ඔබත් “සිතුවිලි” වල වහලෙක්ද? නිතරම කල්පනා කරනවාද ?| Beyond the Thinking/Conditioned Mind

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මිනිසුන්ට විවිධ ඇබ්බැහිකම් තිබේ. ඒ අතරින් අති බහුතරයක් මිනිසුන්ට තිබෙන ඇබ්බැහිකම වන්නේ නිරන්තරයෙන් සිතුවිලි නිපදවීමේ පුරුද්දයි. අපගේ ඔලුව ඇතුලේ අපට පාලනය කල නොහැකි සංවාදයක් නිතරම පවතියි.අපට ඕනෑ වුවත් එපා වුවත් මනසින් නිතරම සිතුවිලි නිපදවයි. එසේ කරන අතරතුරම සිතේ සතුට,සාමය සපිරි අලුත් ජිවිතයක්ද සොයනු ලබයි. ගැටලුව වන්නේ පැරණි ස්වංක්‍රිය සිතුවිලි රටාව තුලම හිඳගෙන (Condition Mind) නව සතුට සපිරි ජිවිතයක් සෙවීමයි.පළමුව ඔබ කල යුත්තේ ඕබේ පැරණි සිතුවිලි රටාවෙන් මිදීමයි.ඔබ යනු ඕබේ සිතුවිලි පමණක් නොවන වග හඳුනා ගැනීමයි. සිතුවිලි සහිත මනස ඉතා විශිෂ්ඨ උපකරණයකි.එය ඉතා නිර්මානශිලිව භාවිතා කල හැකි දෙයකි.එසේ නොමැතිව ඔබ වහල් විය යුතු දෙයක් නොවන වග තේරුම් ගත යුතු වේ.ඔබට සතුට සාමය සහිත සාර්ථක ජිවිතයක් අවශ්‍යනම් මුලින්ම කල යුතු වන්නේ ඕබේ පැරණි ස්වංක්‍රිය සිතුවිලි රටාවෙන් මිදීමයි.එයට අති එකම සාර්ථක ක්‍රම වේදය වන්නේ සිතුවිලි නිපදවීමට අවශ්‍ය නොවන ලෙස ජිවත් වීමේ කාලය වැඩි කිරීමයි.එනම් “වර්තමාන කාලය නොහොත් මේ මොහොත” (Presence) තුල පමණක් ජීවත්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි.තම ජිවන සාර්ථකත්වය(භෞතික/අධ්‍යාත්මික) වෙනුවෙන් පුද්ගලයෙකුට දියණු කල හැකි ඉතා ඉහල තත්වයක් වන මෙම ක්‍රියාවලිය තුලට මුලින්ම ඇතුළුවන පුද්ගලයකුට අවශ්‍ය පෙලබවිම සහ මුලික දැනුම ලබාදීම මෙම වීඩියෝවේ අරමුණයි.
    Face book - / universalmin. .
    [Like]
    [Subscribe]
    [Share]
    Thanks for watching !
    Madhura Shri Jayasinghe
    Entrepreneur, Corporate Trainer, Career Guidance Counsellor, Master practitioner NLP , Life coach
    Member National Career Guidance Association

ความคิดเห็น • 35