අම්මල දුවලා එවන්නේ ක්‍රිකට් ගහන්න විශ්වාසයක් තියන තැනකට විතරයි ඒ හින්දා මම මහ පාරේ හිටියේ - Apsari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 11

  • @ashleynanayakkara7168
    @ashleynanayakkara7168 2 หลายเดือนก่อน +3

    wow, ex Air Lanka cabin crew. so great to see you after a long time even on you tube. your contribution to Sri Lanka women's cricket is admirable. way to go Apsari. keep going.

  • @chanakawijewardena1596
    @chanakawijewardena1596 2 หลายเดือนก่อน +2

    Meya gamak gamak gane gihin me team eka haduwata. Meyata thami niyama gaurawaya lebenna oni

  • @Anju78688
    @Anju78688 2 หลายเดือนก่อน +2

    මෙතුමිය විශාල සේවයක් කලා අද අපේ රටේ කාන්තා ක්‍රිකට් මේ තත්වයට ගේන්න

  • @mystroy78
    @mystroy78 2 หลายเดือนก่อน +1

    wijayabahu kiyala school ekak thiyanewa wallawaye ,monaragala , mita awurudu 10 kalin mn as deken dakka 115 km withara bowls karane fast bowling karana girl kenek ,mn school cricket gahane kale, mn hithanne eyata dn 24 ,25 withara athi .,hoyala balanne poddak.

  • @HansithaBhashi
    @HansithaBhashi 2 หลายเดือนก่อน +1

    Mens team ekata me wage kmarayak nane galle . Colombo set eka vithrane 😢

  • @namalarana5170
    @namalarana5170 2 หลายเดือนก่อน

    අප්සාරී මහත්මිය සමග shorts එකක් නැතුව දීර්ඝ වැඩසටහනක් කරන්න පුළුවන් නම් හොදයි.

  • @irahada5961
    @irahada5961 2 หลายเดือนก่อน +1

    මෙයා ට මොනවා ද තියෙන සූදුසුකම .

    • @xtreme_lk
      @xtreme_lk 2 หลายเดือนก่อน +4

      කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශීඝ්‍ර දියුණුව පිටුපස ඉන්න බොහෝ දෙනා අතුරින් මැය බැබළෙනවා.
      ගම් වලට ගිහින් කාන්තා ක්‍රිකට් ගැන අහනකොට "අප්සාරි මැඩම් තමයි මාව හොයාගත්තේ, අප්සාරි මැඩම් තමයි නෙට් එක දුන්නේ, අප්සාරි මැඩම් තමයි සයිඩ් විකට් එක ඕපන් කරන්න ආවේ, අප්සාරි මැඩම්ට කියලා තියෙන්නේ එයා මොනවහරි කරයි" කියන කතාව අහන්න ලැබෙනවා.
      "ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය" කියලයි ඇයට කියන්නේ. ගම් දනව් වලට ගිහින් දක්ෂ ක්‍රීඩිකාවන්ව හොයාගන්න, ඔවුන්ව දිස්ත්‍රික් පුහුණුකරුවන්, පළාත් පුහුණුකරුවන්ට සම්බන්ධ කරන්න, ආධුනික ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ අනාගතය ගැන විශ්වාසයක් ඇතිකරවන්න විශාල කාර්යභාරයක් අප්සාරි මැතිණිය විසින් සිදුකරනවා.
      කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පළාත්, දිස්ත්‍රික්, පාසල් පුහුණුකරුවන්/පුහුණුකාරිනියන් කාන්තා ක්‍රිකට් සඳහා කැපවූ ආකාරය ගැන තේරුම් ගන්නට නම්, අපට මෑත ඉතිහාසයේ කාන්තා කණ්ඩායමේ නැගී සිටීම දිහා බලන්න පුළුවන්. චමරි අතපත්තුගේ පිටුපසින් තවත් ක්‍රීඩිකාවන් රාශියක් ඒ ජාතික කර්තව්‍යය වෙනුවෙන් නැගී සිටිමින් ඉන්නවා.
      ඒත් එතනට ක්‍රීඩිකාවන්ව හැදෙන්නේ '96ට පෙර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ක්‍රීඩකයන්ව හැදුණු විදියටමයි. ගමේ ගොඩේ සෙල්ලම් කරලා, වැල්වල එල්ලිලා ගිහිල්ලා, හොඳට පීනලා, දුවලා පැනලා හැදෙන ගෑණු ළමයින්ව පාසල් පුහුණුකරුවන් හෝ පුහුණුකාරිනියන් විසින් හොයාගන්නවා. ඔවුන්ව නගරයට අරගෙන එන්න "අප්සාරි තිලකරත්න සාධකය" බොහෝසෙයින් උපකාර වෙලා තියෙනවා.
      පහුගිය ශ්‍රී ලංකා-එංගලන්ත-ඕස්ට්‍රේලියා තුන්කොන් කාන්තා එක්දින තරගාවලියේදී ඉහළ දස්කම් දක්වපු, මොණරාගල කුඹුක්කන ගමෙන් ආපු 14හැවිරිදි චමෝදි ප්‍රබෝධා ඇතුළු ලාබාල ක්‍රීඩිකාවන් රැසකට නගරයට එන්න පාර හදන්නේ අප්සාරි මැතිණිය.
      ඇගේ ස්වාමි පුරුෂයා වන ලෝක ශූර ක්‍රීඩක හෂාන් තිලකරත්න කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වුනා කියලා ඇය සේවය නැවැත්තුවේ නෑ. "මේවා මගේ වැඩ නෙමෙයි" කියලා කර ඇරියේ නෑ. "මට මහන්සියි" කියලා නිකං හිටියේ නෑ. අමුතු ස්ත්‍රීවාදී පුහුමාන්නයකින් තමන්ව පුරවගත්තේ නෑ. ලස්සන පවුලකුත් ගොඩනගන ගමන්, සාර්ථක ජීවිතයක් ගත කරන ගමන් තමන්ගේ රටටත් සේවය කළා/කරනවා.
      ජාතික කාන්තා පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහත්තයා තේරී පත්වුනායින් පස්සේ ලාබාල ක්‍රීඩිකාවන් රැසකට ජාතික කණ්ඩායමේ දොරවල් ඇරිලා. ගම් වල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල පිබිදීමක් දකින්න ලැබෙනවා. ඒවා අපි ගම් වලට ගියහම දෑසින් දකින්න ලැබෙන දේවල්. සාමාන්‍යයෙන් වැඩිම ක්‍රීඩිකාවන් පිරිසක් රටට දායාද කරන්නේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන්. මාතර අනුර විද්‍යාලයත් දැන් ක්‍රීඩිකාවන් රැසක් හදමින් ඉන්නවා. ඒ පාසලේ විදුහල්පති ධුරය දරන්නේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා මේක සාමූහික කර්තව්‍යයක්.
      මේ වෙද්දී නියම ලාබාල ක්‍රීඩිකාවන් ගම්වලින් එනවා. කන්තලේ ක්‍රීඩිකාවන් දෙන්නෙක් (මාලිංග වගේ පන්දු යවන්නියක ඇතුළු), මඩකලපුවේ ක්‍රීඩිකාවන් දෙන්නෙක්, මොණරාගල, හැටන්, අනුරාධපුර වගේ ඈත නගර වලින් මේ වෙනකොටත් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ජාතික මාවතට ඇවිල්ලා.
      කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියාව තුළ තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරමින් ඉන්න මේ වෙලාවේ, ඒ පිටුපස හිටපු අප්සාරි තිලකරත්නව මතක් කරන්නම ඕන කියලා හිතුනා. ඇය විතරක් නෙමෙයි, ස්ත්‍රී/පුරුෂ බොහෝ දෙනා මේ කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ පිටුපස ඉන්නවා. ඒත් ස්ත්‍රියක හැටියට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරය කරන්නේ ඇය කියලයි මට හිතෙන්නේ. ඒ වගේ තවත් කාන්තාවන් ඈත ගම්වල ඉන්නවා. විශේෂයෙන්ම ක්‍රීඩා භාර ආචාරිණියන්. එබැවින් කාන්තා කණ්ඩායමේ ශීඝ්‍ර දියුණුව ඒ හැමෝගෙම එකතුවෙන් සිදුවුණු එකක්.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +1

      රට දෙයක් කරන මිනිස්සු ලෝකේ ta board ගහල pennane na
      හිටපු air hoster kenak
      Hoda education qulification එකක් තියනවා
      හොයල balapan මිනිස්සු ta අපහාස කරන්න කලින්