මහ වැසි මැද යක්කුන්ගෙහෙල කන්ද මුදුනට | Yakkunge hela mountain ( Devils' Cliff )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • යක්කුන්ගෙහෙල (1863m)
    Yakkunge hela Mountain, Rathnathenna, Sri Lanka 🇱🇰
    නකල්ස් වල මම ආසම ගොම්බානිය මුදුනට පේන යක්කුන්ගෙහෙල දිහා බලන් ඉන්න. ඒ view එක ගොඩාක්ම ලස්සන වෙනෙ ඉර ටිකක් මුදුන් උනාම යක්කුන්ගෙහෙලේ තට්ටු තට්ටු වලට අව්ව වැටිලා හෙවනැලිත් එක්ක එකතු උනාම. මේ යක්කුන්ගෙහෙල තියෙන කන්ද ගොම්බානිය තරම්ම වගේ උස යෝධ කන්දක්. නකල්ස් වල දෙවෙනියට උසම කන්ද කියලා කියන්නත් පුලුවන්.
    වැස්ස නිසා ලඟක කොහේ හරි යමු කිය කිය ඉදලා, කොහොමහරි ඔනී එකක් වෙන්න කියලා යක්කුන්ගෙහෙල යමන් කියලා තමයි යන්න පටන් ගත්තෙ. උදේ 7ට වගේ වත්තෙගමින් බස් එකේ නැගලා පන්විල හාතලේ හරියෙදිත් එක යායට මීදුම. අමුතුම ලස්සනක් තිබ්බ කාලෙකින් මීදුම ටිකක් දැක්ක නිසා. හුලුගඟ ඇල්ල දිහා බලන් උදේ කෑම අරගත්තා. වැස්ස කාලේ නිස හුලුගග ඇල්ලත් මාර ලස්සනයි. මීදුමෙන් වැහුනු අලකොල වත්ත මැදින් රත්නතැන්නට ගිහිල්ලා එතන කැඩුනු පාලම උඩ ඉදන් අපි දවල් කෑම අර ගත්තා.
    ඉට පස්සෙ දවල් 1ට විතර ගමන් පටන් ගත්තු අපිට ගමෙනෙ අමාරුම කොටස හම්බුනා. ඇත්තටම කිව්වොත් කැලේට ඇතුල් වෙන්න තමයි අපිට ගොඩක්ම අමාරු උනේ. නාය ගියපු ගල් ගොඩක් වගෙ එකක් වැහෙන්න පොඩි ගස් වැවිලා තිබ්බා. සමහර තැන් අඩි දෙක තුනක් ගැඹුරුයි. බහිනකොට අපි ඒ තැන මිස් කරලා එන්න හිතම් වෙන තැනකින් එලියට එන්න හැදුවත් එතන ඊට වඩා අමාරු උනා. කටු යායක් එක්ක අතඇරලා දාපු තේ කැල්ලක් සෙට් උනේ, එකෙත් අඩි දෙක තුන යට යනවා තේ ගස් අස්සෙ. අත ඇරලා දාපු තේ වත්තක් කියන්නෙ මෙහෙම ගමනකදි හම්බෙන අමාරුම තැන් වලින් එකක් 🫠
    කොහොම හරි කැලේට ඇතුල් වෙලා සත්තු ගියපු පාරවල් දිගෙ පලවෙනි ගල් තලාව ගාවට අපි ආවා. අපේ තඩි බෑග් දෙක ගස් වල පැටලෙන එක තමයි තිබ්බ ලොකුම අවුල. එතන් ඉදන් දෙවෙනි ලොකුම ගල්තලාව ගාවට වෙනකන් එන ගමනේ පොඩි පොඩි වතුර පාරවල් ගොඩක් හරහා ගියා. එහෙම ගිහින් ගල් තලාව අයින දිගේ උඩට සැහෙන දුරක් ඉක්මනට නැග ගත්තා. ඉට පස්සෙ දරුණු උන ගාලක් හම්බුනා 🫠 හවස 5ට විතර ඇති ඒ වෙනකොට. කැලේ අස්සෙ කට්ට කලුවරයි. ගමනේ මුල ඉදන්ම වටේම මීදුමෙන් වැහිලා තිබ්බේ. මීදුම අස්සෙන් වෙනස්ම ලෝකෙකට ගිහිල්ලා ආපු ගමනක් කියල කියන්න පුලුවන් මේක 😍 කොහොමහරි 5.30 වගේ වෙද්දි පොඩි ගල් තලාවකට එන්න පුලුවන් උනා අපිට. අපි එතන ඉදල පහුවදා උදේම කන්ද උඩට යන්න තීරණේ කලා.
    ටෙන්ට් එක ගහන්න තැනක් තිබ්බෙත් නෑ. වහින්නත් පටන් ගත්තා. හැම පැත්තකින්ම පොඩි පොඩි වතුර පාරවල් යනවා. මීදුම වැස්ස මැද්දෙ ටෙන්ට් ඒක අටෝගෙන අපි අස්සට ආවත් ටෙන්ට් එක අස්සෙ වතුර ගොඩයි 😂 ඊට පස්සෙ ගෝනෙක් කෑ ගහන සද්දෙක් ඇවිත් අපි ගොඩාක්ම බය උනා. ඒ සද්දෙ එන්න එන්න අපිට ලං උනා වගේ. ටෝච් වටේට ගැහුවට පස්සෙ ඒ සද්දෙ නැවතුනා. හවස තිබ්බෙ නැති හුලඟත් අන්තිමේට වැස්ස එක්ක එකතු වෙලා පාන්දර ඉදන් උදේ වෙනකන් හොදටම සැලකුව අපිට 😂🙏 පාන්දර එකේ විතර ඉදන් ටෙන්ට් එක කැඩෙයි කියලා ඒක අල්ලන් ඉන්නත් උනා, කරන්න වැඩකුත් නැති නිසා පානුත් කකා අපි ටෙන්ට් එක අල්ලන් හිටියා. පස්සෙ ටෙන්ට් එකට ඕනි දෙයක් වෙද්දෙන් ඉරුනොත් මහගන්නවා කියලා දෙන්නම නිදා ගත්තා.
    කොහොමහරි උදේ 6,7 වෙනකන් ඉර පායයි කියල බලන් හිටියත් හවස තිබුන වගේම මීටර් 20ක් වත් පෙන්නෙ නැති තරමට මීදුම තිබ්බේ. ඉට පස්සෙ ටෙන්ට් ඔක්කොම අකුලෝලා බැග් දෙකත් එතන තියලා කෑමයි වතුරයි අරන් අපි මුදුන හොයන් යන්න පටන් ගත්තා. ටිකක් ලේසි පොඩි කැලේ කෑල්ලක් පාස් කරපු ගමන් අපිට යක්කුන්ගෙහෙල දකුණු( නැගෙනහිර) කෙලවර ගල් තලාවට එන්න පුලුවන් උනා. එතනින් පස්සෙ තමයි මම ජීවිතේ දැකපු හොදම හුලන් පාර පටන් ගත්තේ. ඊට පස්සෙ කන්ද ගැට්ටට ඇවිත් මීදුම ගහන් යන දිහා බලන් හිටියා. අපිවත් ගහන් ගියා නම් මාතලෙන් අහුල ගන්න වෙන්නේ. මේකත් මහනුවර මාතලේ දිස්ත්‍රික් මායිමමේ කොටසක්. කන්දේ ගැට්ට දිගේ හෙමිට හෙමිට ඊලග ගල් තලාවට ආවා.. ඒ ගල් තලාවෙන් පස්සෙ පොඩි බැවුමක් තිබ්බා. කොහොම හරි ගල් තලා, කැලේ කෑලි දෙක තුනක් පහු කරන් අපි උසම තැනට ආවා. මුදුනේ ගැට්ට දිගේ තරම්ක් පැහැදිලි සත්තු ගියපු අඩි පාරක් තිබ්බා. ගෝන අඩි, ගෝන වසුරු ඕනි තරම් දැක ගන්න පුලුවන් උනා. අනිවාර්යයෙන් කොටියත් ඉන්න පුලුවන් ඒ නිසා. මීදුම් හුලං නම් කිසිම අඩුවක් උනේ නෑ. සීතලේ වෙව්ල වෙවල ගියේ අපි. සම්පූර්ණ ගමනේම උෂ්ණත්වය ගත්තත් 10-15 °C වගේ ඇති. 😂 රත්නතැන්නට හවස 5 වගේ වෙද්දි බැහැගන්න පුලුවන් උනා අපිට.
    හොදට කාලා දලු මඩුවක් අස්සෙ එදා රෑ හිටපු නිසා වැස්සෙන් ටිකක් හරි බේරිලා නිදා ගන්න පුලුවන් උනා. පහුවදා උදෙන්ම දොල පාරෙන් නාල තලිය වැටුන ඇල්ලත් බලාගෙනම ආවා. 🤩
    කවදාවත් අමතක වෙන් නැති ගියපු සුපිරිම ගමනක්. වැස්ස බලාගෙනම ගිහිල්ලා ඉල්ලන් කාපු සීන් එකක් කිව්වොත් හරි 🙏
    My favorite in Knuckles is to look at the Yakkungehela at the top of Gombaniya. The view becomes very beautiful when the sun rises a little and the sun falls on the floors of the yakkungehele and joins with the shadows. This mountain in Yakkungehela is a giant mountain as high as Gombaniya. Knuckles can be said to be the second highest mountain.
    Subscribe my TH-cam channel for watch more videos :- / @nadeeshasumanasekara
    My travel vlogs playlist :- • Travel Vlogs
    Knuckles playlist :- • Knuckles Vlogs | Sri L...
    Follow me on Facebook :- / nadeesha.pabasara
    #nadeeshasumanasekera #travel #srilanka #camping #campinglife #travelvlog #traveling #travelling #vlog #vlogs #hiking #sinhala #Devils' Cliff #knuckles Mountain Range

ความคิดเห็น • 61

  • @priyanipriyani5546
    @priyanipriyani5546 8 หลายเดือนก่อน +2

    🙏 putha mata me video..dakkinna labune pereda ada idanma thuna hatarakma tika tika mehe welawen..pandara aka wenakamma baluwa.dan.welawa12.24i pandara.harima lashshanai video.shamaharak welawata ahenne na.hulaga nisha.me ms aka .dakida .danne .na .dakkoth riplay akak danna.gamananthayata yaddi .raawenna kalin yanta.raa kaluware shaththu ahe mehe yana welawa neda.oyala hari washanawanthai ohoma video karamin yanna.ape kale owa thibune na puthe.a wagema parishshamin oya hela pahala nigiddi.api jewitheta dakala nathi .than pennanawata godak pin puthe.puthalage gama koheda.math nuwarata aha kenek.matath daruwo thundenek innawa.man..daruwanta .uganwanta shalli nathi nisha pitarataka inne..putha hodata kadu mun gana dannawa neda.kohe giyath parishshan wela yanta anta hamoma.oya wage .video thawa thawath gena amata hakiwewa.dan..tikakata kalin man wada iawarawela awe.awith me videowa tikak baluwa .bs putha.ma gana vishthara lewe danaganimatai puthe.

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  8 หลายเดือนก่อน

      බොහොම ස්තුති 🥺🫶 ගොඩක් වටිනවා මේ comment එක. පරිස්සමට යන්නම්. දිගටම වීඩියො ගේන්නම් 💚🤩

    • @priyanipriyani5546
      @priyanipriyani5546 8 หลายเดือนก่อน

      @@NadeeshaSumanasekara thank u riplay..kalata puthe bs.kamathinam puthage nambare denta putha wagema daruwo matath innawa.2003ipaduna puthek matath innawa.aya igena gannawa thawma.apita viktoriyawa ahema .godak lagai.putha nishai man me rata awith .inne kiyawsnawa wadida manda.mata harima shathutui ms akak awwata.man me aurudde lankawata anta inne shiyalu devi pihiten budu sharanin .nuwra awoth .muna gahemu puthe maligawata .nuwara awa gaman anawa man.ai danne na.magema daruwek .kiyana hagimak mata awa putha dakkiddi.parishshamin .innan putha .hodin inna.athakota .vishwayath .deviyoth .budausharanath oyalaw araksha karavi.

  • @TravelSaki
    @TravelSaki 9 หลายเดือนก่อน +3

    supiriyak machan

  • @SuwaaZ
    @SuwaaZ 10 หลายเดือนก่อน +3

    නියමයි බ්‍රෝ. 🍃❤අපිටත් ඔය අත්දැකීමම තමයි යකා දුන්නේ🥺

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      Oww aiya mama baluwa ekaa 😍😍 aye ymuu

  • @pasindupraneeth1597
    @pasindupraneeth1597 9 หลายเดือนก่อน +2

    ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක් වගේ ❤😮

  • @Saduwasdiary
    @Saduwasdiary 5 หลายเดือนก่อน +1

    මරූ❤ ඕකෙ ගිහින් තමා මගෙ කකුලට කෙලවගත්තේ 🥹❤

  • @harshalakmal7692
    @harshalakmal7692 9 หลายเดือนก่อน +2

    Niyamai ❤❤❤❤❤❤❤❤❤

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  9 หลายเดือนก่อน

      බොහොම ස්තුති 💚🤩🍃

  • @CKSongHouse
    @CKSongHouse 5 หลายเดือนก่อน +1

    නියමයි බම්

  • @bhashithaviduranga5027
    @bhashithaviduranga5027 10 หลายเดือนก่อน +1

    gammac thamai ithin

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🌿💚🤩

  • @Ramma02
    @Ramma02 10 หลายเดือนก่อน +1

    wassai meedumai adu dwska Aaai parak naginna watina kndak ne 🌚❤

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      ඔව්ව් 🤩💚 ගොම්බානිය තරම්ම විව් එකක් තියේ

  • @ravishkamaduramya5352
    @ravishkamaduramya5352 10 หลายเดือนก่อน +1

    Nice one bosa🔥❤

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 💚🤩🍃

  • @zen6492
    @zen6492 9 หลายเดือนก่อน +1

    ❤😍

  • @Pasindu_Travel.Junkie
    @Pasindu_Travel.Junkie 5 หลายเดือนก่อน +1

    ♥️😍♥️

  • @thushanchamika4715
    @thushanchamika4715 10 หลายเดือนก่อน +1

    Aiye mama aiyage video hamadama balanawa. Math dawasaka aiya wagema awidinna puruduwenawa

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      අඩො මේ 😂 ඊලග එක කොහෙද යන්නේ 💚🤩

  • @Nawo-pn9te
    @Nawo-pn9te 9 หลายเดือนก่อน +1

    ❤🎉

  • @shiron_sampath
    @shiron_sampath 9 หลายเดือนก่อน +1

  • @nethminirathnayake3466
    @nethminirathnayake3466 5 หลายเดือนก่อน +1

    💚😍🥰

  • @indumahemal18
    @indumahemal18 10 หลายเดือนก่อน +1

    ❤️‍🩹 ඒක

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🌿💚🤩

  • @tharindusrimal3642
    @tharindusrimal3642 10 หลายเดือนก่อน +1

    Gammc thama mcn ❤ elaga para mawath ekkan ynna mthak krala ❤️❤️❤️😂

  • @srimalgihan1878
    @srimalgihan1878 10 หลายเดือนก่อน +1

    Gg bosah 🖤

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🌿💚🤩

  • @MaheshaPrasadini-d5i
    @MaheshaPrasadini-d5i 9 หลายเดือนก่อน

    ❤❤

  • @jayanidissanayaka8295
    @jayanidissanayaka8295 9 หลายเดือนก่อน

    Wow🥺 Parissamin travel krnn❤️ ,

  • @sadeerakindelpitiya217
    @sadeerakindelpitiya217 10 หลายเดือนก่อน

    ගැම්මක් භොක්කා🎉❤

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🌿💚🤩

  • @yasirunk4721
    @yasirunk4721 10 หลายเดือนก่อน +1

    ❤️‍🔥👍

  • @rajanakavinda4028
    @rajanakavinda4028 9 หลายเดือนก่อน

    🤎😀

  • @SachiyasDiary
    @SachiyasDiary 10 หลายเดือนก่อน +1

    Supiriyak bro

    • @NadeeshaSumanasekara
      @NadeeshaSumanasekara  10 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🌿💚🤩

  • @nadunsanjeevana2486
    @nadunsanjeevana2486 9 หลายเดือนก่อน +1

    💚💚

  • @rosagecharika7667
    @rosagecharika7667 9 หลายเดือนก่อน

    💚

  • @dhanukajayaweera1644
    @dhanukajayaweera1644 10 หลายเดือนก่อน +1

    ❤😍

  • @ludeeshananayakkara1364
    @ludeeshananayakkara1364 9 หลายเดือนก่อน