Supermarket යන 15%ක් විතරක් භාවිතා කරන ක්‍රමය මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 550

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 หลายเดือนก่อน +190

    මේකෙ කමන්ට්ස් කරණ අයට දැනගන්න සදහන් කරන්නෙ ...අපි වැඩකරණ තැනට මෙතුමා කීපසැරයක් ඇවිත් තියෙනවා. ඉතාමත් නිහතමානි....ආචාර්‍ය කමින් උඩගු නොවූ සැබෑම උගත් බුද්ධිමත් මහපොලවේ පයගහලා ඉන්න නිහතමානිම මහත්මයෙක් ❤️❤️

  • @Pradeep-jm3te
    @Pradeep-jm3te หลายเดือนก่อน +285

    ඔබතුමා සදහන් කරන කාරණා ඉතා නිවැරැදි. මේ දේ මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසාම වැඩිපුර බඩු ගන්නවානම් කොලයක ලියාගෙන යනවා, ගන්නෙ මොනවාද කියන එක. ඒත් මේ කිසිවක්ම නෙමෙයි මම සුපර් මාකට් එකකට යෑමට හේතුව. සාමාන්‍ය වෙලඳසැලකට ගියාම නැති විනයක් සුපර්මාකට් එකක තියෙනවා. පාරිභෝගිකයන්ද යම් මට්ටමකට උගත්. පෝලිම් පනින්නෙ නෑ. හදිසි අවශ්‍යතාවකදී උනත් ඉස්සරහ ඉන්න කෙනා දැනවත් කරලයි ඒ අවස්ථාව ලබාගන්නෙ සහ මුදල් ලබාගන්න කෙනාත් ඒ අවස්ථාව ලබාදෙන්නේ. සාමාන්‍ය කඩයකට ගියොත් අදුරන කෙනා, නිතර එන කෙනා, කඩිසර උන කෙනා වගේ හේතු මත සෑහෙන වෙලාවක් බලා ඉන්න වෙනවා මුදල් ගෙවීමෙීදී. ඒ වගේම සුපර් මාකට් එකක පාර්කින් ස්පේසස් දීලා තියෙනවා. ගෙන යන පාර්සල් තියන්න පිටතින් කවුන්ටරයක් දීලා තියෙනවා

    • @Uthsara9
      @Uthsara9 หลายเดือนก่อน +7

      ඒත් සාමාන්‍ය මිනිස්සු උඩින් තියන සැපයට හසුවෙලා, අනවශ්‍ය පරිභෝජනයකට යොමුවෙනව.. අපි වගේ රටකට ඒක භයානක තත්වයක් මිනිස්සු ඒ ගැන දැනුවත් වෙන්න ඕනෙ

    • @Pradeep-jm3te
      @Pradeep-jm3te หลายเดือนก่อน +23

      @Uthsara9 උඩින් තියෙන සැපය කියන්නෙ මොකක්ද? වෙළෙඳාම පවතින්නෙම තරග කාරීත්වය මත. පරිභෝජනය මත. කාර්යක්ෂමතාව සහ වඩා පහසුකම් ලබාදීම මගින් හැම කෙ⁣නෙකුටම සහය දීමට ඒ ඒ ව්‍යාපාර කටයුතු කරනවා. සුපිරි වෙලඳ සැලක තියෙන භාණ්ඩ කොහොමත් ගාන වැඩියි. පොලේ තියෙන මඤ්ඤොක්කා අලය සුපිරි වෙලඳ සැලක සෝදා පිරිසිදු කරල තියෙනවා. කිරල ගන්න මිරිස් කුඩු හොද පැකේජින් එකක ලස්නනට දාල තියෙනවා. සුපිරි වෙලඳ සැලකදී විදුලිබිල, සේවක ගාස්තු, මේ වගේ දේවලුත් භාණ්ඩවල මිල තීරණය කිරීමට බලපානවා. උඩින් තියෙන සැපය හැදෙන්නෙ මේ විදිහට. අනවශ්‍ය වියදම සුපිරි වෙලඳ සැලකට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඒක ජීවත් වෙන විදිය.

    • @Uthsara9
      @Uthsara9 หลายเดือนก่อน

      @@Pradeep-jm3te මෙහෙමනෙ යාලුවා ඒ අධික තරගකාරීත්වය නිසාම තමයි පොදු සමාජ ආර්ථිකය බිද වැටෙන්නෙ පංති පරතරය තවත් උග්‍ර වෙනව... ඒක නූතන ධනවාදයේ අර්‍ර්බුධයක්, උඩින් තියෙන සැපය කියන්නෙ පාරිභෝගිකයාට ආදරයට තියෙන දෙයක් නොවන වග ඔබ දන්නවානෙ...බඩු වල ප්‍රමිතිය පිරිසිදු බව හොදයි තමයි ඒත් පාරිභෝගිකයන් මේ video එකේ දක්වනව වගේ මනෝ විද්‍යාත්මක උපක්‍රම තුලින් නොමග යවනව.... super markets වලට වියදම් වෙන පිරිවැයට වඩා විශාල ලාභයකුත් ඔවුන් ගන්නව... සරලව ගත්තොත් සමාන්‍ය මනුස්සයෙක්ට වෙන nagative impact එක ගොඩක් වැඩියි...නැවතත් තාවකාලික සැපයක් වෙනුවෙන් දරාගත් නොහැකි ලෙස වියදම් කිරීම භයානක ප්‍රවණතාවක්.... පාරිභෝගිකයක් මේ ගැන දැනුවත් වීමයි විය යුත්තේ.. එසේම රෙටේ පවතිම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ශක්තිමත් මෙන්ම ගුණාත්මක වෙන්න ඕනෙ... එතකොට අපිට බහු ජාතික සමාගම් වලට කඩේ යන්න ඕනෙ නෑ.

    • @Uthsara9
      @Uthsara9 หลายเดือนก่อน

      @@Pradeep-jm3te ඔබ මේ සදහා පුද්ගලයෙක් වශයෙන් ගෙන ඇති පියවර මම අගය කරනවා... මම කතා කළේ පොදු ඇසකින්...

    • @charith856
      @charith856 หลายเดือนก่อน +1

      හරියටම හරි නයටකනජතීයක්

  • @maheshrathnayaka2929
    @maheshrathnayaka2929 หลายเดือนก่อน +108

    එකඟයි. ඒවගේම සාමාන්‍ය වෙළෙන්දෝ ඊට වඩා කපටියි. බඩු ගන්න යන මනුස්සයගෙ පෙනුම, වාහනය, ඇඳ පැළඳගෙන ඉන්න විදිය අනුව තමයි ගණන් කියන්නෙ.

    • @manjula1201
      @manjula1201 หลายเดือนก่อน +13

      ඔබ හරි. ඔය වෙළෙන්දෝ කිරලා ගන්න බඩු ගෙදර ගිහිං බලනකොට භාගයක් විසි කරන්න ඕනැ. මොලේ එක්ක සුපමාකට් ගියොත් වංචාව නැති හොඳ විසිකරන්න නොවෙන අත්‍යාවශ්‍යම බඩු ගන්න පුළුවන්.

    • @ravindraherath1429
      @ravindraherath1429 หลายเดือนก่อน +1

      අපෝ ඒක නං ඇත්ත මටත් අත්දැකීම් තියෙනව

    • @sujeewapriyanthi9247
      @sujeewapriyanthi9247 หลายเดือนก่อน

      Aththamai.....

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 หลายเดือนก่อน +2

      ඔව්...car එක නැවැත්තුව ගමන් ගාන ඩබල් කරනවා

    • @upulshantha4524
      @upulshantha4524 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත.විශේශයෙන්ම කාන්තාවො ඔය සුපර් මාකට් ගැට වලට අහු වෙනව.
      ඔය බව දන්න නිසාම මම සුපර් මාකට් යනවනම් ස්තිර වශයෙන්ම ගන්න ඕන බඩු ලිස්ට් එකක් අරගෙනය් යන්නෙ..ඒ විදිහය කල්පනාවෙන් වැඩ නොකලොත් 1000 /= ක් වියදම් කරන්න යන කෙනා 1500/=ක් වත් වියදම් කරනව.

  • @sanjeewawaragoda9057
    @sanjeewawaragoda9057 หลายเดือนก่อน +152

    මගේ අත්දැකීම ටිකක් වෙනස් එකක්. මම සතියකට සැරයක් supermarket යනව list එකක් හදාගෙන. යන්න කලින් shopping app එකක promotions check කරනව. Supermarkets දෙක තුනකට හරි ගිහිල්ල මට අඩුවෙන් ගන්න පුලුවන් බඩු ගන්නව. Credi card එකක් කියන්නෙ සම්පතක්. Supermarket spends වලට 5% cash back එකක් තියෙනව. Annual cash back එක මගෙ රැපියල් වලින් 80000 වගෙ තිබුණා. අපිට අවශ්‍යය financial discipline.

    • @nadeeka30
      @nadeeka30 หลายเดือนก่อน +6

      Apith ehema thamai,methana godak durata decipline prashnayak thiyanawa

    • @kldc3607
      @kldc3607 หลายเดือนก่อน +4

      Mokakda ban credit card eka

    • @sanjeewawaragoda9057
      @sanjeewawaragoda9057 หลายเดือนก่อน

      @@kldc3607 ලංකාවෙ එකක් නෙමෙයි. ලංකාවෙත් ඇති මම හිතන්නෙ.

    • @sanjeewawaragoda9057
      @sanjeewawaragoda9057 หลายเดือนก่อน

      @@kldc3607 ලංකාවෙ එකක් නෙමෙයි. ඒත් ලංකාවෙ බැංකු වලත් ඇති

    • @wesakwijeratne5017
      @wesakwijeratne5017 หลายเดือนก่อน +16

      මම එහෙමත් වෙලාවක තමයි ඔය super market වලට යන්නේ.මම ගිය මාසයේ ඉතුරු බලලා මේ මාසෙට අවශ්‍ය dry rations ගන්නෙ whole sellersලා ගෙන්.ඒක මාර වාසියි.මට එක credit card එකයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක පාවිච්චි වෙන්නේ රට ගියහම විතරයි.එළවලු ගන්න ඕන තරං තැං තියෙනවා පාරවල් අයිනෙ.ඒවා super market s වල තියෙන ඒවාට වඩා fresh. එකම වෙනස presentation එක. අරව හෝදලා, පිළිවෙලට අඩුක් කරලා, මේවා එහෙම නැහැ. මාළු ගන්න නම් week day එකක උදෙන්ම sirilak එකට යනවා.මස් ජාති, sausagesවගේ දේවල් ඕන තරං තියෙනවා වෙනත් outlets වල. ලංකාවේ super markets කියන්නේ trolley එකයි, AC එකටයි මුවා වෙලා සල්ලි ගරන තැන්.

  • @Lottery_Result
    @Lottery_Result หลายเดือนก่อน +107

    වෙන කොහෙන්වත් මේවා ඉගෙන ගන්න වෙන්නේ නෑ. සර්ගෙන්ම පමණයි

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +47

    Debit card එක භාවිතය සහ shopping list එකක් අරගෙන යාමත්, list එකේ නැති දේවල් ගැන උනන්දු නොවීමත් අතිශයින් ඵලදායී බව අත්දැකීමෙන් මම වටහා ගෙන තියෙනවා. ස්තුතියි.

  • @DJRox-r5e
    @DJRox-r5e หลายเดือนก่อน +25

    අපේ පැත්තෙ එළවළු කඩෙයි මස් කඩෙයි එක ළග තියෙන්නෙ. එළවළු කඩේ ළග වාහන ගහන්න ඉඩ නෑ. මස් කඩේ ළග වාහන තුනක් විතර ගහන්න පුළුවන්. මම ඉතින් මස් කඩේ ළග වා‌හනේ නවත්තල එළවළු ටිකක් ගන්න ගියා එන ගමන් චිකන් ටිකක් ගන්නවා කියල හිතන එතනින්. එහෙම හිතන් එළවළු අරන් එනකොට මෙන්න මස් කඩේ මනුස්සය මග රැකන් ඉන්නවා මම එනකන්.. වාහනේ එයාගේ තැන ගහල ගිහිපු නිසා එයාගෙ තැනට ආපු අය ආපහු වාහන හරවගෙන ගියාලු. ඒහෙම වාහන හරවන් යන්න තරම් බිස්නස් එකක් මිනිහට ඇත්තෙත් නැහැ වාහන ආවත් තව දෙකක් ගහන්න එතන ඉඩ තියෙනවා. එතනින් පස්සේ ඉතින් ගමේ මනුස්සයට අතහිත දෙන එක නැවැත්තුවා. මොනව උනත් super market එකකට ගියහම ලේ රත් කරගන්නේ නැතුව ආපහු එන්න පුළුවන්. parking space එකත් වෙනම තියෙනවනෙ.. කියන තරම් financial lost එක්කුත් නැහැ.. ඔක්කොටම වඩා මානසික නිදහස වැදගත් 😌

  • @hemanthaelangasingha6343
    @hemanthaelangasingha6343 หลายเดือนก่อน +40

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.
    මමත් ලිස්ට් එකක් හදාගෙන බඩු ගන්න යන්නේ. ඒත් එළවලු ,පලතුරු නම් සාමන්‍ය වෙළෙඳපොළෙන් ගන්න එක නැවැත්තුවා. එයාල තෝරන්න දෙන්නේ නැහැ. බැරි වෙලාවත් තේරුවොත් බැණුම් අහන්නත් වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය 250gm වුනත් 500gm වලට අඩුවෙන් දෙන්න කැමති නැහැ.
    අන්තිමේ අඩුවට කිරලා, මෝරපු, නරක් උනු එළවලු, පලතුරු ගෙදරට ඕනි ප්‍රමාණයටත් වැඩිය ගෙන්ත් බාගෙට බාගයක් විසි කරනවා.
    අපි කොච්චර හොඳට බලා හිටියත් කොහොම හරි මෝරපු,නරක් උන,පොඩිම ගෙඩි වගේ ඒවා දානවා.
    කඩේ ඉස්සරහින් පෙනෙන්න තියාගෙන ඉන්න ඒවායින් නෙමෙයි දෙන්නේ. ගොඩේ පිටි පස්සෙන් තියාගෙන ඉන්න ඒවා දන්නේ.
    ඒවාට කථා කරාම මූණවල් රකුසු කරගෙන කියන්නේ දෙන දේ ගන්න බැරි නම් යන්න කියලා. වටේ ඉන්න වෙළෙන්දොත් support එකට කථා කරනවා.
    හැමෝම මෙහෙම නැතුව ඇති. ඒත් මගේ අත්දැකීම් තමා මේ.

    • @sameeraprasadini
      @sameeraprasadini หลายเดือนก่อน

      same here...local market scales not stanerd..they dont give bill

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 14 วันที่ผ่านมา

      මටත් ගොඩාක් ඇද්දැකීම් තියෙනවා මොකද මම ගන්නේ හොඳම භාණ්ඩ නිසා විශේෂයෙන්ම එළවලු පළතුරු ගන්න කොට මම ගොඩාක් බැනුම් අහල තියෙනවා, එන අයට කොහොම හරි සැලසුම් සහගතව ඇඟේ ගහල දෙන්න හිතාගෙන ඉන්නේ ඔය කියල තියෙන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත, ඔය කඩ කාරයෝ දේවාල වලට ගිහින් බාරහාර වෙලා වශී ගුරුකම් වගේ ඒවත් කරගන්නවා එතකොට ඒ ගොල්ලෝ කිසියම් දේවාලයක ඉතා රහසිගත රහස් අනුගමනය කරනවා එතකොට සමහර අයගේ හිත ඇඳිල යනවා ඒක සාමාන්‍ය අයට හොයන්න බැහැ.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 14 วันที่ผ่านมา

      මේ කියල තියෙන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත නමුත් පොඩි ගැටලුවක් තියෙනවා මම හොඳම භාණ්ඩය තෝගන්න යනකොට මම නිතරම දකිනවා වගකීම් නැති බාල භාණ්ඩ, ව්‍යාජ භාණ්ඩ, නරක්වුනු එළවළු පළතුරු ගොඩාක් සමහර වෙළඳ පොලවල්වල විකුණන්න තිබෙනවා, මට නිතර හමුවෙනවා නරක් වුනු මාලු ගොඩාක් විකුන්න දාල තියෙනවා සමහර ප්‍රදේශවල, ඒවා දකිනකොට ගොඩාක් පුදුම හිතෙනවා, එළවළු, පළතුරු, මාළු වගේ දේවල්, මොකද ඒවා ගන්න අය ඉන්නවා වගේ ගොඩ ගහගෙන ඉන්නවා ඉතින් කවුරු හරි අනිවාර්යයෙන්ම බාල නරක්වුනු භාණ්ඩයක් ගන්නවානම් ඒ වැරැද්ද කරන්නේ භාණ්ඩ මිලට ගන්න මෝඩ මිනිස්සු, ඒ මිනිස්සුන්ට තෙරෙන්නේ නැහැ වගකීමක් ඇතිව හොඳ භාණ්ඩයක් තෝරගන්න සහ විකුණන වෙළඳුන්ගේ කූඨ සැලසුම්වලට හසුනොවී එම භාණ්ඩ මිලට ගන්න, මේක මෝඩ මිනිස්සුන්ගේ අති විශාල ප්‍රශ්නයක්, ලෝකයේ තිබෙන යතාර්තය අනුව හොඳම භාණ්ඩ මිලට ගන්න හිතනවානම් කවදාවත්ම උසස් නැති වගකීම් නැති කිසිම භාණ්ඩයක් සැලසුම් සහගතව හෝ විකුණන්න බැහැ, භාණ්ඩ මිලට ගන්න අය තමයි මේ වරද කරන්නේ.

  • @Deshan_Mdurapperuma
    @Deshan_Mdurapperuma หลายเดือนก่อน +9

    ඇත්තටම රටට වටිනම උගත් බුද්ධිමත් මහත්මයෙක් රුචිර සර් ❤

  • @anulakumari6684
    @anulakumari6684 หลายเดือนก่อน +19

    සර්⁣ බොහොම ස්තුතියි. හොද මාතෘකාවක් අපිත් ඔය වගේ ගෙදර ඇවිත් බලපුවාම දෙන වට්ටම් ගැන හිතල අනවශ්‍ය දේවල් අරගෙන.

  • @yathra3079
    @yathra3079 หลายเดือนก่อน +17

    සර් ඕන කෙනෙක් ඕන විදිහට බඩු ගද්දෙන්...... supermarket අයිතිකාරයෝ එකතු වෙලා අර දොස්තර මහත්තයාටයි, PHI මහත්තයාටයි කරපු දේ කරයි...... ලොකු සමාගම් එක්ක හැප්පෙන්න රටේ නායකයොත් බයයි...... සර් අපිට වටිනවා සර්......😊

  • @chandanasamankumara9399
    @chandanasamankumara9399 หลายเดือนก่อน +50

    ගොඩක් වටින කතවක්.පුලුවන් අය මෙය share කරන්න එතුමගෙ ඉල්ලිමක් නෙවෙයි.අපෙ වගකිමක්

  • @nisha8691
    @nisha8691 หลายเดือนก่อน +41

    100% ඇත්ත.... කවදාවත් බඩගින්නේ ඉන්න වෙලාවට shopping කරන්න යන්න එපා....... අත් දැකීමෙන් කියන්නේ.......❤❤❤

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 หลายเดือนก่อน +9

    බොහෝම ස්තුතියි මේ කියන කාරණා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මෙම උත්සව කාලයට ගැලපෙනම වීඩියෝ එක

  • @priyanwadakolonne
    @priyanwadakolonne 27 วันที่ผ่านมา +2

    බලාගෙන යනකොට මම හොඳයිනෙ, මම ගොඩක වෙලාවට මට ඕන දේ විතරක් අරන් එනවා.., 🥳🥳🥳🥳🥳

  • @pathumchameera5641
    @pathumchameera5641 หลายเดือนก่อน +80

    තව දෙයක්... ඉතුරු සල්ලි කාඩ් එකට දාන සීන් එක...මාර ගානක් හොයන්නෙ අපි නොදැනුවත්ව..දිනකට 10 බැගින් 500 දෙනක්ගෙන් කාඩ් එකට කියල දාගත්තම එතනම 5000ක් දවසට ඒක 30න් වැඩි කරාම 150000ක් මාසයට ඒක අවුරුද්ද ට බලල ඒ ආයතනය සතු ශාඛා ගනනින් වැඩිකරාම හිතාගන්න නොහැකි ගානක් එන්නෙ..අපිට ඇත්තටම කාඩ් එකට 10ක් දැම්මට ඒක වර්චුවල් එකක්...පස්සෙ අඩුකරාට ඒ 10ය වෙනුවෙන් ඔවුන් ලබාගත් පොලිය අති දැවැන්තයි...මේවා මිනිස්සු තව හිතන්න ඕන දේවල්.....

    • @SHANFONSEKA-n7u
      @SHANFONSEKA-n7u หลายเดือนก่อน +5

      Appreciate your intelligence

    • @harshahdg
      @harshahdg หลายเดือนก่อน +3

      Great

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 หลายเดือนก่อน +1

      Ewa expire wenawa..api danneth naha.kohomada eyalata income eka?😂

    • @SachiraBhanu
      @SachiraBhanu 19 วันที่ผ่านมา

      @@yasasriwickramasinghe1024 cash expire wenne na loyalty card wala, points widiyata hamba wena ewa godak welawata 1 year walin expire wenawa.

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 หลายเดือนก่อน +5

    ලෝකයේ දියුණුම රටවල සුපිරි වෙළද සැල් සැලසුම් කරලා තියෙන්නේ ඔබ කියපු ආකාරයට .දැනුවත් කලාට ස්තුතියි .❤❤❤

  • @janakaegodawela3428
    @janakaegodawela3428 หลายเดือนก่อน +29

    අලුත් වියාපාරයක් දියුනූ කරගන්නත්,අනවශ්‍ය වියදම් අවම කරගන්නත්,ඉතාමත් වදගත්😁සර් වගේම හිනාවෙලා අද විඩීයෝ එක බැලුවේ..🎉

  • @janathpriyantha4056
    @janathpriyantha4056 หลายเดือนก่อน +3

    මම ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම බලනවා සර් ලෝකෙටම වැදගත් වෙයි කියලා හිතෙන විද්‍යාත්මක අදහසක් මම ගාව තියෙනවා මට සර්ව සම්බන්ධ කරගන්න ඕනේ

  • @wiki8580
    @wiki8580 25 วันที่ผ่านมา +1

    "Tri angle podcast " මේ Channel එකෙත් මේ ගැන කතා කළා දවසක .අද සර් ඒ ඔක්කොම හරි විද්‍යාත්මකව විග්‍රහ කළා ලස්සනට .
    අනිවා Supermarket යද්දී list එකක් හදාගන්න එක ගොඩක් වැදගත් නැත්‍තන් අරන් එන්න ගිය ටිකත් ගන්න බැරි වෙනව .
    Thank you sir මේ දැනුම සමාජගත කිරීම සම්බන්ධව .❤🇱🇰👌

  • @nayanapadmini6006
    @nayanapadmini6006 13 วันที่ผ่านมา

    ඔබ තුමා කිව්ව දේවල් හරියටම හරි...අපි බුද්ධිමත් විය යුතුයි....❤😮

  • @anilthilakarathne993
    @anilthilakarathne993 24 วันที่ผ่านมา

    1000% ඇත්ත කතාවක්..... මට මේක ස්වයං තේරැම් ගැනීමකට ලක්කරගන්න 10 years විතර ගත උනා.....ඔබතුමාට ගොඩක් පින් මේ කාරනාව මෙච්චර සරලව සහ තාර්කිකව පහදල දුන්නට.... තරැන ලමයින්ට මේව ගොඩක් වැදගත් ඒ ගොල්ලන්ගෙ සල්ලි ඉතුරැකරගන්න සහ ඒ ආශ්‍රයෙන් ඒගොල්ලන්ගෙ life goals ඉක්මනින් achieve කරගන්න ....👍👍👍👍👍

  • @ydilruk
    @ydilruk หลายเดือนก่อน +20

    ලංකාවේ සුපර්මාට්කට් හරිම කැත වැඩත් කරනවා. ගණන් අඩු ලේබල් ගාව ඒ වර්ගයේම ගණන් වැඩි දේ තැබීම. උදා : මිරිස් ග්‍රෑම් 50 ලේබල් එක ගාව ග්‍රෑම් 100 පැකට් තැබීම. මම බොහෝ වෙලාවට පැකට් එකේ මිළ බලනවා.

    • @SachiraBhanu
      @SachiraBhanu 19 วันที่ผ่านมา

      Katha wadakata wada trick ekak kiwwoth hri.

  • @dinukaakalanka1382
    @dinukaakalanka1382 หลายเดือนก่อน +2

    මෙක ඇත්තටම වටිනවා, මගෙ Final year project එකට. ගොඩක් තොරතුරු ගැන දැනුවත් උනා Thank you sir ❤

  • @idilan3154
    @idilan3154 หลายเดือนก่อน +6

    ඇත්තටම නනිවරදී.මම විදේශ රටක ජීවත්වන කෙනෙක් විදිහට මම මේ දේවල් ගැන දැනුවත්.ඒක නිසා කොලේක ලියාගෙන යන්නෙ.ගන්න ඔනේ දේවල්..අපේ බජට් එකට හරි යන විදිහට වියදම් කරන්න ඕනෙ නිසා ෆෝන් එකේන් ගනන් හද හද තමා බඩු ගන්නේ.😊😊

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 หลายเดือนก่อน +2

    අනේ ,ඔබතුමා ට බොහොමයක් පිං, දැනුවත් කලාට. මේ වැනි මාතෘකාවක් ඔස්සේ අපිව දැනුවත් කරාට.

  • @RanWan2020
    @RanWan2020 หลายเดือนก่อน +5

    දියුණුයි කියන බොහොමයක් රටවල සෑම ගෙවීමක්ම වගේ කාඩ් එකෙන් කරන්නෙ.. ඒ ගැනත් යම් සදහන් කිරීමක් කිරීමට හැකිවූවානම් තවත් හොදයි වගේ. 😊. ස්තූතිවන්ත වෙනව දැනුවත් කිරීමට. ❤.

  • @karuapp6083
    @karuapp6083 หลายเดือนก่อน +12

    අපි යුරෝපයේ ඉන්න නිසා ඹීව ගැන සමාජවිද්‍යාත්මක අවබෝධයක් තියනවා,එක ක්‍රමයක් තමයි හැකි හැම වෙලාවකම එළවළු පළතුරු සති පොලෙන් ගන්න.( හොරට කිරණ අයත් ඉන්නව, හොඳ අයත් ඉන්නව) සුපර් මාර්කට් එකට පිරිමි කෙනෙක් ළමයි රැගෙන නොයන්න, මොකද මුළු ලෝකයම වෙළද සැල් හදල තියෙන්නෙ ගැහැණු ඉලක්ක කරගෙන. නිරීක්ෂණය කරන්න. ලිස්ට් එකක් ගෙනිච්චාම ඒක කියවනකොට අමතක වෙච්ච ඒව මළුවට එනවා....දැඩි තීරණයක් සහිතව ඇතුළු වෙලා බලන්න තමන් කොටු වෙන්නෑ.. සමහරක් ආයතන වල නිකං මොනාහරි කරන්නත් දෙනව... අවංක කෙනා කොටුවෙනව,කපටියා කාල මාරුවෙනවා..
    😅😅😅

  • @Uthsara9
    @Uthsara9 หลายเดือนก่อน +7

    Absolutely yes... අපි රටක් විදිහට නැගිටින්නම් සාමාන්‍ය මිනිස්සු දියුණු වෙන්න ඕනෙ....

    • @aselaamaranath3812
      @aselaamaranath3812 หลายเดือนก่อน

      සාමාන්‍ය මිනිස්සු බිස්නස් කරලා බඩු ගන්න උන්ට කෙලවෙල දියුණු වෙන්නමයි හදන්නේ ඒ නිසා තමයි මිනිසුන් සුපර් මාකට් යන්නේ

  • @rajitha369
    @rajitha369 หลายเดือนก่อน +57

    Pizzahut එකේදි අන්තිමටම extra cheese ඔනිද කියලා අහන්නෙත් මේ වගේ strategy එකක්

    • @thanushkamanju
      @thanushkamanju หลายเดือนก่อน +4

      👍 ඔව් , උන් එහෙම අහල මට සාමාන්‍ය තරමටම තමා cheese දාලා තිබ්බෙ 🥲

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 หลายเดือนก่อน +3

      Pizza hut එකේ දැන් cheese ඇත්තෙම නෑ ඉස්සර වගේ නෑ

  • @wasanthakumarasiri6533
    @wasanthakumarasiri6533 หลายเดือนก่อน +7

    සර් ගේ කතාව සම්පූර්ණ ඇත්ත මා ප්‍රායෝගිකව අත්විඳපු සංසිද්ධි තියෙන්නේ. ගොඩක් වටිනව

  • @mixmach
    @mixmach หลายเดือนก่อน +5

    ඇත්තටම සතුටුයි❤❤
    ගෙදරින් යනවිට බඩු ලයිතුවක් හැදුවාමා ඒකට පිටින් බඩු නොගෙන ආව හැකි

  • @SundaraDahamak
    @SundaraDahamak หลายเดือนก่อน +19

    මනස යොදාගන්නා අපූරුව❤

  • @thanushkamanju
    @thanushkamanju หลายเดือนก่อน +1

    👍 ඉතාමත් වටිනවා sir , මේ සමහර කාරනා ගැන මන් කලින් අහල තිබ්බා , ඒ නිසා ම ඒවායේන් බේරිලා හිටිය 😁, මෙහෙම video එකක් දාපු නිසා දැන් අනිත් අයටත් ඕන්නම් බේරෙන්න පුළුවන් 😊😊 👍👍

  • @manjulaamarasuriya6143
    @manjulaamarasuriya6143 หลายเดือนก่อน +1

    සර්ගේ කතාව හරියටම හරි
    ලෝකයේ ජනප්‍රියම සුපර් මාකට් කීපයකට මම ගිහින් තියෙනවා
    ඒ සුපර් මාකට්වල පාරිභෝගිකයාට පුංචි චාන්ස් එකක් තියෙනවා
    සර් කිව්වා වගේ vegetable පැත්තෙන් පටන් ගන්නත් පුළුවන්
    එහෙම නැත්නම් අනිත් දොරටුවෙන් ඇතුල් වෙලා
    කුළුවඩු වගේ ජාති අරගෙන පටන් ගන්නත් පුළුවන් 🙏

  • @akashakash-m4z
    @akashakash-m4z หลายเดือนก่อน +5

    අපිනම් ගන්නෙ ගමේ කඩේ මුදලාලිගෙන් .රුපියලක් විතර වැඩි උනාට අපිට අවශ්‍ය වෙලාවට ඹඩු ණයට දුන්නෙ ගමේ කඩේ මුදලාලි විතරයි .❤❤

    • @ishanmaduranga4291
      @ishanmaduranga4291 27 วันที่ผ่านมา +1

      එකගායි...අසරන වුනාම ඉන්නේ ගමේ කඩේ මිනිහා විතරයි..

  • @AnushkaPodapeYaddessalage
    @AnushkaPodapeYaddessalage หลายเดือนก่อน +10

    මමනම් සුපර් මාර්කට් ගිහින් මිල අඩුවට දාලා තියන අත්‍යාවශ්‍ය දේ විතරයි, නගරයේ අනිත් තැන්වල ඕනතරම් දේවල් අපිට ඕනනම් ගන්න තියනවා

  • @nilupulalwis1873
    @nilupulalwis1873 2 วันที่ผ่านมา

    වටින කතාවක්..මම දැන් ඉන්නෙ ඩුබායි මෙහෙත් වෙන දෙයක් තමා ඔබතුමා කිව්වෙ .තව දෙයක් කියන්න ඕනි අපි ගන්න භාන්ඩයේ තියෙනවා serial number එක..අංක10 ක් වගේ සාමාන්‍යයෙන් තියෙනවා..ඒ number එකම ගන්න භාන්ඩයේ මිල රාක්කයේ සදහන් කරලා තියෙනවා.ඒ දෙකම ගැලපෙනවා නම් රාක්කයේ මිලයි භාන්ඩයේ මිලයි සමානයි..සමහර super market වල එහෙම නෑ රාක්කයේ මිල නෙවෙයි ගන්න භාන්ඩයේ මිල ඊටවඩා වැඩි මිනිස්සු ගොඩක් ඕක බලන්නෙ නැති නිසා බිල් එක ගෙවද්දි check කරන්නෙත් නෑ..අපි නොදැනම අදාල භාන්ඩයට වැඩිපුර ගෙවලා..

  • @theislander1239
    @theislander1239 13 วันที่ผ่านมา

    ඔබ තුමාගෙ අදහස් අපිට හරිම වටිනවා ස්තුතියි ස්‍රර්

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official หลายเดือนก่อน +2

    මෙහෙම දෙයක් තියනවා. අපිට 10%ක විතර total bill එකට දෙනවනම් අපි 20000ක බඩු ගන්නවනම් අපිට 2000ක් ඉතුරු වෙනවා. සල්ලි අතේ තියාගෙනත් offers වලට බඩු අරන් ඒ benefit ගන්න එක නම් වැරදී කියන්න බෑ.අපි ඒ බඩුත් අරගෙන තියන promotion වලින් ලාබෙත් අරගෙන බැලුවම 16% විතර බඩු මිලට වඩා අඩුවෙන් අරගෙන.මාලු එලවලු ගන්න නම් කොළබට ලගයි නම් මැනිං මාර්කට් එකට ගියානම් එතනම එහාපැත්තෙ මාළු. 3000කට විතර සතියට මාලු වැඩිත් එක්ක. List එකෙන් පිට කිසිදෙයක් නොගෙන ඉන්නවම් ඇත්තටම අපිට මාසෙට 15000කට වඩා ඉතුරුවක් වෙනවා හරියට ඒ දේවල් කලානම්

  • @umajayasundara3682
    @umajayasundara3682 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම මටත් ඔයවගේ අත්දැකීම් තියෙනව අපි පිට රටක ජිවත්වෙන නිසා අපිට සුපිරි වෙලදසැලකටම යන්න වෙනව . මට මේදේ තේරුනේ ගොඩක් කල් ඉදන් මට තේරුනා බඩුගෙනාපු දවසට අන්වශ්‍ය ඒවත් තියනව නේද කියල .මං ඒකට කරපු දේතමයි සතියට මීල් පෑලැන් එකක් හැදුවා උදේ ,රෑ,දවල් තුනටම බබාලට ඔන කරන දේවල් හැමදේම එක්ක.මට අවබෝදයක් තිබුන සතියට වියදම් කරන ගාන ගැන මං ඊටවඩා වියදම් කරන්නෑ සතියට.මීල් plan එකට අනුව බඩුගන්නව.හරිම සරලයි අවබෝදය තමයි ඔන.

  • @nv8972
    @nv8972 หลายเดือนก่อน +5

    Reasons to go there are
    1. Convenience of using cards without extra surcharge
    2. Offers for essentials
    3. Access to the product of our choice not like a vendor hiding the fresh one and selling the old stock
    4. Shopping is made to an experience
    5. Ample parking (this is the most important factor making avoiding the small shops)
    6. A pharmacy inside would provide an invoice ( useful for health insurance claims)
    Negatives:
    1. Never buy fish or meat most of the time not fresh at all
    2. The restaurant or bakery inside could have those meat and fish.
    3. Choice of brands could be lesser
    4. Kids could cry for unnecessary stuff
    5. Spice and condiments are expensive than grocery shops

  • @nadk6697
    @nadk6697 หลายเดือนก่อน +4

    I live in the UK. Never go to the supermarket since Covid 19. Make a list, order online and get delivered by the supermarket. This way I can compare the price of the same item with different brands. Also it takes only 10 minutes to place the order saves time massively !!

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl หลายเดือนก่อน

    බොහොම වටිනා වීඩියෝ එකක්... මේ හරහා විවිධ අවස්තා හා දේවල් දිහා පුළුල් ලෙස දකින්නට ඇති හැකියාව තවත් වැඩි කරගත හැකියි...බොහොම ස්තූතියි ඔබතුමාට..🙏❤

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d หลายเดือนก่อน

    මෙවා අහන කොට භාවනාවක් වගෙ හිත සැහැල්ලූ වෙනවා🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 หลายเดือนก่อน

    ඇත්ත ම යි ඔබතුමා ගෙ යොජනා බොහොම වැදගත්
    හැම දේ ම supermarket වලින්
    ග්න්න අයට දැනුවත් කිරීම ක්
    🙏🏵️🪔🙏🌺🪔🙏🌸🪔

  • @sarojinideraniyagala8039
    @sarojinideraniyagala8039 หลายเดือนก่อน +24

    සුපර් මාර්කට් එකෙන් එලවලු මාලු පලතුරැ තමන්ට අවශ්‍ය තරමට හොදින් තෝරා ගත හැකියි. අනිත් කරැන නියම බර. සාමාන්‍ය වෙලෙන්දා ⁣ලග මේ දෙකම නෑ.
    සිල්ලර වෙ⁣⁣ලෙන්දගෙන් ගන්න එලවලු භාගෙට භාගයක් නරක් වෙලා. ස්වයං විනයක් තියන prudent customer ta
    සුපර්මාර්කට් එකේ ප්‍රයෝග අදාල
    නෑ.

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම තමන්ගෙ හිත පාලනය කරගත්තා නම් ප්‍රශ්නයක් නෑ.. මන් නම් ගන්නෙ ඔන්ලයින්

    • @nadeekahewamanna5375
      @nadeekahewamanna5375 19 วันที่ผ่านมา

      Totally agree

  • @dilankott6828
    @dilankott6828 หลายเดือนก่อน +3

    This is vry true...❤💐😊 ඉතාම අගනා විග්‍රහයක් සහා දැනුවත් කිරීමක් සර්🫂🫠

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 หลายเดือนก่อน +2

    මරේ මරු ideas . However Iam shoping with a list of essential goods. . I never buy vegetable , fish & fruits from super markets. I buy only cash also .
    Interesting program . Thanks .

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 หลายเดือนก่อน +1

    මම keels and cargills ඇතුළු සියලුම සුපර් මාකට් වලින් 30%ට වැඩි පකට් ද්‍රව්‍ය අරගෙන මගේ පොඩි ශොප් එකේ මම විකුණනවා. මට ඒකෙන් ගොඩක් ලාභයි

  • @worldtoday5894
    @worldtoday5894 6 วันที่ผ่านมา

    True! Now I realized supermarket tricks. Thank you sir!

  • @dweedagama
    @dweedagama หลายเดือนก่อน +8

    In my hometown Ganemulla - We have Keels and 2 Cargills super markets. But there is another self service store but it is not comfortable at all and the setup is not as you said and mostly the people behave bit roughly. But however there is a rumor in the town that they always sell below the normal rate and I also feel it is somewhat true. People are used to go to this store more than all other super markets. :) These are also some facts around our area. - By the way I didn't find fresh juice or fresh bakery items in walmart or target as I remember. May be that is more towards Asian culture. Thanks a lot.

  • @extremebp8891
    @extremebp8891 หลายเดือนก่อน +1

    මම නම් අනුගමනය කරන්නේ වෙනස් ක්‍රමයක්.
    සුපර් මාකට් එකට ගියාම මුලින්ම මම අද මෙතනට වියදම් කරන ගාන හිතින් මවා ගන්නවා උදාහරණයක් හැටියට පන්දාහක් කියමුකෝ. ඊට පස්සේ මම ටොලිය අරගෙන අවශ්‍ය බඩු එකින් එක තෝරගෙන ට්‍රොලියට දාගන්න අතරෙම බඩුවල ගාන දළ වශයෙන් හිතේ හදාගන්නවා. එක එක බඩුව වැඩිවෙනකොට ඒ බඩුවේ ගානත් මුලු ගානට එකතු කරලා එන උත්තරේ හැමතිස්සේම ඔළුවේ තියාගන්නවා. ඔන්න එතකොට මට තේරෙනවා වගේ නම් දැන් පන්දහට කිට්ටු වෙලා කියලා සහ ඒ වගේම මට අත්‍යවශ්‍ය බඩු ගොඩක්ම තාම ගත්තෙ නෑ කියලා එවෙලෙම මම දැනට ටොලියෙ දාලා තියෙන අනවශ්‍යයි කියලා හිතෙන බඩු අයින් කරනවා. ඊට පස්සේ ඒ අඩු උනු ගාන බැලන්ස් වෙන්න අවශ්‍යම බඩු ටික දාගන්නවා.මේ විදිහට මම වියදම් කරන්න හිතාගෙන ඉන්න ගානට හරි යන විදිහට බැලන්ස් වෙන විදියට සමහර බඩු නැවත රාක්ක වල තියලා ඒ වෙනුවට තවත් පුළුවන් නම් අඩුවට තියෙන ඒවා අරගෙන අත්‍යවශ්‍යයි නොහිතන සමහර ජන්ක් ෆුඩ් වගේ ඒවා අයින් කරමින් ගාන හිතින් හදමින් බඩු ටික දාගන්නවා. හිතින් හදාගන්න අමාරු කෙනෙකුට ෆෝන් එකේ කැල්කියුලේටරය පාවිච්චි කරන්නන පුළුවන්. මේ ක්‍රමය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. අන්තිමට බිල් කළාම අම්මට සිරිවෙන විදියේ නොහිතන ගානක් එන්නේ නෑ. ඒ වගේම ඔතනදි ගන්න බැරි උන ජන්ක් ෆූඩ් වගේ ඒවා ඊට වඩා අඩුවට වෙනත් කඩවලින් මට ඕන නම් ගන්න පුළුවන්.
    ඒ වගේම මම අනුගමනය කරන තවත් ක්‍රමයක් තමයි දැන් උදාහරණයක් හැටියට මට මොනවා හරි පැණිරස බීම එකක් අවශ්‍ය වෙනවා නම් මම ගන්න හිතාගෙන ඉන්න එක වෙනුවට මගේ ප්‍රියතම නොවුනත් සෑහෙන හොඳ ඩිස්කවුන්ට් එකක් තියෙන පැණි බීම එකක් හම්බවෙනවා නම් මම ඒක ගන්නවා. discount තියෙන බඩු ගනිද්දි පුළුවන් නම් මම කොහොමත් ගන්න හිතාගෙන හිටපු ඒවට විකල්ප ඔප්ෂන් වගේ නම් අනිවාර්යෙන් ගන්නවා. ඒ වගේම දැන් ඔය බිස්කට්පැකට් වගේ නම් ඉදිරි මාසයටත් ඕන කරන ප්‍රමාණයත් එක්කම ගන්නවා. එතකොට පට්ටලාබයි.

  • @andbandu
    @andbandu หลายเดือนก่อน +34

    මෙකනම් මරු. මෙක බලලා මුදල් නාස්තිය අවම කරගන්නවා කෙසේ වෙතත් අපේ කඩේ වෙනස් කරන්න ඕනි විදිහ ගැන අදහසක් ගත්ත මම. දෙන්නම් ගේම.😈😁

  • @nirosharohini9387
    @nirosharohini9387 หลายเดือนก่อน

    සර් ඔය කතාව සම්පූර්ණයෙන්ම සත්‍යක්.මන් මේක ඇහුවෙ අද උනත් මේකෙ ගොඩක් දේවල් තේරුම් අරන් උන්නෙ.මම නම් බිල් එක හදාගෙන යන්නෙ.ෆැමිලි එකම ගියොත් ඊට වඩා නොහිතන දේවල් වලට වියදම් යනවා.අනික කාඩ් එකෙන් ගෙවන නිසා සීමාව ගැන තීරනය වෙන්නෙ නැති තරම්.ෙලවලු, මස් මාලු ලංකාවෙදි නම් පිටින් ගන්න පුලුවන් උනාට පිටරටක ඒක එහෙම නෑ.මන් මේ ලගදිත් කතාවුනා..අපි සල්ලි අතේ අරන් යමු කියල.බඩු ගන්න .එතකොට කාඩ් එකට වඩා අපි ව කන්ට්‍රෝල් එකක් වෙනවා..බොහොම ස්තුති සර්.❤🎉

  • @MethsaraHash
    @MethsaraHash หลายเดือนก่อน +5

    ඔබ කරන සමාජ මෙහෙමවර ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි.

  • @Jasmine-br1bv
    @Jasmine-br1bv หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්. සිහි නුවණ පවත්වන්නේ නැති නිසා තමයි අපි කවුරු වුනත් අනවශ්‍ය වියදමක් දැරුවනම් දරලා තියෙන්නේ

  • @HimaliL
    @HimaliL 29 วันที่ผ่านมา

    දැන් නම් ඉතින් supermarkets වලට මාව රවට්ටන්න බෑ. ස්තූතියි, රුචිර මහත්මයා

  • @menikegm6525
    @menikegm6525 หลายเดือนก่อน +7

    මම නම් සුපර් මාර්කට් එක තුළ රැඳෙන කාලය පවා සැලසුම් කරගෙන තමයි යන්නෙ. ලිස්ට් එක හදන්නෙ මුදල් සීමාවට.

  • @kwuae118
    @kwuae118 หลายเดือนก่อน +2

    Some good points. I couldn't agree with all but what you say has some merit.
    Another trick at supermarkets is that the goods appearing in the front row are the ones with shortest expiry dates. If you need fresh products, bend down or reach the back row to pick the newest produced items.

  • @nuwangunawardhana9495
    @nuwangunawardhana9495 หลายเดือนก่อน +2

    ඔබතුමා credit card එකක් කියන්නේ උගුලක් කියලා කීවට මගේ අදහස නම් සම්පූර්ණයෙන් ම වෙනස්.
    මිනිස්සුන්ට හොඳ මූල්‍ය විනයක් තියෙනවා නම් credit card එකකින් සෑහෙන්න වාසි ගන්න පුළුවන්.

    • @SachiraBhanu
      @SachiraBhanu 19 วันที่ผ่านมา

      credit card kiyanne suduwak. hriyata sellan kaloth hodai naththan ithin wale thama. oya cashback offers, card offers kiyanne ekthara trick ekak thama. Credit card ehekin credit score hadanawa wage wada karanna yanna one na.

  • @nomancasta7341
    @nomancasta7341 หลายเดือนก่อน +9

    අපේ ගෙදර ශීතකරණයක් නැති නිසා හැම දාම supermarket යනවා අලුත් මාලු ගන්න 😂😂😂 එතකොට ඔය අනිත් ඒවා, 50% of බලලා ඒවා විතරක් ගන්නවා😂😂😂 ඔයාලත් කරල බලන්න ආසහිතෙයි...😂😂
    මුදල් භාවිතා කරලත් බලන්න ඕනේ very good tip ජය වේවා..🎉

    • @nv8972
      @nv8972 หลายเดือนก่อน +3

      Aluth maalu at supermarket. Never seen that.

    • @nomancasta7341
      @nomancasta7341 หลายเดือนก่อน

      ගමේ ඒක්කෙනාගෙන් ගත්තොත් දෙන්නෙම පරන මාලු ,ඔය කොලපාට සුපර් මාර්කට් එකේ තියන ඒවා එදා පරිභෝජනයට ගේන ඒවා ,සමහර supermarket හොදට manage කරනවා ​@@nv8972

  • @dinisuruthilanka
    @dinisuruthilanka หลายเดือนก่อน

    ඔබේ යහපත් සිතුම් පැතුම් ඉටුවන්නා වූ සුභ නව වසරක් වේවා සර්!

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 13 วันที่ผ่านมา

    ඇත්ත..ලිස්ට් එකක් ලියාගෙන ගියත් අනිවාර්‍යෙන් අත්‍යාවශ්‍යය නොවන දේවල් එකක් දෙකක් හෝ අරගෙන යනව...

  • @asankasiriwardena3383
    @asankasiriwardena3383 หลายเดือนก่อน +30

    මා දුටු දෙයක් තමයි සමහර සුපිරි වෙළද සැල් (Keells වගේ) වට්ටම් ලබා දුන් භාණ්ඩ, සිල්ලර මිලටම නිකුත් කරනවා. ගොඩක් වෙලාවට e-Bills නිසා අපට ඒ සැනින්ම දැන ගැනීමට නොහැකියි. මට කිහිප වරක් එය සිදුව තිබෙනවා (50% වගේ වට්ටම් දුන් භාණ්ඩ). ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්න.

    • @travelsrilanka9899
      @travelsrilanka9899 หลายเดือนก่อน +3

      Discount තියනව කියලා කිව්වෙ නැතිනම් ගොඩක් වෙලාවට අඩු වෙන්නෙ නෑ.

    • @asankasiriwardena3383
      @asankasiriwardena3383 หลายเดือนก่อน

      ​@@travelsrilanka9899 ඔව්, හරියටම හරි. අපි cashier ගෙන් අහන්නත් ඕන මේකට discount තියෙනවා නේද කියල. නැතිනම් සමහරවිට එයාල ඒ දීල තියෙන discount එක apply කරන්නෙත් නෑ . ලඟදි මම ඔහොම අහලත් 50% discount දාපු item 2 කට full amount බිල් කරලා තිබුණා. මම කෝල් එකක් දීල complain කලහම කිව්වේ ආයෙත් ඒ branch එකටම අරන් එන්න බිල් එක හදල දෙන්නම් කියල. අඩු ගානේ වුන mistake එකට apologies කළෙත් නෑ.

    • @upalisriyananda4974
      @upalisriyananda4974 หลายเดือนก่อน +4

      ගොඩක් වෙලාවට මිනිස්සු රවට්ටන වැඩ තියෙන්නෙ ..discount තියනව කියන බෝඩ් discount නැති itams ළඟ ගහල තියනව ගොඩක් අය ගොඩක් වෙලාවට ඒවට අහුවෙනව..ඒකේ ඉතාමත් කුඩාවට ඇසට නොපෙනෙ න ගානට (condition apply ) කොන්දේසි සහිතයි, කියල ගහල තියනව..එව මිනිස්සු කියවන්නෙ නැහැ ඒක වංචනික වැඩක්...

    • @taniyafernando8873
      @taniyafernando8873 หลายเดือนก่อน +2

      E bill එක cancel කරගන්න.
      අනික එවෙලෙම e bill එක ෆෝන් එකට එනවා.හැබැයි මාත් ඒක කැන්සල් කලා මොකද අතට බිල ලැබුනම පැහැදිලිව බලාගන්න පුලුවන් හරියට බිල් කරලද කියලා

    • @asankasiriwardena3383
      @asankasiriwardena3383 หลายเดือนก่อน +1

      ඔව්, හරියටම හරි. අපි cashier ගෙන් අහන්නත් ඕන මේකට discount තියෙනවා නේද කියල. නැතිනම් සමහරවිට එයාල ඒ දීල තියෙන discount එක apply කරන්නෙත් නෑ . ලඟදි මම ඔහොම අහලත් 50% discount දාපු item 2 කට full amount බිල් කරලා තිබුණා. මම කෝල් එකක් දීල complain කලහම කිව්වේ ආයෙත් ඒ branch එකටම අරන් එන්න බිල් එක හදල දෙන්නම් කියල. අඩු ගානේ වුන mistake එකට apologies කළෙත් නෑ.

  • @harshahdg
    @harshahdg หลายเดือนก่อน

    Great Thanks sir. My second job was super market manager one of the Sri Lanka's Leading supermarket chain. these all facts that you said we have learned in our taring period . I remembered well.

  • @viraj808
    @viraj808 หลายเดือนก่อน

    හරියටම හරි...හිතලම නොගෙන ඉන්නවා මිසක් නැත්තං අදාලම නැති දේවල් ගන්න හිත ඇදිලා යනවා....😅

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාගෙන් විතරයි මේවා දැනගන්න පුලුවන් වෙන්නේ

  • @mdupulranjan5884
    @mdupulranjan5884 27 วันที่ผ่านมา

    ඉතා වැදගත් වැඩසටහනක් ස්තුතියි .

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 หลายเดือนก่อน +5

    Credit cards ගැනත් කතා කරමු සර්

  • @inthree...9625
    @inthree...9625 10 วันที่ผ่านมา

    Thank you. The video is really informative ❤🎉

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔබ තුමාට. හැමදාම හරවත් දේ සමාජයට ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 หลายเดือนก่อน

    Vedio eka purama Hina wevi sathya katha vidyathmakawa kiyala Dena vdhiha be areema lassanayi.hondata mathaka thibenawa.meka thamayi ugath deya edineda weda athulu sematana galapaka wedakaranna athi hakiyawa.
    Obage vedio mueagata sinahawakuth samaganayi balanne ..rasawath
    budhumathek oba.

  • @manujatina8089
    @manujatina8089 หลายเดือนก่อน +1

    Well, supermarket culture is not that addictive in SL compared to Western countries, but having a shopping list helps to keep you on track.

  • @dpsremixlk
    @dpsremixlk 9 วันที่ผ่านมา

    අත්දැකීම් ❤❤ බොහොම ස්තූතියි සර්.

  • @savidu
    @savidu 28 วันที่ผ่านมา

    ඉන්දියාවෙ ,චීනෙ වගේ රටවල ආර්තිකය දියුනු උන විදිහ, ආර්තික නිදහස , තරගකාරීත්වය ගැන video එකක් ඕන.

  • @chamarilekamge2301
    @chamarilekamge2301 หลายเดือนก่อน +3

    ලංකාවේ supermarkets වල discounts ඇත්තේම නැති තරම් ... ඉතා කුඩා මුදලක් තම්‍යි discount හැටියට තියෙන්නේ ..දෙන්න පුලුවන් වුනත්. දෙන්නේ නෑ ...buy one get one ඇත්තේම නෑ ..
    තමන්ට ඕනිම බඩු listඑක ලියාගෙන ඒ අනුව ගන්නවානම් හොදයි. කොහොමටත් supermarket තියෙන්නේ කොලඹ අවට සහ ප්‍රදාන නගර අවට විතරයි. අපේ රටේ මිනිසුන්ගේ buying power is very poor .. සියයට දශම ගානක් තමයි supermarkets වලින් බඩු ගන්නේ

  • @krishsingz3829
    @krishsingz3829 6 วันที่ผ่านมา

    Supermarket concept ekath ekai..

  • @ishankodithuwakku7202
    @ishankodithuwakku7202 หลายเดือนก่อน +8

    තව එකක් තියනවා සර්, මම නිතර දැකලා මට හිතුණ එකක්, හැම නිතරම ලොකූ බෝඩ් වළ එළවලු මිල තියෙන්නේ කිලෝ වලින් මිල නෙවෙයි, ග්‍රෑම් සීයක් මිල , රුපියල් 6,7,8 එහෙම තමයි තියෙන්නේ..එතකොට කාට උනත් ගන්න පෙළඹවීමක් ඇති වෙනවනේ නේද් සර්..මොකද රුපියල් හයේ ගුණාකාර වලින්නේ හිතෙන් උනත් ගාන හදාගන්නේ..

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 หลายเดือนก่อน

    සුපිරි දැනුම්වත් කිරීමක්. බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට ❤

  • @Apa-boy-official
    @Apa-boy-official หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි දැණුවත් කිරීම පිලිබදව.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 หลายเดือนก่อน +3

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊

  • @leeasanka2234
    @leeasanka2234 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කතාවක්.. එත් මේ add හරිම වදයක් 😢

  • @VihangaManujeewa
    @VihangaManujeewa หลายเดือนก่อน +1

    වටිනා කාලීන මාතෘකාවක් ගුරුතුමනි❤🙏

  • @Nirosharangana07
    @Nirosharangana07 หลายเดือนก่อน

    ඔබතුමාගේ පණිවිඩය හොඳ පණිවිඩයක්

  • @D.BRupasingheDaananasooriya
    @D.BRupasingheDaananasooriya 18 วันที่ผ่านมา

    මහත්තයා පොලියෙස්ටර් සහ නයිලෝන් රෙදි සහ නූල් වර්ණ ගැන්වීමේ විද්‍යාත්මක පැතිකඩ ගැන වීඩියෝවක් කරන්නකෝ.

  • @Virajnambukara
    @Virajnambukara หลายเดือนก่อน +1

    👍👍👍💚💜💙decoy effect ඒක ගැනත් video ඒකක් කරන්න ...

  • @dhananji9665
    @dhananji9665 หลายเดือนก่อน +1

    Impulse buying strategy ,thank you for spreading awareness sir❤

  • @premasirikwa
    @premasirikwa หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි ඔබට මහත්මයා

  • @mandridoranegama9538
    @mandridoranegama9538 16 วันที่ผ่านมา

    Excellent briefing,,

  • @nishanthasilva4137
    @nishanthasilva4137 หลายเดือนก่อน +1

    මේ දැනුම දෙනවට ස්තුතියි සර් 💐💐💐💐

  • @Shivanthi6
    @Shivanthi6 หลายเดือนก่อน

    Very practical clip.TKS 4 sharing. Happy Holidays & Happy New Year. Love & 4m Canada to your family.

  • @slhitmusic9192
    @slhitmusic9192 หลายเดือนก่อน

    ඉතා වැදගත් topic එකක් .බොහොම ස්තූති ඔබතුමාට ❤

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 หลายเดือนก่อน

    හරිම වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි

  • @nishakafernando9766
    @nishakafernando9766 หลายเดือนก่อน

    Very important
    Excellent clear explanation
    " item list"
    Nice suggestion .
    Thanks mr.Ruchira
    Commenting from italy

  • @randunudayantha7950
    @randunudayantha7950 17 วันที่ผ่านมา

    සර්.. ඇබකස් ඇඟිලි න්‍යාය ගැන වීඩියෝ එකක් දාන්නකො 😊

  • @sheron1974
    @sheron1974 หลายเดือนก่อน

    I agree on what you said on credit cards but there are so many benefits that can utilized using credit cards. I think it is really great if you could do a video on using the credit cards properly. it is like ‘දලි පිහියෙන් කිරි කනව’. if you do it right you win or else you will be stuck in a debt trap. i am using a credit card for almost 5 years and i have not paid a single penny for it as interest but has got 50k per annum back from the bank for what i spent in day to day life
    Great video… All the best..

  • @scanurasiri1
    @scanurasiri1 หลายเดือนก่อน +1

    Thanks for guiding us with a smart purchase. Coles and Woolworth chains are masters of this game. Also, there is a pink tax,
    Ladies pay more than men for the same products. (men razors are cheap compared to pink lady's razers)

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 หลายเดือนก่อน

    මේ දේවල් නම් ජීවිතයට මාරම වටිනවා , ❤🧨✨️

  • @ishankaperera2677
    @ishankaperera2677 หลายเดือนก่อน +3

    Sir sathuran rasak athi kara gatte me content eka karala..😊