දළදා කරඬුව / ශ්‍රී දළදා මාළිගාව / Temple tooth kandy / Lassana Derana ලස්සන දෙරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2023
  • #දළදා_කරඩුව #temple_tooth #දළදා_මාළිගාව
    දළදා වහන්සේ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වේ. වර්තමානයේ මෙය දළදා මාළිගාවේ තැන්පත්කර ඇත.
    දන්ත ධාතූන්වහන්සේ අයිතිකර ගැනීම සඳහා ගුහශීව රජු සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස තිබුනි. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සබඳතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීම‍ට ආසන්න යැයි බියට පත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්වයද සළකා දන්තධාතුව ශ්‍රි ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වන්දනා කරුවන් සේ සැරසී දන්තධාතූන් වහන්සේ හේමමාලා කුමරියගේ කේශ කලාපය තුල සඟවා ගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.
    ඉන්දියාවේ ශත වර්ෂ අටක් පමණ කාලයක් වැඩසිටී දන්තධාතූන් වහන්සේ, දන්ත සහ හේමමාලාවන් විසින් රහසින් ඉවත් කර ගත්හ. මෙම දෙදෙනා ගුහශීව රජුගේ දියණිය සහ බෑනනුවන් බව කියැවේ. දාඨාවංශය, දළදා සිරිත සහ වංශකථාවක් වූ මහාවංශය ආදි ශාස්ත්‍රිය කෘතිවල ඉහත දෙපල දන්ත ධාතුව ලංකාවට රැගෙන ඒමේදි එය රැක ගැනීම සඳහා ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවයන් සහ ඒවායින් මිදුණු ආකාරය විස්තර කර ඇත. කුමරා සහ කුමරිය සන්‍යාසියන් සේ වෙස් වලා ගෙන මග යන එන්නන් දකිතැයි බියෙන් දන්ත ධාතුව ආරක්ෂාව පිණිස කුමරියගේ කේෂ කලාපය තුල සඟවා ගෙන පැමිණි බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹට නොදුරු (කොළඹ සිට සැතපුම් 5 නැගෙනහිර දෙසින් පිහිටි) කැළණි විහාරයේ ඉතා රමණීය බිතුසිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් විසි වැනි සිය වසේදී නිර්මාණය කර ඇත.
    දන්ත සහ හේමමාලා දෙදෙන ඉන්දියාවේ ගංගා නම් නදි මුව දොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ දෙවි දේවතාවුන් නමස්කාර කළ බවත් වාර්තාවේ. අවසානයේ දන්ත ධාතූන් වහන්සේ ලංකාවේ එවකට අගනුවර වූ අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ.
    එසේ ලක්දිවට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ රාජධානි ගණනාවක රජවරුන්ගේ සහ බෞද්ධ ජනතාවගේ ගෞරවයට පත්වෙමින් පැමිණ අද වනවිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩසිටිනු ලබයි. එහිදී උන්වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන තේවාවන් සහ පුද පූජාවන් තිබේ. අතීතයේ සිට ඒවා සිදුකරගෙන ආ ක්‍රමවේදයන් තිබේ. ඒවා මොනවාද කියා වර්ථමානයේ සිටින සමහර ජනතාවට හරිහැටි අවබෝධයක් නැත. එබැවින් ඒ තේවාවන් මොනවාද, පුද පූජා මොනවාද, ඒවා සිදුකරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
    FACE BOOK - / ලස්සන-දෙරණ-lassana-der...

ความคิดเห็น • 25

  • @LassanaDerana
    @LassanaDerana  ปีที่แล้ว +1

    රැහැයියන්ගේ හඩ විඳින්න ( හෑන්ඩ්ස් ෆ්‍රී භාවිතා කරන්න)
    th-cam.com/video/MKVg5zI4ffI/w-d-xo.html

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +2

    සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
    අපගේ.සාන්ති නායක අමාමෑණි .බුදු පියානන් වහන්සේගේ
    ශිු.දන්තදාතුන්.වහන්සේට.මාගේනමස් කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 .🌹🌹🌹

  • @niwarthanachamuduni1641
    @niwarthanachamuduni1641 ปีที่แล้ว +1

    සියලු ලෝක වාසීන්ට දළදා සමිදු පිහිටයි 🙏💗

  • @user-pv2bj1fm2u
    @user-pv2bj1fm2u 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 หลายเดือนก่อน

    Sadu.......sadu....sadu...

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා.මං ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනව. ඉතාමත් නිහතමානී කෙනෙක්..දිගටම කරගෙන යන්න..ජය නියතයි❤

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ස්තූතියි . තෙරුවන් සරණයි 🙏

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว

    Uthum dalada wahanseta mage nams karaya wewa.eth den dalada wahanse wena thenake weda inne.lankawata agemata darmayata janathawata adaraya kerana ayekeyek bihiuna dawasatai un waanse daladamalgawata wadinne.🙏🙏🙏

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansaman9292
    @samansaman9292 ปีที่แล้ว

    1978 engalantha rejana lankawata aapu welaawe dalada hahuduruwo pennuwa mama dalda wahanse wandana kala .mama police rajakari kalanisa.

  • @SjeyasundharaJeya
    @SjeyasundharaJeya 26 วันที่ผ่านมา

    11:43

  • @warthamana
    @warthamana ปีที่แล้ว

    Theruwan saranay

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +1

    ශිු ධන්ත ධාතුුුන් නමාමි සාදුුු සාදුුු සාදුුු

  • @anulajayasinghe8820
    @anulajayasinghe8820 ปีที่แล้ว

    Mage Namaskara6a weva,,,

  • @sajeewanikulasinghe-ym8un
    @sajeewanikulasinghe-ym8un ปีที่แล้ว

    Palawanida? Dewaenida

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 ปีที่แล้ว

    මහින්ද රාජපක්ෂ ට ඒ බලය තිබුන මචෝ 🤣🤣🤣🤣

  • @jayanthiperara6051
    @jayanthiperara6051 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @j.m.apparelj.m.marketing4454
    @j.m.apparelj.m.marketing4454 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @alwok
    @alwok ปีที่แล้ว

    🙏🙏🙏