Empty House Tour | අපේ අලුත් ගෙදර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 545

  • @nilunilu8219
    @nilunilu8219 ปีที่แล้ว +27

    ගෙදර දැක්කම ගොඩක් සතුටුයි ඇන්ජි...මට ඔයාව කන්ටෑක්ට් කරගන්න බෑ...ඒ නිසා මෙතන ඔයාට මැසේජ් එකක් දාන්න හිතුවා..ඔස්ට්‍රේලියාව කියන්නෙ හීනයක් මට තිබ්බෙවත් නැති...ඒත් කොවිඩ් කාලෙ ගෙදර හිටියා කරන්න වැඩකුත් නැති නිසා ඔයාගෙ චැනල් එක හම්බවෙලා බැලුවා..හරිම ඉන්ටරස්ටින් උනා...දිගටම බැලුවම තේරුනා අපිටත් ට්‍රයි කරන්න පුලුවන් නේද කියලා..ඇත්තටම ඔස්ට්‍රේලියාට කවුරුත් මෙහේ කෙනෙක් නැතුව එන්න පුලුව්න් කියලා දැනන් හිටියෙවත් නෑ...ඔයාගෙ චැනල් එකෙන් ඒක දැනගත්තෙත්..දිගටම වීඩියෝ ඔක්කොම බැලුවා පිස්සුවෙන් වගේ...කමෙන්ට් කලා...විස්තර ඇහුවා..ඔයාගෙ රිප්ලයිත් තිබ්බා...ඔයාගෙ තරග වලටත් කමෙන්ට් එහෙම කලා 😍 අන්තිමට ඔස්ට්‍රේලියාට එන එක මගෙ හීනෙ උනා ඔයා නිසා..මයි ඔසී ලයිෆ්, mj මල්ලිගෙ චැනල් එක වගේම තව පොඩි පොඩි චැනල් ගොඩක් සර්ච් කර කර බැලුවා...අන්තිමට වැඩේට බැස්සා...වයසත් චුට්ටක් වැඩියි...බබාලත් දෙන්නෙක් ඉන්නවා..ඒත් වැඩේ අතඇරියෙ නෑ...එෆ් බී එකේ ඔස්ට්‍රේලියා කියන හැම ගෲප් එකකටම ජොයින් උනා...ගොඩක් යාලුවෝ අදුරගත්තා..හැමෝගෙන්ම එක එක දේවල් ඉගන ගත්‍තා...මෙහේ ඉන්න සමහරු කෝල් කලා..විස්තර කිව්වා..සමහර දවස් වල රෑ එකට දෙකට ඒ කෝල්ස් ගන්නෙ ලංංකාවෙ වෙලාවෙන්...පාන්දර පහ විතර වෙනකන් කතා කරල එහෙම්මම ලෑස්ති වෙලා වැඩට ගියා නිදාගන්නෙවත් නැතුව..ඔව් මන් ගොඩක් උත්සාහ කලා..වයස නිසා ගොඩක් අය බාරගන්න බෑ කිව්වා..ඒත් උත්සාහ කලා...අද මං පර්ත් වල..ඇවිත් සති තුනයි...😊 ඔයා නිසා තමා මේ සේරම...උත්සාහ කරල ආව තමා...ඒත් උත්සාහ කරලවත් මෙහෙට එන්න පුලුවන් කියල දැනගත්තෙ ඔයා නිසා...❤️ නැත්නම් ඇත්තටම එන්න පුලුවන් කියලවත් දැනන් හිටියෙත් නෑ..එහෙම හීනයක් තිබ්බෙත් නෑ ඒ නිසා.. තැන්ක් යූ ඇන්ජි...තැන්ක් යූ සෝ මච්....ඔයාගෙ තියන හොද හිත නිසා හැමෝමත් එක්ක දේවල් ශෙයා කරගත්ත නිසා මං ඇත්තටම අද මෙහේ..ඔයාට ගොඩක්ම ගොඩාක් ස්තූති 🙏 ඔයාගෙ විවාහය..අලුත් ගෙදර හැම එකක්ම සාර්තක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා...සමාවෙන්න ගැලපෙන්නෙ නැති තැනක මං මේ කමෙන්ට් එක දැම්මට..ඒත් මට ඔයාව වෙන කන්ටෑක්ට් කරගන්න විදිහක් මං දන්නෙ නෑ වගේම මේ ටික මට ඔයාට කියන්නම ඕනි උනා....ආදරෙයි ඇන්ජි ඔයාගෙ නිරහංකාර කමට...❤️ ගොඩක් ස්තූතියි 🙏

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea ปีที่แล้ว +1

      මේ කමෙන්ට් එක තවත් බොහෝ දෙනෙකුට motivation එකක් වෙයි කියල මට හිතෙනවා. සමහරු නිකම්ම අතඇරල දානවනෙ, දැන් බෑ කියලා. ඔයත් ලංකාවෙ අයව motivate කරන්න තව තවත්. 👏🏼👏🏼👏🏼👏🏼👏🏼

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +141

    ඔයාලා පදිංචියට ආවාට පස්සේ ගෙය, ගෙදර වේවි. එය නිරතුරුවම සාමයෙන් සතුටින් පිරේවා!! දෙවි පිහිටයි!!

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +199

    හිත් දෙකක පිරැනු ආදරණීය බලාපොරොත්තු ගොඩක් ඒ හිස් ගෙදර පි⁣රිල යාවි,මතු දිනක ඇවිදයාවි පුංචි පැටව් ගේ පුරාම,ආදරය කරැණාව සමගිය සහයෝගය අනාගතයකට පිරිල යාවි ගේ පුරාම ඉතින් ඔය දෙන්නට ඉතිරි වේවිද හිස් ගෙයක්

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +65

    හරිම ලස්සනයි ⁣බඩු නැතිව ගෙදර හොඳටම බැලුවා ඇපල් ගහක් ලස්සන මල් පැල ටිකක් වවන්න ඉඩ තියෙනව,කවද හරි දවසක පුංචි බැල්කනි එකේ පුටු දෙකක් තියාගෙන කෝපි කෝප්පයක රස බලන්න පුළුවන් ඔය දෙන්නගෙ උත්සාහය ජයගත්ත ඒ සතුට අපේ හිත්වලටත් දැනුනා හැමදාම සතුටින් ඉන්න

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +65

    ඇත්තටම සතුටුයි මිස්... ලංකාවේ ඔයාල දියුණු රටක ලස්සනට හැම දෙයක්ම සැලසුම් කරලා සුන්දර ජීවිතයකට උරුමකම් කියන එක ගැන.. ඉදිරි සියළු කටයුතු සාර්ථක වේවා... පුංචි පුංචි පැටව් දුව පැන නටන සොඳුරු කැදැල්ල ක අසිරිය ඉදිරියට අපටත් බලන්න ලැබේවි කියලා හිතනවා..

    • @jackidsilva
      @jackidsilva ปีที่แล้ว

      ඇත්තෙන්ම ඔව් , ඡිව්තය සැලසුම් කරන්න මාත් අසයි , මමත් ඔයාගෙ අදහස් ප්‍රොයොඡනයට ගන්නවා . බොහෙම ස්තුතියි ඔබට . ඔබට සුබ අනාගතයක් වේවා .

  • @deeplove1320
    @deeplove1320 ปีที่แล้ว +3

    මං හිතුවෙ අපෙ මනුස්සයා විතරයි කියලා හිනාවෙන්න දන්නැත්තෙ, හැබැයි ඒ වගේ අය හරිම ආදරණියයි, එයාගෙ ඇස් දෙකෙන් ඒක පේනවා, Happy Couple 🌹

  • @isankakumariwimalasenawima5663
    @isankakumariwimalasenawima5663 ปีที่แล้ว +11

    ඉඩ තියෙන හැම තැනම වවන්න ලස්සනට .මල් එලවළු වගේ දේවල් .ගේ තවත් ලස්සන වේවි.සුභ පැතුම් දෙන්නටම.👍👍👍

  • @nadeeshapatabendige5106
    @nadeeshapatabendige5106 ปีที่แล้ว +24

    ඔය දෙන්නගෙ ආදරණීය සිනහව ඒ හිස් ගේ පිරුණු ගෙදරක් කරනවා නිසැකවම. අවංක ආදරයක ජයග්‍රාහී සන්ධිස්ථානයක්....❤❤ දවසක හැමදේම පිරුණ සුන්දර නිවහනක් වේවා.🎊 පතනවා. God bless you. ❤❤

  • @sandyaperera5555
    @sandyaperera5555 ปีที่แล้ว +5

    ලොකු උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ...
    ඔයාගෙ සතුට දැක්කම ඔයාටත් වඩා මම සතුටු උනා වගේ දැනෙනව...
    ඔයාලා දෙන්නගෙ ආදරෙත් ඒ තරම්ම සොඳුරුයි ....පුංචි පැල්පතක් උනත් කාන්තාවකට දිව්‍ය මාලිගාවක් කරන්න පුලුවන්. ඔය ගෙදර ඔයාගෙ හිනා හඬ ඇහෙනකොට නිකම්ම ඔය ගේ පිරේවි. ඔයාලගෙ දෙමාපියන්ටත් කොච්චර සතුටු ඇත්ද....
    දිනෙන් දිනම ඔයාලගෙ සිතුම් පැතුම් ඉටුකර ගන්න පහසු වේවා කියල ප්‍රර්ථනා කරනව
    ආදරෙයි.....❤❤❤❤❤
    තෙරුවන් සරණ්‍යි..🙏🙏🙏🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +11

    ඇත්තමයි නංගියෝ ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ඇස්වහ කටවහ වදින්න එපා මගෙත් හිනයාක් තියෙනවා මගේම කියලා ගෙයක් හදා ගන්න එත් දැන් ලංකාවේ ගෙවල් නෙවෙයි කන්නත් මදි හමබකරන සල්ලි 😃😃😃 ඔයාලට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏❤❤❤❤❤ මල්ලි ඔයා හරිම හොද කෙනෙක් ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @pdmhhpalihena9632
    @pdmhhpalihena9632 ปีที่แล้ว +9

    අපේම ගෙදරක ඇවිදගෙන යනවා වගේ දැනුනේ.....හරිම ලස්සනයි ....මාරම නිදහසේ ඉන්න පුලුවන් තැනැක් තෝරගෙන තියෙන්නේ ..හොද privacy එකක් තියන තැනක් වගෙයි දැනෙන්නේ....townhouse එකක් වෙලත් ඔය වගේ හොද privacy එකක් තියෙන තැනක් හම්බෙන්න මාරම lucky ඔය දෙන්න.....video එක එනකන් බලන් හිටියේ ❤️❤️❤️❤️..කිලෝමීටර් දහස් ගානක් ඈතින් හිටියත් ඔයාලා දෙන්න අපිට මනසින් මාරම විදියට සමීපයි වගේ දැනෙන්නේ ....මගේ තාත්තත් රට ඉන්නේ.......එයා දිහා video එකකින් බලන් ඉන්න කොට දැනෙන feeling එක ඔයාල දෙන්න දිහා බලන් ඉද්දී දැනෙන්නේ .......ඒ තරමටම දන්නේම නැතිව මනසින් සමීප වෙලා ......ඒකත් හරි පුදුමයි ......❤️❤️❤️❤️❤️

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 ปีที่แล้ว +17

    Congratulations ❤️ඔය දෙන්නටම.නිවහනක් කියන්නේ ඇත්තටම ලොකූ හීනයක් හැමකෙනෙකුගේම.ඔයාලගෙ vlog එකත් එක්ක දිගටම හිටිය නිසා තේරුම් ගිය දෙයක් තමයි ඔයාල හරිම උත්සහවන්තයි.තමන්ගෙ හීන හැබෑ කරගන්න හරිම සහයෝගයෙන් වැඩ කරනව.ඒක තමයි හස්බන් and වයිෆ්(තාම නොව්නත් ඉදිරියට😁)ගේ වගකීම.පව්ලක් සතුටින් වගේම දියුණුව කරා යන්නත් දෙන්නගේම සහයෝගය කැපවීම හරිම වැදගත්.ඔය දෙන්නා හොද ආදර්ශයක් ඇත්තටම මේක බලන අපි හැමෝටමත්.ජීවිතේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ කරගන්න ලැබේවා!!!!

  • @manelpriyanthi755
    @manelpriyanthi755 ปีที่แล้ว +6

    හිස් ගෙයක් පුරවන්න ලස්සන හිත් දෙකක් එකතුවෙලා ඉන්න නිසා එ්ගෙය කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා පතනවා.

  • @homescaping7020
    @homescaping7020 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි.... ❤❤❤❤ඔයාගේ සතුට, හිනාව දැක්කම.... හරිම සතුටුයි නංගි..... ඔයාලගේ අනාගත ප්‍රාර්ථනා හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම ඉටු වෙන්න කියලා හදවතින්ම පතනවා ❤❤❤

  • @chandhima1237
    @chandhima1237 ปีที่แล้ว +19

    හැමදාමත් ඔයාලා දෙන්නට ඔය වගේම ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕනි ❤️ ඔයලා දෙන්න ජීවිතේ ගෙවන විදිය හරිම ලස්සනයි අක්කෙ 👍 ඔයාල දෙන්නගෙ අනාගත බලපොරොත්තු හැම එකක්ම ඔයාල හිතන විදියටම ඉෂ්ට වෙන්න කියල පාර්තනා කරනවා . 🙏
    බුදු සරණයි !!! ජෙසුපිහිටයි!!! ඔය දෙන්නටම

  • @heshanichamalka4174
    @heshanichamalka4174 ปีที่แล้ว +4

    ඉස්සර වගේ නෙවේ දැන් අය්යා videos වලට හොඳට face කරනවා. අක්කි එක්කම ඉදල පුරැදු වෙලා 😁😁

  • @niroshanwickramasinghe1582
    @niroshanwickramasinghe1582 ปีที่แล้ว +6

    අලුත් ගෙදර සතුටින් ආදරයෙන් පිරී ඉතිරී යන්න ප්‍රාර්ථනා කරනවා....

  • @chamodianushani8134
    @chamodianushani8134 ปีที่แล้ว +4

    අක්කයි අයියයි හරිම උත්සාහවන්තයි..
    හැම දේම පිළිවෙලට හිමි හිමින් කරගෙන කොහොමහරි ගේදරකුත් ගන්න පුළුවන් උනේ ඔයාලගේ තිබ්බ උත්සාහයයි කැපවීම යි නිසා. මම ඔයාට ගොඩක්ම කැමති ඔයාගේ අවංක කම නිසා.අද vlog eka ඔයාගේ හිනාවෙන් පිරිලා.
    අලුත් ගෙදර ඔයාලගේ ලස්සන අලුත් ජීවිතේ හිතන විදියටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    අක්කා වගේ නිහතමානී අයට කවදාවත් වරදින්නේ නෑ..
    ඔයාගේ ඉදිරි ජීවිතය සාමයෙන් සතුටින් පිරුණු ලස්සන ජීවිතයක් වේවා..♥️

  • @itsgaruka
    @itsgaruka ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එකක් දැම්මා කැමති කට්ටිය බලන්නෝ......(චැනල් එක අලුතෙන් පටන් ගත්ත නිසා තාම audiance එකක් නැහැ ඒකයි මේවගේ කොමෙන්ට් එකක් දැම්මේ කරදරයක් වගේනම් sorry වෙන්න ඕන)

  • @betsy.g2683
    @betsy.g2683 ปีที่แล้ว +11

    God bless duwa and putha. Wish you all the best !ඔයලගෙ සිනහවට හිස් ගෙදරක් නෙවෙයි .ලස්සන ගෙදරක් වෙවා !

  • @yukicreatoo2997
    @yukicreatoo2997 ปีที่แล้ว +7

    අනේ මටත් හරිම සතුටුයි ඔයාලගේ ලස්සන ගෙදර දකිද්දින්. Congratulations අක්කා.. ❤️

  • @umeshigallage3373
    @umeshigallage3373 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි..ආස හිතුනා.ලස්සනට මල් වවන්න වටේම.සතුටින් ඉන්න ලස්සන අලුත් ගෙදර ❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 ปีที่แล้ว +4

    ලස්සනයි ...හැමදාම සතුටින් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍ඔයාගේ සතුට පේනවා ගොඩාක් මහන්සි වෙලා ඉගෙන ගෙන හොද තැනකට ඇවිත් තාමත් කරන කැපකිරීම් වල ප්‍රතිඵල ..ආසයි අපිටත් දැක්කාම ..හදවතින්ම සතුටුයි...congratulations ...❤️

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +7

    I really like your positive energy. It’s not easy to come to this stage in a foreign country. You worked very hard but you’re blessed too. You met the man of your dream. Very matching couple. Really love to see you together. Both of you are very genuine and honest people. Best wishes for a bright future. God bless 🙏

  • @hansinisanda6770
    @hansinisanda6770 ปีที่แล้ว +5

    හරිම සතුටුයි අක්කා අය්යා හැමදාම හිනා වෙලා ලස්සනට ඉන්න ලැබෙන්න ප්‍රාර්තනා කරන්වා ගොඩාක්ම.....ආදරෙයි දෙන්නටම.....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys ปีที่แล้ว +6

    හරියට මගේම තැනකට ගියා වගේ දැනුනෙ akki.
    You deserve it 😍
    Much love forever 💐💐

  • @sthuminimalki4859
    @sthuminimalki4859 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කී...හරිම සතුටුයි මට..අක්කි ආපු ගමන මට ලොකු motivation එකක්...දෙන්නටම සුභ පැතුම්...😘❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +1

    හරිම සතුටක් දැනෙන්නේ ඔබ දෙදෙනා ගැන.ඇත්තටම ගොඩාක් ආඩම්බරයී .ඔබ දෙදෙනාගේ සුන්දර නිවහන හරිම ලස්සනයි .මම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .ඒ තරමටම මට සතුටක් දැනුනා .නංගියෝ ලස්සනට එලවලු ටිකක් වවන්න.

  • @amasabihela8306
    @amasabihela8306 ปีที่แล้ว +1

    වෙන කපල් නැති ආදරයක් කැමරාව ඉස්සරහ මවාන් ඉන්නවා. ඒ උනට sly කියන්නෙ අක්කි දිහා ආදරෙන් බලන එකත් අපෙන් නොපෙනි කරන්න try කරන බොරු රගිලි නැති ඩීසන්, සයිලන්ට් සහ මාර ජෙනුයින් පොරක්❤

  • @lak..6435
    @lak..6435 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ලස්සනයි අක්කී...😍❤ අයියාගෙයි, අක්කිගෙයි ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මුලු හදවතින්ම සුභපතනවා....!!!🤗💗💖 🙏

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว +1

    cleaning company ekakta kiyla waththa sudda krla wete aluth thintha gala..thanakola carpet dala .lssna mal grnnala ara kelawrr bamma udin hitwla pitipssen elolu wawala...ara biththuye gadol wla aluthrn aye thintha gala .. Polwtatth e wge thintha wge deyl gala gththnm aye brandnew thama akki...punchi unata hrima lssna cute geyk ..athatama e gedra mge unanm mn krna de thama e kiuwe...oulath ema krawi..oyala aurudu 5kwth ehe innwsne...ara kitchen eka gwa thubba space eka dkka gmn mt denune punchi daga lamai dennek thundenek duwanwa..wegee...hrima lsssnai ❤😍🥺eka magema geyk kiyla denune mt...anee christmas ekta wesk ekata ema lssnata sarasnna puluwn ...mn asai akkigei aiiyagri gedrata sly aiya hrima hdoai❤❤❤❤..akka wgema ...mth australia enwa eth thwa hugak kal ynwa...ethkota mattath kalayk akka wge ekathu krla oya wge pawich krpu cute gryk gnna puluwn ...athatama oya vedio eka oma prnnuwa eka hodai mokda mn hithnidiye ara pennuwa gewl ekka okkoma sudda krla denne kiyla..thankuu soo much akkii okkoma vlogs dnna oyge mune sthuta apita dennenwa apitath sthutuiii

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +1

    කිරි පැණියෙන් ඉතිරේවා!
    සතුට සාමය සහිත යහපත් අනාගතයක් වෙිවා!

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 ปีที่แล้ว +1

    හරිම සතුටුයි මගේ රත්තරන් දුවේ! සතුටෙන් සමඟියෙන් දිගු කලක් සුවසේ වෙසේ වා!

  • @nkmemehub
    @nkmemehub ปีที่แล้ว +2

    ඔයාලගේ වාහන දාන්නේ කොහේද?🙂
    මිදුලේ ලස්සන පැල ටිකක් වවල⁣ ගමු...🌼🌱

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +1

    අයියනම් දැන් ටිකක් කතාකරනවා නේ වෙනදට ඔය තරම් වත් video එකේ කතා කරනවා good Luck akki💙❤💚💛💜💛💛💛💛

  • @Dinud1217
    @Dinud1217 ปีที่แล้ว +1

    බඩුත් තිබ්බාම ලස්සනට තියෙවි. Garden එකේ ලස්සනට මල් එළවළු පැල හිටවන්න. ඔයාලගේ ජීවිතයේ සියලු ප්‍රර්ථනා ඉෂ්ට වෙන්න කියලා සුභ පතනවා. 🥰❤️😍

  • @davidfernando5613
    @davidfernando5613 ปีที่แล้ว +1

    සමිදුන් සමග ආරම්භකල මේ ගමන සමිදුන් සමගම ගෙවමින් සාර්ථක දිව්යකට හේතු වාසනා ලැබේවා .

  • @kaushalyarasangi
    @kaushalyarasangi ปีที่แล้ว +1

    ලස්සනයි gedara godak ❤️❤️❤️ oya පුදුම sathutin inne kiyala therenawa ,,apith godak සතුටු wenawa oyage achievement dakkama👍👍😍😍 gedara thawat ලස්සන wei oya denna awama ...sly hari lajjai ne😃😃 එහෙනම් paressamin inna ..❤️❤️

  • @Explorereye208
    @Explorereye208 ปีที่แล้ว +2

    Oya dennage නිහතමානී kama ratak watinawa idiri අනාගතයta suba පැතුම් . ❤️🎂❤️🎂Good luck. Devi pihitai .

  • @shanitharaka693
    @shanitharaka693 ปีที่แล้ว +3

    දානකන් මග බලාගෙන හිටපු video එක... ❤️❤️❤️

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 ปีที่แล้ว +1

    අයියයි අක්කී දෙන්නම හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 😍❤️

  • @cheerfuljourney14
    @cheerfuljourney14 ปีที่แล้ว +16

    Can't wait to see your sweet home.. stay happy forever guys...🥰

  • @champathalagala6645
    @champathalagala6645 ปีที่แล้ว +2

    Anji, It is a one way vision security door! Also screen for privacy. Allowing you to see outside without having the worry you or your household items will be seen from the outside in. Can use as a fly screen !😊

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ☺️හරිම ලස්සනයි, තෙරුවන් සරණයි දෙන්නටම😊

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 ปีที่แล้ว +1

    ගෙදර ගොඩක් හොදයි. ඔයාලා ගෙදරට ආවට පස්සේ තවත් ලස්සන වෙයි.පිලිවෙලට බඩු ටික තියා ගත්තම මාරම ගතියක් තියෙයි. ආසයි . ඉක්මනින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න.
    ජේසු පිහිටයි!!!!! ❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +1

    මමත් හිතුවේ අක්කි හිතපු දේම තමා.ඇදුම් එල්ලල තැන දොරක් නැති එක.ඒක එහෙම හරියන්නේ නෑ තමයි .පස්සේ කබඩ් එකක් වගෙ හදන්න .දොරක් දාන්න

  • @shehanisenavirathna5133
    @shehanisenavirathna5133 ปีที่แล้ว

    මගේ ජීවිතේ ලොකුම ගෝල් එක......ඔස්ට්‍රේලියාව.......ඒ හීනෙට යන්න ලොකුම mortivation ekak akkige channel eka.oyge weda tawa thawath sarthaka wewaa akki!!!!!!!😍😍😍😍

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว

    වීඩියෝ එක බැලුවේ පෙරේදා රෑ. අනේ කමෙන්ට් එකක් ලියන්න බැරි උනා බබාලා එක්ක. මොකද මම වෝඩියෝ බලන්නේ ටීවී එකේ නිසා. මං ආදරේ මං කැමති අයගේ වීඩියෝ ටීවි එකේ බලනවා.පස්සේ මතක් කරලා ඇවිත් කමෙන්ට් එකක් ලියන්න උපරිම උත්සාහ කරනවා. ... ඔයාලගේ ගෙදර දැක්කම ඔයාලගේ මූනේ පිරිලා තියෙම සතුට දැක්කම හරිම සතුටුයි.. සුභම වේවා ඔයාලා දෙන්නට. මේ ගෙදර වාසනාව සතුට ඉතිරේවා❤❤❤❤

  • @ariyawansha74
    @ariyawansha74 ปีที่แล้ว

    ගෙ හිස් වුනාට ඔයාලාගේ හදවත් හිස් නැ.සතුටුයි මම ගේ ගත්තා වගේ.මල්ලි දැන් නම් විඩියෝ වලදි කතා කරනවා.ඔයා ඒක්ක ඉන්නකොට කතා නොකරන අයත් කතා කරනවා.good luck

  • @sasankapurnima6176
    @sasankapurnima6176 ปีที่แล้ว

    ලස්සනයි අක්කී.ඔයාගේ Videos වලින් අපි ගොඩක් දෙවල් ඉගෙනගන්නවා. හරිම නිහතමානී කෙනෙක් ඔයා. හැමදාම සතුටින් ඉන්න.❤

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 ปีที่แล้ว +3

    😍 ayya & akka හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.....තෙරුවන් සරණයි...!!! දෙවි පිහිටයි...!!! 👉❤️❤️

  • @rasikavinodani3632
    @rasikavinodani3632 ปีที่แล้ว +2

    හැමදා සතුටින් ඉන්න ලැබේවා !

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලගෙ ගෙදර ...එළවළු හිටවන්න ..හරිම අශාවෙන් බලන් ඉන්නවා ..ෆුල් හවුස්` වීඩියෝ එක බලන්න ...ජේසු පිහිටයි ඔබ දෙපළට ....❤️❤️❤️❤️❤️❤️

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว +1

    Harima sathutui akki...hamdama parissamin sathutin inna akkai aiyai dennama...❤️❤️🌸🌸

  • @Athzi_
    @Athzi_ ปีที่แล้ว +15

    Love that vibe your house got with those wooden features and the modern architecture style. ✨✨✨. Hope to see it becoming a beautiful home with you two and your love 🧡

  • @nimeshimekala2256
    @nimeshimekala2256 ปีที่แล้ว

    මුලම vlog එකේ ඉදලා මේ ආපු දුශ්කර වගේම ලස්සන ගමන හරිම ෂෝයි අක්කි,ඔයාගෙන් ඉගෙනගන්න දේවල් මහ ගොඩයි.ලොකුම දේ සරල කම.අයියත් ඔයා වගේම ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා පේනවා. ඉතින් මේ සතුටු වෙනුවෙන් අපිත් හදවතින්ම සුබ පතනවා.ඉක්මන්ටම ගේ ලස්සන කරලා අපිට වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නවා.ආදරෙයි දෙන්නටම ❤️❤️❤️සුබම සුබ පැතුම් ❤️

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 ปีที่แล้ว

    හරිම සතුටුයි. ඔයා උත්සාහවන්ත දරුවෙක්. හොද සහකරුවෙකුත් ලැබුනා. හොද නිවහනකු ත් ලැබුනා. සුභ අනාගතයක් ඔබ දෙපලට.

  • @pushpagamage2131
    @pushpagamage2131 ปีที่แล้ว

    ඔය හිස් ගෙදර ඔයාලගෙ ආදරෙන් පිරී ඉතිරී යාවි ඉදිරියට... හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ඔය දෙන්නට සියලු දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා...

  • @sarathsenanayake370
    @sarathsenanayake370 ปีที่แล้ว

    Ac unit ටික service කරන්න wash room වලට bidet shower දාන්න

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว +1

    200k වෙන්නත් ලගයි ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම හැමදේම සුබ වෙන්න ඕන ❤️

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 ปีที่แล้ว

    අක්කේ house tour එක ඉක්මනටම ඕනේ...හරිම සතුටුයි මට ඔයාලා දෙන්න සතුටින් ඉන්න විදිහ දැක්කම... හැමදාම ඔයා වගේම සතුටින් ආදරෙන් ඉන්න කියලා මං wish කරනවා දෙන්නටම...❤️❤️❤️😘💐

  • @gayanikumudu4882
    @gayanikumudu4882 ปีที่แล้ว

    අපි හැමදාම ඔයාගේ video බලනවා..ඔයාගේ උත්සාහය හා දියුණුව ගැන හරිම සතුටුයි.. congratulations!!!

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว +2

    දෙන්නටම තියෙන්නෙ හරිම අවන්ක අහින්සක හිනාවල් දෙකක් විශෙශයෙන් ස්ලයි අයියගෙ.ලස්සන ගෙදර සතුටින් ඉන්න ලැබෙවා

  • @chamilasudarshani9310
    @chamilasudarshani9310 ปีที่แล้ว +1

    සියල්ලම සපිරි නිවහනක් වේවා ..සතුටුයි

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว +3

    සතුට සව්භාග්‍ය පිරුනු සුබ අනාගතයක් අක්කි❤️❤️❤️

  • @himeshsadaruwan184
    @himeshsadaruwan184 ปีที่แล้ว +1

    akkiyo ayiye dennm sathutin parissamin inn , budu saranai denntm😍😘

  • @usharimaduwanthi4768
    @usharimaduwanthi4768 ปีที่แล้ว

    අනේ අක්කි ඒ ගෙදර හරිම ලස්සනයි.empty වුනත් හරිම ලස්සනයි.බඩු දැම්මම තවත් ලස්සනට තියෙයි.ඔයාලා හිතන විදියටම ඒ දේවල් කරගන්න ලැබෙන්න කියලා wish කරනවා.congratulations akki

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 ปีที่แล้ว

    අක්කීගේ සතුට නම් කතා කරන හැම වචනමේ තියෙනවා .....මට මතකයි අක්කගේ මූල්ම විඩියෝ එක...අක්කී ගොඩාක් දියුණු වේලා...congratulations අක්කීට....
    අයියාගේන කටින් වචනයක් ගන්න බැරි ගානයි...ඔයාගේ සතුට මටත් සතුටක් වූනා අක්කී....හැමදාම දිගටම ඔයා එක්ක ඉන්නවා...ආදරෙයි ❤️❤️❤️❤️

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    Ane asai duwa oyalage නිහතමානී gatiguna නිසා hama dema ලස්සනට Karaganna jesuge jesu අම්මාge pihita නිතරම ලැබෙන්න one duwa💙💙💙💙🌹🌹🌹

  • @nandaniathulathmudali8877
    @nandaniathulathmudali8877 ปีที่แล้ว

    ඔයාලා දෙන්නට සුබ පතනවා. ආදරය සාමය සතුට සපිරි වාසනාවන්ත අනාගතයක් උදාවේවා!!

  • @navangachathu289
    @navangachathu289 ปีที่แล้ว

    Niyamai Akki👍....Harima Lassanai akki gedera❤️....Hari free gathiyak thiyenawa😘....All the best Akki💐😘...

  • @sandarekasamarappulige7804
    @sandarekasamarappulige7804 ปีที่แล้ว

    Harima සතුටුයි අක්කේ. හැමදාම හොඳින් සතුටින් inna ලැබේවා! dennatama

  • @silversprings6771
    @silversprings6771 ปีที่แล้ว +3

    It was so exciting to tour your house.The best is yet to come as you decorate your home and we get to see all of it.God bless you both .

  • @erandimeepagala2691
    @erandimeepagala2691 ปีที่แล้ว

    හරිම සතුටුයි අක්කි සහ අයියා...ඔයාලගෙන් අපේ ජීවිත වලට ගන්න දේවල් අනන්තවත් තියෙනවා.මං මුල ඉඳන්ම ඔයාලාගේ වීඩීයෝ බලනවා.හරිම වැදගත් දේවල් තියෙනවා ගන්න.ඔයාලාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න සුභ පත්නවා දෙන්නටම.බුදු සරණයි.අයියට sly කියලා කතා කරන්න අක්කි සිල්වෙස්ට කිව්වාම නිකන් advance වැඩි වගේ.sly කිව්වාම cute 😍🖤 දෙන්නටම ජේසු පිහිටයි 🙏

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    ගෙදර ගොඩාක් ලස්සනයි duwa .බඩු tiyala ehema ge lassana kalama ගොඩාක් ලස්සනට piliwalata ge පිරිලා ඔයාලගෙ lassanat ekkama shiriyawanata ගෙයක් වෙනවා දුව jesu පිහිටායි 🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️💛💛♥️💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කෙ ❤ Car park කරන තැන පෙන්නුවෙ නැහැනෙ 🤗😁 ඒකත් පෙන්නන්න ඊලගෙ Video එකේ❤

  • @mojetam6505
    @mojetam6505 ปีที่แล้ว

    Hari lassana nidahas thank hambelaa...oyalage luck ekata...essarahata ge lassana karaganna himeeta. Eda thiyena than wala monahari wawanna ethakota einuth ogolonta ashirwadayak ei....too happy 🌹🌹🌹🌹🌹

  • @sepalikabandara205
    @sepalikabandara205 ปีที่แล้ว

    අපිත් අලුත් ගෙදරකට අවා වගෙ සතුටුයි අක්කි..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..බුදුසරණයි ඔය දෙන්නට..❤ ❤ ❤ ❤

  • @NB-xj9pu
    @NB-xj9pu ปีที่แล้ว

    Congratulations akke..🎉️🎉️godaak sathutu hithuna vlog eka baladdi. Oyala dennatama apen suba pethum❤❤

  • @ravindralakmal8492
    @ravindralakmal8492 ปีที่แล้ว

    හරිම සතුටුයි . ගොඩක් ලස්සනයි. God bless both of you

  • @dok4593
    @dok4593 ปีที่แล้ว

    ඒ ගෙදර ලස්සනයි. තව අඩුපාඩු ටිකත් හදලා ගත්තහම ලස්සනට තියේවී.පරිසරයත් හරිම නිස්කලංකයි.

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +1

    හදවතින්ම සුබ පැතුම් දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ❤❤

  • @sharathisaru6100
    @sharathisaru6100 ปีที่แล้ว

    shork ane oya..mata harima sathutuy oyala denna aluth gedarak gatthata. hamadama diyunu wenna kiyala pathanawa..budu saranayi...

  • @niroshajaanaki8959
    @niroshajaanaki8959 ปีที่แล้ว

    Godak sathutui.oyage v.hamadama balanawa.

  • @milanfernando8328
    @milanfernando8328 ปีที่แล้ว

    Ane harima lassana geyak..godak loku gewal walata wada me ganata thamai mageth choice eka...God bless ur family!!

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි අක්කේ ඔයා අලුත් ගෙයක් ගත්ත එකට මම ඔයාගේ 5k වගේ තියේන කාලේ ඉදන් channel එකත් එක්ක ඉන්නේ ඔයා අපේ ජිවිත වලට හීන ගෙනත් ඒ හීන පාට කරගන්න මාරම motivation එකක් දෙන්නේ හැමදාම Australia හීනේ අපිව තියාගෙන ඉන්නේ ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @kumarihami421
    @kumarihami421 ปีที่แล้ว

    ඔයාලගෙ අලුත් ගෙදර හොඳ ලස්සනයි .ඔයාලගෙ අවංකකම නිසා ම දියුණු වෙනවා. දෙවිපිහිටයි.ජයම වේවා!

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 ปีที่แล้ว

    හරිම ලස්සන හෙදරක් ඔය දෙන්නටහොදටගැලපෙනව ජයවේවා

  • @ruviniranaweera
    @ruviniranaweera ปีที่แล้ว +5

    God bless you 🙏❤️ both of you are so adorable together 🥰

  • @hmseelalatha2284
    @hmseelalatha2284 ปีที่แล้ว

    බොහොම සතුටුයි . තව තවත් දියුණු වේවා . 💕💕💕🙏🙏

  • @luvromi
    @luvromi ปีที่แล้ว

    Use grass (those that usually comes in rolls) around the fence area from front to back of the house and you can paint the wood

  • @aselasandaruwan8023
    @aselasandaruwan8023 ปีที่แล้ว

    කරන හැමදේම ඉක්මනටම හරියන්න ඕනේ.ගොඩක් සතුටුයි අපිටත්.අක්කගේ මූනේ තියන සතුට දැක්කම. බුදු සරණයි. දෙවි පිහිටයි.❤🙏

  • @BESTVERSION562
    @BESTVERSION562 ปีที่แล้ว +1

    ඇන්ටි ඔයාගේ video එක ලස්සනයි පිටිපස්සෙන් තාප්පෙ ගාව තියෙන ඉඩේ පලතුරු ගස් ටිකක් වැව්වනම් ලස්සනයි නේද

  • @samudrakumari1612
    @samudrakumari1612 ปีที่แล้ว

    Harima sathutui anji, oyalage idere anagathayata suba pathanawa hadawathinma. Devi pihitai

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว

    ඔය බලාපොරොත්තු ඒ ආකාරයටම ඉටු වෙනවා දුව... බුදුසරණයි.. හරිම සතුටුයි අපිටත්..

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඒ ගෙදර අක්කේ 😍 සුභ පතනවා ඔයාලා දෙන්නටම♥️💫

  • @dasanayaka5068
    @dasanayaka5068 ปีที่แล้ว +1

    Congratulations akki and aiya🎉🎉
    Oyalage siyaluma balaporoththu me wage ishta wenna ona ❤❤adarei 💕💕

  • @ireshaperera5195
    @ireshaperera5195 ปีที่แล้ว

    Niyamai අක්කේ, හරිම සතුටු. දෙන්නටම සුබ පැතුම්, adaren සතුටින් inna, ජයවේවා

  • @dinithiupamali9377
    @dinithiupamali9377 ปีที่แล้ว

    Congratulations 👍👍අනේ ගොඩක් සතුටුයි

  • @malkiishara
    @malkiishara ปีที่แล้ว +1

    අවංක සතුට.... මහන්සියෙ ප්‍රතිපල 🤗
    Stay safe & Always be happy😘