$ මුදලට මස් මාංශ ගැනීමෙන් _._._ සිදුවේද ? (Jeevaka Sutta) Mudalata Mas_Mansha Genimen _ _ Siduveda ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මුදලට මස් මාංශ ගැනීමෙන් පාපයක් සිදුවේද ? | Mudalata Mas Mansha Genimen _ Siduveda ? | නිර්මාංශ ප්‍රශ්නය | මස් මාංස ප්‍රශ්නය | Ven Ududumbara Kashyapa Thero 2015 | පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
    -----------------------------------------------------------------------------------
    taken from | උපුටා ගැනීම - නිවන් පිණිසයි
    / channel
    -----------------------------------------------------------------------------------
    පටිසෝතගාමී පටිපදා | Patisothagami Patipada
    / patisothagami
    fb patisothagamiPatipada
    / patisothagami.patipada or
    / patis0thagami
    / patisothagami
    www.plus.google... sinhala dharma deshana desana sadaham arana,Siri Sadaham Ashramaya,sadaham sadaham arana,Siri Sadaham Ashramaya,sadaham Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv( ජීවක සුත්‍රය | Jivaka Sutta /Jeevaka /jiwaka/jeewaka sutta )

ความคิดเห็น • 153

  • @DhammikaWijesinghe
    @DhammikaWijesinghe 7 ปีที่แล้ว +31

    බොහෝ දෙනෙක් මේ බව නොසිතා හෝ සිතා මතාම නොසලකා හෝ මස් මාංශ මිලදී ගැනීම සිදු කරත්. ගරුතර ස්වාමින් වහන්සේ ගේ මතය නිවැරදි බව දහමට අනුව සිතන අයට පෙනෙනු ඇත. කර්මාන්තයක් වශයෙන් මහා පරිමාණයෙන් සතුන් ඝාතනය කරන මේ යුගයේ මස් මාංශ මිලදී ගත් විට එය "පවත්ත මාංශයක් " යැයි සිතා මොහොතකට හෝ තමාගේ සිත සනසා ගත හැකිද ? භික්ෂුන්වහන්සේලා හට වැළඳීමට කැපවන "ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය " ක් ඇති නිසාත් (මිලදී ගැනීමක් මෙහිදී අදාල නැත ), පිණ්ඩ පාත පිළිගැනීමට සිදුවීම නිසාත් , දෙව්දත් තෙර ගේ මස් මාංශ අකැප කිරීමේ ඉල්ලීම අප මහා කාරුණිකයාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කිරීම, මස් මාංශ වෙළදාමට සහ ඒවා මිලදී ගෙන එයට අනුග්‍රහ දැක්වීමට ගිහියන්ට දෙනු ලැබූ අනුමැතියක් ද ? ප්‍රතික්ෂේප කලේ භික්ෂුන්වහන්සේ සම්බන්ධ තහනම වු විට එය ගිහියන්ට දුන් අනුමැතියක් ලෙසින් කටයුතු කිරීම කොතෙක් යුක්ති යුක්තද ?කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. අවිහිංසා චින්තනයත් මෙත් කරුණා සිතුවිලි ඇත්නම් නුවණට වැටහේ .

  • @dileperumaarachchigeajanth1686
    @dileperumaarachchigeajanth1686 5 ปีที่แล้ว +17

    අහිංසක සත්තුගේ ජිවිත වෙනුවෙන් මේ ආකාරයෙන් හෝ බනක් අහන්න ලැබී ම හිතට සැනසුමක් වක්ක්‍රානුකාරයෙන් හෝ මේ බව පැවසිමම ඔබ වහන්සේ ට නිවන් මගටම හේතු වේවා

  • @sasindumalith5283
    @sasindumalith5283 2 ปีที่แล้ว +2

    ඇයි ඔච්චර පින් පස්සෙ යන්නෙ? පවු කරන්න බයද? කන දෙයකින් පවක් වෙනවද? නොකෑවොත් පින් ලැබෙනවද?
    උපතින්ම මානසික ව්‍යාකූලතාවයකට පත් උන කෙනෙක් හොද නරක දන්නෙ නෑ.ඒ දරුවා පිහියක් අරන් අම්මට අනින්නේ සෙල්ලමට වගේ.අම්මා එතනම මැරෙනවා.මැරුනා කියන එකේ තේරුමවත් දන්නෙ නෑ.ජීවත් වෙනවා කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නෑ.ඇයි ඉතින් කර්මානුකූලවම ඒ ව්‍යාධිය උපතිනම් අරන් ඇවිත්.එතකොට ඒ ලමයට අම්මව මරන්න චේතනාවක් තිබ්බෙ නෑනේ? ඒ ලමයා ලෝකයක් දැක්කෙ නෑනේ? ඒත් එතන ප්‍රාණයකට හානිවෙලානේ? ඒක පවු නැද්ද? ඇයි පින් පවු හොයන්නේ ? මනසින් උසස් නිසානේ හිතන්න පුලුවන් වෙන්නේ? ලෝක ස්වභාවය තේරුම්ගන්න බැරි එකට වගකියන්න ඕනේ ඒ අම්මද? නැත්නම් ඒ ව්‍යාධියද? නැත්නම් ආත්මීය ගතියද? මස් කන එකත් ඔබේ ගති‍යක්ද?
    •හතරපස් දෙනෙක් මලකුනක් පෙට්ටියක දාගෙන ඔලුව උඩ තියාගෙන අරන් යද්දි දෙවිවරු සාදුකාර දෙනවද? ලෝකේ රසම මස් ටික අපරාදේ වලදාන්නේ කියලා කෝපවෙනවද? මලමිනිය තියෙන පෙට්ටිය රත්තරන් වලින් හැදුවත් මලමිනියට රසදිය පොවලා තිබ්බත් දෙවිවරු මලකුන පිලිකුල් කරන්නේ ඇයි? මස් කන්නෙ රස තණ්හාවෙන් ඒක පවු නෑ කියනවනම් ලෝකේ රසම මස්ටික වලදාන්නෙ ඇයි? රසම රස මස්ටික වල්දාපු තැන්වල දේව විමාන හටගන්නවද? ඒවා කිලි නැද්ද?
    මනසින් උසස් සතා මනසින් මේ දේවල් දිහා නොබලා මස් අතරට පින් පවු දාලා ඒ දෙක මැන මැන ඉන්නවා.ඉතිහාසයේ මෙහෙම උනාය අරම උනාය අර උතුමන් මෙහෙම කිව්වය කියලා හිත හිත ඉන්නේ ඇයි තමුන්ට බැරිද ලෝකෙ දකින්න? දකින්නේ මොන ලෝකෙද? ඇලෙන්නෙ මොන ලෝකෙද? ඒ ඇල්ම කොච්චර ප්‍රබලද? මරනින් පස්සෙත් ඒවා දාලා යන්න බැරිද? ඒ රසම ඕනෙද? ආසද? ඇයි තාම හරිම රස ලැබුනේ නැද්ද? ප්‍රේත ලෝකත් මේ ලෝකේ පවතින්න ඕන නේද? සුගති වගේම දුගතිත් පවතින්න ඕන නේද? මසට ප්‍රේතකම ඇති ප්‍රේත විශයන්වල උපදින සතුන් මස් කදවල් වගේ ඇති නේද? ඒ ප්‍රේත සතුනුත් බොඩි බිල්ඩස්ලා වගේ ඇති නේද?
    බුදු ධහම තියෙන්නේ නුවනින් විමසන්න.එතුලින් ලෝක ධර්මතාව තේරුම් ගන්න.පින පව ඔබ මැන මැන ඉන්න.හිස් මිනිසුන්ට කර්ම පල තේරුම් කර දී පලක් නැත.මස් කන ඔබ මස් කන්න.මස් මාංස නොකන ඔබ ඒ ධර්මතාව රකින්න.
    "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී"
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranminameranda7412
    @ranminameranda7412 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අසරණ සතුන් වෙනුවෙන් මේ කරන දේශනාව ගොඩක් වටිනවා. මමත් මස් මාංශ පමණක් නොවේ කේක් කෑල්ලක් වත් කන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම වීගන්. පිං පවු බලාපොරොත්තු වෙන් නොවෙයි. මා මස් මාංශ අනුභවය කලොත් තවකෙක් මැරෙන නිසා.

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 4 ปีที่แล้ว +2

    ඒ ස්වාමින්වහන්සේ කිව්වෙ මස් කඩෙන් ගත්තම පව් සිද්ධවෙනවා කියලා නෙවෙයි. අපේ හිතට හරි නෑ කඩෙන් අරන් තව සතෙක් මරනවා දැක්කම.ඒ පසුතැවිල්ල දිගටම හිතේ තිබ්බොත් එහෙම දුගතියකට යන්නත් පුලුවන්.මොකද චේතනාවයි කර්මය.ඒ නිසා මස් මාලු කඩෙන් ගන්නෙ නැතුව ඉන්න එක හොදයි.දේකට සැක එනවනම් ඒ දේ අතෑරලා දාන එක තමා හොද.ස්වාමින්වහන්සේ කිව්වෙ ඒක.සාදයකදි හරි උත්සවයකදි හරි ලැබුනොත් විතරක් ගැටෙන්නෙ නැතුව කනවා නැත්තම් විසිකරනවා.මොකද ප්‍රාණය නිරුද්ධ ද්‍රව්‍යමය දෙයක් පමණයි.

  • @sup3212
    @sup3212 7 ปีที่แล้ว +16

    This argument is very intelligent and credible. When you buy meat you are free from the karma for killing but not free from the karma for supporting the slaughter.

    • @hemamalidissanayake4700
      @hemamalidissanayake4700 6 ปีที่แล้ว +3

      Very true. You don't need a religion to stop eating meat. Whether it's a bad karma or good karma you can't eat meat if you feel the suffering of the animals going through at the slaughter houses. The Innocent animals suffers a lot n they scream at the slaughter houses. And by consuming meat we contribute to that killing.

  • @nadeekarasangani5602
    @nadeekarasangani5602 3 ปีที่แล้ว +1

    පලමුව මම කියන්නේ මමත් මගේ පුතා සහ මහත්තයා නිර්මාංශයි. අපි කන්නේ එලවළු පමණයි. නමුත් මගේ දුව සහ මම ඇති කරන සත්තුන්ට මේ දේවල් ඕන. ඊයේ මම ඒ වෙනුවෙන් මස් ගන්න කුකුල් මස් කඩේට ගියා. අනෙ දෙයියනේ මගේ මනස ඒ වෙලාවේ මොහොතකට නැවතුනා වගේ මට දැනුනේ. ඒ මට කයන කිසිම දෙයක් ඇහුනේ නැහැ එකම අදෝනාවක් විතරයි. මම පුතා දෙස බලනවා එයා මා දෙස බලනවා. මුදලාලි ඔයාට මොනවාද කියලා අහනවා මම ඈ මාමෙ කියනවා විතරයි. අනෙ ඒ විලාපය අපිට තේරුනානමි මෙහෙම කරයිද. මම කඩෙන් එලියට ඇවිත් පුතාගේන් ඇහුවා ඇයි එච්චර කෑගැහුවෙ කියලා. පුතා ඒ දෙසම බලන් හිටියේ. එයාගේ පිළිතුර වූයේ අපිට මෙහෙම ඇවිත් ගන්න පුළුවන් ඒ කෑගැහිල්ල නිසා තාමා. මගේ ප්‍රාර්ථනාව සියලු සත්ත්වයෝ ධර්මය අවබෝධ වේවා. සියලු සත්වයෝ නිර්මාංශ වේවා. තෙරුවන් සරණයි.

  • @RareBuddism
    @RareBuddism 5 ปีที่แล้ว +6

    මෙහෙම කල්පනා කරලා තර්ක කරගෙන ගියොත් බත් කන්න හම්බෙන්නෙත් නැති වෙයි .වතුර බොන්නත් බැරි වෙයි.නාගන්නත් බැරි වෙයි, වලක් කපන්නත් බැරි වෙයි, උදලු වැනි එදිනෙදා පැවැත්මට අවශ්‍ය උපකරණ විකිණීමත් පරිභොජනයත් කරන්න බැරිවෙයි කිසිම කටයුත්තක් කරන්න බැරිවෙයි මොකද හේතුව සියල්ල ආපහු හැරිලා බලනකොට හැමදේකටම කුමන ආකාරයකින් හො සත්ව ඝාතනයක් සිදු වෙලා තියෙන්න පුළුවන්. අචින්ත්‍ය වූ කර්ම විෂය කිසිදවසක පෘථුජ්ජන මනසකට හසු නොවෙන කර්ම විෂය කතා කරන්න යෑමෙන් වෙන්නේ අපේ ගමන අඩාල වෙන එක විතරයි.

    • @codekids99
      @codekids99 5 ปีที่แล้ว +1

      එකඟයි

    • @ranminameranda7412
      @ranminameranda7412 3 ปีที่แล้ว +1

      හාමුදුරුවෝ කියනවා උන් වහන්සේගේ මේ දේශනාව උසස් මානසිකත්වයක් ඇති අයෙකුට පමණයි අවබෝධ කර ගන්න පුළුවන්. ඔබ ඔබට හැකි අවම අවිහිංසාවේ ගමන් කරන්න. තෙරුවන් සරණයි.

    • @RareBuddism
      @RareBuddism 3 ปีที่แล้ว

      උසස් මනස මනින කෝදුව තියෙන්නේ කොහෙද? අපි දන්න භාෂාවකින් අපිට ඕන දෙයක් එ භාෂාව නොදන්න අයට කියලා එ අය මොකක්ද කිව්වෙ කියලා ඇහුවොත් මම කිව්වේ එ භාෂාව දන්න අයට විතරයි කියලා කිව්වොත් කොහොමද ...බණ කියන වැඩි දෙනෙක් ඔහොම තමයි...කියනේ....අනේ ඒ කෝදුව අපටත් ලැබුනොත්...

  • @buttonswjk1316
    @buttonswjk1316 6 ปีที่แล้ว +8

    hariyatama hari. bohoma isthuthi me wage videos upload karanawata.

  • @hemamalidissanayake4700
    @hemamalidissanayake4700 6 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු! ඉතාමත් හොදින් පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට ගොඩක් පින්! අවාසනාවට අපේම සාසනයේ සමහර සන්ගයාවහ්න්සේලා මේ පිලිබදව බුදු දහම විකුර්ති කර දේශනා කරති. සතුන් මැරීම සහ මාන්ශ අනුබවය නොකල යුත්තේ සිතට එකගව තමන් සත්ව හින්සනයට අකමැති නිසා විය යුතු බව මගේ. අදහසය. පවට බයට හෝ පින් පිනිස හෝ නොවිය යුතුය. සත්වයකු මැරෙන මොහොතේ ඌට දැනෙන වේදනාව සහ මරන බය ගැන තමාට දුක හිතෙනවා නම් ඒ අයට කිසිම හේතුවක් නිසාවත් තමන්ගෙ අදහන ආගම් අනුව දේශනා කලත් නොකලත් සතුන් මෑරීම හෝ අනුබවය කල නොහැකිය..එයට ආගමක් අවශ්ය නැත. .අවශ්ය වන්නේ හෝ පුරුදු කල යුත්තේ මෛත්‍රියය්.

    • @asitafernando4466
      @asitafernando4466 4 ปีที่แล้ว +1

      pawaththa mansa namaya yoda mas valandana bikshoon ahinsaka gavayaku marana hati siyasin baluwanam hondai

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว

      Aniwarayanma oba thumiya niwaradi. Ma bana nami baha kiyanna. Bawa hadan pawkara mahana bamunan

  • @2012dup
    @2012dup 6 ปีที่แล้ว +9

    නිර්මල බුදු දහමට අනුව මාංශ අනුභවය පැවිදි පාර්ශවයට සුදුසුයි!
    අපත් සිතා සිටියේ ජීවිතයේ මෙතුවක් කල් වෙනකම් මාංශ අනුභවය තහනම් කියා! නිවැරදි බුද්ධ ධර්මය ට අනුව එය එසේ නොවේ !
    1. තමා මැරුවේ නැතිනම්
    2. තමා වෙනුවෙන් මරා නැතිනම්, ගිහි /පැවිදි දෙපාර්ශවයටම මාංශ අනුභව කල හැක. පන්සිල් ,අටසිල් ,දසසිල්/සාමනේර සීලය , උපසම්පදා සීලය කිසි එකක මාංශ අනුභවය තහනම් කියා සමාදන් විය යුතු සිල් පදයක් නොමැත !!!
    සතා මරණයට පත්වන්නේ එම සතාගේ පූර්ව කර්මයක් අනුවයි, තවද එම සතා මරණ පුද්ගලයා නව අකුසල කර්ම රැස් කර ගන්නවා එලෙස කිරීමෙන් , තවද අපට ඉල්ලුම අනුවයි සැපයුම ඇත්තේ කියා තර්ක කල නොහැක මෙම දහම තුල .(මෙයට බෞද්ධ අයම විය යුතු නැත, එම අකුසල් කර්ම කරනා සියල්ලෝ ම අයත්ය වේ,චේතනාවයි මෙතන මූලික ).
    එසේම, සත්ව (මනුෂ්‍ය /තිරිසන් ) ඝාතනය වැළැක්වීමට ඇති සිල්පදයයි ,පළමු සිල් පදය.
    (එයට කුරා කූඹියා ගේ සිට ඇසට පෙනෙන සියලු සත්වයෝම අයත්ලු).
    එම නිසා කෙනෙකු මාංශ අනුභවයෙන් තම සිතවිලි දූෂණය සිදු නොවේ, නමුත් vegetarian කෙනෙකු එම මාංශ අනුභව කරන පුද්ගලයාට "ද්වේශය"හෝ තමා එම පුද්ගලයාට වඩා උසස් යැයි "මානයක්"ඇති කර ගතහොත් එයම හේතු වී මෙම
    " නික්ලේශී" වීමට දරන වෑයම නතරවේ කියා සඳහන් ය.
    ආමගන්ධ සූත්‍රය අනුසාරයෙන් .
    www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133

    • @srinathparanayapa7924
      @srinathparanayapa7924 6 ปีที่แล้ว

      OYA KIYANA WIDIYATA JEEWAKA SUYHRAYA WADAK NATH BUDU DAHAME THARKA NATH THARKA ATHTHE SAKYA NISAY

    • @2012dup
      @2012dup 6 ปีที่แล้ว +1

      Srinath Paranayapa
      මට පසු ගිය අවුරුද්දේ තමයි නිර්මල සද්ධර්මය 100% ම පරියාප්තිය ට අනුකූල ව ඇති දේශනා ශ්‍රවනය කරන්නට ලැබුනේ, අන් අය වගේ බාගයට ,අධර්මය මිශ්‍ර ධර්ම ශ්‍රවනය තමයි කරනු ලැබුවේ පෙර මා.
      බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය/අට්ඨ කතා අන්තර් ගත "දේශනා ශ්‍රවනය"කර තමයි එලෙස මෙම දහම තර්කයට ගත නොහැකි බව සඳහන් කර ඇති නිසායි, එලෙස ප්‍රකාශ කළේ. මගේ පෞද්ගලික කියමන්/අදහසක් නොවෙති.
      මෙම නිවැරදි ම කාලාම සූත්‍රය ශ්‍රවනය කරන්න අප සමාජයේ ඇති වැරදිම බෞද්ධ ඉගැන්වීම් මෙතුවක් කල් සමාජගත වී ඇති සැටි තේරුම් යයි.තථාගතයාණන් වහන්සේ වැනි මහා කල්ප අසංඛ්‍ය 20කුත්, කල්ප ලක්ෂයක් පාරමිතා පූර්ණය කර "සර්වඥ"වූ එම "උත්තමයන් වහන්සේ ප්‍රකාශ කලත්" එය අප වැනි අඥාන පෘතක්ජනයිට කියයිද ,අපගේ මෙම ඥානයෙන් විමසා බලා තාර්කිකව හරිනම් විතරක් එම මහා ප්‍රාඥයන්ට වැටහෙන "ධර්ම කරුණු කාරණා" පිළිගන්න කියා, එය අප සියලු දෙනාම නිරයගාමී කර වීමට කෙසේ හෝ සමාජ ගතකරන ලද්දක්.කල්පනා කර බලන්න .
      aathaapi.org/dwncounter.php?number=113
      www.aathaapi.org

    • @mangalikaranasinha9920
      @mangalikaranasinha9920 6 ปีที่แล้ว +1

      Sathun gana hithanna epa..marana manusaya ganawath hithala nirmansa wenna...e manusaya 4 apayata watenne oyala wage aya kana nisai..job eka nagala yanne diunu wenne ayojanaya wadi nisai nuwaning terum karaganna

    • @2012dup
      @2012dup 6 ปีที่แล้ว

      @@mangalikaranasinha9920
      මෛත්‍රිය ක් පළමුව කෙනෙකු තමන් ගැන ඇති කර පසුවයි අන් අය ගැන එලෙස මෛත්‍රිය ඇති කර ගත යුතු කියා ධර්මය තුල සඳහන් කර ඇත්තේ ,ඒ අනුව මා "තවම" එතන නැත .
      මා සඳහන් කළේ ඉහත ත්‍රිපිටකය තුල මාංශ අනුභවය ගැන සඳහන් සත්‍ය ධර්ම කරුණු පමණි .
      පෞද්ගලිකව මා ගැන කියතහොත් ;සතුන් ඇති කර, සතුන් කරදරයට පත් වූ විට අනුකමිපාව ඇතිව කටයුතු කරන කෙනෙකි.නමුත් තවද එලෙස අවංකව තවම මාංශ අනුභවය එපා වී නොමැත, මෙම දහමට අනුව පළමුව තමා තමාට සත්‍ය විය යුතුයි .කවදා හරි එලෙස සත්‍ය අව⁣බෝධ වී මාංශ අනුභවය එපා වූ දාට එය නවත්වයි මා.
      මෙම" සත්ධර්මය දේශනා" ශ්‍රවනය කරත්වා !
      මෙත්තානිසංසය පිළිබඳ ව introduction :
      aathaapi.org/dwncounter.php?number=139
      ලංකාවේ පරියාප්තියට අනුව 100% තථාගතයාණන් වහන්සේ ගේ සත්ධර්මය අන්තර් ගත දේශනාවන් අඩංගු website එක .
      www.aaathapi.org

    • @2012dup
      @2012dup 6 ปีที่แล้ว

      @@dharmayabebalewa
      කිරිබත්ගොඩ ස්වාමීන් වහන්ස දැන් බොහෝ දුරට සද්ධර්මය මාර්ගට පැමිණ ඇත.අගය කල යුතුයි එම ස්වාමීන් වහන්සේ අප පළමුව තිසරණය සහිත පන්සිල් දිවි හමියෙන් රැකීම තමය කල යුතු වන්නේ කියා සමාජ ගත කිරීමට දරන ප්‍රයත්නය.
      අද කාළයේ නිර්මල සද්ධර්ම (100%පරියාප්තිය)දේශනා ඇති එකම තැන www.aathaapi.org
      සියල්ලෝ ම ශ්‍රවනය කරත්වා !

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 3 ปีที่แล้ว +2

    අසිහියෙන් සිටිමින් අනන්ත පව් සිදුකරගන්නා බොහෝ ජනයාට සිහිඑළවා ගැනීම පිණිස වැසී තිබූ දෙයක් ඇර පෙන්නූවා වැනි උතුම් දේශනාවකි.
    නුවණ ඇති අයුරින් තේරුම් ගනිත්වා!

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!

  • @kasunchathuraka9997
    @kasunchathuraka9997 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි!!! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්වු නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු !

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐💐බොහොම පින් ඔබ වහන්සේට!!!! මේක කවුරුත් නොකියා මග හරින කරුණක්..

  • @lochi8961
    @lochi8961 8 ปีที่แล้ว +7

    Siyalu denatama darmaya awaboda wewa...

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 6 หลายเดือนก่อน

    සදඩාතිස්ස රජතුමා වටුමස් නොකා කන්වලින් සෙරව එන තෙක් සිටි ආකාරය සහ පන්සිල් රකින උපාසකයකු ගේ උපකාරයෙන් වටුමස් ආහාරයට ගත් ආකාරයත් පිළිබඳව දීශනාකරානම් තමයි දීශනාව සම්පූර්ණ වෙන්නෙ.

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว

    බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නෙ තනිකරම විද්‍යාවක්. බුද්ධ දර්ශනය කියන්නෙම විද්‍යාවක්. ඒ මහා දාර්ශනිකයානන් වහන්සේ කියන්නෙම මේ මහා භද්‍ර කල්පයේ පහලවුන ශ්‍රේෂ්ටතම විද්‍යඤයායි. බුදු පියාණන් වහන්සේ දේශනා කල විද්‍යව වසර 2600ක් ගත වෙලත් අදටත් අංශුවක් තරං දෙයක් පමණයි නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ. මේ ශ්‍රේෂ්ඨ දර්ශනය යැදුම්, පැතුම්, පිදුම් කරන ආගමක් හැටියට ගත්තාම තමයි මේ විද්‍යව හරියටම අවබෝධ කරගන්න බැරි.
    අපි බලමු මේ ප්‍රශ්නය දිහා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ විද්‍යවට අනුව සහ නූතන විද්‍යාවටත් ගලපල බොහෝම කෙටියෙන්.
    01. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ විශ්වයේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ශුද්ධආෂ්ටක වලින් කියල. ශුද්ධආෂ්ටක කියන්නෙ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, රස, ගන්ධ, ඕජා කියන ශක්ති ප්‍රභවයන්. ඒවායේ ස්වභාවය තමයි දැඩි භ්‍රමන වේගයක් ඇති සහ සෑම ක්ෂනයක් පාසාම ඇති වෙමින් නැති වෙමින් පවතින ස්වභාවය.
    02. නූතන විද්‍යාවට අනුව මේ ශුද්ධආෂ්ටකයක් කියන්නෙ පරමාණුක අණුවක් හැටියට අපිට ගන්න පුළුවන්. පරමාණුක අනුවක් කිව්වාමත් ශක්ති ප්‍රභවයන්. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ප්‍රභවයන්.
    03. අපේ ශරීරය හැදිල තියෙන්නෙත් මේ අනු වලින්ම තමයි. සතෙකුගෙ ශරීරයත් එහෙමමයි. එතකොට මේ අනුවල භ්‍රමන වේගයට අනුව තමයි අපිට සිතුවිලි පහල වෙලා ජවන් සිත් කියන සිත් පහලවෙලා අපි කුසල්, අකුසල් රැස් කරමින් සංසාරේ සතර අපාය මහ ගෙදර කරගෙන රවුම් ගහන්නෙ.
    04. ඇත්තටම බුදු පියාණන් වහන්සේ නිවන කියල පෙන්නල දීල තියෙන්නෙ මෙන්න මේ ජවන් සිත් වල භ්‍රමණ වේගය අඩු කරල අඩු කරල සංසාරේ අපේ විඤානයට ගමන් කරන්න බලයක් නැති කරන එකයි. ඉතිං ඒ භ්‍රමණ වේගය අඩු කරන්න තමයි "මම" කියන සංඤාව නැති කරල තෘෂ්ණාව ප්‍රහානය කරල රාග, ද්වේශ නැත්තං ඇලීම ගැටීම නැති කරල විඤානයට දෙන ජවය නැති කරල දාන්නෙ. ඒ ජවය නැතිම උනාම තමයි අපි රහතන් වහන්සේ කියන්නෙ.
    05. සතෙක් මරනකොට වෙන්නෙ ඒ සතාට එන මරන බයත් එක්ක ඒ සතාගෙ සෛල වල අනු වල භ්‍රමණ වේගය හිතා ගන්නවත් බැරි තරං වැඩි වෙන එක. එතන ඇතිවෙන බයත් එක්ක සතාට ඇති වෙන්නෙ දැඩි ද්වේශයක්. එතකොට ඒ අනුවල ගබඩා වෙලා තියෙන්නෙ ද්වේශයට අදාල ස්වභාවය සහ ශක්ති ප්‍රභවයන්. ශාකමය ආහාරවල මේ ප්‍රශ්නය නැත්තෙ ශාක වලට පනක් තිබුනත් මරන බය ඇති කරන්න පුළුවන් විඤානයක් නැති නිසයි. ඒක නිසා ශාකත් අනු වලින්ම හැදිල තිබුනත් ඒ අනු වල භ්‍රමන වේගයට බලපෑමක් වෙන්නෙ නෑ. ඒ මගින් අපේ ශරීරයේ අනු වලට විකෘති බලපෑමක් එල්ල කරන්නෙ නෑ.
    06. අපි මස් මාංශ අනුභව කලාම වෙන්නෙ ඒ අනු අපේ ශරීරයේ අනු වලට එකතු වෙලා අපේ ශරීරයේ අනුත් ද්වේශයට ඇදාලව තමයි සැකසෙන්නෙ. ඉතින් ද්වේශය ඇතුලෙ තියාගෙන අපිට නිවනට අදාලව මෛත්‍රෙය, දයාව, කරුණාව යන බුදු පියාණන් වහන්සේගේ අපරිමිත ගුන වඩන්න අමාරුයි. ඔය ගුන වඩන්න බැරි කෙනාට නිවන් මාර්ගය වැහෙනවා. මොකද අපේ සෛල වල භ්‍රමන වේගය වැඩි නිසා. ඒක නිසාම තමයි වෛද්‍ය විද්‍යාත්මකවත් මස් මාංශ අනුභව කරන අයගෙ පිලිකා, කොලෙස්ටරෝල්, හර්ද ආබාධ වැනි ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවනතාවය ඉතාමත් වැඩි කියන්නෙ. මොකද විකෘති අනු තමයි අපේ ශරීරය ඇතුලට අපි දාගෙන තියෙන්නෙ.
    07. බුදු පියාණන් වහන්සේට කෙලින්ම දේශනා කරන්න බැහැ මස් මාංශ අනුභව කරන්න එපා කියල. මොකද එහෙම උනොත් බුදු දහම අන්තවාදී දහමක් හැටියට හංවඩු ගැහෙනවා. ඒකට පිළියමක් හැටියට තමයි ඒ මහා ප්‍රඤාවෙන් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන එක දේශනා කරන්නෙ. එකත් බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලෙ බොහෝ දුරට ගිලන් උන ස්වාමීන් වහන්සේලාටයි. අපි ඒක ස්වාමීන් වහන්සේලාට විතරයි කිව්වට ඒක ගිහියටත් එහෙමම තමයි. බුදු පියාණන් වහන්සේ කවදාවත්ම එක එක පුද්ගල ස්වභාවයන් අනුව එක එක විදිහට ධර්මය වෙනස් කරල දේශනා කරන්නෙ නෑ. පසු කලෙක ගිහියො විසින් තමන්ගෙ වාසියට මේක ස්වාමීන් වහන්සේලාට පමනයි කියල හදාගෙන. තවත් දෙයක් තමයි අනිත් පැත්තෙන් බුදු පියාණන් වහන්සේ මස් මාංශ වෙලඳාම අනුමත කලෙත් නෑ. ප්‍රඤාවෙන් විමසන ඕනෙම කෙනෙකුට පේනවා මෙතනදි මස් මාංශ අනුභව අඩපණ කරන්න තමයි මේ ප්‍රතිපදාවන් දේශනා කලේ කියල.

  • @productions468
    @productions468 4 ปีที่แล้ว +2

    බොහෝම පින් මටත් හරි දේ දැනගන්න සැලැස්සුවට තෙරුවන් සරනයි

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 3 ปีที่แล้ว

    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසය දේශනාකර ඇත්තේ මාංස කෑමෙන් අකුසල්වන හේතුවකට නොවේ. එය දේශනා කර ඇත්තේ භාවනා යෝගියාගේ සිතේ විතර්ක සෑදීම වලක්වා ගන්නයි. උදා: අද පන්සලට ගමේ දායකයෙක් ඇවිත් හෙට දානයට ආරාධනා කරනවා. හෙට දානය තිබුනාට අදත් පන්සලේ හාමුදුරුවන්ට ඒ ගෙදර ලගින් ගමනක් යන්න වෙනවා. ඒ ගෙදර ලගින් යනකොට හාමුදුරුවන්ට ඇසෙනවා කුකුලෙකු මර හඩ තියන සද්දයක්. ඊට පහුවෙනිදා හාමුදුරුවන් දානෙට වැඩියම ඔන්න කුකුල්මස් තියෙනවා දානෙට. අන්න එතකොට භික්ශූන් වහන්සේට සැක ඇතිවෙනවා මේ කලින්දවසේ සතා මැරුවේ තමන් වෙනුවෙන්ද කියලා. යම් අයුරකින් එවෙලේ ඒ මාංසය වලදලා හාමුදුරුවෝ පන්සලට වැඩලා භාවනාවට යනකොට හිතට විතර්කයක් ආවොත් අනේ ඒ සතා මැරුම් කෑවේ තමන් නිසාද කියලා. ඒක භාවනාවට පලිබෝධයක් වෙනවා. විතර්කය නිසා අකුසල් පිරෙනවා. අන්න ඒ කාරනයෙන් මිදෙන්නයි ත්‍රිකෝටික පාරිශුද්ධ මාංසය අනුදැන වදාලේ සැක නැතිකරගන්නත් විතර්ක ඒම වලක්වාගනත්. මේ ස්වාමීන් වහන්සේත් කිසි තැනක කියන්නේ නෑ කඩේ ඇති මාංස ගැනීමෙන් අකුසලයක් වෙනවා කියලා. එසේ ධර්මයට අනුකූලුව කියන්න බෑ. කියන්න පුලුවන්නම් මේ හාමුදුරුවෝ කෙලින්ම කියනවා. වන වනා ඉන්නේ නෑ. වලදන්න එපා කියපු මාංස වරග දහයත් ඒ වාගේ වෙනත් අනතුරු වෙන්න පුලුවන් නිසා වලදන්න එපා කියලා තියෙන්නේ. නිර්මාංශි වීම සංසාරයේ නිර්මාංශි වීම පුරුදු කරපු කෙනෙක්ගේ සෞක්‍ය තත්වයට යහපත් වන්න පුලුවන්. එසේ පුරුදු කරපු නැති කෙනෙක්ට සුදුසු නැතිවෙන්නත් පුලුවන්. නිර්මාංශි වන අය අවබෝදයෙන්ම නිර්මාංශි වෙත්වා. තෙරුවන්සරනයි.

  • @galwije
    @galwije 6 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ මේ කාරනවා ඉතා සරලව සලකනවා අහිංසක සත්තු විඳින දුක් වේදනා පිච්චියකට නොසලකා

  • @kumar5337
    @kumar5337 7 ปีที่แล้ว +4

    බොහෝ පිං හාමුදුරුවනේ කටාර්

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn4664 7 ปีที่แล้ว +4

    Obawahanseta Bohoma Pinn! Saadhu Saadhu Saadhu!

  • @jayanthasamarasekera597
    @jayanthasamarasekera597 7 ปีที่แล้ว +3

    සදු.. සදු සදු! !!!. ඔබවහන්සෙට බොහොම් පින් !!!

  • @mgisa1275
    @mgisa1275 ปีที่แล้ว

    ඔබ වහන්සෙට අනන්ත පින්සිදු වෙවා උතුම් නිවනින් නිවේවා

  • @sunithalks5193
    @sunithalks5193 7 ปีที่แล้ว +3

    Bohoma pin ape hamuduruwane apita kawrut hadanna be api niwaradi viya yutui

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 ปีที่แล้ว +1

    ගරැතර ස්වාමින් වහන්ස මෙ කාලයේ තිබෙන සෑම එලවළු වගා කිරීමේ දී කෘමි නාශක යොදන බැව්න් ඒ වා භාවිතා කිරීමත් පවක් ද

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 2 ปีที่แล้ว +2

      අපිට නවත්තන්න පුලුවන් සීමාවක් තියනවා, අතීතයෙ නම් කෘම් නාශක තිබුනෙත් නැහැ , තව දෙයක් එලවලු වවන එක මස් මාලු කර්මාන්තයත් එක්ක බලද්දි ගොඩක් හොද දෙයක්, මෙතන එලවලු වවද්දිත් සත්තු මැරෙනව කියල ඒක සාදාරනය කරනය කරලා මස් මාලු කන එක සාදාරන කරන මිනිස්සු ඉන්නවා,මස් මාලු වෙලදාම කෙලින්ම ප්‍රානගාතය, ඒක නැවතත්තුවොත් කී දෙනෙක් බේරෙනවද, එලවලු වවද්දි සත්තු මැරෙන එක වලක්වන්න මිනිස්සු උත්සහ කරයි හැමෝම සත්ව කරුනාවෙන් හිටියොත්, ඉන්දියාවෙ එහෙම වෙනවා, අනික මිනිස්සු මස් මාලු අත අරින්න අහිංසක සතෙක් මොකෙක් හරි බේරෙයි, ඒත් මස් මාලුයි එලවලුයි දෙකම කන උන් සාදාරනය කර කර කොච්චර වැරදිද? මස් මාලු නවත්තල එලවලු වගාවටත් කෘමීන් මැරෙන එකත් නතර වෙන්න වැඩ කරන එක සහ හොයන එක වෙන්න ඕනෙ,මේ මම දරන මතය

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว

      කෘමි නාෂක නැතුව කෘමි විකර්ශක පාවිච්චි කලානම් හරි

  • @soni581
    @soni581 8 ปีที่แล้ว +3

    ane obawahanseta pin.saadu sadu.hondinma pahadili kala

  • @samanthakusumsiri5047
    @samanthakusumsiri5047 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතුතු බුදුවේවා ....

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 2 ปีที่แล้ว

    Kisima sathwayek api wenuwen meren ne.own merenne ownge sanskara nisai. Me lokayama nirmansi wunath e sathwayo merenna thiyenawanam kumana kramayakin hari miya yanawa.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Me siyaluma bawuddha nalika thahanam kala yuthuyi arahathun wahanse pamanayi

  • @jayanthakannangara-f6l
    @jayanthakannangara-f6l 7 หลายเดือนก่อน

    There is a very deep meaning in this bana sermon. Ven. Thero explanation is for the wise.

  • @mangalikaranasinha9920
    @mangalikaranasinha9920 6 ปีที่แล้ว +2

    Siyaluma sathunta karunawa my3ya dayawa anukampawa dakwanna daruwane...diwata rasai bada purawannai hithanna epa ...sasara dukin midenna sitha pirisidy karaganna...

  • @senavibanda3357
    @senavibanda3357 2 ปีที่แล้ว

    කුණු රසය ta ගිජු ඇය mansa kathi.

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว

    සතෙක් ගන්න එකයි ,මස් ට්කක් ගන්න එකයි දෙකම එක සමානද

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Minissu kochchara kuhaķada ? Mas maau mila dee gaththoth thamayi thava thava maranne. Mata pav sidu venavaada kiyaa sithamin mas kaemata ho nokaemata theeranaya kireema kotharam nakuru kamakda?
    Maansha bhakshanayen valakinava nam thamanta sidu vana pavin hevath thamanta mathu vindinnata sidu vana duk valin mideemata nova sathun kerehi aethi karunaava mayithriya nisayi. Budu dahame hulangak vath vaedee naethi pin pav gaena adahasak naethi samahara videshikayin pavaa sathun kerehi karunaaven maansha anubhavayen thorava sitinavaa.
    Samaharu kirivath kiri aahaara vath paribhoga karanne nae dairy farms vala sathunta amaanushika vidiyata salakanava kiyala.

  • @nandaniperera1935
    @nandaniperera1935 7 ปีที่แล้ว +4

    oba wahanse neweradie

  • @luckysenanayake3893
    @luckysenanayake3893 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu. Theruwan saranai Oba vahanseta.

  • @mallikagardi3149
    @mallikagardi3149 2 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!

  • @nirmaleriyagama373
    @nirmaleriyagama373 7 ปีที่แล้ว +2

    oba wahansayge mithreeya buddadarmayamai.sadu sadu

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 ปีที่แล้ว

    දර්මයට අනුව වැරදියි

  • @saratheriyagama2085
    @saratheriyagama2085 7 ปีที่แล้ว +2

    sadu sadu!oba wahansay suyalu sathwayage pinta maylowa pahala una himi namak!

  • @gangawijayananda6780
    @gangawijayananda6780 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි. ඔබ වහන්සේට සාදු සාදු සාදු. ....

  • @samsungggsamsunggg3291
    @samsungggsamsunggg3291 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ,,

  • @nimeshfernando7188
    @nimeshfernando7188 7 ปีที่แล้ว +3

    Darma danaya bohoma pinak hamuduruwane

    • @patisothagami
      @patisothagami  7 ปีที่แล้ว +2

      සාදු!!! ඔබ "සියතින්" කරගත් පුණ්‍ය කර්මයක්{ධර්ම දානයක්} මෙන් දැක, පහන් සිතින් අනුමෝදන් වෙත්වා !!!

  • @shantharangalla7694
    @shantharangalla7694 4 ปีที่แล้ว +1

    shadu shadu shadu

  • @rasavahini2238
    @rasavahini2238 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi3149 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @chamaltharindu546
    @chamaltharindu546 3 ปีที่แล้ว

    Therena kenek kiyannako mas kana eka hodada nadda

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว

    Human teeth ready and systematically stand for vegetables. Check and verify your self and other things is this is not “bana” this is “baha”. And check all animals grasses and bush eating except other animals their teeth 🦷 system.human teeth arrange for vegetable only.

  • @roshhewa
    @roshhewa ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandanashantha218
    @chandanashantha218 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yasassrilal5633
    @yasassrilal5633 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulaniw3265
    @dulaniw3265 4 ปีที่แล้ว

    Very true, Siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa, may the triple gem bless the best always

  • @rukmalisiriwardhane9535
    @rukmalisiriwardhane9535 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว

    Bohoma Watina Deshanaawak Garu Swamin wahansa.

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 2 ปีที่แล้ว

    Pinwath swameen wahanseta mage namaskaraya wewa.!!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @pulasthi321
    @pulasthi321 6 ปีที่แล้ว +6

    මස් අනුභවය නවතිමට ප්රතමයෙන් බත් කෑම සලකා බැලියයුතුයි, මක් නිසාද එක බත් ඇටයක් නිපදවීමට සතුන් කියක් මැරෙනවද කියා. (උදා :- කෘමිනාශක යොදනවිට, හානවිට පොලවෙන් මතුවන සතුන් කුරුල්ලන්ට ගොදුරුවීම) මෙලෙස කුබුරක් අසලට ගොස් ඉහත සදහන් පරිදි මැරුනු සතෙකු දුටු විට, මෙ සතා මා වෙනුවෙන් පිලියෙලකල බත්පත නිපදවීම සදහා මැරූ සතෙකු බවට සැකයක් පවතින නිසා.

    • @codekids99
      @codekids99 5 ปีที่แล้ว +1

      එකඟයි

    • @unknownd.1032
      @unknownd.1032 4 ปีที่แล้ว +1

      කෲමින්ව කන්න අරමුනු කරේ කවුද?ඔය දෙකෙ සම්බන්දයක් නැ

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 3 ปีที่แล้ว +2

      ධාන්‍ය හෝ එළවලුවක් මිලට ගැනීමෙන්, ආහාරයට ගැනීමෙන් කිසිම විටක සත්ව ඝාතනයක් අදහස් වෙන්නෙ නෑ. අනික දැන් ධාන්‍ය, එළවලු වලට කෘමිනාශක යොදන්න පටන් ගත්තේ අවුරුදු 60ක 70ක ඉඳන්. ඒකත් සමහරක් එළවලු, ධාන්‍ය වලට පමණයි. එතකොට මීට අවුරුදු 60, 70කට කලින් එළවලු කෑම ගැන කිසිම ගැටලුවක් ඇති වුනේ නෑ. නේද ? ඒ වගේම අදටත් අපිට කිසිම සත්ව ඝාතනයකින් තොරව එළවලු වගා කරන්න පුළුවන්.
      නමුත් ලෝකයේ ඉතිහාසයෙ සිට කිසිම දවසක සතෙක් ඝාතණයෙන් තොරව මස් ලබාගන්නේ නෑ (කළාතුරකින් මැරුණු සතෙක් කනවා මිස). ඉතිහාසයේත් අදත් මාංශ නිපදවන්නේ ඝාතණයෙන්මයි.
      ඒ වෙනස තේරුම් නොගෙන මස් කෑමට ගිජු කමින් සත්ව ඝාතනයට අනුබල දීම ධර්මයට අනුගත වන්නේ නැත. තමන් කැමති නම් එලෙසින් ක්‍රියා කරන්න. නමුත් ඒ පව් අන් අය අතර පතුරවන්න එපා.

    • @pulasthi321
      @pulasthi321 3 ปีที่แล้ว +1

      @@gharrahrudhra1575 මෙහිදී අදහස් කරන්නේ කෘමිනාශක යෙදීම පමනක් නොවේ, අනෙකුත් කෘශිකාර්මික කටයුතුවලදී සතුන් මියයෑම ගැනයි.
      ඔබ සදහන් කල පරිදි සත්ව ඝාතනයට අනුබල දීම ධර්මයට අනුගත නොවන ආකාරය, ධර්මයට අනූව භාග්‍යවතුන්වහන්සේ දේශණාකල යම් සූත්‍රයක් ඇසුරෙන් සදහන් කරන්න. එසේ නොමැතිව ඔබගේ අදහසක් සමාජගත කරමින් මිත්‍යාදුශ්ඨියක් පැතිරවීම තුලින් තමන් අපාගතවීමට අමතරව තවත්පිරිසක් ඔබට අත්වන ඉරණම අත්වීම වලක්වන්න.

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 3 ปีที่แล้ว +1

      @@pulasthi321 වෙනත් කිසිම කෘෂිකාර්මික කටයුත්තකදී සත්ව ඝාතනයක් සිදු වන්නේ නෑ. කෙනෙක් කුඹුර කොටන්නේ සතෙක් මැරීමේ අරමුණින් නෙවෙයි. ඝාතනයක් සිදු නොවූයේ නම් අහාරයට ගන්නා කෙනාගෙන් සිදු නොවූ ඝාතනයකට අනුබල දීමක් වන්නේ කෙසේද ? එය විය නොහේ.
      නමුත් කෙනෙක් මස් පිණිස සතෙකුගේ ගෙල සිඳින්නේ ප්‍රාණ ඝාතයේ අරමුනින්මයි. ඒ මිලදී ගන්නා ඔබ ප්‍රාණඝාතයක් වූ බවත්, හෙට යලිත් ඔබේ මිලදී ගැනීම නිසා ප්‍රාණ ඝාතයක් වන බවත් මොනවට දනී. එනම් පැහැදිලිවම ප්‍රාණඝාතයට අනුබල දීමක් වේ.
      මේ දේශනාව තුල සරලව පහදන්නේ එයයි. එයත් නොවැටහේ නම් ඉතින් මොන බුද්ධ ධර්මයක්ද ?
      (සත්ව ඝාතනයට අනුබල දීම ධර්මයට අනුගත නොවන බව දහම් පාසලේ පළමු වසරේදී උගන්වනු ලැබේ.)

  • @nilanthaweerasekara2365
    @nilanthaweerasekara2365 3 ปีที่แล้ว

    Gooooooooooooooooooooddddd

  • @ruwanpradeep3524
    @ruwanpradeep3524 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @newgeneration4025
    @newgeneration4025 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @PSDMithsuka
    @PSDMithsuka 4 ปีที่แล้ว

    සාධු! සාධු! සාධු!

  • @chrishanthifernando4513
    @chrishanthifernando4513 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว

    සාදු ....සාදු ...සාදු ....

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @aseladuminda7921
    @aseladuminda7921 6 ปีที่แล้ว

    Budu saranai.

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 5 ปีที่แล้ว

    Dharmadanaya🙏🏽

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 6 ปีที่แล้ว

    Saadu Saadu Saadu

    • @harshadissanayake7736
      @harshadissanayake7736 6 ปีที่แล้ว

      වැල් වටාරම් වැඩියි. බණඅඩුය්. සතුන් සහ සත්ව අවයව ගිලදැමීමේ තෘෂ්ණාවෙන් තොරව ප්‍රත්‍ය වේක්‍ෂා කොට ආහාර පමනක් ගන්න. නිදිමත බණ කියනවා මෙන්න.

  • @Sakunidissanayaka456
    @Sakunidissanayaka456 2 ปีที่แล้ว

    Amaganda suthraya kiyawanna.abhidarmaya kiyawanna.rahathan wahanselata ahara yanu mansa, elawaluth patawi, apo, thejo, wayo, pamanai. Nirmansi bududahamak loke netha. Eya ekthara anthayak witharai.theruwan saranai.

  • @galwije
    @galwije 6 ปีที่แล้ว +6

    බුදු බණත් පිරිසිදු නැහැ බුදුන් මස් කෑම කැපයි කියල කිව්වා නම්
    මොකද බුදුන් පැහැදිලිවම දැන ගන්න ඕන සතුන් මැරීම තහනම් කරපු බුදුන් මරාගෙන එන මස් කෑම කැපයි කියනවා නම් ඒක පරස්පර විරෝදී වැදී බණක්
    මට නම් දුගතියේ ගියත් කම් නැහැ ඇත්ත මනසින් විමසා බලල. මම නම් මස් කන කන සැරේට ඒක හොඳ නැති බව අවන්කවම දන්නවා

    • @lalitharanasinghe6463
      @lalitharanasinghe6463 6 ปีที่แล้ว

      Root Wije 7

    • @mangalikaranasinha9920
      @mangalikaranasinha9920 6 ปีที่แล้ว +1

      Budubana pirisidui...awabodawenne minisunta na.aduma tharame my3 anukampawa dayawa karunawa thamata thama wupama kala nohaki baudayanta terenne na...kaden genalla kawata pawu nalu ...maranne nane api kiyanawa..kohma terum karala dennada...duka thamai.

    • @shalinikaduwela2658
      @shalinikaduwela2658 6 ปีที่แล้ว +6

      ඇත්ත නැත්ත තර්ක කරන්න කලින් තමන්ගේ ප්‍රඥාවයි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපි කාටවත් හිතාගන්න බැරි තරම් මහා ප්‍රඥාවයි අතර වෙනස හදුනාගත යුතුයි. අපිට නුවනින් විමසන්න දෙයක් උන්වහන්සේ ඉතුරු කරලා නැහැ. ඒ සර්වඥතා ඥානයෙන් සියල්ල මැනවින් අවබෝධ කරලයි දේශනා කලේ. ඔය චෝදනා කරන්නේ බුද්ධ දේශනාවට. ඒ කියන්නේ නිරය උපත හදාගෙන ඉවරයි කියන එක. පවත්ත මාංශය කෑවම ප්‍රණඝාත අකුසල සිදු වෙනව නම් මාංශ අනුභව කල බුදුරජාණන් වහන්සේටත් අකුසල රැස් වෙලා කියල තමයි කියන්න වෙන්නෙ.

    • @r.dhammapali778
      @r.dhammapali778 5 ปีที่แล้ว

      @@shalinikaduwela2658 Pawaththa manshaya kiyanne mokakda kiyalawath danne nathiwa wadi bana kiyanna epa. pawaththa mansha kiyanne ibe miya giya sathunge mas.

    • @anjanasampath7734
      @anjanasampath7734 3 ปีที่แล้ว

      ඇත්ත මචං