ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to Create Root Over Rock Bonsai? ගලක් මත බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? Shehan Agro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2021
  • මෙම විඩියෝව මගින් ගලක් මත බොන්සායි ගසක් නිර්මාණය කිරිම පිළිබඳ ඔබට අදහසක් ලබා ගැනීමට හැකි වේ. මේ ආකාරයට නුග වර්ගයේ ශාක නිර්මාණය කිරිමට පහසු අතර අලංකාර බොන්සායි නිර්මාණයක් සාදා ගැනීමට හැකි වේ.
    How to Create Root Over Rock Bonsai?
    ගලක් මත බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?
    Shehan Agro නාලිකාව මගින් බොන්සායි කලාව පිළිබඳ ,කාබනික පොහොර නිෂ්පාදන,ඔසු ශාක පිළිබඳ ඔබට නිසැකව දැනුම ගෙන ඒමට ඉදිරියටත් බලාපොරොත්තු වෙමු.ඔබට මෙමගින් නිවසේදීම බොන්සායි ශාකයක් සාදාගැනීමට හැකි වනු ඇත.
    මේ කලාවේදී ගසක නිර්මාණාත්මක බව හා අලංකාරය සම්පූර්ණයෙන්ම වාගේ රදාපවතින්නෙ ගසේ පැරණි පෙනුමත් කලාත්මක බවත් මතය.
    .
    ගසක් පොලොවෙන් ගලවා ගැනීමට තීරණය කිරීමේදී මුලිකව බොන්සායි කලාවට අනුගත රීති කෙරහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
    පත්‍රවල ප්‍රමාණාත්මක බව
    අතු බෙදීයාමේ ක්‍රමවත් බව
    සහ නැවත රෝපණය කලහැකි බවට
    තහවුරැ කරගැනීම ( බොන්සායි යනු පරිසරය වනසමින් ගස් නිකරැණේ විනාශකිරීමට උදවුකරන කලාවක් නොවේ)
    වැනි කරැණු කෙරෙහි අවධානය මුලින් යොමු කළ යුතු වෙයි.
    💚
    ගලවා පොලොවෙන් ඉවත් කර ගැනීමට යොජිත ගස බොන්සායි හැඩ තල වඩාත් මතු කරන්නක් හා හැදුණු ස්ථානයේම පැරණි ස්වරැපයෙන් පරණ වුණු ගසක් නම් අමතර වාසියක් හා නිර්මාණය කෙරෙහි අප උද්යෝගිමත් කරන සුලු වෙයි.
    💚
    ගසක් පොලොවෙන් ගලවා ගැනීමට
    තීරණය කළ පසු එය කළ හැකි ක්‍රම කීපයකි.
    🌲සම්පූර්ණයෙන් ගස ගලවා අනවශ්‍ය ⁣මුල් කපා දමා පැලය සිටුවීම
    ගසේ සිට අඩියකට ආසන්න ප්‍රමාණයකින් වටේ පස් ගැඹුරට හාරා ඉවත් කරමින් මතුවන මුල් කපා උඩ පස් තට්ටුව සමග පැලය ඉවත් කර ගැනීම. මෙය මධ්‍යම ප්‍රමාණයේ ගස් සදහා වඩාත් සුදුසු වන අතර කදේ හරස් දිග (ලවය) අගලට වඩා වැඩි ගස් සදහා මේ ක්‍රමය වඩාත් සුදුසු වෙයි.
    මෙසේ ආරක්ෂිතව ගලවාගත් පැලය නැවත බදුනක හෝ පොලොවේම සිටූවීමට නිදහස ලැබේ.
    එහිදී කරැණු කීපයක්වෙත අවධානය යොමු කිරීම සුදුසුය.
    සෑම විටම පත්‍ර අවමයක් ඉතිරිවන පරිදි ගසේ කොළ සියල්ල ඉවත් කිරීම.
    අනාගතයේ තමන් අපේක්ෂාකරන බොන්සායි රෑපකාරය ගැන අදසක් ඇතිකරගෙන අනවශ්‍ය අතු සම්පූර්ණයෙන් ඉවත් කිරීම.
    ප්‍රමාණයෙන් වැඩි ගස් භාවිත කිරීමේ දී විධි (Formal Upright) හා විධිමත් (Informal Upright) රෑපාකාරයන් ඉලක්ක
    කරන්නේ නම් විශේෂයෙන් ගසෙහි විශාලව වැඩුණු අතු ඒ වෙනුවෙන් තබා නොගෙන ප්‍රමාණයෙන් කුඩා අතු පමණක් ඉතිරිව සේ අතු කප්පාදු කිරීම ( පසුව නිර්මාණයේ අතු සකසා ගැනීමේදී ඉතිරි කරන විශාල අතු කැබලි නිර්මාණයේ අලංකාරයට බොහෝ විට බාධාවක් විය හැකය.)
    අතු ඉවත්කිරීමේ දී ඉතිරිවන කඩතොලුවලන් දිලීර හෝ හානිකරන බැක්ටීරියා ගසට ඇතුලුවීම වැලැක්වීම සදහා ක්ලේ හෝ තීන්ත වර්ගවලින් ඒ ස්ථාන ආවරණය කිරීම.
    මෙසේ සූදානම් කළ ගස බැක්ටීරියා දිලීර නාශක ගුණය ඇති නිර්දේශිත රසායන මිශ්‍ර ජලයක නියමිත කාලයක බස්සවා තැබීම ගසේ ආරක්ෂාවට සුදුසුය.
    💚සූදානම් කරගත් ගස රෝපණය කිරීමට ක්‍රම දෙකක් භාවිත කළ හැකි වෙයි.
    යම් දැල් හෝ හිල් යම් ප්‍රමාණයක් සහිත බදුනක් තොරාගෙන මුලික මිශ්‍රණය (මිශ්‍රණය ගැන අදහස් පසුවට දක්වමු) යොදා එහි රෝපණය කොට පසුව පොලොවේ වලක් කපා රෝපණය කළ හැකිය. මේ ක්‍රමයම යටින් යම් ටයිල් හෝ සීට් කැබැල්ලක් තබා පොලොවේම රෝපණය කළ හැකිය. මේ ක්‍රම දෙකේම ඇති වාසිය වන්නේ ගස හොදින් හා ඉක්මනින් වර්ධනය වීමත් ගලවා ගැනීමේ දී බදුනෙන් හෝ යට ආවරණයෙන් ඉවතට ගියමුල් කපා නැවත පහසුවෙන් බදුනකට ගැනීමට හැකිවීමත්ය.
    🌲තරමක් විශාල බදුනක් තුළ රෝපණය කිරීම දෙවන ක්‍රමයයි. එහිදී ගසේ වර්ධනයට කාලයක් උපකාරවන ගසට ගැලපෙන බදුනක් තෝරා ගැනීම වැදගත්ය. වතුර හොදින් බැස යාමද බොහෝ වැදගත් වනු ඇත.
    💚 ගස රෝපණ කිරීමට භාවිත කරන මිශ්‍රණය විවිධ ගස්වලට අනුව වෙනස්ව භාවිත කළ හැකිය. පොදුවේ ඒ මිශ්‍රණයට කොම්පොස් බහුල කිරීම නුසුදුසුය.
    පොල්ලෙලි වැනි හානිකර දිලීරවලට උදවුවන දෑ එක් කිරීමෙන් වැලකීම සුදුසුය.
    වැලි සහ මතුපිට පිරිසිදු පස් ජීවානුහරණය කළ කො⁣හුබත් ( 'කොකෝ ප්ලස්' වඩාත් සුදුසුය) වැනි දේ සම ප්‍රමාණවලින් හා කොම්පොස් සුලු ප්‍රමාණයකින් මේ මිශ්‍රණය සකසා ගැනීම සුදුසුය අත්දැකීම් අනුව මේ මිශ්‍රණය වෙනස් කරගැනීමට හැකිය.
    💚 බොහෝ විට පැරණි ගස් නැවත රෝපණයේදී අප ගසට වැඩෙන්නට උපරිම පරිසරය සකසා දීම බොහෝ වැදගත්ය.
    බදුනක හෝ බිමක රෝපණය කළත් පැලය ප්‍රොපගේට් ක්‍රමයට ආරක්ෂා කිරීම සුදුසුය. ඇතැම් වට වර්ෂාව පරිසර උෂ්ණත්ව වැනි කරැණු හේතුවෙන් මේ ක්‍රමය රහිතවද ගසක් දලුදා වැඩෙයි. අවදානම ගැනීම අත්දැකීමෙන් සුදුසුය. ප්‍රොපර්ගේට් ක්‍රමය වඩාත් ප්‍රවීණයන් නිර්දේශ කරනු පෙනේ.
    හොදින් බාහිර වාතය නොයන පරිදි පැලය විනිවිද පෙනෙන ඉටි කවරයකින් ආවරණය කිරීම මේ ක්‍රමයයි. පොලොවේ නම් පැලය රෝපණය කල පසු ගසට තරමක් ආසන්නයෙන් පස් ඉවත් කොට ඉටිකොලය දමා උඩින් පස් දමා සීල් කල හැකිය.
    බදුනක නම් ඉටි කොලය බදුනේ යට දාරය පමණට බස්සවා හොදින් පටියකින් ගැට ගැසිය හැකිය.
    දවස් 21 වැඩි කාලයකින් ඔබට ඔබගේ උත්සහය මල්පල ගැන්වී තිබෙනු දැකිය හැකිය. එවිට එකවිටම පැලය බාහිර පරිසරයට නිරවරණය නොකොට කෙමෙන් පරිසරයට හුරැ කිරීමට අවධානය යොමු කිරීමද මෙහිදී වැදගත් වන බව සිහි තබාගැනීම වැදගත්ය.
    ඉවසී⁣මෙන් හා නිසි ක්‍රමවේදයන් භාවිතයෙන් උත්සහයෙන් සාර්ථක නිර්මාණයන් බිහිකිරීමට සියලු ආධුනිකයන්ට අවස්ථාව උදා වේවා.
    🌲සොබාදහමට බොන්සායි කලාවට ආදරය කරන සොබා මිතුරන් සදහා ❤️
    #bonsai#සිංහල#srilanka#shehanagro
    / @shehanagro9640
    යම් ගැටලුවක් ඇතොත් විමසන්න.😁
    බොන්සායි සදහා සුදුසු ශාක 👇
    • #bonsai#srilanka#sheha...
    කාබනික දියර පොහොරක් 👇
    • අස්වැන්න දෙගුණ කරන කාබ...
    බොන්සායි ගහක් නැවත බදුන් ගත කරමු 👇
    • How to repot your bons...
    බොන්සායි ගසක කඳ මහත් කර ගනිමු.👇
    • කඳ මහත බොන්සායි ගසක් ප...

ความคิดเห็น • 25

  • @niluksart...8489
    @niluksart...8489 2 ปีที่แล้ว +1

    Thanks for sharing your knowledge

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක් අයියේ ❤❤❤❤

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ ❤️

  • @avishkamalan302
    @avishkamalan302 2 ปีที่แล้ว +1

    pahdili karna vidiyata krna hithenwa. niyama phadili kereemak supiri

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashi2090
    @shashi2090 2 ปีที่แล้ว +2

    දිගටම වීඩියෝ කරන්න අයියේ.. 👍

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ස්තූතියි !

  • @slmixentertainment5911
    @slmixentertainment5911 2 ปีที่แล้ว +1

    Nice video

  • @dihansadinuwara4693
    @dihansadinuwara4693 2 ปีที่แล้ว +1

    mara wedak bro

  • @roshankarunathilaka2157
    @roshankarunathilaka2157 2 ปีที่แล้ว +1

    ගැම්මක් බ්‍රෝ ❤️❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️❤️

  • @bandara0718859
    @bandara0718859 2 ปีที่แล้ว +1

    Good

  • @kevin-bo3di
    @kevin-bo3di 2 ปีที่แล้ว +1

    Patta

  • @sadaruwanchinthaka4575
    @sadaruwanchinthaka4575 2 ปีที่แล้ว +2

    Watinwa

  • @e-money9460
    @e-money9460 2 ปีที่แล้ว +1

    Welldone Machan ❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️❤️

  • @dewinchandula3332
    @dewinchandula3332 2 ปีที่แล้ว +1

    එක 👌 👌😍

  • @tharindumaduranga6106
    @tharindumaduranga6106 2 ปีที่แล้ว +1

    Niymi❤

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️

  • @sahanamunupura5772
    @sahanamunupura5772 2 ปีที่แล้ว +1

    Good job mlli❤️

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ

  • @feedhub3164
    @feedhub3164 2 ปีที่แล้ว +1

    Supiriyak Bocca..❤😁😘

    • @shehanagro9640
      @shehanagro9640  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ❤️