"Mudu pathula.." - Dramatist Gunasena Galappatty's "Mudu Puttu", directed by Dr.Sagarika Galappatty.
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- "Mudu Puttu" stage drama was directed and produced by Sri Lankan dramatist Gunasena Galappatty.
Lyrics- Gunasena Galappatty and Mahagama Sekara.
Music- Somadasa Elvitigala.
Performance- Navoda Galappatty Ekanayake.
Chorus- Kasuni Galappatty Ekanayake and others.
Reproduction and direction- Dr. Sagarika Galappatty.
“මූදු පුත්තු” වේදිකා නාට්‍යයෙන්
මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා
සුදු පාටින් පහන් තරුව
දුර අහසේ දිළිහෙනවා
සුදු පාටින් ටිකිරි හිනා
පුතුගෙ මුවින් ගිලිහෙනවා
මූදු පතුල යට...............
වෙරළෙන් කිරි කවඩි හොයා
කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට
පබළු කඩෙන් ගෙන එනවා
ඒ කවඩිය මේ පබලුයි
එක නූලේ අමුණනවා
ඒවායින් හවඩි සදා
පුතුගෙ ඉණේ පළඳිනවා
පද රචනය- ගුණසේන ගලප්පත්ති සහ මහගම සේකර.
සංගීතය- සෝමදාස ඇල්විටිගල.
රංගනය- නවෝදා ගලප්පත්ති ඒකනායක.
ගායනය- කසුනි ගලප්පත්ති ඒකනායක ඇතුළු පිරිස.
නව නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය- විශේෂඥ වෛද්‍ය සාගරිකා ගලප්පත්ති.