ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
⭕️Advertisement Details :පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰MIHIN LIYANARACHCHI👨🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
❤❤❤❤❤❤❤❤
අනේ කෝ දැන් චමා චමා චමා ඒක නැතුව පාළුයි
Dark seoson 3 enne kavadd 🙂
Dark seoson 3 review දෙන්නෙ කවදද 🙂
😢😢
2014 ඉදන් ජපන් යන්න උත්සාහ කරලා 2017 ඒක රිජෙක්ට් උනාට පස්සේ 2017 ඉදන් සිකුරිටි කලා පැය 36ක් නිදි මරලා නිදාගන්න හම්බ වෙන පැය 12 පැය 4ක් මහරගම සෙජෝන් එකෙයි පස්සේ නුගේගොඩ රොටරි එකෙයි පන්ති ගියා.ඉතුරු පැය 6ක් විතර නිදාගෙන ආයෙත් ජොබ් එකට යනවා.එහෙම කරලා එක එක ප්‍රශ්න නිසා එක්සෑම් කරගන්න බැරි උනා.2019 එක්සෑම් එකට දාලා 2020 එක්සෑම් ලියන්න ඉන්නකොට කොරෝනා ආවා.ඒත් පාඩම් කරන එක නැවැත්තුවේ නෑ.කොරෝනා වලින් පස්සේ ආපු පලවෙනි පාර 2022 එක්සෑම් කලා.2023 පෙබරවාරි ඒකේ රිසාල්ට් ආවේ.මම පාස් වෙලා 2023 දෙසැම්බර් 10 කොරියාවට ආවා.අදට මාසයකට දවස් 3 අඩුයි. මේ ෆිල්ම් එකත් මගේ කතාව වගේමයි.
Super kollek
Suba pathum... sathutin parissamin wada tika kara gena oyage anith hama heenayakmath haba kara ganna suba pathanawa.
Wow.🎉🎉
ඔයාගේ story එකමයි...ජයෙන් ජය සහෝ
Suba pathum mage sahodaraya ❤
මම A/L 1st shy එක මගේම වැරදි නිසා කෙලෝගත්තා, මම AL කලේ biology වලින් , ලොකුම හීනේ උනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන්න 🥺❤ , 1st shy එක කලා , results ආවා , මම විෂයන් තුනම fail වෙලා ( FFF ) , දරාගන්න බැරිවුනා ඒ දවස මට 🥺 , හැමෝම බැන්නා , කාලකණ්ණියා කියල බැන්න , ගමේ මිනිස්සු නොසෑහෙන්න ඇනුම් පද කිව්වා, අන්න අරෑ මහලොකුවට biology තෝරගෙන තුනම fail වෙලා කියල හිනාඋනා 🥺 , මම තීරණය කළා මම ආයෙත් කරන්න ඕනිමයි මේක, කොහොමහරි වෛද්‍ය පීඨයට යන්නම ඕනේ කියල හිතුවා , ඒත් අපේ ගෙදර අය මට 2nd shy එක කරන්න වියදම් කලේ නෑ , උබ ඕන දෙයක් කරගනින් , අපි ආයෙත් උබ ගැන හොයන්නේ නෑ කියල මාව පැත්තකටම කලා 🥺 , මට 2nd shy එක skip කරන්න උනා , මොකද මට ආයෙත් පන්ති යන්න සල්ලි තිබ්බේ නෑ , ගෙදරින් සල්ලි දුන්නෙත් නෑ 😢 , මං බාස් කෙනෙක් එක්ක කුලී වැඩ වලට ගියා , ඒකත් මාස ගානක් කරල කරල සල්ලි එකතු කරගෙන ආයිත් පන්ති ගියා , physics වලට ගිය සර්ගෙන් free card එකකුත් ඉල්ලගත්තා , මොකද මගේ අතේ ලොකු සල්ලියක් නැති නිසා , කවදාවත් ජීවිතේ නොකරපු කැපකිරීමක් කලා , skip 2nd shy එකත් කලා , results ආවා , BBB තිබ්බ 😢 , ඒත් ඒ ප්‍රතිඵලය මදි වෛද්‍ය පීඨයට යන්න, ඊට පස්සේ ගමේ මිනිස්සු තවත් හිනා උනා , මේ පාරත් වෛද්‍ය පීඨ යන්න බෑ නේද කියල , ඒ හැමදේම මැද්දේ මං අවුරුදු 22 දී මම මගේ අන්තිම 3rd shy එකත් කලා , ප්‍රතිඵල ආවා , AAA එක්ක මම කලුතර දිස්ත්‍රික්කයේ BIOLOGY stream එකෙන් 1 වෙලා තිබ්බ 🥺❤ ලංකාවෙන්ම 22 වෙනියා උනා , ඒ දවසේ මට ඇත්තටම ඇඩුනා 🥺❤ , කොලබ වෛද්‍ය පීඨයට යන්න පුලුවන් උනත් මගේ කැමත්ත හැමදාම තිබ්බේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයට, ඉතින් අද මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නවා ❤😘😍 , ඉතින් මම කියන්නේ නංගිල , මල්ලිලාට අපේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනත් ආයිත් නැගිටින්න ඕනේ , හැමෝම හිනාවෙද්දි , උබට ඕක කරන්න බෑ කියල කියද්දී අපි ඒක කරල පෙන්නන්නම ඕනේ 😊 restart
wow superb. Oyata udawwak oni nam kiyanna malli
අම්මෝ උබනම් නියම කොල්ලෙක් මචං..💓💓💓
🎉
Anee mata nma aduna ekata 😢😢😢
Woww ❤❤ oya nam ❤
මුල් පාර O/L ෆේල් වෙලා දෙවෙනි පාර පාස් උනා. උසස් පෙළ 3 පාරක් කරලා කැම්පස් ගිහින් අද ලංකාවට ම සිංහල විෂය උගන්වන සර් කෙනෙක් මම. 🦾🦾
දවසක හරියන්න ඕනේ. අම්මා තාත්තා සතුටු කරන්න බලන් ඉන්න, උත්සහවන්ත ලස්සන හදවත්වලට...🥺❤ කට්ට කාලා හරි ගොඩ යන උන්ට ජය වේවා.
💜️
❤
Aniwaranma bro akama patuma
ඇත්තටම ඇඩූනා😢 කියන්න වචන නෑ, මමත් exam එකට පාඩම් කරණවා මේක දැක්කම මටත් මාව මතක් උනා, මේ වගේ film ගෙනාවට බොහොම ස්තුති❤
මේ තියෙන්නෙත් මගේ ජීවිත කතාවමයි. වෙනසකට තියෙන්නෙ මනෝජ්ට ශ්‍රද්ධා ළග හිටියත් මං මගේ ගමන ආවේ මගේ අම්මයි තාත්තයි එක්ක. ඒ දේ ඇරෙන්ඩ මනෝජ්ගෙ ජීවිතේ ගොඩක් දේවල් මගේ ජීවිතේ වුනු දේවල්මයි ❤ දුක් කරදර ඉවසගෙන, අඩපු වාර අනන්තයි 💪
වැටෙන්න පුලුවන් අඩියටම වැටිලා ඉන්නේ.මේක බලලා දරුවත් ලගට අරන් ගොඩාක් ඇඩුවා.හිතට ලොකූ හයියක් ආවා ආපහු නැගිටිනවා කියලා 😔❤️
ජීවිතේ කනපිට පෙරල්ල පුලුවන් ඔයාට💜️
Good luck
❤තෙරුවන් සරණයි ❤
👍
ඇත්තටම අද වෙනකම් බලපු ප්‍රයෝජනවත්ම, විශිෂ්ට ම movie එක.මෙච්චර දුප්පත් ළමයා එතනට ගියානම් අපි ට බැරිවෙන්නේ කොහොම ද? පාඩම් කරද්දී කම්මැලි හිතුනහම මනෝජ් පිටි මෝලේ පාඩම් කරපු හැටි මතක් වෙනවා. සුපිරි motivation movie එකක්. 👌👌👌
12 fail
❤❤❤
තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන අයට ගොඩක් වටින කතාවක් මේ වගේ තව film ඕන . මේ film එක බලල ඉවර වෙද්දි ඇඩුනා ඒ තරමට ලස්සනයි .🥺❤️
මටත් 🥺🥺🥺aduna 😩😩😩
❤❤❤❤❤😊😊😊😊😊😢
මේ වගේ motivational movies තවත් ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් . ඒක කට්ටකාල ගොඩයන්න දගලන අයට ලොකු හයියක් . Thank u inside cinemax ❤
මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි අයියා ගෙනාපු film එක නිසා හිතට ලොකු ශක්තියක් ආවා අයියෙ 😊...මාත් මගෙ හීනෙට යනවා කොහොමහරි,,,,thank you sooo much අයියෙ...❤️💖❤️💖❤️💖
Mee too
Mokakd oyage heene?❤
සිනමාවට එහා ගියපු එක්ස්ප්ලෙන්ඩ් එකක්❤ මේවගේ සුපිරි ජිවිතෙට වැදගත් වෙන ෆිල්ම් ගේන ඔයාට සම්මානයක් දෙන්න ඕන අයියේ. ෆිල්ම් එකේ රසය කිසිම විදිහකින් අඩු නොකර ඒ ෆිල්ම් එකට උපරිම සාදාරනයක් කරනඔයා ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.ආදරෙයි සිනෙමැක්ස්❤❤❤
මුකුත් ඕන නැ අම්මේ මම පාස් කියලා කියන්න තාබ්බනම් ඇති.මොකද අම්මා තාත්තගේ හිනාව තමයි වැදගත් ❤
Ekenm
AL කරන නංගිල මල්ලිලට පොඩි motivation එකක් දෙන්න මේක ලියන්න හිතුවෙ,මගේ first shy result එක තිබ්බෙ ccs,2020 තමා මම first shy එක කරේ maths stream එකෙන්,First shy Result එන්න කලින්ම මම 2021 second shy එක ලියන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ,හැබැයි 2021 exam එකට සති තුනක වගේ කාලයක් තියෙද්දි මට ඩෙංගු උන හැදුන නිසා මම හිතුවෙ නැති විදිහට මට 2021 exam එක skip කරන්න වෙනව,හැබැයි 2022 exam කරන්න මම ආයෙත් මුල ඉදන් class යන්න පටන් ගත්ත,2022 exam එකට මම සෑහෙන්න මහන්සි වෙලා පාඩම් කරා,ඒ මහන්සියෙ ප්‍රතිඵල විදිහට 2022 AL exam එකෙන් AAB වගේ result එකක් ගන්න පුලුවන් උනා,අද මේ video එක බලද්දි මම පේරාදෙණිය campus එකේ ඉංජිනේරු පීඨයට select වෙලා ඉන්නෙ,Exam කරන නංගිල මල්ලිලට අන්තිමේට පොඩි දෙයක් කියන්න කැමතියි, තමන්ට target එකක්,හීනයක් තියාගන්න,තමන් ගැන විශ්වාසය තියාගන්න.තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් තමන්ටමයි,එහෙනම් මහන්සි වෙලා තමන්ගෙ හීනය වෙනුවෙන් වැඩ කරන්න,Good Luck හැමෝටම!!!
☺️❤️
ඔයා වගේ මයි මාත් 🥺🥺22al කරන්න හිටියේ. කොච්චර දක්ෂ උනත් අන්තිම ටිකේදි ගෙදර පදිපෙලෙන් වැටිලා ලියාගන්න බැරිඋනා 🥺ඒ කලේ යද්දී මට අම්මට කඩේට උදවු කරන්න යන්න උන් උදේ අම්මා එකක් කඩේට ගියාම ආයේ රෑ 8,9 ගෙදර එද්දී. මාර මහන්සි ඇගට ගොඩක් එත් හිතුවේ නහැ අම්මා pau නිසා ආයේ උදේ නැගිටලා යනව කඩේට. අන්තිම මාස 6 වගේ තියෙද්දී අම්මා කීවා කඩෙත් ටිකක් එතකොට bussiness හැදිලා තිබ්බ ගෙදරට ගෙනල්ල මන් උගන්නම් කියලා මොකද මට ඒ වෙද්දීත් කිසිම යාළුවෙක් නහැ. ඒ කරන්න ගද්දී ගෙදර ප්‍රශ්න නයක් වෙලා මන් අම්මගේ පැත්තට කතා කරන්න ගිහින් මට අයියා, අක්කා ගැහුවා ඒ එදා මන් ගෙදර නතර උනා exam එකට පාඩම් කරන්න ගන්න ඕනේ කියලා කඩේට යන්නේ නැතුව. මට එදා හිතුනා ඇයි මන් ජිවත් වෙන්නේ කියලා මගෙන් හැමෝටම වදයක් මගේ අම්මට vitharayi මාව වටින්නේ කියලා. එදා එම ගුටි කාපු නිසා තුවාලත් උනා අම්මා ගෙදර එද්දී මන් ඇදේ අමාරුවෙන් එදා නිදි. එදායින් පස්සේ මන් ආපහු ලෙඩ උනා මන් online class එකට යනවා කියලා ගෙදර edan වැඩ කරන්න ගත්ත හිතත් හදාගෙන එත් මට පැයක්වත් ඉදගෙන ඉන්න bh මගේ කොන්ද damege වෙලා. මට ලොකු දුකක් අවා class ekavath සල්ලි elluve අම්මගෙන්. මොකද අපි දෙන්නා මහන්සි වෙලා hada ගත්ත කඩේන්. එම එකේ සහෝදරයෝ නිසා මට exam ඒක දෙවෙනි පාරවත් කරගන්න බැරි උන්. කමක් නහැ මිනිස්සු එදත් කීවා මන් exam ඒක අතරිද්දී අතාරින්න එපා කියලා. මොකද හැම වේදනාවක්ම් හන්ගේගන ඉන්න නිසා වෙන්න ඇති. මන් 24 ලියනවා අනිවරෙන්. මගේ හීනෙ ජපුර. මන් try කරනවා අමාරුවෙන් හරි අද ඉදන් ❤. Thanks ඔයාට අයියෙක්ද අක්කෙක් ද කියලා දන්නේ නහැ මට ඔයා කීවට පස්සේ හයියක් අවා ❤පින් ඔයාට 🙏🏻
@@jayanthiyashop-sz9xu තමන්ගේ හිතේ හයියෙන් කරන්න බැරි දෙයක් නෑ.කවුරු මොනා කිව්වත් තමන් ගැන විශ්වාසය තියාගෙන දිගටම වැඩ කරන්න,අනිවාර්යයෙන් තමන්ගෙ හීනෙට යන්න ඔයාට පුලුවන්.Good luck!!!❤
Thank you එකට .ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනො මාත් 2024 ලියන්නේ AL Art වලින් අනිවාරෙන්ම Island Rank එකක් දාලාම පාස් වෙනො❤
@@AnuradhaPerera-pu7kdඅනිවාරෙන් ඔයාට පුලුවන්,ඔයා හිතන result එකටත් වඩා හොද result එකක් ගන්න ලැබෙන්න කියල wish කරනව,good luck!!!❤
පොඩි කාලෙ ඉදල 12 km විතර පයින් ඉස්කෝලේ ගිහින් සමහර දවසට වේල් තුනම බඩගින්නෙ ඉදල පුළුවන් තරම් කට්ටක් කාල ඉගෙන ගෙන ol වලට A5 B3 C 1 ගත්ත වැලි දාල සල්ලි හදාගෙන AL වලට පොත් ටික ගත්ත ඒ අස්සේ කොරෝනා ,රටේ ආර්ථික ප්‍රශ්න හැමදේම එක්ක බින්දුවටම වැටුනත් අතාරින් නැතුව උසස් පෙළ ලිව්ව...ඒ තුනයි දිස්ත්‍රික්කයේ තුන අද මන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයාවක්..මේ යන ගමනට අම්ම තාත්ත කොච්චර කැප උනාද කියනවනම් තාත්තට heart attack දෙවෙනි පාරටත් ආව ...ඒත් අතාරින් නෑ ජීවිතේ දිනලමයි කවද හරි නවතින්නේ... උත්සාහය අතාරින්න එපා කවදම හරි දිනනවම තමයි❤😊
Common ඔයාට පුලුවන්
Wow...wonderful keep up your good work. You will never fail
Theruwansaranai ......! Obe jaya niyathai..
Wow.. oya nam maara dakshai lamayek .good luck
Absolutely u can❤😢😊.
මාත් ගොඩක් මහන්සි වෙලා උපාධිය අවසන් කලා,දැන් හොද රටකට යන්න උත්සහ කරනවා කොහොම හරි,මෙ ෆිල්ම් එකෙන් මට ගොඩක් ලොකු උත්තෙජනයක් ලැබුනා❤
අම්මයි තාත්තයි දෙන්නම නැතිව හීන කන්දක් හිතේ තියාගෙන නොවිදිනා දුක් විදිනවා මාත්.කවදහරි මගේ හීන හැබෑකරගන්නවමයි.ටික ටික එකින් එක මගේ හීන හැබෑවෙද්දි මට දැනෙනවා මගේ අප්පච්චි මන් දිහා බලන් ඉන්නවා කියලා ..මං ගොඩක් ආදරෙයි අප්පච්චි 💖 මං කොහොමහරි දිනනවා
Oyt puluwan ❤
wow.. great. you can do it
@@nishan-senevirathne ඔව් මට පුලුවන්
Yes.. you believe in your self ❤😊❤😊❤😊
❤දිනනවාමයි ඉක්මනටම
මම සා පෙල 3 පාරක් ලියුවා නමුත් A/L හොදට පසු උනාදුප්පත් රස්සාවක් ඕනි නිසා පොලිසිට ගියා දැන් ඉන්නෙ පිටරට භාෂා 4ක් පුලුවන් ඉතා හොද ජීවිතයක් හම්බ උනා
මේකට වඩා ටිකක් වෙනස් මගේ කතාව. ආදරය මඟදි මඟ හැරුනා. මම තනි උනා. අම්මා අප්පච්චි පවුලේ අය හැමෝම මාව තනි කළා. තවමත් එහෙමම තමා. අඩපු වාර ජීවිතය අතාරින්න හිතුන වාර අනන්තයි. ඒත් මම මාව සතුටින් තියන්න තීරණය කරා. තව පියවර දෙකයි. අනිවාර්යයෙන් ම මගේ හීනය ජය ගන්නවා. 🙂
All the best ❤👍👍
තෙරුවන් සරණින් ජීවිතේ දිනන්නට දිරිය ශක්තිය ලැබේවා !
Hi
@@WoofyGIRL9090hi
Good luck ❤
මගේ එකම හීනය උනේ පොඩ් කාලේ ඉදන්ම හොද දොස්තර කෙනෙක් වෙලා රටට ලෝකයට සේවයක් කරන එක.ඒත් පොඩ් කාලේ ඉදන්ම ඒකට බාධා එල්ල කලේ මං මේ ලෝකේ ගොඩක්ම ආදරේ කරන මගේ දෙමාපියෝ දෙන්නා 🙂 හරිම වෙනස් කතාවක් මට තියෙන්නේ මං දන්නවා ඒක. දැන් මේ යන්නේ මගේ 3rd shy එක A/L shy දෙකක්ම කලා ඒත් දෙමාපියන්ගේ වෙනස්කම් ආදරේ අඩුව නිසා ශයි දෙකම අවුල් ගියා.මට ට්කක් හරි ඉගනගන්න උදව් කලේ මං ආදරේ කරන කෙනා ව්තරයි.අනිත් ලමයින්ට ආදරේ කරන කෙනාට වඩා දෙමාපියෝ ආදරේ කලාට මගේ ජිව්තේ ඒකේ අනිත්පැත්තයි සිද්ද වෙලා තියෙන්නේ.අද මං ගොඩක් මානසිකවවැට්ලා ඉන්නේ.3rd එක කරන්න මට පොතක්වත් හරියට ගන්න බැරුව ගොඩක් හිතින් අඩනවා මං 🙂💔 ඒත් මේ ෆිල්ම් එක හම්බුනේ අහම්බෙන් මට.මං මේ වෙනකම් comment කරලා නැ ඔයාලට ලොකුවට inside cinemax. ඒත් මගේ හිත හැදුවා ඔයාලා මේ ෆිල්ම් එකෙන් ❤️ ගොඩක් පිං මගේ හිත හයිය කලාට.කවදාහරි මං දොස්තර කෙනෙක් උන දවසට අනිවාරෙන්ම මං ආයේ comment එකක් දානවා ඔයාලට 😊❤️
Good Luck 😍
oya aniwarenma ee hinayata yanawa .good luck
@@1111jennie 🤍
Oyata puluwan aniwaren good luck ❤😊
මේ වගේ ෆිල්ම දිගටම දාන්න..බලාපොරොත්තු මගින් අත්හරින අය ගොඩයි දැන් මේ තියන තත්වේ එක්ක...ගොඩක් අයට ලොකු හයියක් මේවගෙන් දෙන දේ❤
මනෝජ් කියන්නේ ගොඩක් වාසනාවන්ත මනුස්සයෙක් මොකද එයාගෙ වටේ හිටපු අය එයාට පුළුවන් විඳියට උදවු කරා. මට කවදාවත් අම්මා තාත්තා ඇරෙන්න මගේ ගමනට උදවු කරපු මනුස්සයෙක් හම්බවෙලා නැහැ 🙂
එතකොට ඔයාගෙ ගමන් තවත් ලස්සනයි යාළුවා ❤🎉
@@piyu-c9k Yes♥️😌
api hamotamama kawada hari udaw karana minissu labenawa. oyatath life eke awashayama awasthawakadi e help eka aniwareyn labewi.
@@TheFlashmark hope so 😌
තැනකට යනකම්ම ඉන්නේ අම්මා තාත්තා විතරයි ..❤
ස්කෝලේ ගිහින් ඉවර වෙලා ජොබ් එකක් නැතිව අවුරුද්දක් විතර ජොබ් හෙව්වා ඊට පස්සෙ ත්‍රීවිල් එකක් හයර් කරා ඒ කරන අතරතුර පොලිසියට යන්න මාත් මාර ආසවෙන් හිටියේ හයර් ගියාම හැමදාම ගැසට් එක බලනවා කොහොමහරි මාත් අද පොලිසිය ඇවිත් අදට අවුරුදු 6ක් ❤❤
කොච්චර බදා අවාත් . හිත ශක්තිමත් ව තියාගන්න ඔන මං කොහොම හරි මගේ හිනේ ජය ගන්නවා කියලා.. 😇❤ fillm එක ලස්සනයි අයියා..Thanks inside cinemax 💗😌
Combind maths පේපරෙ අතට ආපු ගමන් මන් හිතුවේ මේ පාර මන් ඉවරයි කියලා ඒත් applied එක ආවම මට හිතුනා ඒක sure කියලා.කමක් නැහැ ඊලග පාර මගේ අන්තිම පාර.කොහොම හරි ගේමක් ගහනවා.පට්ට අය්යා review එක.inside Cinemax🔥❤️
මමත් ඊළග පාර 3rd shy කරන්නෙ . AAA දාලා මොරටු engineering යනවමයි 😊
Best of luck guys.. 😊❤
මම 2024 A/L කරන්න ඉන්න කෙනෙක් මමත් ආසයි කොහොම හරි A/L pass වෙලා නීති පිටෙට යන්න මේ film එක එකට ලොකු පිටිවහලක් වෙයි කියලා inside cinamx ❤️❤️
Math ❤
Oya monad krn subjects?
සියලුම exam වලට සභාගි වෙන හැමෝම සමත් වෙන්න ඕනි මොකද මට මගේ අයියා වගේ හිටපු කෙනෙක් නැති උනා කොරියන් හීනේ නිසා විභාගේ අසමත් නිසා එයා එල්ලිලා මැරුනා 😢😢😢
😢
කොහොමහරි මාත් පාස් වෙනවා 😢අනිද්දා exam මට.පුළුවන් උපරිම මහන්සි වෙනවා.grammar කොටස තමයි ගොඩක්ම බය stress අඩු කර ගන්න ඔයාගෙ film එකක් බලන්න ආවේ..මේකම set උනා වැඩෙ කියන්නෙ
සුබ පැතුම් ❤
හොදට කරන්න
Exam fail mam.😖ඒ උනාට grammar කොටසනෙ බයෙන් හිටියෙ ..ඒ part එකට 75%තියනවා marks .අනික්වා ට තමයු අඩු..wish කරපු හැමෝටම ❤️🙏
@@chaturijayasena1217Aye try krnna puluwan nam try krnna atharinna epa ❤
@@chaturijayasena1217 🤟🤟
මේක මෙ දවස් වල ගොඩක් famous උන නිසා ඉල්ලන්න හිටියේ බලද්දී දිලා .ඇත්තටම වටින කතාවක් ❤
කවදාහරි මගෙ කතාවත් ඔහොම විස්තර කරල කියන්න දවසක් එනකම් මම බලන් ඉන්නෙ.මොකද මමත් ඔයිට වඩා දුප්පත් උනත් හීන පස්සෙ දුවන කොල්ලෙක්💯❤️
ඔයාගෙ හීනෙට යන්න පුලුවන් වේවා සහෝදරයා❤️
හීන සැබෑ වේවා ❤❤
දුප්පත් කමට අපිව පාගන්න බැ මමදන්න තරමින් දුප්පත් මිනිස්සු තමයි හොද තැනකට ගිහින් ඉන්නෙ
Gemak gahapan kollo
Thank you roshan ayye. ඉල්ලපු විදිහටම ගෙනාවා. හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන හැමෝටම හරියන්න ඕනේ.❤
මනුස්සයෙක්ට තියෙන්නෙ ඕනේ මේ වගේ අතීතයක්❤❤.ඒක තමයි ජීවිතේට ලබන්න පුලුවන් ලොකුම සතුට. අපේ අම්ම තාත්තා මහන්සි වුන නිසා හරියට ආයෝජනය ඉතිරිය කල නිසා අපිට සල්ලි ප්‍රශ්න තිබුනේ නෑ.අදටත් අපි මහන්සි වෙන නිසා ඉතිරි කරන නිසා ඒ ප්‍රශ්න නෑ.ඒත් ලොකු කට්ටක් කෑව අදටත් කනවා.ඒත් ඒ මදි කියලා හිතෙනවා.ඒ නිසා බිංදුවේ ඉදන් පටන් ගන්න කොල්ලො කෙල්ලෝ දුක් වෙන්න එපා.ඒක වෙනම රහක්
මගෙත් A/l first shy එක කාටවත් කියන්න බැරි විදිහේ result එකක්.. ගෙවල් වල තිබුන ප්‍රශ්නත් එක්ක මට ගමේ කවුරුත් බැන්නේනම් නෑ..හැබැය් මාව ගනන් ගත්තේ නෑ..🤭.... 2nd shy එකේ හිතාගන්න බැරි result එකක් එක්ක cmps select උනා.. ගොඩක් අය සතුටට ඇඩුවා..🥺.. මන් 1st year එකේ ඉදන්ම job කරා..training ගියා.. සමහර test වලට ඉන්නත් බැරි උනා..exeprince දාගන්නත් පුලුවන් වෙන විදිහේ training ගියා.. ගිහින් ඇවිත් රෑට පාඩම් කරලා ඒ හැම දේකින්ම පස්සේ 2nd upper එකකුත් එක්ක මගේ special degree එක ඉවර කරා..ඒ හැමදේත් එක්කම out weddima multinational company එකක executive job post එකක් හම්බුනා හොද පඩියකට..හැබැය් මටත් ඉන්නවා මේ වගේම මුකුත්ම නැති කාලේ ඉදන් මන් ගාව හිටපු මගේ හය්ය..මගේ boyfreind❤️..අවුරුදු 9ක් මාත් එක්කම..,හැම දේම මට නැති කාලේක මගේ ජීවිතේට ඇවිත් අදටත්...(ඒත් මේ කතාව කියපු තරම් හරි ලේසි නෑ.. අඩපු වාර අනන්තය් මහන්සිය දැනෙද්දි..exam හෙටය් කියලා hostal යනවා.. පාඩම් කරපු ව්දිහ...මතක් වෙද්දිත් මහන්සිය්..🤭 වියදමට සල්ලි නැති වෙද්දි interviews යන්න..job වලින් reject වෙද්දි..)ඒ නිසා කවදාවත් අතාරින් එපා..ඔයාගේ මහන්සියේ ප්‍රතිපල පරක්කු ඇති..ඒත් කවදා හරි ඔයාගේ මහන්සියේ තරමට ප්‍රතිපලයක් ලැබෙනවාමය්.. මන් ඔයාලගෙන් ඉල්ලන්නේ හීන පස්සේ යද්දී අම්මා තාත්තව ඉන්න කාලයක් වෙනක්න් ආදරෙන් බලාගන්න කියලා... හීන පස්සේ දුවද්දි එයාලවත් එක්කන් යන්න..❤
මේ වගේ ඒවා තමයි මේ රටට අවශ්‍ය මමත් exam එකකට මුහුණදෙනගමන් ඒක කොරියන් මම කියනවා මේ රටත් ගොඩයන්න මේ වගේ කතා තවත් ඉස්සරහට ගේන්න කියා ❤
එක නම් පපුවටම දැනුනා තමන්ගෙ හිනෙට යන්න රැයක් දවලක් නැතුව මහන්සි වෙන කටු කන වුන්ට මේ රිවිව් එක ගොඩක් දැනෙවි 😢😢😢😢❤
❤ මට මාරම සතුටුයි මිනිසුන් මේ වගේ අඩියටම වැටිලා එකෙන් ගොඩ එන්න ඔන සහ තමන් ආපු පාර මතක තියාගන්න ඔන
බැලුවොත් අඬනවා ශුවර් 😢මන් අහපු හොඳම වචනය restart ❤
Atta ❤️☝
ජීවිතය යනු සියල්ලකගේම එකතුවකි🫠🫠🫠🫠🫠🫠✔
ඉලක්ක වලට යන්න මේ තරම් දුක් විදින හැමෝටම ජීවිත මේ වගේ සාර්ථක වෙන්න ඕනි.. සාර්ථක උන දවසට තමන් ගැනම ලොකු සතුටක් දැනේවී 😢❤❤
Mage hineta yanna meka godak uwamana Wei kiyala mn wishwasa karanawa ❤️❤️❤️❤️❤️❤️meka balana oyalatath kiyanne aniwaren dawasaka jiwithe goda yanna kiyala.
එහෙම ජිවිතේ ගොඩ දාන්න හෙවනැල්ල වගේ ඉන්න හයියෙක් වෙන කෙල්ලෙක් හැමෝටම හම්බවෙන්න ඕනි,😊
තමන්ගෙ පවුලෙ බරින් වැඩිකොටසක් ඔලුවෙ කරගහන් ඉන්න කොල්ලෙක් බලන්නම ඕනි එකක්...මන් ඊයේ බැලුවා..ඒත් cinemaxer කේක් විදියට මට මේක රොශාන් බොස්ගෙ කටහඩින් අහලා තේරුම් කරගන්න ඕනි නිසා අද බලනවා...මට හරියට ඉගෙන ගන්න බැරි උනා...ඕලෙවල් පාස්..ඒලෙවල් සමත් ඒත් කැම්පස් යන්න තරම් නෑ...ඊටපස්සෙ ඇදුම් කඩේක වැඩ කරා...ඇදුම් නමනවා,විකුනනවා,ඇදුම් පොට්ටනි එහෙට මෙහෙට ගෙනියනවා...එක එක ඒවා...ඊටපස්සෙ රියදුරු පාසලක උපදේශක කෙනෙක් විදියට වටින රස්සාවක් හම්බුනා...ඒත් මගේ තිබුන අවාසනාවකට පුරුදු කරන වෙලාවක මට හදිසි අනතුරක් වෙලා අත කැඩෙනවා...ගෙදර නවතින්න වෙනවා..ඊටපස්සෙ පොලිසියට යන්න ආස වෙලා SI යන්න හැදුවා...අන්තිම ඉන්ටෙව් එකට වෙනකන් ආවා...ඒත් දේශපාලන සහයක් නැති නිසා ඒ හීනෙත් එතනින් ඉවරයි...කමක් නෑ කියලා හිතාගෙන දුම්රිය ස්තානාදිපති ඉල්ලුම් කරා...ඒකත් මගෙ අවාසනාවට ලකුනු මදි උනා...මන් ඔහේ ගෙදරට වෙලා හිටියා...ඒ උනාට ආයෙත් මට ජීවිතේ හදාගන්න චාන්ස් එකක් ආව...චායාරූපශිල්පියෙක් ලග වැඩකරන්න...ඒත් කොරෝනා එක්ක ඒ වැඩෙත් ඇතැරෙන්න වගේ ආවා..ඒත් ඒ අයියා එයාගෙ යාලුවෙක් හරහා පෞද්ගලික ආයතනයක වැඩකරන්න මාව සම්බන්ධ කරා...මන් ඊටපස්සෙ දැනට අවුරුදු 2ක් බැනුම්,ගෙරවුම් මැද වැඩකරනවා...ඒත් මගෙ ජීවිතේ ලොකුම TURNING පොයින්ට් එක මට ලැබෙනවා...ඒතමයි මෙහෙයුම් අංශයේ වැඩකරන්න ප්‍රමෝශන් එකක් ලැබෙන්න යනවා...මන් හිතනවා මට මේ හමබෙන අවස්තවෙන් මගේ හීනෙට යන්න...මගෙ හීනෙ තමයි අම්මයි තාත්තයි එක්ක සතුටින් ඉන්න....මොකද මගෙ ජීවිතේ ආදරයක් ගැන කිසි අදහසක් නෑ..මොකද අවුරුදු 6ක් කරපු ආදරය නැතිඋනා...මගෙ කිසිම දියුනුවක් නැති නිසා...පවුලෙ බර කරට අරන් ගේමක් ගහන හැම කොල්ලටම උතුරන්න හරියන්න ඕනි ❤️❤️❤️❤️❤️ RESTART
ගැම්මක් සහෝ.. ආදරෙයි ❤️
චැනල් වලින් ගෙන විඩියො ජිවිතෙට පාඩම් කියලා දුන්නට මෙහෙම හිතට වදින්න දුන්නු එකම චැනල් එක මේක.. 🙂❤ Thanx අයීයා 🥰
ජිවිතේ අඩියටම වැටිලා ඉන්න වෙලාවක් මේක බැලුවේ😖 .ඇත්තටම ගොඩාක් ස්තුතියි රොශාන් අයියේ 😇❤
මාත් copy නොකර මගේ දැනුමෙන් ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලා exam පාස් වුනේ ඒත් copy කරලා මට වඩා ලකුණු ගන්න යාලුවන්ට දැනුම අඩු වුනත් හොරකමට ඉස්සරහට යන්න ස්වභාදහමත් ඉඩ දෙනවා..🙂 හැබැයි එයාලට වඩා අඩු රස්සාවක් හෝ කුමන දෙයක් ලැබුනත් මට සතුටුයි මොකද මං මටම අවංක වෙන හින්දා ❤
Me too🥲
හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම ලස්සන කාලයක් ජීවිතේට එන්නම ඕනි ♥️🥺👩🎓
මටත් Exam එකක් තියෙනවා April වල.මේ දවස් වල පාඩම් කරනවා.ඒත් ඔලුවෙ එක එක ප්‍රශ්න නිසා එපාවෙලා වගෙ හිටියෙ.ඒත් මේක බැලුවම මට තේරුණෙ මනෝජ් මැඩගෙන ගියපු ප්‍රශ්න එක්ක බලද්දි මට තියෙන ප්‍රශ්න මොනවද කියලා..බොහොම ස්තූතියි රොශාන් අයියේ මේ වගෙ ෆිල්ම් එකක් දැම්මට.ඇත්තටම පුදුමාකාර ශක්තියක් හයියක් ආවා වගෙ දැනුණා...හෙට ඉදන් නෙවෙ මම ආයෙ දැන් ඉදන් වැඩ කරන්න ගන්නවා...පුලුවන් අය පොඩි ප්‍රාර්තනාවක් කරන්න මට ඒ exam එක ගොඩදාගන්න පුලුවන් වෙන්න කියලා🥺❤✊
ඉගෙනගන්න උන්ට කියන්න තීන්නෙ එක දෙයයි.ඉගෙනගන්න කාලෙ ඉගෙන ගනින් නැත්තන් අනිවාරෙන් පස්සෙ කාලෙක් ඒක ගැන පසු තැවෙන්න වෙනවමයි.A/L හොදටම කරල camps යන්න.අනිත් උන් කෙල්ලො අල්ලගෙන් යාලුවො එක්ක ආතල් ගත්තට පිස්සු නටනට හිටියට උන්ගෙ ඒ ආතල් එක වැඩිකල් තියෙන්නෙ නෑ.වගකීම් වැඩිවෙනකොට තමයි කරපු ගොන්කම් මතක්වෙන්නෙ.හොදට ඉගෙනගත්ත එකාට මුලු ජීවිතකාලෙම ආතල් ගන්න පුලුවන්.ඕක තේරෙන්නෑ ගොඩක් එව්න්ට.
Atta
Best motivational film❤ඇත්තටම මේ ප්‍රශ්න එක්ක බලද්දී අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා.අපි පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් ජීවිතේ අඩියටම වැටෙනවා.හැබැයි මනෝජ් නම් ඒ අතින් සුපිරියි.ඒ වගේ දරාගැනීමක් තියෙන මිනිස්සු හරිම අඩුයි ලෝකේ.අන්තිම කොටස බලද්දී කදුලු ආවා.මේ වගේ ෆිල්ම් ගැන රිවිව් එකක් කරපු එකට inside cenemax චැනල් එකට ගොඩක් ස්තූතියි🙏
film eke name?
ඉදිරියට යන්න කට්ට කන මහන්සි වෙන හැමොටම හරි යන්න ඔනා....Thank u soo much for upload this move❤
මෙික බලපු අයට ජීවිතේ ගන්න කොච්චර දේවල් තියෙනවද කිවුවොත් ඒ ගන්න තියෙන ටික එයාලට මැරෙනකමිිම ඇති මොකොද ඉගෙන ගත්ත දෙයක් කවදාවත්ම අපතේ යන්නේ නෑ මමනමිිි කියන්නේ තාම ඉගෙන ගන්න අය මෙික බලනවානමිි අනිවාර්යයෙන්ම මෙික හිතට ගන්න ඔීන ඔයාලට එක ලොකු රුකුලක් වෙයි ❤️❤️❤️😊😊😊😊😊
අයියේ ඇත්තටම කිව්වොත් ඔයා තමයි මිනිස්සු හරි මාර්ගයට ගන්න දේවල් පැහැදිලිව මිනිස්සුන්ට කියලා දේන්නේ අයියට උතුරාන්න හරියන්න ඔන මම මිටකලින් මේවාගේ එවා බලලා නැ❤
මම මේ film එක බැලුවා සුපිරී මේක 😊 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤
අම්මෝ Me film එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මගේ අවුරුදු 21 පුරාවටම බලපු ඉන්දියන් film ekak නෑ එත් මේ film එක නම් මන් බලපු හොදම එක නියම කතාව පට්ට ලොකු අදර්ශයක් තියේ මෙකෙ උනන්දුව කැප විම අවන්ක කම නිහතමානි උත්සහය එ ඔකොම එකතු උන මෙ film එක නම් පට්ට 💥❤️
මේ ෆිල්ම් එකවෙන චැනල් එකකින් කලින් ගෙනාවා,ඒත් ඔයගේ explain කරන විදියට බලන්න අසයි ❤❤
මම අද උසස් පෙළට තාක්ෂණවේදය සදහා පංති ගියා.මන් ගෙදර ආවේ මට මොනවට බා කියලා හිතලා.ඒත් ගෙදර ආපු ගමන් නොටිෆිය ආවා.බලපු ගමන් හිතට මාර ගැම්මක් අවා.මම මගේ හීනෙට අනිවාර්යයෙන්ම යනවා.
Ado dn moko venne lesid bn tech
කොහේ , කොහොම , කාට උනත් ඇත්තටම හැමෝටම ජීවිතේට වටින ලොකු පාඩමක් මේක.❤
නියම motivational movie එකක් 🤎 A/L හොදට පාස්වෙලා Law Faculty යන හීනෙ මන් සැබෑ කරගන්නවමයි🥺
මට ඇත්තටම ඇඩුනා මට මන් ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මන් මගේ හීනෙටබ්‍යන ගමන් ඉන්නෙ අවුරුදු 6ක් තිස්සෙ මන් සෑහෙන්න දුක් විදලා විදලා අද පොඩි හරි තැනක මන් ඉන්නවා තම්න්ගේ හීනේ වෙනුවෙන් කට්ට කන මේ ලොකේ ඉන්න කිසිම කෙනෙක්ට වරදින්න එපා අපිට ජයෙන් ජය❤❤❤❤
දිගටම හරියන්න ඕනී.. ❤😊
අයියෙ මේ චිත්‍රපට මට ගොඩක් හොද ආදාර්ශයක් මට දුන්නා. මොකද මාමත් ගොඩක් ප්‍රශ්න වලට වැටුණුකෙනෙක් ඔයා මෙ වෙලාවෙ මෙක මට පෙන්නුවාට ගොඩක් ස්තුති .අයියෙගෙ චිත්‍රපට තෙරුම්කරන ව්දිහ හරිම ලාස්සනයි.❤❤❤🎉
Target පස්සේ දුවන හැම කොල්ලටම මේ වගේ හයියක් වෙන කෙල්ලක් ඉන්නම ඔනේ ❤
එතකොට Target පස්සෙ දුවන කෙල්ලොන්ට මොකද වෙන්නෙ🙂
@@heshani5499 මන් වගෙ අවන්ක කොල්ලෙක් හම්බවෙන්න ඔනේ ❤️😊
@@heshani5499කෙල්ලගෙ පස්සෙන් මන් ඉන්නවා
අන්තිම අඩියට වැටුනත් නැගිටින්න ඕනි කියන එක කියල දුන්න කතාව ක්.බොරු ව සාර්ථක දෙයක් නොවෙන බවත් හොදින් ම කියල දුන්න.මාත් බොහොම අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන කෙනෙක්.මේ වගෙ දුක් විදින හැමෝටම හිනාවෙන්න දවසක් එන්නම ඕනි.
ඇත්තටම මම 2024 මැයි OL ලියන්න ඉන්නේ. ගොඩක් වෙලාවට පාඩම් කරන්න හිතෙන්නේ නෑ. Classවල වැඩ ගොඩ ගැහිලා තියනවා. අහම්බෙන් වගේ මේ film ඒක හම්බුනේ. මේක බැලුවට පස්සේ මාරම ගැම්මක් ආවා. ආයෙත් වැඩ පටන්ගන්න ඕනි කියලා.. ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ film එකක් අරන් ආවට ♥️.. ඕන කෙනෙක් ට මාරම ආදර්ශයක් මේ film ඒක...
Masa 3n O/L goda danna puluwand?
@@Itsluvithelauපුළුවන්
ඇත්තටම ඇඩුණා 😢... මමත් ගොඩක් මහන්සි වෙලා A/L pass වෙනවා....මෙ ජිවිතේ කියා දෙන්න ලස්සන film එකක් ❤
ඇත්තටම ඇඩුනා.😢බලාපොරොත්තු අතෑරලා තිබ්බ හීනෙට අයෙත් යන්න හිත ශක්තිමත් වුනා❤
නැ ඇත්තටම අපිටත් ලෝකු ශක්තියක් උනා එකේන් ❤❤❤ගෝඩාක් ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි හැමදාමත් ඔයාලා ගේන්නේ ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් අකාවක් ❤❤තේරුවන් සරණයි ❤
මේ කතාවෙ ආච්චි වගේ මටත් නෑදෑයෙක් හිටියා.. එයා ලෙඩ ඇදේ ඉද්දිත් හැමදාම අනිත් අයගෙන් ඇහුවෙ මං දොස්තර විභාගෙ පාස් උනාද කියලා..ඒත් ඒ වෙද්දි මට දෙන්න උත්තරයක් තිබුන්නැහැ results ඇවිත් තිබුන් නැතිනිසා... ඒත් result එද්දි එයා ජීවතුන් අතර හිටියෙ නැහැ. මං medical faculty select වෙලා.. ඒත් මට එයාට ඒක කියන්න උනේනැහැ. තාම මතක් වෙද්දි පපුව පිච්චෙනවා...😢
මම වගේ කොරියාවට යන්න දඟලන ඒත් අඟහිග කං සෑහෙන්න තියන කොල්ලන්ගෙ ඡය වෙනුවෙන් මෙි ෆිල්මි එක අෂිර්වාදයක්ම වෙිවා🙏❤️😔🥺
එන්න එන්නම මේ channel එක සුපිරි වෙනවා. 😊😊 හැමදාම video Upload කරනවා නේ දැන් Respect අයියේ ඒ මහන්සියට😊❤මේක නම් සුපිරියක් 😊😊Well Done and keep going 💪
ජීවිතේ අන්තෙටම වැටුණු කෙනෙක් මාත් .. ඒත් මේක බැලුවා ම මට ජීවත් වෙන්න හයියක් ආවා.. මගේ දැන් එක ම හීනය ජපන් යන එක . මොන භාධා ආවාත් මන් අනිවාර්යයෙන් ඒක ඉශ්ට කරගන්නවා.. 🛺 thank you inside Cinemax 💞💞
කතාව නම් හුගක් පැති වලින් මට වුන සහා තාමත් වෙන දේම වගේ තමා..ඒත් සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක් නම් කවදාවත් මගේ හයියට එන්නේ නැති වෙයි.❤
ehema ewwa wenne film wala witharai 😆
@@Rcsajithනෑ ඇත්ත ජීවිතෙත් එහෙම අය ඉන්නවා.මේ ෆිල්ම් එකත් ඇත්ත කතාවක්.ඉතින් මනෝජ්ගෙ ජීවිතේ එහෙම කෙල්ලෙක් හිටියා.ඒ වගේම කෙල්ලො ඉන්නවා හැබැයි ගොඩක් අඩුවෙන්.වාසනාව තියෙන කෙනෙක්ට එහෙම කෙනෙක් ලැබෙනවා.❤😊
සමහර දේවල් වෙන්නේ අපි නොහිතන විදිහට. මනෝජ් අන්තිමට හිතුවේ එයා interview ඒක pass වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි එයා ඒක පාස් උනා. ඉතින් ඔයාටත් හොද ගෑනු ළමයෙක් හම්බවෙයි.
මමත් එක එක වැඩ හින්දා පොලිසියටත් අහුවෙලා,ගෙදර අම්මගෙයි තාත්තගෙයිත් හිත රිද්දලා එපා වෙලා ඉද්දි මගෙ යාලුවෙක් තමා උබ එක දවසක් හරි මගෙ යාලුවෙක් වෙලා හිටියනං මම මේ එවන වීඩියෝ එක බලහං කියලා මේ ලින්ක් එක මට එඋවෙ.
ෆිල්ම් එක කොච්චර ලස්සන උනත් සමහර රිවිව් බලන්න හිතෙන් නැ ඉන්සයිඩ් එකෙ තරම් හිතට දැනෙන් නැ .....ඔයාගේ වොයිස් එක පාට්ට සහෝදරයා ❤❤
මම මේ film එක දැක්කේ කලින් හැබැයි බලන්න් වෙලාවක් තිබ්බේ නැ ...මේකේ කියනවා indian වේ මේක ගහන්න ආයේ film එකක් එන්නෙ නැති වෙයි කියලා.. මම හිතන්නේ ඒක හරි.. indian වල Film fair 2022 දී හොදම film එකට හිමි සම්මානේ හම්බ වෙලා තියෙන්නෙ මේ film එකට. මේ වගෙ motivation film ගේන inside cinemax එකට ගොඩක් ස්තූතියි..❤❤❤
ඇත්තම මනෝජ්ගෙයි wife ගෙයි photo එක දැක්ක්ම ආපු ගැම්ම❤
මමත් ගොඩක් කට්ටක් කාල සැලුන් එකක වැඩකරල මගෙම කියල එකක් දැම්ම ඒත් පුදුම ප්‍රශ්න තොගයක් එනව.. මම කොහොමහරි මේකෙන්ම ගොඩ එනවා..මම ඉන්නෙ motivation පිපාසයක❤❤😢🎉
අම්මෝ නොටිෆිකේස්ශන් එක ආපු ගමන් තේ එකක් හදන් ඇදට ආවා ඇබ්බැහි වෙලා දැන්නම් 😁 Inside cinemax ❤️
මගේ කතාව සෑහෙන දිගයි😊 ජපන් ආපු ගමනක් අද මම මේ film එක බැලුවේ , සතුටුයි අතීතය මතක් උනා මගේ
මෙලෝරහක් නැති වොයිස් එකට වඩා මේක පට්ට 😍
Me channel eke thiyenne kohomath me voice ek witharai bn😂
Oya inside cinema kiyana channel 1kath ekka meka patalawagena inne.......
හැමදේටම වඩා ශක්තියක් උනේ තෙරුම් ගැනීම තියෙන ගැහැනියක් හම්බ උන එක.. තමන් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න කියල බල කරන්නෙ නැතුව මන් වෙනුවෙන් ඔයාගෙ හීනේ ඔයා ඉශ්ට කරගන්න කියල කියපු එකම ලොකු හයියක්. මම ඔය ෆිල්ම් එකත් බැලුවා review එක නම් ආසාවට බැලුවෙ ඒත් ෆිල්ම් එක වගේම මේකත් හරිම සන්වේදීව කියනවා සහොදරයා ඔයා ජය වේවා♥💪
අපිට මේ ෆිල්ම් ඵකේ වගෙ ලගින් ඉදන් උදවිකරන්න කවුරුත් නෑ ඵ් මම දවසක මගේ හීනෙට කොහොම හරි ඵනවා ඔය වගේ දෙවල් වලින් මම ගොඩක් ප්‍රතික්ෂේප වෙලා ඇති ඵ්ත් මම මගේ හීනය අතාරින්නෙ නැ මට ඔන තැනට යන්න උපරිම try කරනවා
ආයෙ ඉතින් කියන්න වචන නෑ සුපිරි කියන්නේ ඉතින් මෙන්න මේ වගේ ෆිල්ම්.වලට තමයී ❤අපිට හැමදේම තිබිලත් කරගන්න බැරි දේවල් මේ වගේ මිනිස්සු කට්ට කාගෙන දුක් විදගෙන කොච්චර නම් කරගන්නවා ඇතිද ඒ අතින් නම් ලැජ්ජයී❤ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් අයියේ ❤💛 ❤😍🌻💕💛⚡💜👍තැන්ක් යූ ඉන්සයිඩ් සිනමැක්ස් ❤
ගොඩක් වටින ෆිල්ම් එකක් තමයි මේක. මමත් මගේ හිතහින හිනයක් වෙන්න නොදී සැබෑවක් කරගන්නවා මයි👍👍💪💪💪💪💪
Super motivation මේ කතාව මාර විදිහට මාව motivate උනා මමත් එක පාරක් අසාර්ථක උනා ඒලෙවල් වලින් තව මාස 5ඉ මට දෙවෙනිපාර ලියන්න තියෙන්නෙ කොහොමරි මම මගේ හිනෙට යනවාමයි . inside cinema ඔයාලටත් ගොඩක් ස්තූතිය මේවගේ කතාවක් ඉදිරිපත් කරපු එකට ඔයාලටත් , තමන්ගෙ හීනෙට යන්න මහන්සිවෙන හැමෝටමත් හැමදාම ඉස්සරහට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . 😊👍
සුපිරි film එකක් හිතට දැනෙන විදිහට සුපිරියට review කරනවට...Thank you so much inside cinemax ❤️.
මම මේ ෆිල්ම් එක අඩන්නෙ නැතිව බලන්න ගොඩාක් උත්සහ කලා... නමුත් මට ඒක කරන්න බැරි උනා මේ ෆිල්ම් එකේ නිශ්පාදක ගොඩාක් හොදට මේක හදල තියෙනවා♥♥♥♥♥♥♥♥♥🥰🥰🥰🥰🥰🥰🤝
නියමයි අයියෙ..මේක ගැන කියන්න වචන එන්නෑ..ඒ තරම් සුපිරි...🎉❤
24.10.2024 අද අපේ ආයතනයේ මේ Film එක දාල කට්ටියට පෙන්නුවා...මම ගෙදර ඇවිත් ආයේ මේ Review එක බලනවා 😊❤
මගේ කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්ද...මාර පීඩෙනේකින් හිටියේ ජීවිතේ නැති කර ගන්න තරම්...ෆිල්ම් එක බැලුවට පස්සේ ආයේ මං හිත හදාගත්තා ඉස්සරහටම යනවා කියලා කොහොම හරි..❤
Campus ගිහිනුත් දුක නේ 😥
Mona faulty akeda inne oya
මේ වගේ movie reviews thma oni නැතුව දෙමල අය මරාගන්න ඒවා නෙවී ජීවිතයේ දිනන්න උදව්වක් වෙන ඒවා තමයි ඔනී ❤කොහොම හරි කම්ක් නෑ මේ වගේ motivational Movies ඉස්සරහටත් ගේන්න.
මගෙ කතාවත් මේ වගේම වෙයි කියලා හිතෙනවා එදාටත් මේ කතාව බලනවා මං.එක නිසා ජයග්‍රහණය කරා ගියපු ගමන් නැවත මේකට comment එකක් දාන එක තමයි මගෙ බලාපොරොත්තුව
මම අඬ අඬ බැලුව එකම film එක මෙික මෙි කොල්ල වගේ මොනකටිට කාලහරි මගේ ගේම මම ගහනවම තමයි....🥺🥺💪
❤ මගේ කතාව වෙනස්ම කතාවක් 🎉 කාට හරි ප්‍රයෝජනවත් වේවි කියලා සන්ශිප්තව කොටන්න හිතුනා....මගේ හිතේ මගේම වියාපාරයකට හීනයක් තිබුනා. නමුත් දිලිදු කම මගේ ජීවිතය හැමදේකින්ම හිරකරා. නමුත් හිතේ හිරකරගත් සිහිනය එක්ක විවිධ සුලු රැකියා කරා. සිමෙන්ති වැඩ , අත්වැඩ, පිත්තල සුද්ද කරා, කඩවල ගෝලයෙක් උනා... අන්තිමේදී company එකක gm වෙලා නැවතුනේ.. නමුත් අවාසනාවන්ත කමට ආයෙත් බින්දුවටම කඩා වැටුනා. නමුත් මගේ හීනයට පාර එලි කරමින් රුපියල් 50,000 කින් මම අපනයන වියාපාරයක් ඇරබුවා. බොහෝ කටුක අත්දැකීමක් මතින් අද වෙනකොට මගේම වියාපාරය රුසියාව , ඉන්දියාව, මාලේ, පකිස්තානය , ඉන්දුනීසියාව රටවල් ගනනාවකට මම අපනයනය කටයුතුවල නිරත වෙනවා... උත්සාහ කරන්න .. හීන වලට පියබන්න දවසක ජයගනී...සුමිත් - greenshine global
කොල්ලෙක් වෙලත් මට ඇඬුනා මේක බලනකොට.😭ජීවිතේට එන ප්‍රශ්න වලට මූණ දෙන්න ගොඩාක් හොඳ motion එකක් දෙන සුපිරිම සුපිරි movie එකක්.👌👌👌👌හැමදාම හොඳම movie review අපිට ගේනවට ස්තූතියි inside cinemax ❤🙏
සෑහෙන්න ගැම්මක් ආව ඒ කතාවෙන් 😊❤❤❤
උත්සය තියෙනම් දුප්පත් කියන්නේ වචනයක් විතරයි 😢 මහන්සි වෙලා දුක් විදලා ගොඩ යන්න උත්සහා කරන හැම කෙනෙක්ටම දවසක උතුරන්න හරි යන්න ඕන.❤❤
මටත් මෙ එන සතියෙ exm තියනව මනොජ් වගෙ මටාත් ඉන් අතැන ජොබ් එක නැති වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ එත් වැටෙන් නෑ මෙ පාර බැර්‍යි උනොත් ඉලග පරවල් ලියලා හරි හිනේට ය්නාවා ,thank you film ek ගෙනාඅවට❤️🥰
ජීවිතේට පට්ටම වටින film එකක් අපෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ පුරුද්දක් තමයි එක පාරක් කරල වැරදුනා ම ඒක අත් ඇරල දාන එක මේ ෆිල්ම් එකෙන් කියන්නෙ එක පාරක් වැටුනොත් තව නැගිටින්න හේතු ඕනි තරම් තියෙනව කියල 💝ජිවිතේට සුපුරි ම මෝටිවෙශන් එකක් දෙන සුපුරි ම ෆිල්ම් එකක් මේක අයියෙ ඔයාටත් thanks මේ ෆිල්ම් එක ගෙනත් අපිව මෝටිවේට් කරාට
අතහරින්නම ඕනී කියලා හිතිලා ඉන්න වෙලාවක මේක බැලුවේ පරාජ වෙන්නෑ අපි පරාජය භාර ගන්නකන්...♥️
⭕️Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
❤❤❤❤❤❤❤❤
අනේ කෝ දැන් චමා චමා චමා ඒක නැතුව පාළුයි
Dark seoson 3 enne kavadd 🙂
Dark seoson 3 review දෙන්නෙ කවදද 🙂
😢😢
2014 ඉදන් ජපන් යන්න උත්සාහ කරලා 2017 ඒක රිජෙක්ට් උනාට පස්සේ 2017 ඉදන් සිකුරිටි කලා පැය 36ක් නිදි මරලා නිදාගන්න හම්බ වෙන පැය 12 පැය 4ක් මහරගම සෙජෝන් එකෙයි පස්සේ නුගේගොඩ රොටරි එකෙයි පන්ති ගියා.ඉතුරු පැය 6ක් විතර නිදාගෙන ආයෙත් ජොබ් එකට යනවා.එහෙම කරලා එක එක ප්‍රශ්න නිසා එක්සෑම් කරගන්න බැරි උනා.2019 එක්සෑම් එකට දාලා 2020 එක්සෑම් ලියන්න ඉන්නකොට කොරෝනා ආවා.ඒත් පාඩම් කරන එක නැවැත්තුවේ නෑ.කොරෝනා වලින් පස්සේ ආපු පලවෙනි පාර 2022 එක්සෑම් කලා.2023 පෙබරවාරි ඒකේ රිසාල්ට් ආවේ.මම පාස් වෙලා 2023 දෙසැම්බර් 10 කොරියාවට ආවා.අදට මාසයකට දවස් 3 අඩුයි. මේ ෆිල්ම් එකත් මගේ කතාව වගේමයි.
Super kollek
Suba pathum... sathutin parissamin wada tika kara gena oyage anith hama heenayakmath haba kara ganna suba pathanawa.
Wow.🎉🎉
ඔයාගේ story එකමයි...ජයෙන් ජය සහෝ
Suba pathum mage sahodaraya ❤
මම A/L 1st shy එක මගේම වැරදි නිසා කෙලෝගත්තා, මම AL කලේ biology වලින් , ලොකුම හීනේ උනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන්න 🥺❤ , 1st shy එක කලා , results ආවා , මම විෂයන් තුනම fail වෙලා ( FFF ) , දරාගන්න බැරිවුනා ඒ දවස මට 🥺 , හැමෝම බැන්නා , කාලකණ්ණියා කියල බැන්න , ගමේ මිනිස්සු නොසෑහෙන්න ඇනුම් පද කිව්වා, අන්න අරෑ මහලොකුවට biology තෝරගෙන තුනම fail වෙලා කියල හිනාඋනා 🥺 , මම තීරණය කළා මම ආයෙත් කරන්න ඕනිමයි මේක, කොහොමහරි වෛද්‍ය පීඨයට යන්නම ඕනේ කියල හිතුවා , ඒත් අපේ ගෙදර අය මට 2nd shy එක කරන්න වියදම් කලේ නෑ , උබ ඕන දෙයක් කරගනින් , අපි ආයෙත් උබ ගැන හොයන්නේ නෑ කියල මාව පැත්තකටම කලා 🥺 , මට 2nd shy එක skip කරන්න උනා , මොකද මට ආයෙත් පන්ති යන්න සල්ලි තිබ්බේ නෑ , ගෙදරින් සල්ලි දුන්නෙත් නෑ 😢 , මං බාස් කෙනෙක් එක්ක කුලී වැඩ වලට ගියා , ඒකත් මාස ගානක් කරල කරල සල්ලි එකතු කරගෙන ආයිත් පන්ති ගියා , physics වලට ගිය සර්ගෙන් free card එකකුත් ඉල්ලගත්තා , මොකද මගේ අතේ ලොකු සල්ලියක් නැති නිසා , කවදාවත් ජීවිතේ නොකරපු කැපකිරීමක් කලා , skip 2nd shy එකත් කලා , results ආවා , BBB තිබ්බ 😢 , ඒත් ඒ ප්‍රතිඵලය මදි වෛද්‍ය පීඨයට යන්න, ඊට පස්සේ ගමේ මිනිස්සු තවත් හිනා උනා , මේ පාරත් වෛද්‍ය පීඨ යන්න බෑ නේද කියල , ඒ හැමදේම මැද්දේ මං අවුරුදු 22 දී මම මගේ අන්තිම 3rd shy එකත් කලා , ප්‍රතිඵල ආවා , AAA එක්ක මම කලුතර දිස්ත්‍රික්කයේ BIOLOGY stream එකෙන් 1 වෙලා තිබ්බ 🥺❤ ලංකාවෙන්ම 22 වෙනියා උනා , ඒ දවසේ මට ඇත්තටම ඇඩුනා 🥺❤ , කොලබ වෛද්‍ය පීඨයට යන්න පුලුවන් උනත් මගේ කැමත්ත හැමදාම තිබ්බේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයට, ඉතින් අද මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නවා ❤😘😍 , ඉතින් මම කියන්නේ නංගිල , මල්ලිලාට අපේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනත් ආයිත් නැගිටින්න ඕනේ , හැමෝම හිනාවෙද්දි , උබට ඕක කරන්න බෑ කියල කියද්දී අපි ඒක කරල පෙන්නන්නම ඕනේ 😊 restart
wow superb. Oyata udawwak oni nam kiyanna malli
අම්මෝ උබනම් නියම කොල්ලෙක් මචං..💓💓💓
🎉
Anee mata nma aduna ekata 😢😢😢
Woww ❤❤ oya nam ❤
මුල් පාර O/L ෆේල් වෙලා දෙවෙනි පාර පාස් උනා. උසස් පෙළ 3 පාරක් කරලා කැම්පස් ගිහින් අද ලංකාවට ම සිංහල විෂය උගන්වන සර් කෙනෙක් මම. 🦾🦾
දවසක හරියන්න ඕනේ. අම්මා තාත්තා සතුටු කරන්න බලන් ඉන්න, උත්සහවන්ත ලස්සන හදවත්වලට...🥺❤ කට්ට කාලා හරි ගොඩ යන උන්ට ජය වේවා.
💜️
❤
Aniwaranma bro akama patuma
ඇත්තටම ඇඩූනා😢 කියන්න වචන නෑ, මමත් exam එකට පාඩම් කරණවා මේක දැක්කම මටත් මාව මතක් උනා, මේ වගේ film ගෙනාවට බොහොම ස්තුති❤
මේ තියෙන්නෙත් මගේ ජීවිත කතාවමයි. වෙනසකට තියෙන්නෙ මනෝජ්ට ශ්‍රද්ධා ළග හිටියත් මං මගේ ගමන ආවේ මගේ අම්මයි තාත්තයි එක්ක. ඒ දේ ඇරෙන්ඩ මනෝජ්ගෙ ජීවිතේ ගොඩක් දේවල් මගේ ජීවිතේ වුනු දේවල්මයි ❤ දුක් කරදර ඉවසගෙන, අඩපු වාර අනන්තයි 💪
වැටෙන්න පුලුවන් අඩියටම වැටිලා ඉන්නේ.මේක බලලා දරුවත් ලගට අරන් ගොඩාක් ඇඩුවා.හිතට ලොකූ හයියක් ආවා ආපහු නැගිටිනවා කියලා 😔❤️
ජීවිතේ කනපිට පෙරල්ල පුලුවන් ඔයාට💜️
Good luck
❤තෙරුවන් සරණයි ❤
❤
👍
ඇත්තටම අද වෙනකම් බලපු ප්‍රයෝජනවත්ම, විශිෂ්ට ම movie එක.මෙච්චර දුප්පත් ළමයා එතනට ගියානම් අපි ට බැරිවෙන්නේ කොහොම ද? පාඩම් කරද්දී කම්මැලි හිතුනහම මනෝජ් පිටි මෝලේ පාඩම් කරපු හැටි මතක් වෙනවා. සුපිරි motivation movie එකක්. 👌👌👌
12 fail
❤❤❤
තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන අයට ගොඩක් වටින කතාවක් මේ වගේ තව film ඕන . මේ film එක බලල ඉවර වෙද්දි ඇඩුනා ඒ තරමට ලස්සනයි .🥺❤️
මටත් 🥺🥺🥺aduna 😩😩😩
❤❤❤❤❤😊😊😊😊😊😢
මේ වගේ motivational movies තවත් ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් . ඒක කට්ටකාල ගොඩයන්න දගලන අයට ලොකු හයියක් . Thank u inside cinemax ❤
මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි අයියා ගෙනාපු film එක නිසා හිතට ලොකු ශක්තියක් ආවා අයියෙ 😊...මාත් මගෙ හීනෙට යනවා කොහොමහරි,,,,thank you sooo much අයියෙ...❤️💖❤️💖❤️💖
Mee too
Mokakd oyage heene?❤
සිනමාවට එහා ගියපු එක්ස්ප්ලෙන්ඩ් එකක්❤ මේවගේ සුපිරි ජිවිතෙට වැදගත් වෙන ෆිල්ම් ගේන ඔයාට සම්මානයක් දෙන්න ඕන අයියේ. ෆිල්ම් එකේ රසය කිසිම විදිහකින් අඩු නොකර ඒ ෆිල්ම් එකට උපරිම සාදාරනයක් කරනඔයා ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.ආදරෙයි සිනෙමැක්ස්❤❤❤
මුකුත් ඕන නැ අම්මේ මම පාස් කියලා කියන්න තාබ්බනම් ඇති.මොකද අම්මා තාත්තගේ හිනාව තමයි වැදගත් ❤
❤
Ekenm
AL කරන නංගිල මල්ලිලට පොඩි motivation එකක් දෙන්න මේක ලියන්න හිතුවෙ,
මගේ first shy result එක තිබ්බෙ ccs,2020 තමා මම first shy එක කරේ maths stream එකෙන්,
First shy Result එන්න කලින්ම මම 2021 second shy එක ලියන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ,හැබැයි 2021 exam එකට සති තුනක වගේ කාලයක් තියෙද්දි මට ඩෙංගු උන හැදුන නිසා මම හිතුවෙ නැති විදිහට මට 2021 exam එක skip කරන්න වෙනව,
හැබැයි 2022 exam කරන්න මම ආයෙත් මුල ඉදන් class යන්න පටන් ගත්ත,
2022 exam එකට මම සෑහෙන්න මහන්සි වෙලා පාඩම් කරා,
ඒ මහන්සියෙ ප්‍රතිඵල විදිහට 2022 AL exam එකෙන් AAB වගේ result එකක් ගන්න පුලුවන් උනා,
අද මේ video එක බලද්දි මම පේරාදෙණිය campus එකේ ඉංජිනේරු පීඨයට select වෙලා ඉන්නෙ,
Exam කරන නංගිල මල්ලිලට අන්තිමේට පොඩි දෙයක් කියන්න කැමතියි,
තමන්ට target එකක්,හීනයක් තියාගන්න,
තමන් ගැන විශ්වාසය තියාගන්න.තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් තමන්ටමයි,
එහෙනම් මහන්සි වෙලා තමන්ගෙ හීනය වෙනුවෙන් වැඩ කරන්න,Good Luck හැමෝටම!!!
☺️❤️
ඔයා වගේ මයි මාත් 🥺🥺22al කරන්න හිටියේ. කොච්චර දක්ෂ උනත් අන්තිම ටිකේදි ගෙදර පදිපෙලෙන් වැටිලා ලියාගන්න බැරිඋනා 🥺ඒ කලේ යද්දී මට අම්මට කඩේට උදවු කරන්න යන්න උන් උදේ අම්මා එකක් කඩේට ගියාම ආයේ රෑ 8,9 ගෙදර එද්දී. මාර මහන්සි ඇගට ගොඩක් එත් හිතුවේ නහැ අම්මා pau නිසා ආයේ උදේ නැගිටලා යනව කඩේට. අන්තිම මාස 6 වගේ තියෙද්දී අම්මා කීවා කඩෙත් ටිකක් එතකොට bussiness හැදිලා තිබ්බ ගෙදරට ගෙනල්ල මන් උගන්නම් කියලා මොකද මට ඒ වෙද්දීත් කිසිම යාළුවෙක් නහැ. ඒ කරන්න ගද්දී ගෙදර ප්‍රශ්න නයක් වෙලා මන් අම්මගේ පැත්තට කතා කරන්න ගිහින් මට අයියා, අක්කා ගැහුවා ඒ එදා මන් ගෙදර නතර උනා exam එකට පාඩම් කරන්න ගන්න ඕනේ කියලා කඩේට යන්නේ නැතුව. මට එදා හිතුනා ඇයි මන් ජිවත් වෙන්නේ කියලා මගෙන් හැමෝටම වදයක් මගේ අම්මට vitharayi මාව වටින්නේ කියලා. එදා එම ගුටි කාපු නිසා තුවාලත් උනා අම්මා ගෙදර එද්දී මන් ඇදේ අමාරුවෙන් එදා නිදි. එදායින් පස්සේ මන් ආපහු ලෙඩ උනා මන් online class එකට යනවා කියලා ගෙදර edan වැඩ කරන්න ගත්ත හිතත් හදාගෙන එත් මට පැයක්වත් ඉදගෙන ඉන්න bh මගේ කොන්ද damege වෙලා. මට ලොකු දුකක් අවා class ekavath සල්ලි elluve අම්මගෙන්. මොකද අපි දෙන්නා මහන්සි වෙලා hada ගත්ත කඩේන්. එම එකේ සහෝදරයෝ නිසා මට exam ඒක දෙවෙනි පාරවත් කරගන්න බැරි උන්. කමක් නහැ මිනිස්සු එදත් කීවා මන් exam ඒක අතරිද්දී අතාරින්න එපා කියලා. මොකද හැම වේදනාවක්ම් හන්ගේගන ඉන්න නිසා වෙන්න ඇති. මන් 24 ලියනවා අනිවරෙන්. මගේ හීනෙ ජපුර. මන් try කරනවා අමාරුවෙන් හරි අද ඉදන් ❤. Thanks ඔයාට අයියෙක්ද අක්කෙක් ද කියලා දන්නේ නහැ මට ඔයා කීවට පස්සේ හයියක් අවා ❤පින් ඔයාට 🙏🏻
@@jayanthiyashop-sz9xu තමන්ගේ හිතේ හයියෙන් කරන්න බැරි දෙයක් නෑ.කවුරු මොනා කිව්වත් තමන් ගැන විශ්වාසය තියාගෙන දිගටම වැඩ කරන්න,
අනිවාර්යයෙන් තමන්ගෙ හීනෙට යන්න ඔයාට පුලුවන්.
Good luck!!!❤
Thank you එකට .ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනො මාත් 2024 ලියන්නේ AL Art වලින් අනිවාරෙන්ම Island Rank එකක් දාලාම පාස් වෙනො❤
@@AnuradhaPerera-pu7kdඅනිවාරෙන් ඔයාට පුලුවන්,ඔයා හිතන result එකටත් වඩා හොද result එකක් ගන්න ලැබෙන්න කියල wish කරනව,good luck!!!❤
පොඩි කාලෙ ඉදල 12 km විතර පයින් ඉස්කෝලේ ගිහින් සමහර දවසට වේල් තුනම බඩගින්නෙ ඉදල පුළුවන් තරම් කට්ටක් කාල ඉගෙන ගෙන ol වලට A5 B3 C 1 ගත්ත වැලි දාල සල්ලි හදාගෙන AL වලට පොත් ටික ගත්ත ඒ අස්සේ කොරෝනා ,රටේ ආර්ථික ප්‍රශ්න හැමදේම එක්ක බින්දුවටම වැටුනත් අතාරින් නැතුව උසස් පෙළ ලිව්ව...ඒ තුනයි දිස්ත්‍රික්කයේ තුන අද මන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයාවක්..මේ යන ගමනට අම්ම තාත්ත කොච්චර කැප උනාද කියනවනම් තාත්තට heart attack දෙවෙනි පාරටත් ආව ...ඒත් අතාරින් නෑ ජීවිතේ දිනලමයි කවද හරි නවතින්නේ... උත්සාහය අතාරින්න එපා කවදම හරි දිනනවම තමයි❤😊
Common ඔයාට පුලුවන්
Wow...wonderful keep up your good work. You will never fail
Theruwansaranai ......! Obe jaya niyathai..
Wow.. oya nam maara dakshai lamayek .good luck
Absolutely u can❤😢😊.
මාත් ගොඩක් මහන්සි වෙලා උපාධිය අවසන් කලා,දැන් හොද රටකට යන්න උත්සහ කරනවා කොහොම හරි,මෙ ෆිල්ම් එකෙන් මට ගොඩක් ලොකු උත්තෙජනයක් ලැබුනා❤
අම්මයි තාත්තයි දෙන්නම නැතිව හීන කන්දක් හිතේ තියාගෙන නොවිදිනා දුක් විදිනවා මාත්.කවදහරි මගේ හීන හැබෑකරගන්නවමයි.ටික ටික එකින් එක මගේ හීන හැබෑවෙද්දි මට දැනෙනවා මගේ අප්පච්චි මන් දිහා බලන් ඉන්නවා කියලා ..මං ගොඩක් ආදරෙයි අප්පච්චි 💖 මං කොහොමහරි දිනනවා
Oyt puluwan ❤
wow.. great. you can do it
@@nishan-senevirathne ඔව් මට පුලුවන්
Yes.. you believe in your self ❤😊❤😊❤😊
❤දිනනවාමයි ඉක්මනටම
මම සා පෙල 3 පාරක් ලියුවා
නමුත් A/L
හොදට පසු උනා
දුප්පත් රස්සාවක් ඕනි නිසා පොලිසිට ගියා
දැන් ඉන්නෙ පිටරට භාෂා 4ක් පුලුවන්
ඉතා හොද ජීවිතයක් හම්බ උනා
මේකට වඩා ටිකක් වෙනස් මගේ කතාව. ආදරය මඟදි මඟ හැරුනා. මම තනි උනා. අම්මා අප්පච්චි පවුලේ අය හැමෝම මාව තනි කළා. තවමත් එහෙමම තමා. අඩපු වාර ජීවිතය අතාරින්න හිතුන වාර අනන්තයි. ඒත් මම මාව සතුටින් තියන්න තීරණය කරා. තව පියවර දෙකයි. අනිවාර්යයෙන් ම මගේ හීනය ජය ගන්නවා. 🙂
All the best ❤👍👍
තෙරුවන් සරණින් ජීවිතේ දිනන්නට දිරිය ශක්තිය ලැබේවා !
Hi
@@WoofyGIRL9090hi
Good luck ❤
මගේ එකම හීනය උනේ පොඩ් කාලේ ඉදන්ම හොද දොස්තර කෙනෙක් වෙලා රටට ලෝකයට සේවයක් කරන එක.ඒත් පොඩ් කාලේ ඉදන්ම ඒකට බාධා එල්ල කලේ මං මේ ලෝකේ ගොඩක්ම ආදරේ කරන මගේ දෙමාපියෝ දෙන්නා 🙂 හරිම වෙනස් කතාවක් මට තියෙන්නේ මං දන්නවා ඒක. දැන් මේ යන්නේ මගේ 3rd shy එක A/L shy දෙකක්ම කලා ඒත් දෙමාපියන්ගේ වෙනස්කම් ආදරේ අඩුව නිසා ශයි දෙකම අවුල් ගියා.මට ට්කක් හරි ඉගනගන්න උදව් කලේ මං ආදරේ කරන කෙනා ව්තරයි.අනිත් ලමයින්ට ආදරේ කරන කෙනාට වඩා දෙමාපියෝ ආදරේ කලාට මගේ ජිව්තේ ඒකේ අනිත්පැත්තයි සිද්ද වෙලා තියෙන්නේ.අද මං ගොඩක් මානසිකවවැට්ලා ඉන්නේ.3rd එක කරන්න මට පොතක්වත් හරියට ගන්න බැරුව ගොඩක් හිතින් අඩනවා මං 🙂💔 ඒත් මේ ෆිල්ම් එක හම්බුනේ අහම්බෙන් මට.මං මේ වෙනකම් comment කරලා නැ ඔයාලට ලොකුවට inside cinemax. ඒත් මගේ හිත හැදුවා ඔයාලා මේ ෆිල්ම් එකෙන් ❤️ ගොඩක් පිං මගේ හිත හයිය කලාට.කවදාහරි මං දොස්තර කෙනෙක් උන දවසට අනිවාරෙන්ම මං ආයේ comment එකක් දානවා ඔයාලට 😊❤️
Good Luck 😍
❤
oya aniwarenma ee hinayata yanawa .good luck
@@1111jennie 🤍
Oyata puluwan aniwaren good luck ❤😊
මේ වගේ ෆිල්ම දිගටම දාන්න..බලාපොරොත්තු මගින් අත්හරින අය ගොඩයි දැන් මේ තියන තත්වේ එක්ක...ගොඩක් අයට ලොකු හයියක් මේවගෙන් දෙන දේ❤
මනෝජ් කියන්නේ ගොඩක් වාසනාවන්ත මනුස්සයෙක් මොකද එයාගෙ වටේ හිටපු අය එයාට පුළුවන් විඳියට උදවු කරා. මට කවදාවත් අම්මා තාත්තා ඇරෙන්න මගේ ගමනට උදවු කරපු මනුස්සයෙක් හම්බවෙලා නැහැ 🙂
එතකොට ඔයාගෙ ගමන් තවත් ලස්සනයි යාළුවා ❤🎉
@@piyu-c9k Yes♥️😌
api hamotamama kawada hari udaw karana minissu labenawa. oyatath life eke awashayama awasthawakadi e help eka aniwareyn labewi.
@@TheFlashmark hope so 😌
තැනකට යනකම්ම ඉන්නේ අම්මා තාත්තා විතරයි ..❤
ස්කෝලේ ගිහින් ඉවර වෙලා ජොබ් එකක් නැතිව අවුරුද්දක් විතර ජොබ් හෙව්වා ඊට පස්සෙ ත්‍රීවිල් එකක් හයර් කරා ඒ කරන අතරතුර පොලිසියට යන්න මාත් මාර ආසවෙන් හිටියේ හයර් ගියාම හැමදාම ගැසට් එක බලනවා කොහොමහරි මාත් අද පොලිසිය ඇවිත් අදට අවුරුදු 6ක් ❤❤
කොච්චර බදා අවාත් . හිත ශක්තිමත් ව තියාගන්න ඔන මං කොහොම හරි මගේ හිනේ ජය ගන්නවා කියලා.. 😇❤ fillm එක ලස්සනයි අයියා..
Thanks inside cinemax 💗😌
Combind maths පේපරෙ අතට ආපු ගමන් මන් හිතුවේ මේ පාර මන් ඉවරයි කියලා ඒත් applied එක ආවම මට හිතුනා ඒක sure කියලා.කමක් නැහැ ඊලග පාර මගේ අන්තිම පාර.කොහොම හරි ගේමක් ගහනවා.පට්ට අය්යා review එක.inside Cinemax🔥❤️
මමත් ඊළග පාර 3rd shy කරන්නෙ . AAA දාලා මොරටු engineering යනවමයි 😊
Best of luck guys.. 😊❤
මම 2024 A/L කරන්න ඉන්න කෙනෙක් මමත් ආසයි කොහොම හරි A/L pass වෙලා නීති පිටෙට යන්න මේ film එක එකට ලොකු පිටිවහලක් වෙයි කියලා inside cinamx ❤️❤️
Math ❤
❤
Oya monad krn subjects?
සියලුම exam වලට සභාගි වෙන හැමෝම සමත් වෙන්න ඕනි මොකද මට මගේ අයියා වගේ හිටපු කෙනෙක් නැති උනා කොරියන් හීනේ නිසා විභාගේ අසමත් නිසා එයා එල්ලිලා මැරුනා 😢😢😢
😢
කොහොමහරි මාත් පාස් වෙනවා 😢අනිද්දා exam මට.පුළුවන් උපරිම මහන්සි වෙනවා.grammar කොටස තමයි ගොඩක්ම බය stress අඩු කර ගන්න ඔයාගෙ film එකක් බලන්න ආවේ..මේකම set උනා වැඩෙ කියන්නෙ
සුබ පැතුම් ❤
හොදට කරන්න
Exam fail mam.😖ඒ උනාට grammar කොටසනෙ බයෙන් හිටියෙ ..ඒ part එකට 75%තියනවා marks .අනික්වා ට තමයු අඩු..wish කරපු හැමෝටම ❤️🙏
@@chaturijayasena1217Aye try krnna puluwan nam try krnna atharinna epa ❤
@@chaturijayasena1217 🤟🤟
මේක මෙ දවස් වල ගොඩක් famous උන නිසා ඉල්ලන්න හිටියේ බලද්දී දිලා .
ඇත්තටම වටින කතාවක් ❤
කවදාහරි මගෙ කතාවත් ඔහොම විස්තර කරල කියන්න දවසක් එනකම් මම බලන් ඉන්නෙ.මොකද මමත් ඔයිට වඩා දුප්පත් උනත් හීන පස්සෙ දුවන කොල්ලෙක්💯❤️
සුබ පැතුම් ❤
ඔයාගෙ හීනෙට යන්න පුලුවන් වේවා සහෝදරයා❤️
හීන සැබෑ වේවා ❤❤
දුප්පත් කමට අපිව පාගන්න බැ මමදන්න තරමින් දුප්පත් මිනිස්සු තමයි හොද තැනකට ගිහින් ඉන්නෙ
Gemak gahapan kollo
Thank you roshan ayye. ඉල්ලපු විදිහටම ගෙනාවා.
හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන හැමෝටම හරියන්න ඕනේ.❤
මනුස්සයෙක්ට තියෙන්නෙ ඕනේ මේ වගේ අතීතයක්❤❤.ඒක තමයි ජීවිතේට ලබන්න පුලුවන් ලොකුම සතුට.
අපේ අම්ම තාත්තා මහන්සි වුන නිසා හරියට ආයෝජනය ඉතිරිය කල නිසා අපිට සල්ලි ප්‍රශ්න තිබුනේ නෑ.අදටත් අපි මහන්සි වෙන නිසා ඉතිරි කරන නිසා ඒ ප්‍රශ්න නෑ.ඒත් ලොකු කට්ටක් කෑව අදටත් කනවා.ඒත් ඒ මදි කියලා හිතෙනවා.ඒ නිසා බිංදුවේ ඉදන් පටන් ගන්න කොල්ලො කෙල්ලෝ දුක් වෙන්න එපා.ඒක වෙනම රහක්
මගෙත් A/l first shy එක කාටවත් කියන්න බැරි විදිහේ result එකක්.. ගෙවල් වල තිබුන ප්‍රශ්නත් එක්ක මට ගමේ කවුරුත් බැන්නේනම් නෑ..හැබැය් මාව ගනන් ගත්තේ නෑ..🤭
.... 2nd shy එකේ හිතාගන්න බැරි result එකක් එක්ක cmps select උනා.. ගොඩක් අය සතුටට ඇඩුවා..🥺.. මන් 1st year එකේ ඉදන්ම job කරා..training ගියා.. සමහර test වලට ඉන්නත් බැරි උනා..exeprince දාගන්නත් පුලුවන් වෙන විදිහේ training ගියා.. ගිහින් ඇවිත් රෑට පාඩම් කරලා ඒ හැම දේකින්ම පස්සේ 2nd upper එකකුත් එක්ක මගේ special degree එක ඉවර කරා..ඒ හැමදේත් එක්කම out weddima multinational company එකක executive job post එකක් හම්බුනා හොද පඩියකට..හැබැය් මටත් ඉන්නවා මේ වගේම මුකුත්ම නැති කාලේ ඉදන් මන් ගාව හිටපු මගේ හය්ය..මගේ boyfreind❤️..අවුරුදු 9ක් මාත් එක්කම..,හැම දේම මට නැති කාලේක මගේ ජීවිතේට ඇවිත් අදටත්...
(ඒත් මේ කතාව කියපු තරම් හරි ලේසි නෑ.. අඩපු වාර අනන්තය් මහන්සිය දැනෙද්දි..exam හෙටය් කියලා hostal යනවා.. පාඩම් කරපු ව්දිහ...මතක් වෙද්දිත් මහන්සිය්..🤭
වියදමට සල්ලි නැති වෙද්දි interviews යන්න..job වලින් reject වෙද්දි..)
ඒ නිසා කවදාවත් අතාරින් එපා..ඔයාගේ මහන්සියේ ප්‍රතිපල පරක්කු ඇති..ඒත් කවදා හරි ඔයාගේ මහන්සියේ තරමට ප්‍රතිපලයක් ලැබෙනවාමය්..
මන් ඔයාලගෙන් ඉල්ලන්නේ හීන පස්සේ යද්දී අම්මා තාත්තව ඉන්න කාලයක් වෙනක්න් ආදරෙන් බලාගන්න කියලා... හීන පස්සේ දුවද්දි එයාලවත් එක්කන් යන්න..❤
මේ වගේ ඒවා තමයි මේ රටට අවශ්‍ය මමත් exam එකකට මුහුණදෙනගමන් ඒක කොරියන් මම කියනවා මේ රටත් ගොඩයන්න මේ වගේ කතා තවත් ඉස්සරහට ගේන්න කියා ❤
එක නම් පපුවටම දැනුනා තමන්ගෙ හිනෙට යන්න රැයක් දවලක් නැතුව මහන්සි වෙන කටු කන වුන්ට මේ රිවිව් එක ගොඩක් දැනෙවි 😢😢😢😢❤
❤ මට මාරම සතුටුයි මිනිසුන් මේ වගේ අඩියටම වැටිලා එකෙන් ගොඩ එන්න ඔන සහ තමන් ආපු පාර මතක තියාගන්න ඔන
බැලුවොත් අඬනවා ශුවර් 😢මන් අහපු හොඳම වචනය restart ❤
Atta ❤️☝
ජීවිතය යනු සියල්ලකගේම එකතුවකි🫠🫠🫠🫠🫠🫠✔
ඉලක්ක වලට යන්න මේ තරම් දුක් විදින හැමෝටම ජීවිත මේ වගේ සාර්ථක වෙන්න ඕනි.. සාර්ථක උන දවසට තමන් ගැනම ලොකු සතුටක් දැනේවී 😢❤❤
Mage hineta yanna meka godak uwamana Wei kiyala mn wishwasa karanawa ❤️❤️❤️❤️❤️❤️meka balana oyalatath kiyanne aniwaren dawasaka jiwithe goda yanna kiyala.
එහෙම ජිවිතේ ගොඩ දාන්න හෙවනැල්ල වගේ ඉන්න හයියෙක් වෙන කෙල්ලෙක් හැමෝටම හම්බවෙන්න ඕනි,😊
තමන්ගෙ පවුලෙ බරින් වැඩිකොටසක් ඔලුවෙ කරගහන් ඉන්න කොල්ලෙක් බලන්නම ඕනි එකක්...මන් ඊයේ බැලුවා..ඒත් cinemaxer කේක් විදියට මට මේක රොශාන් බොස්ගෙ කටහඩින් අහලා තේරුම් කරගන්න ඕනි නිසා අද බලනවා...මට හරියට ඉගෙන ගන්න බැරි උනා...ඕලෙවල් පාස්..ඒලෙවල් සමත් ඒත් කැම්පස් යන්න තරම් නෑ...ඊටපස්සෙ ඇදුම් කඩේක වැඩ කරා...ඇදුම් නමනවා,විකුනනවා,ඇදුම් පොට්ටනි එහෙට මෙහෙට ගෙනියනවා...එක එක ඒවා...ඊටපස්සෙ රියදුරු පාසලක උපදේශක කෙනෙක් විදියට වටින රස්සාවක් හම්බුනා...ඒත් මගේ තිබුන අවාසනාවකට පුරුදු කරන වෙලාවක මට හදිසි අනතුරක් වෙලා අත කැඩෙනවා...ගෙදර නවතින්න වෙනවා..ඊටපස්සෙ පොලිසියට යන්න ආස වෙලා SI යන්න හැදුවා...අන්තිම ඉන්ටෙව් එකට වෙනකන් ආවා...ඒත් දේශපාලන සහයක් නැති නිසා ඒ හීනෙත් එතනින් ඉවරයි...කමක් නෑ කියලා හිතාගෙන දුම්රිය ස්තානාදිපති ඉල්ලුම් කරා...ඒකත් මගෙ අවාසනාවට ලකුනු මදි උනා...මන් ඔහේ ගෙදරට වෙලා හිටියා...ඒ උනාට ආයෙත් මට ජීවිතේ හදාගන්න චාන්ස් එකක් ආව...චායාරූපශිල්පියෙක් ලග වැඩකරන්න...ඒත් කොරෝනා එක්ක ඒ වැඩෙත් ඇතැරෙන්න වගේ ආවා..ඒත් ඒ අයියා එයාගෙ යාලුවෙක් හරහා පෞද්ගලික ආයතනයක වැඩකරන්න මාව සම්බන්ධ කරා...මන් ඊටපස්සෙ දැනට අවුරුදු 2ක් බැනුම්,ගෙරවුම් මැද වැඩකරනවා...ඒත් මගෙ ජීවිතේ ලොකුම TURNING පොයින්ට් එක මට ලැබෙනවා...ඒතමයි මෙහෙයුම් අංශයේ වැඩකරන්න ප්‍රමෝශන් එකක් ලැබෙන්න යනවා...මන් හිතනවා මට මේ හමබෙන අවස්තවෙන් මගේ හීනෙට යන්න...මගෙ හීනෙ තමයි අම්මයි තාත්තයි එක්ක සතුටින් ඉන්න....මොකද මගෙ ජීවිතේ ආදරයක් ගැන කිසි අදහසක් නෑ..මොකද අවුරුදු 6ක් කරපු ආදරය නැතිඋනා...මගෙ කිසිම දියුනුවක් නැති නිසා...පවුලෙ බර කරට අරන් ගේමක් ගහන හැම කොල්ලටම උතුරන්න හරියන්න ඕනි ❤️❤️❤️❤️❤️ RESTART
ගැම්මක් සහෝ.. ආදරෙයි ❤️
චැනල් වලින් ගෙන විඩියො ජිවිතෙට පාඩම් කියලා දුන්නට මෙහෙම හිතට වදින්න දුන්නු එකම චැනල් එක මේක.. 🙂❤ Thanx අයීයා 🥰
ජිවිතේ අඩියටම වැටිලා ඉන්න වෙලාවක් මේක බැලුවේ😖 .ඇත්තටම ගොඩාක් ස්තුතියි රොශාන් අයියේ 😇❤
මාත් copy නොකර මගේ දැනුමෙන් ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලා exam පාස් වුනේ ඒත් copy කරලා මට වඩා ලකුණු ගන්න යාලුවන්ට දැනුම අඩු වුනත් හොරකමට ඉස්සරහට යන්න ස්වභාදහමත් ඉඩ දෙනවා..🙂 හැබැයි එයාලට වඩා අඩු රස්සාවක් හෝ කුමන දෙයක් ලැබුනත් මට සතුටුයි මොකද මං මටම අවංක වෙන හින්දා ❤
Me too🥲
හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම ලස්සන කාලයක් ජීවිතේට එන්නම ඕනි ♥️🥺👩🎓
මටත් Exam එකක් තියෙනවා April වල.මේ දවස් වල පාඩම් කරනවා.ඒත් ඔලුවෙ එක එක ප්‍රශ්න නිසා එපාවෙලා වගෙ හිටියෙ.ඒත් මේක බැලුවම මට තේරුණෙ මනෝජ් මැඩගෙන ගියපු ප්‍රශ්න එක්ක බලද්දි මට තියෙන ප්‍රශ්න මොනවද කියලා..බොහොම ස්තූතියි රොශාන් අයියේ මේ වගෙ ෆිල්ම් එකක් දැම්මට.ඇත්තටම පුදුමාකාර ශක්තියක් හයියක් ආවා වගෙ දැනුණා...හෙට ඉදන් නෙවෙ මම ආයෙ දැන් ඉදන් වැඩ කරන්න ගන්නවා...පුලුවන් අය පොඩි ප්‍රාර්තනාවක් කරන්න මට ඒ exam එක ගොඩදාගන්න පුලුවන් වෙන්න කියලා🥺❤✊
ඉගෙනගන්න උන්ට කියන්න තීන්නෙ එක දෙයයි.ඉගෙනගන්න කාලෙ ඉගෙන ගනින් නැත්තන් අනිවාරෙන් පස්සෙ කාලෙක් ඒක ගැන පසු තැවෙන්න වෙනවමයි.A/L හොදටම කරල camps යන්න.අනිත් උන් කෙල්ලො අල්ලගෙන් යාලුවො එක්ක ආතල් ගත්තට පිස්සු නටනට හිටියට උන්ගෙ ඒ ආතල් එක වැඩිකල් තියෙන්නෙ නෑ.වගකීම් වැඩිවෙනකොට තමයි කරපු ගොන්කම් මතක්වෙන්නෙ.හොදට ඉගෙනගත්ත එකාට මුලු ජීවිතකාලෙම ආතල් ගන්න පුලුවන්.ඕක තේරෙන්නෑ ගොඩක් එව්න්ට.
Atta
Best motivational film❤ඇත්තටම මේ ප්‍රශ්න එක්ක බලද්දී අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා.අපි පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් ජීවිතේ අඩියටම වැටෙනවා.හැබැයි මනෝජ් නම් ඒ අතින් සුපිරියි.ඒ වගේ දරාගැනීමක් තියෙන මිනිස්සු හරිම අඩුයි ලෝකේ.අන්තිම කොටස බලද්දී කදුලු ආවා.මේ වගේ ෆිල්ම් ගැන රිවිව් එකක් කරපු එකට inside cenemax චැනල් එකට ගොඩක් ස්තූතියි🙏
film eke name?
ඉදිරියට යන්න කට්ට කන මහන්සි වෙන හැමොටම හරි යන්න ඔනා....
Thank u soo much for upload this move❤
මෙික බලපු අයට ජීවිතේ ගන්න කොච්චර දේවල් තියෙනවද කිවුවොත් ඒ ගන්න තියෙන ටික එයාලට මැරෙනකමිිම ඇති මොකොද ඉගෙන ගත්ත දෙයක් කවදාවත්ම අපතේ යන්නේ නෑ මමනමිිි කියන්නේ තාම ඉගෙන ගන්න අය මෙික බලනවානමිි අනිවාර්යයෙන්ම මෙික හිතට ගන්න ඔීන ඔයාලට එක ලොකු රුකුලක් වෙයි ❤️❤️❤️😊😊😊😊😊
අයියේ ඇත්තටම කිව්වොත් ඔයා තමයි මිනිස්සු හරි මාර්ගයට ගන්න දේවල් පැහැදිලිව මිනිස්සුන්ට කියලා දේන්නේ අයියට උතුරාන්න හරියන්න ඔන මම මිටකලින් මේවාගේ එවා බලලා නැ❤
මම මේ film එක බැලුවා සුපිරී මේක 😊 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤
අම්මෝ Me film එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මගේ අවුරුදු 21 පුරාවටම බලපු ඉන්දියන් film ekak නෑ එත් මේ film එක නම් මන් බලපු හොදම එක නියම කතාව පට්ට ලොකු අදර්ශයක් තියේ මෙකෙ උනන්දුව කැප විම අවන්ක කම නිහතමානි උත්සහය එ ඔකොම එකතු උන මෙ film එක නම් පට්ට 💥❤️
මේ ෆිල්ම් එකවෙන චැනල් එකකින් කලින් ගෙනාවා,ඒත් ඔයගේ explain කරන විදියට බලන්න අසයි ❤❤
මම අද උසස් පෙළට තාක්ෂණවේදය සදහා පංති ගියා.මන් ගෙදර ආවේ මට මොනවට බා කියලා හිතලා.ඒත් ගෙදර ආපු ගමන් නොටිෆිය ආවා.බලපු ගමන් හිතට මාර ගැම්මක් අවා.මම මගේ හීනෙට අනිවාර්යයෙන්ම යනවා.
Ado dn moko venne lesid bn tech
කොහේ , කොහොම , කාට උනත් ඇත්තටම හැමෝටම ජීවිතේට වටින ලොකු පාඩමක් මේක.❤
නියම motivational movie එකක් 🤎 A/L හොදට පාස්වෙලා Law Faculty යන හීනෙ මන් සැබෑ කරගන්නවමයි🥺
මට ඇත්තටම ඇඩුනා මට මන් ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මන් මගේ හීනෙටබ්‍යන ගමන් ඉන්නෙ අවුරුදු 6ක් තිස්සෙ මන් සෑහෙන්න දුක් විදලා විදලා අද පොඩි හරි තැනක මන් ඉන්නවා තම්න්ගේ හීනේ වෙනුවෙන් කට්ට කන මේ ලොකේ ඉන්න කිසිම කෙනෙක්ට වරදින්න එපා අපිට ජයෙන් ජය❤❤❤❤
දිගටම හරියන්න ඕනී.. ❤😊
අයියෙ මේ චිත්‍රපට මට ගොඩක් හොද ආදාර්ශයක් මට දුන්නා. මොකද මාමත් ගොඩක් ප්‍රශ්න වලට වැටුණුකෙනෙක් ඔයා මෙ වෙලාවෙ මෙක මට පෙන්නුවාට ගොඩක් ස්තුති .අයියෙගෙ චිත්‍රපට තෙරුම්කරන ව්දිහ හරිම ලාස්සනයි.❤❤❤🎉
Target පස්සේ දුවන හැම කොල්ලටම මේ වගේ හයියක් වෙන කෙල්ලක් ඉන්නම ඔනේ ❤
එතකොට Target පස්සෙ දුවන කෙල්ලොන්ට මොකද වෙන්නෙ🙂
@@heshani5499 මන් වගෙ අවන්ක කොල්ලෙක් හම්බවෙන්න ඔනේ ❤️😊
@@heshani5499කෙල්ලගෙ පස්සෙන් මන් ඉන්නවා
අන්තිම අඩියට වැටුනත් නැගිටින්න ඕනි කියන එක කියල දුන්න කතාව ක්.බොරු ව සාර්ථක දෙයක් නොවෙන බවත් හොදින් ම කියල දුන්න.මාත් බොහොම අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන කෙනෙක්.මේ වගෙ දුක් විදින හැමෝටම හිනාවෙන්න දවසක් එන්නම ඕනි.
ඇත්තටම මම 2024 මැයි OL ලියන්න ඉන්නේ. ගොඩක් වෙලාවට පාඩම් කරන්න හිතෙන්නේ නෑ. Classවල වැඩ ගොඩ ගැහිලා තියනවා. අහම්බෙන් වගේ මේ film ඒක හම්බුනේ. මේක බැලුවට පස්සේ මාරම ගැම්මක් ආවා. ආයෙත් වැඩ පටන්ගන්න ඕනි කියලා.. ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ film එකක් අරන් ආවට ♥️.. ඕන කෙනෙක් ට මාරම ආදර්ශයක් මේ film ඒක...
Masa 3n O/L goda danna puluwand?
@@Itsluvithelauපුළුවන්
ඇත්තටම ඇඩුණා 😢... මමත් ගොඩක් මහන්සි වෙලා A/L pass වෙනවා....මෙ ජිවිතේ කියා දෙන්න ලස්සන film එකක් ❤
ඇත්තටම ඇඩුනා.😢බලාපොරොත්තු අතෑරලා තිබ්බ හීනෙට අයෙත් යන්න හිත ශක්තිමත් වුනා❤
නැ ඇත්තටම අපිටත් ලෝකු ශක්තියක් උනා එකේන් ❤❤❤ගෝඩාක් ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි හැමදාමත් ඔයාලා ගේන්නේ ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් අකාවක් ❤❤තේරුවන් සරණයි ❤
මේ කතාවෙ ආච්චි වගේ මටත් නෑදෑයෙක් හිටියා.. එයා ලෙඩ ඇදේ ඉද්දිත් හැමදාම අනිත් අයගෙන් ඇහුවෙ මං දොස්තර විභාගෙ පාස් උනාද කියලා..ඒත් ඒ වෙද්දි මට දෙන්න උත්තරයක් තිබුන්නැහැ results ඇවිත් තිබුන් නැතිනිසා... ඒත් result එද්දි එයා ජීවතුන් අතර හිටියෙ නැහැ. මං medical faculty select වෙලා.. ඒත් මට එයාට ඒක කියන්න උනේනැහැ. තාම මතක් වෙද්දි පපුව පිච්චෙනවා...😢
මම වගේ කොරියාවට යන්න දඟලන ඒත් අඟහිග කං සෑහෙන්න තියන කොල්ලන්ගෙ ඡය වෙනුවෙන් මෙි ෆිල්මි එක අෂිර්වාදයක්ම වෙිවා🙏❤️😔🥺
එන්න එන්නම මේ channel එක සුපිරි වෙනවා. 😊😊 හැමදාම video Upload කරනවා නේ දැන් Respect අයියේ ඒ මහන්සියට😊❤
මේක නම් සුපිරියක් 😊😊
Well Done and keep going 💪
ජීවිතේ අන්තෙටම වැටුණු කෙනෙක් මාත් .. ඒත් මේක බැලුවා ම මට ජීවත් වෙන්න හයියක් ආවා.. මගේ දැන් එක ම හීනය ජපන් යන එක . මොන භාධා ආවාත් මන් අනිවාර්යයෙන් ඒක ඉශ්ට කරගන්නවා.. 🛺 thank you inside Cinemax 💞💞
කතාව නම් හුගක් පැති වලින් මට වුන සහා තාමත් වෙන දේම වගේ තමා..ඒත් සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක් නම් කවදාවත් මගේ හයියට එන්නේ නැති වෙයි.❤
ehema ewwa wenne film wala witharai 😆
@@Rcsajithනෑ ඇත්ත ජීවිතෙත් එහෙම අය ඉන්නවා.මේ ෆිල්ම් එකත් ඇත්ත කතාවක්.ඉතින් මනෝජ්ගෙ ජීවිතේ එහෙම කෙල්ලෙක් හිටියා.ඒ වගේම කෙල්ලො ඉන්නවා හැබැයි ගොඩක් අඩුවෙන්.වාසනාව තියෙන කෙනෙක්ට එහෙම කෙනෙක් ලැබෙනවා.❤😊
සමහර දේවල් වෙන්නේ අපි නොහිතන විදිහට. මනෝජ් අන්තිමට හිතුවේ එයා interview ඒක pass වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි එයා ඒක පාස් උනා. ඉතින් ඔයාටත් හොද ගෑනු ළමයෙක් හම්බවෙයි.
මමත් එක එක වැඩ හින්දා පොලිසියටත් අහුවෙලා,ගෙදර අම්මගෙයි තාත්තගෙයිත් හිත රිද්දලා එපා වෙලා ඉද්දි මගෙ යාලුවෙක් තමා උබ එක දවසක් හරි මගෙ යාලුවෙක් වෙලා හිටියනං මම මේ එවන වීඩියෝ එක බලහං කියලා මේ ලින්ක් එක මට එඋවෙ.
ෆිල්ම් එක කොච්චර ලස්සන උනත් සමහර රිවිව් බලන්න හිතෙන් නැ ඉන්සයිඩ් එකෙ තරම් හිතට දැනෙන් නැ .....ඔයාගේ වොයිස් එක පාට්ට සහෝදරයා ❤❤
මම මේ film එක දැක්කේ කලින් හැබැයි බලන්න් වෙලාවක් තිබ්බේ නැ ...මේකේ කියනවා indian වේ මේක ගහන්න ආයේ film එකක් එන්නෙ නැති වෙයි කියලා.. මම හිතන්නේ ඒක හරි.. indian වල Film fair 2022 දී හොදම film එකට හිමි සම්මානේ හම්බ වෙලා තියෙන්නෙ මේ film එකට. මේ වගෙ motivation film ගේන inside cinemax එකට ගොඩක් ස්තූතියි..❤❤❤
ඇත්තම මනෝජ්ගෙයි wife ගෙයි photo එක දැක්ක්ම ආපු ගැම්ම❤
මමත් ගොඩක් කට්ටක් කාල සැලුන් එකක වැඩකරල මගෙම කියල එකක් දැම්ම ඒත් පුදුම ප්‍රශ්න තොගයක් එනව.. මම කොහොමහරි මේකෙන්ම ගොඩ එනවා..
මම ඉන්නෙ motivation පිපාසයක❤❤😢🎉
අම්මෝ නොටිෆිකේස්ශන් එක ආපු ගමන් තේ එකක් හදන් ඇදට ආවා ඇබ්බැහි වෙලා දැන්නම් 😁 Inside cinemax ❤️
මගේ කතාව සෑහෙන දිගයි😊 ජපන් ආපු ගමනක් අද මම මේ film එක බැලුවේ , සතුටුයි අතීතය මතක් උනා මගේ
මෙලෝරහක් නැති වොයිස් එකට වඩා මේක පට්ට 😍
Me channel eke thiyenne kohomath me voice ek witharai bn😂
Oya inside cinema kiyana channel 1kath ekka meka patalawagena inne.......
හැමදේටම වඩා ශක්තියක් උනේ තෙරුම් ගැනීම තියෙන ගැහැනියක් හම්බ උන එක.. තමන් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න කියල බල කරන්නෙ නැතුව මන් වෙනුවෙන් ඔයාගෙ හීනේ ඔයා ඉශ්ට කරගන්න කියල කියපු එකම ලොකු හයියක්. මම ඔය ෆිල්ම් එකත් බැලුවා review එක නම් ආසාවට බැලුවෙ ඒත් ෆිල්ම් එක වගේම මේකත් හරිම සන්වේදීව කියනවා සහොදරයා ඔයා ජය වේවා♥💪
අපිට මේ ෆිල්ම් ඵකේ වගෙ ලගින් ඉදන් උදවිකරන්න කවුරුත් නෑ ඵ් මම දවසක මගේ හීනෙට කොහොම හරි ඵනවා ඔය වගේ දෙවල් වලින් මම ගොඩක් ප්‍රතික්ෂේප වෙලා ඇති ඵ්ත් මම මගේ හීනය අතාරින්නෙ නැ මට ඔන තැනට යන්න උපරිම try කරනවා
ආයෙ ඉතින් කියන්න වචන නෑ සුපිරි කියන්නේ ඉතින් මෙන්න මේ වගේ ෆිල්ම්.වලට තමයී ❤අපිට හැමදේම තිබිලත් කරගන්න බැරි දේවල් මේ වගේ මිනිස්සු කට්ට කාගෙන දුක් විදගෙන කොච්චර නම් කරගන්නවා ඇතිද ඒ අතින් නම් ලැජ්ජයී❤ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් අයියේ ❤💛 ❤😍🌻💕💛⚡💜👍තැන්ක් යූ ඉන්සයිඩ් සිනමැක්ස් ❤
ගොඩක් වටින ෆිල්ම් එකක් තමයි මේක. මමත් මගේ හිත
හින හිනයක් වෙන්න නොදී සැබෑවක් කරගන්නවා මයි👍👍💪💪💪💪💪
Super motivation මේ කතාව මාර විදිහට මාව motivate උනා මමත් එක පාරක් අසාර්ථක උනා ඒලෙවල් වලින් තව මාස 5ඉ මට දෙවෙනිපාර ලියන්න තියෙන්නෙ කොහොමරි මම මගේ හිනෙට යනවාමයි . inside cinema ඔයාලටත් ගොඩක් ස්තූතිය මේවගේ කතාවක් ඉදිරිපත් කරපු එකට ඔයාලටත් , තමන්ගෙ හීනෙට යන්න මහන්සිවෙන හැමෝටමත් හැමදාම ඉස්සරහට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . 😊👍
සුපිරි film එකක් හිතට දැනෙන විදිහට සුපිරියට review කරනවට...Thank you so much inside cinemax ❤️.
මම මේ ෆිල්ම් එක අඩන්නෙ නැතිව බලන්න ගොඩාක් උත්සහ කලා... නමුත් මට ඒක කරන්න බැරි උනා මේ ෆිල්ම් එකේ නිශ්පාදක ගොඩාක් හොදට මේක හදල තියෙනවා♥♥♥♥♥♥♥♥♥🥰🥰🥰🥰🥰🥰🤝
නියමයි අයියෙ..මේක ගැන කියන්න වචන එන්නෑ..ඒ තරම් සුපිරි...🎉❤
24.10.2024 අද අපේ ආයතනයේ මේ Film එක දාල කට්ටියට පෙන්නුවා...මම ගෙදර ඇවිත් ආයේ මේ Review එක බලනවා 😊❤
මගේ කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්ද...මාර පීඩෙනේකින් හිටියේ ජීවිතේ නැති කර ගන්න තරම්...ෆිල්ම් එක බැලුවට පස්සේ ආයේ මං හිත හදාගත්තා ඉස්සරහටම යනවා කියලා කොහොම හරි..❤
Campus ගිහිනුත් දුක නේ 😥
Mona faulty akeda inne oya
මේ වගේ movie reviews thma oni නැතුව දෙමල අය මරාගන්න ඒවා නෙවී ජීවිතයේ දිනන්න උදව්වක් වෙන ඒවා තමයි ඔනී ❤කොහොම හරි කම්ක් නෑ මේ වගේ motivational Movies ඉස්සරහටත් ගේන්න.
මගෙ කතාවත් මේ වගේම වෙයි කියලා හිතෙනවා එදාටත් මේ කතාව බලනවා මං.එක නිසා ජයග්‍රහණය කරා ගියපු ගමන් නැවත මේකට comment එකක් දාන එක තමයි මගෙ බලාපොරොත්තුව
මම අඬ අඬ බැලුව එකම film එක මෙික මෙි කොල්ල වගේ මොනකටිට කාලහරි මගේ ගේම මම ගහනවම තමයි....🥺🥺💪
❤ මගේ කතාව වෙනස්ම කතාවක් 🎉 කාට හරි ප්‍රයෝජනවත් වේවි කියලා සන්ශිප්තව කොටන්න හිතුනා....
මගේ හිතේ මගේම වියාපාරයකට හීනයක් තිබුනා. නමුත් දිලිදු කම මගේ ජීවිතය හැමදේකින්ම හිරකරා. නමුත් හිතේ හිරකරගත් සිහිනය එක්ක විවිධ සුලු රැකියා කරා. සිමෙන්ති වැඩ , අත්වැඩ, පිත්තල සුද්ද කරා, කඩවල ගෝලයෙක් උනා... අන්තිමේදී company එකක gm වෙලා නැවතුනේ.. නමුත් අවාසනාවන්ත කමට ආයෙත් බින්දුවටම කඩා වැටුනා. නමුත් මගේ හීනයට පාර එලි කරමින් රුපියල් 50,000 කින් මම අපනයන වියාපාරයක් ඇරබුවා. බොහෝ කටුක අත්දැකීමක් මතින් අද වෙනකොට මගේම වියාපාරය රුසියාව , ඉන්දියාව, මාලේ, පකිස්තානය , ඉන්දුනීසියාව රටවල් ගනනාවකට මම අපනයනය කටයුතුවල නිරත වෙනවා...
උත්සාහ කරන්න .. හීන වලට පියබන්න දවසක ජයගනී...
සුමිත් - greenshine global
❤
කොල්ලෙක් වෙලත් මට ඇඬුනා මේක බලනකොට.😭
ජීවිතේට එන ප්‍රශ්න වලට මූණ දෙන්න ගොඩාක් හොඳ motion එකක් දෙන සුපිරිම සුපිරි movie එකක්.👌👌👌👌
හැමදාම හොඳම movie review අපිට ගේනවට ස්තූතියි inside cinemax ❤🙏