8 more days for my ALs Econ paper! Came here while studying just to make sure that my Japura dream won't go in vain! Its worth of every hard work, each sleepless night! I'll come back here again if i ever achieved my dream! ආදරණීය ජපුර, ආදරේ මල් බලන්න මටත් පුළුවන් වෙයි නේද?
මම colombo university .මේ ජ'පුර නේද ❤ ලංකාවේ ආසම university තුන colombo ,japura ,pera හීන දැක්කෙ මේ university එකකට යන්න කවදාහරි.Finally, I chose Colombo University.Much love, dear Japura.I feel like your voice is magical.A different inspiration comes from this voice.I love it.❤️ Lyrics පුදුම තරම් ලස්සනයි
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා ❤️🌟
Agreed ❤
Eth eya peradeniya t oni.
🤍
🥺♥️
*ප්‍රේමණීයම... 🙂❤
මන් හිතන්නෙ දෙරණින් බිහි කරපු අමරණීයම තරුව "සුනීර සුමංග" ♥️🥺
ඇත්ත❤
100 % aththa
❤❤
AL exam එකට දවස් 17 ක් තියන් පාන්දර 1.29 ට මේක අහන මං. ඉතින් මගෙ ජපුර හීනෙ, ඔය අහසෙත් නැගෙන හිරු බලන්න මං එනවමයි. එදාට මේක Notification එකක් විදිහට ඒවි.....❤
ජයවේවා!❤
Congratulations ❤❤❤🎉
හමුවෙමු ❤❤
මාත් පාඩම් කරන ගමන් අහන්න ඔනෙ කියලා හිතිලා ආවෙ වෙලාව 1.15❤✨ 8 days more
ජිවීතේ ජීවත් කල ජිවීතයේ අරුත කියා දුන් සිව් වසරක සරසවි දිවිය තව මසකින් 50 වන උපාධි උත්සවය සමඟින් නිමාවට පත්වෙනවා. සරසවි දිවිය, බෝඩිම් ජීවිතය, විජේරාම, පිරිවෙන හන්දිය, මහරගම, නාවින්න, දෙල්කඳ, නුගේගොඩ බස් හෝල්ට් සදා මතකයේ රැදේවී. ගෙදර නිසා සරසවියේ එක්කර ගන්නට තිබු ඇතැම් සුන්දර මතක මඟහැරුන ද ලබා ගත් දැනුම, අත්දැකීම් මා සමඟ තියේවී. ඒක පාර්ශ්වික ආදර කතා, ක්‍රශ් අපිත් සමඟ පවතිවී. ජපුර කසය, ඇහැල වල, බශා, සුමංගලය, සයන්ස් ඔඩිය, එකී නොකී හැම තැනකම 'ආදරේ මල්' සුනීර හඬින් ගැයේවී. අපි ජපුරෙන් වෙන්වී ගියත් අපේ සහෝදර සහෝදරියන් එය සජිවීව රස විඳිවී.
Mother Japura ❤ Forever grateful❤
පේරාදෙණියේ ,කොළඹ,රුහුණේ, ජ'පුරේ ආදර කතා වගේම කැලණි කන්දෙ ආදර කතාවකුත් ඔය හඬින් අහන්න බලාගෙන ඉන්නවා.... ❤️
සරුංගලේ කියලා පරණ සිංදුවක් කිව්වා ඒක හරි ලස්සනයි cover එකක් හරි කරන්න
Aniva
th-cam.com/video/YXG8WWH0Ztc/w-d-xo.htmlsi=uU2LoEP1hvU84_yR
th-cam.com/video/YXG8WWH0Ztc/w-d-xo.htmlsi=tfK8yv5k3YsIcsJO
❤
2024 A/L වලට තව දවස් 50
කොහොමහරි ජ'පුරට එනවමයි 🥺💕
පාඩම් කරන්න කම්මැලි හිතුනම අහන්නෙම කැම්පස් සින්දු 👀💕
Siraavatama campas yanna motivation ekak me sinduva
Mth😢
තව දවස් 9යි..💀
ගිය අවුරුද්දේ ජ්පුරේ කවි cafe එක දවසේ අයියා ආපු වෙලාවේ මම අයියා ලගට ඇවිල්ලා කිව්වා "අයියේ ජපුර ගැනත් සිංදුවක් කියන්නකෝ"කියලා එදා අයියා හරි ලස්සනට මාත් එක්ක හිනාවෙලා "නංගි ලගදිම සිංදුවක් කියනවා මං"කිව්වා.අයියා එදා කිව්ව විදිහටම ඒ දේ කලා."සන්තාන සුසුම්" සිංදුව මං තාමත් මොන වැඩ තිබ්බත් හැමදාම අහන්නේ පිස්සෙක් වගේ.ජපුරෙ අපි වෙනුවෙන් කරපු මේ සිංදුව තනිකර ඇබ්බැහියක් අයියේ.ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හිත නිවන ඉසිවර වෙදැදුරු ඔයයි අයියෙ...ඔයාගේ හඩ තනිකරම අපිට භාවනාවක් අයියේ.❤️❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි වෙන දෙයක් කියන්න වචන මදි වගේ
මන් පාඩම් කරන්න එකම හේතුව මෙ campus සින්දු ටික ..මේ ටික අහද්දි මන් campus යන්ඩ ඕනිමයි කියල හිතෙනව ....මගෙ හිනේත් ජපුර tech facalty එක ...❤❤❤
ගොඩක් උන්ට උසස් අධ්‍යාපනය හීනයක් වෙන එකම රට ලංකාව. ඔහොම යමන්. එතකොට උබලගේ දරුවොත් ඔහොම කියයි 🤣🤣🤣
Jayawewa malli...😇
@@barneycasting8331ඔයා ඕලෙවල් ෆේල් වෙච්ච කෙනෙක් නේද 😂😂😂
❤❤
2017 ජපුරේ ගිහින් ඒ අවුරුද්දෙම ආදර කතාවක් පටන් අරගෙන දැන් අවුරුදු 8 ට කිට්ටුයි. ඒ ආදරේ බැඳලා මාස 9යි. ඉතින් අපි දෙන්නම පරණ මතක අවුස්සන ගමන් මේ සිංදුව අහනවා. ඒව හරි සුන්දරයි. 🥰
මේ සිංදුව අද අහන දවස අපේ 3 වෙනි wedding anniversary eka.ජපුරෙදි හමූවුනු අපිට මේ සින්දුව ඒ කාලෙට ආපහු අපිව අරගෙන ගියා.❤
සරසවියකට නොගිය මට සමහර ගායනා සරසවි ය හරි අපුරුවට කියලා දුන්න ❤❤
Matath..❤
මටත් 🥺🤍
❤
Exam එක අත ලගම තියාන මේ වගේ සින්දුවක් ඇහෙනකොට කෝම නෑවිදින් ඉන්නද ජපුර අම්මේ.. ❤ ආදරෙයි කොහොම හරි එනවමයි..❤️❤️ 2024 A/L
@@vihaganimsara5922 එල සහෝ උබට යන්න පුළුවන් Good luck♥️
අනිවාරෙං එන්න ❤
My dream too❤
පෙරේ ජිම් එකේ සන්තාන සුසුම් සුනීරගේ හඬින් අහනවා වගේ දැන් අපේ බශා එකේ ආදරේ මල් අහන්න පුළුවන් ......... ❤❤
උගත් කලා ලැදි,සංවේදී සිත් ඇති සහෘදයින්ගෙ කමන්ට් කියවන සරසවි නොදුටු මං 💜️💛
2024 A Level Commerce වලින් කරන්න දින 72 ක් තියාගෙන දකුණු ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණය පීඨය ජපුරට යන්න ආසවෙන් ඉදන් මේක අහන මන් 💗💐
මාත්😢❤
ඔයාට පුලුවන් 🥰💗
ඔයාට පුලුවන්...Wish you all the best❤
All the best nanga🎉 Warmly welcome❤
All the best
2024 a/l තව දවස් 68කින් ලියන්න ඕනි...🥺💗 commerce කරන හැමකෙනෙක්ම ආසාවෙන් යන්න බලන් ඉන්න විශ්වවිද්‍යාලය 🥺💗 මාත් හරි ආසයි....💗
සරසවිය කියන හීනේ හීනයක්ම උනාට මට ,,,, ඒ ආදර කතා ගොතන හැම ලස්සන හදවතකටම ප්‍රේමයේ මල් වැසි දිනක වහිනවාමයි ..ඉතින් ඒ හැගීම මටත් දැන්වූවාට ස්තූතියි...❤
8 more days for my ALs Econ paper! Came here while studying just to make sure that my Japura dream won't go in vain! Its worth of every hard work, each sleepless night!
I'll come back here again if i ever achieved my dream!
ආදරණීය ජපුර, ආදරේ මල් බලන්න මටත් පුළුවන් වෙයි නේද?
Me too❤we can💪
සරසවි පෙම් බිම් වල කතාවල අමරණීය හඩ. ඒ සොදුරු මතක සටහන් වලට පණ පොවන කෝකිලයෙකි ඔබ..... ❤❤❤❤
මේ මනුස්සයගෙ සින්දු අහන්නෙ හරිම ආසාවෙන්
සන්තාන සුසුම් , නෙලා ගැනුමට ඒ අතරින් විශේෂයි, මේ වගෙ හිත නිවන Classic voice එකක් වෙන කාගෙන්වත් අහලා නෑ ♥️
ජපුරෙදි හම්බෙලා අපි අපේම වෙලා මේක අහන අපි...!!❤
මේ සිංදුව අහන පලවෙනි වතාව
මොක්ක්දෝ අමූතු හිරිවැටීමක් එක්ක ඇස් දෙකට කදුලු ආවා.විබාගෙට තව දවස් 39යි.හැමෝගෙම ආස කැම්පස් එකට හැමෝටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ආයෙ අවුරුදු දෙකකින් මේ කමෙන්ට් එක ආයෙ දකිනකොට මන් ජපුර ශිෂ්‍යයෙක් වෙලා ඉන්න ඕන.!❤
( මම stress වෙන හැම වෙලාවකම අහන්න කැමතිම හඩක් මේ.)
ඒ හඬ හදවතටම කතා කරන්නේ මතක ගොන්නකට මුල පුරාගෙන.
ඉදින් තනි රැයට එකතු කරන කදුලු ...
මේ ගීත පුරාම ජීවත් වන විදිය කියයි ඇසුවොත් අපූරුවට
කෙනෙක්කුගේ ජීවිතයට වචන වලින් සඟවා දෙන සැනසීම
වචනයක් ගෙන පැහැදීමට මදි මේ නිමේෂය.
"Suneera sumanga" වෙනස්ම විදියේ ඇබ්බැහිවීමක්❤️
මගෙ ආදරණීය ජපුර🥺🥺❤️ජපුර කියන්නෙම ප්‍රේමයක් ඇත්තටම.මේ විදියට ලස්සනට පදවැල් ගෙතුවෙ අපෙ නර්සින් සීනියර් Anjula අයිය. Uniform එකකට කොටු වෙලා මුළු දවසෙන් භාගයක්ම රෝගීන්ව සුවපත් කරන්න දගලන male නර්ස් කෙනෙක් ඇතුලෙ කොහොමද මෙච්චර ලස්සන කවියෙක් ඉන්නෙ .🥺❤️ඇත්තටම ආඩම්බරයි අයියෙ .සුනීර අයියා Dream star එදා ඉදන් මම ඔයාගෙ මාරම රසිකයෙක් මෙ පදවැල් මේ තරම් දැණුනෙ ඔයාගෙ කටහඩ නිසා .ජපුර මතක පොතට මෙ එකතු කරපු ලස්සන මතකය අපි ආදරයෙන් වැලද ගත්ත.ගොඩක් ස්තූතියි ඔයට.ජපුර AHS fac එකටම ආඩම්බරයි Nursing අපි වගෙම කැම්පස් එකෙ හැම ළමයෙක්ම ඔයාල හැමෝටම ආදරෙයි.ඉදිරි ගමනට සුබ පැතුම් අයියෙ🥺❤️
මම ජපුරෙන් ඇවිත් දැන් අවුරුදු 20ක්. කියාගන්න බැරී හැහීමක් එක්ක හිත නවතිනවා..දෙවෙනි අම්මාට ආදරෙයි ...ජපුර පිං බිම💜💜💜❤️❤️❤️❤️❤️💖💖💖💖💕💕💕
ජපුර කියන්නේ දෙවෙනි අම්ම 💜️ කසේ, විජේරාමේ, සුමන්ගලේ, ගල්පිට්ටනිය, මල්පාර 😢 ස්තූති සුනිර අයියේ ඒ මතක ආයෙත් මතක් කලාට..❤
Derana dream star වේදිකාවෙන් බිහිවුණු විශිෂ්ඨතම ගායකයා විදියට මං දකින්නේ සුනීර සුමංග...dream star තරගයේ ඉන්න කාලේ ඉදලා ආසම කටහඩක් ❤️🥺 ඒ වගෙම ඔබේ හැම ගීතයක් ම වෙනම vibe එකක්❤🤗 ගීත අර්ථ රසයෙන්,ශබ්ද රසයෙන් විතරක් නෙවෙයි music video එකෙන් පවා හිත් නිවන්න ඔබ සමත් වෙනවා... දැන් තියෙන සින්දුත් එක්ක බලද්දී මේවා වෙනම level එකක්... ඉතින් ඉදිරියටත් මේ quality එක තියාගන්න...ජය වේවා ඔබට ❤️🥺👏
සමහර ගායකයෝ ඉන්නවා සිංදුව අහන්න කලින්ම ඇගේ හිරිගඩු පිපෙන 🥺❤️
අද ඉදන් මේ සින්දුව තමයි මගේ ආසම සින්දුව ......එක හේතුවක් තමයි මමත් ඉන්නෙ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ....අනික තමයි මේ සින්දුව කියන්නෙ මගේ ආසම ගායකයා .....❤❤❤❤❤❤❤❤❤මමත් කිහිප වතාවක් ම ඉල්ලීම් කරලා තියනව අපේ කැම්පස් එකටත් සින්දුවක් ඕනි කියලා
..ඉක්මනට සින්දුව දුන්නට ස්තූතී අයියේ.....❤❤❤❤ ළඟදිම මේ සින්දුව බශා එකේදි අහමු නේද ❤❤❤❤❤❤සින්දුව මාරම ලස්සනයි හිතට දැනෙනව ගොඩාක් ❤❤❤❤❤...
මන් පේරා කැම්පස් මගේ අක්කයි පොඩි නන්ගි කොළඹ කැම්පස් ලොකු නන්ගි ජපුර ...ඉතිම් සුනීරගේ මේ සින්දු වලින් අපි අපේම කැම්පස් හරි ලස්සනට විදිනව..addicted ❤🎉
❤️
❣️❣️😘
හීන අතුරා ගියපු මාවත් තාම ඉඳහිට දකිනවා
මටත් නොදැනිම හදවතේ මැද සුසුම් බර කරනවා
විජේරාමේ ආදරේ මල් පිපෙන බව මම දන්නවා
ඒත් කුමකට දැනුනු මල අද වෙනත් කෙනෙකුන් ඉඹිනවා
පලමු වසරේ පිපුනු මල් පෙති ලබන වසරේ මියෙනවා
නැවත කිසිදා මල් පිපෙන්නට නොදී හදවත් වහනවා
මතක ගුලි කර දමා යන්නට මහවැලිය නැත දන්නවා
ඉතින් හැමදා මල්පාර ළඟ පපුව හයියෙන් ගැහෙනවා
කතර හැඩ කර පිපුනමුත් තුරු හිත අස්සෙ ගිනි ගන්නවා
එකම සැරයක් එයත් එක්කල ඉන්න හිත ලොබ බඳිනවා
ඒත් අතු අග සුපිපි කුසුමක් නෙලන්නට බෑ දන්නවා
කොපමනක් මල් පිපුනමුත් මෙහි දැනුනු මල් මඟ ඇරෙනවා
රුවිනි පැහැසරා.✍️
ජපුර තාක්ෂණ අංශය...
තෙවන වසර.
ඔබේ ගීතයක් එනකන් බලන් හිටිය ජපුර වෙනුවෙන්. හරිම සතුටුයි අපි වෙනුවෙන් ලස්සන නිර්මාණයක් ගෙනාව එකට ඉතින් මේ ගීතය ඇසූ විට හිතට ආ සිතුවිලි ඔහේ අකුරු කෙරුවෙමි.....
❤❤
❤100%
🥰🖤@@ishinifernando8997
ලස්සනයි ❤️❤️❤️
Lassanaiii ❤
ජපුර කියන්නෙ මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය ..සසරෙ කරපු පිනකට පය තියන්න පුලුවන් වෙන අගනුවර හැඩකාරිය මගේ ලස්සන ජපුර..ස්තූතියි ජපුරෙ අපිට මේ ලස්සන තිළිණය දුන්නට...පොඩි කාලෙ ඉදන්ම ආස එකම කැම්පස් එකට ගියාම දානුන සතුට මතක් උනා..හැම මතකයක්ම අලුත් උනා.50 වෙනි උපාධි උත්සවය සමරන්න හරිම ලගයි අපිට...මේ සිංදුව පුදුම තරම් ලස්සනයි.අපි වයසට ගියත් ජපුර තරුණයි කියල මේ සිංදුව අනාගතේ මතක් කරල දෙයි❤
දැකලා නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා.ආදරේ මල් ලස්සනටම පිපෙන්නෙ ජපුරෙ 😊.ඒකයි ජපුරට ආදරණීය ජපුර කියලා කියන්නෙ 🥰❤. ජපුරට දායාද වූ ලස්සන ගීතයක් 🫶😊
වෙලාවක් ලැබුනොත් විජේරාමෙන් බැහැලා ජපුරට ඇවිත් යන්න .ආදරේ මල් දකින්න 💚🤍
ආදරණීය ජපුර .🌻
ඔව් japura kiyanne harima adaraneeya තැනක් ❤️
අද FB එකේ දැක්කා Post එක්ක When Suneera Sumanga Said " දැකලා නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා " කියලා ඒ ක්ෂණික මං TH-cam Search කරා එහෙම සින්දුවක් තියනවද කියලා...එතකොට තිබ්බේ නෑ ඒත් දැන් තියනවා 🥹 මං බලාගෙනමයි හිටියේ සුනීර අයියගෙන් ජපුරට සින්දුවක් එනකම් දැන් ඒකත් හරි....❤
Thank You 🥹❤
අන්තිමේදී කොහොම හරි කරා.@anuja gimhan chandrasiri ❤.congratulations ayya
මම ජපුර සරසවියෙන් වෙන්වෙලා අවුරුදු විස්සක් මට මතක් වෙන්නේ ඉස්සර අපේ සරසවිය එක ඉස්සරහ කුණු ගොඩක් තිබ්බා ...හන්තානට වගේ කවි ගී සින්දු ජපුරට නැති එක ගැන දුක් වුනු එක සොයුරියක්...'මම කුණු ගොඩ ගැන හරි සින්දුවක් ලියනවා' කියල කියූ හැටි ...ඔබේ කොළඹ සරසවිය ගැන සින්දුව ,,වගේම ඉන්දික ලියනගේ කියන ;හන්තාන විතරක්ද' ගීතය අහනකොට මට ඔය සිදුවීම මතක් වෙනවා ...ඔබට බොහොම පින් ..මගේ ප්‍රියතම ගායකයා වන ඔබේ මුවින් අපේ සරසවිය ගැන ඒ සිහින මවපු ගීතය අවුරුදු විස්සකට පස්සේ අහන්න සලස්සුවාට ...අපි ඔබ යන ගමන ගැන ඉතාම පැහැදීමෙන් ඉන්නේ ...කරුණාරත්න දිවුල්ගනේ ශුරීන්ගේ 'සමනල වැව පුරවන්නට',චන්දන ලියනාරච්චිගේ 'ආරාධනා ගල පාමුල' වගේම ඔබේ රුහුණු සරසවිය ගැන කියැවුණු ගීතය ත්, පේරාදෙණිය වෙනුවෙන් ඔබ ගයන ගීත තුනත් මම එක වගේ රස විඳිනවා.
🥺🙏❤️
මම colombo university .මේ ජ'පුර නේද ❤
ලංකාවේ ආසම university තුන colombo ,japura ,pera හීන දැක්කෙ මේ university එකකට යන්න කවදාහරි.Finally, I chose Colombo University.Much love, dear Japura.I feel like your voice is magical.A different inspiration comes from this voice.I love it.❤️
Lyrics පුදුම තරම් ලස්සනයි
විභාගෙට දවස් 69 ක් තියාන් අහනවා.....
ලොකූම හීනයක් ජපුර කළමනාකරණය පීඨය , ඒත් ඒ හැමදේම හීනයක්ම වෙයීද බයයි 🥺 මේ සිංදුව ඇහෙනකොට හුගක් දුක හිතෙනවා ඒ ගැන මතක් වෙලා 💔
thank you සුනීර අයියේ, ❤ ජපුරෙ හීනේ හැබෑ කරගෙනම ඉද්දි මේ song එක අහන්න ලැබුණු එක මාරම සතුටුයි ❤
ඊයේ cutoff වලින් ජපුර කැම්පස් එකට select වෙලා අද මේ සිංදුව අහන මම 🥰
Math
❤️❤️
Congratulation 🥺
💓matha🎉
Math❤
සරසවි සිහිනයේ එකම බලාපොරොත්තුව ජපුර මෑණියන්ගේ හිරු රශ්මියෙන් නැහැවෙන්නයි...2026 එකම බලාපොරොත්තුව ඒක...ඇත්තටම ජපුර කියන්නෙ හරි ලස්සන අමුතුම තැනක්..ඇත්තටම ඒ වගෙ තැනකට යන්න ආස කරන එකම ඇති හිත සතුටින් පුරවගන්න..මේ බලාපොරොත්තුව අපේක්ෂාවෙන් ඉන්න හැමෝගෙම ඒ හීනය හැබෑ වෙන්නම ඕනි..❤😍🧑🎓අනිත් සිංදු වගේම මේකත් ගොඩාක් ලස්සනයි..🎉🎉 ඉස්සරහට තවත් ලස්සන සිංදු කියන්න සුබ පැතුම්ම්..😍✨️
ආසාවෙන් පය තිබ්බ... අවුරුදු හතරක් ලස්සනට ගෙව්ව... ආයෙ ආයෙත් යන්න හිතෙන... හිතේ තියෙන ලස්සනම තැන... ජ'පුර... ජීවිතය කියා දුන්න දෙවෙනි අම්මා ❤❤❤
ආදරණිය ජපුර🫶❤️🩹
වචන❤ ,සංගීතය❤,හඬ❤
කොපුල් තෙත් කර වැටෙන කඳුළට
කොහෙද සීමා අහනවා...
වචන පපුවට සීරුවට පිහි
තුඩක් විලසින් ඇනෙනවා...
සන්තාන සුසුමත් හන්තානෙ ලියවුන වගේමයි මෙ දැනෙනවා
මේ තරම් හදවතට මේ කවි
දැනෙන්නෙ ඇයි හිතෙනවා...❤
මටනම් හිතෙන ව්දියට දැනට ලංකාවෙ ඉන්න වැඩ්ම campus song කියපු එකම කෙනා සුනීර සුමංග කියල ඔයානම් මේ ලෝකෙටම වට්න සම්පතක් මේකත් සුපිරියක් මේකෙත් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
ආදරණීය ජපුර...❤️❤️ජීවිතය වෙනස් කරපු තැන...❤️❤️❤️❤️
නැගෙන පුන් සඳ පුරේ අහසෙත් වෙනදා වාගෙම දිලෙනවා
මුහුද නොදුටුව වැව් දියෙත් ආදරේ හඬ ඇසෙනවා
ගලහ පාරත් එගොඩ වත්තත් නිතර වැස්සට තෙමෙනවා
වැස්ස නොදැකම රජරටත් ආදරේ මල් පිපෙනවා
විජේරාමෙත් ආදරේ මල්
පිපෙනවා...❤😊
තව අවුරුද්දකින් කැම්පස් එක දාලා එන්න ඕන කියලා හිතෙද්දි පපුව පැලෙන්න තරම්..ජීවිතේ හොදම දේවල් දුන්න තැන තමා ජපුර..කවදා හරි වයසට ගිය කාලෙක ආයේම හැරිලා බලන්න පුලුවන් ලස්සන අතීත කතාවක් වේවි..ලස්සන ආදරයක් හොදම යාලුවෝ හැමදේම ජපුර නිසා..මේන් ගේට් එක කස ගස් සෙවන හදවිල බීච් එක ගල් පිට්ටනිය සෙමෙස්ටරේකට මාස එකයක් එක හමාරක් බොක්ක රත් කරන භෂා එක 😂 ඇවිල්ලම බලන්න ජපුර කියන්නෙම පිස්සුවක්...පිට ඉදන් බලන එවුන් මොනා කීවත් කොච්චර stress උනත් campus life එක විදලම බලන්න ඕන feeling එකක්...ආදරෙයි ජපුර අම්මේ මැරෙනකන් ❤❤❤
සින්දුව අහපු වාර ගනනත් අමතකයි ❤ මෙක නම් ඇබ්බැහියක්
Open කැන්ටින් එකේ රු 5.00හේ තේ එක දෙකට බෙදා ගෙන බීපු,😓 කසේ මැද්දෙන් හවසට අත් අල්ලන් ගියපු,💓 ගල් පිට්ටනියේ ගල් බැම්මේ දම් පාට අහස් දිහා ඉර බහිනකල් බලන් හිටපු ඔයා අද වෙන පාරක, මමත් අද වෙන පාරක💔 අවුරුදු 5ක් ගත වුනත්, 😓 මතක කෝටියක් හිතින් දරාගෙන අදත් මම තෙල් බැම්මේ නුබ එනතුරාම......❣️ පළමු වසරෙන් පටන් ගත් බොහෝ ආදර කතා සිව් වසර අවසානයේ නිම නතර වනු කිම, දහස් ගණනක මතක ගොන්නක් හදේ රදවා සරසවියත් දිනක රහසේම හඩනු ඇත. මට ඔබගේම, ඔබට මගේම වීමට නොහැකි වූ කල ඔබේ සතුටත් රහසින්ම දැක, එයම මගේ සතුට කර ගැනීමත් නිහඩ ප්‍රේමයකි ලොව, එක් වූවන් තම මතකයන් තුලින් සතුට දකින ආදරණීය ජපුර, එක්නොවූවන්ගේ හද පාරනා මතකයක් කලෙක මිහිරි මතකයක්ම වනු ඇත.
😢❣️
සුසර හිරුරැස් සිබින කස ගස් ලමැද පෙම් බස් හද රැදේ සොදුරු සිත්තම් අතුල ගෙත්තම් පතුල පාරයි හදවතේ💔
අගනගරේ හැඩකාරී ජපුර ප්‍රේම වන්තයන්ගේ පාරාදීසය❣️
මහවැලියකට නොබැදි ප්‍රේමය තවම ඉතිරිව තියෙනවා❤
😢
කැම්පස් පය නොගැසුවත්..ඒ මතක ආදර වල අදටත් දලු දානවා....ඒ සුවද මේ ගීත වලින් අපි විදිනවා❤
පුතේ ඔයානම් මේ කලබල කාරී මිනිස්සුන්ට සොබාදහම දුන් අස්වසිල්ලක් .බුදු සරනණයි ඔයාට
එතනත් පේරාදෙණිය සරසවිය, Nothing more than Pera ❤
#justPeraThings
අදත් ඔයාගෙ show එක miss වුණා . කවදාහරි suneera live බලන්න අහන්න එනවා .. එනවාමයි..
ජපුර පේමයත් ලස්සනයි .
.❤❤❤
හිතන දැනෙන විදිහට සියුම් තැන් අවුස්සමින් සරසවියක පෙම ලබන්නට සිත් සතන් පුබුදුවන ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ ආදරනීය ම ගායකයා ❤❤❤❤
එදා මෙදා තුර Reality වැඩ සටහනකින් ජාතියටම හදුන්නවල දුන්නු විශිෂ්ටතම භාවනාවක් 🥺💖
මගෙ හීනයක් සරසවිය ....මම අදටත් ඒ ගැන පසුතැවෙනවා...කොච්චර දුක් වින්දත් ,මට ඒ හීනෙට යන්න බැරි උනා ...පින නැති උනා,,අදටත් සරසවි වරම් ලැබුනු දරුවෙක් දැක්කම මට ලැබුනු ගානට සතුටක් ලබන කෙනෙක් මම ..සුනීර සුමංග,ගායන ශිල්පියා මගෙ favorite singer වෙන්නෙ,,මගෙ හීනෙට පණ දෙන නිසා ...
දැකල නැතුවැති විජේරාමෙත් ආදරෙ මල් පිපෙනව...!!ආදරණීය ජපුර...🌸❤️
ඒලෙවෙල් ලං වෙලා තියෙද්දී ආදරය හරි විරහව හරි මොකක් උනත් අයියාගේ සිංදු අහද්දී campus යන්න motivation එකක් එනවා..ඒ campus ජීවිතය විදින්න ආසවක් එනවා ❤
දැකලා නැතිවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා 🥺🥺 ❤️❤️ජපුර❤️🥺
2025 Al ලියල colombo Art කැම්පස් එකට යන්න හීන දකින මට...
මේ සිංදුව තුන් වෙනි පාරටත් අහනකොට .ඒ ලස්සන හීන මැවි මැවී පෙනෙද්දි.එක අහින්සක ඉල්ලීමක් කරන්න හිතුන...
මගේ හීනෙ හැබෑ වෙලා මම කැම්පස් එකේ ඉද්දි...පුලුවන්නම් Colombo Art campus එක ගැනත් වචන පේලියක් අහන්න අවස්තාවක් ලැබෙවි suneera sumanga ගේම හඩින්
හරි ලස්සනට...🙂🙂
2025 A/L commers stream එකෙන් ලියලා ගොඩක් ආසවෙන්ම බලන් ඉන්නේ ජ'පුර විශ්ව විද්‍යාලෙට එන්න මේ සිංදුව campus එකට එන්න තියෙන ආසාව වැඩි කලා... 😇❤️ කෝම හරි ඒ හීනේ හැබෑ කර ගන්නවා..... 🥺❤️
හදවතට ම දැනෙන ගීත ගායනා කරන හදවතේ ගායකයෙක් තමයි සුනීර අයියා.. සෑම නිර්මාණයක් ම රස විඳලා තියෙනවා. සියල්ල ම අති විශිෂ්ටයි. සංගීතය, කලාව විනාශ මුඛයට යමින් තිබෙන සමයක එය ආරක්ෂා කරන්නන් සිටින්නේ ඉතා සුළු කලාකරුවන් පිරිසක් පමණකි. ඔබත් ඉන් එක් අයෙකි. ජයෙන් ජය ම වේවා අයියේ!
සෙනුල් හන්සන
නාට්‍ය පිටපත් , ගීත පද රචක , රිච්මන්ඩ් විද්‍යාලයීය ශිෂ්‍ය
අද අපි ඔක්කොගෙම what app stetas එකේ ඔයාගෙ song එක තියෙන්නෙ❤හැමෝම වගේ ඔයාගෙ song එක දාල ජපුර අහසෙත් ප්‍රේමයේ මල් පිපෙනවා කියල❤ japura my second mom❤🎉
මගේ කැම්පස් එක ...❤️❤️❤❤❤
දැකලා නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා🥺💗💐
My university 🫶🥺
ඔබට..බුදු. සරනයි .පුතේ
Mother of japura❤ හරි අපුරු ආදරකතා එගෙඩ විජේරාමෙන් එගොඩවත්තට ගලනවා❤
සුසර හිරුරැස් සිඹින කසගස් ළමැද පෙම්බස් හද රැඳේ
සොඳුරු සිත්තම් අතුල ගෙත්තම් පතුල පාරයි හදවතේ”””” Nice words and singing.. Love you J’pura ♥️♥️♥️♥️♥️
ලංකාවෙ university ගැන song collecting එකේ අයිතිකාරයා.රුහුන මගෙ university එක උනත් මේ song එකත් දැනෙනව වැඩියි.my favorite singer❤❤
ඉස්සර හිතන් හිටියෙ කැම්පස් ඕනි නෑ කියලා.
ඒත් දැන් මේ සිංදු දවස ගානෙම අහලා කොහොමහරි පාඩම් කරලා කැම්පස් යන්න ඕනි කියන උණ ඇගට ඇවිල්ලා තියෙන්නෙ. 🙂🙃❤️🤍
ආදරණීය ජපුර ❣️🩷
සරසවිය සිහිනයක් වුණු අප මනසට suneera සරසවියක් ❤❤❤
Good luck
❤❤❤👍
ලස්සනයි අනුජ අයියේ.congratulations aiye ❤️
මගේ සරසවියයි... මේ හැමතැනම අාගිය තැන්..මේ වචන වලින් නැවත් එ් අතිතයට යනවා..(2013/14 ඉතිහාසය පුරා)
ඒ වොයිස් එකහ් 🥺❤️
මගේ සරසවිය ජපුර නම් නෙමෙයි මගෙ සරසවිය රුහුණ.ඒත් මේ සින්දුව අහද්දි මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා 🥹 ඒ හඩ , ඒ පදවැල් වෙනම ලෝකෙකට අරන් යනවා.අර්ථවත් නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබේවා !! ❤
හරිම ලස්සනයි සුනීර අයියේ ❤️🥰
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් ❤️💐
ආදරණීය ජපුර! තව ටික දවසකින් සරසවියේ රහම කාලය ඉවර කරලා යන්න වෙන එකනම් දුකක්... ඒ වුනත් යන්න කලින් කරන්න ඕනී කිව්ව song එක කොහොම හරි කරා නේද! @anuja gimshan chandrasiri ජය! ❤
පාඩුවේ මත් කරවන්න පුලුවන් melody එකක්...❤
Thankyou ❤️
ප්‍රේමණීය ජපුර 🥺❤හැමදාමත් ආදරෙයි ❤✨️ AHS 😍❤
හිතට දැනෙන මතක මවන අපේ සරසවිය.. ගොඩක් ස්තුතියි මේ සින්දුවට!!
විශ්ව විද්‍යාල අතෑරලා පවුලෙ වැඩිමල විදියට පවුල ගැන හිතනකොට. ආයෙම a/l කරල යන්න හිතෙනවා.😢 ඒක වැඩිවෙන්නෙ සුනීර අයියගෙ සිංදු අහනකොට. 🥺❤️🩹
Sindu wala tharam preme sundara na daruwo..jeewithe dinanna ❤
❤️❤️
නිදි මරන්න කියපු බෙහෙත් මෙව🥺❤
දැකලා නැතුව ඇති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා..♥️🥹
ආදරණීයම මල හමුවුන තැන🥹♥️
ආදරණීය ජපුර🙏
සරසවියෙ ප්‍රේමණීය මල් පිපුණෙ නැතත් හදවතින් වැළඳගන්නෙමි.මගේ ආදරණීය සරසවිය...🌻🌟🕊
අහන්න ආසම හඬක් .හැමදාම වැඩ කරන්නෙ ඔයාගෙ සිංදු ටික අහගෙන.සුබ පැතුම් අයියෙ..❤️
කැළණි❤ මග බලන් ඉන්නවා .ජපුර ,පේරා ,කොළඹ ආදරෙයී ඒ සිංදුවලට 💫💝
th-cam.com/video/YXG8WWH0Ztc/w-d-xo.htmlsi=tfK8yv5k3YsIcsJO
Ruhuna : th-cam.com/video/9vm22XGl3pE/w-d-xo.html
අනේ මං ආසම ගායකයා...අයියගෙන් අලුත් සිංදුවක් දකිද්දි හරි සතුටක් දැනෙන්නෙ...අනිත් ඒවා වගේම මේකත් හරිම ලස්සනයි..ලංකාවෙ හැම කැම්පස් එකකටම මෙහෙම ගීත කියවුනා නම් ඔයාගෙ හඬින්ම....❤🤗
දැකලා නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා..❤🧚🏻♂️
ආදරණීය සුනීර,,, පෙර පිනකට ලැබුණු ඔය හිත නිවන කටහඩ කොච්චර ඇහුවත් එපා නොවෙන හැගීම් විතරක්ම පිරුණු කටහඩක්. අනන්‍යතාවය රදවාගෙන ඔබටම කියලා ආරයක් තනන ඔබට අපි හරි ආදරෙයි ❤️❤️❤️
මහවැලියකට නොබැඳි ප්‍රේමය තවම ඉතිරිව තියෙනවා...
ගලහ පාරට නොදැනෙනා වැහි එගොඩවත්තට වහිනවා...
දැකල නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා...
මාරම ලස්සනයි......❤
කතර හැඩ කර පිපුනමුත් තුරු හිත අස්සෙ ගිනි ගන්නවා..
එකම සැරයක් එයක් එක්කල ඉන්න හිත ලොබ බදිනවා..
ඒත් අතු අග සුපිපි කුසුමක් නෙලන්නට බෑ දන්නවා..
කොපමණක් මල් පිපුනමුත් මෙහි දැනුන මල් මඟ හැරෙනවා..
❤ එක කාල සීමාවක ජීවිතේ බෙදා ගත්ත ඔයා එනකන් මම තාම මඟ බලනවා ❤
නුවර අහසට වගේ පුන්සඳ ජපුර අහසෙත් නැගෙනවා
මහවැලියකට නොබැඳි ප්‍රේමය තවම ඉතිරිව තියෙනවා
ගලහ පාරට නොදැනෙනා වැහි එගොඩවත්තට වහිනවා
දැකල නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා
සුසර හිරුරැස් සිඹින කසගස් ළමැද පෙම්බස් හද රැඳේ
සොඳුරු සිත්තම් අතුල ගෙත්තම් පතුල පාරයි හදවතේ
නිතර හමුවන මතක සැමරුම් සිහින වල මියැදුන ලෙසේ
මිලින වූ පසු මලක ප්‍රේමය නුඹ නමින් සැඟවෙනු කෙසේ
නුවර සඳ යට මලට පෙම්බැඳි මහවැලියවත් ළඟ නැතී
නෙතක කඳුළක නුඹට හිත ඇති ආදරේ තව පුරවතී
කතර හැඩකොට හුස්ම දුන් තුරු සරසවිය මග තව ඇතී
සබඳ නුඹ මම ජපුර අහසෙම විරහවෙන් වැළපෙනවැතී
💖🌻...
❤❤
Adare mal pipenwa ,para nowenwa sadakaalika wena, Internal
nowunath japura external api hari adarei සරසවියට❤
Adarei sayuratath wediya
Hada pathulen neguna senehasa
Adath waagema hetath mathuwatath
Thiyei elesama novee wenasak
සබඳ නුඹ මම ජපුර අහසෙම විරහවෙන් වැළපෙනවැතී❤ ජපුරටත් සිංදුවක් කරාට ඔයාට ගොඩාක් ස්තූති අයියෙ.
කවද ඇහුවත් ඇඟේ හිරිගඩුපිපෙන සින්දුවක් 😥❤
ආදරේ මල් පිපුනේ නැති උනාට ඇස් පියාගෙන අහද්දි ජපුරේ ගත කරපු හැම තප්පරයක්ම මැවිලා පෙනුනා.❤❤❤
ජීවිතේ මේ අත්දැකීම විදපු නොවිදපු ,, ආදරණීය හදවත් හොදින් ස්පර්ශ කරන සියල්ලන් වෙනුවෙන් නිර්මාණය වුණු ආදරණීයම ගීතයක්❤️ ......
🤍🫶
කැලණි අහසටත් ප්‍රේමණීය පද පෙළක් ඔබේ හඬින් ගැයුනා නම් කැලණි සරසවියෙන් ජීවිතය දිණු,ජීවිතය දිනමින්, විදිමින් සිටින සියලු විද්‍යාර්ථීන් මතකයන් තුළ ත්රෛකාලිකව නුඹේ හඬින් ජීවත් වේවි.... ❤
අයියේ කැළණියටත් ඉක්මනටම සින්දුවක් දෙමූ...... ඉවසිල්ලක් නැතුව ඉන්නේ කැලණි වෘතාන්තය අහන්න....❤❤❤❤❤❤❤
කැලණි කන්ද බහින්න කලින් අහන්න ඕන අනිවාර්යෙන්🥺❤️