Sanda Diya Dewuna Se | සඳ දිය දෙවුන සේ | Asanka Priyamantha | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 318

  • @janakaheenkenda8615
    @janakaheenkenda8615 9 หลายเดือนก่อน +191

    සඳ ගැන ලියවුනු මේ ගීතයේ යටි අර්ථයත් එක්ක දැහැන් ගතවෙන්න හිතුනා. පුදුම ලස්සන චිත්ත රූප මවන ගමන් පැවසෙන යටි අර්ථය ඉතාමත් සුන්දරව නිලාර් N කාසිම් ලියල තියනවා කියලයි මටනම් මේ ගීතය රස විඳිනකොට හිතෙන්නේ.
    පද දිගේ ගිහින් ටිකක් තේරුම් ගන්න උත්සහයක් ගත්ත. මේ අදහස් මට දැනුන තේරුණ දේවල් මිසක්, මේ ගීතය ලියු රචකයාගේ අදහස් සමඟ එක එල්ලේම සැසදෙන්නේ නැති වෙන්න පුළුවන්. කියවන ඔබට වෙනත් අදහසක් දැනෙන්නත් පුළුවන්. ඒක ගැටළුවක් නොවන්නේ ඕනෑම කවියක් තුල බහු අර්ථ තිබෙන්න පුළුවන් නිසා.
    මගේ අදහස් එක්ක පද පේලියෙන් පේලියට ගීතය දිගේ රැගෙන යන්නම්.
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
    හුදකලාවූ රාත්‍රියක තනියට ඉන්න සඳ, සඳ කැලුම් දෙනවා වගේ ප්‍රේමවන්තිය ගේ සිනහව කියන්නෙත් ප්‍රේමවන්තයෙක් ඇඳ බැඳ තබාගන්න හැකියාවක් තියන සුන්දර අත්දැකීමක්, සිතිවිල්ලක්. ඇසින් දැක්කට අන්තිමට නතර වන්නේ තමන්ගේ හිත ළඟ, ඒ සුවය, සුවඳ විදින්න පුළුවන් වෙන්නේ ආදරණීය හදවතකට. එය මෙතෙකැයි කියා කියන්න පුලුවන්ද කියා කවිය බොහොම අපුරුවට දනවන්න උත්සහ කරනවා මෙතන.
    දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
    හැම ආදරණීය හමුවීමකටම සමාජය, කුලය, ජාතිය, ආර්ථික තත්වය, වයස එක එල්ලේම ආශිර්වාදයක් නොවෙන්න ඕනෑ තරම් හේතු තියෙනව. මේවා හරස්වෙනකොට, සැබවින්ම ආදරයෙන් බැඳුනු අයට හමුවීමක් කියන්නේම වැලපීමක්. අත් හැර ගන්න බැරි බැඳීම්, ඒවා හැමදාමත් නතර වන්නේ වැලපීමක් ඇති තැනක. වැලපෙමින් හෝ හමුවීම සැනසිල්ලක් වන්නේත් ඒ නිසයි. එම අර්ථය මානාව සංක්ෂිප්තව පද දෙපෙලකින් මානව උකහා දක්වල තියනවා.
    නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම
    දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන
    ආදරයෙන් පිරුණු හදවතකට හිතෙන්නෙම දැනෙන්නෙම සුන්දර ප්‍රර්ථනා. නැවත නැවතන් අලුත් වෙන මේ සිතිවිලි මොනතරම් සිත රහසින්ම දුරක අරන් යනවද ? ආසිර්වාදය නැති ප්‍රේම කතාවක පැතුම් සඳක් වී පුර්ණ චන්ද්‍රයා වගේ තමන්ගේ සිත් අහස පුරා දිදුලන හැටි, විඳින හැටි බොහොම අපුරුවට චිත්‍රණය කරල තියනව.

    ඒ හඳ .. ඇයි ද .. දියවක වී පුණු රෑක
    දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව
    කොච්චර ප්‍රර්ථනා තිබුනත් පියවි ලොකයේ ඒවා යථාර්තයක් නොවන තැන නතර වෙන්නේ කඳුළු වල. පසලොස්වක සඳ අමාවක නොවී දියවක වී දියවී ගොස් නැතිවෙලා යන්නේ කඳුළු පිරුණු තරු ඇසක් ළඟ, හරියට කඳුළු තරු වෙලා දිලිසෙනවා වගේ. ඉතාම අපුරුවට මේ හැගීම යටි අර්ථයක් විදිහට චිත්‍රණය කරල තියනව මෙතන, ඒ වගේම කවියෙකුගේ පරිකල්පන ශක්තිය වෙනම තලයක තියන බව පෙන්නලා තියනව.
    ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
    සෝදා හල හැකි ද ගැරහුම් ගල ගාව
    විරහව තීව්රව දැනෙනකොට ඒවා පිටකරන්නේ ඉච්චා බන්ගත්වයෙන් සුසුම් ලමින්. නමුත් එහි හැගීම එහි සුවඳ මොන තරම් තීව්‍රද කියතොත්, ඒවා ගැරහීම් වලින් සෝදා හරින්න බැරි තරම් හදවට කා වැදුණු සිතිවිලි, සුවඳ බව ඉතාම ලස්සනට දක්වන්න උත්සහකරලා තියනව අපුරුවට.
    කඩඉම ලඟ ... ඉඳන් .. වත් නුඹ හැමදාම
    මට අත වනාපන් නළියන නළ සේම
    නොගැලපීමක සීමාව ළඟ තියන කඩයිම ළඟ නතරවෙන තැන හැරෙන්නත ඉදිරියට හෝ පසුපසට යා නොහැකි මේ සම්බන්ධය අවසානයේ හිමිවන්නේ අත්හැරීමක් නැති හිමිකරගත නොහැකි සංක්‍රාන්තියක. එතන සැහීමකට පත්වෙන තැන නතර වන්න ඇරයුම් කරන්නේ ප්‍රේමයේ සදාකාලික සුවය මඳ නල සේ හැමදාමත් දැනෙන ලෙසට.
    මේ ගීතය ඉතාම උසස් ගීතයක් විදිහට රසවිඳින ගමන් කවි වලට ඇලුම් කරන කවි ලියන හැමෝම වෙනුවෙන් මේ සටහන තියන්න පොඩි උත්සහයක් ගත්ත.

  • @pasinduchanaka5770
    @pasinduchanaka5770 2 ปีที่แล้ว +98

    ඇයි මේ සින්දුව මේ තරම් ලස්සන 😕💔❤️

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 ปีที่แล้ว +3

      Hamadema sampurna nisa

    • @prasadlankathilaka1603
      @prasadlankathilaka1603 2 หลายเดือนก่อน

      අනේ මන්දා බං.මටත් ඕකම හිතුනා.😢

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว +43

    රාවතාවත්ත පන්ති ඇරිලා, මොරටුවේ ඉඳන් පන්ති එන ක්‍රශ් එක ගැන හිත හිතා, 158 බස් එකේ ගෙදර යන ගමන් අනන්තවත් අහලා තියෙනවා ❤️❤️❤️

  • @prabuddhapriyashantha6704
    @prabuddhapriyashantha6704 3 ปีที่แล้ว +69

    සින්දුද බන් මේවා...මටනම් බාවනාවක්...ඒ තරමටම ලස්සනයි

    • @production6347
      @production6347 2 ปีที่แล้ว +2

      අන්න ඒකයි 😍🤝❤️

  • @danukaishan1252
    @danukaishan1252 2 ปีที่แล้ว +26

    කැසට් එක ඇහුවා වගේ ඇත්තටම අසංග අයියා කියන්නේ තවත් අපේ ගීතාවලියේ නොමැකෙන සටහනක් තැබූ කටහඩක් ❤️ ජාතික රෑපවාහිනියට ස්තූතිය මෙවැනි වැඩසටහන් අපහට ලබාදීම ගැන 🙏🙏❤️

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 ปีที่แล้ว +17

    නිලාර් අයියා මේ තමයි සහජීවනය

  • @yatheendra88
    @yatheendra88 ปีที่แล้ว +46

    මේ වාදකයන්ගේ නම් දාන්න පුලුවන් නම් Description එකට ගොඩාක් වටිනවා. මේවගේ වාදනය කිරීම ඉතාම අසීරු දෙයක්. මේවගේ output එකක් දෙන්න මෙයාලගෙ දක්ශකම හරිම වටිනවා. මෙයාල බාගෙට play කරොත් මේ වගේ අපිට රස විඳින්න වෙන් නෑ කොහොමටවත්. ඒනිසා හරිම වටිනව වාදක පිරිසගේ නම් දාන්න පුලුවන් නම්.

    • @hameshmaningamuwa6861
      @hameshmaningamuwa6861 8 หลายเดือนก่อน +3

      Yes, agreed

    • @lalindrakasthuriarachchi5985
      @lalindrakasthuriarachchi5985 7 หลายเดือนก่อน

      ​@@hameshmaningamuwa6861yes music is touching the original

    • @DineshC
      @DineshC 7 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන්ම සහතික ඇත්ත , ගොඩක් පිරිසකගේ මහන්සියේ අවසාන ප්‍රතිපලයක් තමයි අපිට ඇහෙන්නේ

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน +2

      Yes indeed ❤🥹✌️

  • @lahiruatapattu2487
    @lahiruatapattu2487 8 หลายเดือนก่อน +20

    මේක තමයි අද ලංකාවේ දේශපාලනය විසින් නැති කරපු සහජීවනය ...නිලාර් N කාසිම් ❤❤

  • @HGSupunSameera
    @HGSupunSameera 9 หลายเดือนก่อน +27

    ජිවිතෙ ගොඩක් පස්සට යනවා මේ සිංදුව ඇහෙනකොට............ජිවිතේ අමතක නොවනම කාලයක් .......තමත් එදා වගෙම ආදරෙයි වෙනකෙනෙක්ගෙ උනත්.................

    • @AnushaMahadura
      @AnushaMahadura หลายเดือนก่อน +1

      දුක් වෙන්න එපා මේ ජිවිතේ තමන්ට තමන්වත් අයිති නෑ බුදුසරණයි ඔයාට 🥲

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 14 วันที่ผ่านมา +1

    මේ 2025..පොඩි කාලෙ ඉඳං අදටත් අහනවා

  • @DelikaBuddhini
    @DelikaBuddhini 11 หลายเดือนก่อน +7

    ගී පද රචනය හරිම රසයි
    අතීතයේ සොදුරු තැන් මතක් වෙනවා
    ජේසු පිහිටයි සැමටම

    • @cspos8597
      @cspos8597 4 หลายเดือนก่อน +1

      Nilar N Kasim . ලියන එක ලියන්ල තියනවා රිදෙන්න

  • @judejanam7242
    @judejanam7242 10 วันที่ผ่านมา +1

    මාලනී බුලත්සිංහල මහත්මිය සමගින් ගැයූ ගිතයක් අසංඛ ප්‍රියමන්ත පීරිස් මහතා අතුත් හඩත් සාදාරනයි යුග ගායනයේ ❤❤❤❤

  • @rashmisandamini1702
    @rashmisandamini1702 8 หลายเดือนก่อน +18

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයි තරම්‌ සුවඳද මගෙ සිත ගාව..
    දෑ කුල සිරිත්‌ සිටි සඳ මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින්‌ හැමදාම...
    නෑඹුල්‌ පැතුම්‌ අහසට නැග රහසේම
    දිලිසෙන්නේද පුරපස දී සඳපාන...
    ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක
    දියවී ගිහින්‌ රැඳුණේ තරු ඇස ගාව...
    ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව...
    කඩඉම ළඟ ඉඳන්වත්‌ නුඹ හැමදාම
    මට අත වනාපන්‌ නළියන නල සේම...

  • @madumaheshmahesh9845
    @madumaheshmahesh9845 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්න නැතී තරමට ඒ වචන හිතට කා වැදීලා...❤..

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 9 หลายเดือนก่อน +6

    භාවනාවක් වගේ පුදුම සැහැල්ලූ ගතියක් හිතට දැනෙන්නේ. අසංක ප්‍රියමන්තගේ හඬ වගේම නිලාර් එම් කාසිම්ගේ පද රචනයත් සුපිරි.

  • @rochana85
    @rochana85 ปีที่แล้ว +45

    මාලනි බුලත්සිංහ ගේ කටහඩට සාදාරනයක් ඉෂ්ට කරාට ස්තූතියි

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน +1

      Aththatama❤

    • @user-ui1io9uw6b
      @user-ui1io9uw6b หลายเดือนก่อน

      ඇත්තටම රැක්ෂිගෙ හඬ බුලත්සිංහල මහත්මියගේ හඬට මදක් සමානයි ❤

  • @chamaradilshan117
    @chamaradilshan117 2 ปีที่แล้ว +23

    සිය සැරයක් විතර ඇහුවා❤ තවත් කොච්චර අහයිද කියල මම වත් දන්නෙ නෑ✌️

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน

      ඒක තනිජරම පිස්සුවක්. එපාවෙන්නෙ නෑ.🥹🥰✌️

  • @sachithrasiriwardana7624
    @sachithrasiriwardana7624 2 ปีที่แล้ว +24

    Original සින්දුවට වඩා මේක ලස්සනයි... ❤️

  • @hasanthaprasad533
    @hasanthaprasad533 2 ปีที่แล้ว +12

    තනිකර භාවනාවක්.Verse end එකේ වයලින් Part එක ඉහලින් වාදනය කිරීම ඉතාමත් රහයි...❤️❤️❤️❤️

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +13

    ගී පද , ගී තනු , සංගීතය , ගායනය කොපමණ ඇහුවත් එපා නොවන බව පමණයි ලියන්නට පුළුවන්. 🎵🎵🎵.

  • @dilharalakshinidil
    @dilharalakshinidil 8 หลายเดือนก่อน +13

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති සින්දු ලිස්ට් එකෙ තියෙන එක සින්දුවක් මේක..❤ මේ වගෙ මහ රෑක මේක තනියම අහද්දි එන ෆීලීන් එක 😢💔

  • @samyabandara1173
    @samyabandara1173 2 วันที่ผ่านมา

    අවුරුදු ගානක් ආපස්සට මතකය ඇදගෙන යන්න පුළුවන් සින්දුවක්... ❤

  • @sankaekanayake2258
    @sankaekanayake2258 7 หลายเดือนก่อน +4

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..,.
    ඒක පට්ට.....

  • @ChathuzLanka
    @ChathuzLanka 7 หลายเดือนก่อน +10

    අපේ කාලේ Supper stars ඩබල අසංක & චන්දන ලියනාරච්චි.❤❤

  • @plsolutionmobilereparing
    @plsolutionmobilereparing 8 หลายเดือนก่อน +5

    දවසට 10 වතාවක්වත් අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....

    • @චම්නිස්
      @චම්නිස් 8 หลายเดือนก่อน

      අසංගගේ පරන වොයිස් එක එක්ක මාලනී කියන ගීතය ෆිලින් වැඩි.මියුසික් මේ වර්ශන් එකේ ඉතා ඉහලයි

  • @slfantasy6398
    @slfantasy6398 7 หลายเดือนก่อน +5

    ඒ වයලීන් පාර්ට් එක. පිස්සු හැදෙන ගැහිල්ලක්

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 2 หลายเดือนก่อน +1

    මුල් ආදරණීය කලා කරුවාට ස්තුති කරන ගමන් ..අසංක මහත්තයා අපේ අයිය ...🎉..රුක්ෂි ත් ලස්සනටම ගැහුව නොනවතින ගීත ටිකක් ආදරෙයි 🎉🎉🎉අහන අපි #කටාර් අපි🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +23

    පරණ සිංදු මේ විදියට ඇහෙනකොට එන සතුට ❤️🥺🥺💝

  • @rakithahimala4973
    @rakithahimala4973 9 หลายเดือนก่อน +8

    ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ.......
    සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව......😢😢

  • @manushaprebath3437
    @manushaprebath3437 3 หลายเดือนก่อน +1

    Super ,
    මෙයා ඉන්දියාවේ ඉපදුනානම් මේවනවිට මුලු ලෝකයේම ජනප්‍රිය වෙලා..💐🔥 🇱🇰 ..

  • @Nethuki-vz7uv
    @Nethuki-vz7uv 6 วันที่ผ่านมา

    බෑන්ඩ් එකත් එක්ක මතු වෙච්ච සුපිරි ඩ්‍රමෙක්... බෑන්ඩ් එකත් එක්කම හැංගිලා ගියා...😢

  • @diaswelistan498
    @diaswelistan498 11 หลายเดือนก่อน +6

    අතීතයට අරන් යන සිංදු බන් මෙවා,,,,,🥰🥰🥰❤️❤️❤️

  • @hiranprawinda6539
    @hiranprawinda6539 ปีที่แล้ว +12

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිංදු කියන්නෙ මේවට 💖 ඒකට දැන් සිංදු ලියන උනුයි කියන උනුයිනම් හෙනම සාපයක්

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 5 หลายเดือนก่อน +1

    තිසර අයියෙ සුපිරිම ආදරණීය ගීතයක් හැමෝටම ස්තූතියි ඒ නිර්මාණය වෙනුවෙන් ❤

  • @madumaheshmahesh9845
    @madumaheshmahesh9845 ปีที่แล้ว +5

    හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම..😢😢❤

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 2 หลายเดือนก่อน

    අතුල අධිකාරි සිංදු කොච්චර ඇහැව්වාත් ආයි ආයි අහනවා ලස්සනම ලස්සන හඩක් නිහතමානී කමත් එක්කම තවත් කැපී පේනවා ජයවේවා ❤

  • @sarath9999
    @sarath9999 8 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඒ තරම් හදවතට සමීප යි .

  • @user-ui1io9uw6b
    @user-ui1io9uw6b หลายเดือนก่อน

    ආසම ගීතවල අංක එක ❤ පිස්සුවක් මේක නම්...මාලනී බුලත්සිංහල මහත්මියගේ කටහඬට ඇය සාදාරණයක් කරනවා...♥️

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 2 หลายเดือนก่อน +1

    මේ සින්දුවට මම මෙච්චර ආස ඇයි කියලා තේරෙන්නෙ නෑ.මට කියාගන්න බැරි ගොඩක් දේවල් මේ සින්දුවේ කියවෙනවා.මුස්ලිම් කෙනෙක් මේක ලිව්වා කියලා හිතාගන්නවත් බෑ.❤❤

    • @user-ui1io9uw6b
      @user-ui1io9uw6b หลายเดือนก่อน

      නිලාර් එම් කාසිම්...

  • @samangaminiwannisekaracrra9199
    @samangaminiwannisekaracrra9199 4 หลายเดือนก่อน +1

    නිලාර් කාසිම් ‍ගීතරචකයා නම් මාරයි අප්පා...සජිව්ව මන් ඔහු දැකල නැතත් හදවතින්ම අගය කරන ගිත රව්කයෙක්

  • @Yamiworld2007
    @Yamiworld2007 2 หลายเดือนก่อน

    සිතේ තියෙන හැගීමක් අකුරු කරල තියෙන අපූරුව. ප්‍රධානම දේ හැම මනුස්සයෙක්ගේම ආදරේ කියන හැගීම එකවගේම සුන්දරයි. ඒ වේදනාව දුකද අපි හැමෝටම පොදුයි❤

  • @dilanjayarathna6689
    @dilanjayarathna6689 3 ปีที่แล้ว +10

    භාවනාවක් වගේ 😍

  • @inokagamage9141
    @inokagamage9141 2 หลายเดือนก่อน

    අද තමයි ලස්සනටම ඇහුණේ.දෙවියනේ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි ❤මොනවද අද අපිට ඇහෙන්නෙ 😢.

  • @channajayasinghe9697
    @channajayasinghe9697 6 หลายเดือนก่อน +1

    නුඹ කොයිතරම් සුවඳඳ මගෙ හිත ගාව,,
    සඳ තරින්දා

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 2 ปีที่แล้ว +5

    මාලිනියනි ඔබගේ අඩුව හොදටම දැනේ.....

  • @QuietPro8051
    @QuietPro8051 3 ปีที่แล้ว +4

    දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා good luck ❤️

  • @BandulaVithanage-xz7me
    @BandulaVithanage-xz7me 17 วันที่ผ่านมา

    අසංක මහත්තයෝ ඔයා නම් පිස්සුවක් ❤❤❤❤

  • @madurangajayalath896
    @madurangajayalath896 6 หลายเดือนก่อน +4

    Kawda me kellath supiriyak 😮🎉❤❤❤❤

  • @chamodvlogs7382
    @chamodvlogs7382 17 วันที่ผ่านมา

    අඩේ කිසිම අඩු පාඩුවක් නෑ සුපිරිම සුපිරියී.....❤❤❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil 8 หลายเดือนก่อน +8

    නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව 😔💔

    • @lalindrakasthuriarachchi5985
      @lalindrakasthuriarachchi5985 8 หลายเดือนก่อน +1

      Fantastic lyrics which streaming the pure love.

    • @sasithamadanasinghe1973
      @sasithamadanasinghe1973 8 หลายเดือนก่อน +2

      @@lalindrakasthuriarachchi5985 Fully agree, I still find it difficult to describe myself the meaning of this part..

    • @lalindrakasthuriarachchi5985
      @lalindrakasthuriarachchi5985 8 หลายเดือนก่อน +1

      ​@@sasithamadanasinghe1973yes indeed The in depth definition of the pure love was hidden n still alive as which we could express here. This creation is fantastic.

  • @DilinaKumara-p3r
    @DilinaKumara-p3r 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .

  • @vithanagekaushan8982
    @vithanagekaushan8982 7 หลายเดือนก่อน +2

    තනි මායාවක් මේක🥺🥀❤️‍🩹

  • @AnilFernando-rn9ep
    @AnilFernando-rn9ep 2 หลายเดือนก่อน +2

    Female voice superb...❤❤

  • @channamadura7718
    @channamadura7718 2 หลายเดือนก่อน

    භාවනාවක් වගෙ හැමදාම අහනව පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ආදරෙයි මරු ❤️❤️❤️❤️❤️

  • @Pramilalakshani1983
    @Pramilalakshani1983 2 หลายเดือนก่อน +2

    Wow....super lyrics ,music and preformance...🎉 keep it up naveesha.....❤

  • @PasinduMadusanka-lh1rv
    @PasinduMadusanka-lh1rv ปีที่แล้ว

    කියන්න වචන නැහැ මාරම ලස්සන සින්දුවක් හරියට බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ .❤❤😊

  • @NalakaWijerathne
    @NalakaWijerathne หลายเดือนก่อน

    නියමයි.... සිංදුවට උපරිමම සාධාරණයක් වීඩියෝ එකෙන් කරල තියනවා...✌✌

  • @thisarajayakody
    @thisarajayakody 3 หลายเดือนก่อน

    නන්දා මාලනී ගුරු මෑනියන්ගෙ තවත් එක ගෝලයෙක් වශයෙන් එතුමිය වෙනුවෙන් මෙම ගීතය රචනා කරන්න ලැබීම මට ජීවිතේ ලැබුන විශාල අවස්තාවක් , ඒවගේම මගේ සංගීත ගුරු තුමන් එම පදවැල් වලට තනුවන් දමා ගායනා කිරීම තවත් විශාල සතුටක් මගේ සංගීත ගුරු මෑණියන්ට පියාන්නට තෙරුවන් සරනයි යෙහෙන් වැජබෙන්න චිරං ජයතු

    • @PrabashUdakumbura
      @PrabashUdakumbura 3 หลายเดือนก่อน

      මොකක්🙄

    • @PrabashUdakumbura
      @PrabashUdakumbura 2 หลายเดือนก่อน

      වැරදි සින්දුවකට කමෙන්ට් එක දාලා තියෙන්නෙ

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial 5 หลายเดือนก่อน +1

    ගායනය වගේ මේ වාදකයින් ගැනත් වර්නනා කරමු හැමෝටම දීර්ඝායුශ❤

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 หลายเดือนก่อน

    සුනීර අයියේ... ඔයා තමා මගෙ ආසම ගායකයා.... ❤❤

  • @ChamaraNilushan
    @ChamaraNilushan 16 วันที่ผ่านมา

    ඒකනම් මාරම ෆීල් සර්❤❤❤❤❤

  • @NilanthiWewageDona-ts7kj
    @NilanthiWewageDona-ts7kj 2 หลายเดือนก่อน +1

    I love this song much.The melody is so sweet and peaceful.

  • @tharinduprabhashwara4356
    @tharinduprabhashwara4356 ปีที่แล้ว +1

    කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ ඒ තරම් ලස්සනයි ඒක ❤❤

  • @nimeshherath2259
    @nimeshherath2259 3 หลายเดือนก่อน

    නිලාර් කාසිම්ගෙ විශිෂ්ඨ පද රචනාවක් 😍

  • @sathya5296
    @sathya5296 4 หลายเดือนก่อน

    හරිම ලස්සන ගායනයක් සහ වාදනයක්... 👏👏👏

  • @AshikaDilshan
    @AshikaDilshan หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️🎧

  • @RushanPriyantha
    @RushanPriyantha 2 หลายเดือนก่อน +1

    Weyaleenaya ❤manaram sangeethayak❤❤❤❤❤❤❤❤❤

  • @Sampathniroshan-i7l
    @Sampathniroshan-i7l หลายเดือนก่อน

    ලස්සනයි ..

  • @samangaminiwannisekaracrra9199
    @samangaminiwannisekaracrra9199 4 หลายเดือนก่อน

    මම මේ සින්දුව අහපු හැම වාරයකම දිනේ දාල ඇති.

  • @dilusha_SL4463
    @dilusha_SL4463 2 หลายเดือนก่อน

    භාවනාවක් වගේ...❤

  • @SusantaNamili
    @SusantaNamili 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @KumariFernando-h4k
    @KumariFernando-h4k 3 หลายเดือนก่อน

    නුඔ කොයිතරම් සුවදද මගෙ සිත ගාව 💖💖💖💖💖

  • @sonaligunarathna62
    @sonaligunarathna62 2 ปีที่แล้ว +65

    That Violin melody...how peaceful...without any reason now this song has become my favourite♥♥♥

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 6 หลายเดือนก่อน

    මේ ගීතය වගේම ඒ සංගීතය. තනිකරම පිස්සුවක්.🥹❤️❤️🥰

  • @alwis2janaka
    @alwis2janaka 2 ปีที่แล้ว +4

    අසංකගෙ පරන voice එකෙන් අහලා බලන්න. TH-cam එකේ තියනවා.

  • @channamadura7718
    @channamadura7718 2 หลายเดือนก่อน

    සුපිරි ..🙏🙏🙏🙏

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 8 หลายเดือนก่อน

    අසංක අපේ සංගීත නාමාවලියේ සලකුණක් ම තමා

  • @darakasampath4970
    @darakasampath4970 ปีที่แล้ว +20

    Female voice excellent ❤

  • @wmyasaseeli
    @wmyasaseeli 2 หลายเดือนก่อน

    Excellent music ..singing ....performance ..!!!❤❤❤❤❤❤❤❤❤

  • @gemhouse9635
    @gemhouse9635 10 วันที่ผ่านมา

    ආදරනීය කෝශලි💚......

  • @DilukaGihan-cr7ol
    @DilukaGihan-cr7ol หลายเดือนก่อน

    පට්ට ❤

  • @channamadura7718
    @channamadura7718 5 หลายเดือนก่อน

    සුපිරි ❤️

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 9 หลายเดือนก่อน

    හමු වි වැලපෙමුද මෙලෙසින් හැමදාම.. ❤️❤️❤️

  • @PradeepSanjeewa-t2z
    @PradeepSanjeewa-t2z 5 หลายเดือนก่อน

    නුබේ ආදරේ මගේ දෙනුවන් තෙමනවා වගේ 🥰🥰😘😘😘

  • @RushanPriyantha
    @RushanPriyantha 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤wery nice

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 8 หลายเดือนก่อน +1

    ගායකයෝ පෙන්වන්න කීවොත් මෙන්න චරිත...❤❤❤

  • @PrabashUdakumbura
    @PrabashUdakumbura 3 หลายเดือนก่อน

    යටින් යන බේස් ගිටාර් පාර👌🥺

  • @dineshpeiris1485
    @dineshpeiris1485 3 หลายเดือนก่อน +1

    Nilar M kasim my favorite writer ❤❤❤❤❤❤❤❤❤

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara4538 ปีที่แล้ว +1

    Lyrics patta..
    Nilar lage hith kochchr lassana athida

  • @jayamalinuwanthika
    @jayamalinuwanthika 5 หลายเดือนก่อน

    අර boys ලගේ dance එක දැකල song එක හොයාගත්තෙ ❤.

  • @PrasadHarshana-l1m
    @PrasadHarshana-l1m 28 วันที่ผ่านมา

    Supiriyakma thamai...❤❤❤❤

  • @madurangajayalath896
    @madurangajayalath896 6 หลายเดือนก่อน +2

    Kauda me kella supiri ta kara😮

  • @btelgalle7267
    @btelgalle7267 7 หลายเดือนก่อน

    භාවනාවක් ❤❤❤❤❤

  • @madurangajayalath896
    @madurangajayalath896 5 หลายเดือนก่อน +1

    Kauda me kella ❤

  • @bawanthathalagala5348
    @bawanthathalagala5348 2 ปีที่แล้ว +5

    Bass guitar එක විතරක් වෙනම කඩලා අහගත්තොත් Addition එකක්

  • @isurasrimal6304
    @isurasrimal6304 3 ปีที่แล้ว +4

    Best song ever

  • @Kissesanmaybe
    @Kissesanmaybe หลายเดือนก่อน

    asanka kiyanne amurthayak🎉❤❤❤

  • @shashisameera7435
    @shashisameera7435 15 วันที่ผ่านมา

    Superb..❤❤

  • @policekiribathgoda
    @policekiribathgoda 8 หลายเดือนก่อน

    Female voice මරු 🥰🥰😍😍😘

  • @BilalGunawijaya
    @BilalGunawijaya 10 วันที่ผ่านมา

    I love amal perara straight forward in hiru selected comate of successful related music