නිල් මැණික් පාත්‍රයක වැඩ සිටින විශේෂිත ධාතුන් වහන්සේ/sacred relics of lord buddha/ damhiru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #dathuwandana #youtubesinhala #damhirutv
    නිල් මැණික් පාත්‍රයක වැඩ සිටින විශේෂිත ධාතුන් වහන්සේ ඔබත් නොපමාව දැකබලා වැඳපුදා ගන්න. බැති සිතින් ඔබ සිදු කරන වන්දනාව එම ආර්ය උත්තමයින් වහන්සේලා සඳහාම බව සිතීම තුළ ඔබටත් මෙම කුසල් ඒ ආකාරයෙන්ම හිමිවේ.
    අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් වසර පන්දහසක් මුළුල්ලෙහි ගොයුම් ගොත් බුදු සසුනෙන් පිහිට පිළිසරණ ලබන අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දැක වදාළ , මේ අප කෙරෙහි මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ශරීරය ඒකඝන නොවී ධාතූන් වහන්සේලා විසිර යන සේ පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩ හිඳ සර්වඥයන් වහන්සේ අදිටන් කොට වදාළ සේක්, “ධාතු පරිනිර්වාණය දක්වා ම සැදැහැවත්හු වැඳ පුදා පින් රැස් කරගෙන සුගති සැප නිවන් සැප සාක්ෂාත් කරගනිත්වා!” යන අනුකම්පා සහගත සිතුවිලි සමුදාය පෙරටු වීමෙනි.”
    එසේ අවශේෂ වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තුන්ලොව එකළු කරවමින් පූජා ලාභයෙන් සර්වඥයන් වහන්සේ හා සමව අද දක්වා ම නිරුපද්‍රිතව දිව්‍ය, බ්‍රහ්ම, නාග ලෝකයන්හි ද මේ මිනිස් ලොවෙහි ද සුවසේ වැඩ වෙසෙමින් විරාජමාන වන්නේ, බුදුවරයන් වහන්සේලා සිය දහස් ගණනක් ලෝක ධාතුව පුරා වැඩ වසන්නාක් මෙනි. එබැවින් අබැටක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේ නමක් යම් තැනක වැඩ වෙසෙත් ද, එතැන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන ස්ථානයක් සෙයින් පූජනීය වන්නේය.
    කල්ප කෝටි ලක්ෂ ගණන් පුරන ලද පාරමී පුණ්‍ය තේජානුභාවයෙන් උපන් නේක විධ විචිත්‍ර ලක්ෂණයන්ගෙන් අලංකෘත දේව විමානයක් බඳු සර්වඥයන් වහන්සේගේ විස්මිත ශ්‍රී බුද්ධ ශරීරයෙහි උපන් ශාරීරික ධාතුන් වහන්සේලා වැඳුම් පිදුම් කිරීමට සුදුසු හෙයින් ‘ශාරීරික චෛත්‍ය’ නාමයෙන් ත්‍රිවිධ චෛත්‍ය අතර අග්‍රස්ථානයෙහි වැජඹෙන සේක. ධාතූන් වහන්සේලා වන්දනා කිරීම අනුදැන වදාළේ අප භාග්‍යවතුන් වහන්සේ ම ය.
    “ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”
    (මහා පරිනිබ්බාන සූත්‍රය - දී. නි. 2)
    එබැවින් සර්වඥ ධාතූන් වහන්සේලා පින් කැමැත්තවුන්ගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය ද, සැප කැමැත්තවුන් හට සිතූ පැතූ සැප සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂය ද චින්තා මාණික්‍යය රත්නය ද භද්‍ර ඝටය ද වන සේක.
    “නයිමස්මිං ලෝකේ පරස්මිං වා පන
    බුද්ධේන සෙට්ඨෝ ව සමෝ ව විජ්ජති
    ආහුනෙය්‍ය තං පරමාහුතිං ගතෝ
    පුඤ්ඤත්ථිකානං විපුල ඵලේ ඨිතන්ති.”
    “මෙලොව හෝ පරලොව හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින් පල කැමැත්තවුන්හට, පුද පූජා පැවැත්විය යුතු උතුමන් අතර පරම පූජනීය භාවයට පැමිණි බුදුරජාණන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ වන සේක. බුදුරජුන් හා පූජනීය භාවයෙන් සම වූ කෙනෙක් නැත්තේම ය.”
    (මහාරථ විමාන - විමාන වත්ථුපාළි)
    මෙකරුණ නාගසේන මහ රහතන් වහන්සේ මිළින්ද ප්‍රශ්නයෙහිදී මෙසේ වදාළ සේක.
    “මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත්ව ධාතූන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද ශාස්තෘ තනතුරෙහි තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද ත්‍රිවිධ සම්පත් ඉපිදවීමට හේතුව වෙයි. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද හේතුකොට සැප කැමති අය සැප ලබා ගනිති….. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා, ඒ කුසල් බලයෙන් රාග ද්වේෂ මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.”
    (කරන ලද දෙය සඵල වීම ගැන ප්‍රශ්නය)
    යේ ච ඛෝ ථූප පූජාය - වත්තන්තේ අරහතෝ මහේ
    ආදීනවං පකාසෙන්ති - විවේචයථ නෝ තතෝ”
    “අරහත් සම්බුදු රජුන්ගේ චෛත්‍ය පිළිබඳව ධාතු පූජා උත්සව පවත්නා කල්හි යම් කෙනෙක් එයට නින්දා කරත් නම්, ඔවුන් බැහැර වන්නේ පිනෙන් බව දත යුතුය.”
    (ධාතු විවණ්ණක පේතවත්ථු - පේතවත්ථු පාළි)
    නිකෙලෙස් මහ රහතන් වහන්සේලා පවා ධාතූන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ ලෙස සලකාගෙන එය පිළිසරණ කොට වාසය කළ සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩ වස් වසා, වස් පවාරණය යෙදුණු ඉල් පුන් පොහෝ දින දෙවනපෑතිස් මහ රජුහට මෙලෙස වදාළ සේක.
    “මහරජ්ජුරුවෙනි, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදැක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගතවුණා. මෙහිදී උන්වහන්සේව පුදන්නට නැති නිසා අපි අනාථවාසයකිනුයි ඉන්නේ. දඹදිව යන්නටයි අදහස.”
    “ස්වාමීනී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව මට කලින් වදාළා නොවේද?”
    “එසේය මහරජ්ජුරුවෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බැහැ දැක්ක විට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක්කා සමානයි.”
    (ආහ ධාතුසු දිට්ඨේසු - දිට්ඨෝ හෝති ජිනෝ ඉති)
    (මහාවංශය, 17. ධාතු ආගමන පරිච්ඡේදය)
    ලෝක නාථ වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හි තාදී ගුණ ඇති ද්වීපදොaත්තමයාණන් වහන්සේගේ එක්‌ ධාතූන් වහන්සේ නමක්‌ මා විසින් ලබන ලදී.'' ''බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතූන් වහන්සේ රැගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට මෙන් පස්‌ වසක්‌ පූජා පැවැත්වීමි.
    'මෙයින් සිවු අනූ වැනි කපෙහි වූ එකල්හි යම් ධාතු පූජාවක්‌ කළෙම්ද, දුගතියක්‌ නොදනිමි. ධාතූන් වහන්සේට පූජා පැවැත්වීමෙහි විපාකයයි.
    සිව්පිළිසිඹියාද, අෂ්ට විමෝක්‌ෂද, ෂඩභිඥ ද සාක්‌ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.''
    මේ අයුරින් ආයුෂ්මත් ධාතුපූජක ස්‌ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළ සේක.
    (අපදානපාළි - ධාතු පූජක ථෙරාපාදානයෙනි.)
    ඔබත් මෙය ඔබගේ හිතමිතුරන්ටත් බැලීම සඳහා share කර මෙම උතුම් කුසලයේ කොටස්කරුවකු වන්න.
    මෙවැනි උතුම් විඩියෝ නැවත නැවතත් ඔබ වෙත සමීප කර ගැනීම උදෙසා මෙම චැනලය subscribe කරන්න
    සම්මා සම්බුදු සරණයි....
    #dathunwahanse

ความคิดเห็น • 34

  • @VihagaIduwara-j9s
    @VihagaIduwara-j9s ปีที่แล้ว

    උත්තම දතුන් වහන්සේලට මාගේ නමස්කාරය වේවා....සාදු .....සාදු .....සාදු .

  • @thivankawanigasekara6462
    @thivankawanigasekara6462 ปีที่แล้ว +1

    🌷🌺 🙏🏻🙏🏻🙏🏻🙏🏻 නිවන් සුව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🌺🌷

  • @samanaliran9510
    @samanaliran9510 2 ปีที่แล้ว +5

    ඒ උතුම් වු ධාතුන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @amalishantha4161
    @amalishantha4161 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .......!!! සාදු .සාදු .සාදු .........!!!

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chamindasuraweera9780
    @chamindasuraweera9780 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු !...

  • @chandaniweerakoon2328
    @chandaniweerakoon2328 ปีที่แล้ว +1

    Saadu saadu saadu mage namaskaraya wewa

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +2

    බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලාගේ උත්තම ධාතූන් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!🙏🌸🌼💓💐💞

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว

    Sadhu sadhu sadhu namskarakrami namskarawewa...🙏🙏🙏💮💮💮💮💮💮💮

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +3

    best video
    දැක බලා ගැනීමට ඉතා වටිනා දෙයක්මයි මෙය0
    ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට නමස්කාර වේවා...

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    Sadu ...sadu ..sadu namo buddhaya 🙏🙏🙏🙏🙏sadu 🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara9569 ปีที่แล้ว +1

    Sadu sadu💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vimukthimadushan8978
    @vimukthimadushan8978 ปีที่แล้ว

    බුදු සරණයි

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 2 ปีที่แล้ว +2

    ඒ අති උතුම් මාගේ උතුම් රහතුන් වහන්සේලාගේ උතුම් දාතුන් වහන්සේලට මාගේ උතුම් නමස්කාරය වේවා !!!!සාදු !!!!සාදු !!!!සාදු !!!!

  • @nuwanharsana5763
    @nuwanharsana5763 2 ปีที่แล้ว +1

    🙏🙏☸️☸️🙏🙏

  • @rupikafernando699
    @rupikafernando699 2 ปีที่แล้ว +1

    Sadu! Sadu!! Sadu!!!🌺🌻🌼🌸🌹🌷

  • @nisanthaatapattu9105
    @nisanthaatapattu9105 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @palitharanaweera7676
    @palitharanaweera7676 ปีที่แล้ว

    Sadu... Sadu. ...Sadu....!!!

  • @lakshminithilakasiri7219
    @lakshminithilakasiri7219 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lahirulakshan9576
    @lahirulakshan9576 2 ปีที่แล้ว +1

    🙏

  • @hopeforlife4260
    @hopeforlife4260 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @tvgood3656
    @tvgood3656 2 ปีที่แล้ว +3

    sadu sadu sadu
    saddu

  • @vidurakeshan272
    @vidurakeshan272 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sandusandaruwan3777
    @sandusandaruwan3777 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว

    🙏🙏🙏

  • @samanpradieepsuranga3735
    @samanpradieepsuranga3735 ปีที่แล้ว

    🙏🙏🙏