Earth to get a second mini moon
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- අපගේ ග්‍රහලෝකය පෘථිවියයි. ඇතැම් ග්‍රහලෝකවලට උප ග්‍රහයෝ ද සිටිති.
උප ග්‍රහයන් යනු තමන් වටා ද කැරකෙමින්, ග්‍රහලෝකයක් වටා කැරැකෙන
ග්‍රහ වස්තූන්ය. උප ග්‍රහයන් ගැන තාරකා විද්‍යාඥයන් අර්ථ දක්වන්නේ
එලෙසිනි. අප පෘථිවියට උප ග්‍රහයෙක් සිටී. අප චන්ද්‍රයා හෙවත් සඳ කියන්නේ
මේ උප ග්‍රහයාටය. අපගේ උප ග්‍රහයාට අප සඳ කියන බැවින්, සෞරග්‍රහ
මණ්ඩලයේ ඇති සෙසු ග්‍රහයන්ගේ උප ග්‍රහයන් පමණක් නොව, විශ්වයේ ඈත
ග්‍රහලෝකවලට අයත් උප ග්‍රහයන් ද අප හඳුන්වන්නේ චන්ද්‍රයන් කියාය. අපේ
චන්ද්‍රයාට අමතරව, මේ වන විට පෘථිවියට තවත් පුංචි චන්ද්‍රයෙක් ලැබී ඇත.
මෙය අපගේ චන්ද්‍රයා තරම් නොවෙයි. පියවි ඇසින් රාත්‍රී අහස නිරීක්ෂණ
කළත් මෙය පෙනෙන්නේ නැත. මෙම අලුත් පුංචි චන්ද්‍රයා නිරීක්ෂණය කිරීම
කළ හැක්කේ, තාරකා විද්‍යාඥයන් භාවිත කරන විශේෂිත දුරේක්ෂ ආධාරයෙන්
පමණි. මෙම නව චන්ද්‍රයා, පෘථිවියට චන්ද්‍රයකු වී සිටින්නේ සැප්තැම්බර් 29
වැනිදා සිට නොවැම්බර් 25 දක්වා පමණි. පෘථිවියට හිටිහැටියේ තවත්
චන්ද්‍රයකු ලැබුණේ කෙසේද? කෙටි කාලයකට පමණක් චන්ද්‍රයෙක් ලැබෙන්නේ
කෙසේද? මේ චන්ද්‍රයාගෙන් පෘථිවියට එල්ල වන බලපෑම කුමක්ද? මීට කලින්
මෙවැනි නව චන්ද්‍රයකු පෘථිවියට ලැබී තිබෙනවාද? මේ බොහෝ දෙනකුට ඇති
ගැටලුය.
මේ පුංචි චන්ද්‍රයා ග්‍රහකයකි. ග්‍රහක යනු විශ්වයේ පාවෙන පාෂාණ කැබලිය.
මීටර් කීපයක සිට කිලෝ මීටර් දස දහස් විශාල ග්‍රහක ඇත. පෘථිවිය ඇතුළු ග්‍රහ
මණ්ඩලය හෙවත් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී සිදුවුණු හැල
හැප්පීම්වලින් ශේෂ වූ ග්‍රහලෝක කැබලි ආදිය ග්‍රහක ලෙස හැඳින්වෙයි. ග්‍රහක
විටින් විට පෘථිවියට ළං වෙයි. එසේ පැමිණෙන ග්‍රහක පෘථිවිය මඟ හැර යයි.
නැතිනම් පෘථිවියට කඩා වැටෙයි. වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ
ඩයිනසෝරයන් වඳ වී ගියේ කිලෝ මීටර් 10 ක් විශාල ග්‍රහකයක් පෘථිවියට කඩා
වැටීමෙනි. මෙය මහා විනාශයකි. ඉන්පසුව ද යෝධ ග්‍රහක කීපයක් පෘථිවියට
කඩා වැටුණත්, ඒවායින් මහා විනාශයක් සිදු වී නැත.
© NASA
මේ පිළිබඳ විශේෂ ලිපියක් 2024/10/08 වැනිදා විජය පුවත්පතේ පලකෙරේ.