මව්වරුන්ගේ නර්තනය - Mothers Dance | Gurugedara Thala - 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මව්වරුන්ගේ නර්තනය - Mothers Dance | Gurugedara Thala - 2023
    ලෝකයේ වඩාත්ම සුන්දර වස්තුව වන්නේ අම්මාය..
    සෑම භාෂාවකම, සෑම ජාතියකම හද ගැස්ම රඳා පවතින්නේ අම්මාගේ මව් කිරි මතය.. අම්මා කෙනෙකු වීම තරම් කාන්තාවකට අභිමානය වඩවන තවත් යමක් නැත. කාන්තාව මවක් වීම ආරම්භ වන්නේ චිත්ත සන්තානයේ මවක් වීම අපේක්ෂා කළ දිනයේ සිටය. ගැහැණු දරුවෙකු සිය බෝනික්කාට මවක් වන දිනයේ පටන් ඇය තුළ මවකගේ සෙවනැල්ල සැඟව ගනියි.
    මිහිදන් වූ එක ලේ බිඳුවක වත් ලියැවී තිබුණද ජාතියේ නමක්..
    හර්ෂණ දිසානායක මහතා විසින් එකල ගායනා කරනු ලැබූ ඉතාමත් අර්ථාන්විත ගී පද පෙළහරකට සහ චන්ද්‍රකාන්ති ශිල්පාධිපති ගුරුමෑණියන් ගායනා කරනු ලබන ගීත ඛණ්ඩයකට ගුරුගෙදර දූ පුතුන්ගේ මව්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඉතා අලංකාර නර්තනයට සැමගේ ආකර්ෂණය ලබා ගැනීමට හැකියාව ලැබුණි.
    මවක් තම දරුවාට ලබා දෙන යහපත් ගුණ ධර්ම, ආකල්ප මත නිරෝගී බුද්ධිමත් ප්‍රීතිමත් දරුවෙකු නිර්මාණය වනු ඇත.

ความคิดเห็น • 2