Shuddhau Japamalaya - ශුද්ධවු ජපමාලය සිංහල - Holy Rosary Sinhala - Jesus & Spiritual Power
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- ජපමාලය නොහොත් කොන්තය කීම කිතුනුවාගේ ඇදහිලි අතර විශේෂ තැනක් ගනී.
අප රටේ පවතින මේ අර්බුදකාරී තත්වය උදෙසා මේ දේව මැණියන් වෙනුවෙන් කැප කරන ලද මාසය තුල අපි ශුද්ධ වූ ජපමාලය බැති සිතින් එකම හඩකින් එකම ලක් මැණිගේ දරු කැලක් ලෙස එකම විශ්වාසයකින් උච්චාරණය කරමු.
ජපමාල ඇදහිල්ලට ඇති ඉතිහාසය 13 වන සතවර්ශය දක්වා ඈතට ඇදී යයි. ප්‍රංශය හා ඉතාලිය දෙවනත් කරමින් එදා පැතිරී ගිය ඇල්බිජෙන්සියානු වේදභේදය පරාජය කිරීම සදහා එය දේව මාතාවන් විසින් 1214දී දොමිනිකානු පියතුමාට දර්ශනය වෙමින් දානය කරන ලද්දක් බවට සදහන් වේ .
පස්වන පියුස් ශුද්ධෝත්තම පියතුමාණන් ඔක්තෝම්බර් 07 වන දින ජපමාලයේ මංගල්‍යය ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය පිලිබද විස්තර දොමිනිකානු නිකායික ප්‍රංශ ජාතික ඇලන් ඩොලරෙච් තුමන් විසින් රචිත ” ජපමාලය හා එහි වැදගත්කම” යන කෘතියෙහි සදහන් වෙයි.
මෙයාකාරයෙන් ප්‍රංශයේ ලාසැලේට් හා ලුර්දු, බෙල්ජියමේ බියුරෙන්ග්, මෙක්සිකෝවේ ගුවාදලුපේ, පෘතුගාලයේ පාතිමා වැනි නිමල මරිය තුමියගේ දර්ශන වලදී ජපමාලය උච්චාරණය කිරීමේ වැදගත්කම එතුමිය පහදා දුන් බව අපි දනිමු. පාපයට සමාවත්, නිරාගින්නෙන් මුදා ගැනීමත් සදහා ජපමාලය ජපමාලය නොකඩවා කියන්නැයි මරියතුමිය ඉහත දර්ශන වලින් ඇරයුම් කරන ලදී.
ජපමාල භක්තිය ව්‍යප්ත කිරීම සදහා සුදතුම්පියවරුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමද මෙහිදී සිහිකළ යුතුය. ක්‍රිස්තුන් වහන්සේගේ හා මරිය තුමියගේ ජිවිත සිද්ධීන් පිළිබද අභිරහස් 15ක් ජපමාලයට එකතු වීමත් සමග ජපමාලය භාවනාත්මක මෙනෙහි කිරීමක් බවට අද පත්වී ඇත. හැම ජපමාල පංතියක් අගදී කිසියම් මෙනෙහි කිරීමක යෙදීම සාමාන්‍යයෙන් සිදුවේ. සතියේ ඒ ඒ දින අනුව සොම්නස් , දොම්නස් මෝක්ෂ වශයෙන් මෙම අභිරහස් නම් කොට ඇත. වර්ෂ 1571 දී සසුන් නායකව සිටි පස්වන පියුස් පාප්වහන්සේ ජපමාල භක්තියට නිල බලයක් දුන්නේ එදා කිතුනු සභාවට එරෙහිව නැගී සිටි ප්‍රබල තුර්කි හමුදාව පරාජය කිරීම සදහා ජපමාලය වඩාත් ප්‍රබල අවියක් වූ බැවිනි. එතුමෝ 1571 ඔක්තෝම්බර් 7 වන දිනය ජපමාල මංගල්‍යය ලෙස ප්‍රකාශ කළේය. ඊට පසු 12 වන පියුස් පාප්වහන්සේ 1950 වසරේදී මරිය මාතා වහන්සේගේ ස්වර්ගාරෝපණය ප්‍රකාශකරමින් ඔක්තෝම්බර් මාසය ජපමාල මාසය හැටියට නම් කළේය.
යාපනයේ රදගුරුව විසු ජේ. ඒ ගයෝමාර් හිමිගේ මග පෙන්වීම යටතේ ගරු බි. ඒ තෝමස් පියතුමා විසින් 1928 පෙබරවාරි 1 වන දින යාපනයේ තෝලගගට්ටි හිදී ආරම්භ කල ජපමාල තාපස නිකායේ ශාඛාවක් අදටත් තේවත්ත පුදබිමෙහි ක්‍රියාත්මක වේ. මෙකි තාපසිකාවෝ දිවා රෑ දෙකෙහි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට ජපමාල මෙනෙහි කිරීමෙහි යෙදෙති.
ජපමාලය නොහොත් කොන්තය කීම කිතුනුවාගේ ඇදහිලි අතර විශේෂ තැනක් ගනී. තමන් යන එන තැන ජපමාලය රැගෙන යාම බොහෝ දෙනෙකුගේ සිරිතය. ජපමාලය දිනපතා කියවමින් මෙනෙහි කරන්නෝ හදිසි මරණ වලින් ගැලවෙති. ජපමාලය කිතුනුවන් සතු බලවත්ම ආයුදයකී.
#HolyRosary #Sinhala
This Video about Jesus & Spiritual Power | Holy Rosary Sinhala | ශුද්ධ වූ ජපමාලය | Japamalaya | sinhala Prayer |
This Video include ;
Rosary Sinhala
ශුද්ධ වූ ජපමාලය
Holy Rosary Sinhala
Catholic Prayer
Key Words
Jesus & Spiritual Power, ශුද්ධ වූ ජපමාලය, Rosary Sinhala, Holy Rosary Sinhala, Catholic Prayer, Pray to Mother Mary,
You can reach me through,
TH-cam : / jesusspiritualpower
Facebook : / ushigril
Whats App :chat.whatsapp....
if you like my Channel
Like
Comment
Share
Subscribe
#JesusSpiritualPower#HolyRosary#Japamalaya#
my Channel