා කළහ.බිය , ත‍්‍රාසය හා මායාව මිනිස් සිතක උපදින්නට මුල් වන හේතූන් පිළිබඳව හරිහැටි තේරුම් ගන්නට බැරිවීම නිසා සමාජ සම්මත පෘතග්ජන මිනිසුන් දෙවියන්, භූතයින් පේතයින් හා යක්‍ෂයින් වැනි නොපෙනෙන බලවේග පිළිබඳවත් යම් තරමකට හෝ විශ්වාස කරන්නටත් පෙළඹුනි.ස්වභාව ධර්මය තුලම සිදුවන, අස්වාභාවික සිදුවීම් වන ජලගැලීම්, සුනාමි මුහුද ගොඩගැලීම, සැඩසුලං, අධික සීතල,නියඟය,වෛරස වසංගත වැනි දේ මිනිසුන්ට හේතු සහිතව තේරුම් ගන්නට අපහසු වූ නිසා ඒවා බාහිර බලවේගයකින් , දේව කෝපයකින් සිදුවන දේවල් බවට අනුමාන කර දෙවියන්ට වන්දනා කර පුද පූජා පවත්වා පෙරහැරවල්, තොවිල් පවිල් කරමින් ඒවායින් බේරෙන්නට මිනිසුන්ම ක‍්‍රියා කළහ.මේ අනුව ඉර හඳ, වැස්ස, ජලය වැනි දේ පවා දේවත්වයෙන් වන්දනා කළහ. අපේ පිරිත් පොතේ එන සූර්ය පිරිත, ගිනි පිරිත, චන්ද්‍ර පිරිත, ජලනන්දන පිරිත, ආදී පිරිත් පවා සජ්ජායනා කරමින් බුද්ධාගමටත් පසු කාලයක දී මේවා ඇඳා ගත්හ. මිනිසෙකු සතු අධ්‍යාත්මික ශක්තිය, සත්‍යක‍්‍රියා බලය, මෛත‍්‍රී කරුණා මුදිතා උපෙක්ඛා යන බලයන් තේරුම් ගන්නට බැරි වූ යුගයක මෙවන් බාහිර බලවේගයන්ට ගැතිව මිනිසුන්ම ක‍්‍රියා කරන්නට පටන් ගත්හ_______
- 🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ