Neth Yuga Rantharu- Indrani Perera නෙත් යුග රන් තරු - ඉන්ද්‍රාණි පෙරේරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
    සංගීතය - වික්ටර් දළුගම
    මේ ගීතය ගැන කෙටියෙන්,
    1970 දී "ඔබ සොයනා කළු කෙල්ල මමයි" නමින් ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ කුළුදුල් ගී තැටිය එළි දැක්විණ. නෙත් යුග රන්තරු, මා ඔබේ කළු කෙල්ලයි, ආදරේ කියන්න දන්නේ නෑ, ආදරේ නෑ ආදරේ, යන ගීත එහි අඩංගු විය. මේ ගීත ඇය පෙර ගැයූ ගීත මෙන් ම රසිකයන් අතර ජනප්‍රිය ගී ගොන්නට එකතු විය. මේ ගීතයන්ද Harmony ගායනා මුසු වූ ගීත වූ අතර ප්‍රසිද්ධ වේදිකාව තරණය කිරීමට ඔවුන්ගේ ගීත සමත් විය.
    "ඔබ සොයනා කළු කෙල්ල මමයි" යන ගීතය හේම ශ්‍රී අල්විස් රචනා කළ අතර වික්ටර් දළුගම සංගීත වේදියා සංගීතවත් කරන ලදී. මේ ගීත ගායනය තුළ මුසු වී තිබුනේද බටහිර ගීත ශෛලියයි. ගායනය තුළ තිදෙනෙකුගේ හඬ ඉතා සංයමයකින් සංකලනය වී තිබුණි.
    නෙත් යුග රන් තරු යුවල තමයි
    තොල් පෙති නා දළු වලට සමයි
    මගෙ හද ඔබෙ සුව යහන තමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි
    අඳුරින් බර වැහි කතරෙ පවා
    ආලෝකය දෙමි උදය හවා
    ගිමනට සීතල සෙවණ මවා
    දිය දහරක් වෙමි පවස නිවා
    දිය දහරක් වෙමි පවස නිවා
    රළ ලෙස ජීවන දිය දහරේ
    අත ගෙන එමි ඔබ යන පාරේ
    සුපුරුදු ගතිගුණ අත නෑරේ
    දුක හෝ සැප විඳ ගමු මිහිරේ
    දුක හෝ සැප විඳ ගමු මිහිරේ

ความคิดเห็น •