කඳු අතර සැඟවුණු සුන්දර පාරාදීසය සෙම්බුවත්ත| Sembuwatta | රු.300ට zip line😲😮| Travel with Rawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #travelwithrawana #sembuwatta #mathale #elkaduwa #ziplines
    හොඳට සෙම්බුවත්ත වැව මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටා ඇත.ගමන් කිරීමට තිබෙන මාර්ගය අපහසු වුවද පාරාදීසයක් බඳු මෙම සෙම්බුවත්ත අද වන විට සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්වී ඇත. මෙය නිර්මණය කර ඇත්තේ ඉංග්‍රීසින් විසිනි. අතීතයේ පෝලෝපිටියක් පැවති භූමිය අලංකාර වැවක් බවට පත් කර ඇත.අසල තිබූ තේ කම්හලකට විදුලිය ලබාගැනීමට මෙම වැව ඉදි කර ඇත. මෙම වැවට sembuwaththe යන නම ලැබී ඇත්තේ සෑම පෝය දිනකම දිය උල්පතක් ළගින් රන් සෙම්බුවක් මතුවූ නිසාත් එම සෙම්බුව එක්තරා දිනයක දී වත්තේ වැඩ කළ කංකානම් කෙනෙක් විසින් රැගෙන ඉන්දියාවට පළා ගිය නිසාත් ඔහුගේ පුත්‍රයා විසින් එම රන් සෙම්බුව මතු වූ ස්ථානයේ දේවාලයක් ඉදිකර ඇත.අද වන විට ද එහි නටබුන් දැකගත හැකිය.
    සෙම්බුවත්තට පැමිණියහොත් ඔබට හංස බෝට්ටු ziplining kayaking වැනි විනෝදාස්වාදය ලැබිය හැකි සේවාවන් රැසක් ලබාගත හැකිය.
    එමෙන්ම මෙම ස්ථානය මේ ආකාරයට අද තියෙන තත්වයට පත්කර ඇත්තේ මෙහි සේවය කළ වතු අධිකාරීවරයෙක් වන රැඩ්ලි දිසා යන පුද්ගලයා විසිනි. මෙම සෙබ්බුවත්ත වැවට සුන්දරත්වයක් එකතු කරන්නේ පසෙකින් පිහිටි ෆයිනස් කැලෑවත් අසලින් පිහිටි තේ වත්තත් හා මෙහි ඉදිකර ඇති ගිම්හාන කුටි ‍ය.
    එමෙන් ම මෙහි පැමිණෙන පුද්ගලයකුට නවාතැන් පහසුකම් ද ලබාගත හැකිය.

ความคิดเห็น • 8