Akila Vimanga Senevirathna - Sinhala | Episode 30 | දෛවය මවන වාසනාවන්ත ආදර කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 613

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +601

    අකිල සර්ගෙ හැම වීඩියෝ එකක්ම මග නොහැර බලපු කට්ටිය ඉන්නවද???🙄🙄🙄🙄
    👇

  • @piyumigalagama
    @piyumigalagama 3 ปีที่แล้ว +231

    අකිල සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මම. සර් කියනවා වගේ ලස්සන ආදරයක් මට ලැබිලා තියෙනවා. දැන් අපේ ආදරේට අවුරුදු 10ක් වෙනවා. අපි දෙන්නාගෙම ප්‍රථම ආදරේ. අපි දෙන්නා හොඳට ඉගෙන ගත්තා. මම තාම campus. එයා හොඳ job එකක් කරනවා. අපේම කියලා වාහනයක් අපිට තියෙනවා. එයාට වයස 26යි. මට 25. තව අවුරුදු 2කින් අපි marry කරනවා. අපිටත් ගෙවල් වලින් ප්‍රශ්න ආවා. ඒවාට නොසැලී මුහුණ දුන්නා. හොඳට ඉගෙන ගත්තා. දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම මේක සංසාරේ පතාගෙන ආපු ආදරයක්. මට ඕනි වුණේ අපේ ආදරේ ගැන ⁣පම්පෝරි ගහන්න නෙවෙයි. සර් කියනවා වගේ ආදර කතාත් මේ ලෝකෙ තියෙනවා කියන්න. සර් හැමදාම අ⁣පේ ජීවිත වලට ලොකු දේවල් කියලා දුන්නා. සර්ට ගොඩක් පිං

    • @Samsung-dc4kk
      @Samsung-dc4kk 3 ปีที่แล้ว +15

      Hamadamath oylat sathutin adaren inna labenna oni......

    • @ridmisanjana4050
      @ridmisanjana4050 3 ปีที่แล้ว +9

      ඒක නම් හරිම ශෝක්.........දෙන්නටම බුදු සරණයි පරිස්සමට ඉන්න හැමදාම 🙏♥️

    • @piyumigalagama
      @piyumigalagama 3 ปีที่แล้ว +6

      @@Samsung-dc4kk ගොඩක් ස්තූතියි 🙏

    • @ashanisanjila2944
      @ashanisanjila2944 3 ปีที่แล้ว +2

      @@piyumigalagama රත්නපුරේ අක්කෙ

    • @ashanisanjila2944
      @ashanisanjila2944 3 ปีที่แล้ว +2

      ඔයා මොන කැම්පස් එකේද අක්කියෝ

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 ปีที่แล้ว +298

    අකිල සර්ගෙන් ඉගෙන ගන්න ලමයි නම් මාරම වාසනාවන්තයි 😍❤️❤️

  • @Prabodhirose
    @Prabodhirose 3 ปีที่แล้ว +92

    පරණ මතක අවුස්සන රැයවල
    කදුලු පිරිච්ච නෙත්වලට
    මේ කටහඬ තවත් මතක අවුස්සන කතා කියන ආදරණීය කටහඬක්
    💞💞

  • @asankaprasad6660
    @asankaprasad6660 3 ปีที่แล้ว +42

    ආදරේ මහා පුදුම දෙයක් මං කලින් ලව් කල කෙල්ලෝ මාව දාල ගියා නමුත් දැන් මගේ කෙල්ල මං මේ තරම් වැටිලත් එයාගේ ජොබ් එකෙන් මගේ ණය ගෙවලා මාව පොන්නයෙක් නොකර බලාගත්තා අම්මපල් දවසක සලකනවා උබට..... ආදරෙයි පැලෙන්න ඉෂානි

  • @chanchalalakshani5606
    @chanchalalakshani5606 3 ปีที่แล้ว +133

    හදවතට කතා කරන ඒ ආදරණීය හඩ❤️❤️❤️ රිදුනු සිත් නිවෙන්න ඒ කටහඬ නම් බාවනාවක්😌😌😌

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +4

      මටත් මීට අව්රුද්දකට කලින් එහෙම කරා හැබැයි හේතුවක් නැතත් අදටත් ආදරේ කරනවා වීඩියෝ බලනවා 🥺💪❤️

    • @mahimaneethraanja4247
      @mahimaneethraanja4247 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

  • @sharkyapavithri186
    @sharkyapavithri186 3 ปีที่แล้ว +27

    මන් සර්ගෙන් සිංහල විෂය ඉගෙන ගත්තේ නෑ..
    ඒත් මන් ජීවිතය, ආදරය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ සර්ගෙන්❤️
    සර්ට ගොඩක් පින්🙏
    මන් වගේ තව හැංගිලා තියෙන මල් පොහොට්ටු වලට ආලෝකයක් වෙන්න සර්ට දේව ආශීර්වදය නොමදව ලැබේවා🙏❤️

  • @kasunsandeepa886
    @kasunsandeepa886 3 ปีที่แล้ว +75

    😍😍😍😍ආදරණීය හදවතේ සර් සිංහල කරන්නේ නැ ඒත් ආදරෙයි දීර්ගයුෂ ලැබේවා ඔබට🙏🙏

  • @sithuminiramyasiri7461
    @sithuminiramyasiri7461 3 ปีที่แล้ว +28

    මමත් ජීවිතේ ගොඩාක් දුක් වින්දා 😔 ඒත් එයා මගෙ ජීවිතේට ආවට පස්සෙ හැමදේම වෙනස් උනා 😔 කවදාවත් ඒ ආදරේ මම නැති කර ගන්නෙ නෑ මගෙ මැණිකට මම පණටත් වඩා ආදරෙයි මයෙ රත්තරන් හැමදාම සතුටින් ඉන්න මැණික 😘♥️ පරිස්සමෙන් ඉන්න මැණික 😘♥️

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 ปีที่แล้ว +181

    මටත් ආසයි සර් එක්ක එක වචනයක් හරි කතා කරන්න මුණ ගැහිලා ❤️😍

  • @manjimanthila5695
    @manjimanthila5695 3 ปีที่แล้ว +36

    මගේ ආදරයත් හරිම වෙනස් එයා මෙහෙ ඉන්නකොට නම් මං නැතිව එයාට හුස්ම ගන්නවත් බැරි උනා ඒත් එයා රට ගියා ..... යද්දි කිව්වේ මං වෙනුවෙන් යනවා කියලා ඒත් .... ටික කාලෙකින් වෙන කෙනෙක් social media වලින් හොයාගෙන මට නොකියම ගියා 😞කියාගන්න බැරි වේදනාවක් හිතේ හිරකරන් ඉන්නේ ඒ දවස් වල පිස්සු හැදිලා වගේ හිටියේ ඇත්තටම ඒත් සර්ගේ වීඩියෝ බලලා හිත හදාගත්තා මං එක දිගට එකම වීඩියෝ එකත් බැලුවා මං ඒ දවස් වල 😶 සර්ට හුගාක් පින්

  • @Sanoj.C
    @Sanoj.C 3 ปีที่แล้ว +107

    අහම්බෙන් හම්බෙලා එදා පුරුදුත් වගේ දැනිලා අන්තිමට නැවතුණු කතා කොච්චර ඇතිද! ඒ කතාවලම ජීවත් වෙනවා ඇතිද sir! 😐😥🖤

  • @kumakarate5304
    @kumakarate5304 3 ปีที่แล้ว +42

    සින්හල බාශාව කතාකරන සැබෑ මිනිසෙකු මෙහෙමහරි කෙනෙක් සුවපත් කරනවනම් ඔබ සැබෑ මිනිසෙකි

  • @nethunethu1572
    @nethunethu1572 3 ปีที่แล้ว +75

    අනේ මටත් එහෙම කෙනෙක් ඉන්නවා 😍 එයාව තරම් වෙන කෙනෙක්ව මට‍ කවදාවත් දැනිලා නෑ😍 මගේ පණ 😘❤️

    • @devdunie
      @devdunie 3 ปีที่แล้ว +8

      එයාව කවදහරි ලැබෙයි ඔයාට..මට නම් මගේ කෙනා හම්බෙලා ඉන්නේ මගෙ පන❤️

    • @nethunethu1572
      @nethunethu1572 3 ปีที่แล้ว +2

      @@devdunie hmm 😊

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +5

      mtth innv ehema kenek☺😍adarei eyata mn mge panatath vada😙😙❤❤

    • @MyMusic-nu6et
      @MyMusic-nu6et 3 ปีที่แล้ว +2

    • @dildil6693
      @dildil6693 3 ปีที่แล้ว +7

      මටත් ඉන්නවා එහෙම කෙනෙක්.ඒත් කවදාවත්ම අපි දෙන්නට අපි දෙන්නව අයිති වෙන්නෙ නෑ.ඒ දැන දැනමත් අපි දෙන්නා ආදරේ කරනවා තාමත්.ඒ වගේම මං මැරෙනකන්මත් එයාට ආදරෙ කරනවා.ඒ තමා මගේ මුලු ජීවිතේම

  • @pixelgeneration1
    @pixelgeneration1 3 ปีที่แล้ว +20

    සර්ට තරම් වෙන කිසිම ගුරුවරයෙක්ට ආදරේ කරලා නැතුව ඇති... ඒක සර්ටම සීමා වුන ගුරු භක්තියක්.. ❤️

  • @noname-zz1ek
    @noname-zz1ek 3 ปีที่แล้ว +14

    ආදරය කියන්නෙ මොකක්ද කියලා හරියටම දැනගත්තෙ Akila sir ගෙන් ,
    ගොඩක් ස්තූතියි සර් , 🌹

  • @sadu7427
    @sadu7427 3 ปีที่แล้ว +20

    සර් කියන දේවල් බැලුවම හිතෙනවා කොහෙන් මේ වචන ගලන් එනවද කියලා ❤️‍🔥ආසාවෙන් අහන් ඉන්න හිතෙනවා...අපේ කාලේ ගුරුවරයා 💗💗💗💗💗💗💗👍👍👍👍👍මමත් ආදරේ විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි 👍

  • @අහිංසකසමනලී-ඬ5ව
    @අහිංසකසමනලී-ඬ5ව 3 ปีที่แล้ว +11

    හදවතට දැනෙන්න කතා කරන ආදරණීයම සිංහල ගුරුවරයා ❤️❤️❤️

  • @hashanchathuranga4974
    @hashanchathuranga4974 3 ปีที่แล้ว +14

    අපි ඉස්කොලේ යන කාලෙ මේ වගේ සර්ලා අපිට හිටියේ නැති එකට නම් මරම දුකයි.සර් ඔයා මේ කරන දේ කටම උනත් හිතට වදිනවා එ වගෙම ඉගෙන ගන්න ආසා හිතෙනවා.ඉදිරියටත් මේ වගේ අපි හැමෝගෙම නැන නුවණ පදන්න සර්ට ශක්තිය ⁣ෙධෙරේය ලැබේවා.බුදු සරණයි

  • @lahiruherath1563
    @lahiruherath1563 3 ปีที่แล้ว +79

    එහෙම දැනුන කෙනා මිස් කරගෙන නම් ආයේ කවදාවත් දැනෙන කෙනෙක් ලැබෙන් නැති වෙයි නේද සර්.. කතාව ඇත්ත වෙන්නැති එයාගෙන් පස්සේ මේ වෙනකන් කාවවත් දැනිලා නෑ හදවතටම.. 🥀

    • @pod_dot
      @pod_dot 3 ปีที่แล้ว +2

      🥺

    • @vihangamadukalpanai4793
      @vihangamadukalpanai4793 3 ปีที่แล้ว +2

      😒😒😒♥️😪😪

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +8

      මං ප්‍රාර්ථනා කරනවා උබට ඒ වගේ ආදරයක් දැනෙන්න ලැබෙන්න අහිමි නොවෙන්න කියලා 🙏❤️🥺

    • @lahiruherath1563
      @lahiruherath1563 3 ปีที่แล้ว

      @@tharindudilshan8340 🌸❤️❤️❤️❤️❤️

  • @smile.......
    @smile....... 3 ปีที่แล้ว +63

    මේ කතාව මන් ලියන්නෙ අපේ ආදරනීය නංගිලා වෙනුවෙන්...ඔව් ඉතිං මල්ලිලා කියෙවුවත් වරදක් නෑ...මේක හැමෝගෙම කතාව නොවෙන්න පුලුවන් ඒත් බොහෝ දෙනෙක්ගෙ කතාවක්....
    ආදරේ.....
    ඉපදුනගමන් අපිට දැනෙන්නෙ අපේ අම්මගෙ ආදරේ උනුසුම...ඊට පස්සෙ ආදරනීය තාත්තා...ඊටත් පස්සෙ සහෝදර සහෝදරියො...
    එහෙම නේද....
    කාලය ගත වෙද්දි තරුන හැගිම් වලින් අපේ හිත පිරෙන්න ගන්නකොට අපි හොයනවා වෙන කෙනෙක්ගෙ ආදරේ...
    එහෙම නේද....
    අපේ වටේ ඉන්න යාලුවො එකින් එක්කෙනාට පෙම්වතුන් හම්බෙනකොට හිතට පුංචි පාලුවක් තනිකමක් දැනෙනව නේද...
    දැනිලා තියනවද ඔයාලට....
    ඊට පස්සෙ ඔයාලා හොයනවා...ඔව් ඔයාලා හොයනවා ඔයාල පරිස්සම් කරන් හිටපු ආදරේ දෙන්න කෙනෙක්...
    මොනවද බලන්නෙ ඉස්සෙල්ලම ඔයාලා...ලස්සන....
    එහෙම නේද...ඔව්..ලස්සන තමයි මූලිකම සාදකය වෙන්නෙ....
    ඉතිං ඒක හරිද...
    ලස්සන කොල්ලෙක් ඔයාලගෙ ජීවිතේට ආවට පස්සෙ ඕන් ඔයාලට දැනෙනෙව ඔයාලා ඉන්නෙ ලස්සන ලෝකෙක කියලා...
    ඒ ලෝකෙ අ ඔයයි එයයි ...ඔය දෙන්න විතරමයි...
    ඉතිං ඒ ආදරෙත් එක්ක ඔන්න ඔයාලට මෙච්චර කාලයක් ආදරේ කරපු ආදරනීය අම්මා තාත්තගෙ සහෝදර සහොදරියන්ගෙ ආදරේ වදයක් වෙනවා...කරදරයක් වෙනවා...
    අම්ම පොඩ්ඩක් හොයලා බැලුවත් තාත්තා ආදරේට මොනවා හරි ඇහුවත් කේන්ති යනවා ඔයාට...
    "මේ මොන කරදරයක්ද..."
    මොහොතකට හරි එහෙම හිතෙනවා...
    ඉතිං ඔයාලගෙ ලෝකෙ ඔය දෙන්න විතරයි...
    ඔයාගෙ තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරලා අරන් දුන්න ෆෝන් එක ලස්සන එස් එම් එස් වලින් පිරෙද්දි ඔයා තව තවත් ඔයාගෙ කුමාරයට ලං වෙනවා...
    ඔයා පාඩම් කරන්න කාමරේට ඇවිත් පොත අස්සෙ ෆෝන් එක තියාගෙන එස් එම් එස් ගහද්දි ඔයා මහන්සි වෙලා පාඩම් කරනවා කියලා හිතලා ඔයාගෙ අම්ම තේ එකක් කිරි එකක් හදාගෙන කාමරේට එද්දි ඔයාy ඉක්මනට ෆෝන් එක හංග ගන්නව...
    ඔහොම ඔයාලගෙ ආදරේ ලස්සනට ගලාගෙන යද්දි ඔයාලට එස් එම් එස් ගහලා කෝල කරලා විතරක් මදි වෙනවා...
    බස් එකේ අත් පටලගෙන ඇවිල්ලා පොඩ්ඩක් තුරුල් වෙලා ඉදල එන වෙලාව මදි වෙනවා...
    "ටිකක් නිදහසේ කතා කරන්න තිබුනන්..."
    ඔන්න ඔයාගෙ කුමාරයා පලවෙනි බීජෙ ඔයාගෙ ඔලුවට ඇතුල් කරනවා..
    එස් එම් එස් වලින් ඔයාගෙ තරුන හැගීම් ටිකෙන් ටික උලුප්පල ගන්න ඔයාගෙ කුමාරයට පුලුවන් වෙනවා...
    මුලින් මුලින් ලැජ්ජාවෙන් ඇබරුනත් ටිකෙන් ටික ඔයත් ඒකට හුරු වෙනවා...
    "හෙට කොහේ හරි යමුද..."
    ඔන්න දෙවෙනි බීජෙ....
    "නිදහස් තැනකට කතා කරන්න..."
    "පංති..."
    "එක දවසයිනෙ සුදු අම්මි..."
    "අනේ..."
    "විස්වාස නැද්ද මාව...මගෙ ආදරේ ශුවර් නැද්ද..."
    ඔන්න ඔතන තමයි නංගියේ උබට වරදින තැන...ඔබේ කුමාරයගෙ අන්තිම තුරුම්පුව...
    තමන්ගෙ කෙල්ලට පන වගේ ආදරේ කරන එක කොල්ලෙක් වත් තමන්ගෙ කෙල්ලව විනාස කරන්නෙ නෑ...
    එක එක අගු පිල් ගානෙ එක්කන් යන්නෙ නෑ...
    ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව රකින්නෙ හරියට මැණිකක් රකින නාගයෙක් වගේ...
    උබේ කුමාරයගෙ ආදර වචන වලට රැවටිලා උබේ අම්ම උදේම නැගිටලා උයලා දෙන බත් මුලත් අරගෙන තාත්තා වියදමට අතට දෙන ගානත් ගුලි කරගෙන රත්නත්තරේ පිහිටයි දුවේ කියන ආශිර්වාදෙත් අරගෙන උබ යන්නෙ උබේ කුමාරගෙ තුරුල්ලට...
    පොඩි කාමරේකට උබව එක්කන් ගිහින් ගොඩක් ආදරෙන් උබට කතා කරයි...
    ලස්සන වචන ගොඩකුත් එක්ක පුංචි පුංචි ස්පර්ශයන් උබව ටිකෙන් ටික වෙනම ලෝකෙක අතරමං කරාවි...සිහිය උබෙන් ටික ටික ඈත් වෙද්දි
    උබේ අම්ම තාත්තගෙ ගෞරවේ බොහොම ලස්සනට ඇද ඇතිරිල්ලෙ සිතුවමක් වෙයි...
    ඔව් උබ අඩයි වැලපෙයි...උබේ කුමාරයා උබව සනසවයි...උබ විස්වාස කරයි....
    උබ ආපහු ගෙදර යන්න ගෙදරින් ආපු අම්මගෙ තාත්තගෙ පුංචි දෝනි විදියට නෙමේ...එදා රෑ ඇදට වැටිලා උබ සිහි කරයි ඒ මොහොත...
    ආස හිතෙයි උබට...ඔව්..ඒ මිහිරෙන් මත් වෙයි උබ..
    ආයෙත් ආයෙ ආයෙමත් ඔය දේ සිද්ද වෙයි...
    ඒත් ටික දවසකින් උබ හීන මවපු උබේ කුමාරයා ටිකෙන් ටික උබව මග අරින්න ගනී...
    පිච්චෙයි උබ කවදාවත් නැති විදියට...
    අන්තිමට උබට උබේ කුමාරයගෙ සේයාවක්වත් හොයාගන්න නැතිවෙයි...ඔව් එතකොට උබට තේරෙයි පුංචිම පුංචි කලලයක් උබේ කුසේ වැඩෙනවා කියලා...
    අන්න එදාට උබට මතක් වෙයි දැනෙයි අර උබ ඉපදුන දවසෙ උබට දැනුන උබේ අම්මගෙ තාත්තගෙ ආදරේ....
    ඔයාගෙ අම්මට තාත්තට ලස්සන හීනයක් තියෙනවා ඔයාව ලස්සන මනමාලියක් කරලා පෝරුවට නග්ගන්න...ඒත් ඒ තැනට ගොඩක් අයට එන්න බෑ..ඒ වගේම කෙල්ලෙක්ව පරිස්සම් කරලා පෝරුව වෙනකන් කැන්දන් එන්න හැම කොල්ලටම බෑ...
    අදහසක් කියාගෙම යන්න හිතට දැනුනා නම්.

    • @gimeshadiwyanjale
      @gimeshadiwyanjale 3 ปีที่แล้ว +4

      ♥️

    • @rangikaerandi6944
      @rangikaerandi6944 3 ปีที่แล้ว +4

      හරිම ලස්සන අර්ථවත් වචන ටිකක්.🌹🌹🌹

    • @smile.......
      @smile....... 3 ปีที่แล้ว +3

      @@gimeshadiwyanjale 😉

    • @smile.......
      @smile....... 3 ปีที่แล้ว +2

      @@rangikaerandi6944 😉

    • @gimeshadiwyanjale
      @gimeshadiwyanjale 3 ปีที่แล้ว +3

      @@smile....... 🤭

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +7

    හදවතින් හඬන අහිංසකයන්ගෙ හදවත් සනසන්න දෙවියන් "දේව දුතයන්ව" එවනවාලු ලොකයට.. කිසිම තර්කයක් නැ ඔබතුමා භාවනාවක් සිත් සුව කරන එවන් ..
    තෙරුවන් සරණයි !

  • @economicswithashangamage3607
    @economicswithashangamage3607 3 ปีที่แล้ว +10

    හදවතටම කතා කරන හරි අපූරු කථිකත්වය.... චිරං ජයතු අකිල සර් 💯

  • @ashandieka6682
    @ashandieka6682 3 ปีที่แล้ว +16

    මගෙ මැණික ඉන්නේ මාතර මම කුරුණෑගල එයාව හම්බ උනේ අහම්බෙන්...අපේ කතාවට මේ වෙද්දි ටිකක් අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ...ඒත් මගෙ රත්තරන්ව කවදාවත්ම මම නැති කරගන් නෑ සර් මම දන්නවා මට එයාව ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි 🙏🙏🙏...මොකද බුදු දහම ඇත්තනම් එයාව මට ලැබෙනවමයි සර්...🙏 ගොඩක් ආදරෙයි මගෙ රත්තරන්ට ❤️❤️❤️🙏...පරිස්සමෙන් ඉන්න මගෙ නන්ගී ❤️🙏

  • @dilkinuwan5057
    @dilkinuwan5057 3 ปีที่แล้ว +8

    සර් කිව්ව වගේම මට නම් මුණගැහුනු පළවෙනි කෙනාම මටම මවපු කෙනා වෙන්න ඇති. අවුරුදු 8ක් ගෙවිලත් කිසිම වෙනසක් නැතිව හැමදාම සතුටින් ඉන්න ලැබුණේ ඒ නිසා වෙන්න ඇති. මගේ ජීවිත කාලෙමත්, මතු ඉපදෙන හැම ආත්මයකමත් පතන්නෙ එයාවම විතරයි 💕 Nuwan 💕

  • @nisala_arana_bana
    @nisala_arana_bana 3 ปีที่แล้ว +27

    හදවතට කතා කරන චරිතයක්
    නියමයි සර් ❤️🙏

  • @nethradevindi2612
    @nethradevindi2612 3 ปีที่แล้ว +30

    කියන තරම් ආදරේ ලස්සනයිනම් මෙචර ආදරේ නිසා අඩන අය දුක් වෙන අය අඩු වෙයි නෙහ් 😔😔😔😔😭😭

  • @thmavimukthisampathkumaras8406
    @thmavimukthisampathkumaras8406 3 ปีที่แล้ว +19

    මටත් ගුරුවරයෙක් වෙලා ලමයින්ගෙ පෑරුණු හදවත් වලට චූටි හරි සැනසීමක් දෙන්න පුලුවන්නන්... ❤️🌼

  • @kithsiripeiris4306
    @kithsiripeiris4306 3 ปีที่แล้ว +32

    අකිල සර් හරිම වෙනස්
    මම සර්ගේ හැම vedio එකක්ම මලනවා.
    හරිම ලස්සනයි.😀😀😀😀👍👍👍👍

  • @isumipahanma6674
    @isumipahanma6674 3 ปีที่แล้ว +2

    සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා බලන බලන වාරයක් ගානේ හිත හැදෙනවා සර්ගේ ඔය හැම වචනෙකටම පින්.... දුක හිතෙන වෙලාවක මේ එකක් හැලුවම හිත නිවෙනවා😔😔😔

  • @sandanisewmini1083
    @sandanisewmini1083 3 ปีที่แล้ว +7

    තාම හම්බෙලා නම් නෑ.සර්ගෙ කතා අහන්නෙ හරි ආසාවෙන් ❤️🤗😍

  • @d.s.dinuwanthi1132
    @d.s.dinuwanthi1132 3 ปีที่แล้ว +11

    නියමයි සර්. සර්ගෙ වීඩියෝස් ඔක්කොම බලනවා මං. ඒවා ඇතුලෙන් සර් අපිට කියලා දෙන්නෙ ජීවිතේ...ඒ වගේම අපිව වෙනම ලෝකයකට ගෙනියන්න සමත් වුනු අපේම ආදරණීය සිංහල පාරාදීසය... ගොඩක් ස්තූති සර්... ❤️

  • @bhashisandu5114
    @bhashisandu5114 3 ปีที่แล้ว +5

    ඇත්තටම සර් මටත් මවපු ආදරේ ලැබුනා,අපි සතුටින් ඉන්නවා,දෙන්නා අඩියෙන් අඩ්ය ඉදිරියට යනවා,සර් කියපු කතාව ඇත්ත සර්

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +24

    හැමෝටම එහෙම ආදරයක් ලැබේවා 😘😘😍😍😍❤️❤️ 🙏

  • @sheyonadithya8471
    @sheyonadithya8471 2 ปีที่แล้ว +3

    ඒක ඇත්ත මමත් 1yearsපස්සෙන් ගිහින් කැමති උනේ 5years love කරලා merry කරේ අද අපි ගොඩක් ආදරෙන් ඉන්නවා කවදාවත් අපේ අතරේ ප්‍රරශ්න නෑ

  • @subashiabeyrathne3874
    @subashiabeyrathne3874 3 ปีที่แล้ว +7

    sir කියන කතාව හරියටම හරී..මටත් ඉන්නවා කෙනෙක් එයා ඉන්නේ මගෙන් හුගාක් දුර ඒත් ඒ ආදරේ කියලා නිම කරන්න බෑ 🥺🥺🥺 පණ මගේ ❤️🌸

  • @chathurikachathurika710
    @chathurikachathurika710 3 ปีที่แล้ว +3

    හදවත පතුලටම වැදෙන්න කතා කරනව ,සර් නම් ,මාරයි.😊😊😊😊😊

  • @iamknoxpresley
    @iamknoxpresley 3 ปีที่แล้ว +19

    සර්ගෙ කතාව අහපුවාම යාලු වෙලා ඉන්න එවුන්ට හිතෙයිද දන්නෙ නැහැ හදිස්සි වැඩි උනාද කියල🤔 ස්තූතියි සර් ඇත්තටම ඇත්ත කියනවට🙏🏼

    • @agssks172
      @agssks172 3 ปีที่แล้ว +2

      😁😂

  • @mg.3534
    @mg.3534 3 ปีที่แล้ว +6

    මට නම් ගැලපෙන.මවපු කෙනා ලැබුන...එ ඇති මුලු ජීවිතේම මට සතුටින් ඉන්න..සතුට දුන්නෙ අහම්බෙන් හම්බ වෙලා හිතට දැනුන කෙනා..දෙන් ඒ අදරෙ මුලු ජීවිතෙම වෙලා..

  • @pawaninisansala9460
    @pawaninisansala9460 11 หลายเดือนก่อน +1

    සර් කියනවා වගේ මටත් තනියම යන්න බැරි ආදරයක් තියෙනවා. ආසයි එයා එක්කම ඒ ගමනත් යන්න. අපි දෙන්නා අපිට හරිම ආදරෙයි. දැන් අපි විවාහ වෙලා චූටි දුවෙක් ඉන්නවා අවුරුදු 03ක. ඒ තමයි අපේ ආදරේ සංකේතය. ❤❤❤.

  • @ChethanaNuwanthi-zx5cp
    @ChethanaNuwanthi-zx5cp 9 หลายเดือนก่อน +1

    සර් කියන කතාව ඇත්ත.මට ත් පන වගෙ කෙල්ලෙක් අවුරුදු පහක් ආදරෙ කල.මන් ඉගෙනගෙන නැති කොල්ලෙක් මට කියල කිසි දෙයක් නැති කාලෙ ඉදන් ඒ කෙල්ල මගෙ ලගින් හිටිය අද මාව මෙ තැන ඉන්නෙ එයා නිසා ඒ තරමට මාව නැගිට්ටුව අතෙ සතෙ නැති කාලෙ ඉදන් .ඒත් මට මුල අමතක වුනා පස්සෙ ආපු කෙල්ලෙක් එක්ක පැටලුන මගෙ පන ටික මන් නැති කරගත්ත අද මට තේරෙනව එයාගෙ ආදරෙ අනෙ මට ඒ තරම් ආදරයක් දීපු මගෙ පන ටික මන් නැතිකරගත්ත.අර බොරුකාරි අවුරුද්දක් මන් එක්ක ඉදල සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාලු වුනා එදා මට ආයෙම මගෙ පන ටික මතක් වුනා එයාව දැනුන අනෙ මට සමාවෙන්න අද මන් විදෝනව ඔයා ට කල වැරැද්දට .මට පන වගෙ ආදරෙ දීපු මගෙ අම්ම කෙනෙක් වගෙ හිටිය ඔයා මන් නැතිකරගත්ත දන්නේ නැ කොහෙ ඉන්න වද කියල ඔයා ඒත් මට සමාවෙන්න .කොල්ලනෙ තියෙයි නම් උබලට අවන්ක ආදරයක් රැකගනින් ඒක මොකද එහෙම කෙල්ලො අඩුයි බන් එකපාරයි ලැබෙන්නේ . ඒ ආදරෙට බොරුවක් කලහම ස්වබාදහමෙන්ම අපි ට ආයෙ කවදාවත් දෙන්නේ නැ අවන්ක කෙල්ලෙක් වටෙ යන බඩු සෙට්කරවන්නෙ ❤

  • @dasuninavodya243
    @dasuninavodya243 3 ปีที่แล้ว +5

    අකිල සර්ගෙ සිසුවියක් වෙන්නත් මං ගොඩක් පිං කරල තියෙන එක ගැන ගොඩක් සතුටුයි.මුලු ජීවිතේම හරි ලස්සනට කියල දුන්න එකම සර් තමා අකිල සර්

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว

      සර්ව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබාදෙන්න

  • @DineshaMaduwanthi-gu1mk
    @DineshaMaduwanthi-gu1mk 4 หลายเดือนก่อน +1

    මම ටිකක් අමුතු චරිතයක් සර්. ප්‍රශ්න ගොඩාක් මැද්දෙ ඉන්නකොට මට එයාව හම්බෙනවා සර් ඔය කියන විදියටම තමයි. ඒ රූපය ඒ ඇස් පෙනුම එයාගේ පෞරුෂය හැමදේම මට හුරුයි වගේ දැනෙන්න ගන්නවා, දකින්න නැතුව ඉන්න බෑ කියලා හිතුනා , මට දැන් ඒ ආදරේ ලැබෙනවා ගොඩාක් ජීවිතේ මං ඒ ආදරයත් එක්කම වෙනස් කරගත්තාඑයා මගේ ජීවිතයෙන් ගොඩාක් හැදුවා හදනවා අදටත් තවමත් .මට දැනෙනවා මට මවපු කෙනා එයා කියලා. මට තාම තේරෙන්නේ නැහැ දෛවය අවසානයේ කුමක් වෙයිද කියලා මගේ අන්තිම හුස්ම වෙනකම් ඒ මගේ අන්තිම ආදරේ විතරයි

  • @nimashamadushani5711
    @nimashamadushani5711 3 ปีที่แล้ว +6

    මේ කියන හැම කතාවකම, හැම වචනයකම අපි හැමෝගෙම ආදරය වගේම අකිල සර්ගෙ හිතේ අගුලු දාලා හිරකරගෙන, නොපෙන්වා ඉන්න ආදරේ මේ හැම අකුරකින්ම එලියට එනවා වගේ දැනෙනවා සර්. තෙරුවන් සරණයි ඔබට ...🙏🙏🙏

    • @lakshmikumarasinhe5997
      @lakshmikumarasinhe5997 10 หลายเดือนก่อน

      Oba sith aeda ganna widiyata karunu idiripath karanawa sir.❤

  • @sujeewamanel8234
    @sujeewamanel8234 3 ปีที่แล้ว +4

    හිතට දුකක් දැනුනු වෙලාවට සර්ගෙ වචන මහ මෙරක්...🙏🙏🙏🙏 bs sir....❤❤

  • @nuwangichethika6994
    @nuwangichethika6994 3 ปีที่แล้ว +34

    ආදරණීය හදවතේ සර් සිංහල කරන්නේ නැ ඒත් ආදරෙයි දීර්ගයුෂ ලැබේවා ඔබට🙏🙏

    • @nuwangichethika6994
      @nuwangichethika6994 3 ปีที่แล้ว

      @@amilafernando8669 ou halo godak hithe duka adu une me sarge video nisa hithata danenawa hodata

    • @nuwangichethika6994
      @nuwangichethika6994 3 ปีที่แล้ว

      @@amilafernando8669 2021

    • @nuwangichethika6994
      @nuwangichethika6994 3 ปีที่แล้ว

      @@amilafernando8669 tec malli

  • @sandunmalirathnaweera4397
    @sandunmalirathnaweera4397 3 ปีที่แล้ว +2

    මේ පන්තියේ ගෝලයන්ට වයස් සිමාවක් නෑ... මේ පාඩමි කියලා දෙන්න අපේ කාලේ ගුරුවරු හිටියේ නෑ . දෙමවිපියන්වත් නෑ.. මේ පුතා, සහෝදරයා, ගුරුවරයා කොහේ සිට පහල වුනාද????.. මටද අහිමිවුු පෙම යලි හිමි වුනා. මගේ චුති සිත පරිනතයි... සැපසේ මිය යා හැක. ඔබ මේ කියන්නේ මගේ පේුම කතාවද .... ඔබ හදවත් කීයක් සුවපත් කරන වෛදයවරයෙක්ද... ඔබ විශ්වයේ පින් කුසල් උනා ගන්නා පින් නිදානයක්. යහපතක්ම වේවා!🙏

  • @abiththaya9406
    @abiththaya9406 3 ปีที่แล้ว +21

    Oye මවන කෙනාට මම වෙනුවෙන් කෙනෙක් මාවන්න අමතක වෙලා සර්.....😥😥😥😥😥😥😥

  • @slmusicdenuwan6970
    @slmusicdenuwan6970 3 ปีที่แล้ว +3

    මටත් එහෙම කෙනෙක් ඉන්නවා...එයා තරම් කවුරුත් දැනිලත් නෑ දැකලත් නෑ😍😘

  • @himashigonagala4821
    @himashigonagala4821 10 หลายเดือนก่อน

    හරිම ලස්සන අහගෙන ඉන්න හිතෙන අාදර්ශමත් කතාවක්. සර් කිව්ව කථාව අැත්ත. අාදරයට කිසිම දෙයක් අදාල නැ. හිමිකමක් තියෙනවනමි කොහොම හරි ලැබෙයි .❤❤

  • @inoshasewwandi1439
    @inoshasewwandi1439 3 ปีที่แล้ว +10

    මටත් එහෙම කෙනෙක් හිටිය ඒත් දැන් මගේ හිතේ තියෙන්නෙ මැරිච්ච ආදරයක් මන් අයේ කිසිම කෙනෙකුට ආදරෙ කරන්නෙ නෑ

  • @mathsangel2009
    @mathsangel2009 10 หลายเดือนก่อน

    දුක හිතුනම එක හිනාවකින් මාව සනසන්නමයි හදන්නෙ එයාව දැක්කම මගෙ හදවත ගැහෙනව ඒක අමුතුම ගැස්මක් ❤❤❤❤❤❤

  • @thiliniyashoda7601
    @thiliniyashoda7601 3 ปีที่แล้ว +3

    මං හරි වාසනාවන්තයි අකිල සර්ගෙන් ඉගෙන ගන්න පුළුවන් වුන නිසා .අකිල සර්ට දිර්ඝායුෂ ලැබේන්න ඕනේ

  • @slcyberpodda4783
    @slcyberpodda4783 3 ปีที่แล้ว +14

    මගේ හිතෙත් චිත්‍රයක් මැවිලා තියෙනවා , 😌ඒත් එයා තාම හම්බවෙලා නෑ😉

  • @kavindumihiranda985
    @kavindumihiranda985 3 ปีที่แล้ว +22

    මටත් එහෙම කෙනෙක් ඇති කියල හිතෙනව😳 එයාව මුලින් මුණගැහුනෙ අවුරුදු 10 දි පොඩි කාලෙ ඉදල යාලුවෙක් එයා ඊට පස්සෙ මොනව උනාද කොහෙ ගියාද දන්නෙ නෑ ආපහු අවුරුදු 6කට පස්සෙ කතා කරා🙁

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว +1

      Den ko eya?

    • @yashodharajayaneththi1528
      @yashodharajayaneththi1528 3 ปีที่แล้ว

      @@tiktoknawa5547 😂😂😂

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      @@yashodharajayaneththi1528 ඇයි හිනා?ඔයාගෙ කෙනා හම්බුනේ නැද්ද තාම?

    • @yashodharajayaneththi1528
      @yashodharajayaneththi1528 3 ปีที่แล้ว

      @@tiktoknawa5547 nh denma eph😊✋

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      @@yashodharajayaneththi1528 ඔයා වගේ අය ගොඩක් ඉන්නවා මංගල කිංකිනි ලිස්ට් එකේ 😂

  • @ishanshalinda4676
    @ishanshalinda4676 3 ปีที่แล้ว +2

    අම්මෝ සර්ර් ඒක ❤️ සර් වගේ අය අඩුයි නැති තරම් ලෝකේ කලාතුරකින් කෙනෙක්ට විතරයි මෙහෙම වීඩියෝ එකක කතාවකින් හදවතට කතා කරන්න පුලුවන් ❤️ විශිෂ්ටයි ❤️

  • @emalshajanandani1543
    @emalshajanandani1543 3 ปีที่แล้ว +23

    එහෙම ඒ තරම් දැනුණු කෙනා ජීවිතේට ඇවිත් ආයිම මිස් වුණා සර්,අවුරුදු 2ක් තිස්සේ එයා එනකම් අදටත් බලාගෙන ඉන්නවා,මොකද එයා තරම් දැනුණු කෙනෙක් තාම ලැබුණෙ නෑ,මම් දන්නවා ලැබෙන්නෙත් නෑ එයා තමයි මගේ හිතේ ඇදිලා ඉන්න චිත්‍රය 😖❤️

    • @yashodharajayaneththi1528
      @yashodharajayaneththi1528 3 ปีที่แล้ว

      Girls la hemoma bln in ekdh mndh krnne 😮😮 mnnm kiynne positive hithanna hemadema wen reason ek thynwa...ada kochara sad unath ekh une future oyge hodata ...ekh thamai eththa..ey positive bargnna..ethakota ok😍😍

  • @gurugemadushika7255
    @gurugemadushika7255 ปีที่แล้ว

    මමත් ආදරේ කලා එයාට ගොඩාක් කල් එයා වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටියා..එයා දැන් වෙන රටක ජිවත් වෙනවා වෙන කෙනෙක් එක්ක..ලෝකේ කොහේ හරි එයා සතුටින් ඇති..ඒකයි මගේ සතුට..

  • @devdunie
    @devdunie 3 ปีที่แล้ว +5

    ඇත්ත සර් ඇත්ත ආදරේ ඔහොම තමයි...මට හිතෙන විදියට මං වාසනාවන්තයි කියල හිතෙනව සර්ගේ කතාව අනුව😁

  • @kalanapriyaviranjana782
    @kalanapriyaviranjana782 3 ปีที่แล้ว +8

    මං bio කරන කෙනෙක්... හැබැයි sirගෙ වචන හදවතට ගහන්නේ මහා හයියෙන්... මං sirගෙ හැම video එකක්ම බැලුව, බලනව...
    මට නම් මගේ ආදරේ ලැබිල තියෙන්නෙ sir මේ කියන විදියට, හැබැයි එයාට?.... sir කියුව හරි, මේ ලෝකෙ මිනිස්සුන්ට තමන්ගෙ ආදරේ ලැබෙන්නේ බොහොම කලාතුරකින්....☺️❤️

    • @dulmigunasekara3063
      @dulmigunasekara3063 2 ปีที่แล้ว +1

      Bio krnwnm loveth krnwda

    • @DilharaKarunanayaka
      @DilharaKarunanayaka 3 หลายเดือนก่อน +1

      @@dulmigunasekara3063ඇයි බයෝ කරන වුන්ට තියෙන්නෙත් අනිත් වුන්ට තියෙන හෝමෝනම තමයි...🙁

  • @Aarya5945
    @Aarya5945 3 ปีที่แล้ว +4

    ඇත්තටම පේුම කරන්න, පේුමය අැතුලේ ජිවත් වෙන්න, වාසනාව ලබන මිනස්සු හරි අල්පයි. එක නිසා එක රැක ගන්න ඔින, හැබැයි පරිස්සමින්. 👌💝

  • @senukiaranya5454
    @senukiaranya5454 ปีที่แล้ว +2

    මගේ හස්බන්ඩ් කියන්නේ එයාට කලින් මං මැරෙන්න ඕන කියලා.එයාට බැරිලූ මාව තනි කරලා දාන්න.මං මොනා කරගනීද දන්නේ නෑලු. ඒ නිසා මං නැතුව එයා මැරෙනකම් විදෙව්වත් මං එයාට කලින් මැරෙනවනම් ඒක හොදයිලු.❤️ මාත් ආසා ඒම තමා 😍

  • @surangamaddumaarachchi7384
    @surangamaddumaarachchi7384 3 ปีที่แล้ว +9

    මේ සර් මට වඩා වයසින් බාල උනත් දැනුන දේ කියන්න ඕනනේ...
    අර්ට් වගේ විශයක් සින්දුවක් ගලපල මතක හිටින විදියට දැනෙන්න කියන එක හොද ටැලනට් එකක්... කියන දේ
    Practically වන තරම තම තමන්ට ගැලපෙන විදියට දැනේවි...
    කොහොම උනත් සාර්තක උත්සහයක්... සුබ පතනව හදවතින්ම රටට හොද සේවයක් කරන්න හැකි වෙන්න කියල..... 👍👍👍

  • @sheronlevin3524
    @sheronlevin3524 3 ปีที่แล้ว +2

    සර්ගෙ වචන ටිකනම් මාරයි සුපිරි සර් thank you sir

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +7

    අපූරූ සිංහල ගුරුවරයෙක්❤

  • @nethmisathsarani3206
    @nethmisathsarani3206 3 ปีที่แล้ว +5

    හැම වචනයක් ගානෙ ඇස්දෙකට කඳුළු පිරුනා 🥺🥺❤️

  • @nimalrathnayaka8387
    @nimalrathnayaka8387 3 ปีที่แล้ว +20

    මමත් ආසයි සර්ව හම්බෙන්න...

  • @shanuhewage9016
    @shanuhewage9016 3 ปีที่แล้ว +6

    හදවතට කතා කරන අපේ සර්..දීර්ගායුශ ලැබේවා සර්..සර්ගෙන් ඉගෙන ගන්න ආසාවක් තිබ්බට ඒ ආසාව කවදාවත් සෑබෑ වෙයි කියලා හිතුවෙ නෑ ..ඒත් සර්ගෙ ඔන්ලයින් ක්ලාස් එකට ආපු මුල් දවසෙම සින්හල අමාරු නෑ කියලා තේරුනා..😍

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 3 ปีที่แล้ว +2

    සර් හැමදේම දැක්කා වගේම කියනවා.ආදරෙයි සර් ට♥️

  • @සහිරුවිචින්තක
    @සහිරුවිචින්තක 3 ปีที่แล้ว +13

    අපේ සර්. ජය වේවා.. බුදුසරණයි

  • @jayahansaniweerasinghe9087
    @jayahansaniweerasinghe9087 2 ปีที่แล้ว +4

    ප්‍රේමයේ මිරිගුවට අහුවෙන එක ලස්සනයි 💙
    ඒ විදීම වචන වලට පෙරලන්න බෑ..💙
    අවන්කව ආදරය කරන්න,,💙
    💙ලබන්න ඒක හරි ලස්සනයි💙 හැබැයි පරිස්සමෙන් ❣️❣️

  • @r.kkuama6203
    @r.kkuama6203 3 ปีที่แล้ว +2

    මටත් මගේම කියල ආදරය කරන්න කෙනෙක් ඉන්නව ආදරය කියන්නේ මාර හැගීම්බර දේයක් ඇත්තටම ජිවිතයට අදරේ ඔනේ අදරේ කරන්න හරිම කෙනා ලැබෙන්න ඔනේ

  • @ммєє
    @ммєє 3 ปีที่แล้ว +7

    සර් මට නම් පිරිමි අය විශ්වාස නෑ .. තාත්ති විතරයි මට මේ ලොකේ විශ්වාස.. තව නාකි කෙනෙක් හම්බුනොත් මම නම් මහන වෙනවා. එයා සැඩොල් කුලේ උනාට උද්දාල නාකි නේ සර්..ඒ නිසා පිරිමි අය වෙනස් වෙනවා my first love brekup 😔💔

  • @tharusha027
    @tharusha027 3 ปีที่แล้ว +2

    හදවතට ම කතාකරන ගුරුවරයෙක් ... සුබ පතනවා සර් හදවතින්ම ... ❤️❤️❤️

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 3 ปีที่แล้ว +8

    මට ඔහොම දැනිලා වැඩියෙන් හොයලා බැලුවම බැදලා......අනේ මන්දා තාමත් විශ්වාස නෑ......😥💔😥

  • @dewminibandara4676
    @dewminibandara4676 3 ปีที่แล้ว +2

    සර්ගේ හැම වචෙනකින්ම අපේ සිංහල සර්ව මතක් වෙනවා සර් ඒ නිසා අපේ සර්ට වගේම අකිල සර්ටථ් ආදරෙයී

  • @nimeshamadhushani7690
    @nimeshamadhushani7690 3 ปีที่แล้ว +2

    ලන්කාවට වටින ගුරුවරයෙක් සර් ඔයා නම්...මන් ගොඩාක් ආදරේ ගුරුවරයෙක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chanithsenvidu5521
    @chanithsenvidu5521 3 ปีที่แล้ว +2

    සර් හිතේ තියන හැම දුකක්ම නැති වෙලා යනව සර් කතා කරනකොට ♦️🌹

  • @سلطانمحمدعبداللهالشامسي
    @سلطانمحمدعبداللهالشامسي 3 ปีที่แล้ว +2

    ජීවිතේම එයා කියලා හදවතට දැනුණු කෙනාට අවුරුදු හතක ආදරේ කළා. පැදුරටත් නොකියාම ගියා.

  • @badrasisi8996
    @badrasisi8996 3 ปีที่แล้ว +2

    අකිල සර් ඔබගේ ඔය කතාව 100% ඇත්තටම ඇත්ත ඔබ නම් නියමයි

  • @4uexplore
    @4uexplore 2 ปีที่แล้ว +2

    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙලි
    ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී

  • @ishanmilinda2683
    @ishanmilinda2683 3 ปีที่แล้ว +2

    මාත් සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් තරමේ වාසනාවන්තයෙක් උනා නම්❤️

  • @thihansabandara7703
    @thihansabandara7703 3 ปีที่แล้ว +11

    අනේ සර් ටෙලිපති ගැනත් කියල දෙන්නකො. තාම කවුරුත් කියල දුන්නෑ.😢

  • @JayaniDilsha-fp6ov
    @JayaniDilsha-fp6ov 5 หลายเดือนก่อน

    අවංක ආදරයක් හම්බුනත් සමාජයේ පවතින සමාජ තත්ත්වය බලපානවා.දෙමාපියෝ ඒ උස්පහත් තත්තවය හොයනවා.ගෙවල් වලින් අකැමැති උනත් තමන්ගේ ආදරෙත් එක්ක අත් නොහැර මරාගෙන මැරෙන්න හරි අල්ලන් ඉන්න හැම කෙනෙකුටම දෙමාපියන්ගේ ආශිර්වාදය එක්කම එකට ඉන්න වාසනාව ලැබේවා❤.🥰

  • @chathuproductions1989
    @chathuproductions1989 3 ปีที่แล้ว +41

    කමෙන්ට් එකක් දාන්න වචන එන්නෑ සර් අමුතුම හැඟීමක් එන්නෙ මට විතරද

    • @rohinirajapaksha403
      @rohinirajapaksha403 3 ปีที่แล้ว +1

      මට අවුරුදු 36 ඒත් සත්තකින්ම මට ආසයි සර් උගන්වන class එහෙක එක දවසක් ඉදගෙන අහන් ඉන්න ඒ තරමි වටිනව කියල දෙන දේවල් වටිනව

    • @niroshanikumari3808
      @niroshanikumari3808 3 ปีที่แล้ว

      Mona widihatada danne kiyala hithaganna ba thamai

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว

      සිරාවටම 🥺

  • @vihaswasala1236
    @vihaswasala1236 3 ปีที่แล้ว +5

    Sir ,අපි කාලයක් තිස්සේ ඇසුරු කරලා ඒක ආදරයකට පෙරලෙනකොට අපි එයා ගැන හොයලා බලනවා වෙන කාත් එක්ක හෝ ආදරය කරනවද කියලා .එහෙම ආදරය කරනවනම් එයා ගැන මම කාලයක් තිස්සේ තියන් ආපු විශ්වාසය කැඩෙනවා.හිත රිදෙනවා .සමහර වෙලාවට ඇඩෙනවා.එතකොට අපි මොනවද කරන්න ඕන.හිත හදා ගන්නේ කොහොමද කියන්නකො.

  • @indikaekanayaka1714
    @indikaekanayaka1714 3 ปีที่แล้ว +6

    හදවතටම දැනෙනව සර්ගෙ කතා.

  • @sulalithruwan6214
    @sulalithruwan6214 3 ปีที่แล้ว

    මම දැක්ක සුපිරි ඩෑල් එකක් මගේ වීරයා වෙයි වගේ මම උබට ඇබ්බැහි වෙලා කොලුවො ඉස්සර අය වගේ අනාගන්නෙ නැතුව ගමන යන්න සුභ පැතුම් ජය⁣ වේවා

  • @bhagyagimhani7709
    @bhagyagimhani7709 3 ปีที่แล้ว +25

    මට නම් තාම එහෙම කෙනෙක් හම්බෙලා නැහැ සර්

  • @pranamawickramasinghe8953
    @pranamawickramasinghe8953 2 ปีที่แล้ว +3

    එහෙම කෙනෙක් ඉන්නව අදටත් යෙහෙලියක් විදියට ❤️

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +1

    මටත් හිමි නොවුණත්, අත් නොහැර තියන ඉන්න ආදරේ යක්, තියනවා, ඔහුට කලින්ම මම මැරෙන ඕනි, නැත්තන් මම නොමැරී මැරෙයි අනේ 🥺

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +16

    මගේ ආදරෙත් අද මගේ ළඟ නෑ .ඒත් මැරෙනකම් හිතේ ඉන්නෙ එයා.ඒ තැන කාටවත් ගන්න බෑ.

    • @smile.......
      @smile....... 3 ปีที่แล้ว +1

      Oya wagema kenek oyatama hambei..charithe raka gena inna akke hamadaama...😌

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@smile....... ආදරේ කියන්නේ දුකක්.එහෙම හිතලා හිත හදාගෙන ඉන්නෙ.තැන්ක් යූ මල්ලි.

  • @madushanfonseka4314
    @madushanfonseka4314 3 ปีที่แล้ว +5

    හදවතට දැනුන ගුරුවරයෙක් ❤️

  • @nuwanthimadushanidelpagoda4651
    @nuwanthimadushanidelpagoda4651 3 ปีที่แล้ว +5

    ආයෙ ආයෙත් හිතෙන එකම දේ....
    ආයෙමත් ඒ කාලෙට ගිහින් උසස්පෙල කරන්න තිබ්බානම්.......

  • @Adithya_Jayarathna7.
    @Adithya_Jayarathna7. 3 ปีที่แล้ว +3

    සර් මන් සර්ගේ video එකක් දැක්කා. එකේ දාලා තිබ්බේ වෙන චැනල් එකක..එකේ තිබ්බේ ටික කාලයක් යද්දී අදරේ අඩු වෙන්නේ ඇයි කියලා..සර් ලොකේ කොහේහරි නැද්ද අවුරුදු 30ක් 40ක් ගියත් පලවේනි දවසේ වගේ අදරේ කරන මිනිස්සු සිර්ට ඒක කියන්න බැරි ඇයි...ඕය video එක බලන්නේ එහේම අදරේ අඩු උන අය නෙවේ..හොඳ ලස්සන අදරයක් තියන අය..සර් ඔතන අනාගත වාක්‍යයක් කියනවා වගේ..එහේම කිඋවාම උන් ඒ වාක්‍යය සත්‍ය වෙනකන් බලන් ඉන්නවා...ලාබාගත්ත අදරේ බලාගන්න උත්සහ කරන්නේ නැ...මිනිස්සු හිතන විදිය හරි ප්‍රාතමිකයි සර්....සමාජේට කතාකරද්දි හිතන්න ඕනේ සර....youtube කියන එකේන්න් මිනිස්සු ප්‍රශ්න වලට උත්තර හෝයනවා..මේකේ දේයක් තියනවා .....ඕනේම දේක පැති 2ක් තියවා අපි හොඳ පැත්ත ගැන වැඩිපුර හිතමු....

  • @nethmi172
    @nethmi172 2 ปีที่แล้ว

    හිත රිදෙන හැම වෙලාවෙම හිත හදාගන්නෙ සර් ගෙ video බලලා..😊 කවදාවත් දැකලා නැති උනත් කවදාවත් සර්ගෙ පන්ති ඇවිත් නැති උනත් you tube එකෙම් හරි දැකලා මේ වගේ ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනෙ මගේ වාසනාවකට කියලා මම හිතනවා 😊💖

  • @fungirl6094
    @fungirl6094 3 ปีที่แล้ว +6

    අනේ සර් ගොඩක් හොඳයි වීඩියෝ මම් ආසයි සර්ගෙ වීඩ්යෝ බලන්න😍

  • @dayanmaddumage8921
    @dayanmaddumage8921 3 ปีที่แล้ว +2

    අදරය කියන රාමුවෙන් පිට දේවල් ටිකකුත් අපිට විචාර දක්වන්න පුලුවන්නන් තව වටිනව.💓

  • @dushantharinda4323
    @dushantharinda4323 3 ปีที่แล้ว +7

    හිදීවි කොතනක හෝ
    හිමිකාරයා උපන් ඔබේ නමින්...

  • @skwijesinghe7856
    @skwijesinghe7856 5 หลายเดือนก่อน

    මම අද මේක බලන්නෙ 2024.05.19යමගෙ මහත්තය 2005.06.05 දින සිදු වූ හදිසි අනතුරකින් සුෂුම්නාවට සිදුවූ හානියක් නිසා ඉනෙන් පහල පණ නැති වී ගියා එදා සිට 2020.08.16 මෙලොවින් සමුගන්නා තුරු රෝද පුටුවෙ හිටියෙ අනතුර සිදුවූ දා සිට මිය යන තෙක්ම මූත්‍රා බට දාල හිටියෙ මල පහ පිටඋනේද, නොදැනීමමයි වසර 17ක් 18 ඒ තත්වනේ සිටියා මස මගේ හිතට විරුද්ධව මගෙ හිතට කීවේ මට වඩා එක දවසකට කලින් මහත්තා මෙලොවින් සමුගන්නා ලෙසයි(නොදැනී මල,මුතුා පිට වෙන කෙනෙකු සැමදා බලා ගැනීමට බිරිඳට හැර වෙන කෙනෙකුට අමරු නිසා)
    ඔහු මිය ගියපසු තමා මට අවසන් හුස්ම ගීතය මුලින්ම අහන්න ලැබුනේ තවත් දිනකට සෑසෙන වතාවක් එම ගීතය අහනව
    මුලින් මම මරෙන්න ප්‍රාර්ථනා කලත් පසව එය වෙනස් කලේ මම කලින් ගියොත් ඔහු දුක් විදී යන බය නිසයි
    ඔහට නිවන් සුව ලැබේවා!!!