Nil Diya Pokuna|නිල්දිය පොකුණ|Ravana's Caves|Hiker 360

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #Nildiya_Pokuna #Ravana's_Cave
    "ඇඹිලිපිටියෙන් පොළොව යටට..😎"
    හැම දාම කලේ කන්දක් නැගල ෆන් එකක් ගත්තු එක.😊 මේ පාර වෙනස්ම විදියෙ දෙයක්. ආතල් එකට වඩා මතක් වෙද්දිත් මයිල් කෙලින් වෙන ගමනක්.😱 ගියේ රාවණා ගුහාවෙන් නිල් දිය පොකුණ බලන්න. එහෙන් මෙහෙන් අහල දැකල තිබුණ නිසා ගිහිල්ලම බලන්න අපි පස් දෙනා සෙට් උනා. කලින්ම කියන්න ඕන මේක වෙනද යන ගමනක් වගේ නෙවෙයි දන්න කෙනෙක් එක්ක නොගියොත් ආයෙ එන එක හීනයක්. ඒ නිසාම අපි මේක හොයා ගත්තු කෙනෙක්ගෙන් එක්කෙනෙක් උන විමලෙ අයියට කතා කර ගත්ත. මේ ගමනට ඕන කරන හැම දේම විමලෙ අයිය ගාව තිබුන නිසා වැඩේ ලේසි උනා. රාවණා ගුහාව තියෙන්නෙ වැල්ලවායෙ ඉදල 11km වගේ ඇල්ල පැත්තට යද්දි.කරදගොල්ල ස්කෝලේ ගාවින් හැරෙන්න ඕන. කොහොම හරි අපි උදේ 10,11 වෙද්දි විමලෙ අයියගෙ ගෙදරට ගිහින් ගමන යන්න පටන් ගත්ත. කැලෙ මැදින් වැඩි දුර යන්න තිබුනෙ නෑ. ඩිලානය නැවතිලා මෙන්න මෙතනින් බන් බහින්න තියෙන්නෙ කියල පොඩි වලක් පෙන්නුවෙ ආතල් එකට😂 . ඇත්තටම බහින්න තියෙන්නෙ එතනින් කියල දැන ගත්තම බොක්ක කූල් උනා 🙄. එක මනුස්සයෙක්ට බහින්න පුලුවන් ගානේ කටකින් ඇතුලට බැස්ස. 100m වගේ යද්දි ලොකු කුහරෙකට ආවා. ඒ වගේ එකක් පොලොව යට තියේද කියල හිතා ගන්නත් බෑ. විමලෙ අයිය ටෝච් ඕෆ් කරන්න කිවුව. කට්ට කලුවර තිබුනෙ අන්න එතන. ඒ කලුවර අත්විදින්නන්ම් එතනටම යන්න වෙනව. ඒක වචන වලින් විස්තර කරන්න පුලුවන් එකක් නෙවෙයි. පොලොව යටට අපි 700m විතර ගියාම නිල්දිය පොකුණට ලන් වෙන්න පුලුවන් උනා.ඒක කියන තරම ලේසි ගමනක් නම් උනෙ නෑ.😖 . ඇත්තටම වතුර නිල් පාටයි. ෆොටෝ වල තියෙන පාට ඒ විදියම තමයි. එඩිට් කරල එහෙම නෙවෙයි ඔන්න😅. වතුර වල ඝනත්වය, පැහැදිලි බව දකින්න පුලුවන් එතනදි විතරයි. විමලෙ අයිය කිවුව කට්ටියට හිමිහිට බැහැල ඇග එහෙම සෝදගන්න පුලුවන් කියල. අපි ගල් වෙලා බලන් හිටියේ බහින්න තියා ලන් වෙන්නවත්, අපිට කිසි දෙයක් හිතා ගන්න බැරුව. ටිකක් වෙල හිටියම අපි ශේප් එකේ වතුරට බැහැල මහන්සිය නිවා ගත්තා. පතුල නම් පේන්න තියනව ගැඹුර නෑ වගේ.ඒත් කිවුව විදියට අඩි 30-40 ක් විතර ගැඹුර. අවට කොල කෑල්ලක්වත් නෑ. එහෙම ටිකක් වෙලා ඉදල අපි එන්න හැරුන. එද්දි එක තැනකදි විමලෙ අයිය අපෙන් ඇහුව "මල්ලිල කියන්න මෙතනින් අපි කොහෙටද හැරෙන්න ඕන". අපිට පිස්සු වගේ. ගියානම් කොහේ යයිද දන්නෙ නෑ. මුල් කාලේදි ඒ අයිය එතන පැය තුන හමාරක් විතර ඇවිද ඇවිද හිටයලු පාර හොයා ගන්න බැරුව. කොහොමහරි වෙනමම ලෝකෙකට ගියා වගේ. ඇතුලට ඔක්සිජන් එන්නෙ කොහෙන්ද?, පොකුණෙ වතුර එන්නෙ කොතනින්ද බහින්නෙ කොතනින්ද?, ගුහාවල පාරවල තියෙන්නෙ කොහෙටද? ප්‍රශ්න ගොඩක් එක්ක අපි එලියට ආවා. තනියම යන්න තියා හිතන්නවත් බෑ. ගිය ගමන මෙහෙම විස්තර කරන්නත් බෑ. ගිහිල්ලම බලන්න ඕන.වෙනද වගේ ෆොටෝ ගන්න පුලුවන් තැනකුත් නෙවෙයි. ඇතුලෙ කොල කෑල්ලක්වත් නෑ. ඒ මිනිස්සු මේක පරිස්සම් කරනවා. යන අයත් ඒකට උදවු කරන එක වගකීමක්.
    (විමලෙ අයියගෙ නම්බර් එකක් ඕන අය msg එකක් දාන්න)
    [Subscribe] [Share]
    #Real #under #world
    with
    #Adventure
    #Risky
    A place which you must visit in your travel life. Don't even think about to go without any guide.
    Thanks for watching..!

ความคิดเห็น • 12

  • @ravindunethmina6115
    @ravindunethmina6115 4 ปีที่แล้ว +1

    1st video ❤
    1st viewer 💚
    1st Subscriber 💚
    1st comment ❤💪
    Adennama diila thiye 🤩
    Issarahata thawa hoda hoda eewa release wei wagee 😋

  • @traveltrinco
    @traveltrinco ปีที่แล้ว +1

    ඒක මරු

  • @tharindulakshitha7298
    @tharindulakshitha7298 3 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂🤩🤩🤩🤩🤩

  • @goldlife6467
    @goldlife6467 4 ปีที่แล้ว +1

    Keep it up brother.. good luck❤

  • @TharushaNethmin
    @TharushaNethmin 3 ปีที่แล้ว +1

    Trip පිස්සො බලන්න ගිහින්, Location එක ඇත්තටම හොයාගත්ත කෙනා Guide කරනවා 💯❤️😌

  • @madushankaprasad2483
    @madushankaprasad2483 4 ปีที่แล้ว +1

    Elm brother ❤️❤️

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 22 วันที่ผ่านมา +1

    නිල්දිය බෝතලයක් පිටතට ගෙන කිල්ලකට හසු නොකර තදබල රෝගයක් ඇති කෙනෙකුට පානය කරන්න දීලා බලන්න නියම නිල් දියනම් රෝගියා සුවපත් වෙනවා

    • @hiker3602
      @hiker3602  22 วันที่ผ่านมา

      @@SumithRohitha-io9ck 😮ehema deyak ahuwe ada. Thanks 💚

  • @vijitha_mahesh
    @vijitha_mahesh 3 ปีที่แล้ว +1

    amazing ❤️❤️