සැගවුනු අතීත උරුමයන් සොයා දොලුවෙන් දොලුකන්දට | Dolukanda hike | Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • සැගවුනු අතීත උරුමයන් සොයා දොලුවෙන් දොලුකන්දට | Dolukanda hike | Srilanka
    දොලුවෙන් දොලුකන්දට
    දොළුකන්ද කියන්නේ ඓයිතිහාසික මෙන්ම පාරසරික වටිනාකමකින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කදුවැටියක්. රාමා රාවණා යුද්ධයේදී රාවණාගේ පහරකින් තුවාල ලබූ රාමාට, ප්‍රතිකාර සඳහා ඖෂධ ගෙන ඒමට හිමාලය කරා ගිය හනුමාට, ඖෂධ වර්ගය අමතක වීම හේතුවෙන් හිමාල කන්දේ කොටසක් රැගෙන ආ බවත් එම රැගෙන ආ කොටස කොටස් පහක් ලෙස ලංකාද්වීපයට පතිත වූ බවත් ඒවා රූමස්සල, රිටිගල, කච්චතිව්, තල්ලඩි හා දොලුකන්ද බවත් ජනප්‍රවාද වල සඳහන් වේ. එසේම එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් බුද්ධදාස රජුගේ ඖෂධ උද්‍යානයක් ලෙසද පැරැන්නන් හඳුන්වනු ලබන දොලුකන්ද හිමාල වනයට සම්බන්ධ වනරාජ, නාගරාජ, ගුරුලුරාජ, හිරුරාජ හා ගරුඬරාජ ආදී රාජ පහට අයත් ඖෂධ ශාක වලින් ගහණ වූ වන සංරක්ෂණ කලාපයක් බව වර්තමානයේ තහවරු වී ඇත.
    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති දොලුකන්ද වෙත මාර්ග දෙකකින් ලඟාවිය හැක. එහි එක් මාර්ගයක් වන්නේ කුරුණෑගල සිට දඹුල්ල මාර්ගයේ ගොස් මුත්තෙට්ටුගල හංදියෙන් වැල්ලව ගනේවත්ත මාර්ගයෙන් දොලුකන්ද පන්සල වෙත ලඟා වී ඒ හරහා දොලුකන්ද තරණය කිරීමයි. අනෙක් මාර්ගය ලෙස කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොස් ඉබ්බාගමුවෙන් හැරී මඩගල්ල මාර්ගයේ ගොස් ගොඩගාල හංදියෙන් බැස මනරම් වෙල්‍ යාය අතරින් දොලුව ගම්මානයට පිවිස දොලුකන්ද තරණය ආරම්භ කළ හැක.
    දොළුකන්ද තරණය දුෂ්කර වන්නේ තරමක් වියලි කලාපයට හුරු දේශගුණික තත්වයක් පැවතීම. වියලි කාලයේදි නම් තරමක් දුෂ්කර ගමනක්.. ඒ වගේම අඩි පාරවල් ගනනාවක් තියෙන නිසා මාර්ගය සොයාගන්නට තරමක් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා නිවරදි මග පෙන්වන්නෙක් සමග යන එක වටිනව.ගමන ආරම්භක ස්ථානයේ සිට පැය තුනකට ආසන්න කාලයක් තුළ ගල් තලාවල් හා මිදූමෙන් වැසුනු ලඳු කැලෑ පසුකරමින් මුදුන වෙත ලඟා විය හැක. කඳු මුදුනේ දර්ශනය නෙත් මවිත කරවන සුන්දර දසුනක් වන අතර කුරුණෑගල වාරියපොළ ද අනෙක්පසින් ගනේවත්ත, වැල්ලව, දැදුරු ඔය ජලාශය, යක්දෙස්සාගල කන්ද මෙන්ම පැහැදිලි දිනයකදී හලාවත දෙසින් මහ මුහුද ද දර්ශනය වේ.
    දොළුකන්ද කියන්නේ සොබාදහමේ තවත් අපූර්ව නිර්මාණයක්. බැලූ බැල්මටම බයන්කාර පෙනුමක් තියෙන, එක් පැත්තකින් දැවැන්‍ත ප්‍රපාතයක් තියෙන කදු වැටියක් දොලුකන්ද මුදුනේ රාත්‍රියක් ගත කිරීමට යෝග්‍ය ස්භාවික ගල් ගුහාවක් පිහිටා ඇත. එහෙත් සංවේදී පරිසර කලාපයක් වන හෙයින් පරිසරයට හානියක් නොවන සේ රාත්‍රිය ගත කිරීමට වගබලා ගත යුතුය. මුදුනෙන් මදක් පහලට වන්නට ගමනේ විඩා නිවාගැනීමට මෙන්ම භාවිතයට ජලය ගැනීම සඳහාද පිරිසිදු ජල පහරක් ගලා බසියි. වර්ෂාව ඇති සමයක එය සක්‍රීයව ගලාබසින athara එසේ නොමැති වුවත් ගුහාව පිටුපස ඇති උල්පතක් මගින් පිරිසිදු ජලය ලබාගත හැකි හෙයින් පහළ සිට ජලය උඩට ගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත.
    ලංකා ඉතිහාසයට අනුව බුද්ධදාස රජ දවස රජ මාලිගයක් දොලුකන්දේ ඉදිකර තිබූ බවත් මෙම කඳු මුදුන ලඟාවීමට අපහසු ගිරි දුර්ගයක් වන හෙයින් බුද්ධදාස රජුගේ ධනයෙන් විශාල කොටසක් මෙහි නිධන්ගත කර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ. ඒ බව සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාධකද මෙම භූමිය පුරා විසිරී තිබීම හේතු කොටගෙන නිධන් හොරුන්ගේ ද ප්‍රබල බලපෑමකටද මෙම භූමිය නතුව ඇත.
    පෙර සඳහන් කර සේම දොලුකන්ද සංවේදී පරිසර කලාපයක් වන හෙයින් මෙහි සංචාරය කරන ඔබ පා සටහන් පමණක් ඉතිරි කර ප්ලාස්ටික් පොලිතින් වැනි කැළිකසළ බැහැර කිරීම් වලින් තොරව සංචාරය කිරීම මෙම සුන්දර පරිසර පද්ධතිය මතුවටත් ආරක්ෂා කරනු ඇත.
    ******************************************************************
    Don't Forget to Fallow us and Subscribe.
    You Tube: / nadeeshvlogs​​
    Facebook page: / nadeesh-vlog​​. .
    Facebook: / nadeesha.ath​​. .
    Instagrame: / nadeeshaath​​. .
    Mobile: 0715803789
    *****************************************************************
    Gear We Use,
    Gopro Hero 10 Black camera
    Dji mavic Mini Drone
    Iphone Xs Max
    Video Editing Software,
    Adobe Premire Pro cc -2020
    #Dolukanda#දොලුකන්ද

ความคิดเห็น • 6

  • @avrrlubandara6152
    @avrrlubandara6152 3 หลายเดือนก่อน

    ඇද ඔබට කතා කරන විට ඔබේ පියතුමාගේ අභාවය ගැන දැනගත්තා.පියතුමාට නිවන් සුව පතමු.

  • @ayushgupta4702
    @ayushgupta4702 ปีที่แล้ว +1

    Gjb

  • @nchessacademy7918
    @nchessacademy7918 ปีที่แล้ว +1

    සුපිරියි ඉතින් 😍😍😍

  • @ravidumadushan1077
    @ravidumadushan1077 ปีที่แล้ว +1

    ගිහින් තියෙනවා බන්😌

  • @stiylelife6011
    @stiylelife6011 ปีที่แล้ว +2

    Okata dawasin gihin ana puluwada bro