Hulangala Mini World's End | Matale Sri Lanka | Udagama Ella | හුලංගල | උඩගම ඇල්ල | Yamuda Machan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #hulangala #udagamaella #yamudamachan
    හෙලෝ.. 😋 ආයුබෝවන්.. 🙏
    ඔන්න කාලෙකට පස්සේ අපි දෙන්නා රවුමක් යන්නයි යන්නෙ 😁 අද අපි යන්නේ... 🏔️නකල්ස් රක්ශිතයේ කෙළවරක පිහිටලා තියෙන ලස්සන වීව් පොයින්ට් එකක් බලන්න. 🏝️මේ... mini world's end හුලංගල 😋
    06/08/2022, සෙනසුරාදා, උදේ 6 වෙද්දි ගමන පටන් ගන්නයි ප්ලෑන් කරන් තිබුණෙ. අපි වෙලාවටම වැඩ කරන නිසා... 6.10 වෙද්දි ගමන පටන් ගත්තා 😁
    මේ තමයි ගෙදරට හොරෙන් අපේ පස්වෙනි චාරිකාව 😋
    වැහි අඳුර නිසා හරිම ගුප්තයි. අව්ව වැටෙන ලකුනක්වත් නෑ. මේ දවස් වල කෝමස් වැස්සනි. මේකත් අමුතුම ෆීලින් එකක්😊 වැහි අදුරයි, හීනියට දැනෙන සීතලයි ම්ම්ම් nice combination 😍 මෙන්න බයික් එක මිස් කරනවා, රිසව් වැටෙන්නද යන්නෙ 🙄 දෙයියන්ගෙ පිහිටයි රිසව් වැටුනනෙ, දැන් මොකද කරන්නෙ 🙁 හරී තෙල් බෝතලයක් බෑග් එකේ තීනවනි, අපි යමු හෙමින් 😊
    ඔන්න කුරුණෑගල පහු කලා, බඩගමුව කැලේ හරියෙන් බඩඉරිඟු කන්න බලන් ආවෙ, අපේ වෙලාවට එක තැනකවත් බඩඉරිඟු කෑල්ලක් කන්න නැහැ 😏 ඒ දුකත් විද දරාගෙන අපි අපේ ගමන යනවා 😊 අපේ පළවෙනි චාරිකාව වුනෙත් හුලංගල😋 ආයෙමත් හුලංගල යන හේතුව තමයි... අපේ youtube chanel එක "Gedarata Horen 📣"...😋 subscribe කරන්න අමතක කරන්න එපා... 😁
    🗺️🌎අද අපේ ගමන් මාර්ගය කුලියපිටිය, කුරුණෑගල, ඉබ්බාගමුවට ඇවිත් එතනින් දොඩන්ගස්ලන්ද පාරේ, යටවත්ත ටවුන් එකට 500m ට වගේ කලින් හම්බෙන බුදුපිළිමෙ ගාවින් වමට දාලා තමයි හුලංගලට යන්න ඕනි. Google map දාගෙන යද්දි hulangala viwe point කියල දාගෙන යන්න එපා, මොකද ඒ පාරේ යන්න බැහැ. ඔයාලා hulanagala main entrance කියලා දාගන්න. එතෝට හරි තැනට යන්න පුලුවන් 😋 ‍උදේ කෑමට රෝල්ස් 6ක් බඩට දාගත්ත අපි දෙන්නා... හුලංගල main entrance එකට ආවා😋
    මෙතනින් ටිකට් අරගෙන තමයි උඩට යන්න ඕනි. එක්කෙනෙක්ට ටිකට් එක රු.100/= යි. කෑම්පින් කරනවනම් රු.2000/= ක ටිකට් එකක් ගන්න ඕනි. මෙතන ඉදලා තමයි හයික් එක පටන් ගන්නෙ 🚶🧗 ඔයලා කැමතිනම් බයික් එකේම උඩට යන්නත් පුලුවන් හැබැයි පාරෙ මුල්ටික විතරයි කොන්ක්‍රීට් කරලා තීන්නෙ, ඉතුරු ටික හදලා නෑ. අපිනම් යන්නෙ පයින් 😁 වැහි අඳුර නිසා අව්ව නෑ.. අව්ව නැති නිසා මහන්සිත් නෑ...ඉතිම් සින්දුවක් අහගෙන චිල් එකේ උඩට යනවා අපි 😋 මේ කන්දට යන්න තියෙන්නෙ තේ වත්තක් මැද්දෙන්නි.... ඒ මැද්දෙන් පුංචි දියඇල්ලක් තීනවා... මේ දවස් වල වැස්ස නිසා හරිම හැඩට මේ දියඇල්ල ගලාගෙන යනවා 😋 ඒ ලස්සන බලාගෙන හෙමින් උඩට යද්දී... පොඩි ප්‍රශ්නයක් අම්මෝ නෑ නෑ ලොකු ප්‍රශ්නයක් 😳 කූඩැල්ලො කකුල් දෙක වහහගෙන, කකුලෙ උන්ව අයින් කරද්දි අතටත් එනවා 😣 මේ මෝඩයා යමු යමු ගානවා 😏 යන්නෙ කොහෙද මෙවුන් එල්ලිලා ඉද්දි 😠 වැස්ස නිසායි අද කූඩැල්ලො වැඩි, අපි කලින් අපු දවසෙනම් මුන් හිටියෙ නැහැ. ඊටපස්සේ මේ වත්තෙ වැඩ කරන අම්මා කෙනෙක් අපිට සබන් දුන්නා. එයාලා වැඩ කරන්නෙ සබන් ගාගෙනලු. අම්මෝ පින්සිද්ද වෙනවා ඒ අම්මට, ඊටපස්සේ සැනසීමෙන් අපි උඩටම ආවා😋 මේ තමයි හුලංගල mini world's end 😍
    අද වීව් එකනම් බලන්න බැහැ, මීදුම හොඳටම 😊 හුළග ඔන්න ආයෙත් වහිනවා 😋 මේකනම් මරු, චුට්ටක් වහිනවා🌱 ඊටපස්සේ මීදුමෙන් වහගන්නවා මුකුත්ම පේන්නෙ නැහැ හුළගයි සීතලයි 😋 ම්ම්ම් නයිස් 😍 ලස්සන ෆොටෝස් විඩීයෝස් ගොඩක් අරගත්තා. අහ් ගෙදරට හොරෙන් youtube chanel එක අනිවාර්යයෙන් බලන්න... අපේ කලින් වීඩියෝස් තීනවා, හුලංගල vlog එකත් දාන්නම් ඉක්මනටම 😋 හරි දැන් අපි පහලට යන්නයි හදන්නෙ අපි. කකුල් දෙකේ හොඳට සබන් ගාගත්තා 😁 අතරමග වැස්සට සබන් හෙදෙනව අයේ ගාගන්නවා 😁 ඕම ඉතිම් පහලට ආවා අපි දෙන්නා. අපේ වන්ඩිය හොඳටම තෙමිලා 🥲 මොනාකරන්නද අපිත් තෙමුනනි 😁 දැන් අපි යනවා... උඩගම ඇල්ල බලන්න. 🌿මෙතන ඉදලා පොඩි දුරයි යන්න තියෙන්නෙ, google map එක දාගන්න එතෝට ලේසියි අපිත් එහෙමයි යන්නෙ 😊 වාව් 😍 දියඇල්ල මාර ලස්සනයි, වතුර ගොඩා....යි 😋 අපි ෆෝටෝස් ටිකක් ගත්තා, ගමේ කට්ටිය නාන්න එනවා මෙතනට. අපි චූටි වොශ් එකක් දාගෙන ගෙදර යන්න හදන්නේ දැන්.
    පෙට්ට්‍රල් බෝතලෙත් දාගත්තා😁 දැන්නම් අව්ව තියෙනවා ආයෙ වහින එකක් නෑ වගේ. ඉබ්බාගමුව හරියෙන් නැවැත්තුවා කන්න. කෑම ටික රසට තිබ්බා බඩපිරෙන්න කෑවා අපි දෙන්නා 😋 ගෙදරට යද්දි තනිකරම කෑම සීන් එකේ ඉන්නෙ අපි දෙන්නා 😁 මගදිගට හම්බෙන පොඩි පොඩි දේවල් වලට වගකියන්න අමතක කරන්නෙ නැහැ 😋 ඔන්න ඔහොමයි ඉතිම් අපි දෙන්නා ගෙදරට හොරෙන් හුලංගල ගිහින් පරිස්සමෙන් ගෙදර ආවෙ 😊
    .
    ඇවිදිමු විදිමු රකිමු සොබා 💚
    .
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    GEDARATA HOREN on Social Media
    ✦ FaceBook ⇨ / gedaratahoren
    ✦ Instragram ⇨ / _gedaratahoren_
    ✦ Tiktok ⇨ vt.tiktok.com/...
    ✽ Camera
    Only Gopro 7 Black
    ✽ EDIT
    Adobe Premiere Pro 2020
    Adobe Photoshop 2020
    ✽ මොකක්ද මේ ගෙදරට හොරෙන් 🙄..?
    හි හී 🤭... ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමා ඕක. "ගෙදරට හොරෙන්" කියන්නෙ සරලවම Traveling Content කරන Channel එකක්.. ඊට අමතරව Photos/Videos, Editing Tutorials වගේ දේවලුත් Upload කරන්න අපි බලාපොරොත්තු වෙනව.. දැනට අපි දෙන්න Unmarried Couple එකක් ඉතිං.. ඒ නිසා එක දවසින් ගිහින් එන්න පුලුවන් තැන් වලට තමා දැනට යන්නෙ... ඉතිං ඔයත් Traveling වලට කැමති නම්, අපේ Videos වැදගත් කියල හිතනවනම් අපිව Subscribe කරන්න 😊
    Iresh & Malsha ♥
    #gedaratahoren #coupletravel #srilankatravelcouple #travelingsrilanka #beautyofsrilanka #travelphoto #naturelover #vloger #couplegoals #ගෙදරටහොරෙන් #photographer #travelcouple #love #couplephotography
    Musics
    Track: Jarico - Landscape
    Music Provided by Magic Records
    Listen To The Original: • Jarico - Landscape (Ma...
    Free Download: fanlink.to/g3JZ
    Track: Electro-Light - Symbolism pt. III [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Electro-Light - Symbol...
    Free Download / Stream: NCS.io/Symbolis...

ความคิดเห็น • 54

  • @tstechacademy8670
    @tstechacademy8670 2 ปีที่แล้ว +2

    That’s thalgodapitiya juntion

  • @TheD9Art
    @TheD9Art 2 ปีที่แล้ว +1

    Be safe and enjoy the creation bro තවත් සුපිරියක් ❤️

  • @shithiramishal4814
    @shithiramishal4814 2 ปีที่แล้ว

    Good job 😍 machan
    Niyamai 🤩 ඩබල

  • @sachiniiresha3220
    @sachiniiresha3220 2 ปีที่แล้ว

    Lassani mashi..oya dennata api hamadamath adarei..oya denna thawath travel karanna one..me wage lassana videos one thawa..api ubala ekka innawa..adarei...( habai serama gdrta horen..දෙමාපිය awadanaya pinisai)❤❤❤❤❤

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว

    වැඩසටහන ලස්සනයි සුභපැතුම් !❤

  • @dilhanwijewardana5579
    @dilhanwijewardana5579 2 ปีที่แล้ว

    නියම වැඩක් .. සුබපැතුම්

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha ปีที่แล้ว

    ලස්සන වැඩක්.. 💚💚 ජයවේවා.. 😍

  • @MonaTheAppa
    @MonaTheAppa 2 ปีที่แล้ว +1

    Elamai😍😍

  • @wasanthapradeep4251
    @wasanthapradeep4251 2 หลายเดือนก่อน

    SaHahana,, methana asadarana widiyata mudal,, gannawa,,,,

  • @kavinduachintha8436
    @kavinduachintha8436 25 วันที่ผ่านมา

    Super

  • @kasunchamara8370
    @kasunchamara8370 ปีที่แล้ว

    Lassanai suba patanawa 👍 dennatma a

  • @KalpaHettiarachchi
    @KalpaHettiarachchi ปีที่แล้ว

    ❤❤❤ superb

  • @nipunisadunika5656
    @nipunisadunika5656 2 ปีที่แล้ว

    😍❤ Video eka lassanai akka and aiya ❤

  • @Yohan_and_Awi_Vlogs
    @Yohan_and_Awi_Vlogs ปีที่แล้ว

    ❤ Nice

  • @sampathsathkorala2314
    @sampathsathkorala2314 2 ปีที่แล้ว

    Superb ❤️

  • @wasanthapradeep4251
    @wasanthapradeep4251 2 หลายเดือนก่อน

    Methana minissungen ganna asadarana mahajan mudal,, aka sadaranada,,, naihit akata 5000,,,lankawe kisima the waththak balanna salli gan na,,, api mewata yanna salli dun na, lassanata thibuna kale kapala,,, winasa karala,,,

  • @sameeramadusanka4976
    @sameeramadusanka4976 2 ปีที่แล้ว

    Patta aathal couple ekak. ❤️❤️

  • @__giha__b
    @__giha__b ปีที่แล้ว

    Akkah and aiya❤️😍

  • @TravelSerendib
    @TravelSerendib 2 ปีที่แล้ว

    Superb guys 😍

  • @sithumimihikala5463
    @sithumimihikala5463 ปีที่แล้ว

    Ticket counter eka lagata wahaneka yanna barida

  • @lahiruperera6821
    @lahiruperera6821 2 ปีที่แล้ว

    ලංකාවෙද බන් මේ🤯🤯🤯❤❤

  • @amharriyas5041
    @amharriyas5041 2 ปีที่แล้ว

    Nice

  • @sujendraniro4358
    @sujendraniro4358 ปีที่แล้ว

    ටිකට් කවුන්ටරය ලග ඉදන් උඩට දුර කොච්චරක් තියනව ද ? 😍

  • @thilinasampath4708
    @thilinasampath4708 ปีที่แล้ว

    Tickets gththa thena idala viwe point ekata pain yanna kochchara welawak giyada bro

    • @YamudaMachan
      @YamudaMachan  ปีที่แล้ว

      45 min - 1 hr wage thama yanne..

  • @sujendraniro4358
    @sujendraniro4358 ปีที่แล้ว

    ❤❤❤

  • @danujagehiran7706
    @danujagehiran7706 ปีที่แล้ว

    Api 15 enna hithan inne puluwan nam kiyanna ko

  • @danujagehiran7706
    @danujagehiran7706 ปีที่แล้ว

    Den aiye night camp gahanna eddi kiyak ekathu karai da 8denek giyoth....

    • @YamudaMachan
      @YamudaMachan  ปีที่แล้ว

      5000ta wadi wei.. api 17 yanawa balala kiyannam

  • @slentertainment8384
    @slentertainment8384 2 ปีที่แล้ว

    😎😎💪💪

  • @sportsupdate6467
    @sportsupdate6467 2 ปีที่แล้ว

    කලිසමක් අරං දෙන්න එයාට

  • @danushikasadamali3320
    @danushikasadamali3320 ปีที่แล้ว

    Bus eke ynwa nam kurunagala idan kohomda yanne kiyla kiynna puluwn da 🥺

    • @danushikasadamali3320
      @danushikasadamali3320 ปีที่แล้ว

      @@YamudaMachan ethkota kurunagala idan api naginna oni Mona bus ekeda

    • @danushikasadamali3320
      @danushikasadamali3320 ปีที่แล้ว

      Girls tikakta vitrk ynna puluwn da Ethan safe da

    • @danushikasadamali3320
      @danushikasadamali3320 ปีที่แล้ว

      @@YamudaMachan kurunagala idan yaddi eka dabulla bus ekkda yanna ona.baginna ona Mona town ekenda 🙄

    • @danushikasadamali3320
      @danushikasadamali3320 ปีที่แล้ว

      @@YamudaMachan harii thanks 😊

  • @DviewTech
    @DviewTech 2 ปีที่แล้ว +1

    අයියා, google map එකේ hulangala mini worlds end entrance කියලා ගැහුවම එන පාර හරි නේද ? ඔය ඔයාලා විස්තර කරන පාර ඒක නේද ?

    • @DviewTech
      @DviewTech 2 ปีที่แล้ว

      @@YamudaMachan thanks aiya. 💚

    • @DviewTech
      @DviewTech 2 ปีที่แล้ว

      Aiya, biso ellai udagama ellai dekama thiyena locations map eke hariyatama thiyenawada?

    • @DviewTech
      @DviewTech 2 ปีที่แล้ว

      @@YamudaMachan hri aiye. Thanku 💚

  • @chamosandeepa3050
    @chamosandeepa3050 10 หลายเดือนก่อน

    🤍❤

  • @krjayathilaka3476
    @krjayathilaka3476 8 หลายเดือนก่อน

    Demngema ID blnwda

  • @damithasandeepa3772
    @damithasandeepa3772 ปีที่แล้ว

    km kiyak pain giyad

  • @diyanarathnayaka
    @diyanarathnayaka 9 หลายเดือนก่อน

    wate paren yanna epa tikat ganna

  • @udeshakashehan7980
    @udeshakashehan7980 2 ปีที่แล้ว

    ඇස්සොට්

  • @imashapramadi3607
    @imashapramadi3607 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @malshawijerathna4919
    @malshawijerathna4919 2 ปีที่แล้ว

    ❤❤